Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනේ ටීචර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුඩ් මෝනින් ටීචර්,

ඔව්. ගුඩ් මෝනින් ළමයි.

අද ටීචර්ට ටිකක් පරක්කු වෙලා වගෙයි. පංතියේ ඉදිරි පෙළ අසුනේ හුන් දැරියක් ටීචර් වෙත ළංවෙමින් පැවැසුවාය. ඇයි අද ටීචර් ප්‍රමාද වුණේ...?

ටීචර්ගේ පිළිතුර මදක් ප්‍රමාද වූයෙන් ඕ නැවතත් විමසුවාය.

ඔව් පුතේ, අද ටිකක් ප්‍රමාදයි තමයි. මටත් ඉතින් පොඩි පැටියෙක් ඉන්නවනේ. එයාගෙන් අද හරිම කරදරේ. මගේ අතින් බහින්නේ නෑ. මං එයා රවටාගන්න පුදුම උත්සාහයක් ගත්තේ. කොහොම හරි රානිට එයාව නළවගන්න දීලයි පැන ගත්තේ...

ටීචර් ද තම ළෙන්ගතු සිසුවියට පවසා සිටියාය. මේ නගරයේත් නොවූ, ගමේත් නොවූ අර්ධ නාගරික මිශ්‍ර පාසලක 6 වැනි ශ්‍රේණියේ ‘බී’ පංතියයි. ළමුන්ගේ පැමිණීමේ ලේඛනය අතට ගත් ගුරුතුමිය එය පෙරළා බලා ළමයින්ගේ නම් ලකුණු කිරීම ආරම්භ කළාය. ළමයි කවුරුත් අපේක්ෂාවෙන් සිටියේ දැන් දැන් තමන්ගේ නම ටීචර්ගේ මුවින් පිටවේවිය යන්න ගැනයි. ගැහැනු ළමයි 25 දෙනාගේ පැමිණීම සටහන් කළ ඕ අනතුරුව පැමිණියේ පිරිමි ළමුන්ගේ නම් සටහනටයි. මේ පංතියේ ළමයි සියලු දෙනාම ගුරුතුමියට දැඩි ස්නේහයක් හා ගෞරවයක් දක්වති. ඇය ද පෙරළා තම ස්නේහය මේ දරුවන්ට පුද කිරීමට අමතක නොකළා ය. තමුන්ගේ වාරය පැමිණි පසු ළමෝ “සිටිමි” යනුවෙන් හඬ නඟා පවසා නැඟී සිටීමට පුරුදුව සිටියහ.

සේනක...

සිටිමී...

ජීවන්ත...

සිටිමී...

ගුරුතුමිය හිස ඔසවා බලා මද වේලාවක් නිහඬව සිටියාය.

මොකද පුතේ ඔයා ඊයේ ආවේ නැත්තේ...

ළමයි කවුරුත් ජීවන්ත දෙස හැරී බැලූහ. ජීවන්ත කිසිවක් ම නොකීවේය. ඔහු හිස බිමට හරවා ගත්තේය.

ඇයි? ජීවන්ත. මොකක්ද ප්රශ්නය...

ජීවන්ත නිහඬය.

ටීචර් එයා ඊයේ නංගි බලාගන්න ගෙදර ඉඳලා.

කවුරුත් කොක් හඬලා සිනාසුණහ.

ජීවන්ත අහිංසක දරුවෙකි. පියා නැති මේ දරුවා මවත්, කුඩා නැගණියත් සමඟ හුදකලාවේ ජීවත් වන්නෙකි. මව කුමන හෝ කුලියක් ලැබුණු දාට ජීවන්ත නැගණිය බලාගැනීමට නිවසේ නතර වෙයි. ජීවන්තගේ අහිංසකකමත්, දරිද්‍රතාවයෙන් මිරිකීමත් අන් ළමුන්ගේ උසුළු විසුළුවට ලක්වෙයි. නිරුවත් දෙපා යුගලයත්, අපිළිවෙළට ඇඳ ඇති කමිසයත්, කලිසමත් පමණක් නොව ඔහුගේ පෙනුම ද අන් ළමුන්ට නොරුස්සයි. එහෙත් ටීචර්ගේ කරුණාව ඔහු දිරිගන්වයි. ජීවන්තට විහිළු කරනු දුටු ළමුන් කෙරෙහි තම විරුද්ධතාවය ද දැක්වීමට ඕ පසුබට නොවන්නීය.

ආ... කමක් නෑ පුතා. මොන ප්රශ්නය තිබුණත් ඔයා හැමදාම ඉස්කෝලේ එන්න. හොඳට ඉගෙන ගන්න.

ටීචර්, ජීවන්තට හැමදාම දෙන ඔවදන අදත් දෙන්න අමතක කළේ නැහැ.

ළමුන් නිශ්ශබ්ද වුවද ඇතැමුන් හොරාට ඔහු දෙස නොරිස්සුම් බැල්ම හෙළනවා ටීචර්ට නොපෙනුණා ද නොවේ.

නාම ලේඛනය ලකුණු කර නිමාවීමෙන් පසු සියලු දෙනාටම සිය ආසනය රැගෙන පංතියෙන් එළියට ගොස් පාඩමක් කිරීමට ගුරුවරිය නියම කළාය. කවුරුත් කැමැතිම අවස්ථාව එයයි. පංති කාමරයෙන් බැහැරව එළියේ අඹ ගහ යටට කවුරුත් පැමිණියහ. ගුරුතුමිය වට කර ගත් ළමුන් ඕවලාකාර හැඩයකට හිඳ සිටිති. පාඩම, ගීතය, නාට්‍ය, කවිය, කතාව මේ සියල්ලම දිගහැරෙන්නේ මෙතැනදීය. ගුරුතුමියත්, සිසු දරුවනුත් අපමණ සතුටකට පත් වූහ. විටෙක දරුවන්ගේ කොක් හඬලා නඟන සිනා හ¼ඬ පාලනය කිරීමට ගුරුතුමියට මැදිහත් වන්නටත් සිදු වෙයි. මේ ආකාරයට සතුටු සාමිචිය අතරේ ලබන ඉගෙනුම දරුවන්ට පි‍්‍රය උපදවයි. කාල හෝරාව ඉක්මවා යනු කිසිවෙකුට නොදැනේ.

සීනුව නාද වූයේ දරුවන්ගේ විවේක කාලය දැන්වීමටයි.

සුපුන්... පුතා ඔයා නඳුනුත් එක්ක ගිහින් බනිස් පෙට්ටිය අරන් එන්න.

මේ දරුවන්ට රජයෙන් දිවා ආහාරය ලෙස බනිස් සහ කිරි වීදුරුව ලබා දුන් කාලයයි. සුපුන්, නඳුන් ද සමඟින් දිව ගියේ තමාට ගුරුතුමිය පැවරූ වගකීම් සහගත වැඩේ අකුරටම ඉටු කිරීමටයි.

ළමයි කවුරුත් පංති කාමරයට ගියේ තම තමන් වාඩි වී සිටි පුටු හිස මත තබාගෙනමය. අනතුරුව ගුරුතුමිය ඉටු කළේ මවක විසින් තම දරුවනට ඉටු කරන කාර්ය භාරයයි. ඈ පංතියේ සියලු දරුවන්ට බනිසය බැගින් බෙදා දුන්නාය.

ළමයි සියලු දෙනාම තමාට ලැබුණු බනිසයේ රස බැලූහ.

ගුරුතුමිය ද මඳ වේලාවකට පංතියෙන් බැහැරව ගියේ තමාටත් කිසියම් විවේකයක් ලබාගැනීමේ අටියෙනි.

මද වේලාවක් ගත විය.

ඈ ආපසු පැමිණියාය. සිය බෑගය අතට ගත් ඕ එහි එබී යමක් විමසිල්ලෙන් සොයන්නීය. ලාච්චුව ද ඇර විපරම් කරන්නීය.

මොකක්ද ටීචර් ඔච්චර හොයන්නේ?

අනේ පුතේ... මගේ පර්ස් එක.

මට හොඳට මතකයි මං ඒක බෑගයේ දමා ගත්තා.

ළමයි කවුරුත් ගුරුතුමියගේ පර්ස් එක සොයති. ඩෙස් එක උඩ ද යට ද බැලූහ.

බලන්න පුතේ බැරි වෙලාවත් ඔයාලගේ සාක්කුවලට හරි බෑග්වලට හරි පර්ස් එක ඇවිල්ලද කියලා.

කවුරුත් සියලු දෙනාගේම බෑග්, සාක්කු පරීක්ෂා කළහ.

ජීවන්ත... අරිනවා තමුසෙගෙ බෑග් එක.

මට බැහැ.

අරින්න කිව්වේ. නැත්නම් ටීචර්ට කියනවා.

බෑ... ජීවන්ත සිය බෑගය තුරුලු කර ගත්තේය.

ටීචර්... මෙන්න මෙයා තමයි හොරා.

අපට බෑග් එක අල්ලන්නවත් දෙන්නේ නෑ.

ටීචර් ද වහා එතැනට පැමිණියාය.

ජීවන්ත බෑගය මත වාඩි වූවේය.

ටීචර් ද කෝපාවිශ්ට වූයේ ජීවන්තගේ ක්‍රියා කලාපය දැකය.

කෝ නැගිටිනවා ජීවන්ත

ඔහුට ඇඬුම් ආවේය.

හොරා... හොරා... ජීවන්ත හොරා... ළමයි කෑ ගැසූහ.

ළමුන් දෙදෙනෙකු ජීවන්ත බලෙන්ම තල්ලු කර දැමු හ.

ටීචර් බෑගය අතට ගත්තා ය.

හරි තමයි. ජීවන්ත හොරා. කවුරුත් තෙපලූහ.

ජීවන්ත ඉකි ගසමින් හඬන්නේ ය.

ගුරුතුමියගේ මුහුණ බැරෑරුම් විය. ඈ ජීවන්තගේ බෑගය විවර කළාය.

ළමෝ ඈ වටා රොක් වී සිටිති.

කෝ.... කෝ.... ටීචර් පර්ස් එක... ළමයි පොරකමින් ඈ වටාය.

හිටි හැටියේම ටීචර් ඩෙස් එක මත වාඩි වූවාය.

ජීවන්තගේ බෑගය තුළ ඇති පොත් අතරේ තැලී ගිය බනිස් බාගයක් ඇත.

ජීවන්ත තවමත් හඬන්නේය.

ටීචර්... මම... මම... ඕක තියාගත්තේ අපේ නංගිට ගෙනියන්න. නංගිට අද කන්න මොනවත් ගෙදර තිබ්බේ නෑ ටීචර්. එයා මං ගේන බනිස් කෑල්ල දිහා බලාගෙනයි ඉන්නේ ...

ටීචර්ගේ දෑසින් උණු කඳුළු කැට කඩා වැටුණි. දැන් හඬන්නේ ජීවන්ත නොව ගුරුතුමියයි.

මට... මට... සමාවෙන්න පුතේ... ඔයා හොරෙක් නෙවෙයි.

ගුරුතුමියගේ දෑසින් රූ රා වැටෙන කඳුළු කැට නිමක් නැත. ගුරුතුමිය තැවෙන්නීය.

ටීචර් අන්න ඔයාට කෝල් එකක්...

දෑස දෑතින් පිසදා ගත් ඔහු ජීවන්තගේ හිසත් අත ගා දුරකථන පණිවුඩය ගැනීමට කාර්යාලයට ගියාය.

හලෝ...

හලෝ... නෝනා... මම රානි

ආ... ඇයි රානි

බබා තවමත් නෝනගේ පර්ස් එක අතේ තියාගෙනමයි. මට මතක් වුණා දැන් හොයනවා ඇති කියලා, ඒකයි කතා කළේ.

[QUOTE="keshara, post: 14034027, member: 4704"] [SIZE="6"] ගුඩ් මෝනින් ටීචර්, ඔව්. ගුඩ් මෝනින් ළමයි. අද ටීචර්ට ටිකක් පරක්කු වෙලා වගෙයි. පංතියේ ඉදිරි පෙළ අසුනේ හුන් දැරියක් ටීචර් වෙත ළංවෙමින් පැවැසුවාය. ඇයි අද ටීචර් ප්‍රමාද වුණේ...? ටීචර්ගේ පිළිතුර මදක් ප්‍රමාද වූයෙන් ඕ නැවතත් විමසුවාය. ඔව් පුතේ, අද ටිකක් ප්‍රමාදයි තමයි. මටත් ඉතින් පොඩි පැටියෙක් ඉන්නවනේ. එයාගෙන් අද හරිම කරදරේ. මගේ අතින් බහින්නේ නෑ. මං එයා රවටාගන්න පුදුම උත්සාහයක් ගත්තේ. කොහොම හරි රානිට එයාව නළවගන්න දීලයි පැන ගත්තේ... ටීචර් ද තම ළෙන්ගතු සිසුවියට පවසා සිටියාය. මේ නගරයේත් නොවූ, ගමේත් නොවූ අර්ධ නාගරික මිශ්‍ර පාසලක 6 වැනි ශ්‍රේණියේ ‘බී’ පංතියයි. ළමුන්ගේ පැමිණීමේ ලේඛනය අතට ගත් ගුරුතුමිය එය පෙරළා බලා ළමයින්ගේ නම් ලකුණු කිරීම ආරම්භ කළාය. ළමයි කවුරුත් අපේක්ෂාවෙන් සිටියේ දැන් දැන් තමන්ගේ නම ටීචර්ගේ මුවින් පිටවේවිය යන්න ගැනයි. ගැහැනු ළමයි 25 දෙනාගේ පැමිණීම සටහන් කළ ඕ අනතුරුව පැමිණියේ පිරිමි ළමුන්ගේ නම් සටහනටයි. මේ පංතියේ ළමයි සියලු දෙනාම ගුරුතුමියට දැඩි ස්නේහයක් හා ගෞරවයක් දක්වති. ඇය ද පෙරළා තම ස්නේහය මේ දරුවන්ට පුද කිරීමට අමතක නොකළා ය. තමුන්ගේ වාරය පැමිණි පසු ළමෝ “සිටිමි” යනුවෙන් හඬ නඟා පවසා නැඟී සිටීමට පුරුදුව සිටියහ. සේනක... සිටිමී... ජීවන්ත... සිටිමී... ගුරුතුමිය හිස ඔසවා බලා මද වේලාවක් නිහඬව සිටියාය. මොකද පුතේ ඔයා ඊයේ ආවේ නැත්තේ... ළමයි කවුරුත් ජීවන්ත දෙස හැරී බැලූහ. ජීවන්ත කිසිවක් ම නොකීවේය. ඔහු හිස බිමට හරවා ගත්තේය. ඇයි? ජීවන්ත. මොකක්ද ප්රශ්නය... ජීවන්ත නිහඬය. ටීචර් එයා ඊයේ නංගි බලාගන්න ගෙදර ඉඳලා. කවුරුත් කොක් හඬලා සිනාසුණහ. ජීවන්ත අහිංසක දරුවෙකි. පියා නැති මේ දරුවා මවත්, කුඩා නැගණියත් සමඟ හුදකලාවේ ජීවත් වන්නෙකි. මව කුමන හෝ කුලියක් ලැබුණු දාට ජීවන්ත නැගණිය බලාගැනීමට නිවසේ නතර වෙයි. ජීවන්තගේ අහිංසකකමත්, දරිද්‍රතාවයෙන් මිරිකීමත් අන් ළමුන්ගේ උසුළු විසුළුවට ලක්වෙයි. නිරුවත් දෙපා යුගලයත්, අපිළිවෙළට ඇඳ ඇති කමිසයත්, කලිසමත් පමණක් නොව ඔහුගේ පෙනුම ද අන් ළමුන්ට නොරුස්සයි. එහෙත් ටීචර්ගේ කරුණාව ඔහු දිරිගන්වයි. ජීවන්තට විහිළු කරනු දුටු ළමුන් කෙරෙහි තම විරුද්ධතාවය ද දැක්වීමට ඕ පසුබට නොවන්නීය. ආ... කමක් නෑ පුතා. මොන ප්රශ්නය තිබුණත් ඔයා හැමදාම ඉස්කෝලේ එන්න. හොඳට ඉගෙන ගන්න. ටීචර්, ජීවන්තට හැමදාම දෙන ඔවදන අදත් දෙන්න අමතක කළේ නැහැ. ළමුන් නිශ්ශබ්ද වුවද ඇතැමුන් හොරාට ඔහු දෙස නොරිස්සුම් බැල්ම හෙළනවා ටීචර්ට නොපෙනුණා ද නොවේ. නාම ලේඛනය ලකුණු කර නිමාවීමෙන් පසු සියලු දෙනාටම සිය ආසනය රැගෙන පංතියෙන් එළියට ගොස් පාඩමක් කිරීමට ගුරුවරිය නියම කළාය. කවුරුත් කැමැතිම අවස්ථාව එයයි. පංති කාමරයෙන් බැහැරව එළියේ අඹ ගහ යටට කවුරුත් පැමිණියහ. ගුරුතුමිය වට කර ගත් ළමුන් ඕවලාකාර හැඩයකට හිඳ සිටිති. පාඩම, ගීතය, නාට්‍ය, කවිය, කතාව මේ සියල්ලම දිගහැරෙන්නේ මෙතැනදීය. ගුරුතුමියත්, සිසු දරුවනුත් අපමණ සතුටකට පත් වූහ. විටෙක දරුවන්ගේ කොක් හඬලා නඟන සිනා හ¼ඬ පාලනය කිරීමට ගුරුතුමියට මැදිහත් වන්නටත් සිදු වෙයි. මේ ආකාරයට සතුටු සාමිචිය අතරේ ලබන ඉගෙනුම දරුවන්ට පි‍්‍රය උපදවයි. කාල හෝරාව ඉක්මවා යනු කිසිවෙකුට නොදැනේ. සීනුව නාද වූයේ දරුවන්ගේ විවේක කාලය දැන්වීමටයි. සුපුන්... පුතා ඔයා නඳුනුත් එක්ක ගිහින් බනිස් පෙට්ටිය අරන් එන්න. මේ දරුවන්ට රජයෙන් දිවා ආහාරය ලෙස බනිස් සහ කිරි වීදුරුව ලබා දුන් කාලයයි. සුපුන්, නඳුන් ද සමඟින් දිව ගියේ තමාට ගුරුතුමිය පැවරූ වගකීම් සහගත වැඩේ අකුරටම ඉටු කිරීමටයි. ළමයි කවුරුත් පංති කාමරයට ගියේ තම තමන් වාඩි වී සිටි පුටු හිස මත තබාගෙනමය. අනතුරුව ගුරුතුමිය ඉටු කළේ මවක විසින් තම දරුවනට ඉටු කරන කාර්ය භාරයයි. ඈ පංතියේ සියලු දරුවන්ට බනිසය බැගින් බෙදා දුන්නාය. ළමයි සියලු දෙනාම තමාට ලැබුණු බනිසයේ රස බැලූහ. ගුරුතුමිය ද මඳ වේලාවකට පංතියෙන් බැහැරව ගියේ තමාටත් කිසියම් විවේකයක් ලබාගැනීමේ අටියෙනි. මද වේලාවක් ගත විය. ඈ ආපසු පැමිණියාය. සිය බෑගය අතට ගත් ඕ එහි එබී යමක් විමසිල්ලෙන් සොයන්නීය. ලාච්චුව ද ඇර විපරම් කරන්නීය. මොකක්ද ටීචර් ඔච්චර හොයන්නේ? අනේ පුතේ... මගේ පර්ස් එක. මට හොඳට මතකයි මං ඒක බෑගයේ දමා ගත්තා. ළමයි කවුරුත් ගුරුතුමියගේ පර්ස් එක සොයති. ඩෙස් එක උඩ ද යට ද බැලූහ. බලන්න පුතේ බැරි වෙලාවත් ඔයාලගේ සාක්කුවලට හරි බෑග්වලට හරි පර්ස් එක ඇවිල්ලද කියලා. කවුරුත් සියලු දෙනාගේම බෑග්, සාක්කු පරීක්ෂා කළහ. ජීවන්ත... අරිනවා තමුසෙගෙ බෑග් එක. මට බැහැ. අරින්න කිව්වේ. නැත්නම් ටීචර්ට කියනවා. බෑ... ජීවන්ත සිය බෑගය තුරුලු කර ගත්තේය. ටීචර්... මෙන්න මෙයා තමයි හොරා. අපට බෑග් එක අල්ලන්නවත් දෙන්නේ නෑ. ටීචර් ද වහා එතැනට පැමිණියාය. ජීවන්ත බෑගය මත වාඩි වූවේය. ටීචර් ද කෝපාවිශ්ට වූයේ ජීවන්තගේ ක්‍රියා කලාපය දැකය. කෝ නැගිටිනවා ජීවන්ත ඔහුට ඇඬුම් ආවේය. හොරා... හොරා... ජීවන්ත හොරා... ළමයි කෑ ගැසූහ. ළමුන් දෙදෙනෙකු ජීවන්ත බලෙන්ම තල්ලු කර දැමු හ. ටීචර් බෑගය අතට ගත්තා ය. හරි තමයි. ජීවන්ත හොරා. කවුරුත් තෙපලූහ. ජීවන්ත ඉකි ගසමින් හඬන්නේ ය. ගුරුතුමියගේ මුහුණ බැරෑරුම් විය. ඈ ජීවන්තගේ බෑගය විවර කළාය. ළමෝ ඈ වටා රොක් වී සිටිති. කෝ.... කෝ.... ටීචර් පර්ස් එක... ළමයි පොරකමින් ඈ වටාය. හිටි හැටියේම ටීචර් ඩෙස් එක මත වාඩි වූවාය. ජීවන්තගේ බෑගය තුළ ඇති පොත් අතරේ තැලී ගිය බනිස් බාගයක් ඇත. ජීවන්ත තවමත් හඬන්නේය. ටීචර්... මම... මම... ඕක තියාගත්තේ අපේ නංගිට ගෙනියන්න. නංගිට අද කන්න මොනවත් ගෙදර තිබ්බේ නෑ ටීචර්. එයා මං ගේන බනිස් කෑල්ල දිහා බලාගෙනයි ඉන්නේ ... ටීචර්ගේ දෑසින් උණු කඳුළු කැට කඩා වැටුණි. දැන් හඬන්නේ ජීවන්ත නොව ගුරුතුමියයි. මට... මට... සමාවෙන්න පුතේ... ඔයා හොරෙක් නෙවෙයි. ගුරුතුමියගේ දෑසින් රූ රා වැටෙන කඳුළු කැට නිමක් නැත. ගුරුතුමිය තැවෙන්නීය. ටීචර් අන්න ඔයාට කෝල් එකක්... දෑස දෑතින් පිසදා ගත් ඔහු ජීවන්තගේ හිසත් අත ගා දුරකථන පණිවුඩය ගැනීමට කාර්යාලයට ගියාය. හලෝ... හලෝ... නෝනා... මම රානි ආ... ඇයි රානි බබා තවමත් නෝනගේ පර්ස් එක අතේ තියාගෙනමයි. මට මතක් වුණා දැන් හොයනවා ඇති කියලා, ඒකයි කතා කළේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom