අන්තිම කැමැත්ත ලිව්වද???

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
අන්තිම කැමැත්ත ලිව්වද???

අන්තිම කැමති පත්‍රය




අන්තිම කැමති පත්‍රයක් යනු

1844 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පන‍‍තේ 2වන වගන්තිය අනුව අන්තිම කැමති පත්‍රයක් යනු කිසියම් තැනැත්තක්ගේ මරණයෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ ජීව්ත කාලය තුළ රැස් කරගත් බූදලයට ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් එම තැනැත්තා විසින් කරනු ලබන අවසාන ප්‍රකාශන පත්‍රය වේ.අන්තිම කැමති පත්‍රයක් සහිතව මියගිය තැනැත්තකුගේ බූදලය ඔහුගේ අන්තිම කැමැත්ත මත බෙදී යා යුතු අතර අන්තිම කැමති පත්‍රයක් නොමැති අවස්ථාවලදි අනුප්‍රාප්ති නීතිය යටතේ සකස් කරනු ලබන පෙළපත් සටහන අනුව එම තැනැත්තාගේ දේපල ‍බෙදී යා යුතුය.
එහෙත් මෙහිදි අනුප්‍රාප්තිය ඉතාමත් ව්‍යාකූල වන අතර ලන්දේසි නීතියට යටත්වන තැනැත්තන් සදහා පොදු නීතිය ද අනෙකුත් එක් එක් පුද්ගලයාට විශේෂ නීති වන උඩරට නීතිය,මුස්ලිම් නීතිය සහ තේසවලාමේ නීතිය මතද දේපල බෙදී යන ආකාරය එකිනෙකට වෙනස් වේ.
අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ 3 වන වගන්තිය අනුව සහ 1993 අංක 5 දරණ සංශෝධන පනතට අනුව අවු.18 ට වැඩි අයෙකුට අන්තුම කැමති පත්‍රයක් ලියා සකස් කල හැකි ය



අන්තිම කැමති පත්‍රයක් සැකසීම

අන්තිම කැමති පත්‍රයක් තබා මිය ගිය විට අනෙකුත් සියලුම අනුප්‍රාපති නීති ඉදිරියේ අන්තිම කැමති පත්‍රය ප්‍රබලම ලියවිල්ල බවට පත් වේ.මෙම ලියවිල්ල සකස් කිරීම සමිපූර්ණයෙන් ම වංචා වැලැක්විමේ ආඥා පනතට අනුව සිදු විය යුතු ය.1840 අංක 7 දරණ වංචා වැලැක්වීමේ ආඥා පනතේ 4 වන වගන්තිය ට අනුව අන්තිම කැමති පත්‍ර සහ කොඩිසිල් පත්‍ර මඟින් නිශ්චල දේපල පැවරිමකදී එකී අන්තිම කැමති පත්‍ර හෝ කොඩිසිල් පත්‍ර ක්‍රම දෙකකට සකස් කළ හැක.
1. නොතාරස්වරයකු සිටීනමි එකී නොතාරස්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහතික කිරීමෙන් අන්තිම කැමති පත්‍රය සකස් කළහැකි ය.
2. නොතාරිස්වරයෙකු අන්තිම කැමති පත්‍රය සහතික නොකරන අවස්ථාවලදී අඩු වශයෙන් සාක්ෂිකරුවන් 5 දෙනෙකු ඉදිරියේ අන්තිම කැමති පත්‍රය සහතික කර තිබිය යුතු ය


අන්තිම කැමති පත්‍රයක් නිත්‍යනුකූල වීම

එසේ වුව ද 4 වන වගන්තිය අනුව පහත සදහන් පොදු අවශ්‍යතා සපුරාලන්නේ නම් පමණක් අන්තිම කැමති පත්‍රයක් නීත්‍යානුකූල ලියවීල්ලක් බවට පත් වේ.
1.අන්තිම කැමති පත්‍රයක් ලිඛිත විය යුතුයි.එසේ වුවද මෙම පනතේ 14 වන වගන්තිය අනුව යුධ සේවයේ නියුතු සොල්දාදුවෙකු සහ මුහුදේ සේවය කරන නැවියෙකුට ඉහත සදහන් විධිවිධාන අනුගමනය කිරීම අවශ්‍ය කනාවන අතර වාචිකව ද අන්තිම කැමති පත්‍රය සකස් කළ යුතු ය.
2.අන්තිම කැමති පත්‍රකරු විසින් හෝ ඹහු ඉදිරිපිට දී ඹහු විසින් බලය දෙන ලද තැනැත්තකු විසින් අත්සන් කර තිබිය යුතු ය.එහෙත් අර්ථ නිරූපණ ආඥා පනතේ 2 වන වගන්තිය අනුව සළකුණකින් අත්සන් කළ හැකි බව දැක්‍‍වෙයි.නොතාරිස් ආඥා පනතේ 31(15) වගන්තිය ට අනුව වම් මාපට ඇගිලි සළකුණ යෙදීම ද නීත්‍යානුකූල වෙයි.එකී අත්සන අන්තිම කැමති පත්‍රයේ කෙළවර හෝ අග තබා තිබිය යුතු ය. පෙරේරා එ. පෙරේරා හිදි අන්තිම පත්‍රකරු කතිරයකින් අත්සන් කර තිබුණ ද එය පිළිගැණුනි. ඊබ්‍රහිමි යූසුෆ් එ. පකීර් බාවා හිදි අත්සන පැත්තකින් තබා තිබුණ ද එය වලංගු අත්සනක් ලෙස පිළිගැණුනි.
3. අන්තිම කැමති පත්‍රකරු පහත සදහන් අවස්ථා දෙකෙන් එකකදී අත්සන් කර තිබිය යුතු ‍ය.
(a) නොතාරිස්වරයකු සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි දෙනෙකු ඉදිරියේ අත්සන් කර තිබිය යුතු අකර ඒ බවට ඹවුන් විසින් සහතික කර තිබිය යුතු ය.
(b) ඹවු‍නොවුන් ඉදිරිපිටදි එනක විට එක්ව සිටිය දි අත්සන් කර තිබිය යුතු ය.
(c) එ‍සේ නොමැති නමි නොතාරිස්වරයෙකු නොමැති අවස්ථාවකදී සාක්ෂිකරුවන් 5 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඉදිරියේ අත්සන් කර තිබිය යුතු අතර එම සාක්ෂිකරුවන් විසින් එම අත්සන් සහතික කර තිබිය යුතු ය.

නොතාරිස් ආඥා පන‍තේ 31(11)වගන්තිය අනුව අන්තිම කැමති පත්‍රකරු එම ලේඛනය අත්සන් කිරීමටඩ පෙර ඹහුට එය කියවා තේරුමි කර දිය යුතු අතර එම අවස්ථාව වන විට එකී ලේඛනය තේරුමි ගැනීමට තරමි මනා සිහිබුද්ධියෙන් සහ වටහා ගැනීමට ඇති හැකියාවෙන් යුක්තව සිටින බව ද තහවුරැ විය යුතු ය.

සාක්සිකරුවන් 5 දෙදෙනෙකු ඉදිරියේ ලියා අත්සන් කරන්නේ නම් එවිට සියලු සාක්ෂිකරුවන් ඉදිරියේ සහ අන්තිම පත්‍රකරු ද ඉදිරියේ ඹවුනොනුන් එකවිට එක්ව සිටියදී අත්සන් කළ යුතු වේ.එවැනි අවස්ථාවක නොතාරිස්වරයකු අවශ්‍ය නොවන අතර නොතාරිස්වරයකු පැමිණ සිටිය ද ඹහු පැමිණියේ අන්තිම කැමති පත්‍රය සම්බන්ධයෙන් නොවේ නම් හෝ අහම්බෙන් පැමීණීමක් සිදු වී ඇත්නම් එවිට ද නොතාරිස්වරයා‍ගේ පැමිණීම අන්තිම කැමති පත්‍රයට අදාළ ‍නොවේ.

වංචා වැළැක්වී‍මේ ආඥා පනතේ 4 වන වගන්තිය අනුව අන්තිම කැමති පත්‍රයක් සකස් කිරිමෙන් අනතුරුව ඊට අතිරේකයක් වශයෙන් කොඩිසිල් පත්‍රයක් සකස් කළ හැක.මෙම කොඩිසිල් පත්‍ර අන්තිම කැමති පත්‍රයට අතිරේකයක් වශයෙන් හෝ වෙනස් කිරීමක් සදහා සකස් කළ හැකි අතර අන්තිම කැමති පත්‍රවලට අදාළ සියලු විධිවිධාන කොඩිසිල් පත්‍ර වෙනුවෙන් ද අනුගමනය කළ යුතු ය.



අන්තිම කැමති පත්‍ර අවලංගු කිරීම

වංචා වැළැක්වීමේ ආඥා පනතේ 6 වන වගන්තියට අනුව අන්තිම කැමති පත්‍රයක් හෝ ‍කොඩිසිල් පත්‍රයක් අවලංගු කළ නොහැකි අතර පහත සඳහන් අවස්ථාවලදි අවලංගු වේ.

1. තෙස්තමේන්තුකරු හෝ තෙස්තමේන්තුකාරිය අන්තිම කැමති පත්‍රය සකස් කිරීමෙන් පසු විවාහ වුවහොත් .
2. නැවත අන්තිම කැමති පත්‍රයක් ‍හෝ කොඩිසිල් පත්‍රයක් සකස් කර එම අවස්ථා‍වෙදි පළමු අන්තිම කැමති පත්‍රය ‍හෝ කොඩිසිල් පත්‍රය අවලංගු කරමින්අලුත් අන්තිම කැමති පත්‍රයක් ‍හෝ කොඩිසිල් පත්‍රයක් සකස් කළ විට.
3.වංචා වැළැක්වී‍මේ ආඥා පනතේ 4 වන වගන්තිය අනුව අදාළ විධිවිධාන වලට අනුව නව අන්තිම කැමති පත්‍රයක් සකස් කළ විට.
4.අන්තිම කැමති පත්‍රය අවලංගු කිරීමේ චේතනාවෙන් තෙස්තමේන්තුකරු විසින් හෝ ඹහුගේ ‍හෝ ඇයගේ නියෝගය මත තෙස්තමේන්තුකරු හෝ තෙස්තමේන්තුකාරිය ඉදිරියේ ‍‍වෙනත් තැනැත්තකු විසින් පිළිස්සීමෙන් හෝ ඉරාදැමීමෙන් හෝ වෙනත් ආකාරයකින් විනාශ කළ විට අන්තිම කැමති පත්‍රය අවලංගු වේ. මෙහිදි අන්තිම කැමති පත්‍රය අවලංගු කිරීමේ චේතනාව ද එසේ අවලංගු කිරීමේ ක්‍රියාව ද සම්පූර්ණ විය යුතු ය.

විකිපීඩියා අනුසාරයෙනි.
බම්ප් එකක් දාල කැමතිනං සලකල යන්න අමතක කරන්න එපා.

 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඊමේල් අකෞන්ට් ටිකෙත් එලකිරියෙ තියෙන ෆේක් අකෞන්ට්ස් ටිකෙයි අයිතිය තමා ලියන්න වෙන්නෙ :no: :no:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේක දැක්කාම හිතෙනවා මැරෙන එකත් ලේසී නෑනේ බන් :lol:
     

    Similar threads