Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්තිමට එල්ලුම් ගස් ගිය හොඳ පපුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිමට එල්ලුම් ගස් ගිය හොඳ පපුවා

ලංකාවේ එල්ලුම් ගස අවසන් වරට ක්‍රියාත්මක වූයේ මීට වසර 42කට පෙර එනම් 1976 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේදීය.

එලෙස එල්ලා මරා ඇත්තේ තිස්සමහාරාම උඩුවිල බොකුටුලන්ද ගමෙහි වාසය කළ බේබි සිංඤ්ඤෝ නොහොත් දියෝතිස් නමැති අයයි. එහෙත් ඔහුව වඩාත් ප්‍රකට වූයේ හොඳ පපුවා යන අන්වර්ථ නමිනි.

එබැවින් බේබි සිංඤ්ඤෝ නොහොත් හොඳ පපුවා ඉතිහාසගත වී ඇත්තේ අවසන් වරට එල්ලුම් ගස් යැවූ වරදකරුවකු ලෙසටය.

මේ කරුණු කාරණා නිසා හොඳ පපුවා පිළිබඳ තතු සොයා බැලීමට මා තිස්සමහාරාමය බලා පිටත් වීමි.

දෙබරවැව අභ්‍යන්තරයේ ඇති පුංචි පාලම අසල කඩයේ සිටින බන්දු මුදලාලි මට මඟ සලකුණු කීවේය.

තවත් දිගු දුරක් ගෙවා මම තිස්සමහාරාම බොකුටුපැලැස්ස ගමට ගියෙමි. එගම පදිංචි රත්නායක කිරින්දේ ආරච්චිගේ සිරිපාල මහතා හැටහත් හැවිරිදිය.

දරුවන් 6 දෙනකුගේ පියකු වන ඔහුගේ ප්‍රධාන ජීවනෝපාය හේන් ගොවිතැනය.

“ෙබ්බි සිංඤ්ඤෝ හෙවත් හොඳ පපුවා ගැන ඔබ මොනව ද දන්නේ?” මම විමසීමි.

“මහත්තයෝ, බේබි සිංඤ්ඤෝට හොඳ පපුවා කියලා නම හැදුණේ මෙහෙමයි. මෙහේ හිටිය මුදලි කෙනෙක්. ඔහුත් ඔහුගේ ගෝලයෝත් බේබි සිංඤ්ඤෝත් කැලේ දඩයමේ ගියා. එහෙම යන විට කුළු මීහරකෙක් ඉදිරියට ආවා කට්ටියට අනින්න. කවුරුත් පැනලා දිව්වා. බේබි සිංඤ්ඤෝ දිව්වේ නැහැ. ඉදිරියට එන කුළුමීමාගේ අන් තට්ටුවෙන් අල්ලා ගත්තා. අල්ලාගෙන ශක්තියෙන් වීර්යයෙන් කුළුමීමා බිම පෙරළුවා. පෙරළා වැරෙන් පහර පිට පහර දුන්නා. කුළුමීමා මරලතෝනි ගහගෙන කැලේට පැනලා දිව්වා.

පසුව මුදලිතුමා කිව්වා උඹ නම් හොඳ පපුවක් තියෙන එකෙක්. අපේ ජවිත කුළුමීමාගෙන් බේරුවා කියලා. එතැන් පටන් තමා හොඳ පපුවා කියලා බේබි සිංඤ්ඤෝට නම් පටබැඳුණේ.” සිරිපාල මහතා පැවැසීය.

“කොහොමත් හොඳ පපුවා කඩවසම් පුරුෂයා. උස මහත එක ගාණට. හොඳ ශක්තිවන්තයා. වී අමුණක් එකවර ගෙන යනවා. එකක් කරේ තියාගෙන අනෙක් මළු දෙක කිහිල්ලේ ගහගෙන යනවා. කිලෝ 130ක පමණ බරක්. හොඳ පපුවා සමහරදාට ගමට අාව ගියේ අශ්වයෙක් පිට. එ්කත් හරි අපූරු කතාවක්. වීරවිල නොහොට්ටුවත්ත කියලා සුදු මහතකුට අයත් වත්තක් තිබුණා. ඒ සුදු මහතා අශ්වයෙක් පිට යන්නේ. අශ්වයාව කෑමට නිදැල්ලේ අත හරිනවා. වීරවිල වැව් තාවුල්ලේ තණ කන්න. හොඳ පපුවා සුද්ද එක්ක යාළුයි. යාළු වී තිබෙන්නේ දෙන්න සමඟ දඩයමේ යන්න හොඳ දඩයක්කරයා හොඳ පපුවා.” සිරිපාල කිව්වා.

“කොහොමත් හොඳ පපුවාගේ ජීවන වෘත්තිය දඩයමනේ. කැලේට ගොස් දඩයම් කරන ගෝනුන් මුවන් ගෙනවිත් තමන් හොඳම කොටස කෑමට ගෙන ඉතිරි ටික විකුණනවා. යාළුවන්ටත් දෙනවා. දඩයමෙන් තමා ජීවත් වුණේ.

දැන් වගේ නීති රීති එදා තද නැහැ. දඩයම් කරන්න පුළුවන්. හොඳ පපුවාගේ තුවක්කුව හොර තුවක්කුවක්. බලපත්‍රයක් නැහැ. ලොකු මිනිස්සු ආශ්‍රය කරන නිසා තුවක්කු පතොරම්වලින් අඩුවක් නැහැ. ඉතිං සුද්දගේ අශ්වයා බැඳගෙන ඇවිත් ඌගේ පිටේ යනවා. සුද්දත් මුකුත් කියන්නේ නැහැ. යාළුවනේ.

ෙහාඳ පපුවා ගමේ ඉන්න විට උඩු කය නිරුවතින් ඉන්නේ. ෂර්ට් එකක් අඳින්නේ නැහැ. ඒ නිසා පපුවේ පච්ච කොටපු ‘හොඳ පපුවා’ පච්චය මගේ දෑසින්ම දැක්කා.

ඔහු ගමට වීරයෙක්. අයුක්තියක් අසාධාරණයක් කාටවත් කරන්නේ නැහැ. අයුක්තිය අසාධාරණ කරන අයට පහර දෙනවා. ඔහුට ඉහළින් ගමේ චණ්ඩි හිටියේ නැහැ.

හොඳ පපුවා සමහර රාත්‍රියට කිමෝනා, සාරි ඇඳලා වෙස් වලාගෙන යනව මගේ ඇස් දෙකින් දැක්කා. ඔහු හොඳ විහිළුත් දන්නවා. මෙහෙම වෙස් වලාගෙන යන්නේ ගමේ සල්ලාලයන් අල්ලන්න.

රෑ කාන්තා වෙස් ගෙන යන විට කාමුක සල්ලාල මිනිස්සු ගැහැනියක් කියලා හිතාගෙන පස්සෙන් එනවා. කරදර කරන්න හදනවා. හොඳ පපුවා උන්ට දුවනකම් ගහනවා. මරලතෝනි ගහගෙන උන් දුවන්නේ. ඒ වගේ හොඳ වැඩත් කළා.

ෙහාඳ පපුවා ගැහැනු තුන් දෙනෙක් ගත්ත කෙනෙක්. ගැහැනු දෙන්නෙක් හිටියේ බොකුටුපැලැස්සේ පහළ ගෙයක. ඒක කටු මැටි ගෙයක්. හැබැයි දරුවෝ හිටියේ නැහැ. මේ හින්දා ද දන්නේ නැහැ ඒ අයට කරන සැලකිල්ල අඩු වුණා. ඒ ගැහැනු යන්න ගියා.

ඔය අතරේ තවත් ගැහැනු කෙනෙක් ගෙනාවා. මේ සිද්ධි වෙනකම්ම ඒ ගැහැනියත් එක්ක තමා පවුල් කැවේ.

අැයත් සමඟ හිටියේ වීර ගසක් උඩ හැදූ වාඩියක. ඇයට දරුවෝ දෙන්නෙක් ලැබුණා. ගැහැනු ළමයෙක් හා පිරිමි ළමයෙක්.

ෙහාඳ පපුවා සාහසික දාමරික ක්රීයා කිරීමට පටන් ගැනීමත් සමඟ දරුවෝ දෙන්නයි බිරිඳයි අාගිය අතක් නැති වුණා. පස්සේ අපිට ආරංචි වුණා හොඳ පපුවාගේ උසාවියේ නඩු දිනක දරුවෝ දෙන්නා ඇවිත් හිටියලු. දරුවෝ කැමති අයෙක් ගන්න කියලත් කිව්වලු. මට ඒ ආරංචි වූ හැටි. දැන් බිරිඳ දරුවෝ කොහේ ඉන්නව ද දන්නේ නැහැ. මා උසාවි ගියේ නම් නැහැ නඩු අහනව බලන්න.”

බේබි සිංඤ්ඤෝ හෙවත් හොඳ පපුවා ගමට ආරක්ෂකයෙක්. ගමට කරදරයක් නොමැතිව ජීවත් වූ අයෙක් බව ගමේ කීපදෙනකු අප සමඟ පැවැසීය.

බුදුන් දවස අහිංසක පසුව අංගුලිමාල වූවා සේ බේබි සිංඤ්ෙඤා් දාමරිකයෙක් සාහසික අපරාධකරුවකු වූ හැටි ද සිරිපාල මහතා අප සමඟ පැවැසීය.

“හොඳ පපුවා දාමරිකයෙක් වුණේ ගමේ සිටි ගැහැනු දෙන්නෙක් නිසා. ඉන් එක් ගැහැනියක් හොඳ පපුවාගේ පළමු බිල්ල. ඇයව තමා පළමුව වෙඩි තබා මැරුවේ. දෙවැනි ගැහැනියට වෙඩි තිබ්බා.

මැරුවේ නැහැ. පසු කාලයක වයස ගිහිං මැරුණේ.” යැයි සිරිපාල මහතා පැවැසීය.

ඉන් පසුව මා හමුවීමට ගියේ බේබි සිංඤ්ෙඤා් හොඳ පපුවා පිළිබඳ හොඳින්ම දන්නා හා හොඳ පපුවාගේ වාඩියට අල්ලපු නිවසේ පදිංචි ඔහුව හා යාළුවන් පොලිසියට බාර දුන් ගමේ කාගෙත් ආදරයට බඳුන් වූ අයකු සොයාය.

ඔහු නමින් විජේනායක කොරලේ කම්කානම්ගේ මාර්ටින්ය. අසූහතර හැවිරිදිය. කම්බිවත්න බොකුටුපැලැස්ස තිස්සපුර තිස්සමහාරාම ඔහුගේ පදිංචිය.

දරුවන් 6 දෙනකුගේ පියකු වන මාර්ටින් මහතාගේ එක් පුතකු රජයේ වෛද්‍යවරයෙකි.

ගමේ පිරිත් කණ්ඩායමේ ද සාමාජිකයකු වන මාර්ටින් මහතා අප ඔහු හමුවීමට ගිය දින ද පිරිතකට යන බව පැවැසීය.

“කොහොම ද මාර්ටින් මාමේ සුවදුක්?” මා විමසීමි.

“ඔහේ ඉන්නවා මහත්තයෝ.” ඔහු කීය.

“හොඳ පපුවා ගැන යමක් දන්නවා ඇති?”

“ඔව්, අපේ අල්ලපු වැටේ එකානේ. ඌ ගැන මං තමයි හොඳින්ම දන්නේ. මහත්තයා ඇවිත් ඉන්නේ ඒ පිළිබඳ දන්න හොඳම කෙනා ළඟට.” මාර්ටින් මහතාගේ පාළුවට කතා කරමින් සිටි ගැමියකු අප සමඟ පැවැසීය.

ඉන් පසු මාර්ටින් මහතා දිගටම කතා කරන්නට විය.

“ඔය අල්ලපු ඉඩමත් මටයි තිබුණේ. බේබි සිංඤ්ඤෝට හේනක් හදාගන්න මම දුන්නේ. ඒකේ තිබුණා ලොකු වීර ගහක්. ඔය ගහේ තමා වාඩිය හදාගෙන දරුවොත් එක්ක හිටියේ. අද ඒ වීර ගහ නැහැ. කැලේ පුළුස්සනටකොට ගහ පිළිස්සී මැරිලා ගිහිං. එදා තිබූ සියඹලා ගහ නම් තියෙනවා.

ඒ ඉඩම දැන් මුඩු බිමක් වෙලා. උඩහ කෙසෙල් ඉඩමක වතුර ගහනකොට කිවුල පාත් වෙලා. හරියට තණෙකාළ වැවෙන්නෙත් නැහැ.

බේබි සිංඤ්ෙඤා් අපරාධකාරයෙක් වෙන්න සිද්ධිය ඇරඹුණේ ගල් කූරකින්. වීරවිල පුංචි පාලම ළඟ ඉස්කෝලේ බේබි සිංඤ්ෙඤා්ගේ ළමයා කොටි විල්සන් කියන තැනැත්තාගේ ළමයාගේ ගල් කූර බිඳලා. ඉස්සර ලිව්වේ ගල් ලෑල්ලේ ගල් කූරෙන්.

ගල් කූර බිඳපු ළමයා ගෙදර ඇවිත් කියලා කොටි විල්සන්ගේ බිරිඳට. මේ සිද්ධියට බේබි සිංඤ්ඤෝට බැණලා. දොගොල්ල රණ්ඩු වෙලා. මං කුඹුරට ගොස් එමින් ගමන පල්ලන්තර කඩේට ගොඩ වුණා. එතැනදියි මට මේ ගැන ආරංචි වුණේ. මං ගෙදර ආවා.

ගල් කූර බින්ද ගෙදර කොටි විල්සන් කියන්නේ ඔහු පෙරහරවල්වල කොටියට ඇඳලා කොටියා නටන නිසා. තවත් හතරදෙනකුගේ උදව්වෙන් මෝල් ගස් උඩයි නටන්නේ. ගමේ පෙරහරටත් තිස්සමහාරාම පෙරහරවලත් වෙනත් පෙරහරවලටත් නටනවා. හරි අපූරුයි.

විල්සන්ගේ ගෑනි පිරිමියෙක් වගේ. කිසිකෙනකුට බය නැහැ. යටට කොට කලිසමක් ඇඳලා රෙද්ද කැසපට ගහගන්නවා කලිසම පේන්න. කරත්තේ ගොන් දෙන්නා බැඳගෙන තනියම යනවා කැලේ දර කපන්න. දර ගෙනත් විකුණනවා. නැත්නම් බේබි සිංඤ්ෙඤා් එක්ක රණ්ඩුවට යාවි ද බය නම්.

රණ්ඩු වූ දින මං ගෙදර ඇවිත් ඉන්න විට බේබි සිංඤ්ඤෝත් අපේ ගෙදර අාවා. මං ඇහුවා ‘බේබි සිංඤ්ෙඤා් මොකක් ද මේ සිද්ධිය?’ කියලා. ‘මං ඕකුන් ඔක්කෝම මරනවා.’ බේබි සිංඤ්ෙඤා් ගත් කටට කිව්වා.

‘උඹ උන් මරනවා නම් ඉස්සෙල්ලා මං මරාපං. මගේ ඥාති හිතමිතුරන් මේ ගමේ ඉන්නේ.’ කියලා මං කිව්වා.

ටික දිනක් මෙහෙම සාමකාමීව ගියා. දිනක් සවස බේබි සිංඤ්ෙඤා් පල්ලන්තර කඩේ ළඟට ගොස් කිව්වා ‘මට ආප්ප ටිකක් හදල තියාපං මං ගිහිං ඉක්මනින් එනවා.’ කියලා.

බේබි සිංඤ්ෙඤා් නැවත කඩේට ආවා. ‘කෝ ආප්ප?’ බේබි සිංඤ්ෙඤා් ඇහුවා. ‘මොන අාප්ප ද?’ පල්ලන්තර කඩේ හාමිනේ කිව්වා. බේබි සිංඤ්ෙඤා්ට කේන්ති ගියා. මොකද ආප්ප දුන්නේ නැත්තේ, කොටි විල්සන්ලගේ පැත්ත අරගෙන බේබි සිංඤ්ෙඤා් හිතුවා.

‘ෙහාඳයි මං බලාගන්නම්.’ කියලා බේබි සිංඤ්ෙඤා් එදා ගෙදර ආවා.

තවත් දිනක සවස බේබි සිංඤ්ෙඤා් පල්ලන්තර කඩේට ගියාම කොටි විල්සන්ගේ පවුල හින්ට් පාස් කළා. පල්ලන්තර කඩෙනුත් කෙනෙහිලි. ‘මං මේක අද කෙළවරක් කරනවා.’ කියමින් බේබි සිංඤ්ෙඤා් ගෙදර ආවා. ගෙදර ඇවිත් තුවක්කුවේ පතුරංග පටෝගෙන කොටි විල්සන්ලගේ ගෙදර ළඟට ගියා. දැන් වෙලාව සවස 5.00ට පමණ වෙලා. ‘ගණංකාරයෝ ඉන්නවා නම් බැහැපං එළියට.’ බේබි සිංඤ්ෙඤා් කිව්වා.

‘මං ආවා. මොකද උඹ කියන්නේ?’ කොටි විල්සන් හාමිනේ ඇහුවා.

ඒ සමඟම බේබි සිංඤ්ෙඤා් තුවක්කුවේ කොකා ගැස්සුවා. විල්සන්ගේ පවුල (බිරිඳ) එළිපත්තේ උඩ මැරිලා වැටුණා. මං කුඹුරේ ඉඳලා කඩය ළඟට අාවා. කඩය ළඟ හිටපු මිනිස්සු කිව්වා ‘කොටි විල්සන්ලගේ ගේ පැත්තෙන් යන්න එපා උඹටත් වෙඩි තියාවි, වෙන පැත්තකින් පලයං.’ කියලා.

මං වෙනත් පාරකින් ගෙදර ආවා. ගෙදර ඇවිත් කොටි විල්සන්ලගේ ගෙදරට හොරෙන් ගියා. ගිහිං විල්සන්ගේ පවුල බැලුවා. පපුවට වෙඩිල්ල වැදිලා තිබුණේ. පපුවෙන් ලේ ගලමින් තිබුණා. මං ආපහු ගෙදර ආවා.

ගමම නිහඬයි. නමුත් බියකරුයි. මොකක් හෝ විපතක් ගමට වෙන බව මට දැනුනා.

ඉන්පසු බේබි සිංඤ්ෙඤා් ආරෝන් සිංඤ්ඤෝලගේ කඩය ළඟට ගොස් ‘බැහැපියව් එළියට. මං තොපි මරන්නේ නැහැ.’ කියලා කෑ ගහලා කිව්වා. මිනිසුන් තේ කඩෙන් එළියට බැහැලා දිව්වා. බේබි සිංඤ්ෙඤා් කඩේට ගිනි තිබ්බා.

ඊළඟට බේබි සිංඤ්ෙඤා් ගියේ මැටි කඩේට. මැටි කඩේ තිබුණේ ආරෝන් සිංඤ්ඤෝගේ කඩේ ඉදිරිපිට. ඒ කඩේ වැහිල තිබුණේ. නමුත් ගෙදර අය කඩේ පිටුපස හිටියා.

‘බැහැපියව් මැරුං නොකා එළියට.’ බේබි සිංඤ්ෙඤා් ගිගිරුවා. ගෙදර අය පැනලා දිව්වා. ඒ ගෙටත් ගිනි තැබුවා.

බේබි සිංඤ්ෙඤා් එතනින් නැවතුණේ නැහැ. ඊට පස්සේ ගියේ පල්ලන්තර කඩේට. කඩේ අය ආරංචියට පැනලා දිව්වා. ඒ ගෙටත් ගිනි තිබ්බා.

ඊට පෙර තවත් සිද්ධියක් වුණා. පල්ලන්තර කඩේ අය කොටි විල්සන්ලාට උදව් කරනවා කියලත්, බේබි සිංඤ්ෙඤා්ට විරුද්ධව පොලිසිවල පැමිණිලි දාන නිසාත් බේබි සිංඤ්ෙඤා් පල්ලන්තර කඩේ අය සමඟ සිටියේ පුදුම තරහකින්.

දිනක් පල්ලන්තර කඩේ හාමිනේ රාත්‍රී කඩේ වහල ගෙට යන්න හදනකොට පල්ලන්තර හාමිනේට බේබි සිංඤ්ෙඤා් වෙඩි තිබ්බා. වෙඩිල්ල හරියට අහු වුණේ නැහැ. තුවාල වුණා. හැබැයි මැරුණේ වයසට ගිහින්.

පල්ලන්තර කඩේ ගිනි තියලා බේබි සිංඤ්ෙඤා් ගෙදර ආවා. මං අපේ කඩුල්ල ළඟ කෙසෙල් පඳුර ළඟ හැංගිලා බලාගෙන හිටියා. දැන් වෙලාව රාත්‍රී 6.45ට පමණ ඇති.

බේබි සිංඤ්ෙඤා් වාඩියේදී ‘කෝ මගේ පතොරම් පෙට්ටිය?’ කියලා ගෑනි (බිරිඳ) ගෙන් ඇහුවා. ‘අනේ හාමුරුවනේ ඔය ඇති. ඕක නවත්තන්න.’ ගෑනි කිව්වා.

‘තොට ඒවයින් වැඩක් නැහැ.’ කියලා කුණුහරුප ටිකක් කිව්වා. පස්සේ ගෑනිට හොඳටම ගැහුවා. ගෑනියි දරුවොයි මරලතෝනිය. හොඳ පපුවා වාඩියේ බඩු ටික බිමට දැම්මා. බිමට දමල පතොරම් පෙට්ටිය හොයා ගත්තා. පතොරම් පෙට්ටියත් අරගෙන අපේ ගේ ළඟින් පාරට බැස්සා. පාර දිගේ ටික දුරක් යන විට හොඳ පපුවාගේ බෑනා කෙනෙක් හමු වුණා. නම ප්‍රේමදාස. ඔහුත් හොඳ පපුවාට සම්බන්ධ වුණා. දෙන්න එක්ක ඉදිරියට යන විට ප්‍රේමදාසගේ යාළුවෙක් වන ධර්මදාස හමු වුණා. ඌගේ අතේ ලාම්පුතෙල් බෝතලයක්, කඩයට ගොස් එන ගමන්. ඔහුත් හොඳ පපුවා එකතු කර ගත්තා. දැන් තුන් දෙනාම යනවා. ඒ යන විට සවුදියස්ගේ ගෙදර හමු වුණා. සවුදියස් කියන්නේ හොඳ පපුවාට එකතු වුණු ධර්මදාසෙග් තාත්තා. ධර්මදාසගෙන් ලාම්පුතෙල් බෝතලය අතට ගත් හොඳ පපුවා සවුදියස්ගේ ගෙට ගිනි තිබ්බා.

ඉන්පසු තුන් දෙනා බොකුටු පැලැස්ස පහළට ගොස් ටී.එච්. බබා සිංඤ්ෙඤා්ලගේ ගෙදරට ගියා.

‘බබා සිංඤ්ෙඤා් බැහැපං එළියට. කෝ වර චණ්ඩියා.’ කියලා හොඳ පපුවා නොහොත් බේබි සිංඤ්ෙඤා් කෑ ගැසුවා. ගෙදර කවුරුත් නැහැ. මඟ ඇරලා. බබා සිංඤ්ඤෝගේ වත්ත බැඳලා හිටියා ලොකු ගොනෙක්. ‘උඹ එන්නේ නැහැ එහෙනම්?’ කියමින් ගොනාට වෙඩි තිබ්බා. ගොනා මැරිලම වැටුණා.

හොඳ පපුවා, ධර්මදාස හා ප්‍රේමදාස යන තිදෙනාම තවදුරටත් ගම පහළට යනවා.

මේ අතර ගමේ ගම්භාරයෙක් වන හේවා බුලත්ගමගේ දියෝනිස් හොඳ වෙඩික්කාරයා. කුඹුරු අක්කර 5ක් තියෙනවා. මී හරක් එහෙම ඉන්නවා. ලයිසන් තුවක්කුවක් තියෙන්නේ. ඒ ගෙදරට කියන්නෙත් වෙඩික්කාරයලගේ ගෙදර කියලා. මටත් මුත්තා වෙනවා. මහ උන්නැගේ කියලා ගමේ අය කියන්නේ දියෝනිස්ට.

දියෝනිස් හෙවත් මහ උන්නැහේට ආරංචි වුණා හොඳ පපුවා ගෙවල් ගිනි තියාගෙන මිනී මරාගෙන එන බව. කොහොම හරි මූ කම්බස් කරන්න ඕනෑ කියලා හිතාගෙන තුවක්කුවේ පතොරම් දමාගෙන ගෝලයකු සමඟ පාරට බැහැලා අාවා.

දියෝනිස් ගෝලයට කිව්වා, ‘මං ටෝච් එක ගහන්නම් උඹ හොඳ පපුවාට වෙඩි තියපන්.’ කියලා. දොගොල්ල මුණ ගැසුණා. දැන් රාත්‍රිය. කට්ට කළුවර. දියෝනිස් ටෝච් එක ගැහුවා හොඳ පපුවා. ගෝලයට කිව්වා ‘වෙඩි තියපං... වෙඩි තියපං...’ කියලා. මොන වෙඩි ද. ගෝලයත් තුවක්කුවත් අරං බයට පැනලා දුවලා.

ෙහාඳ පපුවාගේ අත ඉස්සර වුණා. ටෝච් එළියට වෙඩි තිබ්බා. දියෝනිස් මැරිලා වැටුණා. හොඳ පපුවා ළඟට ගියා. විසි වූ ටෝච් එක අරගෙන මළ කඳට ගැසුවා. ‘හත්වලාමේ මහ උන්නැහේ... ඇයි උඹ කිව්වේ නැත්තේ මං මහ උන්නැහේ කියලා? එහෙම කිව්වා නම් මං උඹ මරන්නේ නැහැ. උඹෙන් මට වරදක් නැහැ.’ කියමින් බේබි සිංඤ්ෙඤා් නොහොත් හොඳ පපුවා අඬන්නට වුණා.

මඳ වේලාවකින් දියෝනිස්ගේ ටෝච් එකත් ගෙන ඇළ කණ්ඩිය දිගේ පහළට බැස්සා. පහටළට බැස කෙළින්ම ගියේ මාතර ගෙදරටය. මාතර ගෙදර ගේ හිමියා උදේනිස් අප්පු. ඔහුට බෑනා කෙනකුත් හිටියා. ඔහු ගුණසිංහ. දෙන්නා කඩුල්ල ළඟ කැතිත් තියාගෙන හැංගිලා හිටියා බේබි සිංඤ්ෙඤා් ආවොත් කපල මරන්න. බේබි සිංඤ්ෙඤා් අත හොඳට එළිය තියෙන ටෝච් එකක් (දියෝනිස්ගේ). ටෝච් එක වැදුනා කඩුල්ල මුලට. දෙන්න හැංගිලා ඉන්නවා දැක්කා. තුවක්කුව මානනකොටම මාමයි බෑනයි දිව්වා ගේ දිහාවට.

පත්තු කළා තුවක්කුව. උදේනිස් අප්පු මිදුලේ මැරිලා වැටුණා. බෑනා හැංගිලා. හොඳ පපුවා ඒ ගෙටත් ගිනි තිබ්බා. මේ ගිනි ඇවිලෙන අවස්ථාවේ ඒ එළියෙන් දියෝනිස් ගම්භාරයගේ ෙගා්ලය දැකලා තියෙනවා කවුදෝ හැංගිල ඉන්නවා. ඔහු හිතුවේ හොඳ පපුවා වෙන්නැති කියලා. ගෝලය තිබ්බා වෙඩිල්ලක්. මැරිලා වැටුණේ උදේනිස් අප්පුගේ බෑනා ගුණසිංහ.” යැයි මාර්ටින් මහතා කිව්වා.

“දැන් මුළු ගමම එකම මළ ගෙදරක් ගෙවල් ගිනි තැබීම්, මිනී මැරුම් ආදිය නිසා. මේ අතරේ හොඳ පපුවාත්, ප්‍රේමදාසත් (බෑනා), ධර්මදාසත් කැලෑ පැනලා හැංගිලා.

තිස්සමහාරාම පොලිසියෙන් තවත් පොලිසියවලිනුත් අවුත් ගම වට දැම්මා. හොඳට පරීක්ෂා කළා. මේ අපරාධකරුවන් අල්ලන්න බැරි වුණා. පොලිසිය රාජකාරියට ආවට එන්නේ බයෙන්. පොලිසිය ගමට නිතර එන්න පටන් ගත්තා. හොඳ පපුවාගේ වාඩියත් ගිනි තබලා දරුවොයි ගෑනියිත් ගමෙන් පැනලා ගිහිල්ලා.

සිද්ධිය වී දින තුනකට පස්සේ දවල් 12.00ට පමණ හොඳ පපුවා අපේ ගෙදර ආවා. මං ඇහුවා ‘කෝ උඹේ සගයෝ දෙන්නා?’

‘අන්න අතන කැලෑවේ නතර කරලයි අාවේ.’ හොඳ පපුවා කිව්වා.

‘එහෙමනං උඹ ඉක්මණින් මෙතැනින් පලයං මිනිස්සු දකිවී.’ කියලා මං කිව්වා.

මා හොඳ පපුවා කිව් ස්ථානයට හොරෙන් ගියා. තුන්දෙනාම හිටියා.

‘උඹලා කෑවද?’ කියලා ඇහුවා.

‘ඔව්, අපි ඈල්ලේ යාළුවකු ගෙදරින් කැවා.’

‘මොනවද ඕනෑ?’ මං ඇහුවා.

‘මොකුත් එපා. තව හත්දෙනෙක් විනාශ කරන්න තියෙනවා.’ කිව්වා.

මං ඇහුවා ‘කවුද ඒ හත්දෙනා?’

‘එහෙම කියන්නේ නැහැ.’ කිව්වා.

‘අදින් පස්සේ කිසි වරදක් කරන්න එපා. හෙට අනිද්දා භාර වෙන්න සූදානම් වෙයං.’ මං කිව්වා.

‘උඹට එ්ක කරන්න පුළුවන් ද?’ හොඳ පපුවා ඇහුවා.

‘ඔව්, මට පුළුවන්.’ මං කිව්වා.

පසුව මා ගමේ ප්රභූවරු කීපදෙනකුගේ නම් කිව්වා.

‘ඔය කවුරුවත් මට විශ්වාස නැහැ.’ හොඳ පපුවා කිව්වා.

පසුව මා කිව්වා, ‘එහෙමනම් තිස්ස නගරාධිපති ආර්ලිස් සිල්වා මුදලාලි හරහා භාර වෙමු ද?’ කියලා.

‘හා.. එයා නම් හොඳයි, හැබැයි අපිට පාරක්වත් ගහන්න දෙන්න එපා.’ හොඳ පපුවා කිව්වා.

ආර්ලිස් සිල්වා නගරාධිපතිගේ ටැක්ටරේකින් තමා මගේ කුඹුරේ වැඩ කරන්නේ. ඒ ටැක්ටරයේ ඩයිවර් මගේ යාළුවා. මා ඔහු හමු වී හොඳ පපුවාගේ සියලු විස්තර පැවැසුවා.

‘ෙහාඳයි එහෙම නම් නගරාධිපතිතුමා හමුවෙමු.’ යැයි පියසේන රියැදුරා කිව්වා.

පසුදා අපි දෙදෙනා නගරාධිපති හමුවෙන්න තිස්සමහාරාමයට ගියා. ආර්ලිස් නගරාධිපතිට සියලු විස්තර මා කිව්වා.

‘හොඳයි එහෙම නම් හෙට දහවල් දොළහට මාත් රියදුරාත් කාරයෙන් වරාපිටිය වැව ළඟට එනවා. කාර් එකේ හෝන් තුනක් ගැහුවම ඇවිත් කාර් එකට දුවලා ඇවිත් නගින්න කියපං.’ කියලා නගරාධිපතිතුමා පැවැසුවා.

පසුදා මං ගෙදර හිටියා. දහවල් 12.00ට කාර් එකේ හෝන් හඬ තුන් වරක් ඇසුනා. මේ තුන්දෙනා එනම් හොඳ පපුවා, පියසේන සහ ධර්මදාස කිව්ව විදියටම කාරයේ නැගලා.

තුන්දෙනා කාරයට නගිනවත් සමඟ ‘කම්බිවත්තේ මාර්ටින්ට ජයවේවා...’ යනුවෙන් කෑ ගසලා.

‘හා... කට වහපල්ලා ඒ අහිසංකයා අමාරුවේ දමන්නේ නැතුව.’ නගරාධිපතිතුමා කිව්වලු.

ෙම් තුන්දෙනා නගරාධිපතිතුමා කෙළින්ම තංගල්ල එස්.පී. මහත්තයට භාර දීලා. නඩුවේ මුල් අවස්ථා විභාග වෙලා තියෙන්නේ තිස්සමහාරාම උසාවියේ. පසුව වෙනත් උසාවියකින් නඩුව අහලා තියෙන්නේ.

පියසේනයි ධර්මදාසයි නඩුවෙන් නිදහස් වුණාම අපේ ගෙදර ඇවිත් ස්තූති කරලා ගියා.

හොඳ පපුවා (බේබි සිංඤ්ෙඤා්) එල්ලුම් ගස් ගියානේ. මං හිතන්නේ එල්ලුම් ගස් යැවූ අවසාන කෙනා.” යැයි මාර්ටින් මහතා අප සමඟ කීය

http://www.lankadeepa.lk/thaksalawa/අන්තිමට-එල්ලුම්-ගස්-ගිය--හොඳ-පපුවාගේ--නිෙවස-සොයා-ගිය-ගමන/55-525018

[QUOTE="හොඳ පපුවා, post: 25236441, member: 489784"] [b]අන්තිමට එල්ලුම් ගස් ගිය හොඳ පපුවා[/b] [SIZE="5"][COLOR="DarkRed"] ලංකාවේ එල්ලුම් ගස අවසන් වරට ක්‍රියාත්මක වූයේ මීට වසර 42කට පෙර එනම් 1976 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේදීය. එලෙස එල්ලා මරා ඇත්තේ තිස්සමහාරාම උඩුවිල බොකුටුලන්ද ගමෙහි වාසය කළ බේබි සිංඤ්ඤෝ නොහොත් දියෝතිස් නමැති අයයි. එහෙත් ඔහුව වඩාත් ප්‍රකට වූයේ හොඳ පපුවා යන අන්වර්ථ නමිනි. එබැවින් බේබි සිංඤ්ඤෝ නොහොත් හොඳ පපුවා ඉතිහාසගත වී ඇත්තේ අවසන් වරට එල්ලුම් ගස් යැවූ වරදකරුවකු ලෙසටය. මේ කරුණු කාරණා නිසා හොඳ පපුවා පිළිබඳ තතු සොයා බැලීමට මා තිස්සමහාරාමය බලා පිටත් වීමි. දෙබරවැව අභ්‍යන්තරයේ ඇති පුංචි පාලම අසල කඩයේ සිටින බන්දු මුදලාලි මට මඟ සලකුණු කීවේය. තවත් දිගු දුරක් ගෙවා මම තිස්සමහාරාම බොකුටුපැලැස්ස ගමට ගියෙමි. එගම පදිංචි රත්නායක කිරින්දේ ආරච්චිගේ සිරිපාල මහතා හැටහත් හැවිරිදිය. දරුවන් 6 දෙනකුගේ පියකු වන ඔහුගේ ප්‍රධාන ජීවනෝපාය හේන් ගොවිතැනය. “ෙබ්බි සිංඤ්ඤෝ හෙවත් හොඳ පපුවා ගැන ඔබ මොනව ද දන්නේ?” මම විමසීමි. “මහත්තයෝ, බේබි සිංඤ්ඤෝට හොඳ පපුවා කියලා නම හැදුණේ මෙහෙමයි. මෙහේ හිටිය මුදලි කෙනෙක්. ඔහුත් ඔහුගේ ගෝලයෝත් බේබි සිංඤ්ඤෝත් කැලේ දඩයමේ ගියා. එහෙම යන විට කුළු මීහරකෙක් ඉදිරියට ආවා කට්ටියට අනින්න. කවුරුත් පැනලා දිව්වා. බේබි සිංඤ්ඤෝ දිව්වේ නැහැ. ඉදිරියට එන කුළුමීමාගේ අන් තට්ටුවෙන් අල්ලා ගත්තා. අල්ලාගෙන ශක්තියෙන් වීර්යයෙන් කුළුමීමා බිම පෙරළුවා. පෙරළා වැරෙන් පහර පිට පහර දුන්නා. කුළුමීමා මරලතෝනි ගහගෙන කැලේට පැනලා දිව්වා. පසුව මුදලිතුමා කිව්වා උඹ නම් හොඳ පපුවක් තියෙන එකෙක්. අපේ ජවිත කුළුමීමාගෙන් බේරුවා කියලා. එතැන් පටන් තමා හොඳ පපුවා කියලා බේබි සිංඤ්ඤෝට නම් පටබැඳුණේ.” සිරිපාල මහතා පැවැසීය. “කොහොමත් හොඳ පපුවා කඩවසම් පුරුෂයා. උස මහත එක ගාණට. හොඳ ශක්තිවන්තයා. වී අමුණක් එකවර ගෙන යනවා. එකක් කරේ තියාගෙන අනෙක් මළු දෙක කිහිල්ලේ ගහගෙන යනවා. කිලෝ 130ක පමණ බරක්. හොඳ පපුවා සමහරදාට ගමට අාව ගියේ අශ්වයෙක් පිට. එ්කත් හරි අපූරු කතාවක්. වීරවිල නොහොට්ටුවත්ත කියලා සුදු මහතකුට අයත් වත්තක් තිබුණා. ඒ සුදු මහතා අශ්වයෙක් පිට යන්නේ. අශ්වයාව කෑමට නිදැල්ලේ අත හරිනවා. වීරවිල වැව් තාවුල්ලේ තණ කන්න. හොඳ පපුවා සුද්ද එක්ක යාළුයි. යාළු වී තිබෙන්නේ දෙන්න සමඟ දඩයමේ යන්න හොඳ දඩයක්කරයා හොඳ පපුවා.” සිරිපාල කිව්වා. “කොහොමත් හොඳ පපුවාගේ ජීවන වෘත්තිය දඩයමනේ. කැලේට ගොස් දඩයම් කරන ගෝනුන් මුවන් ගෙනවිත් තමන් හොඳම කොටස කෑමට ගෙන ඉතිරි ටික විකුණනවා. යාළුවන්ටත් දෙනවා. දඩයමෙන් තමා ජීවත් වුණේ. දැන් වගේ නීති රීති එදා තද නැහැ. දඩයම් කරන්න පුළුවන්. හොඳ පපුවාගේ තුවක්කුව හොර තුවක්කුවක්. බලපත්‍රයක් නැහැ. ලොකු මිනිස්සු ආශ්‍රය කරන නිසා තුවක්කු පතොරම්වලින් අඩුවක් නැහැ. ඉතිං සුද්දගේ අශ්වයා බැඳගෙන ඇවිත් ඌගේ පිටේ යනවා. සුද්දත් මුකුත් කියන්නේ නැහැ. යාළුවනේ. ෙහාඳ පපුවා ගමේ ඉන්න විට උඩු කය නිරුවතින් ඉන්නේ. ෂර්ට් එකක් අඳින්නේ නැහැ. ඒ නිසා පපුවේ පච්ච කොටපු ‘හොඳ පපුවා’ පච්චය මගේ දෑසින්ම දැක්කා. ඔහු ගමට වීරයෙක්. අයුක්තියක් අසාධාරණයක් කාටවත් කරන්නේ නැහැ. අයුක්තිය අසාධාරණ කරන අයට පහර දෙනවා. ඔහුට ඉහළින් ගමේ චණ්ඩි හිටියේ නැහැ. හොඳ පපුවා සමහර රාත්‍රියට කිමෝනා, සාරි ඇඳලා වෙස් වලාගෙන යනව මගේ ඇස් දෙකින් දැක්කා. ඔහු හොඳ විහිළුත් දන්නවා. මෙහෙම වෙස් වලාගෙන යන්නේ ගමේ සල්ලාලයන් අල්ලන්න. රෑ කාන්තා වෙස් ගෙන යන විට කාමුක සල්ලාල මිනිස්සු ගැහැනියක් කියලා හිතාගෙන පස්සෙන් එනවා. කරදර කරන්න හදනවා. හොඳ පපුවා උන්ට දුවනකම් ගහනවා. මරලතෝනි ගහගෙන උන් දුවන්නේ. ඒ වගේ හොඳ වැඩත් කළා. ෙහාඳ පපුවා ගැහැනු තුන් දෙනෙක් ගත්ත කෙනෙක්. ගැහැනු දෙන්නෙක් හිටියේ බොකුටුපැලැස්සේ පහළ ගෙයක. ඒක කටු මැටි ගෙයක්. හැබැයි දරුවෝ හිටියේ නැහැ. මේ හින්දා ද දන්නේ නැහැ ඒ අයට කරන සැලකිල්ල අඩු වුණා. ඒ ගැහැනු යන්න ගියා. ඔය අතරේ තවත් ගැහැනු කෙනෙක් ගෙනාවා. මේ සිද්ධි වෙනකම්ම ඒ ගැහැනියත් එක්ක තමා පවුල් කැවේ. අැයත් සමඟ හිටියේ වීර ගසක් උඩ හැදූ වාඩියක. ඇයට දරුවෝ දෙන්නෙක් ලැබුණා. ගැහැනු ළමයෙක් හා පිරිමි ළමයෙක්. ෙහාඳ පපුවා සාහසික දාමරික ක්රීයා කිරීමට පටන් ගැනීමත් සමඟ දරුවෝ දෙන්නයි බිරිඳයි අාගිය අතක් නැති වුණා. පස්සේ අපිට ආරංචි වුණා හොඳ පපුවාගේ උසාවියේ නඩු දිනක දරුවෝ දෙන්නා ඇවිත් හිටියලු. දරුවෝ කැමති අයෙක් ගන්න කියලත් කිව්වලු. මට ඒ ආරංචි වූ හැටි. දැන් බිරිඳ දරුවෝ කොහේ ඉන්නව ද දන්නේ නැහැ. මා උසාවි ගියේ නම් නැහැ නඩු අහනව බලන්න.” බේබි සිංඤ්ඤෝ හෙවත් හොඳ පපුවා ගමට ආරක්ෂකයෙක්. ගමට කරදරයක් නොමැතිව ජීවත් වූ අයෙක් බව ගමේ කීපදෙනකු අප සමඟ පැවැසීය. බුදුන් දවස අහිංසක පසුව අංගුලිමාල වූවා සේ බේබි සිංඤ්ෙඤා් දාමරිකයෙක් සාහසික අපරාධකරුවකු වූ හැටි ද සිරිපාල මහතා අප සමඟ පැවැසීය. “හොඳ පපුවා දාමරිකයෙක් වුණේ ගමේ සිටි ගැහැනු දෙන්නෙක් නිසා. ඉන් එක් ගැහැනියක් හොඳ පපුවාගේ පළමු බිල්ල. ඇයව තමා පළමුව වෙඩි තබා මැරුවේ. දෙවැනි ගැහැනියට වෙඩි තිබ්බා. මැරුවේ නැහැ. පසු කාලයක වයස ගිහිං මැරුණේ.” යැයි සිරිපාල මහතා පැවැසීය. ඉන් පසුව මා හමුවීමට ගියේ බේබි සිංඤ්ෙඤා් හොඳ පපුවා පිළිබඳ හොඳින්ම දන්නා හා හොඳ පපුවාගේ වාඩියට අල්ලපු නිවසේ පදිංචි ඔහුව හා යාළුවන් පොලිසියට බාර දුන් ගමේ කාගෙත් ආදරයට බඳුන් වූ අයකු සොයාය. ඔහු නමින් විජේනායක කොරලේ කම්කානම්ගේ මාර්ටින්ය. අසූහතර හැවිරිදිය. කම්බිවත්න බොකුටුපැලැස්ස තිස්සපුර තිස්සමහාරාම ඔහුගේ පදිංචිය. දරුවන් 6 දෙනකුගේ පියකු වන මාර්ටින් මහතාගේ එක් පුතකු රජයේ වෛද්‍යවරයෙකි. ගමේ පිරිත් කණ්ඩායමේ ද සාමාජිකයකු වන මාර්ටින් මහතා අප ඔහු හමුවීමට ගිය දින ද පිරිතකට යන බව පැවැසීය. “කොහොම ද මාර්ටින් මාමේ සුවදුක්?” මා විමසීමි. “ඔහේ ඉන්නවා මහත්තයෝ.” ඔහු කීය. “හොඳ පපුවා ගැන යමක් දන්නවා ඇති?” “ඔව්, අපේ අල්ලපු වැටේ එකානේ. ඌ ගැන මං තමයි හොඳින්ම දන්නේ. මහත්තයා ඇවිත් ඉන්නේ ඒ පිළිබඳ දන්න හොඳම කෙනා ළඟට.” මාර්ටින් මහතාගේ පාළුවට කතා කරමින් සිටි ගැමියකු අප සමඟ පැවැසීය. ඉන් පසු මාර්ටින් මහතා දිගටම කතා කරන්නට විය. “ඔය අල්ලපු ඉඩමත් මටයි තිබුණේ. බේබි සිංඤ්ඤෝට හේනක් හදාගන්න මම දුන්නේ. ඒකේ තිබුණා ලොකු වීර ගහක්. ඔය ගහේ තමා වාඩිය හදාගෙන දරුවොත් එක්ක හිටියේ. අද ඒ වීර ගහ නැහැ. කැලේ පුළුස්සනටකොට ගහ පිළිස්සී මැරිලා ගිහිං. එදා තිබූ සියඹලා ගහ නම් තියෙනවා. ඒ ඉඩම දැන් මුඩු බිමක් වෙලා. උඩහ කෙසෙල් ඉඩමක වතුර ගහනකොට කිවුල පාත් වෙලා. හරියට තණෙකාළ වැවෙන්නෙත් නැහැ. බේබි සිංඤ්ෙඤා් අපරාධකාරයෙක් වෙන්න සිද්ධිය ඇරඹුණේ ගල් කූරකින්. වීරවිල පුංචි පාලම ළඟ ඉස්කෝලේ බේබි සිංඤ්ෙඤා්ගේ ළමයා කොටි විල්සන් කියන තැනැත්තාගේ ළමයාගේ ගල් කූර බිඳලා. ඉස්සර ලිව්වේ ගල් ලෑල්ලේ ගල් කූරෙන්. ගල් කූර බිඳපු ළමයා ගෙදර ඇවිත් කියලා කොටි විල්සන්ගේ බිරිඳට. මේ සිද්ධියට බේබි සිංඤ්ඤෝට බැණලා. දොගොල්ල රණ්ඩු වෙලා. මං කුඹුරට ගොස් එමින් ගමන පල්ලන්තර කඩේට ගොඩ වුණා. එතැනදියි මට මේ ගැන ආරංචි වුණේ. මං ගෙදර ආවා. ගල් කූර බින්ද ගෙදර කොටි විල්සන් කියන්නේ ඔහු පෙරහරවල්වල කොටියට ඇඳලා කොටියා නටන නිසා. තවත් හතරදෙනකුගේ උදව්වෙන් මෝල් ගස් උඩයි නටන්නේ. ගමේ පෙරහරටත් තිස්සමහාරාම පෙරහරවලත් වෙනත් පෙරහරවලටත් නටනවා. හරි අපූරුයි. විල්සන්ගේ ගෑනි පිරිමියෙක් වගේ. කිසිකෙනකුට බය නැහැ. යටට කොට කලිසමක් ඇඳලා රෙද්ද කැසපට ගහගන්නවා කලිසම පේන්න. කරත්තේ ගොන් දෙන්නා බැඳගෙන තනියම යනවා කැලේ දර කපන්න. දර ගෙනත් විකුණනවා. නැත්නම් බේබි සිංඤ්ෙඤා් එක්ක රණ්ඩුවට යාවි ද බය නම්. රණ්ඩු වූ දින මං ගෙදර ඇවිත් ඉන්න විට බේබි සිංඤ්ඤෝත් අපේ ගෙදර අාවා. මං ඇහුවා ‘බේබි සිංඤ්ෙඤා් මොකක් ද මේ සිද්ධිය?’ කියලා. ‘මං ඕකුන් ඔක්කෝම මරනවා.’ බේබි සිංඤ්ෙඤා් ගත් කටට කිව්වා. ‘උඹ උන් මරනවා නම් ඉස්සෙල්ලා මං මරාපං. මගේ ඥාති හිතමිතුරන් මේ ගමේ ඉන්නේ.’ කියලා මං කිව්වා. ටික දිනක් මෙහෙම සාමකාමීව ගියා. දිනක් සවස බේබි සිංඤ්ෙඤා් පල්ලන්තර කඩේ ළඟට ගොස් කිව්වා ‘මට ආප්ප ටිකක් හදල තියාපං මං ගිහිං ඉක්මනින් එනවා.’ කියලා. බේබි සිංඤ්ෙඤා් නැවත කඩේට ආවා. ‘කෝ ආප්ප?’ බේබි සිංඤ්ෙඤා් ඇහුවා. ‘මොන අාප්ප ද?’ පල්ලන්තර කඩේ හාමිනේ කිව්වා. බේබි සිංඤ්ෙඤා්ට කේන්ති ගියා. මොකද ආප්ප දුන්නේ නැත්තේ, කොටි විල්සන්ලගේ පැත්ත අරගෙන බේබි සිංඤ්ෙඤා් හිතුවා. ‘ෙහාඳයි මං බලාගන්නම්.’ කියලා බේබි සිංඤ්ෙඤා් එදා ගෙදර ආවා. තවත් දිනක සවස බේබි සිංඤ්ෙඤා් පල්ලන්තර කඩේට ගියාම කොටි විල්සන්ගේ පවුල හින්ට් පාස් කළා. පල්ලන්තර කඩෙනුත් කෙනෙහිලි. ‘මං මේක අද කෙළවරක් කරනවා.’ කියමින් බේබි සිංඤ්ෙඤා් ගෙදර ආවා. ගෙදර ඇවිත් තුවක්කුවේ පතුරංග පටෝගෙන කොටි විල්සන්ලගේ ගෙදර ළඟට ගියා. දැන් වෙලාව සවස 5.00ට පමණ වෙලා. ‘ගණංකාරයෝ ඉන්නවා නම් බැහැපං එළියට.’ බේබි සිංඤ්ෙඤා් කිව්වා. ‘මං ආවා. මොකද උඹ කියන්නේ?’ කොටි විල්සන් හාමිනේ ඇහුවා. ඒ සමඟම බේබි සිංඤ්ෙඤා් තුවක්කුවේ කොකා ගැස්සුවා. විල්සන්ගේ පවුල (බිරිඳ) එළිපත්තේ උඩ මැරිලා වැටුණා. මං කුඹුරේ ඉඳලා කඩය ළඟට අාවා. කඩය ළඟ හිටපු මිනිස්සු කිව්වා ‘කොටි විල්සන්ලගේ ගේ පැත්තෙන් යන්න එපා උඹටත් වෙඩි තියාවි, වෙන පැත්තකින් පලයං.’ කියලා. මං වෙනත් පාරකින් ගෙදර ආවා. ගෙදර ඇවිත් කොටි විල්සන්ලගේ ගෙදරට හොරෙන් ගියා. ගිහිං විල්සන්ගේ පවුල බැලුවා. පපුවට වෙඩිල්ල වැදිලා තිබුණේ. පපුවෙන් ලේ ගලමින් තිබුණා. මං ආපහු ගෙදර ආවා. ගමම නිහඬයි. නමුත් බියකරුයි. මොකක් හෝ විපතක් ගමට වෙන බව මට දැනුනා. ඉන්පසු බේබි සිංඤ්ෙඤා් ආරෝන් සිංඤ්ඤෝලගේ කඩය ළඟට ගොස් ‘බැහැපියව් එළියට. මං තොපි මරන්නේ නැහැ.’ කියලා කෑ ගහලා කිව්වා. මිනිසුන් තේ කඩෙන් එළියට බැහැලා දිව්වා. බේබි සිංඤ්ෙඤා් කඩේට ගිනි තිබ්බා. ඊළඟට බේබි සිංඤ්ෙඤා් ගියේ මැටි කඩේට. මැටි කඩේ තිබුණේ ආරෝන් සිංඤ්ඤෝගේ කඩේ ඉදිරිපිට. ඒ කඩේ වැහිල තිබුණේ. නමුත් ගෙදර අය කඩේ පිටුපස හිටියා. ‘බැහැපියව් මැරුං නොකා එළියට.’ බේබි සිංඤ්ෙඤා් ගිගිරුවා. ගෙදර අය පැනලා දිව්වා. ඒ ගෙටත් ගිනි තැබුවා. බේබි සිංඤ්ෙඤා් එතනින් නැවතුණේ නැහැ. ඊට පස්සේ ගියේ පල්ලන්තර කඩේට. කඩේ අය ආරංචියට පැනලා දිව්වා. ඒ ගෙටත් ගිනි තිබ්බා. ඊට පෙර තවත් සිද්ධියක් වුණා. පල්ලන්තර කඩේ අය කොටි විල්සන්ලාට උදව් කරනවා කියලත්, බේබි සිංඤ්ෙඤා්ට විරුද්ධව පොලිසිවල පැමිණිලි දාන නිසාත් බේබි සිංඤ්ෙඤා් පල්ලන්තර කඩේ අය සමඟ සිටියේ පුදුම තරහකින්. දිනක් පල්ලන්තර කඩේ හාමිනේ රාත්‍රී කඩේ වහල ගෙට යන්න හදනකොට පල්ලන්තර හාමිනේට බේබි සිංඤ්ෙඤා් වෙඩි තිබ්බා. වෙඩිල්ල හරියට අහු වුණේ නැහැ. තුවාල වුණා. හැබැයි මැරුණේ වයසට ගිහින්. පල්ලන්තර කඩේ ගිනි තියලා බේබි සිංඤ්ෙඤා් ගෙදර ආවා. මං අපේ කඩුල්ල ළඟ කෙසෙල් පඳුර ළඟ හැංගිලා බලාගෙන හිටියා. දැන් වෙලාව රාත්‍රී 6.45ට පමණ ඇති. බේබි සිංඤ්ෙඤා් වාඩියේදී ‘කෝ මගේ පතොරම් පෙට්ටිය?’ කියලා ගෑනි (බිරිඳ) ගෙන් ඇහුවා. ‘අනේ හාමුරුවනේ ඔය ඇති. ඕක නවත්තන්න.’ ගෑනි කිව්වා. ‘තොට ඒවයින් වැඩක් නැහැ.’ කියලා කුණුහරුප ටිකක් කිව්වා. පස්සේ ගෑනිට හොඳටම ගැහුවා. ගෑනියි දරුවොයි මරලතෝනිය. හොඳ පපුවා වාඩියේ බඩු ටික බිමට දැම්මා. බිමට දමල පතොරම් පෙට්ටිය හොයා ගත්තා. පතොරම් පෙට්ටියත් අරගෙන අපේ ගේ ළඟින් පාරට බැස්සා. පාර දිගේ ටික දුරක් යන විට හොඳ පපුවාගේ බෑනා කෙනෙක් හමු වුණා. නම ප්‍රේමදාස. ඔහුත් හොඳ පපුවාට සම්බන්ධ වුණා. දෙන්න එක්ක ඉදිරියට යන විට ප්‍රේමදාසගේ යාළුවෙක් වන ධර්මදාස හමු වුණා. ඌගේ අතේ ලාම්පුතෙල් බෝතලයක්, කඩයට ගොස් එන ගමන්. ඔහුත් හොඳ පපුවා එකතු කර ගත්තා. දැන් තුන් දෙනාම යනවා. ඒ යන විට සවුදියස්ගේ ගෙදර හමු වුණා. සවුදියස් කියන්නේ හොඳ පපුවාට එකතු වුණු ධර්මදාසෙග් තාත්තා. ධර්මදාසගෙන් ලාම්පුතෙල් බෝතලය අතට ගත් හොඳ පපුවා සවුදියස්ගේ ගෙට ගිනි තිබ්බා. ඉන්පසු තුන් දෙනා බොකුටු පැලැස්ස පහළට ගොස් ටී.එච්. බබා සිංඤ්ෙඤා්ලගේ ගෙදරට ගියා. ‘බබා සිංඤ්ෙඤා් බැහැපං එළියට. කෝ වර චණ්ඩියා.’ කියලා හොඳ පපුවා නොහොත් බේබි සිංඤ්ෙඤා් කෑ ගැසුවා. ගෙදර කවුරුත් නැහැ. මඟ ඇරලා. බබා සිංඤ්ඤෝගේ වත්ත බැඳලා හිටියා ලොකු ගොනෙක්. ‘උඹ එන්නේ නැහැ එහෙනම්?’ කියමින් ගොනාට වෙඩි තිබ්බා. ගොනා මැරිලම වැටුණා. හොඳ පපුවා, ධර්මදාස හා ප්‍රේමදාස යන තිදෙනාම තවදුරටත් ගම පහළට යනවා. මේ අතර ගමේ ගම්භාරයෙක් වන හේවා බුලත්ගමගේ දියෝනිස් හොඳ වෙඩික්කාරයා. කුඹුරු අක්කර 5ක් තියෙනවා. මී හරක් එහෙම ඉන්නවා. ලයිසන් තුවක්කුවක් තියෙන්නේ. ඒ ගෙදරට කියන්නෙත් වෙඩික්කාරයලගේ ගෙදර කියලා. මටත් මුත්තා වෙනවා. මහ උන්නැගේ කියලා ගමේ අය කියන්නේ දියෝනිස්ට. දියෝනිස් හෙවත් මහ උන්නැහේට ආරංචි වුණා හොඳ පපුවා ගෙවල් ගිනි තියාගෙන මිනී මරාගෙන එන බව. කොහොම හරි මූ කම්බස් කරන්න ඕනෑ කියලා හිතාගෙන තුවක්කුවේ පතොරම් දමාගෙන ගෝලයකු සමඟ පාරට බැහැලා අාවා. දියෝනිස් ගෝලයට කිව්වා, ‘මං ටෝච් එක ගහන්නම් උඹ හොඳ පපුවාට වෙඩි තියපන්.’ කියලා. දොගොල්ල මුණ ගැසුණා. දැන් රාත්‍රිය. කට්ට කළුවර. දියෝනිස් ටෝච් එක ගැහුවා හොඳ පපුවා. ගෝලයට කිව්වා ‘වෙඩි තියපං... වෙඩි තියපං...’ කියලා. මොන වෙඩි ද. ගෝලයත් තුවක්කුවත් අරං බයට පැනලා දුවලා. ෙහාඳ පපුවාගේ අත ඉස්සර වුණා. ටෝච් එළියට වෙඩි තිබ්බා. දියෝනිස් මැරිලා වැටුණා. හොඳ පපුවා ළඟට ගියා. විසි වූ ටෝච් එක අරගෙන මළ කඳට ගැසුවා. ‘හත්වලාමේ මහ උන්නැහේ... ඇයි උඹ කිව්වේ නැත්තේ මං මහ උන්නැහේ කියලා? එහෙම කිව්වා නම් මං උඹ මරන්නේ නැහැ. උඹෙන් මට වරදක් නැහැ.’ කියමින් බේබි සිංඤ්ෙඤා් නොහොත් හොඳ පපුවා අඬන්නට වුණා. මඳ වේලාවකින් දියෝනිස්ගේ ටෝච් එකත් ගෙන ඇළ කණ්ඩිය දිගේ පහළට බැස්සා. පහටළට බැස කෙළින්ම ගියේ මාතර ගෙදරටය. මාතර ගෙදර ගේ හිමියා උදේනිස් අප්පු. ඔහුට බෑනා කෙනකුත් හිටියා. ඔහු ගුණසිංහ. දෙන්නා කඩුල්ල ළඟ කැතිත් තියාගෙන හැංගිලා හිටියා බේබි සිංඤ්ෙඤා් ආවොත් කපල මරන්න. බේබි සිංඤ්ෙඤා් අත හොඳට එළිය තියෙන ටෝච් එකක් (දියෝනිස්ගේ). ටෝච් එක වැදුනා කඩුල්ල මුලට. දෙන්න හැංගිලා ඉන්නවා දැක්කා. තුවක්කුව මානනකොටම මාමයි බෑනයි දිව්වා ගේ දිහාවට. පත්තු කළා තුවක්කුව. උදේනිස් අප්පු මිදුලේ මැරිලා වැටුණා. බෑනා හැංගිලා. හොඳ පපුවා ඒ ගෙටත් ගිනි තිබ්බා. මේ ගිනි ඇවිලෙන අවස්ථාවේ ඒ එළියෙන් දියෝනිස් ගම්භාරයගේ ෙගා්ලය දැකලා තියෙනවා කවුදෝ හැංගිල ඉන්නවා. ඔහු හිතුවේ හොඳ පපුවා වෙන්නැති කියලා. ගෝලය තිබ්බා වෙඩිල්ලක්. මැරිලා වැටුණේ උදේනිස් අප්පුගේ බෑනා ගුණසිංහ.” යැයි මාර්ටින් මහතා කිව්වා. “දැන් මුළු ගමම එකම මළ ගෙදරක් ගෙවල් ගිනි තැබීම්, මිනී මැරුම් ආදිය නිසා. මේ අතරේ හොඳ පපුවාත්, ප්‍රේමදාසත් (බෑනා), ධර්මදාසත් කැලෑ පැනලා හැංගිලා. තිස්සමහාරාම පොලිසියෙන් තවත් පොලිසියවලිනුත් අවුත් ගම වට දැම්මා. හොඳට පරීක්ෂා කළා. මේ අපරාධකරුවන් අල්ලන්න බැරි වුණා. පොලිසිය රාජකාරියට ආවට එන්නේ බයෙන්. පොලිසිය ගමට නිතර එන්න පටන් ගත්තා. හොඳ පපුවාගේ වාඩියත් ගිනි තබලා දරුවොයි ගෑනියිත් ගමෙන් පැනලා ගිහිල්ලා. සිද්ධිය වී දින තුනකට පස්සේ දවල් 12.00ට පමණ හොඳ පපුවා අපේ ගෙදර ආවා. මං ඇහුවා ‘කෝ උඹේ සගයෝ දෙන්නා?’ ‘අන්න අතන කැලෑවේ නතර කරලයි අාවේ.’ හොඳ පපුවා කිව්වා. ‘එහෙමනං උඹ ඉක්මණින් මෙතැනින් පලයං මිනිස්සු දකිවී.’ කියලා මං කිව්වා. මා හොඳ පපුවා කිව් ස්ථානයට හොරෙන් ගියා. තුන්දෙනාම හිටියා. ‘උඹලා කෑවද?’ කියලා ඇහුවා. ‘ඔව්, අපි ඈල්ලේ යාළුවකු ගෙදරින් කැවා.’ ‘මොනවද ඕනෑ?’ මං ඇහුවා. ‘මොකුත් එපා. තව හත්දෙනෙක් විනාශ කරන්න තියෙනවා.’ කිව්වා. මං ඇහුවා ‘කවුද ඒ හත්දෙනා?’ ‘එහෙම කියන්නේ නැහැ.’ කිව්වා. ‘අදින් පස්සේ කිසි වරදක් කරන්න එපා. හෙට අනිද්දා භාර වෙන්න සූදානම් වෙයං.’ මං කිව්වා. ‘උඹට එ්ක කරන්න පුළුවන් ද?’ හොඳ පපුවා ඇහුවා. ‘ඔව්, මට පුළුවන්.’ මං කිව්වා. පසුව මා ගමේ ප්රභූවරු කීපදෙනකුගේ නම් කිව්වා. ‘ඔය කවුරුවත් මට විශ්වාස නැහැ.’ හොඳ පපුවා කිව්වා. පසුව මා කිව්වා, ‘එහෙමනම් තිස්ස නගරාධිපති ආර්ලිස් සිල්වා මුදලාලි හරහා භාර වෙමු ද?’ කියලා. ‘හා.. එයා නම් හොඳයි, හැබැයි අපිට පාරක්වත් ගහන්න දෙන්න එපා.’ හොඳ පපුවා කිව්වා. ආර්ලිස් සිල්වා නගරාධිපතිගේ ටැක්ටරේකින් තමා මගේ කුඹුරේ වැඩ කරන්නේ. ඒ ටැක්ටරයේ ඩයිවර් මගේ යාළුවා. මා ඔහු හමු වී හොඳ පපුවාගේ සියලු විස්තර පැවැසුවා. ‘ෙහාඳයි එහෙම නම් නගරාධිපතිතුමා හමුවෙමු.’ යැයි පියසේන රියැදුරා කිව්වා. පසුදා අපි දෙදෙනා නගරාධිපති හමුවෙන්න තිස්සමහාරාමයට ගියා. ආර්ලිස් නගරාධිපතිට සියලු විස්තර මා කිව්වා. ‘හොඳයි එහෙම නම් හෙට දහවල් දොළහට මාත් රියදුරාත් කාරයෙන් වරාපිටිය වැව ළඟට එනවා. කාර් එකේ හෝන් තුනක් ගැහුවම ඇවිත් කාර් එකට දුවලා ඇවිත් නගින්න කියපං.’ කියලා නගරාධිපතිතුමා පැවැසුවා. පසුදා මං ගෙදර හිටියා. දහවල් 12.00ට කාර් එකේ හෝන් හඬ තුන් වරක් ඇසුනා. මේ තුන්දෙනා එනම් හොඳ පපුවා, පියසේන සහ ධර්මදාස කිව්ව විදියටම කාරයේ නැගලා. තුන්දෙනා කාරයට නගිනවත් සමඟ ‘කම්බිවත්තේ මාර්ටින්ට ජයවේවා...’ යනුවෙන් කෑ ගසලා. ‘හා... කට වහපල්ලා ඒ අහිසංකයා අමාරුවේ දමන්නේ නැතුව.’ නගරාධිපතිතුමා කිව්වලු. ෙම් තුන්දෙනා නගරාධිපතිතුමා කෙළින්ම තංගල්ල එස්.පී. මහත්තයට භාර දීලා. නඩුවේ මුල් අවස්ථා විභාග වෙලා තියෙන්නේ තිස්සමහාරාම උසාවියේ. පසුව වෙනත් උසාවියකින් නඩුව අහලා තියෙන්නේ. පියසේනයි ධර්මදාසයි නඩුවෙන් නිදහස් වුණාම අපේ ගෙදර ඇවිත් ස්තූති කරලා ගියා. හොඳ පපුවා (බේබි සිංඤ්ෙඤා්) එල්ලුම් ගස් ගියානේ. මං හිතන්නේ එල්ලුම් ගස් යැවූ අවසාන කෙනා.” යැයි මාර්ටින් මහතා අප සමඟ කීය[/COLOR][/SIZE] [url]http://www.lankadeepa.lk/thaksalawa/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%A7-%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9C%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA--%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B6%B4%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A--%E0%B6%B1%E0%B7%92%E2%80%8B%E0%B7%99%E0%B7%80%E0%B7%83-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1/55-525018[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom