Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනිත්‍ය ලක්ෂණය ගැන හරියට දැනගනිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැසි වස්නා කල්හි ජලාශ වල දිය බුබුළු නැඟි නැඟී වහ වහා බිදී යන්නාක් මෙන් ද, බෙරයකට ගසන කල්හි හඩ නැඟි නැඟී වහ වහා අතුරුදහන් වන්නාක් මෙන් ද, සංස්කාරයෝ ද ඉපිද ඉපිදැ වහ වහා නිරුද්ධ වෙති. නිරෝධ යනු කිසිවක් ඉතිරි නොවී නැති වී යෑම ය. එයට බිඳීම යයි ද කියනු ලැබේ. ඇසි පිය හෙලීමට ගත වන කාලය තරම්වත් පවත්නා සංස්කාරයක් ඇත්තේ ම නැත. එය තේරුම් ගැනීමට අපහසු කාරණයකි. වැඩි දුරටත් කරුණු සොයා දන්නවුන් ගෙන් ද කරුණු අසා බලා එය අවබෝධ කර ගත යුතුය.

සංස්කාරයන් ගේ ඒ වහා නිරුද්ධ වන්නා වූ ස්වභාවය බිඳෙන්නා වූ ස්වභාවය අනිත්‍ය ලක්ෂණයයි. අනිත්‍ය ලක්ෂණ ඇති සංස්කාරයෝ අනිත්‍යයෝ ය. සංස්කාරයන්ගේ බිඳෙන බව ප්‍රධාන අනිත්‍ය ලක්ෂණය යි. දිරන බව, කෘෂවන බව, ඉදිමෙන බව, මෝරන බව, වියළෙන බව, සිදුරුවන බව, පැලෙන බව, කැපෙන බව, කැඩෙන බව, කැටිවන බව, දියවන බව, පිළුණු වන බව, කුණු වන බව, ඇඟ රැලි වැටෙන බව, කුදු ගැසෙන බව, අත් පා දරදඩුවන බව, වක්වන බව, කෙස් ලොම් පැසෙන බව, අන්ධ වන බව, බිහිරි වන බව, තවත් නොයෙක් රෝග හට ගන්නා බව, මැරෙන බව යන මේවා සංස්කාරයන්ගේ භංගය වූ ප්‍රධාන අනිත්‍ය ලක්ෂණය නිසා පෙනෙන අනිත්‍ය ලක්ෂණයෝය.

සංස්කාරයන් අතුරෙන් චිත්ත චෛතසික සංඛ්‍යාත නාම ධර්මයන්ගේ ආයුෂය ඉතා ම ලුහුඬු ය. චිත්තයාගේ ආයුෂය උත්පාද, ස්ථිති, භංග වශයෙන් කොටස් තුනකට බෙදනු ලැබේ. “උත්පාද” යනු විත්තය උපදින කාලයයි. “ස්ථිති” යනු උපන් චිත්තයාගේ පවත්නා කාලය යි. “හංග” යනු බිඳෙන කාලයයි. මේ කාල තුන ම ප්‍රමාණයෙන් සම ය. එකක් අනෙකට වඩා දික් හෝ කොට හෝ නැත. උත්පාද ස්ථිති භංග යන මේ කාලත්රය චිත්තයක ආයුෂය ය. ක්ෂණත්රය වූ චිත්තයාගේ ආයු කාලයෙහි ලුහුඬු බව දැක්වීමට උපමාවකුදු නැත, ඇසි පිය හෙලන කාලය, අසුරු ගසන කාලය යන මේ කාල දෙක ලෝකයෙහි ඉතා ම කෙටි කාල සැටියට සලකනු ලැබේ. උත්පාදාදි ක්ෂණත්රය වූ චිත්තයාගේ ආයු කාලය, ඉතා කෙටි කාලය වූ ඇසි පිය වරක් හෙළන කාලය, කෝටි ගණනකට බෙදු කල්හි ලැබෙන එක් කොටසක් පමණ වන බව අභිධර්ම පොත් වල දක්වා තිබේ. එය තේරුම් ගත හැකි වන්නේ චිත්තවීථි පිළිබඳ මනා දැනුමක් ඇති කර ගත් කල්හිය. රූපයාගේ ආයුෂය චිත්තයාගේ ආයුෂය මෙන් සතළොස් ගුණයක් වේ. චිත්තායුෂය මෙන් සතළොස් ගුණයක් වුවද ,රූපයාගේ ඒ ආයු කාලය ද ඉතා කෙටිය. එයත් ඇසිපිය හෙළන කාලයෙන් ලක්ෂයෙන් පංගුවකටත් වඩා කෙටි කාලයකි.

අනිත්‍ය ලක්ෂණය මැනවින් තේරුම් ගත හැකි වනුයේ, උපන් සංස්කාරයන් නොපවත්නේ වහා බිඳී යන්නේ අනිත්‍ය වන්නේ කවර හේතුවක් නිසාද? සංස්කාරයන්ගේ ආයුෂය මෙපමණ කෙටි නම් අප ඉදිරියෙහි පෙනෙන නානා විධ වූ මේ වස්තූන් බොහෝ කල් නො නැසී පවතිනු පෙනෙන්නේ කවර හේතුවකින් ද? යන මේ ප්‍රශ්න දෙක විසදා ගත් කල්හිය. එබැවින් යෝගාවචරයන් විසින් මේ ප්‍රශ්න දෙක මැනවින් විසඳා ගැනීමට උත්සාහ කළ යුතුය.

පරමාර්ථ ධර්මයෝ වනාහි කර්කශ බව ආදි ක්‍රියාවෝ ය. ඒවා ද්‍රව්‍යයෝ නො වෙති. ශරීරයක් හෝ සටහනක් හෝ ඒවාට නැත. එහෙයින් :-

“සබ්බෙපිහි ධමමා තං තං ක්‍රියා මත්තාව හොන්ති, න තෙසු දබ්බං වා සණ්ඨානං වා විග්ගහො වා උපලබ්භති” යි කීහු.

සිද්ධියෙන් පසුව අභාවප්‍රාප්ත වීම ක්‍රියාවන්ගේ ස්වභාවය ය. අත එසැවීම, එක් ක්‍රියාවකි. ඒ එසවීම් ක්‍රියාව පවතින්නේ අතේ එසවීම කරන තෙක් පමණෙකි. ඔසවා අවසන් වීමෙන් පසු ඒ ක්‍රියාව නැත. ඔසවා අවසන් වීමෙන් පසු ඒ ක්‍රියාවට තිබිය හැකි බවක් ද නැත. අත පහත් කිරීම තවත් ක්‍රියාවෙකි. එය පවත්නේ ද අත පහත් වන තුරුය. පහත් වීමෙන් පසු ඒ ක්‍රියාව නැත. ගමන එක් ක්‍රියාවකි. යන තෙක් එය පවත්නේය. නැවතීමෙන් එය අවසන් වන්නේය. නැවතීමෙන් පසු ගමන ක්‍රියාව නැත. ඉන් පසු එයට තිබිය නො හැකිය. දවසේ සකල ක්‍රියාවෝ ම සිද්ධියෙන් පසු කිසිවක් ඉතිරි නොවී අභාවප්‍රාප්ත වෙති. ඉපිද කලක් නො පැවතී නාම - රූප ධර්මයන් වහා නිරුද්ධ වන්නේ ද ඒවා ක්‍රියා ම වන බැවිනි.

රූප ධර්ම සැණෙකින් නිරුද්ධ වෙත හොත් ගස් ගල් ආදි වස්තූන් බොහෝ කල් පවතිනු පෙනෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු මෙසේය :-

අබ ඇටයක් පමණ වූ වස්තුවෙක වුව ද රූප කලාප ලක්ෂ ගණනකට වඩා ඇත්තේය. නිරුද්ධ වන නමුත් ඒ සියල්ල එක වරම නිරුද්ධ නොවේ. රූප කලාපයක ජීවන කාලය චිත්තක්ෂණ සතළොසක් බව පෙර කියා ඇත. උත්පාද ස්ථිති භංග වශයෙන් චිත්ත කාලය නැවත තුනට බෙදන බැවින් සතළොස් චිත්තක්ෂණය වූ ඒ කාලය, කුඩා කාල එක් පනසකට බෙදන්නේ ය. එයින් පළමුවන කොටස රූපයාගේ උත්පාද කාලයයි. පනස් එක්වන කොටස භංග කාලයයි. ඉතිරි කාල කොටස් එකුන් පනස රූපයාගේ ස්ථිති කාලයයි. (පවත්නා කාලය යි.)

අපේ ඇසට පෙනෙන එක එක වස්තුවක පනස් එක් කාලයන්ගෙන් එක් කාලයක් ගත කළා වූ රූප කලාපයෝ ද ඇත. කාල කොටස් දෙකක් ගත කළා වූ රූප කලාපයෝ ද, තුන සතර ගත කළා වූ රූප කලාපයෝ ද ඇත. මෙසේ පනස් වන කාල කොටස දක්වා ගත කළ රූප කලාපයෝ ද ඇත. රූප කලාපය බිදී අවසන් වන්නේ, පනස් එක් වන කාල කොටසේදී ය. යම් කිසි වස්තුවකට අයත් වූ රූප කලාප සමූහයෙක පනස් එක් වන ක්ෂණයට පැමිණි රූප කලාපය නිරුද්ධ වන කල්හි, පනස් එක් වන ක්ෂණයට එතෙක් නො පැමිණි බොහෝ රූපයෝ ඉතිරිව පවතිත්. එක් වස්තුවෙක ඇති තාක් රූප කලාපවල නිරෝධය එක වර ම සිදු නො වේ.

රූප කලාපයෝ ද දරුවන් උපදවන්නේය. එක් එක් රූප කලාපයක් නිරුද්ධ වන්නේ තමාගේ ජාතියට අයත් තවත් රූප කලාප එකක් හෝ වැඩි ගණනක් ඉපදවීමෙන් පසුවය. මැරෙන මිනිසුන් දරුවන් උපදවා තබා මැරෙන බැවින් කොතෙක් මිනිසුන් මළ ද, ලෝකයේ සිස් බවක් නො වන්නාක් මෙන් එක් වස්තුවකට අයත් රූප කලාප කොතෙක් නිරුද්ධ වුවත්, ඒවා තමාට සමාන වූ තවත් රූප කලාප උපදවා ම නිරුද්ධ වන හෙයින්, ඒ ඒ වස්තුවල අඩුවක් නො පෙනේ. නිරුද්ධ වන රූප කලාපය දරු රූප කලාප උපදවා නිරුද්ධ වන බැවින් ද, සියලු ම රූප කලාප එකවර නිරුද්ධ නො වන බැවින් ද, රූප කලාපයන්ගේ උත්පාද නිරෝධ දෙක අතර නො දැකිය හැකි සේ ඉතා වේගයෙන් සිදු වන බැවින් ද, ගස් ගල් ආදි වස්තු නො වෙනස් වන බොහෝ කල් පවත්නා සේ පෙනේ. සෑම වස්තුවක ම ඇසිපිය හෙළන පමණ කාලයකුත් නැවතීමක් නැති වැ සිදුවන රූපයන්ගේ ඉපැදීම හා බිඳීම හා සන්තතියෙන් හෙවත් වේගයෙන් පවත්නා පරම්පරා සම්බන්ධයෙන් වැසී තිබේ. එය දක්නට සන්තති ප්රඥප්ති බිඳ බලනු.

දරු රූප කලාප උපදවා රූපයෝ නිරුද්ධ වෙතියි කී මුත්, සෑම කල්හි ම එය එසේ නොවේ. පරම්පරා ගණනක් ගත වීමෙන් දුබල වූ රූප කලාපයෝ ද, දරු රූප ඉපැදවීමට වුවමනා ප්‍රත්‍යයන් නොලැබූ රූප කලාපයෝ ද විරුද්ධ ප්‍රත්‍යයන් ගේ ස්පර්ශය ලත් රූප කලාපයෝද, දරු රූප නූපදවාම නිරුද්ධ වෙති. අප ඉදිරියෙහි ඇති බොහෝ වස්තූන් කලෙකදී සර්වප්රකාරයෙන් ම අභාවප්‍රාප්ත වනුයේ එහෙයිනි.

පෘථිවි ආදි ධාතූහු ක්‍රියාවෝ ම නම්, සත්ත්ව ශරීර ගස් ගල් ආදි වස්තූන් ඇති සේ පෙනෙන්නේ කවර හේතුවකින් ද යන බවද මෙහි ලා විසඳා ගත යුතු ගැඹුරු කරුණකි. යම්කිසි තැනක සාතිශය වේගයෙන් ක්‍රියා පරම්පරාවක් සිදුවේ නම් එතැන නැති ද්‍රව්‍යයක් ඇතුවා සේ පෙනේ. වේගයෙන් ගිනි පෙනෙල්ලක් කරකැවුව හොත් එහි ගමන් වේගය නිසා ගිනිපෙනෙල්ල යන මාර්ගය ගිනි වලල්ලක් සේ පෙනේ. ගරාදි ඇති රෝදයක් වේගයෙන් කැරකෙන කල්හි එය ඒක ඝන වස්තුවක් හෙවත් ලෑල්ලක් සේ පෙනේ. ඇසට පෙනෙනු පමණක් නොවේ. ළං ළංව ගරාදි පිහිටි රෝදයක් අධික වේගයෙන් කරකැවෙන කල්හි එය අතගා බැලුව හොත් අතට දැනෙන්නේ ද අතර සිදුරු ඇති දෙයක් ලෙස නොව, මට්ටමට ඇති ඒක ඝන වස්තුවක් ලෙසය. එසේ පෙනීම, දැනීම, අතරක් නැති තරමට වේගයෙන් ක්‍රියා පරම්පරාවක් පවත්නා කල්හි ඇත්තා වූ ස්වභාවයකි.

අතක් පයක් ක්‍රියා කරවීමට වුවමනා වන අවකාශය සේ විශාල අවකාශයක් පරමාර්ථ ධාතුමය ක්‍රියාවකට වුවමනා නැත. එක් එක් පරමාර්ථ ධාතුමය ක්‍රියාවෙක් වීමටත් පැවැත්වීමටත් වුවමනා වන්නේ පරමාණුවකට වුවමනා අවකාශයකටත් වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් කුඩා තැනෙකි. අතරක් නො සෙවිය හැකි තරමට වේගයෙන්, පරම්පරා වශයෙන් පහළ වන්නා වූ ද එකෙකින් අනෙක වෙන් කළ නො හැකි පමණට එකිනෙක ගැටී පවත්නා වූ ද කෝටි ගණනක් පරමාර්ථ ධාතුමය ක්‍රියා පරම්පරාවන්ගේ පැවැත්මට, අබ ඇටයක තරම් වූ අවකාශය ප්‍රමාණ වන්නේය. පරමාර්ථ ධාතුමය ක්‍රියා රාශියක් එසේ පවත්නා කල්හි ඒවායේ සූක්ෂම භාවය ද වේගවත් බව ද එකිනෙක ගැටී පවත්නා බව ද නිසා ඒ ක්‍රියා රාශිය “වේගයෙන් ගමන් කරන ගිනි පෙනෙල්ල ගිනි චක්‍රයක් සේ පෙනෙන්නාක් මෙන් ද, වේගයෙන් භ්‍රමණය වන චක්‍රය ඒකඝන වස්තුවක් සේ පෙනෙන්නාක් මෙන් ද” ඝන වූ එක් වස්තුවක් සේ පෙනෙන්නේය. දැනෙන්නේ ය. එහි ධාතුමය ක්‍රියා රාශිය සන්තති, සමූහ ඝන දෙකකින් වැසී තිබේ.

නුවණින් ඝනය දුරුකොට පරමාර්ථය සොයා ගෙන ඝනය හෙවත් වස්තුව, පරමාර්ථ ධාතුමය ක්‍රියා වේගය නිසා ඇති සේ පෙනෙන නමුත් සත්‍ය වශයෙන් නැති බවත්, ක්‍රියා රාශිය පමණක් ඇති බවත් අවබෝධ කැරගත යුතුය. මේවා ගැඹුරු කරුණු ය. පොත පත කියැවූ පමණෙකින් ම, අනුන් කියනු ඇසූ පමණකින් ම අවබෝධ වන කරුණු නොවේ. පොත පතට අනුව දන්නවුන්ගේ කියුම් අනුව කලක් කල්පනා කළ කල්හි ම විමසූ කල්හි ම අවබෝධ වන කරුණුය. අවබෝධ කර ගැනුමට උත්සාහ කරනු.

-රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය

ඇසුරිණි-

මේ ධර්ම දාන කුසලය මෙය කියවන සියල්ලන්ටම එක සේ සම්මෝහය දුරුවීම පිණිසම උපනිශ්‍රය වේවා !!!

[QUOTE="Answer, post: 26916882, member: 577196"] වැසි වස්නා කල්හි ජලාශ වල දිය බුබුළු නැඟි නැඟී වහ වහා බිදී යන්නාක් මෙන් ද, බෙරයකට ගසන කල්හි හඩ නැඟි නැඟී වහ වහා අතුරුදහන් වන්නාක් මෙන් ද, සංස්කාරයෝ ද ඉපිද ඉපිදැ වහ වහා නිරුද්ධ වෙති. [B]නිරෝධ[/B] යනු කිසිවක් ඉතිරි නොවී නැති වී යෑම ය. එයට බිඳීම යයි ද කියනු ලැබේ. ඇසි පිය හෙලීමට ගත වන කාලය තරම්වත් පවත්නා සංස්කාරයක් ඇත්තේ ම නැත. එය තේරුම් ගැනීමට අපහසු කාරණයකි. වැඩි දුරටත් කරුණු සොයා දන්නවුන් ගෙන් ද කරුණු අසා බලා එය අවබෝධ කර ගත යුතුය. සංස්කාරයන් ගේ ඒ වහා නිරුද්ධ වන්නා වූ ස්වභාවය බිඳෙන්නා වූ ස්වභාවය අනිත්‍ය ලක්ෂණයයි. අනිත්‍ය ලක්ෂණ ඇති සංස්කාරයෝ අනිත්‍යයෝ ය. සංස්කාරයන්ගේ [B]බිඳෙන බව [/B]ප්‍රධාන අනිත්‍ය ලක්ෂණය යි. දිරන බව, කෘෂවන බව, ඉදිමෙන බව, මෝරන බව, වියළෙන බව, සිදුරුවන බව, පැලෙන බව, කැපෙන බව, කැඩෙන බව, කැටිවන බව, දියවන බව, පිළුණු වන බව, කුණු වන බව, ඇඟ රැලි වැටෙන බව, කුදු ගැසෙන බව, අත් පා දරදඩුවන බව, වක්වන බව, කෙස් ලොම් පැසෙන බව, අන්ධ වන බව, බිහිරි වන බව, තවත් නොයෙක් රෝග හට ගන්නා බව, මැරෙන බව යන මේවා සංස්කාරයන්ගේ භංගය වූ ප්‍රධාන අනිත්‍ය ලක්ෂණය නිසා පෙනෙන අනිත්‍ය ලක්ෂණයෝය. සංස්කාරයන් අතුරෙන් චිත්ත චෛතසික සංඛ්‍යාත නාම ධර්මයන්ගේ ආයුෂය ඉතා ම ලුහුඬු ය. චිත්තයාගේ ආයුෂය උත්පාද, ස්ථිති, භංග වශයෙන් කොටස් තුනකට බෙදනු ලැබේ. “උත්පාද” යනු විත්තය උපදින කාලයයි. “ස්ථිති” යනු උපන් චිත්තයාගේ පවත්නා කාලය යි. “හංග” යනු බිඳෙන කාලයයි. මේ කාල තුන ම ප්‍රමාණයෙන් සම ය. එකක් අනෙකට වඩා දික් හෝ කොට හෝ නැත. උත්පාද ස්ථිති භංග යන මේ කාලත්රය චිත්තයක ආයුෂය ය. ක්ෂණත්රය වූ චිත්තයාගේ ආයු කාලයෙහි ලුහුඬු බව දැක්වීමට උපමාවකුදු නැත, ඇසි පිය හෙලන කාලය, අසුරු ගසන කාලය යන මේ කාල දෙක ලෝකයෙහි ඉතා ම කෙටි කාල සැටියට සලකනු ලැබේ. උත්පාදාදි ක්ෂණත්රය වූ චිත්තයාගේ ආයු කාලය, ඉතා කෙටි කාලය වූ ඇසි පිය වරක් හෙළන කාලය, කෝටි ගණනකට බෙදු කල්හි ලැබෙන එක් කොටසක් පමණ වන බව අභිධර්ම පොත් වල දක්වා තිබේ. එය තේරුම් ගත හැකි වන්නේ චිත්තවීථි පිළිබඳ මනා දැනුමක් ඇති කර ගත් කල්හිය. රූපයාගේ ආයුෂය චිත්තයාගේ ආයුෂය මෙන් සතළොස් ගුණයක් වේ. චිත්තායුෂය මෙන් සතළොස් ගුණයක් වුවද ,රූපයාගේ ඒ ආයු කාලය ද ඉතා කෙටිය. එයත් ඇසිපිය හෙළන කාලයෙන් ලක්ෂයෙන් පංගුවකටත් වඩා කෙටි කාලයකි. අනිත්‍ය ලක්ෂණය මැනවින් තේරුම් ගත හැකි වනුයේ, උපන් සංස්කාරයන් නොපවත්නේ වහා බිඳී යන්නේ අනිත්‍ය වන්නේ කවර හේතුවක් නිසාද? සංස්කාරයන්ගේ ආයුෂය මෙපමණ කෙටි නම් අප ඉදිරියෙහි පෙනෙන නානා විධ වූ මේ වස්තූන් බොහෝ කල් නො නැසී පවතිනු පෙනෙන්නේ කවර හේතුවකින් ද? යන මේ ප්‍රශ්න දෙක විසදා ගත් කල්හිය. එබැවින් යෝගාවචරයන් විසින් මේ ප්‍රශ්න දෙක මැනවින් විසඳා ගැනීමට උත්සාහ කළ යුතුය. පරමාර්ථ ධර්මයෝ වනාහි කර්කශ බව ආදි ක්‍රියාවෝ ය. ඒවා ද්‍රව්‍යයෝ නො වෙති. ශරීරයක් හෝ සටහනක් හෝ ඒවාට නැත. එහෙයින් :- “[B]සබ්බෙපිහි ධමමා තං තං ක්‍රියා මත්තාව හොන්ති[/B], [B]න තෙසු දබ්බං වා සණ්ඨානං වා විග්ගහො වා උපලබ්භති[/B]” යි කීහු. සිද්ධියෙන් පසුව අභාවප්‍රාප්ත වීම ක්‍රියාවන්ගේ ස්වභාවය ය. අත එසැවීම, එක් ක්‍රියාවකි. ඒ එසවීම් ක්‍රියාව පවතින්නේ අතේ එසවීම කරන තෙක් පමණෙකි. ඔසවා අවසන් වීමෙන් පසු ඒ ක්‍රියාව නැත. ඔසවා අවසන් වීමෙන් පසු ඒ ක්‍රියාවට තිබිය හැකි බවක් ද නැත. අත පහත් කිරීම තවත් ක්‍රියාවෙකි. එය පවත්නේ ද අත පහත් වන තුරුය. පහත් වීමෙන් පසු ඒ ක්‍රියාව නැත. ගමන එක් ක්‍රියාවකි. යන තෙක් එය පවත්නේය. නැවතීමෙන් එය අවසන් වන්නේය. නැවතීමෙන් පසු ගමන ක්‍රියාව නැත. ඉන් පසු එයට තිබිය නො හැකිය. දවසේ සකල ක්‍රියාවෝ ම සිද්ධියෙන් පසු කිසිවක් ඉතිරි නොවී අභාවප්‍රාප්ත වෙති. ඉපිද කලක් නො පැවතී නාම - රූප ධර්මයන් වහා නිරුද්ධ වන්නේ ද ඒවා ක්‍රියා ම වන බැවිනි. රූප ධර්ම සැණෙකින් නිරුද්ධ වෙත හොත් ගස් ගල් ආදි වස්තූන් බොහෝ කල් පවතිනු පෙනෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු මෙසේය :- අබ ඇටයක් පමණ වූ වස්තුවෙක වුව ද රූප කලාප ලක්ෂ ගණනකට වඩා ඇත්තේය. නිරුද්ධ වන නමුත් ඒ සියල්ල එක වරම නිරුද්ධ නොවේ. රූප කලාපයක ජීවන කාලය චිත්තක්ෂණ සතළොසක් බව පෙර කියා ඇත. උත්පාද ස්ථිති භංග වශයෙන් චිත්ත කාලය නැවත තුනට බෙදන බැවින් සතළොස් චිත්තක්ෂණය වූ ඒ කාලය, කුඩා කාල එක් පනසකට බෙදන්නේ ය. එයින් පළමුවන කොටස රූපයාගේ උත්පාද කාලයයි. පනස් එක්වන කොටස භංග කාලයයි. ඉතිරි කාල කොටස් එකුන් පනස රූපයාගේ ස්ථිති කාලයයි. (පවත්නා කාලය යි.) අපේ ඇසට පෙනෙන එක එක වස්තුවක පනස් එක් කාලයන්ගෙන් එක් කාලයක් ගත කළා වූ රූප කලාපයෝ ද ඇත. කාල කොටස් දෙකක් ගත කළා වූ රූප කලාපයෝ ද, තුන සතර ගත කළා වූ රූප කලාපයෝ ද ඇත. මෙසේ පනස් වන කාල කොටස දක්වා ගත කළ රූප කලාපයෝ ද ඇත. රූප කලාපය බිදී අවසන් වන්නේ, පනස් එක් වන කාල කොටසේදී ය. යම් කිසි වස්තුවකට අයත් වූ රූප කලාප සමූහයෙක පනස් එක් වන ක්ෂණයට පැමිණි රූප කලාපය නිරුද්ධ වන කල්හි, පනස් එක් වන ක්ෂණයට එතෙක් නො පැමිණි බොහෝ රූපයෝ ඉතිරිව පවතිත්. එක් වස්තුවෙක ඇති තාක් රූප කලාපවල නිරෝධය එක වර ම සිදු නො වේ. රූප කලාපයෝ ද දරුවන් උපදවන්නේය. එක් එක් රූප කලාපයක් නිරුද්ධ වන්නේ තමාගේ ජාතියට අයත් තවත් රූප කලාප එකක් හෝ වැඩි ගණනක් ඉපදවීමෙන් පසුවය. මැරෙන මිනිසුන් දරුවන් උපදවා තබා මැරෙන බැවින් කොතෙක් මිනිසුන් මළ ද, ලෝකයේ සිස් බවක් නො වන්නාක් මෙන් එක් වස්තුවකට අයත් රූප කලාප කොතෙක් නිරුද්ධ වුවත්, ඒවා තමාට සමාන වූ තවත් රූප කලාප උපදවා ම නිරුද්ධ වන හෙයින්, ඒ ඒ වස්තුවල අඩුවක් නො පෙනේ. නිරුද්ධ වන රූප කලාපය දරු රූප කලාප උපදවා නිරුද්ධ වන බැවින් ද, සියලු ම රූප කලාප එකවර නිරුද්ධ නො වන බැවින් ද, රූප කලාපයන්ගේ උත්පාද නිරෝධ දෙක අතර නො දැකිය හැකි සේ ඉතා වේගයෙන් සිදු වන බැවින් ද, ගස් ගල් ආදි වස්තු නො වෙනස් වන බොහෝ කල් පවත්නා සේ පෙනේ. සෑම වස්තුවක ම ඇසිපිය හෙළන පමණ කාලයකුත් නැවතීමක් නැති වැ සිදුවන රූපයන්ගේ ඉපැදීම හා බිඳීම හා සන්තතියෙන් හෙවත් වේගයෙන් පවත්නා පරම්පරා සම්බන්ධයෙන් වැසී තිබේ. එය දක්නට සන්තති ප්රඥප්ති බිඳ බලනු. දරු රූප කලාප උපදවා රූපයෝ නිරුද්ධ වෙතියි කී මුත්, සෑම කල්හි ම එය එසේ නොවේ. පරම්පරා ගණනක් ගත වීමෙන් දුබල වූ රූප කලාපයෝ ද, දරු රූප ඉපැදවීමට වුවමනා ප්‍රත්‍යයන් නොලැබූ රූප කලාපයෝ ද විරුද්ධ ප්‍රත්‍යයන් ගේ ස්පර්ශය ලත් රූප කලාපයෝද, දරු රූප නූපදවාම නිරුද්ධ වෙති. අප ඉදිරියෙහි ඇති බොහෝ වස්තූන් කලෙකදී සර්වප්රකාරයෙන් ම අභාවප්‍රාප්ත වනුයේ එහෙයිනි. පෘථිවි ආදි ධාතූහු ක්‍රියාවෝ ම නම්, සත්ත්ව ශරීර ගස් ගල් ආදි වස්තූන් ඇති සේ පෙනෙන්නේ කවර හේතුවකින් ද යන බවද මෙහි ලා විසඳා ගත යුතු ගැඹුරු කරුණකි. යම්කිසි තැනක සාතිශය වේගයෙන් ක්‍රියා පරම්පරාවක් සිදුවේ නම් එතැන නැති ද්‍රව්‍යයක් ඇතුවා සේ පෙනේ. වේගයෙන් ගිනි පෙනෙල්ලක් කරකැවුව හොත් එහි ගමන් වේගය නිසා ගිනිපෙනෙල්ල යන මාර්ගය ගිනි වලල්ලක් සේ පෙනේ. ගරාදි ඇති රෝදයක් වේගයෙන් කැරකෙන කල්හි එය ඒක ඝන වස්තුවක් හෙවත් ලෑල්ලක් සේ පෙනේ. ඇසට පෙනෙනු පමණක් නොවේ. ළං ළංව ගරාදි පිහිටි රෝදයක් අධික වේගයෙන් කරකැවෙන කල්හි එය අතගා බැලුව හොත් අතට දැනෙන්නේ ද අතර සිදුරු ඇති දෙයක් ලෙස නොව, මට්ටමට ඇති ඒක ඝන වස්තුවක් ලෙසය. එසේ පෙනීම, දැනීම, අතරක් නැති තරමට වේගයෙන් ක්‍රියා පරම්පරාවක් පවත්නා කල්හි ඇත්තා වූ ස්වභාවයකි. අතක් පයක් ක්‍රියා කරවීමට වුවමනා වන අවකාශය සේ විශාල අවකාශයක් පරමාර්ථ ධාතුමය ක්‍රියාවකට වුවමනා නැත. එක් එක් පරමාර්ථ ධාතුමය ක්‍රියාවෙක් වීමටත් පැවැත්වීමටත් වුවමනා වන්නේ පරමාණුවකට වුවමනා අවකාශයකටත් වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් කුඩා තැනෙකි. අතරක් නො සෙවිය හැකි තරමට වේගයෙන්, පරම්පරා වශයෙන් පහළ වන්නා වූ ද එකෙකින් අනෙක වෙන් කළ නො හැකි පමණට එකිනෙක ගැටී පවත්නා වූ ද කෝටි ගණනක් පරමාර්ථ ධාතුමය ක්‍රියා පරම්පරාවන්ගේ පැවැත්මට, අබ ඇටයක තරම් වූ අවකාශය ප්‍රමාණ වන්නේය. පරමාර්ථ ධාතුමය ක්‍රියා රාශියක් එසේ පවත්නා කල්හි ඒවායේ සූක්ෂම භාවය ද වේගවත් බව ද එකිනෙක ගැටී පවත්නා බව ද නිසා ඒ ක්‍රියා රාශිය “වේගයෙන් ගමන් කරන ගිනි පෙනෙල්ල ගිනි චක්‍රයක් සේ පෙනෙන්නාක් මෙන් ද, වේගයෙන් භ්‍රමණය වන චක්‍රය ඒකඝන වස්තුවක් සේ පෙනෙන්නාක් මෙන් ද” ඝන වූ එක් වස්තුවක් සේ පෙනෙන්නේය. දැනෙන්නේ ය. එහි ධාතුමය ක්‍රියා රාශිය සන්තති, සමූහ ඝන දෙකකින් වැසී තිබේ. නුවණින් ඝනය දුරුකොට පරමාර්ථය සොයා ගෙන ඝනය හෙවත් වස්තුව, පරමාර්ථ ධාතුමය ක්‍රියා වේගය නිසා ඇති සේ පෙනෙන නමුත් සත්‍ය වශයෙන් නැති බවත්, ක්‍රියා රාශිය පමණක් ඇති බවත් අවබෝධ කැරගත යුතුය. මේවා ගැඹුරු කරුණු ය. පොත පත කියැවූ පමණෙකින් ම, අනුන් කියනු ඇසූ පමණකින් ම අවබෝධ වන කරුණු නොවේ. පොත පතට අනුව දන්නවුන්ගේ කියුම් අනුව කලක් කල්පනා කළ කල්හි ම විමසූ කල්හි ම අවබෝධ වන කරුණුය. අවබෝධ කර ගැනුමට උත්සාහ කරනු. -රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය ඇසුරිණි- මේ ධර්ම දාන කුසලය මෙය කියවන සියල්ලන්ටම එක සේ සම්මෝහය දුරුවීම පිණිසම උපනිශ්‍රය වේවා !!! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom