Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්තිම රජතුමා කොළඹ රඳවා සිටි කුටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිම රජතුමා කොළඹ රඳවා සිටි කුටිය

අන්තිම රජතුමා කොළඹ රඳවා සිටි අන්තිම කුටිය

සිහිවටනයක පසුබ්ම් කතාව

කොළඹ කොටුවේ මහ බැංකුව අසළ අමුතුම ආකාරයේ ස්මාරකයක් ඇත. එතැනින් යන බොහෝ දෙනා මේ කුමක්දැයි නිකමටවත් බලනවා නම් ඒ කලාතුරකිනි. මේ කුඩා ස්මාරකයේ ඉදිරිපස උඩුකයක රුවක් වෙයි. මෙහි අනෙක් පස යකඩකූරු ගේට්ටුවකි. ඉන් ඇතුළ බැලූවිට ඉතා කුඩා ඉඩක් පෙනෙන්නට ඇත. බැලූ බැල්මට කුටිය රිමාන්ඩ් සිරකරුවකුටවත් ගුළි වී සිටින්නට ප්‍රමාණවත්දැයි සැක සහිතය. එහෙත් මෙය අපේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රටින් පිටුවහල් කෙරෙන්නට පෙර සිරකොට තැබූ කුටිය අද ද මතකයට ගෙන එන ස්මාරකයකි.

මේ ගෙන්දගම් පොළොවේ සැරිසරන බොහෝ දෙනෙකු මෙවැනි ස්ථානයක් පසු කොට යන විට මේ කුමක්දැයි නොදැකීම ජාතියේ අවාසනාවක් වැනි වේ.

රාජසිංහ රජු සිරකොට තැබූ කුටිය සිහිගන්වන මේ කුටිය අසලට මා යන විට එක් විදේශිකයකු සිටියේ විදේශීය සිගරැට්ටුවක් උරමින් ලෝක විනාසය අත ළඟ එන්නට පෙර බී නිමකළ යුතු කලක මෙන් කලබලයෙන් ඔහු වේගයෙන් සිගරැට්ටුව උරමින් සිටියේය. මේ ස්මාරකය අසල රාත්‍රියේ කිසිවකු බී හමාර කළ බියර් කෑන් එකක්ද වූ බව පවසන්නේ මෑන් ‘‘රාජ තේජසින්’’ යුතුවය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාද අවසන් කාලයේ තදබල ලෙස මත්පැනට ඇබ්බැහි වූ කෙනෙකු වූ බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

අප මේ ස්මාරකය සමීපයට යන විට විදේශිකයකු අප පසුපස ආවේ විමතියට පත් වෙමිනි. ඔහු අත නවීනතම කැමරාවක්ද විය. ‘‘මේ කුමක්දැයි’’ විදේශිකයා ලියුම්කරුගෙන් විමසන්නට විය. ඔහු සතුව තිබූ මාර්ගෝපදේශ කෘතියේ ඒ ගැන කිසිදු සටහනක් නොවීය.

අවසානයේ විදේශිකයා තම ජංගම දුරකථනයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන වූ තොරතුරු සොයාගෙන මෙම ස්මාරකයේ ඡායාරූප කීපයක්ම ගත්තේ දැඩි සතුටිනි.

‘‘උඹලගේ රටේ වගේ සංචාරකයන්ට සලකන මෝඩ ජාතියක් තවත් නැතුව ඇති. මේ වගේ වටිනා තැන් ලංකාවේ කොළඹ කොච්චර තියෙනවද? සංචාරක ආකර්ෂණයක් තියෙන විශේෂයෙන් ලන්දේසි, පෘතුගීසි ජාතිකයන්ගේ කෞතුක වටිනාකමක් ඇති තැන්. ඒ සමහර වටින තැන්වල වැල් ගැටගහල රෙදි විකුණනවා. සමහර ඒවා උඩ තියන් ඇපල් විකුණනවා. සංචාරක ආකර්ෂණයක් ඇති මේ තැන් ගැන භාෂා කීපයකින් හැදින්වීමක් කරල පුවරුවක් (Board) එකක් වගේ සවිකළා නම් හොඳයි.

ඒ වුණාට උඹලගේ රටෙන් මේවා බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපි අපේ රටේ ෆ්‍රයිඩ් රයිස් කාලා එපා වෙලා පොඩි කඩෙකින් කට්ට සම්බෝලයක් එක්ක කිරිබත් කෑල්ලක්, හැලපයක් කන්න ආවම උඹල අපට ගිනිදවාලේ තාච්චිවල දාලා ෆ්‍රයිඩ් රයිස් බැදල දෙනවා.’’

විදේශිකයාට මෙවැනි තැන් කීපයක්ම ලියුම්කරු පෙන්වා සිටින ලදී. ඒ අතරින් කොළඹ කොටුවට ඇතුළු වූ තැන, පළමු ලෝක යුද්ධයේ යුද ස්මාරක හා කොඩිගහ විදේශිකයාගේ සිත්ගත් තැන් විය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන කියන්නට ගොස් විදේශිකයකු අපේ සංචාරක ව්‍යාපාරය ගැන දැක් වූ ආඩපාලි ලියන්නට කල්ගත කිරීම ගැන පාඨකයින් උරණ නොවනු ඇතැයි සිතමි. එය සටහන් කළ යුතුවම ඇත්තේ මෙවැනි ඓතිහාසික වටිනාකම් ඇති ස්ථාන විදේශිකයන්ටත් වඩා ස්වදේශිකයින්ට හඳුන්වාදීමට මෙරට තුළ වැඩ පිළිවෙළක් නොමැති නිසාමය.

මේ සිංහලයේ අවසන් රජු රාජ්‍යත්වයට පත් අයුරුද ලේඛනගතව ඇත්තේද මෙසේමය. රාජාධි රාජසිංහ රජුගේ රාජ කාලය සැලකෙන්නේ ක්‍රි.ව. 1782-1798ක් ලෙසය. රජුගේ හදිසි අභාවයෙන් පසු ක්‍රි.ව. 1798 ජුලි 16 වැනි දින රාත්‍රියේ ඔටුනු පලඳින්නේ කන්නසාමි නම් දහඅට හැවිරිදි භද්‍ර යෞවනයාය.

ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ නමිනි. මේ දිනය අන්තර්ජාලය හරහා විමසීමේදී පෙනී යන්නේ. ‘‘සඳුදා, දිනයක් ලෙසය. මේ ඔටුනු පැලඳුවේ. පසුකලෙක රජකම තමා සතු කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටි පිළිමතලාව මහ අධිකාරම් බව ඉතිහාසයේ සඳහන්ව ඇත.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කිරුළ දැරූ අවසන් දිනය ලෙස සැලකෙන්නේ ක්‍රි.ව. 1815 පෙබරවාරි 18 වැනි ඉරිදාය. එම කාලය වසර දාසයක් මාස හතක් සහ හරියටම කිවහොත් එක් දිනකි. විජයගෙන් පටන්ගෙන බව කියන වසර 2298ක අඛණ්ඩ රාජාවලියක් අප සතු විය. මෙහි ආරම්භය ක්‍රි.පූ. 483 විජය යුගය තෙක් දිව යන්නකි. 1815 මාර්තු 2 දින අපට ජාතියක් වශයෙන් අහිමිව ගියේ ඒ අඛණ්ඩ උරුමය බව මහ බැංකුව අසල ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රුව දකින කවුරුත් මොහොතකටවත් සිතුවාද?

මේ කියන වකවානුවේ මහා බ්‍රිතාන්‍යය යුරෝපයේ නැඟෙමින් සිටියේ බලවත් ජාතියක් ලෙසය. ක්‍රි.ව. 1800 ආරම්භයේදී ප්‍රංශ හමුදා පවා සටනින් පරාජයට පත් කරන්නට බ්‍රිතාන්‍යයින් සමත් වූයේ මුහුදු බලයක් සහිත රටක් බවට බ්‍රිතාන්‍යය පත්කරමිනි. බ්‍රිතාන්‍යයන් මුලින්ම උඩරට රාජධානියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කොට උඩරට වටලන්නේ ක්‍රි.ව. 1803 ජනවාරි 31 වැනි දාකය. ඊට සියවස් ගණනකට පසු ජනවාරි 31 වැනිදාවකම තමා මේ ශ්‍රී වික්‍රම රාජසිංහ ස්මාරකය ඉදිරිපිට ඇති මහ බැංකුව එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකට ලක්වීම දෛවෝපගත සිදුවීමක් නොවන්නේද?

කොළඹ සිට මහනුවරට ගිය ඉංග්‍රීසි බළඇණියේ නායකත්වය මේජර් ජනරාල් මැක්ඩොවල් යුතුවිය. නමුත් උඩරට රාජධානියෙන් පරාජයට පත් ඉංග්‍රීසින්ට පසු බසින්නට සිදුවිය.

නමුත් ඊට පසු ක්‍රි.ව.1815 ජනවාරි 10 වැනිදා උඩරට රාජධානියට එරෙහිව නැවතත් ඉංග්‍රීසි හමුදාව යුද ප්‍රකාශ කළ බව ඉතිහාසයේ සඳහන්ය. මේ වන විට උඩරට රජු අල්ලා ගැනීමට සුදුසු වතාවරණය ඉංග්‍රීසීන් සකසා හමාරය.

රජු ඇල්ලීමට ගිය අය අතර සිටි ඩී.වී.ඒ. දියෙස් වෘත්තියෙන් ඉංග්‍රීසි හමුදාවේ භාෂා පරිවර්තකයකු විය. ඔහු විසින් මේ රජු ඇල්ලීමට ගිය ගමන ගැන ලියූ ලිපිය ක්‍රි.ව. 1861 අප්‍රේල් මස සිංහල සඟරාව නම් ප්රකාශනයේ පළකොට ඇත.

ඊට වසර 33කට පසු ක්‍රි.ව. 1895 දී සරසවි සඳරැස පුවත්පත පළකොට ඇත්තේ කොටස් 3කටය. ශ්‍රී වික්‍රම මහ රජාණන් ඇල්ලීමට සහ කැප්පෙටිපොළ කැරැල්ලේ යුද්ධයටද ඉංග්‍රීසි හමුදාවට තුප්පහිකම් කිරීමට ගියා වූ දොන් වීදියෙස් උන්නැහැ විසින් ලියන ලද ලියමනක පිටපතක් සජ්ජනයන්ගේ ප්‍රසාද සංවේගය පිණිස පළකරන බවය.

මේ වන විට උඩරට රජුගේ ක්‍රියාකලාපයන් කිහිපයක් නිසා සිංහල ජනතාවත් එතුමන්ගෙන් ඈත් වූ වගක් පෙෙනන්නට තිබුණි. රාජසිංහ රජුට රජකම ලබාදීමට උදව් කළ පිළිමතලාවගේ හිස ක්‍රි.ව. 1812 දී රජු අණින් ගසා දැමුණි. ඊටත් වඩා ඇහැෙලපොළ පවුල සමූල ඝාතනය කිරීම නිසා රජු කෙරෙහි ජනතාව තුළ වෛරයක් හට ගන්නට විය.

මේ අතර ඇහැළපොළගේ අනුගාමිකයින් හතළිස් පහක් මහනුවරට කුදලාගෙන විත් උලතැබීම, රජුට එරෙහිවූ හත්කෝරළයේ ප්‍රභූන් 70ක මරාදැමීම, ආදි කරුණු නිසාද රාජසිංහ රජුගෙන් පළිගන්නට අැතැම් සිංහලයින් මාන බලා සිට ඇත. ක්‍රි.ව. 1815 පෙබරවාරි 10 වැනි දින ඉංග්රිසින් සෙංකඩගල නුවරට ඇතුළු වූවත් එය සටහන් කොට හැක්කේ ‘රජු විසින් අතැර ගොස් දමා’ තිබූ රාජධානියක් ලෙසය.

රජු අත්අඩංගුවට පත්වන්නේ ඔහු මහනුවර උඩුපිටියේ ආරච්චිගේ ගාලේවත්තේ ගෙහි සැඟවී සිටියදීය. දොන් ඩොයිලි ක්‍රි.ව. 1815 පෙබරවාරි 19 දින සිද්ධිය වාර්තා කොට ඇත්තේ මෙසේය.

සිංහල රජතුමා දැන් අපේ හිරකරුවෙකි. ඊයේ ඔහු වට කරන ලද්දේ ඉංග්‍රීසි හමුදාව තුවක්කු අතැති දුම්බරවැසියන් අඳුරු වැටීමට පැයකට පමණ පෙරදිය. ඊට කිහිප දෙනෙකු විරුද්ධ වූවත් කිහිප දෙනෙකුට වෙඩි වැදුණ අතර සෙස්සෝ පැන දිවූහ. රජුගේ මවත් බිසෝවරුන් දෙදෙනකු හංවැල්ලේ සිටි බැවින් මෙහි එන ලෙසටත් නායක්කාර් ඥාතීන් සියලු දෙනාට යටත්වන ලෙස තල්පත් පණිවුඩ යැවූවෙමි’’ යනුවෙන් ජෝන් ඩොයිලි වාර්තා කොට ඇත.

එහෙත් මේ ඩොයිලිගේ වාර්තාව නිවැරැදි දැයි අපට අසා සිටිය හැකි එකම පුද්ගලයා මේ මහ බැංකුව ඉදිරිපිට කුටියක සිරකර තැබූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාය.

රාජසිංහ රජු පාවාදුන් සිංහලයන් අතර දුම්බර වැසියන් නොවූ බව ඔවුනගේ වත්මන් පරපුර අභියෝග කරන කරුණකි. ඉතිහාසය හාරා අවුස්සන විට එහි සත්‍යතාව හෙළි වේ.

රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමට ගිය පිරිස් මෙසේය. ඇහැලේපොළ, එක්නැළිගොඩ, මොල්ලිගොඩ, පිළිමතලාව, දෙල්වල ආදීන් අතර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක හා ජේ.ආර්. ජයවර්ධනගේ සීයලාගේ පරම්පරාවද ඇතුළත් බව රහසක් නොවේ.

මේ ගැන වල්පොල රාහුල හිමියන්ගේ චරිතාපදානයේ මෙවැනි සඳහනක් ඇත. එහිදී රාජසිංහ රජතුමා අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරනායක මහතාගේ සීයාත්, ජයවර්ධන මහතාගේ සීයාත් දායක වූ හැටි වල්පොල රාහුල හිමියන් විමසා සිට ඇත.

‘‘එහෙමයි හාමුදුරුවනේ, රජතුමා අත්අඩංගුවට ගන්න ගිය පිරිස අතර බණ්ඩාරනායක මහත්තයාගේ සීයත් අපේ සීයත් හිටියා. සුද්දන්ට කරපු ඒ උදව්වට ප්‍රත්‍යයෝපකාර විදියට අපේ සීයටත් බණ්ඩාරනායක මහත්තයගේ සීයාටත් මහා ඉඩම් කන්දරාවක් වගේම බොහෝ වස්තුවත් දුන්නා.’’

මේ කතාව අසා සිටි වල්පොල රාහුල හිමියන් පෙරළා ප්‍රශ්න කොට ඇත්තේ සිංහලයේ අවසන් රජු අල්ලා දීමට ඉංග්‍රීසි ආණ්ඩුව සමග ගිය ඇත්තන්ගේම ‘මුනුපුරන්’ දැන් රට පාලනය කිරීම දෛවෝපගත සිදුවීමක් නොවන්නේද යන කරුණයි.

රජු ඇල්ලීමට මිනිසුන් එන බැව් දුටු රජු මාන්නය උපදවාගත් බව කියැවේ.

‘‘තොපගේ රජතුමාගේ ඇඟට අත නොතබව්’’ යනුවෙන් රජු පවසා ඇත්තේ මහත් තේජසිනි. මෙයින් පසුබෑ, මිනිසුන් නැවතත් අද භාෂාවෙන් කියනවා නම්. ‘‘ෆෝම් කර’’ නැවත අල්ලා ගැනීමට උසිගන්වා ඇත්තේ එක්නැළිගොඩ නිලමේය.

එක්නැළිගොඩ නිලමේගේ සහචරයකු වූ කිරිපෝරුවේ මොහොට්ටාල බිසොවුන්ගේ කන්පෙති ඉරා දමමින් කර්ණාභරණ පැහැර ගෙන ඇත. ඩයස් ෙතා්ල්ක මුදලි මෙය සටහන් තබා ඇත්තේ කර්ණාභරණ කඩා ගැනීමේදී කන්පෙතිවලින් ලේ විදින්ට වූ බවය. ඉඹුල්වල ආරච්චි ලවා ඖෂධ කොළ කොටා තළා ඉෂ්ම කන්පෙති වල ගෑමෙන් ලේ ගැලීම නවත්වා ඇත.

ජෝන් ඩොයිලිගේ ක්‍රි.ව. 1815 පෙබරවාරි 24 වැනිදා දිනපොතේ ඇත්තේ මෙවන් සටහනකි. ‘‘පෙරදින මට ලැබුණු රජතුමාගේ රාජකීය හැට්ටය, කමිසය, හිස්වැසුම පැවතියේ නුසුදුසු තත්ත්වයකය. අදිකාරම් ෙවතින් මාලත් ඇඳුම් පැලඳුම් රජුගේ විවේකාගාරයට යැවූ මුත් ඇඳීමට නුසුදුසු තත්ත්වයේ වූ ඒවා නැවත හරවා එවා තිබුණි.”

ක්‍රි.ව. 1941 ලංකාවට නිදහස ලැබෙන්නටත් පෙර පළකළ ‘සිළුමිණ’ පුවත්පතක මේ රාජකීය ඇඳුම් කට්ටලය නැවත සොයාගෙන කෞතුකාගාර දෙපාර්තමේන්තුවට භාරදෙන ඡායාරූපයක් පළ කොට ඇත. එය භාර දී ඇත්තේ එවකට කරඳන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා වූ ඩී. ගුණදාස මහතාය. ඔහු ලේඛකයකු මෙන්ම පුරාවිද්‍යාව ගැන ඇලුම් කරන්නකුද විය.

ඉංග්‍රිසීන්ගේ සිරභාරයට පත් රාජසිංහ රජුත් අගබිසවුන් කොළඹට රැගෙන ආ බව කියැවේ. මේ බිසව සමග තවත් බිසෝවරුන් දෙදෙනෙකුද කොළඹට රැගෙන ආ බව කීවත් අනිත් රාජකීයයන් භූගත මාර්ගයක් හරහා කොළඹට ගෙන ආ බැව් කියවේ. රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමේ රාජකීය විප්ලවයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ලද්දේ රොබට් බ්රවුන්රිග් ඉංගිරිසි අාණ්ඩුකාරයාය. මෙරට රාජ වංශය ඉතිහාසයේ අකාමකා දැමිමේ ‘කූට උපක්රමශීලියා ලෙස සැලකිය හැක්කේ ජෝන් ඩොයිලි නම් ඉංග්‍රීසි නිලධාරියාය. සිංහල රාජ පරම්පරාවේ පාලන පැලන්තියේ ප්‍රභූන් රජුට එරෙහිව උසිගන්වමින් උනුනුන් මරාගන්නා තරමට පරිහානියට හේතු වූයේ කට්ට කෛරාටිකයකු වූ ජෝන් ඩොයිලිගේ ‘කපටිකම්’ බව ඉතිහාසයේ සඳහන්ව ඇත.

ඩොයිලි ප්‍රභූ පවුල්වලට තෑගි කරන ලද්දේ උසස්ම මත්පැන්ය. රාජසිංහ රජු රජ වන විට දේශීය මත්පැන් වලට වඩා විදේශීය මත්පැන් වලට ඇබ්බැහිව සිට ඇත. මතට ඇබ්බැහි වූ රජුගේ විශ්වාසවන්තම මිත්‍රයා බවට ඩොයිලි පත්විය. සාහිත්‍ය ශූරී ප්‍රේමකුමාර එපිටවල මහතා විසින් ක්‍රි.ව. 1996 දී ලියන ලද ලිපියක සඳහන් වන්නේ මෙරට රාජවංශය විනාශ වීමට ප්‍රධාන කරුණක් වූයේ රාජසිංහ රජුගේ බීමත්කම බවය.

ඉංග්‍රීසීන්ට ඇතැම් ලේඛන අත්සන් කර දීමේදී රජතුමා පියවි සිහියෙන් නොසිටි බව ප්‍රේමකුමාර එපිටවල මහතා කදිමට කරුණ දක්වා ඇත.

කොළඹට ගෙනා රජු රැඳවිය යුතු තැන ගැන ඉංග්‍රීසි හමුදාව මුහුණ දුන්නේ උභතෝකෝටික ප්රශ්නයකටය. මාර්තු 02 වැනි දින අත්සන් කිරීමට තිබෙන උඩරට ගිවිසුමට එරෙහිව රජුගේ පාක්ෂිකයින් කැරලි ගසනු ඇතැයි සැක සිතූ ඉංග්‍රීසීන් බොහෝ දෙනෙකුගේ තීන්දුව වූයේ රජු මරා දැමීමය.

රජුගෙන් මරණ දණ්ඩනය ලත් ප්‍රභූන්ගෙන් දැඩි මරණ තර්ජන රජුට එල්ල වෙද්දී රජුට දැඩි රැකවල් යෙදීමට ඉංග්‍රීසීන්ට සිදුවිය. ප්‍රකට ඉංග්‍රීසි ලේඛක හෙන්රි මාෂල් ලියූ ග්රන්ථයක් සිංහලයට පරිවර්තනය කොට ඇති තෙන්නකෝන් විමලානන්දයන්ගේ කෘතියක් අධ්‍යයනයේදී පෙනීයන්නේ නිශ්චිතවම රජු රඳවා තබා ඇති නිවස්නය තිබී ඇත්තේ අද සෙලින්කෝ මන්දිරය ගොඩනඟා ඇති භූමියේ බවය.

මෙම නිවස කලින් ලන්දේසි නිලධාරියකු ගේ නිවස්නය වී ඇති අතර එහි එකවර විසිපහකට පමණ ජීවත් විය හැකි බැව් කියැවේ.

ප්‍රේමකුමාර එපිටවල මහතා පෙන්වා දී ඇති පරිදි ‘‘මත්පැන්’’ රජුගේ දිවියේ එක් ප්‍රධාන මාතෘකාවක් වී ඇත. සිරභාරයට පත් වූ විට රජුගේ මත්පැන් සඳහා වූ ඉල්ලුම එන්න එන්නම වැඩි විය. ඒවා ‘ලෝකල් බඩු’ නොව ඉස්තරම්ම විදේශීය මත්පැන්ය. රජු නොසන්සුන් වූ විට නිවසට ආසන්නව තිබූ කුඩා කුටියක රජු සිරකොට ඇත්තේ විලංගු දැමීමෙන් පසුවය. එහි ඇති කුඩා කවුළුවෙන් මුහුදු සුළඟ හොඳින් කුඩා කුටිය තුළට පැමිණ ඇත. කුටියේ සිරවූ රජුගේ ඉංග්‍රීසි රැකවලුන් ඇතැම් විට ‘‘කඳුළු සලන’’ ස්වරූපයක් රජු දැක ඇත.

උඩරට ගිවිසුමේ වගන්ති 12න් අංක 1, 2, 3 දරන වගන්තිවල ඇත්තේ රාජසිංහ රජු ගැනය. එයින් පළමු වගන්තියෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහාසනයෙන් නෙරපා හැරෙන බවත් දෙවැනි වගන්තියෙන් කියැවෙන්නේ රජුට හෝ රජුගේ ඥාති පරපුරේ කිසිවකුට සිංහාසනය පිළිබඳ පවත්නා අයිතිය අවලංගු කෙරුණු ඇති බවය.

උඩරට ගිවිසුමේ තුන් වන වගන්තියෙන් කියවෙන්නේ රජුගේ පුරුෂ පක්ෂයේ ඥාතීන් සියලු දෙනාම ලංකාද්වීපයෙන් පිටමං කළ යුතු බවය. එස්.ජී. පෙරේරා පියතුමාගේ History of Ceylon for Schools පොතේ සඳහන් වන්නේ රජතුමා නායක්කාර නැදෑයින් නඩත්තුවට රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබූ රජතුමාට ලැබුණ තෑගි බෝග පවා විකුණා දමා මුදල් ලබාගත් බවය. මෙය වත්මනෙහි රාජ්‍ය දේපළ විකුණා දැමීමට සමාන නොවේද?

උඩරට ගිවිසුම අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ලංකාවෙන් පිටුවහල් කොට ඇත්තේ කොන්බොලිස් නම් නෞකාවෙනි. රජතුමා වරාය තෙක් ගෙන ගොස් ඇත්තේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ අශ්ව කරත්තයෙනි. බිසෝවරු නැවට නැගීමට බෝට්ටු වෙත කැඳවාගෙන ගොස් ඇත්තේ දෝලා වලිනි. වෙල්ලෝරයට ගෙන ගිය රජුගේ නිවහන වූයේ ඉන්ද්‍ීය රණවිරුවකු වූ ටිපු සුල්තාන්ගේ නිවස්නයකි. රජු නිසාම එය ‘කැන්ඩි මහල්’ බවට පත්විය. යුද සිරකරුවකු ලෙස රඳවා තැබූ දාහත් වසරකට පසු මියගියේ 52 වැනි වියේදීය.

ක්‍රි.ව. 1965 වකවානුවේ ඇන්.ඇම්. පෙරේරා මහතාගේ කතාවක සඳහන්ව ඇත්තේ රාජසිංහ පරපුරේ ඇත්තන්ගෙන් පැවත එන එක් කොටසකට එතෙක් ලබාදුන් රාජ පාරිතෝෂිකය අවලංගු කළ යුතු බවකි. මෙයින් පෙනී යන්නේ රාජසිංහ පරම්පරාවේ රාජකීය උරුමක්කරුවන් ගැන නිශ්චිත ලේඛනයක් හැටේ දශකය වනතුරුත් මෙරට ලේඛනගතව පැවත ආ බවකි. රටින් පිටිවහල් වූ පිරිස ලංකාණ්ඩුවට එරෙහිව නීතිමය පියවරක් ගැනීමට යාම නිසා බණ්ඩාරනායක මැතිනිය මෙම දීමනාව අත්හිටුවා ඇත.

බණ්ඩාරනායක යුගයේදී රාජසිංහ රජතුමාගේ මීමුනුපුරන් දෙදෙනකු ගැන සඳහන් වන අතර ගුරුවරයකු වූ ඉන් එක් අයකු වැල්ලවත්තේදී මුහුදේ ගිලී මියගොස් ඇත. අනෙක් මී මුනුපුරා පනහ හැට දශකවල ලේක්හවුසියේ ඉංග්‍රීසි පුවත්පතක කතුමඩුල්ලේ සේවය කොට ඇත. මේ ගැන අසූව දශකය මුලදී කලකට ඉහත අතුරුදන් වූ මූ. අරුක්ගොඩ විසින් සටහනක් තබා ඇත.

ඔබත් දැන් මහ බැංකුවේ අසලින් යන විට අපේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙනුවෙන් ඉදිකළ මේ ස්මාරකය දෙස හැඟීමෙන් යුතුව බලන්න. අපේ ජාතියෙන් වියැකී ගිය ප්‍රෞඩ රාජ පෙළපත ගැන ස්මරණය කරන්න.

මේ අය ගෞරවපූර්වකව බුහුමන් දැක්විය යුතු අපගේ ශ්‍රේෂ්ඨ රජ පරපුර නොවේ දැයි දෙවරක් සිතන්නට කාලයයි මේ. අප බුහුමන් දක්වන ශ්‍රී වික්‍රම රාජසිංහ නම් අඩි හයකුත් අඟල් දෙකක් උස් වූ රජතුමා මෙවැනි කුඩා කුටියක රැඳවූයේ කෙසේදැයි පැනය මඳකට පසෙකින් තැබිය යුත්තේ එවන් විටකය.

වජිර ලියනගේ

ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය

[QUOTE="araki, post: 23105217, member: 360239"] [b]අන්තිම රජතුමා කොළඹ රඳවා සිටි කුටිය[/b] [B][SIZE=4]අන්තිම රජතුමා කොළඹ රඳවා සිටි අන්තිම කුටිය[/SIZE][/B] [COLOR=#B22222][B][SIZE=4]සිහිවටනයක පසුබ්ම් කතාව[/SIZE][/B][/COLOR] [COLOR=#B22222][B][SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_2f0a44c1b5.jpg[/IMG][/SIZE][/B][/COLOR] [SIZE=4][B]කොළඹ කොටුවේ මහ බැංකුව අසළ අමුතුම ආකාරයේ ස්මාරකයක් ඇත. එතැනින් යන බොහෝ දෙනා මේ කුමක්දැයි නිකමටවත් බලනවා නම් ඒ කලාතුරකිනි. මේ කුඩා ස්මාරකයේ ඉදිරිපස උඩුකයක රුවක් වෙයි. මෙහි අනෙක් පස යකඩකූරු ගේට්ටුවකි. ඉන් ඇතුළ බැලූවිට ඉතා කුඩා ඉඩක් පෙනෙන්නට ඇත. බැලූ බැල්මට කුටිය රිමාන්ඩ් සිරකරුවකුටවත් ගුළි වී සිටින්නට ප්‍රමාණවත්දැයි සැක සහිතය. එහෙත් මෙය අපේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රටින් පිටුවහල් කෙරෙන්නට පෙර සිරකොට තැබූ කුටිය අද ද මතකයට ගෙන එන ස්මාරකයකි. [/B] මේ ගෙන්දගම් පොළොවේ සැරිසරන බොහෝ දෙනෙකු මෙවැනි ස්ථානයක් පසු කොට යන විට මේ කුමක්දැයි නොදැකීම ජාතියේ අවාසනාවක් වැනි වේ. [/SIZE] [SIZE=4]රාජසිංහ රජු සිරකොට තැබූ කුටිය සිහිගන්වන මේ කුටිය අසලට මා යන විට එක් විදේශිකයකු සිටියේ විදේශීය සිගරැට්ටුවක් උරමින් ලෝක විනාසය අත ළඟ එන්නට පෙර බී නිමකළ යුතු කලක මෙන් කලබලයෙන් ඔහු වේගයෙන් සිගරැට්ටුව උරමින් සිටියේය. මේ ස්මාරකය අසල රාත්‍රියේ කිසිවකු බී හමාර කළ බියර් කෑන් එකක්ද වූ බව පවසන්නේ මෑන් ‘‘රාජ තේජසින්’’ යුතුවය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාද අවසන් කාලයේ තදබල ලෙස මත්පැනට ඇබ්බැහි වූ කෙනෙකු වූ බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. [/SIZE] [SIZE=4]අප මේ ස්මාරකය සමීපයට යන විට විදේශිකයකු අප පසුපස ආවේ විමතියට පත් වෙමිනි. ඔහු අත නවීනතම කැමරාවක්ද විය. ‘‘මේ කුමක්දැයි’’ විදේශිකයා ලියුම්කරුගෙන් විමසන්නට විය. ඔහු සතුව තිබූ මාර්ගෝපදේශ කෘතියේ ඒ ගැන කිසිදු සටහනක් නොවීය. [/SIZE] [SIZE=4]අවසානයේ විදේශිකයා තම ජංගම දුරකථනයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන වූ තොරතුරු සොයාගෙන මෙම ස්මාරකයේ ඡායාරූප කීපයක්ම ගත්තේ දැඩි සතුටිනි. [/SIZE] [SIZE=4]‘‘උඹලගේ රටේ වගේ සංචාරකයන්ට සලකන මෝඩ ජාතියක් තවත් නැතුව ඇති. මේ වගේ වටිනා තැන් ලංකාවේ කොළඹ කොච්චර තියෙනවද? සංචාරක ආකර්ෂණයක් තියෙන විශේෂයෙන් ලන්දේසි, පෘතුගීසි ජාතිකයන්ගේ කෞතුක වටිනාකමක් ඇති තැන්. ඒ සමහර වටින තැන්වල වැල් ගැටගහල රෙදි විකුණනවා. සමහර ඒවා උඩ තියන් ඇපල් විකුණනවා. සංචාරක ආකර්ෂණයක් ඇති මේ තැන් ගැන භාෂා කීපයකින් හැදින්වීමක් කරල පුවරුවක් (Board) එකක් වගේ සවිකළා නම් හොඳයි. [/SIZE] [SIZE=4]ඒ වුණාට උඹලගේ රටෙන් මේවා බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපි අපේ රටේ ෆ්‍රයිඩ් රයිස් කාලා එපා වෙලා පොඩි කඩෙකින් කට්ට සම්බෝලයක් එක්ක කිරිබත් කෑල්ලක්, හැලපයක් කන්න ආවම උඹල අපට ගිනිදවාලේ තාච්චිවල දාලා ෆ්‍රයිඩ් රයිස් බැදල දෙනවා.’’ [/SIZE] [SIZE=4]විදේශිකයාට මෙවැනි තැන් කීපයක්ම ලියුම්කරු පෙන්වා සිටින ලදී. ඒ අතරින් කොළඹ කොටුවට ඇතුළු වූ තැන, පළමු ලෝක යුද්ධයේ යුද ස්මාරක හා කොඩිගහ විදේශිකයාගේ සිත්ගත් තැන් විය. [/SIZE] [SIZE=4]ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන කියන්නට ගොස් විදේශිකයකු අපේ සංචාරක ව්‍යාපාරය ගැන දැක් වූ ආඩපාලි ලියන්නට කල්ගත කිරීම ගැන පාඨකයින් උරණ නොවනු ඇතැයි සිතමි. එය සටහන් කළ යුතුවම ඇත්තේ මෙවැනි ඓතිහාසික වටිනාකම් ඇති ස්ථාන විදේශිකයන්ටත් වඩා ස්වදේශිකයින්ට හඳුන්වාදීමට මෙරට තුළ වැඩ පිළිවෙළක් නොමැති නිසාමය. [/SIZE] [SIZE=4]මේ සිංහලයේ අවසන් රජු රාජ්‍යත්වයට පත් අයුරුද ලේඛනගතව ඇත්තේද මෙසේමය. රාජාධි රාජසිංහ රජුගේ රාජ කාලය සැලකෙන්නේ ක්‍රි.ව. 1782-1798ක් ලෙසය. රජුගේ හදිසි අභාවයෙන් පසු ක්‍රි.ව. 1798 ජුලි 16 වැනි දින රාත්‍රියේ ඔටුනු පලඳින්නේ කන්නසාමි නම් දහඅට හැවිරිදි භද්‍ර යෞවනයාය. [/SIZE] [SIZE=4]ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ නමිනි. මේ දිනය අන්තර්ජාලය හරහා විමසීමේදී පෙනී යන්නේ. ‘‘සඳුදා, දිනයක් ලෙසය. මේ ඔටුනු පැලඳුවේ. පසුකලෙක රජකම තමා සතු කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටි පිළිමතලාව මහ අධිකාරම් බව ඉතිහාසයේ සඳහන්ව ඇත. [/SIZE] [SIZE=4]ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කිරුළ දැරූ අවසන් දිනය ලෙස සැලකෙන්නේ ක්‍රි.ව. 1815 පෙබරවාරි 18 වැනි ඉරිදාය. එම කාලය වසර දාසයක් මාස හතක් සහ හරියටම කිවහොත් එක් දිනකි. විජයගෙන් පටන්ගෙන බව කියන වසර 2298ක අඛණ්ඩ රාජාවලියක් අප සතු විය. මෙහි ආරම්භය ක්‍රි.පූ. 483 විජය යුගය තෙක් දිව යන්නකි. 1815 මාර්තු 2 දින අපට ජාතියක් වශයෙන් අහිමිව ගියේ ඒ අඛණ්ඩ උරුමය බව මහ බැංකුව අසල ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රුව දකින කවුරුත් මොහොතකටවත් සිතුවාද? [/SIZE] [SIZE=4]මේ කියන වකවානුවේ මහා බ්‍රිතාන්‍යය යුරෝපයේ නැඟෙමින් සිටියේ බලවත් ජාතියක් ලෙසය. ක්‍රි.ව. 1800 ආරම්භයේදී ප්‍රංශ හමුදා පවා සටනින් පරාජයට පත් කරන්නට බ්‍රිතාන්‍යයින් සමත් වූයේ මුහුදු බලයක් සහිත රටක් බවට බ්‍රිතාන්‍යය පත්කරමිනි. බ්‍රිතාන්‍යයන් මුලින්ම උඩරට රාජධානියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කොට උඩරට වටලන්නේ ක්‍රි.ව. 1803 ජනවාරි 31 වැනි දාකය. ඊට සියවස් ගණනකට පසු ජනවාරි 31 වැනිදාවකම තමා මේ ශ්‍රී වික්‍රම රාජසිංහ ස්මාරකය ඉදිරිපිට ඇති මහ බැංකුව එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකට ලක්වීම දෛවෝපගත සිදුවීමක් නොවන්නේද? [/SIZE] [SIZE=4]කොළඹ සිට මහනුවරට ගිය ඉංග්‍රීසි බළඇණියේ නායකත්වය මේජර් ජනරාල් මැක්ඩොවල් යුතුවිය. නමුත් උඩරට රාජධානියෙන් පරාජයට පත් ඉංග්‍රීසින්ට පසු බසින්නට සිදුවිය. [/SIZE] [SIZE=4]නමුත් ඊට පසු ක්‍රි.ව.1815 ජනවාරි 10 වැනිදා උඩරට රාජධානියට එරෙහිව නැවතත් ඉංග්‍රීසි හමුදාව යුද ප්‍රකාශ කළ බව ඉතිහාසයේ සඳහන්ය. මේ වන විට උඩරට රජු අල්ලා ගැනීමට සුදුසු වතාවරණය ඉංග්‍රීසීන් සකසා හමාරය. [/SIZE] [SIZE=4]රජු ඇල්ලීමට ගිය අය අතර සිටි ඩී.වී.ඒ. දියෙස් වෘත්තියෙන් ඉංග්‍රීසි හමුදාවේ භාෂා පරිවර්තකයකු විය. ඔහු විසින් මේ රජු ඇල්ලීමට ගිය ගමන ගැන ලියූ ලිපිය ක්‍රි.ව. 1861 අප්‍රේල් මස සිංහල සඟරාව නම් ප්රකාශනයේ පළකොට ඇත. [/SIZE] [SIZE=4]ඊට වසර 33කට පසු ක්‍රි.ව. 1895 දී සරසවි සඳරැස පුවත්පත පළකොට ඇත්තේ කොටස් 3කටය. ශ්‍රී වික්‍රම මහ රජාණන් ඇල්ලීමට සහ කැප්පෙටිපොළ කැරැල්ලේ යුද්ධයටද ඉංග්‍රීසි හමුදාවට තුප්පහිකම් කිරීමට ගියා වූ දොන් වීදියෙස් උන්නැහැ විසින් ලියන ලද ලියමනක පිටපතක් සජ්ජනයන්ගේ ප්‍රසාද සංවේගය පිණිස පළකරන බවය. [/SIZE] [SIZE=4] මේ වන විට උඩරට රජුගේ ක්‍රියාකලාපයන් කිහිපයක් නිසා සිංහල ජනතාවත් එතුමන්ගෙන් ඈත් වූ වගක් පෙෙනන්නට තිබුණි. රාජසිංහ රජුට රජකම ලබාදීමට උදව් කළ පිළිමතලාවගේ හිස ක්‍රි.ව. 1812 දී රජු අණින් ගසා දැමුණි. ඊටත් වඩා ඇහැෙලපොළ පවුල සමූල ඝාතනය කිරීම නිසා රජු කෙරෙහි ජනතාව තුළ වෛරයක් හට ගන්නට විය. [/SIZE] [SIZE=4]මේ අතර ඇහැළපොළගේ අනුගාමිකයින් හතළිස් පහක් මහනුවරට කුදලාගෙන විත් උලතැබීම, රජුට එරෙහිවූ හත්කෝරළයේ ප්‍රභූන් 70ක මරාදැමීම, ආදි කරුණු නිසාද රාජසිංහ රජුගෙන් පළිගන්නට අැතැම් සිංහලයින් මාන බලා සිට ඇත. ක්‍රි.ව. 1815 පෙබරවාරි 10 වැනි දින ඉංග්රිසින් සෙංකඩගල නුවරට ඇතුළු වූවත් එය සටහන් කොට හැක්කේ ‘රජු විසින් අතැර ගොස් දමා’ තිබූ රාජධානියක් ලෙසය. [/SIZE] [SIZE=4]රජු අත්අඩංගුවට පත්වන්නේ ඔහු මහනුවර උඩුපිටියේ ආරච්චිගේ ගාලේවත්තේ ගෙහි සැඟවී සිටියදීය. දොන් ඩොයිලි ක්‍රි.ව. 1815 පෙබරවාරි 19 දින සිද්ධිය වාර්තා කොට ඇත්තේ මෙසේය. [/SIZE] [SIZE=4]සිංහල රජතුමා දැන් අපේ හිරකරුවෙකි. ඊයේ ඔහු වට කරන ලද්දේ ඉංග්‍රීසි හමුදාව තුවක්කු අතැති දුම්බරවැසියන් අඳුරු වැටීමට පැයකට පමණ පෙරදිය. ඊට කිහිප දෙනෙකු විරුද්ධ වූවත් කිහිප දෙනෙකුට වෙඩි වැදුණ අතර සෙස්සෝ පැන දිවූහ. රජුගේ මවත් බිසෝවරුන් දෙදෙනකු හංවැල්ලේ සිටි බැවින් මෙහි එන ලෙසටත් නායක්කාර් ඥාතීන් සියලු දෙනාට යටත්වන ලෙස තල්පත් පණිවුඩ යැවූවෙමි’’ යනුවෙන් ජෝන් ඩොයිලි වාර්තා කොට ඇත. [/SIZE] [SIZE=4]එහෙත් මේ ඩොයිලිගේ වාර්තාව නිවැරැදි දැයි අපට අසා සිටිය හැකි එකම පුද්ගලයා මේ මහ බැංකුව ඉදිරිපිට කුටියක සිරකර තැබූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාය. [/SIZE] [SIZE=4]රාජසිංහ රජු පාවාදුන් සිංහලයන් අතර දුම්බර වැසියන් නොවූ බව ඔවුනගේ වත්මන් පරපුර අභියෝග කරන කරුණකි. ඉතිහාසය හාරා අවුස්සන විට එහි සත්‍යතාව හෙළි වේ. [/SIZE] [SIZE=4]රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමට ගිය පිරිස් මෙසේය. ඇහැලේපොළ, එක්නැළිගොඩ, මොල්ලිගොඩ, පිළිමතලාව, දෙල්වල ආදීන් අතර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක හා ජේ.ආර්. ජයවර්ධනගේ සීයලාගේ පරම්පරාවද ඇතුළත් බව රහසක් නොවේ. [/SIZE] [SIZE=4]මේ ගැන වල්පොල රාහුල හිමියන්ගේ චරිතාපදානයේ මෙවැනි සඳහනක් ඇත. එහිදී රාජසිංහ රජතුමා අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරනායක මහතාගේ සීයාත්, ජයවර්ධන මහතාගේ සීයාත් දායක වූ හැටි වල්පොල රාහුල හිමියන් විමසා සිට ඇත. [/SIZE] [SIZE=4]‘‘එහෙමයි හාමුදුරුවනේ, රජතුමා අත්අඩංගුවට ගන්න ගිය පිරිස අතර බණ්ඩාරනායක මහත්තයාගේ සීයත් අපේ සීයත් හිටියා. සුද්දන්ට කරපු ඒ උදව්වට ප්‍රත්‍යයෝපකාර විදියට අපේ සීයටත් බණ්ඩාරනායක මහත්තයගේ සීයාටත් මහා ඉඩම් කන්දරාවක් වගේම බොහෝ වස්තුවත් දුන්නා.’’[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_54244756b1.jpg[/IMG][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ කතාව අසා සිටි වල්පොල රාහුල හිමියන් පෙරළා ප්‍රශ්න කොට ඇත්තේ සිංහලයේ අවසන් රජු අල්ලා දීමට ඉංග්‍රීසි ආණ්ඩුව සමග ගිය ඇත්තන්ගේම ‘මුනුපුරන්’ දැන් රට පාලනය කිරීම දෛවෝපගත සිදුවීමක් නොවන්නේද යන කරුණයි. [/SIZE] [SIZE=4]රජු ඇල්ලීමට මිනිසුන් එන බැව් දුටු රජු මාන්නය උපදවාගත් බව කියැවේ. [/SIZE] [SIZE=4]‘‘තොපගේ රජතුමාගේ ඇඟට අත නොතබව්’’ යනුවෙන් රජු පවසා ඇත්තේ මහත් තේජසිනි. මෙයින් පසුබෑ, මිනිසුන් නැවතත් අද භාෂාවෙන් කියනවා නම්. ‘‘ෆෝම් කර’’ නැවත අල්ලා ගැනීමට උසිගන්වා ඇත්තේ එක්නැළිගොඩ නිලමේය. [/SIZE] [SIZE=4]එක්නැළිගොඩ නිලමේගේ සහචරයකු වූ කිරිපෝරුවේ මොහොට්ටාල බිසොවුන්ගේ කන්පෙති ඉරා දමමින් කර්ණාභරණ පැහැර ගෙන ඇත. ඩයස් ෙතා්ල්ක මුදලි මෙය සටහන් තබා ඇත්තේ කර්ණාභරණ කඩා ගැනීමේදී කන්පෙතිවලින් ලේ විදින්ට වූ බවය. ඉඹුල්වල ආරච්චි ලවා ඖෂධ කොළ කොටා තළා ඉෂ්ම කන්පෙති වල ගෑමෙන් ලේ ගැලීම නවත්වා ඇත. [/SIZE] [SIZE=4]ජෝන් ඩොයිලිගේ ක්‍රි.ව. 1815 පෙබරවාරි 24 වැනිදා දිනපොතේ ඇත්තේ මෙවන් සටහනකි. ‘‘පෙරදින මට ලැබුණු රජතුමාගේ රාජකීය හැට්ටය, කමිසය, හිස්වැසුම පැවතියේ නුසුදුසු තත්ත්වයකය. අදිකාරම් ෙවතින් මාලත් ඇඳුම් පැලඳුම් රජුගේ විවේකාගාරයට යැවූ මුත් ඇඳීමට නුසුදුසු තත්ත්වයේ වූ ඒවා නැවත හරවා එවා තිබුණි.” [/SIZE] [SIZE=4]ක්‍රි.ව. 1941 ලංකාවට නිදහස ලැබෙන්නටත් පෙර පළකළ ‘සිළුමිණ’ පුවත්පතක මේ රාජකීය ඇඳුම් කට්ටලය නැවත සොයාගෙන කෞතුකාගාර දෙපාර්තමේන්තුවට භාරදෙන ඡායාරූපයක් පළ කොට ඇත. එය භාර දී ඇත්තේ එවකට කරඳන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා වූ ඩී. ගුණදාස මහතාය. ඔහු ලේඛකයකු මෙන්ම පුරාවිද්‍යාව ගැන ඇලුම් කරන්නකුද විය. [/SIZE] [SIZE=4]ඉංග්‍රිසීන්ගේ සිරභාරයට පත් රාජසිංහ රජුත් අගබිසවුන් කොළඹට රැගෙන ආ බව කියැවේ. මේ බිසව සමග තවත් බිසෝවරුන් දෙදෙනෙකුද කොළඹට රැගෙන ආ බව කීවත් අනිත් රාජකීයයන් භූගත මාර්ගයක් හරහා කොළඹට ගෙන ආ බැව් කියවේ. රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමේ රාජකීය විප්ලවයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ලද්දේ රොබට් බ්රවුන්රිග් ඉංගිරිසි අාණ්ඩුකාරයාය. මෙරට රාජ වංශය ඉතිහාසයේ අකාමකා දැමිමේ ‘කූට උපක්රමශීලියා ලෙස සැලකිය හැක්කේ ජෝන් ඩොයිලි නම් ඉංග්‍රීසි නිලධාරියාය. සිංහල රාජ පරම්පරාවේ පාලන පැලන්තියේ ප්‍රභූන් රජුට එරෙහිව උසිගන්වමින් උනුනුන් මරාගන්නා තරමට පරිහානියට හේතු වූයේ කට්ට කෛරාටිකයකු වූ ජෝන් ඩොයිලිගේ ‘කපටිකම්’ බව ඉතිහාසයේ සඳහන්ව ඇත. [/SIZE] [SIZE=4]ඩොයිලි ප්‍රභූ පවුල්වලට තෑගි කරන ලද්දේ උසස්ම මත්පැන්ය. රාජසිංහ රජු රජ වන විට දේශීය මත්පැන් වලට වඩා විදේශීය මත්පැන් වලට ඇබ්බැහිව සිට ඇත. මතට ඇබ්බැහි වූ රජුගේ විශ්වාසවන්තම මිත්‍රයා බවට ඩොයිලි පත්විය. සාහිත්‍ය ශූරී ප්‍රේමකුමාර එපිටවල මහතා විසින් ක්‍රි.ව. 1996 දී ලියන ලද ලිපියක සඳහන් වන්නේ මෙරට රාජවංශය විනාශ වීමට ප්‍රධාන කරුණක් වූයේ රාජසිංහ රජුගේ බීමත්කම බවය. [/SIZE] [SIZE=4] ඉංග්‍රීසීන්ට ඇතැම් ලේඛන අත්සන් කර දීමේදී රජතුමා පියවි සිහියෙන් නොසිටි බව ප්‍රේමකුමාර එපිටවල මහතා කදිමට කරුණ දක්වා ඇත. [/SIZE] [SIZE=4]කොළඹට ගෙනා රජු රැඳවිය යුතු තැන ගැන ඉංග්‍රීසි හමුදාව මුහුණ දුන්නේ උභතෝකෝටික ප්රශ්නයකටය. මාර්තු 02 වැනි දින අත්සන් කිරීමට තිබෙන උඩරට ගිවිසුමට එරෙහිව රජුගේ පාක්ෂිකයින් කැරලි ගසනු ඇතැයි සැක සිතූ ඉංග්‍රීසීන් බොහෝ දෙනෙකුගේ තීන්දුව වූයේ රජු මරා දැමීමය. [/SIZE] [SIZE=4]රජුගෙන් මරණ දණ්ඩනය ලත් ප්‍රභූන්ගෙන් දැඩි මරණ තර්ජන රජුට එල්ල වෙද්දී රජුට දැඩි රැකවල් යෙදීමට ඉංග්‍රීසීන්ට සිදුවිය. ප්‍රකට ඉංග්‍රීසි ලේඛක හෙන්රි මාෂල් ලියූ ග්රන්ථයක් සිංහලයට පරිවර්තනය කොට ඇති තෙන්නකෝන් විමලානන්දයන්ගේ කෘතියක් අධ්‍යයනයේදී පෙනීයන්නේ නිශ්චිතවම රජු රඳවා තබා ඇති නිවස්නය තිබී ඇත්තේ අද සෙලින්කෝ මන්දිරය ගොඩනඟා ඇති භූමියේ බවය. [/SIZE] [SIZE=4]මෙම නිවස කලින් ලන්දේසි නිලධාරියකු ගේ නිවස්නය වී ඇති අතර එහි එකවර විසිපහකට පමණ ජීවත් විය හැකි බැව් කියැවේ. [/SIZE] [SIZE=4]ප්‍රේමකුමාර එපිටවල මහතා පෙන්වා දී ඇති පරිදි ‘‘මත්පැන්’’ රජුගේ දිවියේ එක් ප්‍රධාන මාතෘකාවක් වී ඇත. සිරභාරයට පත් වූ විට රජුගේ මත්පැන් සඳහා වූ ඉල්ලුම එන්න එන්නම වැඩි විය. ඒවා ‘ලෝකල් බඩු’ නොව ඉස්තරම්ම විදේශීය මත්පැන්ය. රජු නොසන්සුන් වූ විට නිවසට ආසන්නව තිබූ කුඩා කුටියක රජු සිරකොට ඇත්තේ විලංගු දැමීමෙන් පසුවය. එහි ඇති කුඩා කවුළුවෙන් මුහුදු සුළඟ හොඳින් කුඩා කුටිය තුළට පැමිණ ඇත. කුටියේ සිරවූ රජුගේ ඉංග්‍රීසි රැකවලුන් ඇතැම් විට ‘‘කඳුළු සලන’’ ස්වරූපයක් රජු දැක ඇත. [/SIZE] [SIZE=4]උඩරට ගිවිසුමේ වගන්ති 12න් අංක 1, 2, 3 දරන වගන්තිවල ඇත්තේ රාජසිංහ රජු ගැනය. එයින් පළමු වගන්තියෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහාසනයෙන් නෙරපා හැරෙන බවත් දෙවැනි වගන්තියෙන් කියැවෙන්නේ රජුට හෝ රජුගේ ඥාති පරපුරේ කිසිවකුට සිංහාසනය පිළිබඳ පවත්නා අයිතිය අවලංගු කෙරුණු ඇති බවය. [/SIZE] [SIZE=4]උඩරට ගිවිසුමේ තුන් වන වගන්තියෙන් කියවෙන්නේ රජුගේ පුරුෂ පක්ෂයේ ඥාතීන් සියලු දෙනාම ලංකාද්වීපයෙන් පිටමං කළ යුතු බවය. එස්.ජී. පෙරේරා පියතුමාගේ History of Ceylon for Schools පොතේ සඳහන් වන්නේ රජතුමා නායක්කාර නැදෑයින් නඩත්තුවට රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබූ රජතුමාට ලැබුණ තෑගි බෝග පවා විකුණා දමා මුදල් ලබාගත් බවය. මෙය වත්මනෙහි රාජ්‍ය දේපළ විකුණා දැමීමට සමාන නොවේද? උඩරට ගිවිසුම අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ලංකාවෙන් පිටුවහල් කොට ඇත්තේ කොන්බොලිස් නම් නෞකාවෙනි. රජතුමා වරාය තෙක් ගෙන ගොස් ඇත්තේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ අශ්ව කරත්තයෙනි. බිසෝවරු නැවට නැගීමට බෝට්ටු වෙත කැඳවාගෙන ගොස් ඇත්තේ දෝලා වලිනි. වෙල්ලෝරයට ගෙන ගිය රජුගේ නිවහන වූයේ ඉන්ද්‍ීය රණවිරුවකු වූ ටිපු සුල්තාන්ගේ නිවස්නයකි. රජු නිසාම එය ‘කැන්ඩි මහල්’ බවට පත්විය. යුද සිරකරුවකු ලෙස රඳවා තැබූ දාහත් වසරකට පසු මියගියේ 52 වැනි වියේදීය. [/SIZE] [SIZE=4]ක්‍රි.ව. 1965 වකවානුවේ ඇන්.ඇම්. පෙරේරා මහතාගේ කතාවක සඳහන්ව ඇත්තේ රාජසිංහ පරපුරේ ඇත්තන්ගෙන් පැවත එන එක් කොටසකට එතෙක් ලබාදුන් රාජ පාරිතෝෂිකය අවලංගු කළ යුතු බවකි. මෙයින් පෙනී යන්නේ රාජසිංහ පරම්පරාවේ රාජකීය උරුමක්කරුවන් ගැන නිශ්චිත ලේඛනයක් හැටේ දශකය වනතුරුත් මෙරට ලේඛනගතව පැවත ආ බවකි. රටින් පිටිවහල් වූ පිරිස ලංකාණ්ඩුවට එරෙහිව නීතිමය පියවරක් ගැනීමට යාම නිසා බණ්ඩාරනායක මැතිනිය මෙම දීමනාව අත්හිටුවා ඇත. [/SIZE] [SIZE=4] බණ්ඩාරනායක යුගයේදී රාජසිංහ රජතුමාගේ මීමුනුපුරන් දෙදෙනකු ගැන සඳහන් වන අතර ගුරුවරයකු වූ ඉන් එක් අයකු වැල්ලවත්තේදී මුහුදේ ගිලී මියගොස් ඇත. අනෙක් මී මුනුපුරා පනහ හැට දශකවල ලේක්හවුසියේ ඉංග්‍රීසි පුවත්පතක කතුමඩුල්ලේ සේවය කොට ඇත. මේ ගැන අසූව දශකය මුලදී කලකට ඉහත අතුරුදන් වූ මූ. අරුක්ගොඩ විසින් සටහනක් තබා ඇත. [/SIZE] [SIZE=4]ඔබත් දැන් මහ බැංකුවේ අසලින් යන විට අපේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙනුවෙන් ඉදිකළ මේ ස්මාරකය දෙස හැඟීමෙන් යුතුව බලන්න. අපේ ජාතියෙන් වියැකී ගිය ප්‍රෞඩ රාජ පෙළපත ගැන ස්මරණය කරන්න. [/SIZE] [SIZE=4]මේ අය ගෞරවපූර්වකව බුහුමන් දැක්විය යුතු අපගේ ශ්‍රේෂ්ඨ රජ පරපුර නොවේ දැයි දෙවරක් සිතන්නට කාලයයි මේ. අප බුහුමන් දක්වන ශ්‍රී වික්‍රම රාජසිංහ නම් අඩි හයකුත් අඟල් දෙකක් උස් වූ රජතුමා මෙවැනි කුඩා කුටියක රැඳවූයේ කෙසේදැයි පැනය මඳකට පසෙකින් තැබිය යුත්තේ එවන් විටකය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]වජිර ලියනගේ ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom