Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනන්ත සක්වල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://dhamma.ifbcnet.org/සක්වල-විස්තරය-විභංගය-හදු/

සක්වල විස්තරය.....(සක්වල විභංගය) ==

බුදුදහම පවතින කලක පමණක් අසන්නට ලැබෙන මේ විස්තරය ඉතා ගෞරවයෙන් පරිශීලනය කරන්න

මුලින්ම ඔබ යොදුන පිළිබද අවබෝධයක් ලබා සිටිය යුතුය.

වියත් 2 = රියන් 1

රියන් 7 = යෂ්ඨි 1

යෂ්ඨි 20 = ඉස්බ 1

ඉස්බ 80 = ගවු 1

ගවු 4 = යොදුන් 1

මිනිසාගේ ආයුෂය - මිනිසාගේ ආයුෂය නියමයක් නැත්තේය.ඒ ඒ කාල පරිච්ඡේද තුළ වෙනස් වේ.මිනිසාගේ ආයුෂය දස වර්ෂයේ පටන් අසංඛ්යෙ (ගැනිය නොහැකි සංඛ්‍යාවක්)දක්වා වැඩිවී නැවත දසවර්ෂය තෙක් පිරිහීමට ගතවන කාලය අන්තංකල්ප නම් වේ.

සැලකිය යුතුය - සතර අපායික සත්වයින්ගේ ආයු ප්‍රමාණ නියමයක් නැත.නරකයේ උපන් සත්වයින්ට කර්මයේ ප්‍රමාණය ආයු ප්‍රමාණය වේ.සෙසු අපායික සත්වයිනටද එසේමය.බූමාටු දෙවියන්ටද කර්මය අනුව ආයුෂය ප්‍රමාණ වේ.එහෙත් සමහර බූමාටු දෙවියන් සතියක්,අඩමසක්,මාසයක් ඇතැම්හු කල්පයක්ද සිටින්නාහ.

බඹ තලයේ සිට මනුලොවට දුර උපමා කොට දැක්වීම - අනුරපුර ලෝහ ප්‍රසාදය තරම් ශෛලමය පර්වතයක් පළමු බඹ තලයේ සිට මහපොළොවට හෙළන ලද්දේ නම් සතර මාසයකින් මිහිපිට පතිත වන බව දැක්වේ.

මහ පොළොවේ පිහිටීම - මනුෂ්‍ය,ප්‍රේත,අසුර,තිරිසන් හා අපායගාමීන්ගේ වාසස්ථානය මහ පොලොව ඝනයෙන් යොදුන් 240000 කි.මෙය 480000ක් යොදුන් ජල පොළොවෙන් උසුළා සිටී.මෙම ජල පොලොව යොදුන්

960000 ක් ඝන වා පොලොවෙන් උසුලා සිටී.ඒ වාතය උසුලා සිටින අජටාකාෂය අනන්ත අපරියන්තයි.

තල එකිනෙක පිළිබද විස්කරය මෙතැන් සිට....

මෙම සක්වල කොටස් 3කට බෙදිය හැක.ඒ නම් කාම ලෝක,රූප ලෝක සහ අරූප ලෝකයි.කාම ලෝක 11 ක්ද රූප ලෝක 16 ක්ද,අරූප ලෝක 4 ක්ද මේ සක්වල තුළ පිහිටා ඇත.මෙයින් කාම හා රූප යන ලෝකවල

පඤ්චස්කන්ධය පවතී*.

බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.

කාම ලෝක කියන්නෙ මේවා.

ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)

මනුෂ්‍ය භූමියයි, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් දෙවි ලෝක හයයි.සියලුම සුගති භූමි (07)කි.

රූප ලෝක කියන්නෙ මේවා.

බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.පරිත්තාභ, අප්පමාණභ, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.

පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.

වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.

අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.

අරූප ලෝක කියන්නෙ මේවා.

ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි.

දැන් එකිනෙක විස්තර කර ගනිමු.

දුගති භූමි 4 (සතර අපාය)- දස අකුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී(අපුණ්‍යාභි සංස්කාර).මුලින් කීවා සේම මොවුන්ගේ ආයුෂ

කර්මය වේ.මෙහි ප්‍රේත,අසුර,තිරිසන් කියන අපායවල් ඇත්තේ මේ මනුස්සයන් ජීවත් වන තලයේමය.තිරිසනුන් හා බොහෝ ප්‍රේතයන් ගොඩබිම ඇසුරු කරමින්ද අසුරයන් මහමුහුද ඇසුරු කරමින්ද වාසය කරයි.නමුත් මෙහි විශේෂිතම අපාය වන්නේ නිරයයි.ප්‍රධාන නරකයන් 8කි.සංජීවය,කාල සූත්‍රය,සංඝාතය,රෞරවය,මහා රෞරවය,තාපය,

ප්රතාපය,අවීචිය යනු ඒවාය.ඒ සෑම නිරයක්ම වටා ඔසුපත් නිරයන් 16 බැගින් නිරයන් 128 පිහිටා ඇත.එවිට සියලුම නිරයන් ගණන 136ක් වේ.නරකයන් අතරින් පළමු නරකය වන සංජිවය පිහිටා ඇත්තේ මනුෂ්‍ය තලයේ සිට යොදුන් 15000 ක් පහළිනි.ඉන්පසු පවතින අනිකුත් නරකයන්ද එකිනෙකට යොදුන් 15000ක් පහළින් පහළට පිහිටා ඇත.

සුගති භුමි 7 = දිව්‍ය ලෝක 6 + මනුෂ්‍ය භූමිය

මේ සුගති භූමි වල උපදින්නේ දස කුසල කර්ම විපාක තුළිනි(පුණ්‍යාභි සංස්කාර).අප මුලින්ම කීවා සේ මනුෂ්‍යයාගේ ආයුෂ නම් දස වර්ෂයේ සිට

අසංඛ්‍යෙය දක්වා වේ.දිව්‍ය ලෝක සයෙහි මුල්ම දෙව් ලොව පිහිටා ඇත්තේ (චාතුර්මහා රාජිකය)මනුෂ්‍ය තලයට වඩා යොදුන් 42000 ක් ඉහළිනි.ඉන්පසු පවතින අනික් දිව්‍ය ලෝකය පිහිටා ඇත්තේ ඊටත් යොදුන් 42000ක් ඉහලිනි.එසේ සියලුම දිව්‍ය ලෝක එම දුර ප්‍රමාණයම සහිතව පිහිටා ඇත.

දැන් එකින් එක දිව්‍ය ලෝක වල ආයුෂ විමසා බලමු.

චාතුර්මහා රාජිකය - දිව්‍ය වර්ෂ 500කි.(මනුෂ්‍ය වර්ෂ 90,00000)

තාවතිංස - දිව්‍ය වර්ෂ 1000කි.(මනුෂ්‍ය වර්ෂ 3,60,00000)

යාම - දිව්‍ය වර්ෂ 2000කි. (මනුෂ්‍ය වර්ෂ 14,40,00000)

තුසිත - දිව්‍ය වර්ෂ 4000කි.(මනුෂ්‍ය වර්ෂ 57,60,00000)

නිම්මාණරති - දිව්‍ය වර්ෂ 8000කි. (මනුෂ්‍ය වර්ෂ 230,40,00000)

පරිනිම්මිත වසවත්ති - දිව්‍ය වර්ෂ 16000ති. (මනුෂ්‍ය වර්ෂ 921,60,00000)

රූප භූමි දහසය

මේවා රූපාවචර බ්‍රහ්ම ලෝක යනුවෙන්ද හදුන්වයි.(පුණ්‍යාභි සංස්කාරමය)මෙහිදි පඨම,ද්විතීය,තෘතික,චතුත්ථ යන රූප ලෝකවල උපදින්නේ ධ්‍යාන වැඩූවන්ය.ඉතිරි පඥචම ධ්‍යාන භූමි පසෙහි (ශුද්ධාවාස රූප භූම් පසෙහි)උපදින්නේ අනාගාමී වූ උත්තමයන්ය.අනික් කරුණ නම් ශුද්ධාවාස බ්‍රහ්ම තල හැර අනිකුත් ධ්‍යාන තළ පරීත්ත,මධ්‍යම,ප්‍රණීත යනුවෙන් කොටස්වලට බෙදේ. ප්‍රථම ධ්‍යාන භූමිවල වල පළමු තළය වන බ්‍රහ්මපාරිසජ්ජය, පරනිම්මිත වසවර්තියට වඩා යොදුන් 5508000 ඉහලින් පිහිටා ඇත.අනිකුත් සියලු බ්‍රහ්ම ලෝකද ඒ ඒ තල වලට ඉහළින් පිහිටා ඇත්තේ ඒ දුර ප්‍රමාණය සහිතවමය.

දැන් රූප ලෝක එකිනෙකෙහි ආයුෂ විමසා බලමු.

බ්‍රහ්මපාරිසජ්ජ - අසංඛ්‍ය කල්ප 1/3

බ්‍රහ්මපුරෝහිත - අසංඛ්‍ය කල්ප 1/2

මහා බ්‍රහ්ම - අසංඛ්‍ය කල්ප 1

පරිත්තාභ - මහා කල්ප 2

අප්පමාණභ - මහා කල්ප 4

ආභස්සර - මහා කල්ප 8 (මෙම බඹ ලොවෙන් පහළ 7 වරක් ගින්නෙන් විනාශ වේ.පහළ යනු පෙර සදහන් කල ඒවාය)

පරිත්ත සුභ - මහා කල්ප 16

අප්පමාණ සුභ - මහා කල්ප 32

සුභකිණ්න - මහා කල්ප 64 (8 වෙනි වර ජලයෙන් මෙම බඹ ලොවෙන් පහළ විනාශ වේ)

වෙහප්ඵල - මහා කල්ප 500 (64 වෙනි වර මෙම ලොවින් පහළ සුළගින් විනාශ වේ)

අසඤ්ඤසත්ත - මහා කල්ප 500 (*මෙය ඒක වෝකාර භූමියක් හෙවත් එක් ස්කන්ධයක් පමණක් ඇති ලොවකි)

ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක

අවීහ(ශ්‍රද්ධාදිකයෝ) - මහා කල්ප 1000

අතප්ප (වීර්යාදිකයෝ) - මහා කල්ප 2000

සුදස්ස (ස්මෘත්‍යාධිකයෝ) - මහා කල්ප 4000

සුදස්සී (සමාධි අධිකයෝ) - මහා කල්ප 8000

අකනිට්ඨ (ප්‍රඥාධිකයෝ) - මහා කල්ප 16000 (බොහෝ බුද්ධ දේශනා ශ්‍රවණය කොට මෙම අකනිටා බඹ ලොව

දක්වාම සියලුම දෙවියන් සාධුකාර දෙන බව ධර්මයෙහි ඇතැම් දේශනා වලින් ප්‍රකට වේ.නමුත් එක් බුදුවරයෙකුගේ ආඥා

චක්‍රය අප මේ කතාකරමින් සිටින සක්වල කෝටි ලක්ෂයක් පුරා පැතිර ඇත)

අරූප ලෝක

ආනෙඤ්ජාභි සංස්කාර හෙවත් අරූප ධ්‍යාන වැඩූ භාවනා කුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී.අරූප බ්‍රහ්ම තල 4කි.මේවා චතුවෝකාර භූමි ලෙස හදුන්වයි.(ඇත්තේ ස්කන්ධ 4කි).අකනිට්ඨක රූප බඹ ලොවට යොදුන් 5508000 ක් ඉහළින් මෙහි පළමු අරූප ලෝකයවනආකාසානඤ්චායතනය පිහිටා ඇත.ඉන්පසු යොදුන් 5508000 බැගින් ඉහළට වන විට අනෙකුත් බඹ ලෝක හමුවේ.අපේ සක්වලෙහි ඉහලින්ම ඇත්තේ නේවසඤ්ඤානාසඤ්ඤයතන නම් අරූප ලොවයි.

දැන් මේ එක් එක් අරූප ලෝකයන්හි ආයුෂ විමසා බලමු.

ආකාසානඤ්චායතනය - මහා කල්ප 20000

විඤ්ඤාණඤ්චායතන - මහා කල්ප 40000

ආකිඤ්චඤ්ඤායතන - මහා කල්ප මහා කල්ප 60000

නේවසඤ්ඤානාසඤ්ඤයතන - මහා කල්ප 84000

එක් සක්වලක ඇත්තේ පෙර පැහැදිලි කල තල 31ක ප්‍රමාණය පමණි.

දැන් ඒ ඒ විශේෂිත ලෝකයන්හි කෙටි අර්ථ දැක්විමකට යොමු වෙමු.

1.අපාය භූමි - පුණ්‍ය සම්මත අය කෙරෙන් ඉවත් වූයේ යන අර්ථයෙන් අපාය නම් වේ.

2.සුගති - අනේකවිධ සැපත් ඇතිව යා යුතු ,ඉපදිය යුතු තැන සුගතියයි.

3.තිරිසන් - සැපයට හරස් වූ තැන බැවින්ද,සැම ඉරියව්වක්ම හරහට පැවතෙන බැවින්ද තිරිසන් නම් වේ.

4.මනුෂ්‍ය - ස්මෘතිය,ශූර භාවය,බ්‍රහ්මචර්යාවට සුදුසු බව ආදි ගුණයෙන් උසස් මනසක් ඇති බැවින්ද මනුෂ්‍ය නම් වේ.

5.චාතුර්මහා රාජිකය - සතරවරම් දෙවිවරුන්ගේ වාසස්ථාන භූමිය වූ බැවින්

6.තාවතිංස - මඝ මානවක තුමා සමග කුසල් රැස්කල තෙතිස් දෙනා උපන් භූමිය (ශක්‍ර භූමිය)

7.යාම - දුකින් ඉවත් වූවෝ යන අර්ථයෙන්

8.තුසිත - ස්වකිය සැප සම්පත් වලින් තුෂ්ඨිමක් වූවෝ යන අර්ථයෙන්

9.නිම්මාණරති - තමන් මවාගත් සම්පත්තියෙන් සතුටු වන ඇලුම් කරන යන අර්ථයෙන්

10.පරිනිම්මිත වසවත්ති - අනුන් මවා දෙන සම්පත් විදින

11.බ්‍රහ්මපාරිසජ්ජ - මහා බ්‍රහ්මයන්ගේ පිරිවර වසන

12.බ්‍රහ්මපුරෝහිත - මහා බ්‍රහ්මයන්ගේ පුරෝහිත ස්ථාන

13.මහා බ්‍රහ්ම - ප්‍රථම ධ්‍යානාදී ගුණ ප්‍රණීත ලෙස වැඩුනු බැවින්

14.පරිත්තාභ - ආභස්සර බහ්මයන්ට වඩා අඩු ආලෝක ඇති බැවින්

15.අප්පමාණභ - පරිත්තාභ බ්‍රහ්මයන්ට වඩා අප්‍රමාණ ආලෝක ඇති බැවින්

16.ආභස්සර - හාත්පස නිරතුරුවම විහිදෙන ආලෝක ඇති බැවින්

17.පරිත්ත සුභ - ඒක ඝන වූ ආලෝක උපරිතල බ්‍රහ්මයන්ට වඩා අඩු බැවින්

18.අප්පමාණ සුභ - පර්ත්තාභ සුභ වාසීන්ට වඩා ඒක ඝන ආලෝක ඇති බැවින්

19.සුභකිණ්හක - ශරීරාලෝකයෙන් අතිශයින් අකීර්ණක බැවින්

20.වෙහප්ඵල - විපුල වූ ධ්‍යනානිශංස ඇති බැවින්

21.අසඤ්ඤසත්ත - සංඥා විරාග භාවනාවෙන් නිරුද්ධ වූ චිත්ත සන්තාන ඇති බැවින්

22.සුද්ධාවාස - අනාගාමී ශුද්ධවන්තයින්ගේ වාසස්ථාන භූමි වූ බැවින්

23.අවීයහ - සුලු කලකින් ස්ථාන අත් නොහරින බැවින්

24.අතප්ප - තැවීම් කිසිත් නැති බැවින්

25.සුදස්ස - පරම සුන්දර සැප ඇති බැවින්

26.සුදස්සී - අතිශයින් පිරිසිදු දැකිම් ඇති බැවින්

27.අකනිට්ඨ - කිසිවෙකුට කනිටු නොවන බැවින්

සක්වල දෙස බැලූ කල අප සිටින තැන පියවි ඇසටවත් නොපෙනෙන තරමි.නමුත් අප මෙි මිනිසත් බවයක ඉපිද කරන්නේ මොනවාද.කෙලවරක් නැති ආශාවන් ගොඩගසමින් කෙලවරක් නැති සසරේ ඉපැදෙමින් මැරෙමින් ගමන් කරනවා.දැන්ම සසරේ භයානක බව දැක නිවන සොයා යමු

https://pitaka.lk/books/karma-vipaka/3-1.html

[QUOTE="asliyanage, post: 25939136, member: 8764"] [URL='https://dhamma.ifbcnet.org/%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA-%E0%B7%84%E0%B6%AF%E0%B7%94/']https://dhamma.ifbcnet.org/සක්වල-විස්තරය-විභංගය-හදු/[/URL] සක්වල විස්තරය.....(සක්වල විභංගය) == බුදුදහම පවතින කලක පමණක් අසන්නට ලැබෙන මේ විස්තරය ඉතා ගෞරවයෙන් පරිශීලනය කරන්න මුලින්ම ඔබ යොදුන පිළිබද අවබෝධයක් ලබා සිටිය යුතුය. වියත් 2 = රියන් 1 රියන් 7 = යෂ්ඨි 1 යෂ්ඨි 20 = ඉස්බ 1 ඉස්බ 80 = ගවු 1 ගවු 4 = යොදුන් 1 මිනිසාගේ ආයුෂය - මිනිසාගේ ආයුෂය නියමයක් නැත්තේය.ඒ ඒ කාල පරිච්ඡේද තුළ වෙනස් වේ.මිනිසාගේ ආයුෂය දස වර්ෂයේ පටන් අසංඛ්යෙ (ගැනිය නොහැකි සංඛ්‍යාවක්)දක්වා වැඩිවී නැවත දසවර්ෂය තෙක් පිරිහීමට ගතවන කාලය අන්තංකල්ප නම් වේ. සැලකිය යුතුය - සතර අපායික සත්වයින්ගේ ආයු ප්‍රමාණ නියමයක් නැත.නරකයේ උපන් සත්වයින්ට කර්මයේ ප්‍රමාණය ආයු ප්‍රමාණය වේ.සෙසු අපායික සත්වයිනටද එසේමය.බූමාටු දෙවියන්ටද කර්මය අනුව ආයුෂය ප්‍රමාණ වේ.එහෙත් සමහර බූමාටු දෙවියන් සතියක්,අඩමසක්,මාසයක් ඇතැම්හු කල්පයක්ද සිටින්නාහ. බඹ තලයේ සිට මනුලොවට දුර උපමා කොට දැක්වීම - අනුරපුර ලෝහ ප්‍රසාදය තරම් ශෛලමය පර්වතයක් පළමු බඹ තලයේ සිට මහපොළොවට හෙළන ලද්දේ නම් සතර මාසයකින් මිහිපිට පතිත වන බව දැක්වේ. මහ පොළොවේ පිහිටීම - මනුෂ්‍ය,ප්‍රේත,අසුර,තිරිසන් හා අපායගාමීන්ගේ වාසස්ථානය මහ පොලොව ඝනයෙන් යොදුන් 240000 කි.මෙය 480000ක් යොදුන් ජල පොළොවෙන් උසුළා සිටී.මෙම ජල පොලොව යොදුන් 960000 ක් ඝන වා පොලොවෙන් උසුලා සිටී.ඒ වාතය උසුලා සිටින අජටාකාෂය අනන්ත අපරියන්තයි. තල එකිනෙක පිළිබද විස්කරය මෙතැන් සිට.... මෙම සක්වල කොටස් 3කට බෙදිය හැක.ඒ නම් කාම ලෝක,රූප ලෝක සහ අරූප ලෝකයි.කාම ලෝක 11 ක්ද රූප ලෝක 16 ක්ද,අරූප ලෝක 4 ක්ද මේ සක්වල තුළ පිහිටා ඇත.මෙයින් කාම හා රූප යන ලෝකවල පඤ්චස්කන්ධය පවතී*. බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි. කාම ලෝක කියන්නෙ මේවා. ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04) මනුෂ්‍ය භූමියයි, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් දෙවි ලෝක හයයි.සියලුම සුගති භූමි (07)කි. රූප ලෝක කියන්නෙ මේවා. බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.පරිත්තාභ, අප්පමාණභ, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි. පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි. වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි. අරූප ලෝක කියන්නෙ මේවා. ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි. දැන් එකිනෙක විස්තර කර ගනිමු. දුගති භූමි 4 (සතර අපාය)- දස අකුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී(අපුණ්‍යාභි සංස්කාර).මුලින් කීවා සේම මොවුන්ගේ ආයුෂ කර්මය වේ.මෙහි ප්‍රේත,අසුර,තිරිසන් කියන අපායවල් ඇත්තේ මේ මනුස්සයන් ජීවත් වන තලයේමය.තිරිසනුන් හා බොහෝ ප්‍රේතයන් ගොඩබිම ඇසුරු කරමින්ද අසුරයන් මහමුහුද ඇසුරු කරමින්ද වාසය කරයි.නමුත් මෙහි විශේෂිතම අපාය වන්නේ නිරයයි.ප්‍රධාන නරකයන් 8කි.සංජීවය,කාල සූත්‍රය,සංඝාතය,රෞරවය,මහා රෞරවය,තාපය, ප්රතාපය,අවීචිය යනු ඒවාය.ඒ සෑම නිරයක්ම වටා ඔසුපත් නිරයන් 16 බැගින් නිරයන් 128 පිහිටා ඇත.එවිට සියලුම නිරයන් ගණන 136ක් වේ.නරකයන් අතරින් පළමු නරකය වන සංජිවය පිහිටා ඇත්තේ මනුෂ්‍ය තලයේ සිට යොදුන් 15000 ක් පහළිනි.ඉන්පසු පවතින අනිකුත් නරකයන්ද එකිනෙකට යොදුන් 15000ක් පහළින් පහළට පිහිටා ඇත. සුගති භුමි 7 = දිව්‍ය ලෝක 6 + මනුෂ්‍ය භූමිය මේ සුගති භූමි වල උපදින්නේ දස කුසල කර්ම විපාක තුළිනි(පුණ්‍යාභි සංස්කාර).අප මුලින්ම කීවා සේ මනුෂ්‍යයාගේ ආයුෂ නම් දස වර්ෂයේ සිට අසංඛ්‍යෙය දක්වා වේ.දිව්‍ය ලෝක සයෙහි මුල්ම දෙව් ලොව පිහිටා ඇත්තේ (චාතුර්මහා රාජිකය)මනුෂ්‍ය තලයට වඩා යොදුන් 42000 ක් ඉහළිනි.ඉන්පසු පවතින අනික් දිව්‍ය ලෝකය පිහිටා ඇත්තේ ඊටත් යොදුන් 42000ක් ඉහලිනි.එසේ සියලුම දිව්‍ය ලෝක එම දුර ප්‍රමාණයම සහිතව පිහිටා ඇත. දැන් එකින් එක දිව්‍ය ලෝක වල ආයුෂ විමසා බලමු. චාතුර්මහා රාජිකය - දිව්‍ය වර්ෂ 500කි.(මනුෂ්‍ය වර්ෂ 90,00000) තාවතිංස - දිව්‍ය වර්ෂ 1000කි.(මනුෂ්‍ය වර්ෂ 3,60,00000) යාම - දිව්‍ය වර්ෂ 2000කි. (මනුෂ්‍ය වර්ෂ 14,40,00000) තුසිත - දිව්‍ය වර්ෂ 4000කි.(මනුෂ්‍ය වර්ෂ 57,60,00000) නිම්මාණරති - දිව්‍ය වර්ෂ 8000කි. (මනුෂ්‍ය වර්ෂ 230,40,00000) පරිනිම්මිත වසවත්ති - දිව්‍ය වර්ෂ 16000ති. (මනුෂ්‍ය වර්ෂ 921,60,00000) රූප භූමි දහසය මේවා රූපාවචර බ්‍රහ්ම ලෝක යනුවෙන්ද හදුන්වයි.(පුණ්‍යාභි සංස්කාරමය)මෙහිදි පඨම,ද්විතීය,තෘතික,චතුත්ථ යන රූප ලෝකවල උපදින්නේ ධ්‍යාන වැඩූවන්ය.ඉතිරි පඥචම ධ්‍යාන භූමි පසෙහි (ශුද්ධාවාස රූප භූම් පසෙහි)උපදින්නේ අනාගාමී වූ උත්තමයන්ය.අනික් කරුණ නම් ශුද්ධාවාස බ්‍රහ්ම තල හැර අනිකුත් ධ්‍යාන තළ පරීත්ත,මධ්‍යම,ප්‍රණීත යනුවෙන් කොටස්වලට බෙදේ. ප්‍රථම ධ්‍යාන භූමිවල වල පළමු තළය වන බ්‍රහ්මපාරිසජ්ජය, පරනිම්මිත වසවර්තියට වඩා යොදුන් 5508000 ඉහලින් පිහිටා ඇත.අනිකුත් සියලු බ්‍රහ්ම ලෝකද ඒ ඒ තල වලට ඉහළින් පිහිටා ඇත්තේ ඒ දුර ප්‍රමාණය සහිතවමය. දැන් රූප ලෝක එකිනෙකෙහි ආයුෂ විමසා බලමු. බ්‍රහ්මපාරිසජ්ජ - අසංඛ්‍ය කල්ප 1/3 බ්‍රහ්මපුරෝහිත - අසංඛ්‍ය කල්ප 1/2 මහා බ්‍රහ්ම - අසංඛ්‍ය කල්ප 1 පරිත්තාභ - මහා කල්ප 2 අප්පමාණභ - මහා කල්ප 4 ආභස්සර - මහා කල්ප 8 (මෙම බඹ ලොවෙන් පහළ 7 වරක් ගින්නෙන් විනාශ වේ.පහළ යනු පෙර සදහන් කල ඒවාය) පරිත්ත සුභ - මහා කල්ප 16 අප්පමාණ සුභ - මහා කල්ප 32 සුභකිණ්න - මහා කල්ප 64 (8 වෙනි වර ජලයෙන් මෙම බඹ ලොවෙන් පහළ විනාශ වේ) වෙහප්ඵල - මහා කල්ප 500 (64 වෙනි වර මෙම ලොවින් පහළ සුළගින් විනාශ වේ) අසඤ්ඤසත්ත - මහා කල්ප 500 (*මෙය ඒක වෝකාර භූමියක් හෙවත් එක් ස්කන්ධයක් පමණක් ඇති ලොවකි) ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක අවීහ(ශ්‍රද්ධාදිකයෝ) - මහා කල්ප 1000 අතප්ප (වීර්යාදිකයෝ) - මහා කල්ප 2000 සුදස්ස (ස්මෘත්‍යාධිකයෝ) - මහා කල්ප 4000 සුදස්සී (සමාධි අධිකයෝ) - මහා කල්ප 8000 අකනිට්ඨ (ප්‍රඥාධිකයෝ) - මහා කල්ප 16000 (බොහෝ බුද්ධ දේශනා ශ්‍රවණය කොට මෙම අකනිටා බඹ ලොව දක්වාම සියලුම දෙවියන් සාධුකාර දෙන බව ධර්මයෙහි ඇතැම් දේශනා වලින් ප්‍රකට වේ.නමුත් එක් බුදුවරයෙකුගේ ආඥා චක්‍රය අප මේ කතාකරමින් සිටින සක්වල කෝටි ලක්ෂයක් පුරා පැතිර ඇත) අරූප ලෝක ආනෙඤ්ජාභි සංස්කාර හෙවත් අරූප ධ්‍යාන වැඩූ භාවනා කුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී.අරූප බ්‍රහ්ම තල 4කි.මේවා චතුවෝකාර භූමි ලෙස හදුන්වයි.(ඇත්තේ ස්කන්ධ 4කි).අකනිට්ඨක රූප බඹ ලොවට යොදුන් 5508000 ක් ඉහළින් මෙහි පළමු අරූප ලෝකයවනආකාසානඤ්චායතනය පිහිටා ඇත.ඉන්පසු යොදුන් 5508000 බැගින් ඉහළට වන විට අනෙකුත් බඹ ලෝක හමුවේ.අපේ සක්වලෙහි ඉහලින්ම ඇත්තේ නේවසඤ්ඤානාසඤ්ඤයතන නම් අරූප ලොවයි. දැන් මේ එක් එක් අරූප ලෝකයන්හි ආයුෂ විමසා බලමු. ආකාසානඤ්චායතනය - මහා කල්ප 20000 විඤ්ඤාණඤ්චායතන - මහා කල්ප 40000 ආකිඤ්චඤ්ඤායතන - මහා කල්ප මහා කල්ප 60000 නේවසඤ්ඤානාසඤ්ඤයතන - මහා කල්ප 84000 එක් සක්වලක ඇත්තේ පෙර පැහැදිලි කල තල 31ක ප්‍රමාණය පමණි. දැන් ඒ ඒ විශේෂිත ලෝකයන්හි කෙටි අර්ථ දැක්විමකට යොමු වෙමු. 1.අපාය භූමි - පුණ්‍ය සම්මත අය කෙරෙන් ඉවත් වූයේ යන අර්ථයෙන් අපාය නම් වේ. 2.සුගති - අනේකවිධ සැපත් ඇතිව යා යුතු ,ඉපදිය යුතු තැන සුගතියයි. 3.තිරිසන් - සැපයට හරස් වූ තැන බැවින්ද,සැම ඉරියව්වක්ම හරහට පැවතෙන බැවින්ද තිරිසන් නම් වේ. 4.මනුෂ්‍ය - ස්මෘතිය,ශූර භාවය,බ්‍රහ්මචර්යාවට සුදුසු බව ආදි ගුණයෙන් උසස් මනසක් ඇති බැවින්ද මනුෂ්‍ය නම් වේ. 5.චාතුර්මහා රාජිකය - සතරවරම් දෙවිවරුන්ගේ වාසස්ථාන භූමිය වූ බැවින් 6.තාවතිංස - මඝ මානවක තුමා සමග කුසල් රැස්කල තෙතිස් දෙනා උපන් භූමිය (ශක්‍ර භූමිය) 7.යාම - දුකින් ඉවත් වූවෝ යන අර්ථයෙන් 8.තුසිත - ස්වකිය සැප සම්පත් වලින් තුෂ්ඨිමක් වූවෝ යන අර්ථයෙන් 9.නිම්මාණරති - තමන් මවාගත් සම්පත්තියෙන් සතුටු වන ඇලුම් කරන යන අර්ථයෙන් 10.පරිනිම්මිත වසවත්ති - අනුන් මවා දෙන සම්පත් විදින 11.බ්‍රහ්මපාරිසජ්ජ - මහා බ්‍රහ්මයන්ගේ පිරිවර වසන 12.බ්‍රහ්මපුරෝහිත - මහා බ්‍රහ්මයන්ගේ පුරෝහිත ස්ථාන 13.මහා බ්‍රහ්ම - ප්‍රථම ධ්‍යානාදී ගුණ ප්‍රණීත ලෙස වැඩුනු බැවින් 14.පරිත්තාභ - ආභස්සර බහ්මයන්ට වඩා අඩු ආලෝක ඇති බැවින් 15.අප්පමාණභ - පරිත්තාභ බ්‍රහ්මයන්ට වඩා අප්‍රමාණ ආලෝක ඇති බැවින් 16.ආභස්සර - හාත්පස නිරතුරුවම විහිදෙන ආලෝක ඇති බැවින් 17.පරිත්ත සුභ - ඒක ඝන වූ ආලෝක උපරිතල බ්‍රහ්මයන්ට වඩා අඩු බැවින් 18.අප්පමාණ සුභ - පර්ත්තාභ සුභ වාසීන්ට වඩා ඒක ඝන ආලෝක ඇති බැවින් 19.සුභකිණ්හක - ශරීරාලෝකයෙන් අතිශයින් අකීර්ණක බැවින් 20.වෙහප්ඵල - විපුල වූ ධ්‍යනානිශංස ඇති බැවින් 21.අසඤ්ඤසත්ත - සංඥා විරාග භාවනාවෙන් නිරුද්ධ වූ චිත්ත සන්තාන ඇති බැවින් 22.සුද්ධාවාස - අනාගාමී ශුද්ධවන්තයින්ගේ වාසස්ථාන භූමි වූ බැවින් 23.අවීයහ - සුලු කලකින් ස්ථාන අත් නොහරින බැවින් 24.අතප්ප - තැවීම් කිසිත් නැති බැවින් 25.සුදස්ස - පරම සුන්දර සැප ඇති බැවින් 26.සුදස්සී - අතිශයින් පිරිසිදු දැකිම් ඇති බැවින් 27.අකනිට්ඨ - කිසිවෙකුට කනිටු නොවන බැවින් සක්වල දෙස බැලූ කල අප සිටින තැන පියවි ඇසටවත් නොපෙනෙන තරමි.නමුත් අප මෙි මිනිසත් බවයක ඉපිද කරන්නේ මොනවාද.කෙලවරක් නැති ආශාවන් ගොඩගසමින් කෙලවරක් නැති සසරේ ඉපැදෙමින් මැරෙමින් ගමන් කරනවා.දැන්ම සසරේ භයානක බව දැක නිවන සොයා යමු [URL]https://pitaka.lk/books/karma-vipaka/3-1.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom