Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
අනන්ත රාත්‍රිය (1996) සිංහල ෆිල්ම් Anantha Rathriya (1996) Sinhala Film
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරැෂාධිපත්‍යයේ මූසළ මුහුණ - "අනන්ත රාත්‍රිය"

ගැහැනුන් - පිරිමින් පමණක් නොව, සතා සිපාවා - ගස්වැල් පවා කම්පා කරන මහා භීෂණයක් පැතිර තිබේ. දසත ලේ කඳුළු ගලා යයි. මේ සියල්ල මධ්‍යයේ කිසිවක් නොතකන, ඒ කිසිවකින් නොසැලෙන, බයිබල් පර්වතය කුමක් සංක්තවත් කරන්නේ ද?

සිංහල තරුණයන්ගේ එක් කැරලිකාර සමයකින් ඇරඹෙණ ~~අනන්ත රාත්‍රිය~~ ඊලඟ කැරලිකාර සමයත් සමඟ නිමා වුවද ඒ සියල්ල අනන්ත රාත්‍රියේ විසි වසරක එක් කාල පරාසයක් පමණක් විස්තර කරන්නකි.

අනන්තය යනු ඇරඹුමක් අවසානයක් නැති යම් ප්රපංචයක් අදහස් කරන්නකි. නමුත් අනන්ත රාත්‍රිය යයි කීවිට එය නිරපේක්ෂ අරුතක් ලබා නොදෙයි. මන්ද යත් රාත්‍රිය සාපේක්ෂක හෙයිනි. ක්ෂිතිජයේ ගිලීයන රක්තවර්ණ සූර්යයා රාත්‍රියේ ඇරඹුම වනවාක් මෙන්ම ක්ෂිතජයෙන් නැගෙන රක්තවර්ණ සූර්යයා රත්‍රියේ නිමාවද ගෙන එයි. නමුත් අවදි වී සිටින්නාට රත්‍රිය ඉතා දිගු බව ගැමියෝත් - කවියෝත් පවසති. එය අනන්තයක් සේ යමකුට දැනෙනු ඇත. ප්රසන්නටද එසේ විය හැක. ඒ ඔහු අවදියෙන් සිටිනි නිසා ද? දැන් මේ රාත්‍රිය අරඹුනේ කොයි මොහොතේද? නිමාවනු ඇත්තේ කවර මොහොතකද? ~~අනන්ත රාත්‍රිය~~ මේ ගැන එක එල්ලලේ පිළිතුරක් නොදුන්නද මේ ඝනදුර තුළ පැවැති දශක දෙකක් අප ඉදිරියේ තබා තිබේ.

ශතවර්ෂ එකහමාරක් පැරණි යටත් විජිත ආර්ථීකය තුළ දේශපාලන අව්‍යතා වෙනුවෙන්, අධිරාජ්‍යවාදීන් විසින් පවතින්නට ඉඩහල, පැරණි නිෂ්පාදන සබඳතාවන් වල් බිහි වී, පල් වෙමින් තිබේ. එයට ඇති පෙරගමනක් නැත. එහි සංකේත වන් රදළ කාන්තාවන් දෙදෙනා තම පාරම්පරික වලව්වේ හුදකලාව වෙසෙති. එහි තෙවැනි සාමාජිකාවද එහි පැමිණෙයි. ඇයට ඇත්තේ එක් පිරිමි දරුවෙක් පමණි. නිෂ්පාදන සබඳතාවන්ට මෙන්ම එහි උරුමකරුවන්ටද දරුවන් බිහි කිරිමට දරුගැබ් නැත. ඒ සඳහා වෙනත් මං සොයා යා යුතුය. පැරණි වලව්ව සමඟම දිරා යමින් සිටින මේ කාන්තාවන් පෙන්වන්නේ එවන් ඉඩක් නැති බවයි. තමන්ගේ එකම පිරිමි දරුවා මැදිකරගත් කාන්තාවන් ගී ගයති. අනාගතය එවුන් දෙස එබී බලයි. ඒ දොර තිරයෙන් එඛෙන දැරියකගේ වේශයෙනි. ඇය ගැමි දාසයාගේ දියණිය, පියුමි ය. ඔය සින්දුව උඹට වැඩක් නෑ. උඹේ සින්දුව වෙනස් යයි කියන්නාක් මෙන් ඇගේ පියා (දාසයා) ඇයව හිමින් සීරුවේ ඉවත් කරගෙන යයි.

ඇගේ පරමිපරාව වැඩී මහත්වි සිටී. එය පැරණි ඉඩම් සබඳතාවයන්ට එරෙහිව කැරලිගසා නැගී සිට ඇත. අතීත ගමේ ස්වයංපෝෂිත ආර්ථීකය විනාශ කරමින් ගොඩ නැගුණු වතු ආර්ථීකය, එවුන්ගේ බද්ධ වෛරයට පාත්‍ර වී ඇතුවා හා සමානවම වල් බිහි වී පවතින නිසරු නින්දගම් පද්දතිය - විහාර, දේවාල ගම් පද්දතිය, එවුන්ගේ අමනාපයට හේතු වී ඇත. මේවා නිසා පැරණි ගම්මානයේ සුරක්ෂිත බව විනාශව ගිය බව ඔවුහු හඟිති. පැරණි ගම විනාශ කරමින් මතුවූ යටත් විජිත වැවිලි ආර්ථීකය, තමන්ට අහිමි කළා විනා ලබා දුන් කිසිත් නැත. දේශපාලන නිදහසින් පසු ගතවූ වසර 30 ක කාලය, නිදහස් අධ්‍යාපනයෙන් ඔප් නැංවුනු, ගැමි තරුණයාගේ නිවුනු ජීවන රටාවක අපේක්ෂාවන් ද සහමුලින්ම විනාශ කර තිබේ. කම්කරු පක්ෂ කෙරෙහි තැබිය හැකි විශ්වාසය, සභාගවාදය මගින් නිමාවී ඇත. තරුණ කැරැල්ල ඓයිතිහාසික අනිවාර්යයක් ලෙස පුපුරා පැමිණ තිබේ.

ධනපති-රදළ-මධ්‍යම පංතික පවුල්වල උගත් තරුණ පිරිස් පවා කම්පනයට පත් කරමින් මේ කැරලිකාරීත්වය ඔවුන්වද මොහොතකට තමන් වටා ඔතා ගනී. වළව්වේ රදළ උරුමක්කාරයා, සුවිසාල සූරියබණ්ඩාර ද 1968 ඔක්තෝම්බරයේ දී වියට්නාමයට පක්ෂව, ඇමරිකන් තානාපති කාර්යාලය වැටලීමට සහභාගී වේ. එසේ තමා සහභාගී වූ බවත්, එහි තිබූ ඇමරිකන් කොඩිය බිම දමා වියට්නාම් කොඩිය එසවූ බවත්, තමන් ඇතුළු පිරිසට පොලිසිය පහර දුන් බවත්, සුවිසාල අභාග්‍යයේ ප්‍රතිමූර්තියක් වන් වූ, තම ලොකු අම්මා කෙනෙකුට පවසයි.

සුවිසාල මේ මහ ගෙදරට පැමිණ සිටින්නේ තමාගේ උපාධි නිබන්ධනය සැකසීමට ය. ~~... කුඹුරු පනත අඳ ගොවියා ඉහලට එසවා තැබුවද ඔවුන්ගේ දරුවන් ලැබූ අධ්‍යාපනයට උචිත රැකියා නොලැබ, නැවත කුඹුරට බැසීමටද නොහැකිව කැරළි ගසන බව මාගේ උපාධි නිබන්ධනයේ තේමාවයි....~~යනුවෙන් සුවිසාල පසුබිමින් ප්‍රකාශ කරයි.

මෙම ප්‍රකාශන දෙක කැරැල්ල පිළිබඳව පැවැති ගතානුගතික ධනපති මතවාදයත්, කැරැල්ල සමඟ මොහොතකට අනන්‍යවූ සමාජයේ ඉහල තට්ටු වල තරුණ පිරිස් තුළ පැවැති වීරත්වයටත් ත්‍රාසජනක ගවේශෂයටත් රුචි හුදු තරුණ මදයේ ස්වාභාවයත් මනාවට පැහැදිලි කරන්නකි.

කැරැල්ල සංයුක්තව පුපුරා යෑමත් සමඟම මේ තරුණ පිරිස් වල ත්රාසවාදයද හමාරවෙයි. එය පුපුරා යන්නේ ඔවුන්ගේ සෙල්ලක්කාර මනස්වලට ගැලපෙන අයුරින් නොවේ. එය ගැමි තරුණ පරපුර මේ නිස්සාර සමාජ ආර්ථීක ක්‍රමයට එරෙහිව ඇති කළ අතිමහත් පරිත්‍යාගශීලී වූත් සැබෑ වීරත්වයකින් හෙබියා වූත් නැගී සිටීමකි. ජන සමාජයේ ක්‍රියාකාරීත්වයෙන් තමන්ව පිටමං කර තැබීමට විරුද්ධව ඇති වූ කැරැල්ලකි. සුවිසාල වැනි තරුණයින්ට එහි ඇති ප්‍රයෝජනය උද්දච්ච විග්රහ මඟින්, තරුණ කැරැල්ල උන්නතිකාමී වියරුවක් ලෙස පෙන්වන නිබන්ධ මගින් උපාධිය ලබා ගැනීමට යොදා ගැනීම පමණකි.

සුවිසාල අතින් පියුමි (දාසයාගේ දියණිය) ලිංගික ඇසුරට යොදා ගනු ලැබීම හා ඉන්පසු ගැබ්බරවන ඇයව මුලූමනින්ම නොතකා ඕනෑම විනාශයකට යෑමට අත්හැර දමනු ලැබීමත් මෙවන් තරුණ පිරිස් වල ස්වාභාවය තව දුරටත් විදහා දක්වයි. ඔවුන්ට යුවතියක් යනු හුදු විනෝදාස්වාදය සඳහා පරිහරණය කරන ක්‍රීඩා භාණ්ඩ පමණි. කැරලිකරුවෝ ග්ලැඩියේටර් ලා ය.

තරුණ කැරැල්ල මධ්‍යයේ දස දහස් ගණන් තරුණ ජිවිත රාජ්‍ය යන්ත්‍රය ගොදුරු කර ගනිද්දී සුවිසාලට දාව පියුමි බිහිකරන පිරිමි දරුවා සතියකින් මිය යයි. මේ දරුවාගේ මරණය පියුමිගෙන් සංකේතවත් වූ නව ගැමි පරපුරේ කැරැල්ල ලත් පරාජය මූර්තිමත් කරන්නේ ද? නැතිනම් පැරණි රදළ පරපුරේ සංකේතයන් පවා කැරැල්ල මඟින් හමාර කළ බවද? නොඑසේම මේ දෙකම ද?

කැරැල්ල කුරිරු ලෙස මර්ධනය කරනු ලැබුවද, ආණ්ඩුවට ඉඩම් ප්‍රතිසංස්කරණය සඳහා පනතක් ගෙන ඒමට සිදුවිය. 12,000 ක් තරුණ තරුණියන්ගේ මිනී වලවල් හා 20,000 ක් තරුණ තරුණියන්ගේ සිර කඳවුරු මැදින් ගෙන ආ මෙම පනතේ අරමුණු කිසිවක් ඵල නොදැරුව ද, තරුණ කැරැල්ල විසින් දේශපාලන-ආර්ථීක ආකෘතියේ ඇති කළ දෙදරුම් කෑම පෙන්නුම් කළේය. නමුත් මේ ඉඩම් ප්‍රතිසංස්කරණය කිසිසේත්ම ගැමි තරුණ පෙල මුහුණ දී සිටි සමාජ-ආර්ථීක අරබූදයට සෑහෙන පිළිතුරක් සැපයුවේ නැත. ඒ නිසාම ඊලඟ පරම්පරාව නැවත කැරළි ගසා නැගී සිටීම වැලැක්විය හැක්කක් නොවී ය.

දරුවා මිය ගිය පසු ගමේ ජීවත්වීමට පරිසරයක් නොවූයෙන් පියුමි සුවිසාල සොයා නගරයට පැමිණෙයි. තරුණ පරපුර තුළ සමාජවාදය පිළිබඳව, සමාජවාදයේ සුරක්ෂිතභාවය පිළිබඳ වූ අපේක්ෂාවන් එදා 1971 දී, පොලිසි පිටුපස කපනලද වලවල් තුළ දැවී යෑමෙන් පසු තමන්ගේ එම සුන්දර සිහිනය අත්හල ගැමි තරුණ පරම්පාරවන් ගමෙන් පිටතට විත් පැවැත්ම රැකීමට මං සොයති. සිවිසාල ගේ ඇරක්ෂාව සොයා පැමිණි පියුමිට සිදුවන්නේ ගණිකාවක් ලෙස සදාකාලික අඳුරේ ගිලෙන්නට ය.

රැකියාවක සුරක්ෂිතතාව සොයා ගමෙන් නගරයටත්, මැද පෙරදිගටත් සංක්‍රමනය වූ තරුණියන් බහුතරයකගේ ඉරණම මේ මගින් සංකේතවත් නොකරන්නේ ද?

පියුමි ගණිකාවක් වී අවසානයේ මිනීමරුවකු ලෙසද ඔප්පු කරනු ලැබ සිරගෙයි ලගී. රැකියා මත නගරයට සංක්‍රමනය වූ ගැමි තරුණියෝද අතිවාශාල ලිංගික සූරාකෑම් වලට ලක් වෙමින් අඳුරු කාමර තුළ නිසි අහරක් නැතිව, අවිනිශ්චිත අනාගතයක සිරකාරියන් ලෙස ගාල්වී සිටිති.

සුවිසාල තමන් ගතකරන සුඛෝපභෝගී සල්ලාල ජිවිතයේ අර්බූදයට මුහුන දෙමින් සිටී. ඔහු තරුණියක් විවාහකර ගැනීමේ අපේක්ෂාවෙන් ද පෙලෙයි. වයස් ගතවිම ඇරඹී ඇති නිසාදෝ ඔහුට තම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණයක් මතු වී ඇති සේ ය. ~~මිනිසෙක්ගේ ජීවිතේ පටන් ගන්නේ අවුරුදු 40 න් ලූ~~ ඔහුගේ තරුණ පෙම්වතිය පවසයි.

තම කාර්යාල කාමරෙයේ ටයිප් කටයුතුවල යෙදෙන යුවතියගේ නිතඹ දැක ඇවිස්සුනු සුපුරුදු ග්‍රාම්‍ය කාමාශාව සමඟ කෝප වන ඔහු ඇයට කාමරයෙන් පිටමංවීමට අණ කිරීම, මෙම අරබූදයේ සංකේතයක් වැන්න. කාමාශ්වාදයේ උපකරණයක් ලෙස ඔහු එතෙක් සැලකූ කාන්තාව අද තම ගැලවුම්කාරිය වී ඇති සේ ය.

දැන් අපට අනන්ත රාත්‍රිය ආරම්භය ගැන අදහසක් පහල කර ගැනීමට කවුලූවක් විවර වෙයි. එනම් කාන්තාව කාටද? ඇය පුරුෂයාගේ ලෝකාස්වාද රතියේ උපකරණයද? නැති නම් මවද? පුරුෂයාට ඇය අවශ්‍ය කව්රුන් ලෙසද? පුරුෂයාට අවශ්‍ය පරිදි කාන්තාව වෙස්ගැන්වීම ඇරඹූනේ, ඇය උපකරණයක්, භාණ්යක් ලෙස සලකා කටයුතු කිරිමට ඇරඹුණු දා සිටද? මාතෘත්වය මුල් වූ ප්රාග් ඓයිතිහාසික යුගයේ දී පැවැති මනුෂ්‍යත්වයේ ආලෝකය අවරේ ගිලී ගියේ සොබාදහමත්, කාන්තාවත් පුරුෂයා සතු පුද්ගලික දේපල ලෙස සලකා හුදු පුරුෂයගේ සුඛ විහරණයට මැවුනු දේ ලෙස සලකා කටයුතු කිරීම අරඹුනු දා සිට නොවේ ද? එදා සිට මේ දක්වා දේපල කොල්ලය වෙනුවෙන් පුරුෂයින් විසින් ගෙන ගියාවූ යුද්ධ වලින් විනාශ වී ගිය මිනිස් ජීවිත කොපමණ ද? නාස්ති කළ සොභා සම්පත් කොපමණ ද? මීලඟ ශතවර්ශය මිහිතලයේ ජීවීන්ට වාසය කළ හැකි තැනක් වේ ද? යන තරමට ප්‍රශ්ණ මතු වී තිඛෙනවා නොවේ ද?

පියුමිගේ ජීවිතය පුරුෂයින් ගේ අතට පත් සමාජයේත් - පරිසරයේත් ඉරණම පෙන්වයි. ~~.... ඒ මම අවුරුදු 20 කට උඩදී දුටු ගෑනි නොවේ. ඒකි මල මිනියක්.....~~ පියුමි ගේ මිනීමැරිම් නඩුවේ ජූරියේ සිට පැමිණෙන සුවිසාල තම මිත්‍ර නීතිවේදියාට කියයි. තමන්ගේ ද ඡන්දයෙන් ජූරි සභාව ඇය වැරදි කාරිය කළේය. එනිසා ඇයට දස වසරක සිර දඬුවම් නියම කර තිබේ.

කම්පනයෙන් පෙලන සුවිසාල වලව්වට යයි. සිංහල, දෙමළ තරුණ පිරිස් කැරළි ගසා නැගී සිට ලේ ගංගා ගලා යයි. පියවරු තමන්ගේ දරුවන්ගේ ජිවිතය පතා සුවිසාල සොයා වලව්වට පැමිණෙති. වලව්ව ගරාවැටී ඇත. එහි නින්දගම්වාසීන් නිදහස් වී බොහෝ කල්ය. නින්දගම් අහිමි වුවද තවමත් සමාජයේ බලාධිකාරය වලව්කාරයන් අතම රඳා පවතී. ගැමියෝ එය දනිති. තම දරුවන් සටන් කරන්නේ එයට විරුද්ධවය. නමුත් දරුවන්ගේ ජීවිතය ඉල්ලා යෑමට සිදුවන්නේ ද එවුන් ලඟටමය. පාලකයෝ දේශපාලන ප්‍රතිසංස්කරණයන් සඳහා පලාත් සභා පනත ගෙන එති. එය ක්‍රියාත්මක කිරිමට නොහැක. භීෂණය හා යුද්ධය ඉදිරියට ඇදෙයි. බයිබල් පර්වතය නොසැලී සිටී.

සුවිසාලගේ ආත්මය කම්පා වෙයි. හුදකලාව හඬා වැලපෙන ඔහු, පියුමිගේ ජිවිතයට ප්රතිසංස්කරණයක් ලබා දීමට වෑයම් කරයි. ~~...මේ ගෑනු කෙනා වෙනුවෙන් විකී ඇපීල් එකක් දාන්න. මං වියදං කරන්නම් ~~ ඔහු මිතුරාට කියයි. මිතුරා කියන්නේ පිස්සු නැතුව ඉන්නා ලෙසය.

එහි තේරුම මේ සමාජය තුළ ඒ සඳහා ඉඩක් නැති බවයි. පුද්ගලික දේපල මත පදනම් වූ සමාජය මා එහි පුරුෂෝත්තමවාදී සදාචාරයන් සියලූ කැරළි - කම්පන - පුද්ගල අර්බූද මැද බයිබල් පර්වතය මෙන් නොසැලී රඳා පවතී. එහි බරෙන් මිදෙන්නේ නැතිව, එය පුපුරවා හරින්නේ නැතිව, පියුමිට ගැලවීමක් ලබා දිය නොහැකිය. මේ ගැන කතා කළ විට ඔහුගේ තරුණ පෙම්වතිය කියන්නේ ~~...ඔයා කරපු වරද අමතක කරල ඉතිරි ජීවිත කාලය ඔයා එක්ක මම ගත කරන්න ලෑස්තිනම් ඔයා සමාව ගන්න යන්නේ කාගෙන් ද? මේක එලි උනොත් අපි කොහොමද අම්මලාට තාතතලාට, යාලූවන්ට මුහුණ දෙන්නේ...~~ කියා ය.

පවතින සමාජය පිරිමි හා ගැහැණු වෙසින් යුක්තිය මැඩගෙන තිබේ. පියුමිගෙන් මූර්තිමත්වන කාන්තාවගේ වේදනාවට සහනයක් දීමට පුද්ගලයාට නොහැකිය. කෙලිබඩුවක් වීමේ හා ගෘහසේවිකාවක් බවට පත් වීමෙන් ගලවා ගැනීමට බැරිය. එය පුද්ගලික හැඟීම් ඉක්මවන කර්තව්‍යයකි. ඉන් ගැලවී ගැන්ම සඳහා කාන්තාවන් යොදන විවිධ පුද්ගල උපක්‍රම ද සැම විටම ඇයටම එරෙහිව නැගී සිටිති. පියුමි අතින් පුරුෂයකු මරණයට පත්වන්නේ ද එවැනිම හේතු මතය. රැයක් සඳහා තමන්ව මිලදී ගන්නා ඒ හෝ මේ පුරුෂයාගෙන් සිදුවන ලිංගික වධය සීමා කර ගැන්ම සඳහා පියුමි කරන්නේ නිදි පෙති පෙවීමය. ඒ සඳහා ඇය නිතරම පෙති ලග තබාගෙන සිටී. සිදු වන්නේ වැරදීමකින් නිදිපෙති වැඩිපුර විස්කි වීදුරුවට වැටීම නිසා පුද්ගලයකු මරණයට පත් වීමයි. මේ සිදුවීම ගණිකා වාත්තීයේ යෙදීමට බල කෙරී සිටින දහස් සංඛ්‍යාත කාන්තාවන්ගේ තත්ත්වය හද කම්පා කරවන අයුරින් සන්නිවේදනය කරයි.

අවසාන වශයෙන් සුවිසාල් තම කුණුවී ගිය ආත්මය රැගෙන විමුක්තිය සොයා යන්නේ පියුමි වෙතය. තමන් විසින් අවමානයටත්, අනාතභාවයටත් පත්කළ කාන්තාවගේ මාතෘත්වය වෙතින් ඔහු පුනර්ජීවය පතයි. දස වසරකට පසු සිරගෙයින් නික්ම එන පියුමි පිළිකුලෙන් හා අප්‍රසාදයෙන් ඔහු බැහැර කරයි.

සුවිසාල වෙසින් එන මේ කුණුවී ගිය සමාජය පුනරුත්තාපනය කිරිමට පියුමි වෙසින් සිටින කාන්තාවට නොහැකිය. පියුමි, සුවිසාලව ඉක්මවා ඈතින් දිලිසෙන රත් පැහැ හිරු එලියදෙනට පිය මනී. සුවිසාල වෙසින් එන මේ කුණුවී ගිය පුද්ගල දේපල මත පදනම් වූ සමාජය ඉක්මවා පියමැන යෑමට ප්‍රසන්න විසින් කාන්තාවට එල්ල කරන අභියෝගයක් ද එය?

තම විමුක්තිය පතා වසර ගණන් කැප වුවද එය පුද්ගලිකව ලද නොහැක්කක් බව මෝටර් රියේ හුදකලාවන සුවිසාලගේ මූසල ඉරියව්ව මගින් ප්‍රසන්න පුරුෂයින්ට කියාපාන්නාසේ ය. තමන්ගේ ආධිපත්‍යය යටතේ වසර දහස් ගණනාවක් තිස්සේ අඩියෙන් අඩිය විනාශයට ගෙන ගිය මේ සමාජය තුලින් පුරෂයාට මාතෘත්වයේ ආලෝකය ලද නොහැකිය. තමන් දිනූ පංති සමාජය ඉක්මවා යෑමට පියවර නොගන්නා තාක් පරුෂාධිපත්යයේ කුණුවී ගිය ආත්මය හෙලි කරන මූසල මුහුණින් යුතුව අඳුරේ ලැගීම පිරිමියාගේ ඉරණම වනු ඇත. ඒ අරුතින් රාත්‍රිය අනන්ත වෙයි.

[QUOTE="asksajee, post: 20867669, member: 10848"] [SIZE="5"][B][B] පුරැෂාධිපත්‍යයේ මූසළ මුහුණ - "අනන්ත රාත්‍රිය" [/B][/B][/SIZE] [SIZE="4"]ගැහැනුන් - පිරිමින් පමණක් නොව, සතා සිපාවා - ගස්වැල් පවා කම්පා කරන මහා භීෂණයක් පැතිර තිබේ. දසත ලේ කඳුළු ගලා යයි. මේ සියල්ල මධ්‍යයේ කිසිවක් නොතකන, ඒ කිසිවකින් නොසැලෙන, බයිබල් පර්වතය කුමක් සංක්තවත් කරන්නේ ද? සිංහල තරුණයන්ගේ එක් කැරලිකාර සමයකින් ඇරඹෙණ ~~අනන්ත රාත්‍රිය~~ ඊලඟ කැරලිකාර සමයත් සමඟ නිමා වුවද ඒ සියල්ල අනන්ත රාත්‍රියේ විසි වසරක එක් කාල පරාසයක් පමණක් විස්තර කරන්නකි. අනන්තය යනු ඇරඹුමක් අවසානයක් නැති යම් ප්රපංචයක් අදහස් කරන්නකි. නමුත් අනන්ත රාත්‍රිය යයි කීවිට එය නිරපේක්ෂ අරුතක් ලබා නොදෙයි. මන්ද යත් රාත්‍රිය සාපේක්ෂක හෙයිනි. ක්ෂිතිජයේ ගිලීයන රක්තවර්ණ සූර්යයා රාත්‍රියේ ඇරඹුම වනවාක් මෙන්ම ක්ෂිතජයෙන් නැගෙන රක්තවර්ණ සූර්යයා රත්‍රියේ නිමාවද ගෙන එයි. නමුත් අවදි වී සිටින්නාට රත්‍රිය ඉතා දිගු බව ගැමියෝත් - කවියෝත් පවසති. එය අනන්තයක් සේ යමකුට දැනෙනු ඇත. ප්රසන්නටද එසේ විය හැක. ඒ ඔහු අවදියෙන් සිටිනි නිසා ද? දැන් මේ රාත්‍රිය අරඹුනේ කොයි මොහොතේද? නිමාවනු ඇත්තේ කවර මොහොතකද? ~~අනන්ත රාත්‍රිය~~ මේ ගැන එක එල්ලලේ පිළිතුරක් නොදුන්නද මේ ඝනදුර තුළ පැවැති දශක දෙකක් අප ඉදිරියේ තබා තිබේ. ශතවර්ෂ එකහමාරක් පැරණි යටත් විජිත ආර්ථීකය තුළ දේශපාලන අව්‍යතා වෙනුවෙන්, අධිරාජ්‍යවාදීන් විසින් පවතින්නට ඉඩහල, පැරණි නිෂ්පාදන සබඳතාවන් වල් බිහි වී, පල් වෙමින් තිබේ. එයට ඇති පෙරගමනක් නැත. එහි සංකේත වන් රදළ කාන්තාවන් දෙදෙනා තම පාරම්පරික වලව්වේ හුදකලාව වෙසෙති. එහි තෙවැනි සාමාජිකාවද එහි පැමිණෙයි. ඇයට ඇත්තේ එක් පිරිමි දරුවෙක් පමණි. නිෂ්පාදන සබඳතාවන්ට මෙන්ම එහි උරුමකරුවන්ටද දරුවන් බිහි කිරිමට දරුගැබ් නැත. ඒ සඳහා වෙනත් මං සොයා යා යුතුය. පැරණි වලව්ව සමඟම දිරා යමින් සිටින මේ කාන්තාවන් පෙන්වන්නේ එවන් ඉඩක් නැති බවයි. තමන්ගේ එකම පිරිමි දරුවා මැදිකරගත් කාන්තාවන් ගී ගයති. අනාගතය එවුන් දෙස එබී බලයි. ඒ දොර තිරයෙන් එඛෙන දැරියකගේ වේශයෙනි. ඇය ගැමි දාසයාගේ දියණිය, පියුමි ය. ඔය සින්දුව උඹට වැඩක් නෑ. උඹේ සින්දුව වෙනස් යයි කියන්නාක් මෙන් ඇගේ පියා (දාසයා) ඇයව හිමින් සීරුවේ ඉවත් කරගෙන යයි. ඇගේ පරමිපරාව වැඩී මහත්වි සිටී. එය පැරණි ඉඩම් සබඳතාවයන්ට එරෙහිව කැරලිගසා නැගී සිට ඇත. අතීත ගමේ ස්වයංපෝෂිත ආර්ථීකය විනාශ කරමින් ගොඩ නැගුණු වතු ආර්ථීකය, එවුන්ගේ බද්ධ වෛරයට පාත්‍ර වී ඇතුවා හා සමානවම වල් බිහි වී පවතින නිසරු නින්දගම් පද්දතිය - විහාර, දේවාල ගම් පද්දතිය, එවුන්ගේ අමනාපයට හේතු වී ඇත. මේවා නිසා පැරණි ගම්මානයේ සුරක්ෂිත බව විනාශව ගිය බව ඔවුහු හඟිති. පැරණි ගම විනාශ කරමින් මතුවූ යටත් විජිත වැවිලි ආර්ථීකය, තමන්ට අහිමි කළා විනා ලබා දුන් කිසිත් නැත. දේශපාලන නිදහසින් පසු ගතවූ වසර 30 ක කාලය, නිදහස් අධ්‍යාපනයෙන් ඔප් නැංවුනු, ගැමි තරුණයාගේ නිවුනු ජීවන රටාවක අපේක්ෂාවන් ද සහමුලින්ම විනාශ කර තිබේ. කම්කරු පක්ෂ කෙරෙහි තැබිය හැකි විශ්වාසය, සභාගවාදය මගින් නිමාවී ඇත. තරුණ කැරැල්ල ඓයිතිහාසික අනිවාර්යයක් ලෙස පුපුරා පැමිණ තිබේ. ධනපති-රදළ-මධ්‍යම පංතික පවුල්වල උගත් තරුණ පිරිස් පවා කම්පනයට පත් කරමින් මේ කැරලිකාරීත්වය ඔවුන්වද මොහොතකට තමන් වටා ඔතා ගනී. වළව්වේ රදළ උරුමක්කාරයා, සුවිසාල සූරියබණ්ඩාර ද 1968 ඔක්තෝම්බරයේ දී වියට්නාමයට පක්ෂව, ඇමරිකන් තානාපති කාර්යාලය වැටලීමට සහභාගී වේ. එසේ තමා සහභාගී වූ බවත්, එහි තිබූ ඇමරිකන් කොඩිය බිම දමා වියට්නාම් කොඩිය එසවූ බවත්, තමන් ඇතුළු පිරිසට පොලිසිය පහර දුන් බවත්, සුවිසාල අභාග්‍යයේ ප්‍රතිමූර්තියක් වන් වූ, තම ලොකු අම්මා කෙනෙකුට පවසයි. සුවිසාල මේ මහ ගෙදරට පැමිණ සිටින්නේ තමාගේ උපාධි නිබන්ධනය සැකසීමට ය. ~~... කුඹුරු පනත අඳ ගොවියා ඉහලට එසවා තැබුවද ඔවුන්ගේ දරුවන් ලැබූ අධ්‍යාපනයට උචිත රැකියා නොලැබ, නැවත කුඹුරට බැසීමටද නොහැකිව කැරළි ගසන බව මාගේ උපාධි නිබන්ධනයේ තේමාවයි....~~යනුවෙන් සුවිසාල පසුබිමින් ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශන දෙක කැරැල්ල පිළිබඳව පැවැති ගතානුගතික ධනපති මතවාදයත්, කැරැල්ල සමඟ මොහොතකට අනන්‍යවූ සමාජයේ ඉහල තට්ටු වල තරුණ පිරිස් තුළ පැවැති වීරත්වයටත් ත්‍රාසජනක ගවේශෂයටත් රුචි හුදු තරුණ මදයේ ස්වාභාවයත් මනාවට පැහැදිලි කරන්නකි. කැරැල්ල සංයුක්තව පුපුරා යෑමත් සමඟම මේ තරුණ පිරිස් වල ත්රාසවාදයද හමාරවෙයි. එය පුපුරා යන්නේ ඔවුන්ගේ සෙල්ලක්කාර මනස්වලට ගැලපෙන අයුරින් නොවේ. එය ගැමි තරුණ පරපුර මේ නිස්සාර සමාජ ආර්ථීක ක්‍රමයට එරෙහිව ඇති කළ අතිමහත් පරිත්‍යාගශීලී වූත් සැබෑ වීරත්වයකින් හෙබියා වූත් නැගී සිටීමකි. ජන සමාජයේ ක්‍රියාකාරීත්වයෙන් තමන්ව පිටමං කර තැබීමට විරුද්ධව ඇති වූ කැරැල්ලකි. සුවිසාල වැනි තරුණයින්ට එහි ඇති ප්‍රයෝජනය උද්දච්ච විග්රහ මඟින්, තරුණ කැරැල්ල උන්නතිකාමී වියරුවක් ලෙස පෙන්වන නිබන්ධ මගින් උපාධිය ලබා ගැනීමට යොදා ගැනීම පමණකි. සුවිසාල අතින් පියුමි (දාසයාගේ දියණිය) ලිංගික ඇසුරට යොදා ගනු ලැබීම හා ඉන්පසු ගැබ්බරවන ඇයව මුලූමනින්ම නොතකා ඕනෑම විනාශයකට යෑමට අත්හැර දමනු ලැබීමත් මෙවන් තරුණ පිරිස් වල ස්වාභාවය තව දුරටත් විදහා දක්වයි. ඔවුන්ට යුවතියක් යනු හුදු විනෝදාස්වාදය සඳහා පරිහරණය කරන ක්‍රීඩා භාණ්ඩ පමණි. කැරලිකරුවෝ ග්ලැඩියේටර් ලා ය. තරුණ කැරැල්ල මධ්‍යයේ දස දහස් ගණන් තරුණ ජිවිත රාජ්‍ය යන්ත්‍රය ගොදුරු කර ගනිද්දී සුවිසාලට දාව පියුමි බිහිකරන පිරිමි දරුවා සතියකින් මිය යයි. මේ දරුවාගේ මරණය පියුමිගෙන් සංකේතවත් වූ නව ගැමි පරපුරේ කැරැල්ල ලත් පරාජය මූර්තිමත් කරන්නේ ද? නැතිනම් පැරණි රදළ පරපුරේ සංකේතයන් පවා කැරැල්ල මඟින් හමාර කළ බවද? නොඑසේම මේ දෙකම ද? කැරැල්ල කුරිරු ලෙස මර්ධනය කරනු ලැබුවද, ආණ්ඩුවට ඉඩම් ප්‍රතිසංස්කරණය සඳහා පනතක් ගෙන ඒමට සිදුවිය. 12,000 ක් තරුණ තරුණියන්ගේ මිනී වලවල් හා 20,000 ක් තරුණ තරුණියන්ගේ සිර කඳවුරු මැදින් ගෙන ආ මෙම පනතේ අරමුණු කිසිවක් ඵල නොදැරුව ද, තරුණ කැරැල්ල විසින් දේශපාලන-ආර්ථීක ආකෘතියේ ඇති කළ දෙදරුම් කෑම පෙන්නුම් කළේය. නමුත් මේ ඉඩම් ප්‍රතිසංස්කරණය කිසිසේත්ම ගැමි තරුණ පෙල මුහුණ දී සිටි සමාජ-ආර්ථීක අරබූදයට සෑහෙන පිළිතුරක් සැපයුවේ නැත. ඒ නිසාම ඊලඟ පරම්පරාව නැවත කැරළි ගසා නැගී සිටීම වැලැක්විය හැක්කක් නොවී ය. දරුවා මිය ගිය පසු ගමේ ජීවත්වීමට පරිසරයක් නොවූයෙන් පියුමි සුවිසාල සොයා නගරයට පැමිණෙයි. තරුණ පරපුර තුළ සමාජවාදය පිළිබඳව, සමාජවාදයේ සුරක්ෂිතභාවය පිළිබඳ වූ අපේක්ෂාවන් එදා 1971 දී, පොලිසි පිටුපස කපනලද වලවල් තුළ දැවී යෑමෙන් පසු තමන්ගේ එම සුන්දර සිහිනය අත්හල ගැමි තරුණ පරම්පාරවන් ගමෙන් පිටතට විත් පැවැත්ම රැකීමට මං සොයති. සිවිසාල ගේ ඇරක්ෂාව සොයා පැමිණි පියුමිට සිදුවන්නේ ගණිකාවක් ලෙස සදාකාලික අඳුරේ ගිලෙන්නට ය. රැකියාවක සුරක්ෂිතතාව සොයා ගමෙන් නගරයටත්, මැද පෙරදිගටත් සංක්‍රමනය වූ තරුණියන් බහුතරයකගේ ඉරණම මේ මගින් සංකේතවත් නොකරන්නේ ද? පියුමි ගණිකාවක් වී අවසානයේ මිනීමරුවකු ලෙසද ඔප්පු කරනු ලැබ සිරගෙයි ලගී. රැකියා මත නගරයට සංක්‍රමනය වූ ගැමි තරුණියෝද අතිවාශාල ලිංගික සූරාකෑම් වලට ලක් වෙමින් අඳුරු කාමර තුළ නිසි අහරක් නැතිව, අවිනිශ්චිත අනාගතයක සිරකාරියන් ලෙස ගාල්වී සිටිති. සුවිසාල තමන් ගතකරන සුඛෝපභෝගී සල්ලාල ජිවිතයේ අර්බූදයට මුහුන දෙමින් සිටී. ඔහු තරුණියක් විවාහකර ගැනීමේ අපේක්ෂාවෙන් ද පෙලෙයි. වයස් ගතවිම ඇරඹී ඇති නිසාදෝ ඔහුට තම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණයක් මතු වී ඇති සේ ය. ~~මිනිසෙක්ගේ ජීවිතේ පටන් ගන්නේ අවුරුදු 40 න් ලූ~~ ඔහුගේ තරුණ පෙම්වතිය පවසයි. තම කාර්යාල කාමරෙයේ ටයිප් කටයුතුවල යෙදෙන යුවතියගේ නිතඹ දැක ඇවිස්සුනු සුපුරුදු ග්‍රාම්‍ය කාමාශාව සමඟ කෝප වන ඔහු ඇයට කාමරයෙන් පිටමංවීමට අණ කිරීම, මෙම අරබූදයේ සංකේතයක් වැන්න. කාමාශ්වාදයේ උපකරණයක් ලෙස ඔහු එතෙක් සැලකූ කාන්තාව අද තම ගැලවුම්කාරිය වී ඇති සේ ය. දැන් අපට අනන්ත රාත්‍රිය ආරම්භය ගැන අදහසක් පහල කර ගැනීමට කවුලූවක් විවර වෙයි. එනම් කාන්තාව කාටද? ඇය පුරුෂයාගේ ලෝකාස්වාද රතියේ උපකරණයද? නැති නම් මවද? පුරුෂයාට ඇය අවශ්‍ය කව්රුන් ලෙසද? පුරුෂයාට අවශ්‍ය පරිදි කාන්තාව වෙස්ගැන්වීම ඇරඹූනේ, ඇය උපකරණයක්, භාණ්යක් ලෙස සලකා කටයුතු කිරිමට ඇරඹුණු දා සිටද? මාතෘත්වය මුල් වූ ප්රාග් ඓයිතිහාසික යුගයේ දී පැවැති මනුෂ්‍යත්වයේ ආලෝකය අවරේ ගිලී ගියේ සොබාදහමත්, කාන්තාවත් පුරුෂයා සතු පුද්ගලික දේපල ලෙස සලකා හුදු පුරුෂයගේ සුඛ විහරණයට මැවුනු දේ ලෙස සලකා කටයුතු කිරීම අරඹුනු දා සිට නොවේ ද? එදා සිට මේ දක්වා දේපල කොල්ලය වෙනුවෙන් පුරුෂයින් විසින් ගෙන ගියාවූ යුද්ධ වලින් විනාශ වී ගිය මිනිස් ජීවිත කොපමණ ද? නාස්ති කළ සොභා සම්පත් කොපමණ ද? මීලඟ ශතවර්ශය මිහිතලයේ ජීවීන්ට වාසය කළ හැකි තැනක් වේ ද? යන තරමට ප්‍රශ්ණ මතු වී තිඛෙනවා නොවේ ද? පියුමිගේ ජීවිතය පුරුෂයින් ගේ අතට පත් සමාජයේත් - පරිසරයේත් ඉරණම පෙන්වයි. ~~.... ඒ මම අවුරුදු 20 කට උඩදී දුටු ගෑනි නොවේ. ඒකි මල මිනියක්.....~~ පියුමි ගේ මිනීමැරිම් නඩුවේ ජූරියේ සිට පැමිණෙන සුවිසාල තම මිත්‍ර නීතිවේදියාට කියයි. තමන්ගේ ද ඡන්දයෙන් ජූරි සභාව ඇය වැරදි කාරිය කළේය. එනිසා ඇයට දස වසරක සිර දඬුවම් නියම කර තිබේ. කම්පනයෙන් පෙලන සුවිසාල වලව්වට යයි. සිංහල, දෙමළ තරුණ පිරිස් කැරළි ගසා නැගී සිට ලේ ගංගා ගලා යයි. පියවරු තමන්ගේ දරුවන්ගේ ජිවිතය පතා සුවිසාල සොයා වලව්වට පැමිණෙති. වලව්ව ගරාවැටී ඇත. එහි නින්දගම්වාසීන් නිදහස් වී බොහෝ කල්ය. නින්දගම් අහිමි වුවද තවමත් සමාජයේ බලාධිකාරය වලව්කාරයන් අතම රඳා පවතී. ගැමියෝ එය දනිති. තම දරුවන් සටන් කරන්නේ එයට විරුද්ධවය. නමුත් දරුවන්ගේ ජීවිතය ඉල්ලා යෑමට සිදුවන්නේ ද එවුන් ලඟටමය. පාලකයෝ දේශපාලන ප්‍රතිසංස්කරණයන් සඳහා පලාත් සභා පනත ගෙන එති. එය ක්‍රියාත්මක කිරිමට නොහැක. භීෂණය හා යුද්ධය ඉදිරියට ඇදෙයි. බයිබල් පර්වතය නොසැලී සිටී. සුවිසාලගේ ආත්මය කම්පා වෙයි. හුදකලාව හඬා වැලපෙන ඔහු, පියුමිගේ ජිවිතයට ප්රතිසංස්කරණයක් ලබා දීමට වෑයම් කරයි. ~~...මේ ගෑනු කෙනා වෙනුවෙන් විකී ඇපීල් එකක් දාන්න. මං වියදං කරන්නම් ~~ ඔහු මිතුරාට කියයි. මිතුරා කියන්නේ පිස්සු නැතුව ඉන්නා ලෙසය. එහි තේරුම මේ සමාජය තුළ ඒ සඳහා ඉඩක් නැති බවයි. පුද්ගලික දේපල මත පදනම් වූ සමාජය මා එහි පුරුෂෝත්තමවාදී සදාචාරයන් සියලූ කැරළි - කම්පන - පුද්ගල අර්බූද මැද බයිබල් පර්වතය මෙන් නොසැලී රඳා පවතී. එහි බරෙන් මිදෙන්නේ නැතිව, එය පුපුරවා හරින්නේ නැතිව, පියුමිට ගැලවීමක් ලබා දිය නොහැකිය. මේ ගැන කතා කළ විට ඔහුගේ තරුණ පෙම්වතිය කියන්නේ ~~...ඔයා කරපු වරද අමතක කරල ඉතිරි ජීවිත කාලය ඔයා එක්ක මම ගත කරන්න ලෑස්තිනම් ඔයා සමාව ගන්න යන්නේ කාගෙන් ද? මේක එලි උනොත් අපි කොහොමද අම්මලාට තාතතලාට, යාලූවන්ට මුහුණ දෙන්නේ...~~ කියා ය. පවතින සමාජය පිරිමි හා ගැහැණු වෙසින් යුක්තිය මැඩගෙන තිබේ. පියුමිගෙන් මූර්තිමත්වන කාන්තාවගේ වේදනාවට සහනයක් දීමට පුද්ගලයාට නොහැකිය. කෙලිබඩුවක් වීමේ හා ගෘහසේවිකාවක් බවට පත් වීමෙන් ගලවා ගැනීමට බැරිය. එය පුද්ගලික හැඟීම් ඉක්මවන කර්තව්‍යයකි. ඉන් ගැලවී ගැන්ම සඳහා කාන්තාවන් යොදන විවිධ පුද්ගල උපක්‍රම ද සැම විටම ඇයටම එරෙහිව නැගී සිටිති. පියුමි අතින් පුරුෂයකු මරණයට පත්වන්නේ ද එවැනිම හේතු මතය. රැයක් සඳහා තමන්ව මිලදී ගන්නා ඒ හෝ මේ පුරුෂයාගෙන් සිදුවන ලිංගික වධය සීමා කර ගැන්ම සඳහා පියුමි කරන්නේ නිදි පෙති පෙවීමය. ඒ සඳහා ඇය නිතරම පෙති ලග තබාගෙන සිටී. සිදු වන්නේ වැරදීමකින් නිදිපෙති වැඩිපුර විස්කි වීදුරුවට වැටීම නිසා පුද්ගලයකු මරණයට පත් වීමයි. මේ සිදුවීම ගණිකා වාත්තීයේ යෙදීමට බල කෙරී සිටින දහස් සංඛ්‍යාත කාන්තාවන්ගේ තත්ත්වය හද කම්පා කරවන අයුරින් සන්නිවේදනය කරයි. අවසාන වශයෙන් සුවිසාල් තම කුණුවී ගිය ආත්මය රැගෙන විමුක්තිය සොයා යන්නේ පියුමි වෙතය. තමන් විසින් අවමානයටත්, අනාතභාවයටත් පත්කළ කාන්තාවගේ මාතෘත්වය වෙතින් ඔහු පුනර්ජීවය පතයි. දස වසරකට පසු සිරගෙයින් නික්ම එන පියුමි පිළිකුලෙන් හා අප්‍රසාදයෙන් ඔහු බැහැර කරයි. සුවිසාල වෙසින් එන මේ කුණුවී ගිය සමාජය පුනරුත්තාපනය කිරිමට පියුමි වෙසින් සිටින කාන්තාවට නොහැකිය. පියුමි, සුවිසාලව ඉක්මවා ඈතින් දිලිසෙන රත් පැහැ හිරු එලියදෙනට පිය මනී. සුවිසාල වෙසින් එන මේ කුණුවී ගිය පුද්ගල දේපල මත පදනම් වූ සමාජය ඉක්මවා පියමැන යෑමට ප්‍රසන්න විසින් කාන්තාවට එල්ල කරන අභියෝගයක් ද එය? තම විමුක්තිය පතා වසර ගණන් කැප වුවද එය පුද්ගලිකව ලද නොහැක්කක් බව මෝටර් රියේ හුදකලාවන සුවිසාලගේ මූසල ඉරියව්ව මගින් ප්‍රසන්න පුරුෂයින්ට කියාපාන්නාසේ ය. තමන්ගේ ආධිපත්‍යය යටතේ වසර දහස් ගණනාවක් තිස්සේ අඩියෙන් අඩිය විනාශයට ගෙන ගිය මේ සමාජය තුලින් පුරෂයාට මාතෘත්වයේ ආලෝකය ලද නොහැකිය. තමන් දිනූ පංති සමාජය ඉක්මවා යෑමට පියවර නොගන්නා තාක් පරුෂාධිපත්යයේ කුණුවී ගිය ආත්මය හෙලි කරන මූසල මුහුණින් යුතුව අඳුරේ ලැගීම පිරිමියාගේ ඉරණම වනු ඇත. ඒ අරුතින් රාත්‍රිය අනන්ත වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom