අන්තවාදීන් අත් අඩංගුවට ගන්නවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අන්තවාදීන් අත් අඩංගුවට ගන්නවා

ආගමික ප්‍රචාරයන් හරහා සිංහල හා මුස්ලිම් ජනතාව එකිනෙකා කෙටවීමේ ව්‍යාපාරයක ඇතැම් අන්තවාදි පිරිස් යෙදී සිටින බවත් එවැනි ප්‍රකාශ මුහුණ පොත හරහා ප්‍රචාරය කරන පුද්ගයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

මන්නාරම ප්‍ර දේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (11) හමුවූ අවස්ථාවේදී ඇමතිවරයා මේ බව පැවසීය. මන්නාරම සිලාවතුර, මුසලි ප්‍ර දේශයේ සිංහල ධීවර පවුල් පදිංචි කිරීම පිළිබඳව ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම හමුව සංවිධානය කර තිබුණි.

සිංහල, මුස්ලිම් හා දමිල ප්‍රජාව සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. කිසිවෙකුට රජය අසාධාරණයක් නොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

රාජ්‍යය ආගමෙන් දික්කසාද කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු වන්නේ බහුසංස්කෘතික රාජ්‍ය සන්දර්භයන් තුළ බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමේදී අතිශය දේශපාලනීකරණය වූ ඊනියා ආගමික විකට රූප බරපතල සාපයක් බවට පත් වන හෙයිනි. ආගමික සළුවට මුවා වී මූලධර්මවාදය පතුරන බොදු බල සේනා, රාවණා බලය සහ සිංහල රාවය වැනි 'ත්‍රස්ත' සංවිධානවල ක්‍රියාකාරීත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍ර සිහිනය බරපතල ලෙස අභියෝගයට ලක්ව ඇති ආකාරයට නිදසුන් දරන සිදුවීම් රැසකින් මෑත කාලීන ඉතිහාසය පිරී පවතී.

මිනිසුන් අතර ආගමට ඇති භය පක්ෂපාතීත්වය අවභාවිත කරමින් එවැනි පීඩක කල්ලි තම ක්‍රියා ආගමේ නාමයෙන් සාධාරණීකරණය කිරීමට ප්‍රයත්න දරන අතරම 'සිවුර' නමැති බල කතිකාමය සාධකයට ලාංකීය සන්දර්භය තුළ හිමිව ඇති ඓතිහාසික තත්ත්වය හේතුවෙන් සුළු දෙයටත් ප්‍රහාර එල්ල කර ජනයා විසුරුවා හරින පොලීසියද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම බරපතල ඛේදවාචකයකි.

ජනවාරි 08 හැරවුම්කාරකය හමුවේ සෑම ජන වර්ගයකටම පුරවැසි අභිමානයකින් ජීවත් වීමට හැකි ප්‍රජාතන්ත්‍රවාදී පාලන යාන්ත්‍රණයක් බිහි කරන බවට පොරොන්දු දෙමින් බලයට පත් වූ 'යහපාලන' ආණ්ඩුවද මෙවැනි සිදුවීම් නොදැක්ක ගානට සිටින අතරම පොදු සමාජයේ යහපත වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය ඉටු කරන බවට මවා පාන පොලීසිය වැනි ආයතනද සිවුරු පොරවාගත් මැරයන්ගේ ක්‍රියා නොසලකා හැර සිටීමෙන් පෙනී යන්නේ මෙවැනි ජාතිවාදී ප්‍රයත්නයන්ට අනියමින් හෝ රාජ්‍ය අනුග්‍රහයක්ද හිමි වන බවය. මේ අතර, ශ්‍රී ලංකාවේ බුදුදහමේ 'නිල අයිතිකරුවන්' ලෙස වැජඹෙන මහනායක හිමිවරුන්ද සිවුරු මැරයන්ගේ අබෞද්ධ පහත් වැඩ ගැන 'මීක්' නොකියා සිටීමද අපට අර්ථකථනය කළ හැක්කේ කපටි ප්‍රතිපත්තියක් ලෙසය.

මීට ටික කලකට පෙර ගලබොඩඅත්තේ ඥානසාර නම් ඊනියා චීවරධාරියා මහියංගනය ප්‍රදේශයේදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වමින් 'ලේ අවශ්‍ය නම් ලේ ඉල්ලා සිටීමට හැකි' බවත් 'තවත් අලුත්ගමක් නිර්මාණය කිරීමට වුව අවශ්‍ය නම් තමන් පැකිලෙන්නේ නැති' බවත් ගම්‍ය කරමින් සාපරාධී ප්‍රකාශ නිකුත් කළද ඊට එරෙහිව පියවර ගැනීමට පොලීසිය ඉදිරිපත් වූයේ නැත. මීටම සමාන සිදුවීමක් මඩකලපුවෙන් වාර්තා වේ. මඩකලපුව මංගලාරාම විහාරයේ අම්පිටිය සුමංගල නමැති මැර චීවරධාරියා ගැන පසුගිය කාලයේ අසන්නට ලැබුණේ තම පන්සලේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ජනපතිවරයාට ඇරයුම් කළද ඔහු ඊට සහභාගී නොවීමෙන් කෝප ගැන්වී අතිශය ජාතිවාදී ප්‍රකාශ කරමින් කුළුගෙඩියකින් ගසා අදාළ ඵලකය විනාශ කොට නැවත එය ඉදි කිරීමෙන් අනතුරුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලබා එය විවෘත කරවා ගැනීමේ සිද්ධියකට සම්බන්ධවය. එය විවෘත කරන අවස්ථාවේදීද ඔහු නිකුත් කළ ප්‍රකෝපකාරී ප්‍රකාශ එවක වාර්තා විය. එක අතකින් මෙය මහින්ද රෙජීමය අපට ඉතිරි කර ගිය ජාතිවාදයේ උග්‍රතම තලයෙහි ප්‍රතිඵල ලෙසද හඳුනා ගත හැකිය.

ඊයේ (11) දිනයේදී මෙම මැරයාගේ අලුත්ම ත්‍රස්ත ක්‍රියාව වාර්තා කර ඇත්තේ මීපුර වෙබ් අඩවිය විසිනි. වීඩියෝ සහ ඡායාරූප සාක්ෂිද ඇතුළත් කොට පළ කර ඇති එම පුවතෙහි දැක්වෙන්නේ මොහු විසින් දමිළ ජාතික රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් මහ දවල් පොලීසිය නිහඬව බලා සිටියදීම මරණ තර්ජනය කරන සිදුවීමකි. මෙහි සඳහන් කළ නොහැකි බොහෝ දෑ එහිදී කියැවෙන අතර වීඩියොව http://www.meepura.com/2016/11/12/තෝ-පරදෙමළා-තොපි-කොටිතෝව/ යන සබැඳියෙන් නරඹා මෙය කියවන ඕනෑම කෙනෙකුට සිද්ධිය වටහා ගැනීමට හැක. "පට්ටිපලෙයි ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයට අයත් කච්චකොඩි/ ස්වාමි මලෙයි ග්‍රාමසේවා වසමේ පිහිටි කාලයක පටන් ගවයන්ට තණ කැවිම සදහා වෙන්ව තිබුණ භුමියක් පසුගිය කාලය තුල සිංහල පවුල් කිපයක් විසින් අත්පත් කර ගැනීමට කටයුතු කිරිම පිළිබදව නීතිය ක්‍රියාත්මක කරන්නට යෙදුන රජයේ සේවකයන් හිමිනමගේ තර්ජනයට ලක්ව ඇත" යනුවෙන් වාර්තා කරන එම සිද්ධිය කිසිසේත්ම සිංහලයාට එරෙහිව ගත් පියවරක් නොව රාජ්‍ය නිලධාරීන් තම රාජකාරී වගකීම් ප්‍රකාරව කටයුතු කිරීම නිසා සහ මෙම 'භික්ෂුව' යැයි කියා ගන්නා මැරයාගේ මුග්ධකම නිසා උද්ගත වූවක් බව බැලූ බැල්මටම පැහැදිලි වෙයි. අනෙක් අතට මෙහි ඇති විහිළුව වන්නේ බදා ගැනීම වෙනුවට අත්හැරීම ප්‍රගුණ කරන බුදු දහමට අනුව මෙවැනි කාරණයක් අරභයා බෞද්ධ භික්ෂුවකට මෙලෙස ප්‍රකෝපකාරී හැසිරීමක් ප්‍රකට කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති වීමය.

මෙහි ඇති එකම සාධාරණ හේතුව නම් ඉහවහා ගිය ජාතිවාදයෙන් වියරු වැටුණු ගෝත්‍රිකත්වය පමණි.

වර්තමානයේ සිවුරු පොරවාගෙන සිටින බොහෝ දෙනා බෞද්ධ ඉගැන්වීම්වල ඇති හරය හෝ පරමාර්ථ තකා ගිහිගෙය හැර ගියවුන් නොව දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතා සහ වෙනත් පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමේ කපටි උපායක් ලෙස සිවුර ඇඟ ලා ගත් අය හෙයින් මෙවැනි හැසිරීම් දකින අප පුදුමයට පත් විය යුතු නැත. නිල වශයෙන්ම සමස්ථ රාජ්‍යයම මේ ඊනියා බොරු සාධුලාට පවරා ඇති රටක පුදුමය වන්නේ මෙවැනි දෑ සිදු නොවූවා නම්ය. කෙසේ වෙතත්, මෙහි වඩාත්ම ජුගුප්සාව දනවන කාරණය වන්නේ පොලීසියේ කුහක හැසිරීමයි. ඉතාම සාපරාධී ලෙස එම රාජ්‍ය නිලධාරීන් හට බැන වදිමින් මරණ තර්ජන කරන මේ මැරයාට වියරුවෙන් පිස්සු නටන්නට ඕනෑ තරම් ඉඩහසර පාදා දෙන පොලිස් නිලධාරියෙකු මෙහි කියන්නේ "අපෙ හාමුදුරුවනේ" යන්න පමණි. තමන් මහා බෞද්ධයෙකැයි සිතා සිටින පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා මෙහිදී රටට පැහැදිලි කළ යුත්තේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පත් කර සිටින පොලිස් නිලධාරීන් මෙවැනි නීති විරෝධී ක්‍රියා ඇස් පනාපිටම දැක දැක නිහඬව ඒවාට සහාය පළ කරන විට "අපෙ" හාමුදුරුවරුන් තෝරා බේරා ගැනීමේ ලොජික් එකය. මේ අතරම, මහින්ද රෙජීමයේ ජාතිවාදී උමතුව ප්‍රතික්ෂේප කරමින් මෙරට සිංහල, දෙමළ සහ මුස්ලිම් යන වාර්ගික ප්‍රජා තුනේම බහුතර ඡන්දයේ පිහිටෙන් ජනපති පුටුවට පත් වූ ජනාධිපතිවරයා සේම අගමැතිවරයාද මීට දක්වන ප්‍රතිචාරය දෙස පුරවැසියන් සුපරීක්ෂාකාරීව බලා සිටිය යුතුය.

තිස් වසරක යුද්ධයෙන් පීඩා විඳි රටක තවත් යුද්ධයක් හෙට අනිද්දා ඇති නොවීමට නම් සිදු කළ යුත්තේ වින්දිතයන් නිරන්තරයෙන් පීඩාවට පත් කිරීමේ රාජ්‍ය සහාය ලබන ත්‍රස්තවාදය මැඩලීමට හා සංහිඳියාව ඇති කිරීමට ක්‍රියා කිරීම බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. භික්ෂූන්ගේ භූමිකාව ඔවුනට පවරා රාජ්‍ය පාලන භූමිකාව තමන් වෙත පවරා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකිරීමද පැහැදිලි කළ හැක්කේ කුහකකමක් ලෙසිනි. ලංකාවේ සමස්ථ රාජ්‍ය යාන්ත්‍රනයම වාර්ගික-සිංහල-බෞද්ධ හෙජමොනියේ ගොදුරක් බවට පත්ව ඇති බව නොරහසකි. කෙසේ වෙතත්, වේදිකාවල සුරංගනා කතා කීමේ කපටි ප්‍රයෝගය වෙනුවට සැබෑ යහපාලනයක් ඇති කිරීමට වත්මන් ආණ්ඩුවට සත්‍ය වශයෙන්ම අවශ්‍ය නම් පළමුව කළ යුත්තේ මෙවැනි පිස්සු බල්ලන් බැඳ තැබීමටත් වඩා ඔවුන්ට අන්‍ය වාර්ගිකයන් එළිපිටම හිංසනයට ලක් කිරීමට ඉඩ හැර ඒවාට අනියම් සහාය දෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව වහා නීති ක්‍රියාත්මක කිරීමය. මෙහිදී පොලීසිය සිදු කර ඇත්තේද සමස්ථ රාජ්‍ය සේවයටම ද්‍රෝහි වීමකි. තමන් පරිදිම රාජ්‍ය සේවකයන් පිරිසකට රාජකාරිය ඉටු කිරීම මත මරණ තර්ජනය කරන විට ඊට සහාය වීම යනුම රාජ්‍ය සේවකයන් ලෙස තමන් භාර ගෙන තිබෙන වගකීම් පාවා දීමක් මිස අන් කුමක්ද?

මේ පරිහානිකර තත්ත්වයේ දින දිනම ගිලෙමින් පවතින අපට ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන දැකීමට තවත් සිහිනයක් තිබේද යන්නම සැක සහිතය. ජනවාරි 08 හැරවුම්කාරකය දැනටමත් විනාශ කර අවසන්ද? යන පැනය නොඅසා සිටිය නොහැක්කේ එහෙයිනි. දිගින් දිගටම හඬ නැගීම හැර මිනිස්කම් සුරැකීම වෙනුවෙන් අපට කළ හැකි අන් කිසිවක් නැත!


 
Last edited:

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බොදු බල සේනාව කොහෙද යකෝ ත්‍රස්තවාදීන් වෙන්නේ. සිලාවතුරේ නේවි කොල්ලව පල්ලියට ඈදගෙන ගිහිල්ලා තිබ්බේ. ඈදන් ගියේ කොහොමද කියන එක ආරන්චි වෙලා තියෙන්නේ. ඈහුවම දුක හිතෙනව. මෙහේ ආබාදිත රනවිරුවන්ට ඈස් පොට්ට වෙන්න ගහනව. එහෙ ත්‍රස්තවාදීන් එක්ක පල්ලියේ සාකච්චා කරනව ගුටි කාපු වද දීපු නේවි කොල්ලාව බේර ගන්න. මම උන්ට ත්‍රස්තවාදීන් කිව්වේ ගෝටාබය කියපු විදිහට. අර නෑගෙනහිර කෑම්ප් වට කරල ජාවාරම් කාර හම්බයෝ සද්දේ දෑම්මම ගොටා මොකක්ද කිව්වේ කියල කට්ටියට මතක ඈති. වටකරන් ඉන්න සියලුම දෙනා ත්‍රස්තවාදීන් සේ සලකා කටයුතු කරනව කිව්වා. ප්‍රශ්නේ ඉවරයි ග්‍රීස් යක්කුත් ඉවරයි. අන්න මිනිස්සු. කොහොමත් දෑන් ෆෝසස් වල කොල්ලො අනන්තයටම කලකිරිල ඉන්නේ. තිස්ස අත්තනායකව රිමාන්ඩ් කලාට ඌ එලියට දාපු ලියවිල්ල ඈත්ත වගේ පේන්නේ. ඉස්සර හමුදාවේ කොල්ලො මහින්දව යවන්න ඔනේ කිය කිය හිටියේ. දෑන් උන් ඉන්නේ පට්ට මලෙන්.
     
    • Like
    Reactions: TheManFromNowhere

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    එතකොට කොටුවට ඇවිල්ල ප්‍රසිද්ධියේ භික්ෂූන් වහන්සේලාට අපහාස කරල වයස 12 ළමයි අඹුකමට ගන්න ඉල්ලපු උන් හෙම අත්අඩංගුවට ගනීවි නේහ්
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බොදු බල සේනාව කොහෙද යකෝ ත්‍රස්තවාදීන් වෙන්නේ. සිලාවතුරේ නේවි කොල්ලව පල්ලියට ඈදගෙන ගිහිල්ලා තිබ්බේ. ඈදන් ගියේ කොහොමද කියන එක ආරන්චි වෙලා තියෙන්නේ. ඈහුවම දුක හිතෙනව. මෙහේ ආබාදිත රනවිරුවන්ට ඈස් පොට්ට වෙන්න ගහනව. එහෙ ත්‍රස්තවාදීන් එක්ක පල්ලියේ සාකච්චා කරනව ගුටි කාපු වද දීපු නේවි කොල්ලාව බේර ගන්න. මම උන්ට ත්‍රස්තවාදීන් කිව්වේ ගෝටාබය කියපු විදිහට. අර නෑගෙනහිර කෑම්ප් වට කරල ජාවාරම් කාර හම්බයෝ සද්දේ දෑම්මම ගොටා මොකක්ද කිව්වේ කියල කට්ටියට මතක ඈති. වටකරන් ඉන්න සියලුම දෙනා ත්‍රස්තවාදීන් සේ සලකා කටයුතු කරනව කිව්වා. ප්‍රශ්නේ ඉවරයි ග්‍රීස් යක්කුත් ඉවරයි. අන්න මිනිස්සු. කොහොමත් දෑන් ෆෝසස් වල කොල්ලො අනන්තයටම කලකිරිල ඉන්නේ. තිස්ස අත්තනායකව රිමාන්ඩ් කලාට ඌ එලියට දාපු ලියවිල්ල ඈත්ත වගේ පේන්නේ. ඉස්සර හමුදාවේ කොල්ලො මහින්දව යවන්න ඔනේ කිය කිය හිටියේ. දෑන් උන් ඉන්නේ පට්ට මලෙන්.

    mchn oya scene 1 mokakda ? poddak vistara karapanko.. :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එතකොට කොටුවට ඇවිල්ල ප්‍රසිද්ධියේ භික්ෂූන් වහන්සේලාට අපහාස කරල වයස 12 ළමයි අඹුකමට ගන්න ඉල්ලපු උන් හෙම අත්අඩංගුවට ගනීවි නේහ්
    හ හා සහජීවනේ නෑති වෙයි. සාගලට ඈමතිකමත් නෑති වෙන තත්වයක්ලු තියෙන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    හ හා සහජීවනේ නෑති වෙයි. සාගලට ඈමතිකමත් නෑති වෙන තත්වයක්ලු තියෙන්නේ

    එතකොට රටේ පොදු නීතියට තමන් අවනත වෙන්නෙ නෑ කියල ප්‍රසිද්ධියේ කෑගහන උන් තියල මුහුණුපොත හරහා ඒවට විරුද්ධ වෙන උන් අත්අඩංගුවට ගන්නද යන්නෙ?

    ටහිකෙන යහපාලනයක් නේ බන් ඒක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    parana seen ekak, kiyawala balapan

    http://www.dailymirror.lk/12981/tech

    Muslims warned

    Openly defending the exposed “grease devils, President’s powerful sibling and Sri Lanka’s Defence Secretary Gotabhaya Rajapaksa on August 23, summoned Muslim religious leaders in Amparai, Batticaloa, Trincomalee and Puttlam districts to his ministry and gave them a severe warning that the public who choose to protest against the actions of the military would be severely dealt with.

    Rubbishing the claims of the presence of “grease devils”, he said that they are nothing but rumours spread by “some terrorist elements to tarnish the image of the government and the military”.

    “Surrounding camps of security forces is an act of terrorism. Therefore, please tell your people not to engage in such things and believe rumours,” the Defence Secretary has told the Muslim leaders, warning them not to play with the military.

    Predicting the anarchy that is in store to be unleashed, he has warned that he would even deploy the elite police and military commandos to achieve what he wanted.


    https://eelamview.wordpress.com/2011/09/01/sri-lanka-greasifying-state-terror/
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ආගමික ප්‍රචාරයන් හරහා සිංහල හා මුස්ලිම් ජනතාව එකිනෙකා කෙටවීමේ ව්‍යාපාරයක ඇතැම් අන්තවාදි පිරිස් යෙදී සිටින බවත් එවැනි ප්‍රකාශ මුහුණ පොත හරහා ප්‍රචාරය කරන පුද්ගයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

    මන්නාරම ප්‍ර දේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (11) හමුවූ අවස්ථාවේදී ඇමතිවරයා මේ බව පැවසීය. මන්නාරම සිලාවතුර, මුසලි ප්‍ර දේශයේ සිංහල ධීවර පවුල් පදිංචි කිරීම පිළිබඳව ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම හමුව සංවිධානය කර තිබුණි.

    සිංහල, මුස්ලිම් හා දමිල ප්‍රජාව සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. කිසිවෙකුට රජය අසාධාරණයක් නොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

    :shocked: