Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනිත්‍ය ලක්ෂණය ගැන හරියට දැනගනිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චතුරාර්‍ය්‍යසත්‍යය කියා දෙන්නා වූ අන්‍යයකුගේ උපකාරය නොමැතිව ස්වශක්තියෙන් ම එය දත හැකි වන්නේ කල්ප බොහෝ ගණනක් මුළුල්ලෙහි පුරන ලද පාරමිතා ඇති ලොව්තුරා බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ට පමණකි. උන්වහන්සේලා ගෙන් අන්‍ය වූ කවර පණ්ඩිතයකුට වුව ද මේ සත්‍ය සතර ස්වශක්තියෙන් සොයා ගත හැකි නොවේ. එබැවින් බුද්ධ ශූන්‍ය කාලවලදී මේ ධර්මය දැන ගන්නට ලැබෙනු තබා “චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මය” යන වචනය පවා අසන්නට නො ලැබේ. මේ ගැන අසන්නටත් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී ම ය. බුදු සසුන පවත්නා වූ මේ කාලය චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ගැන අසන්නට ලැබෙන දැන ගන්නට ලැබෙන කාලයකි. මෙබඳු උතුම් කාලයක මිනිසත් බවකුත් ලබාගෙන සිට මේ ධර්මය තරමකටවත්දැන ගන්නට උත්සාහ නො කොට, අගනා කාලය සැමකල්හි ම ලැබිය හැකි මිනිසුන් විසින් පමණක් නොව තිරිසනුන් විසින් පවා ලබන පස්කම් සුවය සඳහා ම ඉක්ම යන්නට හැරීම මහත් අලාභයකි. චතුරාර්ය සත්‍යය තත් වූ පරිද්දෙන් අවබෝධ වී මාර්ග ඵලයන්ට පැමිණීම කෙසේ වුවත් මෙබඳු දහම් කියවීමෙන් ද චතුරාර්‍ය්‍ය සත්‍යය ගැන තරමක අවබෝධයක් ලැබිය හැකිය. එය මතු ප්රත්යක්ෂාවබෝධයක් ලබා සසර දුකින් මිදීමට හේතු වන්නේ ය. එබැවින් මෙය සාදරයෙන් කියවත්වා!

මේ කීම සැබෑය. මොහුගේ කීම සැබෑය යනාදීන් ලෝකයෙහි යම් කිසිවක් තත් වූ පරිද්දෙන් ප්‍රකාශ කරන්නා වූ වචන වලට වගන්තිවලට සත්‍යය යි කියනු ලැබේ. “චතුරාර්‍ය්‍ය සත්‍යය” යනුවෙන් යනුවෙන් අදහස් කරනුයේ එසේ යම් කිසිවක තත්ත්වාකාරය ප්‍රකාශ කරන්නා වූ වචන සතරක් හෝ වගන්ති සතරක් නොව පරමාර්ථ වශයෙන් ඇත්තා වූ ස්වභාවධර්ම සතර කොටසකි. චතුරාර්‍ය්‍ය සත්‍යයයි කියන ලද පරමාර්ථ ස්වභාව ධර්ම සතර කොටස අප කෙරෙහි නැති අපෙන් ඉතා ඈත ලෝකයක ඇති දෙයක් නොව අප කෙරෙහි ද ඇත්තා වූ ධර්ම කොටස් සතරකි. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “රොහිතස්ස” නම් දිව්‍ය පුත්‍රයා හට :-

“සංඥා සහිත වූ, හිත සහිත වූ, බඹයක් පමණ වූ මෙම ශරීරයෙහි ම ලෝකයත් ඇත. ලෝක සමුදායත් ඇත. ලෝක නිරෝධයත් ඇත. ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් ඇතය” යි වදාරන ලදි. මෙහි ලෝකසමුදයාදි නම් වලින් දක්වන ලදුයේ චතුරාර්‍ය්‍ය සත්‍යය ම ය.

අප සමීපයෙහි ම ඇතිමුත් ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය සොයා ගැනීම අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. ඒ බව තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට උපමාවකින් මෙසේ වදාළ සේක. එක් දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවරට පිඬු සිඟා වඩිනුවෝ, දුනු සිල්පය උගන්නා වූ ලිච්ඡවී කුමාරවරුන් විසින් දුර සිට එකකුදු නො වැරදී යතුරු සිදුරකින් නික්මී යන සේ හී විදිනු දැක විහාරයට පැමිණි කල්හි ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළහ.

එකල්හි බුදුරජාණන් වහන්සේ “ආනන්දය, දුර සිට යතුරු සිදුරකට ඇතුල්වන සේ හී විද යැවීමය, අස් ලොමක් සතට පළා, ඉන් පලුවක් බඹ පන්තිසකින් ඔබ තබා එහි කොණට වැදෙන සේ සතට පලාගත් අස් ලොම් පලුවකින් ම විදීමය යන දෙකින් කවරක් වඩා දුෂ්කර වේදැ යි විචාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි! සතට පලාගත් අස්ලොම් පලුවෙන් අස්ලොම් පලුවට විදීම ම දුෂ්කර වන්නේය” යි සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය, යමෙක් දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ප්‍රතිවේධ කෙරේ නම් එය දුර තිබෙන අස්ලොම් පලුවේ කොණට අස්ලොම් පලුවකින් ම නො වරදවා විදීමට ද වඩා දුෂ්කර දෙයකැ යි වදාළ සේක. මේ උපමාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙහි ඇති දුෂ්කරත්වය දත යුතු.

චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය නමැති පරමාර්ථ ස්වභාව ධරම සතර කොටස පරහට අවබෝධ කරවනු පිණිස බුද්ධාදීන් විසින් ප්‍රකාශ කරන්නා වූ වචනවලට චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාවයයි කියනු ලැබේ. ‘ධර්මය’ යන වචනය නොයෙක් අර්ථ දෙන වචනයකි. සමහර තැනකදී දේශනාවට ද ධර්මය යයි කියනු ලැබේ. එබැවින් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයත් චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාවත් එකක් කොට සිතා ගැනීමෙන් කාරණය අවුල් විය හැකිය. එසේ නොවන්නට චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අනිකක් බවත්, දේශනාව අනිකක් බවත් පළමු කොට ම සිත් හි තබා ගත යුතු. චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය සර්වාකාරයෙන් ම සම්පූර්ණ කොට දේශනා කරතහොත්, එය අප්‍රමාණ වචනවලින් හා ධර්ම විභාග වලින් ද යුක්ත වූ ඉතා දීර්ඝ දේශනාවක් වන්නේය.

ගසෙක තිබෙන මිහිරි ඵලයක රසය බුදිනු කැමති පක්ෂියාට එය බුදීමට නම් ගසට යාමට පියාපත් ද, ඵලයට කොටා සිදුරු කර ගැනීමට තුඩ ද තිබිය යුතුය. පියාපත්ය, තුඩය යන දෙකින් එකක් නො මැතිව එකකින් පමණක් පක්ෂියාට කිසි කලෙක ඵල රසය වැළදිය නොහේ. එපරිද්දෙන් ම මාර්ග ඵල නිර්වාණ සංඛ්‍යාත අමෘත ඵල රසය වළඳනු කැමති පුද්ගලයන්ට ද ඒ අමෘත රසය වැළඳිය හැකි වීමට අමෘත ඵල දරණ රුකක් බඳු වූ බුදුකෙනකුන් වෙත යා හැකි වීමට පියාපත් බඳු වූ පාරමිතා කොටසක් තිබිය යුතුය, අමෘත ඵල රසය වැළඳීමට පක්ෂියාගේ තුඩ බඳු වූ පාරමිතා කොටසක් ද තිබිය යුතුය.

මෙකල බෞද්ධයන් විසින් කරන දන්දීම් ආදී පින් මරණින් මතු දුර්ගතියට නො පමුණුවා සුගතියෙහි උපදවන්නා වූ පින් වෙති. එබඳු පින් ද නැතිව පවින් ම භරිතව සිට මරණින් මතු නරකයෙහි උපනහොත් නරකයෙහි සිටින්නා වූ ඒ සත්ත්වයාට කොපමණ බුදුවරයන් බුදුවුවත් ඒ බුදුවරයන් උපන් බව දැනගන්නටත් නො ලැබෙන්නේ ය. සුගතියෙහි උපදවන පින් කොට සුගතියෙහි ඉපද සිටියහොත් ඒ පුද්ගලයාට ලෝකයෙහි බුදු කෙනකුන් පහළ වුවහොත් ඒ බුදුන් දැකිය හැකිය. උන් වහන්සේගෙන් දහම් ඇසිය හැකිය. එබැවින් දන්දීම් ආදි පින්කම් බුදුන් දක්නට උපකාර වන කරුණු වෙති. ඒවා ඵල රසය වළඳනු කැමති පක්ෂියාගේ පියාපත් බඳුය. පියාපත් බඳු පාරමිතා කොටස පමණක් සම්පූර්ණ කොට පක්ෂියාගේ තුඩ බඳු වූ පාරමිතා කොටස සම්පූර්ණ නැති පුද්ගලයන්ට බුදුන් දක්නට දහම් අසන්නට ලදත්, ධර්මය අවබෝධ කොට මාර්ගඵල නිර්වාණයන්ට පැමිණිය හැකි නොවේ. කුමක් හෙයින් ද? බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නා වූ පරමාර්ථ ධර්ම ප්‍රතිසංයුක්ත වූ චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මය අති සූක්ෂ්ම වූ අති ගම්භීර වූ ධර්මයකි. එය අවබෝධ වන්නේ පෙර ජාති වලදී ස්කන්ධාදි ධර්ම විභාගයන් උගෙන ප්‍රඥාව දියුණු කරගෙන සිටියා වූ සත්ත්වයන්ට පමණකි. ස්කන්ධාදි ධර්ම විභාගයන් උගෙන දියුණු කරගත් නුවණක් නැත්තා වූ පුද්ගලයන්ට එය අවබෝධ නො වේ. එබැවින් ඔවුහු ඒ ධර්මය ඇසුවත් මාර්ගයකට ඵලයකට නො පැමිණෙති. බුදුරජුන් වෙත පැමිණියා වූ ඔවුහු ඵල දරන රුකට පැමිණි තුඩ නැති පක්ෂීන් බඳු වෙති. බුදුරජුන් වෙත පැමිණ දහම් ඇසුවත් සමහරුන් මාර්ග ඵල නො ලබන්නේ ඔවුන් පෙර ජාතිවලදී ස්කන්ධාදි ධර්ම විභාග උගෙන ප්‍රඥාව දියුණු කරගෙන නො සිටි බැවිනි.

පක්ෂීන්ට පියාපත් මෙන් ද, මිනිසුන්ට පාදයන් මෙන් ද බුදුවරයන් වහන්සේලා සමීපයට - නිර්වාණය දෙසට ගමන් කිරීමට උපකාර වන පුණ්යකර්මයන්ට, යාමට උපකාර වන අර්ථයෙන් චරණ යයි කියනු ලැබේ. ස්කන්ධාදි ධර්ම විෂයෙහි පවත්නා වූ ආර්යඥානයට විද්‍යා යයි කියනු ලැබේ. දශපාරමිතාවන් අතුරෙන් ප්‍රඥා පාරමිතාව හැර ඉතිරි පාරමිතාවෝ චරණ පක්ෂයට ද ප්‍රඥා පාරමිතාව විද්‍යා පක්ෂයට ද ඇතුළත් වෙත්. ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත අමෘත රසය වැළඳීමට විද්‍යා-චරණ දෙක ම සම්පූර්ණ කළ යුතු බැවින් පූර්වාචාර්යවරයන් විසින් :-

“චරණං පාදපක්ඛං ච - විජ්ජං තුණ්ඩ සමං සමං

සම්පූරෙත්වාන පක්ඛෙය්යුං - භුඤ්ජිතුං අමතං රසං”

කියන ලද්දේ ය.

“පා හා පියාපත් වැනි චරණ පාක්ෂික පාරමිතාවන් ද, තුඩ හා සමාන වූ විද්‍යාව ද මෙසේ සම්පූර්ණ කොට නිර්වාණ සංඛ්‍යාත අමෘත ඵල රසය වැළඳීමට යන්නාහුය” යනු එහි තේරුමයි.

##භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය දේශනා කළ භාෂාව පාළි භාෂාව බැවින් එම දහමේ නිවැරදිම අරුත දතහැකි වන්නේ පාළි භාෂාව දැනගැනීමෙනි. එය වෙනත් භාෂාවකින් දැක්වීමට යාමේදී බොහෝ සෙයින් අරුත් හානි විය හැකිය

(එකක් වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනා හඬ, එක වේලාවක පවත්නේ නොයෙක් භාෂා දන්නා සත්වයන්ට තම තමන්ගේ භාෂා වශයෙන් ගතහැකි - ඇසියහැකි වේ. බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධානුභාවය අචින්තනීය වේනුයි සියලු සත්වයන්ට තමතමන්ගේ භාෂාවන්ට අනුරූපව ශ්‍රෝතපථයට පැමිණේ යැයි දතයුතුය.) යැයි උදාන හා ඉතිවුත්තක අටුවාවන්හි දැක්වේ. එබැවින් පාළි භාෂාව යනු භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසීමට භාවිතා කළ මගධ දේශයේ බස බව මෙසේ සකාරණව තහවුරු කර දක්වමු.

[QUOTE="Answer, post: 26918044, member: 577196"] චතුරාර්‍ය්‍යසත්‍යය කියා දෙන්නා වූ අන්‍යයකුගේ උපකාරය නොමැතිව ස්වශක්තියෙන් ම එය දත හැකි වන්නේ කල්ප බොහෝ ගණනක් මුළුල්ලෙහි පුරන ලද පාරමිතා ඇති ලොව්තුරා බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ට පමණකි. උන්වහන්සේලා ගෙන් අන්‍ය වූ කවර පණ්ඩිතයකුට වුව ද මේ සත්‍ය සතර ස්වශක්තියෙන් සොයා ගත හැකි නොවේ. එබැවින් බුද්ධ ශූන්‍ය කාලවලදී මේ ධර්මය දැන ගන්නට ලැබෙනු තබා “චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මය” යන වචනය පවා අසන්නට නො ලැබේ. මේ ගැන අසන්නටත් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී ම ය. බුදු සසුන පවත්නා වූ මේ කාලය චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ගැන අසන්නට ලැබෙන දැන ගන්නට ලැබෙන කාලයකි. මෙබඳු උතුම් කාලයක මිනිසත් බවකුත් ලබාගෙන සිට මේ ධර්මය තරමකටවත්දැන ගන්නට උත්සාහ නො කොට, අගනා කාලය සැමකල්හි ම ලැබිය හැකි මිනිසුන් විසින් පමණක් නොව තිරිසනුන් විසින් පවා ලබන පස්කම් සුවය සඳහා ම ඉක්ම යන්නට හැරීම මහත් අලාභයකි. චතුරාර්ය සත්‍යය තත් වූ පරිද්දෙන් අවබෝධ වී මාර්ග ඵලයන්ට පැමිණීම කෙසේ වුවත් මෙබඳු දහම් කියවීමෙන් ද චතුරාර්‍ය්‍ය සත්‍යය ගැන තරමක අවබෝධයක් ලැබිය හැකිය. එය මතු ප්රත්යක්ෂාවබෝධයක් ලබා සසර දුකින් මිදීමට හේතු වන්නේ ය. එබැවින් මෙය සාදරයෙන් කියවත්වා! මේ කීම සැබෑය. මොහුගේ කීම සැබෑය යනාදීන් ලෝකයෙහි යම් කිසිවක් තත් වූ පරිද්දෙන් ප්‍රකාශ කරන්නා වූ වචන වලට වගන්තිවලට සත්‍යය යි කියනු ලැබේ. [B]“චතුරාර්‍ය්‍ය සත්‍යය”[/B] යනුවෙන් යනුවෙන් අදහස් කරනුයේ එසේ යම් කිසිවක තත්ත්වාකාරය ප්‍රකාශ කරන්නා වූ වචන සතරක් හෝ වගන්ති සතරක් නොව පරමාර්ථ වශයෙන් ඇත්තා වූ ස්වභාවධර්ම සතර කොටසකි. චතුරාර්‍ය්‍ය සත්‍යයයි කියන ලද පරමාර්ථ ස්වභාව ධර්ම සතර කොටස අප කෙරෙහි නැති අපෙන් ඉතා ඈත ලෝකයක ඇති දෙයක් නොව අප කෙරෙහි ද ඇත්තා වූ ධර්ම කොටස් සතරකි. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “රොහිතස්ස” නම් දිව්‍ය පුත්‍රයා හට :- “සංඥා සහිත වූ, හිත සහිත වූ, බඹයක් පමණ වූ මෙම ශරීරයෙහි ම ලෝකයත් ඇත. ලෝක සමුදායත් ඇත. ලෝක නිරෝධයත් ඇත. ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් ඇතය” යි වදාරන ලදි. මෙහි ලෝකසමුදයාදි නම් වලින් දක්වන ලදුයේ චතුරාර්‍ය්‍ය සත්‍යය ම ය. අප සමීපයෙහි ම ඇතිමුත් ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය සොයා ගැනීම අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. ඒ බව තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට උපමාවකින් මෙසේ වදාළ සේක. එක් දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවරට පිඬු සිඟා වඩිනුවෝ, දුනු සිල්පය උගන්නා වූ ලිච්ඡවී කුමාරවරුන් විසින් දුර සිට එකකුදු නො වැරදී යතුරු සිදුරකින් නික්මී යන සේ හී විදිනු දැක විහාරයට පැමිණි කල්හි ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළහ. එකල්හි බුදුරජාණන් වහන්සේ “ආනන්දය, දුර සිට යතුරු සිදුරකට ඇතුල්වන සේ හී විද යැවීමය, අස් ලොමක් සතට පළා, ඉන් පලුවක් බඹ පන්තිසකින් ඔබ තබා එහි කොණට වැදෙන සේ සතට පලාගත් අස් ලොම් පලුවකින් ම විදීමය යන දෙකින් කවරක් වඩා දුෂ්කර වේදැ යි විචාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි! සතට පලාගත් අස්ලොම් පලුවෙන් අස්ලොම් පලුවට විදීම ම දුෂ්කර වන්නේය” යි සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය, යමෙක් [B]දුඃඛ සමුදය නිරෝධ මාර්ග[/B] යන චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ප්‍රතිවේධ කෙරේ නම් එය දුර තිබෙන අස්ලොම් පලුවේ කොණට අස්ලොම් පලුවකින් ම නො වරදවා විදීමට ද වඩා දුෂ්කර දෙයකැ යි වදාළ සේක. මේ උපමාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙහි ඇති දුෂ්කරත්වය දත යුතු. චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය නමැති පරමාර්ථ ස්වභාව ධරම සතර කොටස පරහට අවබෝධ කරවනු පිණිස බුද්ධාදීන් විසින් ප්‍රකාශ කරන්නා වූ වචනවලට චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාවයයි කියනු ලැබේ. [B]‘ධර්මය’[/B] යන වචනය නොයෙක් අර්ථ දෙන වචනයකි. සමහර තැනකදී දේශනාවට ද ධර්මය යයි කියනු ලැබේ. එබැවින් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයත් චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාවත් එකක් කොට සිතා ගැනීමෙන් කාරණය අවුල් විය හැකිය. එසේ නොවන්නට චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අනිකක් බවත්, දේශනාව අනිකක් බවත් පළමු කොට ම සිත් හි තබා ගත යුතු. චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය සර්වාකාරයෙන් ම සම්පූර්ණ කොට දේශනා කරතහොත්, එය අප්‍රමාණ වචනවලින් හා ධර්ම විභාග වලින් ද යුක්ත වූ ඉතා දීර්ඝ දේශනාවක් වන්නේය. ගසෙක තිබෙන මිහිරි ඵලයක රසය බුදිනු කැමති පක්ෂියාට එය බුදීමට නම් ගසට යාමට පියාපත් ද, ඵලයට කොටා සිදුරු කර ගැනීමට තුඩ ද තිබිය යුතුය. පියාපත්ය, තුඩය යන දෙකින් එකක් නො මැතිව එකකින් පමණක් පක්ෂියාට කිසි කලෙක ඵල රසය වැළදිය නොහේ. එපරිද්දෙන් ම මාර්ග ඵල නිර්වාණ සංඛ්‍යාත අමෘත ඵල රසය වළඳනු කැමති පුද්ගලයන්ට ද ඒ අමෘත රසය වැළඳිය හැකි වීමට අමෘත ඵල දරණ රුකක් බඳු වූ බුදුකෙනකුන් වෙත යා හැකි වීමට පියාපත් බඳු වූ පාරමිතා කොටසක් තිබිය යුතුය, අමෘත ඵල රසය වැළඳීමට පක්ෂියාගේ තුඩ බඳු වූ පාරමිතා කොටසක් ද තිබිය යුතුය. මෙකල බෞද්ධයන් විසින් කරන දන්දීම් ආදී පින් මරණින් මතු දුර්ගතියට නො පමුණුවා සුගතියෙහි උපදවන්නා වූ පින් වෙති. එබඳු පින් ද නැතිව පවින් ම භරිතව සිට මරණින් මතු නරකයෙහි උපනහොත් නරකයෙහි සිටින්නා වූ ඒ සත්ත්වයාට කොපමණ බුදුවරයන් බුදුවුවත් ඒ බුදුවරයන් උපන් බව දැනගන්නටත් නො ලැබෙන්නේ ය. සුගතියෙහි උපදවන පින් කොට සුගතියෙහි ඉපද සිටියහොත් ඒ පුද්ගලයාට ලෝකයෙහි බුදු කෙනකුන් පහළ වුවහොත් ඒ බුදුන් දැකිය හැකිය. උන් වහන්සේගෙන් දහම් ඇසිය හැකිය. එබැවින් දන්දීම් ආදි පින්කම් බුදුන් දක්නට උපකාර වන කරුණු වෙති. ඒවා ඵල රසය වළඳනු කැමති පක්ෂියාගේ පියාපත් බඳුය. පියාපත් බඳු පාරමිතා කොටස පමණක් සම්පූර්ණ කොට පක්ෂියාගේ තුඩ බඳු වූ පාරමිතා කොටස සම්පූර්ණ නැති පුද්ගලයන්ට බුදුන් දක්නට දහම් අසන්නට ලදත්, ධර්මය අවබෝධ කොට මාර්ගඵල නිර්වාණයන්ට පැමිණිය හැකි නොවේ. කුමක් හෙයින් ද? බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නා වූ පරමාර්ථ ධර්ම ප්‍රතිසංයුක්ත වූ චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මය අති සූක්ෂ්ම වූ අති ගම්භීර වූ ධර්මයකි. එය අවබෝධ වන්නේ පෙර ජාති වලදී ස්කන්ධාදි ධර්ම විභාගයන් උගෙන ප්‍රඥාව දියුණු කරගෙන සිටියා වූ සත්ත්වයන්ට පමණකි. ස්කන්ධාදි ධර්ම විභාගයන් උගෙන දියුණු කරගත් නුවණක් නැත්තා වූ පුද්ගලයන්ට එය අවබෝධ නො වේ. එබැවින් ඔවුහු ඒ ධර්මය ඇසුවත් මාර්ගයකට ඵලයකට නො පැමිණෙති. බුදුරජුන් වෙත පැමිණියා වූ ඔවුහු ඵල දරන රුකට පැමිණි තුඩ නැති පක්ෂීන් බඳු වෙති. බුදුරජුන් වෙත පැමිණ දහම් ඇසුවත් සමහරුන් මාර්ග ඵල නො ලබන්නේ ඔවුන් පෙර ජාතිවලදී ස්කන්ධාදි ධර්ම විභාග උගෙන ප්‍රඥාව දියුණු කරගෙන නො සිටි බැවිනි. පක්ෂීන්ට පියාපත් මෙන් ද, මිනිසුන්ට පාදයන් මෙන් ද බුදුවරයන් වහන්සේලා සමීපයට - නිර්වාණය දෙසට ගමන් කිරීමට උපකාර වන පුණ්යකර්මයන්ට, යාමට උපකාර වන අර්ථයෙන් [B]චරණ[/B] යයි කියනු ලැබේ. ස්කන්ධාදි ධර්ම විෂයෙහි පවත්නා වූ ආර්යඥානයට [B]විද්‍යා[/B] යයි කියනු ලැබේ. දශපාරමිතාවන් අතුරෙන් ප්‍රඥා පාරමිතාව හැර ඉතිරි පාරමිතාවෝ චරණ පක්ෂයට ද ප්‍රඥා පාරමිතාව විද්‍යා පක්ෂයට ද ඇතුළත් වෙත්. ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත අමෘත රසය වැළඳීමට [B]විද්‍යා-චරණ[/B] දෙක ම සම්පූර්ණ කළ යුතු බැවින් පූර්වාචාර්යවරයන් විසින් :- “චරණං පාදපක්ඛං ච - විජ්ජං තුණ්ඩ සමං සමං සම්පූරෙත්වාන පක්ඛෙය්යුං - භුඤ්ජිතුං අමතං රසං” කියන ලද්දේ ය. “පා හා පියාපත් වැනි චරණ පාක්ෂික පාරමිතාවන් ද, තුඩ හා සමාන වූ විද්‍යාව ද මෙසේ සම්පූර්ණ කොට නිර්වාණ සංඛ්‍යාත අමෘත ඵල රසය වැළඳීමට යන්නාහුය” යනු එහි තේරුමයි. ##භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය දේශනා කළ භාෂාව පාළි භාෂාව බැවින් එම දහමේ නිවැරදිම අරුත දතහැකි වන්නේ පාළි භාෂාව දැනගැනීමෙනි. එය වෙනත් භාෂාවකින් දැක්වීමට යාමේදී බොහෝ සෙයින් අරුත් හානි විය හැකිය (එකක් වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනා හඬ, එක වේලාවක පවත්නේ නොයෙක් භාෂා දන්නා සත්වයන්ට තම තමන්ගේ භාෂා වශයෙන් ගතහැකි - ඇසියහැකි වේ. බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධානුභාවය අචින්තනීය වේනුයි සියලු සත්වයන්ට තමතමන්ගේ භාෂාවන්ට අනුරූපව ශ්‍රෝතපථයට පැමිණේ යැයි දතයුතුය.) යැයි උදාන හා ඉතිවුත්තක අටුවාවන්හි දැක්වේ. එබැවින් පාළි භාෂාව යනු භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසීමට භාවිතා කළ මගධ දේශයේ බස බව මෙසේ සකාරණව තහවුරු කර දක්වමු. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom