Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අන්තරේ සැබෑ මෘග මුහුණ එළියට.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Final Update.

සරසවි සිසුන් එක් වී නිවාස කුලියට ගෙන එහි දී නවක සිසුන් අමානුෂික අයුරින් නවක වධයට පත් කිරීම් පිළිබඳ විටින් විට වාර්තා වුවත් ඒවා සාක්ෂි සහිතව තහවුරු කර ගැනීමට කිසිවකුටත් නොහැකි විණි. දොළුව මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ නිවසක කෘෂි පීඨයේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවක වධය දෙන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක ආචාර්ය ගාමීණී හිටිනායක මහතාට පසුගිය 20 දා රාත්‍රීයේ තොරතුරක් ලැබී ඇත්තේ මෙවැනි පසුබිමකය. තොරතුර පිටස්තරයන් අතට පත්වීම වළක්වා ගැනීම මෙහි දී ඉතා වැදගත් බව අත්දැකීමෙන් තේරුම්ගත් හිටිනායක මහතා මේ බව කෘෂි පීඨාධිපති මහාචාර්ය ගාමීණී පුෂ්පකුමාර මහතාට දැනුම් දී විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයේ ද සහාය ඇතිව අදාළ නිවස වැටලීමට වැඩපිළිවෙළක් සකස් කළේය. රාත්‍රී 9.00 ට පමණ ක්‍රියාත්මකවූ වැටලීම සම්බන්ධව පේරාදෙණිය පොලීසිය දැනුවත් කළත් ඊට පොලීසියේ සහාය නොලැබුණ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.

අදාළ වැටලීමට එක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඩිනාල් රත්නායක මහතා වැටලීම සිදුකළ ආකාරය මෙසේ විස්තර කළේය.

'විශ්වවිද්‍යාලයෙන් පිටත කුලියට ගත් නිවාසවලට අලුත් ළමයින් අරන් ගිහින් නවක වධය දෙනවා කියන එක දැන් කාලයක පටන් විශ්වවිද්‍යාලය තුළ කතාබහ කෙරෙන මාතෘකාවක්. ඒ ගැන ආචාර්යවරුන් වගේම අපත් සූක්ෂමව විමර්ශනය කළා. ශිෂ්‍යයෝ මේ ගැන තොරතුරු හෙළි කළේ නැහැ. අලුත් අයට තොරතුරු පිටට දෙන්න එපා කියලා නවක වධය දෙන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ තර්ජනය කරනවා. බයට කවුරුත් මොනවත් කියන්නේ නැහැ. මේ ගෙදර ගැන දවස් ගාණක ඉඳලා විමසිල්ලෙන් හිටියා. ඉරිදා රූ 10.30 ට විතර වාහන තුනකින් අදාළ ස්ථානයට යන්න පිටත් වුණා. පෞද්ගලික නිවසක වෙන නිසා පොලීසියේ සහාය අපේක්ෂා කළත් ඒ සහාය පොලීසිය අපට ලබා දුන්නේ නැහැ. අපි ආරක්ෂක අංශයේ 12 දෙනක් විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ යුනිෆෝම් එක ඇඳලා තමයි වැටලීමට ගියේ. සිසුන් කිසිවකුටත් අනතුරක් නොවන ආකාරයෙන් ඔවුන් අල්ලා ගැනීම ඉතාම වැදගත් වුණා. දුවන්නට ගිහින් හෝ ශිෂ්‍යයෙක් වැටිලා තුවාල වුණා නම් අපේ වැඩ සම්පූර්ණයෙන් අසාර්ථක වෙනවා. එහෙම වුණා නම් වැරදිකරුවන් නිවැරදි වෙලා අපි වැරදි කාරයෝ වෙන්න ඉඩ තිබුණා.'

රෑ 11.00 ට විතර මේ නිවස කිට්ටුව පන්සල ළඟ වාහන නතර කරලා අපි පයින්ම ඒ තැනට ගියා. ගෙදර ඇතුළේ ලයිට් දාලා තිබුණේ. ගෙදරට පාරවල් දෙකකින් යන්න පුළුවන්. කට්ටිය දෙකට බෙදිලා පාරවල් දෙකෙන්ම ගියා. ගේ ගාවට යත්දී ඇතුළේ කට්ටිය කුණු හරුපෙන් බණින සද්දේ ඇහුණා. කවුරුත් ආවොත් දැනුම් දෙන්න ඔත්තු කරුවෙක් විදිහට ශිෂ්‍යයෙක් දොර ළඟ යොදවලා හිටයත් අපි යනකොට එයාට හොඳට නින්ද ගිහින්. මිනිහා ඇහැරලා හිටියා නම් වැඩේ අවුල් වෙන්නත් තිබුණා. ජනෙල්වලට දාලා තිබ්බ තිර රෙදිවලින් විනිවිද පේන නිසා අපි කිසි ශබ්දයක් නැතුව ඇතුළේ වෙන දේ විනාඩි 20 ක් විතර බැලුවා. අලුත් ළමයින් හැමෝම හිටියේ ඇඳුම් නැතුව. හාවෝ පනින්න, උඩ පනින්න කියලා ජ්‍යෙෂ්ඨයෝ පොලු අරන් ඒ අයට තර්ජනය කරනවා. ළමයි කිහිපදෙනෙක් ඇඳුම් නැතුව ගේ ඇතුළේ හාවා පනිනවා. තවත් කාමරයක ළමයි කිහිප දෙනෙකුට වද දෙන හඬ ඇහුණා. නිවසේ පැති ජනේලයකින් හිටිනායක සර් ඇතුළේ වෙනදේ බලා ගත්තා. ගේ වටකරලා මායි හිටිනායක සර්රුයි ඉස්සර දොර එකපාරටම ඇරගෙන ගෙට ඇතුළු වුණා. දොර ලොක් කරලා නෙවෙයි තිබ්බේ. එක ශිෂ්‍යයෙක් දුවපියව් කියලා කෑගහගෙන ගෙදරන් එළියට පනින්න උත්සාහ කළා. පිටි පස්සේ දොරෙන් යන්න ගිය ළමයින්ව ආරක්ෂක අංශයේ අය අල්ලා ගත්තා. එක ළමයෙක් කුස්සියේ ළිප් බොක්කේ නිරුවතින් නිදිකරලා හිටියා. අලුත් ළමයින්ගේ ශරීරයේ රෝම කූප කපලා බිම දාලා තිබුණා. පොලීසියට සිද්ධිය කියලා එන්න කිව්වා.

නවක වධයට ලක්ව අසීරුතාවෙන් සිටි සිසු පිරිස විශ්වවිද්‍යාල වාහනයෙන් ම පේරාදෙණිය රෝහලට ඇතුළත් කළා.'

මෙතෙක් කල් රහසක්ව පැවැති විශ්වවිද්‍යාල සිසුන්ගේ වධකාගාරයක් බඳු නවක වධ තිප්පොළ පිළිබඳ විමර්ශනය කිරීමේදී හෙළිවී ඇත්තේ එය ගලහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ කනිෂ්ඨ සේවකයකුට අයත් නිවසක් බවයි. ගෙහිමියා ගෙන් මාසිකව රුපියල් දස දහසක කුලියකට මාස තුනක කාලයක් සඳහා තවමත් වැඩ නිමකර නොමැති මෙම නිවස සිසුන් ලබාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මස 2වැනි දිනය. එදින සිට නවක සිසුන් වරින් වර මෙම ස්ථානයට ගෙනවිත් වධ හිංසා පමුණුවා ඇති බවට පොලීසියේ මෙන්ම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ද සැක පහළ කරන අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ මෙයට පෙර නවක වධය හේතුවෙන් මරණ දෙකක් සිදුව තිබේ. ඉන් පළමු වැන්න මෙම සිද්ධියේ සැකකාර සිසුන් අධ්‍යාපනය ලබන කෘෂී පීඨයේ ම වීම විශේෂත්වයකි. රූපා රත්නශීලී සිසුවිය වර්ෂ 1975 දී කෘෂී පීඨයට ඇතුළත් වූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ අමානුෂික නවක වධය ඉවසා ගත නොහැකිව රාමනාදන් ශාලාවේ දෙවන මහලින් බිමට පැන්නාය. ඉන් ඇය මරණයෙන් ගැලවුණත් ඇගේ පාදවලට බරපතළ හානි සිදුවිය. එවකට 22 වැනි වියේ පසුවූ රූපා ඉන් වසර 22කට පසු 1997 වසරේ දී සියදිවි හානි කරගනු ලැබුවේ පාද වලට සිදුව තිබූ හානිය නිසාම ඇතිවූ සිත්තැවුල විඳ දරා ගැනීමට නොහැකිවය. විශ්වවිද්‍යාලයේ ඉංජිනේරූ පීඨයට 1997 වසරේදී ඇතුළත්වූ එස්. වරප්රකාශන්ට අකුරක් හෝ ඉගෙන ගන්නට නොදී මරණය උරුම කරදීමට එම පීඨයේම සිසු පිරිසක් කටයුතු කළේ අමානුෂික නවක වධයට මුවාවෙමිනි. වකුගඩු අක්‍රීය වීමෙන් වරප්රකාශ 21වැනි වියේදී මෙලොව අතහැර ගියේ ඔහුගේ ද මව්පියන්ගේද ඉංජිනේරු සිහිනය බොඳ කරමිනි.

ඉන්පසු තවත් සිදුවීම් නවක වධ සිදුවීම් ගණනාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළින් වාර්තාවී ශිෂ්‍යන්ගේ පන්ති තහනම් වීම් වාර්තා වුවත් වඩා බැරෑරුම් හා සමාජ අවධානය වැඩියෙන්ම යොමුවූයේ මෙම සිදුවීම සම්බන්ධවය.

* අාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා මේ සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.

'මෙම සිදුවීම තුළ අපරාධය, වධ හිංසාව හා මානව හිමිකම් උල්ලංඝනය වීම යන කරුණු තුනම පවතිනවා. සරසවි සිසුන් තවත් අයෙකුගේ ජීවත් වීමේ අයිතිය නොපිළිගනිමින් ම්ලේච්ඡත්වයට ද මේ ගමන් කරන්නේ කියන සැකය මෙවැනි සිදුවීම් තුළින් සමාජයේ ඇති වෙනවා. විශ්වවිද්‍යාලවල සිසුන්ට වහාම උපදේශන සේවාවාක් අවශ්‍යයි. විශේෂයෙන්ම දෙවන වසරේ සිසුන්ට. අපරාධ නීතිය, වධ හිංසා වැළැක්වීමේ පනත විශ්වවිද්‍යාල සිසුන්ට අවබෝධ කර දෙන්න ඕන. ලංකාවේ නීතියෙන් තහනම් කරපු සිර දඬුවමකට පවා යටත් කළ හැකි වැරදි මේ ළමයි කරන්නේ. මේවාහි බරපතළකම ඔවුන් දැනගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා.'

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් සිසුන් 15 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 02වැනි දින දකවා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ ඔවුන්ට ඇප ලබා දීම සඳහා කළ ඉල්ලීමද සලකා නොබලමිනි. විශ්වවිද්‍යාලය ද මේ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක පිහිටා සිට ඔවුන් සියලු දෙනාගේ පන්ති තහනම් කිරීමට පියවර ගත්තේය. වෙනදා මෙවැනි සිදුවීම්වලදී සිසු අයිතිය වෙනුවෙන් හඩ නඟන මහ ශිෂ්‍ය සංගමය මෙහිදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලබන්නේ අදාළ නිවස වටලා සැකකාර සිසුන් පොලීසියට බාර දීමට පෙර ඔවුන් කළ ක්‍රියාවන්ගේ බරපතළ කම මහ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන්ට ද සියැසින් දැක ගැනීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කර තිබීම හේතුවෙනි.

* මේ සම්බන්ධව අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා.

'මේක ඉතාම සැලසුම් සහගතව සිදුකළ වැඩක්. සිකුරාදා ගෙවල්වලට ගිය ළමයින් ඉරිදා ආපසු එන ගමන් තමයි කෝල් කරලා අල්ලගෙන තිබෙන්නේ. මහනුවර නගරයට පැමිණි ළමයි නොයෙක් ක්‍රම මගින් මෙතන්ට ගෙනත් තිබෙනවා. නවක වධය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයෙන් දඩුවම් ලැබෙයි. ඊට අමතරව විශ්වවිද්‍යාලය මගින් විශේෂ පරීක්ෂණයක් සිදුකරනවා. මේ අයට පන්ති තහනමක් දැන් පනවා තිබෙනවා. ඒ පරීක්ෂණ අවසන් වනතෙක් පමණයි. පරීක්ෂණයේ වාර්තා අනුව සමහර විට මේ අයව විශ්ව විද්‍යාලයෙන් නෙරපන්නනත් සිදුවේවි. මේක ඉතාම බරපතළ වරදක්. විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයටත් කැලළක්.

* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක ආචාර්ය ගාමීණී හිටිනායක මහතා

'විශ්වවිද්‍යාල වල නවක වධය ලබාදෙන සිසුන් බොහෝමයක් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබ විශ්වවිද්‍යාලයට පැමිණි අයයි. මේ සිදුවීමට සම්බන්ධ සිසුනුත් එහෙමයි. දෙවන වසරේ සිසුන්ට මාර්තු මාසය වෙනතුරු නිවාඩු ලබාදී තිබියදී තමයි මේ ළමයි ගෙවල්වලට බොරු කියලා ඇවිත් මේ වැඩ කරලා තියෙන්නේ. එක පැත්තකින් වරදක් කරන අතරම අනික් පැත්තෙන් මේ අය මවුපියන්ටත් බොරු කියනවා. මේ දරුවන්ගේ මවුපියෝ විශ්වවිද්‍යාලයට ඇවිත් හඩා වැළපෙමින් කියන්නේ ඔවුන්ට මේ සිදුවීම් අදහා ගන්න බැහැ කියලා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය තදින් ක්‍රියාකරනවා. මොකද අනාගතයේ මෙවැනි වැරදි නොවෙන්න මෙහිදී ගන්න තීරණ විශාල බලපෑමක් කරනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය බවට කතිකාවක් රටේ ක්‍රියාත්මක වෙත්දී විශ්වවිද්‍යාල සිසුන් ඊට එරෙහිව හඩ නඟනවා. ඒ අතර ඔවුන් විශ්වවිද්‍යාල තුළ ප්රචණ්ඩත්වය වපුරලා මේවට එන්න ඉන්න අයත් මානසිකව වට්ටනවා. අද උසස් පෙළ ඉහළින් සමත්වන ඇතැම් දරුවන් නවක වදයට බියෙන් රජයේ විශ්වවිද්‍යාල වලට ඉල්ලුම් කරන්නේ නැහැ. තවත් පිරිසක් නවක වධය හේතුවෙන් විශ්වවිද්‍යාලය හැර යනවා.'

* මම මේ ගෙදර කැම්පස් ළමයින්ට කොහොමටවත් දෙන්නේ නැහැ. මට මේ අය කිව්වේ ගන්නෝරුව පැත්තේ නිවාස සැලසුම් ආයතනයක නිවාස සැලසුම් ශිල්පීන් ලෙස වැඩ කරනවා කියලයි. මාස තුනකට ගේ ඉල්ලුවා. මාස තුනේ සල්ලි දුන්නා. මේ වගේ වැඩකට ගේ ගත්තා කියලා මම දන්නේ නැහැ. පසුගිය කාලයේම කිසිම සැකයක් ඇතිවන විදිහට මේ අය හැසිරුණෙත් නැහැ. පොලීසියයි විශ්වවිද්‍යාලේ සර්ලයි ඇවිත් කියන කොට තමයි මම මේක දැන ගත්තේ යැයි නිවසේ හිමිකරු පැවසුවේය.

කණ්ඩායම් තුළ එකමුතු භාවය හා ජීව ගුණය ආරක්ෂා කර ගැනීම සඳහා නවකයන් පිළිගැනීමේදී සරදම් හා සමච්චල් කිරීම ග්‍රීක ක්‍රීඩා සමාජවල තිබී ඇති අතර පසුකාලීනව හමුදා පුහුණු මධ්‍යස්ථානවල මෙය තරමක් වෙනස් ස්වරූපයෙන් ක්‍රියාත්මකවී ඇත. පළමු ලෝක සංග්රමයෙන් පසු ඊට සම්බන්ධ සිටි සොල්දාදුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළුවී හමුදාවේ ලත් නවක වධ ආභාසය ඒවාට ආරෝපණය කර තිබෙන බව ඉතිහාසයේ දැක්වෙයි. කලින් කලට නොයෙක් ආකාරයෙන් වෙනස් වීම්වලට ලක්වූ නවක වධය අද මුල් අරමුණුවලින් බැහැරව උපහාසය වෙනුවට අපහාසය ද සමච්චලය වෙනුවට ප්රචණ්ඩත්වය ද කරපින්නා ගෙන මෙරට විශ්වවිද්‍යාල තුළ ද හොල්මන් කරමින් සිටියි. අද එය ශාරීරික හා ලිංගික හිංසනයන් දක්වා වර්ධනය වීම තුළින් පෙන්නුම් කරන්නේ විශ්වවිද්‍යාල සිසුවාගේ විකෘති මානසික තත්ත්වයයි. බහුතරයක් මෙම ගණයට නොවැටුණ ද සුළුතරයකගේ ක්‍රියාකාරකම් සමස්ත විශ්වවිද්‍යාල සිසු ප්‍රජාව වෙත ම අවමානයක් කැන්දා ගෙන ඒමට සමත්ව ඇත. වැරදි දැක දැක නිහඬව සිටීම වැරද්දට අනුබල දීමකි. මේ නිසා සෑම දේටම සිසුන් පාරට බස්සන මහා ශිෂ්‍ය සංගමය මෙහිදී නිහඩ පිළිවෙතක් අනුගමනය නොකර විශ්වවිද්‍යාල වලින් අමානුෂික නවක වධය පිටු දැකීමට පෙරමුණ ගන්නේ නම් එය ඔවුන්ට ද රටට ද යහපතකි.

[QUOTE="dilshan KASUNJITH, post: 21285185, member: 131139"] [b]Final Update.[/b] [SIZE="3"]සරසවි සිසුන් එක් වී නිවාස කුලියට ගෙන එහි දී නවක සිසුන් අමානුෂික අයුරින් නවක වධයට පත් කිරීම් පිළිබඳ විටින් විට වාර්තා වුවත් ඒවා සාක්ෂි සහිතව තහවුරු කර ගැනීමට කිසිවකුටත් නොහැකි විණි. දොළුව මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ නිවසක කෘෂි පීඨයේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවක වධය දෙන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක ආචාර්ය ගාමීණී හිටිනායක මහතාට පසුගිය 20 දා රාත්‍රීයේ තොරතුරක් ලැබී ඇත්තේ මෙවැනි පසුබිමකය. තොරතුර පිටස්තරයන් අතට පත්වීම වළක්වා ගැනීම මෙහි දී ඉතා වැදගත් බව අත්දැකීමෙන් තේරුම්ගත් හිටිනායක මහතා මේ බව කෘෂි පීඨාධිපති මහාචාර්ය ගාමීණී පුෂ්පකුමාර මහතාට දැනුම් දී විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයේ ද සහාය ඇතිව අදාළ නිවස වැටලීමට වැඩපිළිවෙළක් සකස් කළේය. රාත්‍රී 9.00 ට පමණ ක්‍රියාත්මකවූ වැටලීම සම්බන්ධව පේරාදෙණිය පොලීසිය දැනුවත් කළත් ඊට පොලීසියේ සහාය නොලැබුණ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි. අදාළ වැටලීමට එක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඩිනාල් රත්නායක මහතා වැටලීම සිදුකළ ආකාරය මෙසේ විස්තර කළේය. 'විශ්වවිද්‍යාලයෙන් පිටත කුලියට ගත් නිවාසවලට අලුත් ළමයින් අරන් ගිහින් නවක වධය දෙනවා කියන එක දැන් කාලයක පටන් විශ්වවිද්‍යාලය තුළ කතාබහ කෙරෙන මාතෘකාවක්. ඒ ගැන ආචාර්යවරුන් වගේම අපත් සූක්ෂමව විමර්ශනය කළා. ශිෂ්‍යයෝ මේ ගැන තොරතුරු හෙළි කළේ නැහැ. අලුත් අයට තොරතුරු පිටට දෙන්න එපා කියලා නවක වධය දෙන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ තර්ජනය කරනවා. බයට කවුරුත් මොනවත් කියන්නේ නැහැ. මේ ගෙදර ගැන දවස් ගාණක ඉඳලා විමසිල්ලෙන් හිටියා. ඉරිදා රූ 10.30 ට විතර වාහන තුනකින් අදාළ ස්ථානයට යන්න පිටත් වුණා. පෞද්ගලික නිවසක වෙන නිසා පොලීසියේ සහාය අපේක්ෂා කළත් ඒ සහාය පොලීසිය අපට ලබා දුන්නේ නැහැ. අපි ආරක්ෂක අංශයේ 12 දෙනක් විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ යුනිෆෝම් එක ඇඳලා තමයි වැටලීමට ගියේ. සිසුන් කිසිවකුටත් අනතුරක් නොවන ආකාරයෙන් ඔවුන් අල්ලා ගැනීම ඉතාම වැදගත් වුණා. දුවන්නට ගිහින් හෝ ශිෂ්‍යයෙක් වැටිලා තුවාල වුණා නම් අපේ වැඩ සම්පූර්ණයෙන් අසාර්ථක වෙනවා. එහෙම වුණා නම් වැරදිකරුවන් නිවැරදි වෙලා අපි වැරදි කාරයෝ වෙන්න ඉඩ තිබුණා.' රෑ 11.00 ට විතර මේ නිවස කිට්ටුව පන්සල ළඟ වාහන නතර කරලා අපි පයින්ම ඒ තැනට ගියා. ගෙදර ඇතුළේ ලයිට් දාලා තිබුණේ. ගෙදරට පාරවල් දෙකකින් යන්න පුළුවන්. කට්ටිය දෙකට බෙදිලා පාරවල් දෙකෙන්ම ගියා. ගේ ගාවට යත්දී ඇතුළේ කට්ටිය කුණු හරුපෙන් බණින සද්දේ ඇහුණා. කවුරුත් ආවොත් දැනුම් දෙන්න ඔත්තු කරුවෙක් විදිහට ශිෂ්‍යයෙක් දොර ළඟ යොදවලා හිටයත් අපි යනකොට එයාට හොඳට නින්ද ගිහින්. මිනිහා ඇහැරලා හිටියා නම් වැඩේ අවුල් වෙන්නත් තිබුණා. ජනෙල්වලට දාලා තිබ්බ තිර රෙදිවලින් විනිවිද පේන නිසා අපි කිසි ශබ්දයක් නැතුව ඇතුළේ වෙන දේ විනාඩි 20 ක් විතර බැලුවා. අලුත් ළමයින් හැමෝම හිටියේ ඇඳුම් නැතුව. හාවෝ පනින්න, උඩ පනින්න කියලා ජ්‍යෙෂ්ඨයෝ පොලු අරන් ඒ අයට තර්ජනය කරනවා. ළමයි කිහිපදෙනෙක් ඇඳුම් නැතුව ගේ ඇතුළේ හාවා පනිනවා. තවත් කාමරයක ළමයි කිහිප දෙනෙකුට වද දෙන හඬ ඇහුණා. නිවසේ පැති ජනේලයකින් හිටිනායක සර් ඇතුළේ වෙනදේ බලා ගත්තා. ගේ වටකරලා මායි හිටිනායක සර්රුයි ඉස්සර දොර එකපාරටම ඇරගෙන ගෙට ඇතුළු වුණා. දොර ලොක් කරලා නෙවෙයි තිබ්බේ. එක ශිෂ්‍යයෙක් දුවපියව් කියලා කෑගහගෙන ගෙදරන් එළියට පනින්න උත්සාහ කළා. පිටි පස්සේ දොරෙන් යන්න ගිය ළමයින්ව ආරක්ෂක අංශයේ අය අල්ලා ගත්තා. එක ළමයෙක් කුස්සියේ ළිප් බොක්කේ නිරුවතින් නිදිකරලා හිටියා. අලුත් ළමයින්ගේ ශරීරයේ රෝම කූප කපලා බිම දාලා තිබුණා. පොලීසියට සිද්ධිය කියලා එන්න කිව්වා. නවක වධයට ලක්ව අසීරුතාවෙන් සිටි සිසු පිරිස විශ්වවිද්‍යාල වාහනයෙන් ම පේරාදෙණිය රෝහලට ඇතුළත් කළා.' මෙතෙක් කල් රහසක්ව පැවැති විශ්වවිද්‍යාල සිසුන්ගේ වධකාගාරයක් බඳු නවක වධ තිප්පොළ පිළිබඳ විමර්ශනය කිරීමේදී හෙළිවී ඇත්තේ එය ගලහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ කනිෂ්ඨ සේවකයකුට අයත් නිවසක් බවයි. ගෙහිමියා ගෙන් මාසිකව රුපියල් දස දහසක කුලියකට මාස තුනක කාලයක් සඳහා තවමත් වැඩ නිමකර නොමැති මෙම නිවස සිසුන් ලබාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මස 2වැනි දිනය. එදින සිට නවක සිසුන් වරින් වර මෙම ස්ථානයට ගෙනවිත් වධ හිංසා පමුණුවා ඇති බවට පොලීසියේ මෙන්ම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ද සැක පහළ කරන අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ මෙයට පෙර නවක වධය හේතුවෙන් මරණ දෙකක් සිදුව තිබේ. ඉන් පළමු වැන්න මෙම සිද්ධියේ සැකකාර සිසුන් අධ්‍යාපනය ලබන කෘෂී පීඨයේ ම වීම විශේෂත්වයකි. රූපා රත්නශීලී සිසුවිය වර්ෂ 1975 දී කෘෂී පීඨයට ඇතුළත් වූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ අමානුෂික නවක වධය ඉවසා ගත නොහැකිව රාමනාදන් ශාලාවේ දෙවන මහලින් බිමට පැන්නාය. ඉන් ඇය මරණයෙන් ගැලවුණත් ඇගේ පාදවලට බරපතළ හානි සිදුවිය. එවකට 22 වැනි වියේ පසුවූ රූපා ඉන් වසර 22කට පසු 1997 වසරේ දී සියදිවි හානි කරගනු ලැබුවේ පාද වලට සිදුව තිබූ හානිය නිසාම ඇතිවූ සිත්තැවුල විඳ දරා ගැනීමට නොහැකිවය. විශ්වවිද්‍යාලයේ ඉංජිනේරූ පීඨයට 1997 වසරේදී ඇතුළත්වූ එස්. වරප්රකාශන්ට අකුරක් හෝ ඉගෙන ගන්නට නොදී මරණය උරුම කරදීමට එම පීඨයේම සිසු පිරිසක් කටයුතු කළේ අමානුෂික නවක වධයට මුවාවෙමිනි. වකුගඩු අක්‍රීය වීමෙන් වරප්රකාශ 21වැනි වියේදී මෙලොව අතහැර ගියේ ඔහුගේ ද මව්පියන්ගේද ඉංජිනේරු සිහිනය බොඳ කරමිනි. ඉන්පසු තවත් සිදුවීම් නවක වධ සිදුවීම් ගණනාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළින් වාර්තාවී ශිෂ්‍යන්ගේ පන්ති තහනම් වීම් වාර්තා වුවත් වඩා බැරෑරුම් හා සමාජ අවධානය වැඩියෙන්ම යොමුවූයේ මෙම සිදුවීම සම්බන්ධවය. [COLOR="Red"]* අාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා මේ සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.[/COLOR] 'මෙම සිදුවීම තුළ අපරාධය, වධ හිංසාව හා මානව හිමිකම් උල්ලංඝනය වීම යන කරුණු තුනම පවතිනවා. සරසවි සිසුන් තවත් අයෙකුගේ ජීවත් වීමේ අයිතිය නොපිළිගනිමින් ම්ලේච්ඡත්වයට ද මේ ගමන් කරන්නේ කියන සැකය මෙවැනි සිදුවීම් තුළින් සමාජයේ ඇති වෙනවා. විශ්වවිද්‍යාලවල සිසුන්ට වහාම උපදේශන සේවාවාක් අවශ්‍යයි. විශේෂයෙන්ම දෙවන වසරේ සිසුන්ට. අපරාධ නීතිය, වධ හිංසා වැළැක්වීමේ පනත විශ්වවිද්‍යාල සිසුන්ට අවබෝධ කර දෙන්න ඕන. ලංකාවේ නීතියෙන් තහනම් කරපු සිර දඬුවමකට පවා යටත් කළ හැකි වැරදි මේ ළමයි කරන්නේ. මේවාහි බරපතළකම ඔවුන් දැනගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා.' මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් සිසුන් 15 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 02වැනි දින දකවා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ ඔවුන්ට ඇප ලබා දීම සඳහා කළ ඉල්ලීමද සලකා නොබලමිනි. විශ්වවිද්‍යාලය ද මේ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක පිහිටා සිට ඔවුන් සියලු දෙනාගේ පන්ති තහනම් කිරීමට පියවර ගත්තේය. වෙනදා මෙවැනි සිදුවීම්වලදී සිසු අයිතිය වෙනුවෙන් හඩ නඟන මහ ශිෂ්‍ය සංගමය මෙහිදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලබන්නේ අදාළ නිවස වටලා සැකකාර සිසුන් පොලීසියට බාර දීමට පෙර ඔවුන් කළ ක්‍රියාවන්ගේ බරපතළ කම මහ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන්ට ද සියැසින් දැක ගැනීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කර තිබීම හේතුවෙනි. [COLOR="red"]* මේ සම්බන්ධව අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා.[/COLOR] 'මේක ඉතාම සැලසුම් සහගතව සිදුකළ වැඩක්. සිකුරාදා ගෙවල්වලට ගිය ළමයින් ඉරිදා ආපසු එන ගමන් තමයි කෝල් කරලා අල්ලගෙන තිබෙන්නේ. මහනුවර නගරයට පැමිණි ළමයි නොයෙක් ක්‍රම මගින් මෙතන්ට ගෙනත් තිබෙනවා. නවක වධය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයෙන් දඩුවම් ලැබෙයි. ඊට අමතරව විශ්වවිද්‍යාලය මගින් විශේෂ පරීක්ෂණයක් සිදුකරනවා. මේ අයට පන්ති තහනමක් දැන් පනවා තිබෙනවා. ඒ පරීක්ෂණ අවසන් වනතෙක් පමණයි. පරීක්ෂණයේ වාර්තා අනුව සමහර විට මේ අයව විශ්ව විද්‍යාලයෙන් නෙරපන්නනත් සිදුවේවි. මේක ඉතාම බරපතළ වරදක්. විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයටත් කැලළක්. [COLOR="red"]* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක ආචාර්ය ගාමීණී හිටිනායක මහතා[/COLOR] 'විශ්වවිද්‍යාල වල නවක වධය ලබාදෙන සිසුන් බොහෝමයක් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබ විශ්වවිද්‍යාලයට පැමිණි අයයි. මේ සිදුවීමට සම්බන්ධ සිසුනුත් එහෙමයි. දෙවන වසරේ සිසුන්ට මාර්තු මාසය වෙනතුරු නිවාඩු ලබාදී තිබියදී තමයි මේ ළමයි ගෙවල්වලට බොරු කියලා ඇවිත් මේ වැඩ කරලා තියෙන්නේ. එක පැත්තකින් වරදක් කරන අතරම අනික් පැත්තෙන් මේ අය මවුපියන්ටත් බොරු කියනවා. මේ දරුවන්ගේ මවුපියෝ විශ්වවිද්‍යාලයට ඇවිත් හඩා වැළපෙමින් කියන්නේ ඔවුන්ට මේ සිදුවීම් අදහා ගන්න බැහැ කියලා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය තදින් ක්‍රියාකරනවා. මොකද අනාගතයේ මෙවැනි වැරදි නොවෙන්න මෙහිදී ගන්න තීරණ විශාල බලපෑමක් කරනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය බවට කතිකාවක් රටේ ක්‍රියාත්මක වෙත්දී විශ්වවිද්‍යාල සිසුන් ඊට එරෙහිව හඩ නඟනවා. ඒ අතර ඔවුන් විශ්වවිද්‍යාල තුළ ප්රචණ්ඩත්වය වපුරලා මේවට එන්න ඉන්න අයත් මානසිකව වට්ටනවා. අද උසස් පෙළ ඉහළින් සමත්වන ඇතැම් දරුවන් නවක වදයට බියෙන් රජයේ විශ්වවිද්‍යාල වලට ඉල්ලුම් කරන්නේ නැහැ. තවත් පිරිසක් නවක වධය හේතුවෙන් විශ්වවිද්‍යාලය හැර යනවා.' * මම මේ ගෙදර කැම්පස් ළමයින්ට කොහොමටවත් දෙන්නේ නැහැ. මට මේ අය කිව්වේ ගන්නෝරුව පැත්තේ නිවාස සැලසුම් ආයතනයක නිවාස සැලසුම් ශිල්පීන් ලෙස වැඩ කරනවා කියලයි. මාස තුනකට ගේ ඉල්ලුවා. මාස තුනේ සල්ලි දුන්නා. මේ වගේ වැඩකට ගේ ගත්තා කියලා මම දන්නේ නැහැ. පසුගිය කාලයේම කිසිම සැකයක් ඇතිවන විදිහට මේ අය හැසිරුණෙත් නැහැ. පොලීසියයි විශ්වවිද්‍යාලේ සර්ලයි ඇවිත් කියන කොට තමයි මම මේක දැන ගත්තේ යැයි නිවසේ හිමිකරු පැවසුවේය. කණ්ඩායම් තුළ එකමුතු භාවය හා ජීව ගුණය ආරක්ෂා කර ගැනීම සඳහා නවකයන් පිළිගැනීමේදී සරදම් හා සමච්චල් කිරීම ග්‍රීක ක්‍රීඩා සමාජවල තිබී ඇති අතර පසුකාලීනව හමුදා පුහුණු මධ්‍යස්ථානවල මෙය තරමක් වෙනස් ස්වරූපයෙන් ක්‍රියාත්මකවී ඇත. පළමු ලෝක සංග්රමයෙන් පසු ඊට සම්බන්ධ සිටි සොල්දාදුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළුවී හමුදාවේ ලත් නවක වධ ආභාසය ඒවාට ආරෝපණය කර තිබෙන බව ඉතිහාසයේ දැක්වෙයි. කලින් කලට නොයෙක් ආකාරයෙන් වෙනස් වීම්වලට ලක්වූ නවක වධය අද මුල් අරමුණුවලින් බැහැරව උපහාසය වෙනුවට අපහාසය ද සමච්චලය වෙනුවට ප්රචණ්ඩත්වය ද කරපින්නා ගෙන මෙරට විශ්වවිද්‍යාල තුළ ද හොල්මන් කරමින් සිටියි. අද එය ශාරීරික හා ලිංගික හිංසනයන් දක්වා වර්ධනය වීම තුළින් පෙන්නුම් කරන්නේ විශ්වවිද්‍යාල සිසුවාගේ විකෘති මානසික තත්ත්වයයි. බහුතරයක් මෙම ගණයට නොවැටුණ ද සුළුතරයකගේ ක්‍රියාකාරකම් සමස්ත විශ්වවිද්‍යාල සිසු ප්‍රජාව වෙත ම අවමානයක් කැන්දා ගෙන ඒමට සමත්ව ඇත. වැරදි දැක දැක නිහඬව සිටීම වැරද්දට අනුබල දීමකි. මේ නිසා සෑම දේටම සිසුන් පාරට බස්සන මහා ශිෂ්‍ය සංගමය මෙහිදී නිහඩ පිළිවෙතක් අනුගමනය නොකර විශ්වවිද්‍යාල වලින් අමානුෂික නවක වධය පිටු දැකීමට පෙරමුණ ගන්නේ නම් එය ඔවුන්ට ද රටට ද යහපතකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom