Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනේ මට politics පේන්න බෑ මෙයා !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මට politics පේන්න බෑ මෙයා !

මැතකදී මිතුරෙක් සමග ඇති වූ දෙබසක් පහත පරිදි වේ. (පක්ෂග්‍රහී නොවීමට යම් ස්ථාන වලට හිස් තැන් තබා ඇත)

මම: අන්න ඔයාල උදේ පාන්දරින් ගිහින් චන්දෙ දීල පත් කරගත්තු අහවලා, …………. අහවල් වැඩක් කරන්න යනවා…

මිතුරා: අනේ මේ මම කියල තියෙනවා මාත් එක්ක politics කතා කරන්න එපා කියල. මන් කැමති නෑ ඔය topic එක කතා කරන්න.. ඕවට වඩා මට ප්‍රශ්න තියෙනවා හිතන්න. අනික ඔයාලට තිබ්බනේ ඔයාලගේ ………………. දෙන අහවලව පත් කර ගන්න..

මම: දැන් කතා කරන්න කැමති නෑ කිව්වනේ… එක නිසා මන් ඕකට උත්තර දෙන්නේ නෑ..

තව දුරටත් කතා කිරීම වාදයකට මුල වන බැවින්, මම නිශ්ශබ්ද උනෙමි.

මෙවන් දෙබස් අපි ඕනෑවටත් වඩා අසා ඇත්තෙමු. මොවුන් නොදන්නා කාරණයනම්, මොවුන් මේ පවසන ඔවුනට ඇති ඕනෑවටත් වඩා ප්‍රශ්න ඔය කතා කරන්න අකමැති දේශපාලනික වූ සංස්කෘතියේ අතුරු ප්‍රතිපල වීමය. මෙරට දේශපාලනික කාරණයක් නොවන එක දෙයක්වත් තිබේද යන්න සැක සහිතය. මෙරට උපදින දරුවෙකු ඉපදෙන තැන ඉස්පිරිතාලයේ නොමැති බේත් පෙත්තේ සිට, පාසල් අධ්‍යාපනය, විශ්යවිද්යාලය, විවාහය, මිය යන තෙක්ම සියලු කාරණා දේශපාලනික නොවන බව කිසිවෙකුත් පැවසුවොත් එය ඔවුන්ගේ සිතීමේ පරාසයේ යම් මදි කමක් මිස සත්‍ය නොවනු ඇත. මෙම කාරණය මම මගේ මිතුරාට පැවසුවේනම්, මෙවන් පිළිතුරක් මාහට ලැබිය හැකිව තිබුණි.. එනම් .. “මගේ දෙමව්පියෝ මගේ පෙම්වතාට/පෙම්වතියට කැමති වෙන එකයි, දේශපලනයෙයි තියෙන සම්බන්දෙ මොකද්ද?”, නැතහොත්.. “මන් මේ කල්පනා කරන්නේ මගේ අනාගතේ ගැන, එකට දේශපාලනේ ඇති සම්බන්දෙ මොකද්ද?” වැනි ප්‍රශ්න වලින් එකක් හෝ වැඩි ගණනක් මා හට පෙරලා පැමිණීමේ හැකියාව තිබුණි. මෙවන් පිරිස් නොසිතන කාරණය වන්නේ, ඔවුන්ගේ මේ ගැටළු සියල්ල මේ ආකාරයෙන් පවතින්නේ මෙරට දේශපාලනික, සංස්කෘතික රාමුව තුල බවයි. බොහෝවිට ලාංකීය සමාජය තුල පවතින විෂමාකාර ප්‍රශ්න කුමන ආකාරයකින් කරලියට පැමිණියද, අවසන් විග්රහයේදී ඒවායේ පදනම වී ඇත්තේ ආර්ථික කාරණාය. එසේත් නැතිනම් අධ්‍යාපන ක්‍රමවේදයේ ඇති විෂමතය. එසේත් නොමැතිනම්, සම්පත් නිසි ලෙස බෙදී නොයෑමේ විෂමතය. යහපත්, දූරදර්ශි, සැලසුම් සහගත, බලය සහ සුළු පිරිසකගේ සුඛවිහරණය කේන්ද්‍ර ගත නොවූ, විනය නීතිය සුරෙකෙන දේශපාලන වට පිටාවක් තුල, ඉහත කී ඇති බහුතරයක් ගැටළු දූරින් භූත වන බව මෙරට පොදු ජනයා නොසිතන්නේ මේ රටේ අවසනාවකටය.

එම අවාසනාවට වග කිය යුත්තේ මා ඉහත කී මිතුරා වැනි, තවත් අති මහත් බහුතරයක් වන “දේශපාලනය අරහන්” ජනතාවයි පැවසීම වරදක් නොවේ. ඒ මන්ද, එවන් ජනයා මෙරට චන්ද දායකයින්ගෙන් අති බහුතරයකි. ඔවුනට දේශපාලනය අරහන්ය. දේශපාලනය අරහන් වූ නිසාවෙන්ම, දේශපාලනයේ කළු සුදු චරිත තොර බේරා ගැනීමේ හැකියාව අවමය. පසු ගිය චන්දෙ සිට ඊළග චන්දය දක්වා රටේ සිදු වූ කාරණා වලින් ඔවුන් දන්නේ ඉතාමත් අල්පයකි. යම් කාරණයක ඔවුන් දන්නේ මාධ්‍ය ඔස්සේ මවා පෙන්නන සොච්චම පමණකි. එය දන්නෙත් සීයට දශම ගණනකි. සිල් රෙදි පෙරවගත් දේශප්‍රේමීන්ට ඔවුන්ව පහසුවෙන් රැවටිය (Bite) කල හැක. සංවිධානාත්මක චන්ද ප්‍රචාරණය ඔස්සේ සංවේදී පුදගලයන් ඔවුන්ගේ හදවත් තුල නිර්මාණය කල හැක. කෙටියෙන් පැවසුවහොත්, රූපවාහිනියේ චිත්‍රපටි පෙන්නා ඒකාධිපතියන් නිර්මාණය කල හැක. මඩ වලට වටිනාකමක් ගොඩ නැගෙන්නේ මෙවැනි දේශපාලනය අරහන් උදවිය නිසාය. මක් නිසාද යත් ඉතාම සරලවම, ඔවුන්ගේ තීරණ රදා පවතින්නේ, චන්ද කාලවල වේදිකාවේ සිල්ලර වන කාරණා කීපයක් හරහාය. එය දේශප්‍රේමය විය හැක, විදේශ අත පෙවීම් විය හැක, ආර්ථික කාරණා විය හැක, යුද්දය විය හැක, ජාතික ගැටලුව විය හැක, සංවර්ධනය විය හැක, එය කුමක් වුවත් දේශපාලනය අරහන් පුද්ගලයන්ගේ තීරණය රදා පවතින්නේ අවසාන මොහොතේ ඔවුන්ගේ කනට ඇසෙන යමක් ඇත්ත ලෙස සළකාගෙනය. මෙවන් පරිසරයක ලස්සනට මූණට කතිර වැටීම ගැන පුදුම විය යුතු නැත.

සරලවම, බොරුව උනත් ලස්සනට market කලොත්, වැඩේ ගොඩය. මන්ද මෙරට බහුතරය “දේශපාලනය අරහන්” අය වීමය. කණගාටුවනම්, දේශපාලනය අරහන් මොවුන්ගේ තීරණ හමුවේ දෙනෙන් දින රට අගාදයට යාමය. “අපට මොන දේශපාලනේද, අපි හොයා ගත්තොත් අපි කනවා”, “අපි ඉන්නේ අපේ පාඩුවේ, අපිට ඔය දේශපාලනෙන් වැඩක් නෑ”, “අපිට තියෙන ප්‍රශ්න හොදටම අති අපිට ඔය දේශපාලනෙන් වැඩක් නෑ”, මෙවැනි කුහක වාක්‍ය මෙරට බොහෝ දෙනාගේ (“දේශපාලනය අරහන්”) මුවග රැව් දෙන වදන්ය. මොවුන් හට මේ තෙරුන් කර දීමට යාමද එක්තරා විදියක මෝඩ කමකි, මන්ද ඔවුන් කිසි විටෙකත් මෙම සත්‍ය අවබෝද කර නොගන්න නිසාය. නමුත් ඔවුන්ගෙන් ඇසිය යුතු එක ප්‍රශ්නයක් ඇත. එනම්, දේශපාලනය ඔබට අරහන් නම්, ඔබ නොදන්නා, ඔබ සංවේදී නොවන දේශපාලන කාරණා ඔස්සේ, මාධ්‍ය ඔස්සේ රග දක්වන බොරුව, මායාව විස්වාස කොට.. කොටින්ම කියතොත් ඔබ නොදන්නා මගුලක් වෙනුවෙන් චන්දෙ දමා.. මෙරට හෙට උපදින දරුවන් අනාථ කිරීමට ඔබට ඇති අය්තිය කුමක්ද යන්නය.

අවකාශය awakashaya uputa gaththaki.

[QUOTE="dhanushkact, post: 14371572, member: 116540"] [b]අනේ මට politics පේන්න බෑ මෙයා ![/b] [SIZE="4"] මැතකදී මිතුරෙක් සමග ඇති වූ දෙබසක් පහත පරිදි වේ. (පක්ෂග්‍රහී නොවීමට යම් ස්ථාන වලට හිස් තැන් තබා ඇත) මම: අන්න ඔයාල උදේ පාන්දරින් ගිහින් චන්දෙ දීල පත් කරගත්තු අහවලා, …………. අහවල් වැඩක් කරන්න යනවා… මිතුරා: අනේ මේ මම කියල තියෙනවා මාත් එක්ක politics කතා කරන්න එපා කියල. මන් කැමති නෑ ඔය topic එක කතා කරන්න.. ඕවට වඩා මට ප්‍රශ්න තියෙනවා හිතන්න. අනික ඔයාලට තිබ්බනේ ඔයාලගේ ………………. දෙන අහවලව පත් කර ගන්න.. මම: දැන් කතා කරන්න කැමති නෑ කිව්වනේ… එක නිසා මන් ඕකට උත්තර දෙන්නේ නෑ.. තව දුරටත් කතා කිරීම වාදයකට මුල වන බැවින්, මම නිශ්ශබ්ද උනෙමි. මෙවන් දෙබස් අපි ඕනෑවටත් වඩා අසා ඇත්තෙමු. මොවුන් නොදන්නා කාරණයනම්, මොවුන් මේ පවසන ඔවුනට ඇති ඕනෑවටත් වඩා ප්‍රශ්න ඔය කතා කරන්න අකමැති දේශපාලනික වූ සංස්කෘතියේ අතුරු ප්‍රතිපල වීමය. මෙරට දේශපාලනික කාරණයක් නොවන එක දෙයක්වත් තිබේද යන්න සැක සහිතය. මෙරට උපදින දරුවෙකු ඉපදෙන තැන ඉස්පිරිතාලයේ නොමැති බේත් පෙත්තේ සිට, පාසල් අධ්‍යාපනය, විශ්යවිද්යාලය, විවාහය, මිය යන තෙක්ම සියලු කාරණා දේශපාලනික නොවන බව කිසිවෙකුත් පැවසුවොත් එය ඔවුන්ගේ සිතීමේ පරාසයේ යම් මදි කමක් මිස සත්‍ය නොවනු ඇත. මෙම කාරණය මම මගේ මිතුරාට පැවසුවේනම්, මෙවන් පිළිතුරක් මාහට ලැබිය හැකිව තිබුණි.. එනම් .. “මගේ දෙමව්පියෝ මගේ පෙම්වතාට/පෙම්වතියට කැමති වෙන එකයි, දේශපලනයෙයි තියෙන සම්බන්දෙ මොකද්ද?”, නැතහොත්.. “මන් මේ කල්පනා කරන්නේ මගේ අනාගතේ ගැන, එකට දේශපාලනේ ඇති සම්බන්දෙ මොකද්ද?” වැනි ප්‍රශ්න වලින් එකක් හෝ වැඩි ගණනක් මා හට පෙරලා පැමිණීමේ හැකියාව තිබුණි. මෙවන් පිරිස් නොසිතන කාරණය වන්නේ, ඔවුන්ගේ මේ ගැටළු සියල්ල මේ ආකාරයෙන් පවතින්නේ මෙරට දේශපාලනික, සංස්කෘතික රාමුව තුල බවයි. බොහෝවිට ලාංකීය සමාජය තුල පවතින විෂමාකාර ප්‍රශ්න කුමන ආකාරයකින් කරලියට පැමිණියද, අවසන් විග්රහයේදී ඒවායේ පදනම වී ඇත්තේ ආර්ථික කාරණාය. එසේත් නැතිනම් අධ්‍යාපන ක්‍රමවේදයේ ඇති විෂමතය. එසේත් නොමැතිනම්, සම්පත් නිසි ලෙස බෙදී නොයෑමේ විෂමතය. යහපත්, දූරදර්ශි, සැලසුම් සහගත, බලය සහ සුළු පිරිසකගේ සුඛවිහරණය කේන්ද්‍ර ගත නොවූ, විනය නීතිය සුරෙකෙන දේශපාලන වට පිටාවක් තුල, ඉහත කී ඇති බහුතරයක් ගැටළු දූරින් භූත වන බව මෙරට පොදු ජනයා නොසිතන්නේ මේ රටේ අවසනාවකටය. එම අවාසනාවට වග කිය යුත්තේ මා ඉහත කී මිතුරා වැනි, තවත් අති මහත් බහුතරයක් වන “දේශපාලනය අරහන්” ජනතාවයි පැවසීම වරදක් නොවේ. ඒ මන්ද, එවන් ජනයා මෙරට චන්ද දායකයින්ගෙන් අති බහුතරයකි. ඔවුනට දේශපාලනය අරහන්ය. දේශපාලනය අරහන් වූ නිසාවෙන්ම, දේශපාලනයේ කළු සුදු චරිත තොර බේරා ගැනීමේ හැකියාව අවමය. පසු ගිය චන්දෙ සිට ඊළග චන්දය දක්වා රටේ සිදු වූ කාරණා වලින් ඔවුන් දන්නේ ඉතාමත් අල්පයකි. යම් කාරණයක ඔවුන් දන්නේ මාධ්‍ය ඔස්සේ මවා පෙන්නන සොච්චම පමණකි. එය දන්නෙත් සීයට දශම ගණනකි. සිල් රෙදි පෙරවගත් දේශප්‍රේමීන්ට ඔවුන්ව පහසුවෙන් රැවටිය (Bite) කල හැක. සංවිධානාත්මක චන්ද ප්‍රචාරණය ඔස්සේ සංවේදී පුදගලයන් ඔවුන්ගේ හදවත් තුල නිර්මාණය කල හැක. කෙටියෙන් පැවසුවහොත්, රූපවාහිනියේ චිත්‍රපටි පෙන්නා ඒකාධිපතියන් නිර්මාණය කල හැක. මඩ වලට වටිනාකමක් ගොඩ නැගෙන්නේ මෙවැනි දේශපාලනය අරහන් උදවිය නිසාය. මක් නිසාද යත් ඉතාම සරලවම, ඔවුන්ගේ තීරණ රදා පවතින්නේ, චන්ද කාලවල වේදිකාවේ සිල්ලර වන කාරණා කීපයක් හරහාය. එය දේශප්‍රේමය විය හැක, විදේශ අත පෙවීම් විය හැක, ආර්ථික කාරණා විය හැක, යුද්දය විය හැක, ජාතික ගැටලුව විය හැක, සංවර්ධනය විය හැක, එය කුමක් වුවත් දේශපාලනය අරහන් පුද්ගලයන්ගේ තීරණය රදා පවතින්නේ අවසාන මොහොතේ ඔවුන්ගේ කනට ඇසෙන යමක් ඇත්ත ලෙස සළකාගෙනය. මෙවන් පරිසරයක ලස්සනට මූණට කතිර වැටීම ගැන පුදුම විය යුතු නැත. සරලවම, බොරුව උනත් ලස්සනට market කලොත්, වැඩේ ගොඩය. මන්ද මෙරට බහුතරය “දේශපාලනය අරහන්” අය වීමය. කණගාටුවනම්, දේශපාලනය අරහන් මොවුන්ගේ තීරණ හමුවේ දෙනෙන් දින රට අගාදයට යාමය. “අපට මොන දේශපාලනේද, අපි හොයා ගත්තොත් අපි කනවා”, “අපි ඉන්නේ අපේ පාඩුවේ, අපිට ඔය දේශපාලනෙන් වැඩක් නෑ”, “අපිට තියෙන ප්‍රශ්න හොදටම අති අපිට ඔය දේශපාලනෙන් වැඩක් නෑ”, මෙවැනි කුහක වාක්‍ය මෙරට බොහෝ දෙනාගේ (“දේශපාලනය අරහන්”) මුවග රැව් දෙන වදන්ය. මොවුන් හට මේ තෙරුන් කර දීමට යාමද එක්තරා විදියක මෝඩ කමකි, මන්ද ඔවුන් කිසි විටෙකත් මෙම සත්‍ය අවබෝද කර නොගන්න නිසාය. නමුත් ඔවුන්ගෙන් ඇසිය යුතු එක ප්‍රශ්නයක් ඇත. එනම්, දේශපාලනය ඔබට අරහන් නම්, ඔබ නොදන්නා, ඔබ සංවේදී නොවන දේශපාලන කාරණා ඔස්සේ, මාධ්‍ය ඔස්සේ රග දක්වන බොරුව, මායාව විස්වාස කොට.. කොටින්ම කියතොත් ඔබ නොදන්නා මගුලක් වෙනුවෙන් චන්දෙ දමා.. මෙරට හෙට උපදින දරුවන් අනාථ කිරීමට ඔබට ඇති අය්තිය කුමක්ද යන්නය. අවකාශය awakashaya uputa gaththaki. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom