Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අන්තිම කැමති පත්‍ර සම්බන්ධ නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිම කැමති පත්‍රයක් සහිත දේපල අනුප්‍රාප්තිය...

යම් පුද්ගලයකුගේ මරණින් පසු දේපලක අනුප්‍රාප්තිය සිදුවිය හැකි ආකාර ප්‍රධාන වශයෙන් දෙආකාර බවත් එය අන්තිම කැමති පත්‍රයක් සහිත දේපල අනුප්‍රාප්තිය හා අන්තිම කැමති පත්‍රයක් රහිත දේපල අනුප්‍රාප්තිය බවත් අපි මීට ඉහත ලිපියේදී සඳහන් කලෙමු. එසේම එම ලිපිය මගින් අන්තිම කැමති පත්‍රයක් රහිත දේපල අනුප්‍රාප්තිය සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කළෙමු.

ඒ අනුව මෙම ලිපියේ අරමුණ වන්නේ යම් තැනැත්තෙකු තමන්ගේ මරණින් මතු සිය දේපල අන්තිම කැමති පත්‍රයක් හරහා අන්සතු කිරීමට අදහස් කරනු ලබන විට ඒ සම්බන්ධව ලංකාවේ බලපවත්නා නෛතික තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම වේ. මෙහෙදී මා ඉහතින් භාවිතා කල "අන්සතු කිරීමට" යන වචන ඛණ්ඩය මගින් මෙම ලිපිය ආරම්භ කිර්‍ර්මට බලාපොරොත්තු වෙමු. එහි අදහස වන්නේ, යම් තැනැත්තෙකුට තමන්ගේ දේපල අන්තිම කැමති පත්‍රයක හරහා ඕනෑම පුද්ගලයකුට තමන්ගේ මරණින් මතු හිමිකම පැවරෙන ආකාරයකට අන්සතු කල හැකි වීමයි. එහිදී තම ලඟම නෑයන් වෙත පැවරීම (උදාහරණ ලෙස සිය මවට පියාට කලත්‍රයාට දුවට පුතාට) අනිවාර්ය නොවේ. එවැන්නන් බැහැර කරමින් සම්පූර්ණ දේපල ඒ අනුව බාහිර පුද්ගලයකුට ලබා දිය හැකි වේ. ඒ අනුව මෙහෙදී තම්න්ගේ දේපල කාට හිමි විය යුතු ද යන්න පිළිබඳ තීරණය කිරීමට හැකියාවක් අදාල දේපල අයිතිකරු වෙත ලැබෙන බව දැකිය හැකිය.

අන්තිම කැමති පත්‍රයක් සහිත අනුප්‍රාප්තිය සම්බන්ධයෙන් ලංකාවේ අදාළ වන නෛතික තත්ත්වය 1844 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පනත තුළ දක්වා ඇත. එම ආඥ පනතේ ප්‍රතිපාදන අනුව සාමාන්‍ය නීතියෙන් හා මුස්ලිම් නීතිය ඇතුළු සියළු පෞද්ගලික නිතී වලින් පාලනය වන පුද්ගලයන්ට මෙම ආඥා පනත අදාල වන බව දක්වා ඇත. අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ දෙවන වගන්තිය දක්වන පරිදි අවුරුදු 18ට අඩු පුරුෂයෙකුට හෝ කාන්තාවකට වෙනත් ව්‍යවස්ථාපිත අවශ්‍යතා සපුරා ඇති නම් අන්තිම කැමති පත්‍රයක් ලියා අත්සන් කිරීම මගින් සිය දේපළ බැහැර කිරීමට අයිතිවාසිකමක් ඇත.

එසේ ලියන ලද අන්තිම කැමති පත්‍රයක් වුවද (ඕනෑම අන්තිම කැමති පත්‍රයක්) වලංගු වන්නේ එම අන්තිම කැමති පත්‍රය 1840 අංක 7 දරන වංචා වැලැක්වීමේ ආඥා පනතේ විධිවිධානවලට අනුකූලව සකස් කර තිබුණහොත් පමණි.

1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනතේ 4 වන වගන්තිය දක්වන්නෙ අන්තිම කැමති පත්‍රයක් ක්‍රම 2කට ලියා දැක්විය හැකි බවයි. ඉන් පළමුවැන්න වන්නේ යම් අන්තිම කැමති පත්‍රයක් ප්‍රසිද්ධ නොතාරිස්වරයකු සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ ලියා අත්සන් කිරීමයි. දෙවැනි ක්‍රමය වන්නේ නොතාරිස්වරයකු සම්බන්ධ කර නොගනිමින් සාක්ෂිකරුවන් පස්දෙනෙකු ඉදිරියේ ලියන අත්සන් කිරීමයි. මෙම දෙවන අවස්ථාවේදී සාක්ෂි කරුවන් පස්දෙනාම අන්තිම කැමතිපත්රකරු විසින් තමන් ඉදිරියේ ම අන්තිම කැමැති පත්‍රය ලියා අත්සන් කළ බව සහතික කළ යුතුය. නොතාරිස්වරයකු විසින් අන්තිම කැමති පත්‍රය සකස් කරන අවස්ථාවේදී එකී නොතාරිස්වරයා විසින් එය පිටපත් දෙකකින් යුතුව සකස් කළ යුතු අතර මුල්පිටපත අදාල තෙස්තමේන්තුකරුට (දේපල අයිතිකරුට/ අදාල අන්තිම කැමති පත්‍රය ලියන ලබන තැනැත්තා) භාර දිය යුතු අතර දෙවන පිටපත නොතාරිස්වරයා විසින් තමා සන්තකයේ තබා ගත යුතුවේ.

මෙම අන්තිම කැමති පත්‍ර පිළිබඳ නෛතික තත්වයේ ඉතිහාසය රෝම නීතිය දක්වාම ඈත අතීතයට දිවයන අතර එහිදී කලින් කලට වෙනස් වූ අන්තිම කැමති පත්‍ර ආකෘති ආකාර කිහිපයක් අතුරින් අවසාන වශයෙන් පිළිගනු ලැබූ ත්රීමූල අන්තිම කැමති පත්‍ර ආකෘතිය (Testamentum Tripertitum) යටතේ රෝමවරුන්ට තම දේපල වලංගු ලෙස අන්සතු කිරීමේ හැකියාව ලබා දෙන ලදී. කෙසේ නමුත් මෙම අන්තිම කැමතිපත්‍ර දේපල අනුප්‍රාප්තිය හේතුකොටගෙනම පවුල තුළ සිය ලඟම නෑදෑයන් වෙත දේපල කොටසක් හිමි නොවීම හේතුකොටගෙන යම් අසාධාරණයකට මුහුණපෑමට සිදුවන නිසා අදාළ අන්තිම කැමතිපත්‍ර කරු විසින් යම් දේපල කොටසක් තම ලඟම නෑදෑයන් වෙත වෙන් නොකොට අන්තිම කැමති පත්‍රයක් ලියා ඇති විට එම ළඟම නෑයන් හට රෝම නීතිය යටතේ නඩුකරයක් ගෙන ඒමට හැකියාව ලබාදී තිබුණි. එම නඩුකරය Querela Inoficiosi Testamenti හෙවත් අසාධාරණ අන්තිම කැමති පත්රයකට විරුද්ධ නඩුකරය ලෙස හඳුන්වනු කබයි. එහි දී නීත්‍යානුකූල පංගුව හෙවත් legitima portio නම් ර්රෝම නීති සංකල්පය බිහිවූ අතර ඒ අනුව යම් පුද්ගලයෙක් අන්තිම කැමති පත්‍රයක් මගින් සිය දේපල අන්සතු කිරීමේදී තමන්ගේ ළඟම ඥාතීන් වෙත නීත්‍යානුකූල පංගුව ලෙස මුල් කාලීනව දේපලින් 1/4 කොටසක් වෙන් කොට ඉතිරි කොටස පමණක් බාහිර පුද්ගලයන් වෙත අන්තිම කැමති පත්‍රයක් හරහා ලබා දීමට හැකියාව ලබා දෙන ලදී. නමුත් ජස්ටීනියන්ගේ කාලය වන විට මෙම ප්‍රාමාණය වෙනස් විය.

කෙසේ නමුත් 1844 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ 2වන වගන්තිය අනුව නීත්‍යානුකූල පංගුව නමැති සංකල්පයට ලංකාවේ නීතිය තුළ ඉඩක් නොමැති බව දැකගත හැකිවේ. ඒ අනුව ඉහතින් සඳහන් කල පරිදි තෙස්තමේන්තු කරුවෙකුට අන්තිම කැමති පත්‍රයක් හරහා ඕනෑම පුද්ගලයකුට දේපල බැහැර කල හැකිය. විමලාවතී එ. ඕපනායක (1971) 74 NLR 308 නම් නඩුව ඇතුළු නඩු තීරණ ගණනාවක් මේ සඳහා උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.

මෙම නඩුවේ දී දක්වනු ලැබූ පරිදි එක්තරා පුද්ගලයකු විසින් අන්තිම කැමති පත්‍රයක් ලියා අත්සන් කරමින් සිය දේපළ තම පෞද්ගලික නීතිය යටතේ දේපල උරුමය ලැබීමට අයිතියක් නොමැති සිය අවිවාහක දරුවන්ට පවරා දුන් අතර එය වලංගු බවත් තීරණය කිරීම හරහා මෙම නෛතික තත්වය පැහැදිලි කරගත හැකිවේ.එසේම ලීලී පෙරේරා එ. චන්ද්‍රානි පෙරේරා (1990) 1 SLR 246 නැමති නඩුවේ දී විවාහජ හා අවිවාහජ දරුවාට දේපල බැහැර කරමින් ලියා අත්සන් කර තිබූ අන්තිම කැමති පත්‍රය වලංගු අන්තිම කැමති පත්‍රයක් ලෙස අධිකරණය පිළිගන්නා ලදී. නඩු තීරණ නීතිය අනුව තවදුරටත් මේ පිළිබඳව උදාහරණ සලකා බැලීමේදී සිල්වා එ. සෙනෙවිරත්න (1981) 2 SLR 7 නමැති නඩුවේදී දක්වනු ලැබුයේ තම නීත්‍යානුකූල භාර්යාව සහ නීත්‍යානුකූල උරුමකරුවන් බැහැර කරමින් තම සහෝදරයන් හා සහෝදරියන් ට සිය දේපළ පවරා තිබූ අන්තිම කැමති පත්‍රයක් වලංගුවන්නේ කැමති පත්‍රයක් ලෙස පිළිගත් බවයි. ඒ අනුව මින් පැහැදිලි වන්නේ කිසිම අයිතිවාසිකමක් නොමැති පිටස්තර පුද්ගලයකුට අයිතිවාසිකම් ඇති පුද්ගලයන් සිටියදී අන්තිම කැමති පත්‍රයක් හරහා දේපල අන්සතු කල හැකි බවයි.

සිවිල් නඩු විධාන සංග්‍රහයේ 516-554 E දක්වා වන වගන්ති අනුව යම් පුද්ගලයකු විසින් අන්තිම කැමති පත්‍රයක් ලියා තබා මිය ගිය විට එම අන්තිම කැමති පත්‍රය සොයා ගනු ලබන තැනැත්තා හෝ එම අන්තිම කැමති පත්‍රය අත දරන්නා එම අන්තිම කැමති පත්‍රය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කොට ප්‍රොබේට් බලපත්‍රය තමා වෙත ලබා ගත යුතු වේ. ප්‍රොබේට් බලපත්‍රය ඉල්ලා නඩු පැවරූ විට ඊට විරුද්ධව දේපල සම්බන්ධව උනන්දුවක් දක්වන ඕනෑම තැනැත්තෙකුට විරෝධතා ගොනු කිරීමට අවස්ථාව ලැබේ. එහිදී අන්තිම කමති පත්‍රය අභියෝගයට ලක් කිරීමට එම පුද්ගලයාට හැකියාව ලැබෙන අතර ඊට හේතුන් ලෙස උත්තර්ජනය හෝ තර්ජනය යටතේ අන්තිම කැමති පත්‍රය ලියා ඇති බව, මනා සිහිබුද්ධියෙන් නොසිටීම යන හේතුන් මත හෝ වෙනත් නෛතික අවශ්‍යතා අනුගමනය නොකිරීම යන හේතුව ඉදිරිපත් කල හැකිය.

අන්තිම කැමති පත්‍රයක් අවලංගු කිරීම පිළිබඳව සලකා බැලීමේදී එය ක්‍රම කිහිපයකට සිදු කළ හැකි බව දැකගත හැකිවේ. ඉන් එක් ක්‍රමයක් වන්නේ අලුත් අන්තිම කැමති පත්‍රයක් ලියා අත්සන් කොට පරණ අන්තිම කැමති පත්‍රය අවලංගු වන බවට එහි පැහැදිලිව සඳහන් කිරීමයි. එසේම අන්තිම කැමති පත්‍රය එක් කොටසක් වෙනස් කිරීම සඳහා කොඩිසිල් පත්‍රයක් ලිවිය හැකි වන අතර එම කොඩිසිල් පත්‍රය මගින් අන්තිම කැමති පත්‍රයේ විශාල වෙනසක් සිදු කළ නොහැකි බව මතක තබාගත යුතු වේ. එසේම තවත් ක්‍රමයක් වන්නේ විනාශ කිරීම මගින්ද අන්තිම කැමති පත්‍රය අවලංගු කළ හැකිවේ. නමුත් අන්තිම කැමති පත්‍රය විනාශ කිරීම මගින් එය අවලංගු කිරීමේ චේතනාවක් තෙස්තමේන්තුකරුට තිබූ බව ඔප්පු කළ යුතු වන අතර එම චෝදනාව ඔප්පු කිරීමට යම් හෙයකින් නොහැකි වුවහොත් නොතාරිස් වරයා සතුව පවතින අන්තිම කැමති පත්‍රයේ දෙවන පිටපත ඉදිරිපත් කිරීම මගින් එය වලංගුව තබා ගැනීමට හැකියාව ඇත.

උදාහරණයක් ලෙස ගුණවර්ධන එ. බැද්දේවෙල (1970) 73 NLR 463 නැමති නඩුවේ දී තෙස්තමේන්තුකරු සිය අන්තිම කැමති පත්‍රය යතුරු ලියනය කොට මැනැවින් අත්සන් කොට තිබුනි. කෙසේ වුවද ලේඛණයේ වගන්ති බොහොමයක් පෑනකින් කපා දමා වෙනස්කම් කර තිබූ අතර තෙස්තමේන්තුකරු මියගිය විට විආඳිය යුතු ගැටලුව වූයේ මෙම අන්තිම කැමති පත්‍රයේ තිබූ කපා දැමීම් හා පෑනෙන් ලියා තිබීම් නිසා එය අවලංගු වී ඇත්ද යන්නයි. අන්තිම කැමති පත්‍රය වෙනස් කිරීමේ චේතනාවක් තෙස්තමේන්තුකරුට තිබූ බව මින් පැහැදිලි වන නමුත් ඔහු එය ක්‍රියාත්මක කර නොතිබූ බව අධිකරණය තීරණය කළ අතර ඔහුගේ චේතනාව චේතනාවක් වශයෙන් තිබූ බවත් එය ක්‍රියාත්මක නොකළ බවත් එය වලංගු අන්තිම කැමති පත්‍රයක් වන බවත් අධිකරණය මෙහිදී තීරණය කරනු ලැබූයේ අදාල අන්තිම කැමති පත්‍රයක් නිසි පරිදි යාවත්කාලීන කිරීම කරමින් වලංගු අන්තිම කැමති පත්‍රයක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන නිසි ක්‍රමවේදය අනුගමනය කොට නොතිබූ නිසාවෙනි.

ඒ අනුව අන්තිම කැමති පත්‍රයක් සහිත දේපල අනුප්‍රාප්තිය සම්බන්ධව ලංකාවේ බලපවත්නා මූලික නෛතික තත්වය ඉහත පරිදි සාකච්ඡා කල හැකිවේ.

සටහන - මධුප දිසානායක

12/05/2020

උපුටාගැනීම

[MEDIA=facebook]id=3211618805549882;type=p[/MEDIA]

[QUOTE="VirajRK, post: 28892987, member: 526242"] අන්තිම කැමති පත්‍රයක් සහිත දේපල අනුප්‍රාප්තිය... යම් පුද්ගලයකුගේ මරණින් පසු දේපලක අනුප්‍රාප්තිය සිදුවිය හැකි ආකාර ප්‍රධාන වශයෙන් දෙආකාර බවත් එය අන්තිම කැමති පත්‍රයක් සහිත දේපල අනුප්‍රාප්තිය හා අන්තිම කැමති පත්‍රයක් රහිත දේපල අනුප්‍රාප්තිය බවත් අපි මීට ඉහත ලිපියේදී සඳහන් කලෙමු. එසේම එම ලිපිය මගින් අන්තිම කැමති පත්‍රයක් රහිත දේපල අනුප්‍රාප්තිය සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කළෙමු. ඒ අනුව මෙම ලිපියේ අරමුණ වන්නේ යම් තැනැත්තෙකු තමන්ගේ මරණින් මතු සිය දේපල අන්තිම කැමති පත්‍රයක් හරහා අන්සතු කිරීමට අදහස් කරනු ලබන විට ඒ සම්බන්ධව ලංකාවේ බලපවත්නා නෛතික තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම වේ. මෙහෙදී මා ඉහතින් භාවිතා කල "අන්සතු කිරීමට" යන වචන ඛණ්ඩය මගින් මෙම ලිපිය ආරම්භ කිර්‍ර්මට බලාපොරොත්තු වෙමු. එහි අදහස වන්නේ, යම් තැනැත්තෙකුට තමන්ගේ දේපල අන්තිම කැමති පත්‍රයක හරහා ඕනෑම පුද්ගලයකුට තමන්ගේ මරණින් මතු හිමිකම පැවරෙන ආකාරයකට අන්සතු කල හැකි වීමයි. එහිදී තම ලඟම නෑයන් වෙත පැවරීම (උදාහරණ ලෙස සිය මවට පියාට කලත්‍රයාට දුවට පුතාට) අනිවාර්ය නොවේ. එවැන්නන් බැහැර කරමින් සම්පූර්ණ දේපල ඒ අනුව බාහිර පුද්ගලයකුට ලබා දිය හැකි වේ. ඒ අනුව මෙහෙදී තම්න්ගේ දේපල කාට හිමි විය යුතු ද යන්න පිළිබඳ තීරණය කිරීමට හැකියාවක් අදාල දේපල අයිතිකරු වෙත ලැබෙන බව දැකිය හැකිය. අන්තිම කැමති පත්‍රයක් සහිත අනුප්‍රාප්තිය සම්බන්ධයෙන් ලංකාවේ අදාළ වන නෛතික තත්ත්වය 1844 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පනත තුළ දක්වා ඇත. එම ආඥ පනතේ ප්‍රතිපාදන අනුව සාමාන්‍ය නීතියෙන් හා මුස්ලිම් නීතිය ඇතුළු සියළු පෞද්ගලික නිතී වලින් පාලනය වන පුද්ගලයන්ට මෙම ආඥා පනත අදාල වන බව දක්වා ඇත. අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ දෙවන වගන්තිය දක්වන පරිදි අවුරුදු 18ට අඩු පුරුෂයෙකුට හෝ කාන්තාවකට වෙනත් ව්‍යවස්ථාපිත අවශ්‍යතා සපුරා ඇති නම් අන්තිම කැමති පත්‍රයක් ලියා අත්සන් කිරීම මගින් සිය දේපළ බැහැර කිරීමට අයිතිවාසිකමක් ඇත. එසේ ලියන ලද අන්තිම කැමති පත්‍රයක් වුවද (ඕනෑම අන්තිම කැමති පත්‍රයක්) වලංගු වන්නේ එම අන්තිම කැමති පත්‍රය 1840 අංක 7 දරන වංචා වැලැක්වීමේ ආඥා පනතේ විධිවිධානවලට අනුකූලව සකස් කර තිබුණහොත් පමණි. 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනතේ 4 වන වගන්තිය දක්වන්නෙ අන්තිම කැමති පත්‍රයක් ක්‍රම 2කට ලියා දැක්විය හැකි බවයි. ඉන් පළමුවැන්න වන්නේ යම් අන්තිම කැමති පත්‍රයක් ප්‍රසිද්ධ නොතාරිස්වරයකු සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ ලියා අත්සන් කිරීමයි. දෙවැනි ක්‍රමය වන්නේ නොතාරිස්වරයකු සම්බන්ධ කර නොගනිමින් සාක්ෂිකරුවන් පස්දෙනෙකු ඉදිරියේ ලියන අත්සන් කිරීමයි. මෙම දෙවන අවස්ථාවේදී සාක්ෂි කරුවන් පස්දෙනාම අන්තිම කැමතිපත්රකරු විසින් තමන් ඉදිරියේ ම අන්තිම කැමැති පත්‍රය ලියා අත්සන් කළ බව සහතික කළ යුතුය. නොතාරිස්වරයකු විසින් අන්තිම කැමති පත්‍රය සකස් කරන අවස්ථාවේදී එකී නොතාරිස්වරයා විසින් එය පිටපත් දෙකකින් යුතුව සකස් කළ යුතු අතර මුල්පිටපත අදාල තෙස්තමේන්තුකරුට (දේපල අයිතිකරුට/ අදාල අන්තිම කැමති පත්‍රය ලියන ලබන තැනැත්තා) භාර දිය යුතු අතර දෙවන පිටපත නොතාරිස්වරයා විසින් තමා සන්තකයේ තබා ගත යුතුවේ. මෙම අන්තිම කැමති පත්‍ර පිළිබඳ නෛතික තත්වයේ ඉතිහාසය රෝම නීතිය දක්වාම ඈත අතීතයට දිවයන අතර එහිදී කලින් කලට වෙනස් වූ අන්තිම කැමති පත්‍ර ආකෘති ආකාර කිහිපයක් අතුරින් අවසාන වශයෙන් පිළිගනු ලැබූ ත්රීමූල අන්තිම කැමති පත්‍ර ආකෘතිය (Testamentum Tripertitum) යටතේ රෝමවරුන්ට තම දේපල වලංගු ලෙස අන්සතු කිරීමේ හැකියාව ලබා දෙන ලදී. කෙසේ නමුත් මෙම අන්තිම කැමතිපත්‍ර දේපල අනුප්‍රාප්තිය හේතුකොටගෙනම පවුල තුළ සිය ලඟම නෑදෑයන් වෙත දේපල කොටසක් හිමි නොවීම හේතුකොටගෙන යම් අසාධාරණයකට මුහුණපෑමට සිදුවන නිසා අදාළ අන්තිම කැමතිපත්‍ර කරු විසින් යම් දේපල කොටසක් තම ලඟම නෑදෑයන් වෙත වෙන් නොකොට අන්තිම කැමති පත්‍රයක් ලියා ඇති විට එම ළඟම නෑයන් හට රෝම නීතිය යටතේ නඩුකරයක් ගෙන ඒමට හැකියාව ලබාදී තිබුණි. එම නඩුකරය Querela Inoficiosi Testamenti හෙවත් අසාධාරණ අන්තිම කැමති පත්රයකට විරුද්ධ නඩුකරය ලෙස හඳුන්වනු කබයි. එහි දී නීත්‍යානුකූල පංගුව හෙවත් legitima portio නම් ර්රෝම නීති සංකල්පය බිහිවූ අතර ඒ අනුව යම් පුද්ගලයෙක් අන්තිම කැමති පත්‍රයක් මගින් සිය දේපල අන්සතු කිරීමේදී තමන්ගේ ළඟම ඥාතීන් වෙත නීත්‍යානුකූල පංගුව ලෙස මුල් කාලීනව දේපලින් 1/4 කොටසක් වෙන් කොට ඉතිරි කොටස පමණක් බාහිර පුද්ගලයන් වෙත අන්තිම කැමති පත්‍රයක් හරහා ලබා දීමට හැකියාව ලබා දෙන ලදී. නමුත් ජස්ටීනියන්ගේ කාලය වන විට මෙම ප්‍රාමාණය වෙනස් විය. කෙසේ නමුත් 1844 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ 2වන වගන්තිය අනුව නීත්‍යානුකූල පංගුව නමැති සංකල්පයට ලංකාවේ නීතිය තුළ ඉඩක් නොමැති බව දැකගත හැකිවේ. ඒ අනුව ඉහතින් සඳහන් කල පරිදි තෙස්තමේන්තු කරුවෙකුට අන්තිම කැමති පත්‍රයක් හරහා ඕනෑම පුද්ගලයකුට දේපල බැහැර කල හැකිය. විමලාවතී එ. ඕපනායක (1971) 74 NLR 308 නම් නඩුව ඇතුළු නඩු තීරණ ගණනාවක් මේ සඳහා උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. මෙම නඩුවේ දී දක්වනු ලැබූ පරිදි එක්තරා පුද්ගලයකු විසින් අන්තිම කැමති පත්‍රයක් ලියා අත්සන් කරමින් සිය දේපළ තම පෞද්ගලික නීතිය යටතේ දේපල උරුමය ලැබීමට අයිතියක් නොමැති සිය අවිවාහක දරුවන්ට පවරා දුන් අතර එය වලංගු බවත් තීරණය කිරීම හරහා මෙම නෛතික තත්වය පැහැදිලි කරගත හැකිවේ.එසේම ලීලී පෙරේරා එ. චන්ද්‍රානි පෙරේරා (1990) 1 SLR 246 නැමති නඩුවේ දී විවාහජ හා අවිවාහජ දරුවාට දේපල බැහැර කරමින් ලියා අත්සන් කර තිබූ අන්තිම කැමති පත්‍රය වලංගු අන්තිම කැමති පත්‍රයක් ලෙස අධිකරණය පිළිගන්නා ලදී. නඩු තීරණ නීතිය අනුව තවදුරටත් මේ පිළිබඳව උදාහරණ සලකා බැලීමේදී සිල්වා එ. සෙනෙවිරත්න (1981) 2 SLR 7 නමැති නඩුවේදී දක්වනු ලැබුයේ තම නීත්‍යානුකූල භාර්යාව සහ නීත්‍යානුකූල උරුමකරුවන් බැහැර කරමින් තම සහෝදරයන් හා සහෝදරියන් ට සිය දේපළ පවරා තිබූ අන්තිම කැමති පත්‍රයක් වලංගුවන්නේ කැමති පත්‍රයක් ලෙස පිළිගත් බවයි. ඒ අනුව මින් පැහැදිලි වන්නේ කිසිම අයිතිවාසිකමක් නොමැති පිටස්තර පුද්ගලයකුට අයිතිවාසිකම් ඇති පුද්ගලයන් සිටියදී අන්තිම කැමති පත්‍රයක් හරහා දේපල අන්සතු කල හැකි බවයි. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 516-554 E දක්වා වන වගන්ති අනුව යම් පුද්ගලයකු විසින් අන්තිම කැමති පත්‍රයක් ලියා තබා මිය ගිය විට එම අන්තිම කැමති පත්‍රය සොයා ගනු ලබන තැනැත්තා හෝ එම අන්තිම කැමති පත්‍රය අත දරන්නා එම අන්තිම කැමති පත්‍රය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කොට ප්‍රොබේට් බලපත්‍රය තමා වෙත ලබා ගත යුතු වේ. ප්‍රොබේට් බලපත්‍රය ඉල්ලා නඩු පැවරූ විට ඊට විරුද්ධව දේපල සම්බන්ධව උනන්දුවක් දක්වන ඕනෑම තැනැත්තෙකුට විරෝධතා ගොනු කිරීමට අවස්ථාව ලැබේ. එහිදී අන්තිම කමති පත්‍රය අභියෝගයට ලක් කිරීමට එම පුද්ගලයාට හැකියාව ලැබෙන අතර ඊට හේතුන් ලෙස උත්තර්ජනය හෝ තර්ජනය යටතේ අන්තිම කැමති පත්‍රය ලියා ඇති බව, මනා සිහිබුද්ධියෙන් නොසිටීම යන හේතුන් මත හෝ වෙනත් නෛතික අවශ්‍යතා අනුගමනය නොකිරීම යන හේතුව ඉදිරිපත් කල හැකිය. අන්තිම කැමති පත්‍රයක් අවලංගු කිරීම පිළිබඳව සලකා බැලීමේදී එය ක්‍රම කිහිපයකට සිදු කළ හැකි බව දැකගත හැකිවේ. ඉන් එක් ක්‍රමයක් වන්නේ අලුත් අන්තිම කැමති පත්‍රයක් ලියා අත්සන් කොට පරණ අන්තිම කැමති පත්‍රය අවලංගු වන බවට එහි පැහැදිලිව සඳහන් කිරීමයි. එසේම අන්තිම කැමති පත්‍රය එක් කොටසක් වෙනස් කිරීම සඳහා කොඩිසිල් පත්‍රයක් ලිවිය හැකි වන අතර එම කොඩිසිල් පත්‍රය මගින් අන්තිම කැමති පත්‍රයේ විශාල වෙනසක් සිදු කළ නොහැකි බව මතක තබාගත යුතු වේ. එසේම තවත් ක්‍රමයක් වන්නේ විනාශ කිරීම මගින්ද අන්තිම කැමති පත්‍රය අවලංගු කළ හැකිවේ. නමුත් අන්තිම කැමති පත්‍රය විනාශ කිරීම මගින් එය අවලංගු කිරීමේ චේතනාවක් තෙස්තමේන්තුකරුට තිබූ බව ඔප්පු කළ යුතු වන අතර එම චෝදනාව ඔප්පු කිරීමට යම් හෙයකින් නොහැකි වුවහොත් නොතාරිස් වරයා සතුව පවතින අන්තිම කැමති පත්‍රයේ දෙවන පිටපත ඉදිරිපත් කිරීම මගින් එය වලංගුව තබා ගැනීමට හැකියාව ඇත. උදාහරණයක් ලෙස ගුණවර්ධන එ. බැද්දේවෙල (1970) 73 NLR 463 නැමති නඩුවේ දී තෙස්තමේන්තුකරු සිය අන්තිම කැමති පත්‍රය යතුරු ලියනය කොට මැනැවින් අත්සන් කොට තිබුනි. කෙසේ වුවද ලේඛණයේ වගන්ති බොහොමයක් පෑනකින් කපා දමා වෙනස්කම් කර තිබූ අතර තෙස්තමේන්තුකරු මියගිය විට විආඳිය යුතු ගැටලුව වූයේ මෙම අන්තිම කැමති පත්‍රයේ තිබූ කපා දැමීම් හා පෑනෙන් ලියා තිබීම් නිසා එය අවලංගු වී ඇත්ද යන්නයි. අන්තිම කැමති පත්‍රය වෙනස් කිරීමේ චේතනාවක් තෙස්තමේන්තුකරුට තිබූ බව මින් පැහැදිලි වන නමුත් ඔහු එය ක්‍රියාත්මක කර නොතිබූ බව අධිකරණය තීරණය කළ අතර ඔහුගේ චේතනාව චේතනාවක් වශයෙන් තිබූ බවත් එය ක්‍රියාත්මක නොකළ බවත් එය වලංගු අන්තිම කැමති පත්‍රයක් වන බවත් අධිකරණය මෙහිදී තීරණය කරනු ලැබූයේ අදාල අන්තිම කැමති පත්‍රයක් නිසි පරිදි යාවත්කාලීන කිරීම කරමින් වලංගු අන්තිම කැමති පත්‍රයක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන නිසි ක්‍රමවේදය අනුගමනය කොට නොතිබූ නිසාවෙනි. ඒ අනුව අන්තිම කැමති පත්‍රයක් සහිත දේපල අනුප්‍රාප්තිය සම්බන්ධව ලංකාවේ බලපවත්නා මූලික නෛතික තත්වය ඉහත පරිදි සාකච්ඡා කල හැකිවේ. සටහන - මධුප දිසානායක 12/05/2020 උපුටාගැනීම [MEDIA=facebook]id=3211618805549882;type=p[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom