Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනෝජ් සිල්වා වැහි වෙදාගේ පැටිකිරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනෝජ් සිල්වා වැහි වෙදාගේ පැටිකිරිය

විශ්ව ශක්ති වැහි වෙදා සහ විශ්ව ශක්ති ගාමිණී අයියා.....

මේ කතාවේ ඔක්කොම ටික කියලා ඇරියේ නැත්තම් තේරෙන්නෙ නැතිවෙන නිසා ටිකක් දිග උනත් ඔක්කොම කියන්න වෙනවා.

2001 රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකකට අගමැති උනා කියලා දන්නවනෙ. රනිල් එන්න කලින් ආරක්ෂක නියෝජ්‍ය ඇමති උනේ අනුරුද්ධ රත්වත්තෙ. රත්වත්තෙ නුවර කෙනෙක් නිසා නුවර පොලිසී වල හිටපු OIC ලා විතරක් නෙවෙයි කොල්ලො කුරුට්ටො, බල්ලො බලල්ලු පවා රත්වත්තෙගෙ කට්ටිය. රනිල් ලොක්කා පත්වෙලා ඔන්න දැන් දඩ බඩ ගාලා රත්වතෙගෙ ශ්‍රී ලංකා පොලිසි ඔක්කොම යූඇන්පී පොලිසි කරනවා.

නුවර ඒඑස්පී විදිහට දැම්ම එකා තමයි, උන්නැහේගේ පලවෙනි රාජකාරිය විදිහට අර මිලේනියම් සිටි බුද්ධි අංශෙ පාවා දීලා බුද්ධි අංශෙ සමූල ඝාතනය කරන්න මඟ පාදපු කුලසිරි උඩුගම්පොල.

නුවර HQI උනෙත් රනිල්ගෙ එලම පොරක්. මිනිහා බර්ගර් ජාතිකයෙක්. යූඇන්පී කාරයෙක් උනත් පොර කිරිඇල්ලලා, තිස්ස අත්තනායකලා වගේ නුවර ඒ කාලේ කෙරුම්කාර යූඇන්පීකාරයන්වවත් පඩේකට ගනන් ගත්තෙ නෑ. අහන්නෙ රනිල් මලික් කියන දේ විතරයි. රනිල් මලික් කියන දේ ඇහුවත් පොර රනිල් මලික්ලා ජාතියෙ කෙනෙකුත් නෙවෙයි.

උඩුගම්පොලයි අර බර්ගර් HQI යි යූඇන්පී කාරයෝ උනත් ටික දවසකින් නුවර යූඇන්පී කාරයන්ටයි පොලිසියේ යූඇන්පීකාරයන්ටයි පොරවල් දෙක වහ කඳුරු වගේ තිත්ත උනා.

එක උදාහරණයක් මේ;

ඒ කාලේ කොටි ගහන නිසා චෙක් පොයින්ට් තිබුනනෙ. ඒ චෙක් පොයින්ට් වලට රෑ එකට දෙකට මේ ඩබල ගිහින් රාලහාමි කෙනෙක් කැප් එකක් දාලා නැත්තම් හරිබොත්තමක් ඇරන් හිටියොත් හරි කෙලින්ම ආයි ඉන්ටඩික්. පොරවල් දෙකම කලේ ඔන්න ඔය ජාතියෙ වැඩ.

අර බර්ගර් HQI හොර ඔප්පු ලියලා වරෙන්තු පිට හිටිය හොර නීතිඥයො වගේ අය, වරෙන්තු පිට හිටිය තම්බි, වෙන කෙරුමො ඔක්කොම උසාවි දක්කන්න ගත්තා. ඒ නිසා දැන් පොරත් එක්ක මුළු මහනුවරම තරහයි.

හැබැයි ඒ HQI මාත් එක්ක විතරක් බුදු ෆිට්. ඒක උනේ මෙහෙම. මාටිනස් කියලා (මේ නම ව්‍යාජ එකක් හරි. අනික් ඒවා ඇත්ත. ) බර්ගර් ජාතිකයෙක්ව නුවර පොලිසියෙන් හොයනවා. ඒ මාටිනස් මාව හොයන් ආවා. මං මාටිනස්ව නුවර පොලිසියට සරෙන්ඩර් කරන්න එක්ක ගියා. මං දන්නවා මාටිනස්ට බඩු බනිස් වෙන බව. මාටිනසුත් දන්නවා ඌට බඩු බනිස් වෙන බව.

මාටිනසුයි මායි මගේ කාර් එකෙන් බහිනකොටම අර HQI ත් ආවා. අම්මට සිරි වෙන්න... "හේයි" කිව්වා. "හායි" කිව්වා. අච්චර දරුණු HQI මාටිනසුත් එක්ක මං ලඟට ඇවිත් "ඔක්කොම හරි සර්ගේ ගාස්තුව ගෙවන්න" කියලා මටිනස්ට කියලා මට ෂේක් හෑන්ඩ් කරලා යන්න ගියා. වතුරට වඩා ලේ ගනකම් බව මට එදා තේරුනා.

එදා ඉදන් රනිල් විරෝධි හිරාගේ, බොක්ක උනේ, රනිල්වාදී මහනුවර HQI.

නුවර පැත්තෙ යූඇන්පී ප්‍රාදේශීය සභා මංත්‍රීලත් ලෙඩක් දාගත්තාම මාත් එක්ක පොලිසි යන තත්වයක් උදා උනා. මං බොරුවක් කියනවා කියලා හිතනවා නම් බලය නැතිකාලේ සිරිකොතේ ලයිට් බිල් ගෙව්ව, යටිනුවර ආසනයේ යූඇන්පී සංවිධයකගෙන් අහපල්ලා මේ කතාව ඇත්තද නැත්තද කියලා.

HQI යාලුවා නිසා පොලිසියෙ උනුත් දැන් මට හෙන බක්තිය. පොලිසියෙන් අල්ලන උනුත් බක්තිය. මගේ නඩුත් මේම මේම වැඩි උනා.

හැබැයි එකක් කියන්න ඕන ඒ බර්ගර් HQI සත පහකවත් ජරාව ගන්නෙක් නෙවෙයි. මිනිහට ඉන්න ගෙයක්වත් නෑ. හැබැයි නීති පොතේ භාවිතා කරන්නෙ නැති නීති තමයි පොර ක්‍රියාත්මක කරන්නෙ.

"රේල්පාරේ ගමන් කරන්නන්ට නීති මගින් අච්චු කරනු ලැබේ" කියලා සුද්දගෙ කාලේ ගහපු බෝඩ් තිබ්බට අච්චු කල එකෙක්වත් එහෙම අච්චු කරන්න අරන් ආපු එකෙක්වත් නෑනේ. අපේ මේ බර්ගර් HQI රේල්පාරේ යන උන් ලංගම බස් පිටින් පුරවන් උසාවි අරන් ආවා.

ඔන්න දැන් වැහි වෙදාලගෙ කතාවට බොහොම ලඟයි. ඒත් ඊට කලින් ටික මේ.

ඊට පස්සෙ අපේ HQI නුවර හිටපු යාචකයො ඔක්කොම 'අභාවයට' ගිය යාචක පනතකින් උසාවි දක්කන්න ගත්තා. මේ යාචකයන් ගැන කතා දෙකක් විතර වෙනම ලියන්නම්. දැනට පොඩ්ඩක්.

දැන් යාචකයෝ උසාවි ගෙනාවාම රිමාන්ඩ් සෙල් එකම තනිකරම මාළු සිනි ගඳයි. බන්ධනාගාරේ ගාඩ්ලා ඉන්නෙ මූණෙ ලේන්සු බැදගෙන. හිරකාරයොත් හිගන්නන්ට ගහලා වෙනම මුල්ලකට අරිනවා.

මුලින් ගෙනාපු යාචකයෝ රිදියගම ඇරියා. හැබැයි රිදියගමට යවපු සෙට් එක ආපහු එව්වා රිදියගම පාලනය වෙන්නෙ දකුණු පලාත් සභා අරමුදලින් නුවර උන්ව බාර ගන්න බෑ කියලා.

යාචකයෝ අපරාධ වරදක් කරලා නැති පිරිසක් නිසාත් පුනරුත්තාපනය කරන්න ඕන පිරිසක් නිසාත් රිමාන්ඩ් කරගෙන ඉන්න එක උසාවියටත් ප්‍රශ්නයක් උනා.

බන්ධනාගාරේ ගාඩ්ලා උදේට මට කියනවා "සර්, අර සර්ගේ යාලු අර weසිගෙ බල්ලට කියන්නකො හිගන්නො ඇරෙස්ට් කරන්න එපා කියලා. උන්ව නාවන්න වතුර ටැංකිය ගාවට අරන් ගියාම අනික් පැත්තෙන් මාරු වෙනවා, හිරගෙදරම ගඳයි. ඕකුන් ලඟදිම හිරකාරයන්ගෙන් මැරුම් කනවා"

වගේ කතා ගොඩයි.

නුවර සුලු පැමිනිලි අංශෙ OIC දවසක් මට හම්බෙලා කියනවා "බලන්නකො හේරත් මහත්තයා ඔයාගේ යාලුවා මුළු නුවරම ඉන්න හිඟන්නො පන්සීයක් විතර දවසකට ගේනවා, වෙන මොකවත් ඉන්ක්වායරියකට යන්න නෑ, වරෙන්තුකාරෙක් ඇරෙස්ට් කරන්න යවන්න කෙනෙක් නෑ, සිතාසියක් බෙද්න්න නෑ, මුලු පොලිසියම හිගන්නන්ගෙ කට උත්තර ලියනවා. උන් ගාව ගඳ නිසා WPCලා එකෙක්වත් කට උත්තර ගන්න යන්නෙ නෑ. මාර කරුමයක් මට උනේ" කියලා.

කොහොම හරි එක දවසක් මගේ මූණුපොතෙත් ඉන්න යකෙක්ටවත් බය නැති මගේ වෘත්තීය ජීවිතයේ හමුවූ කීර්තිමත්ම විනිසුරුතුමෙක් අර HQI ගෙන්නලා හොදටම බැනලා හිඟන ප්‍රශ්නෙ විසඳලා දැම්මා.

දැන් ඔන්න වැහිවෙදාලාගෙ කතාව උඩ කතාවට ඈදන කොටස.

නුවර හිටපු/ඉන්න උඹලා දන්නවනෙ "පච ගහ"? පච ගහ තියෙන්නෙ වැව රවුමේ. හරියටම ජෝයි බෝට්ටු සේවයට මීටර් 10ක් විතර ක්වීන්ස් හෝටලේ පැත්තට වෙන්න. හැටන් නැෂනල් බැංකුව ගාවින් වැව රවුමට ගොඩවෙන පඩිපෙල ගාවම දකුණු අත පැත්තෙ.

මේකට පච ගහ කියන්නෙ මෙතන උදේ නවයත් දවල් එකත් අතර ඉන්නවා තෙල් බෙහෙත් කාරයෝ, විජ්ජාකාරයෝ, විශ්ව ශක්තිකාරයෝ. උන් එක එකා එක දේවල් කරලා තමයි මිනිස්සු රවට්ටන්නෙ.

මේ පච ගහ යට ලීඩර් තමයි ගාමිණි අයියා. ගාමිනී අයියගේ මැජික් බලන්න අටේ පංතියේ විතර ඉදන් මාත් ගියා. පොර පාඩම් කරන්නෙ නැතුව විභාග පාස්වෙන තෙලක් වික්කා ඒ කාලේ. මාත් එකක් අරන් ඇවිත් ජොලියේ නට නට ඉදලා අරූගේ තෙල නලලෙ ගාගෙන ගිහින් පංතියෙ දාහත උනා. පස්සෙ අපේ පියානන් මේක දැනගෙන ගුටි පූජාවකුත් දීලා තමයි මාව බේර ගත්තෙ.

කොහොම හරි මං පස්සෙ කැම්පස් ඉන්න කාලේ, නීතිඥයෙක් උන කාලෙත් ගාමිණී අයියගෙ මැජික් බලනවා. පොර මේ වැහි වෙදා දෙන ටෝක්මයි පණ පිහිටුවලා දෙන්නෙ. ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලන්න එන අහින්සක ගෑනු ලෙඩ්ඩුන්ට මොනවා හරි අරන් යන්න ගේන සල්ලි වලින් අරූගේ තෙල් කුප්පියක් අරන් යනවා. ඒවා හෙන ගනන්. ඒ තරම් මිනිස්සු අන්දන්න හෙන ශක්තියක් උන්ට තියෙන්නෙ.

මට ඊයේ මැලේසියාවේ ඉන්න මගේ පංතියේ හිටිය ප්‍රසන්න විමලරත්න කතා කලා.

"ඒයි උඹට මතකද ඔය විශ්ව ශක්තියා?"

"කවුද ඇමරිකාවට වස්සවන වැහිවෙදාද"

"ඔව් ඕකා තමයි වැව රවුමේ පච ගහ යට තනි රෝදේ බයිසිකල් පැද්දෙ"

තව ටිකකින් කතා කරනවා යුරෝපයේ කීර්තිමත් භෞතික විද්‍යා මාහාචාර්ය අපේ අනුර ප්‍රියජිත්.

"හිරන්ත වැහිවෙදා මතකද?"

"පච ගහ යට හිටියලු නේද?"

"ඔව් පච ගහ යට සිගරැට් මැව්වෙ පොරනෙ. දවසක් මරු වැඩක් උනා. ඔය යකා කටුගස්තොට මුස්ලිම් කඩේකින් සිගරැට් ගන්න ගිහින්. ඒ වෙලාවේ කඩේ සිගරැට් ඉවරවෙලා කඩේ මුදලාලි, ගෝලයාව ඇරලා සිගරැට් ගේන්න. සිගරැට් නැති නිසා මූට තදවෙලා මුදලාලිට බැනලා."

"මුදලාලි එතකොට කිව්වලු 'හයි යයියෝ වෙද මාතියා ඔච්චර හදිස්සි නම් එකක් මවාගෙන බොන්නකො කියලා"

දැන් මේ අන්තිමට කියපු ටිකයි මුලින් කියපු බර්ගර් HQI ගෙ ටිකයි එකිනෙකට ගැලපෙන්නෙ කොහොමද?

හිරාට අමු කැවිලද? එහෙනම් මෙන්න මේ ටිකත් තරහා නැතුව කියවහල්ලාකො....

නුවර මාත් එක්ක එකට හිටපු ලෝයර් කෙනෙක් ඊයේ වට්ස් ඇප් වලින් මට කතා කරනවා.

"අඩො උඹට මතකද නුවර හිටපු HQI ..... හිඟන්නො අල්ලන් ආවා"

"මතකයි මතකයි මංනෙ උන්ගෙන් සල්ලි තියෙන හිඟන්නන්ට හිටියේ"

"ඔය වැහි වෙදාවත් ඒ කාලේ කුදලන් ආවා මතකද?"

"ටෞක්න්ඩ මට යන්තම් මතකයි. හැබැයි වැහිවෙදාගෙ බොසා ගාමිණී අයියා කියන එකා තමයි මාව ඇල්ලුවේ."

අර බර්ගර් HQI නුවර හිටපු ඔක්කොම යාචකයෝ ගෙනවා නේ. ඒ අස්සෙ පච ගහ යට මැජික් කාරයෝ, තෙල් බෙහෙත් කාරයෝ, විශ්ව ශක්ති කාරයොත් යාචකයෝ කියලා ගෙනැල්ලා හිටියා. ඒ අතර වැහිවෙදාගේ බොසා උන ගාමිණි අයියවත් ගෙනැල්ලා හිටියා.

HQI මහත්තයගෙ යාලුවා ඇල්ලුවොත් ගෙදර යන්න ඇහැකි කියලා තිබුන "මිත්‍යාව" නිසා වැහි වෙදාගේ බොසා උන ගාමිණී අයියගේ පවුල ඇවිත් මාව ඇල්ලුවා.

ගාමිණී අයියගෙ ගොං තෙල් රාජයෙක් ඉස්කෝලේ යන කාලේ ඔලුවේ ගාගෙන ගිය මලටත් එක්ක ගාමිනි අයියගේ පවුල සීතලවෙලා ගැහිලා දාඩිය දාන ගාස්තුවක් මං අර ගත්තා. ඊට පස්සෙ මං බොහොම සැරෙන් මෙහෙම ඇහුවා.....

"මේ තමුන්ලා කබර තෙල් නේද මේ කුප්පි වලට දාලා විකුනන්නෙ..???"

වැහිවෙදාගෙ බොසා ගාමිණී අයියගෙ පවුල

"අනේ බුදු සර් ඒ වගේ පව්කාර වැඩ අපි කරන්නෙ නෑ... නැති බැරි කමට මේ ඔක්කොම කරන්නෙ... අපි ඔරලෝසු කනුව ගාව වඩේ බඳින එකා අහක් කරන තෙල් ටික තමා පෙරලා කුප්පි වලට දාන්නෙ..."

ඒක අහපු මගේ ඇග සීතල වෙලා සලිත වෙලා ගැහිලා ගියා...

මගේ ඇඟ ආයිමත් සීතලවෙලා සලිත වෙලා ගැහිලා ගියා ගාමිණී අයියගේ ගෝලයෝ ටික මේ සැරේ ජනාධිපතිවරනෙට නොමිනේෂන් දෙනවා කියලා දැනගත්තාම......

-හිරන්ත හේරත්-

[QUOTE="rangana26, post: 24687875, member: 461943"] [b]අනෝජ් සිල්වා වැහි වෙදාගේ පැටිකිරිය[/b] [SIZE="4"][COLOR="Blue"]විශ්ව ශක්ති වැහි වෙදා සහ විශ්ව ශක්ති ගාමිණී අයියා..... ******** මේ කතාවේ ඔක්කොම ටික කියලා ඇරියේ නැත්තම් තේරෙන්නෙ නැතිවෙන නිසා ටිකක් දිග උනත් ඔක්කොම කියන්න වෙනවා. 2001 රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකකට අගමැති උනා කියලා දන්නවනෙ. රනිල් එන්න කලින් ආරක්ෂක නියෝජ්‍ය ඇමති උනේ අනුරුද්ධ රත්වත්තෙ. රත්වත්තෙ නුවර කෙනෙක් නිසා නුවර පොලිසී වල හිටපු OIC ලා විතරක් නෙවෙයි කොල්ලො කුරුට්ටො, බල්ලො බලල්ලු පවා රත්වත්තෙගෙ කට්ටිය. රනිල් ලොක්කා පත්වෙලා ඔන්න දැන් දඩ බඩ ගාලා රත්වතෙගෙ ශ්‍රී ලංකා පොලිසි ඔක්කොම යූඇන්පී පොලිසි කරනවා. නුවර ඒඑස්පී විදිහට දැම්ම එකා තමයි, උන්නැහේගේ පලවෙනි රාජකාරිය විදිහට අර මිලේනියම් සිටි බුද්ධි අංශෙ පාවා දීලා බුද්ධි අංශෙ සමූල ඝාතනය කරන්න මඟ පාදපු කුලසිරි උඩුගම්පොල. නුවර HQI උනෙත් රනිල්ගෙ එලම පොරක්. මිනිහා බර්ගර් ජාතිකයෙක්. යූඇන්පී කාරයෙක් උනත් පොර කිරිඇල්ලලා, තිස්ස අත්තනායකලා වගේ නුවර ඒ කාලේ කෙරුම්කාර යූඇන්පීකාරයන්වවත් පඩේකට ගනන් ගත්තෙ නෑ. අහන්නෙ රනිල් මලික් කියන දේ විතරයි. රනිල් මලික් කියන දේ ඇහුවත් පොර රනිල් මලික්ලා ජාතියෙ කෙනෙකුත් නෙවෙයි. උඩුගම්පොලයි අර බර්ගර් HQI යි යූඇන්පී කාරයෝ උනත් ටික දවසකින් නුවර යූඇන්පී කාරයන්ටයි පොලිසියේ යූඇන්පීකාරයන්ටයි පොරවල් දෙක වහ කඳුරු වගේ තිත්ත උනා. එක උදාහරණයක් මේ; ඒ කාලේ කොටි ගහන නිසා චෙක් පොයින්ට් තිබුනනෙ. ඒ චෙක් පොයින්ට් වලට රෑ එකට දෙකට මේ ඩබල ගිහින් රාලහාමි කෙනෙක් කැප් එකක් දාලා නැත්තම් හරිබොත්තමක් ඇරන් හිටියොත් හරි කෙලින්ම ආයි ඉන්ටඩික්. පොරවල් දෙකම කලේ ඔන්න ඔය ජාතියෙ වැඩ. අර බර්ගර් HQI හොර ඔප්පු ලියලා වරෙන්තු පිට හිටිය හොර නීතිඥයො වගේ අය, වරෙන්තු පිට හිටිය තම්බි, වෙන කෙරුමො ඔක්කොම උසාවි දක්කන්න ගත්තා. ඒ නිසා දැන් පොරත් එක්ක මුළු මහනුවරම තරහයි. හැබැයි ඒ HQI මාත් එක්ක විතරක් බුදු ෆිට්. ඒක උනේ මෙහෙම. මාටිනස් කියලා (මේ නම ව්‍යාජ එකක් හරි. අනික් ඒවා ඇත්ත. ) බර්ගර් ජාතිකයෙක්ව නුවර පොලිසියෙන් හොයනවා. ඒ මාටිනස් මාව හොයන් ආවා. මං මාටිනස්ව නුවර පොලිසියට සරෙන්ඩර් කරන්න එක්ක ගියා. මං දන්නවා මාටිනස්ට බඩු බනිස් වෙන බව. මාටිනසුත් දන්නවා ඌට බඩු බනිස් වෙන බව. මාටිනසුයි මායි මගේ කාර් එකෙන් බහිනකොටම අර HQI ත් ආවා. අම්මට සිරි වෙන්න... "හේයි" කිව්වා. "හායි" කිව්වා. අච්චර දරුණු HQI මාටිනසුත් එක්ක මං ලඟට ඇවිත් "ඔක්කොම හරි සර්ගේ ගාස්තුව ගෙවන්න" කියලා මටිනස්ට කියලා මට ෂේක් හෑන්ඩ් කරලා යන්න ගියා. වතුරට වඩා ලේ ගනකම් බව මට එදා තේරුනා. එදා ඉදන් රනිල් විරෝධි හිරාගේ, බොක්ක උනේ, රනිල්වාදී මහනුවර HQI. නුවර පැත්තෙ යූඇන්පී ප්‍රාදේශීය සභා මංත්‍රීලත් ලෙඩක් දාගත්තාම මාත් එක්ක පොලිසි යන තත්වයක් උදා උනා. මං බොරුවක් කියනවා කියලා හිතනවා නම් බලය නැතිකාලේ සිරිකොතේ ලයිට් බිල් ගෙව්ව, යටිනුවර ආසනයේ යූඇන්පී සංවිධයකගෙන් අහපල්ලා මේ කතාව ඇත්තද නැත්තද කියලා. HQI යාලුවා නිසා පොලිසියෙ උනුත් දැන් මට හෙන බක්තිය. පොලිසියෙන් අල්ලන උනුත් බක්තිය. මගේ නඩුත් මේම මේම වැඩි උනා. හැබැයි එකක් කියන්න ඕන ඒ බර්ගර් HQI සත පහකවත් ජරාව ගන්නෙක් නෙවෙයි. මිනිහට ඉන්න ගෙයක්වත් නෑ. හැබැයි නීති පොතේ භාවිතා කරන්නෙ නැති නීති තමයි පොර ක්‍රියාත්මක කරන්නෙ. "රේල්පාරේ ගමන් කරන්නන්ට නීති මගින් අච්චු කරනු ලැබේ" කියලා සුද්දගෙ කාලේ ගහපු බෝඩ් තිබ්බට අච්චු කල එකෙක්වත් එහෙම අච්චු කරන්න අරන් ආපු එකෙක්වත් නෑනේ. අපේ මේ බර්ගර් HQI රේල්පාරේ යන උන් ලංගම බස් පිටින් පුරවන් උසාවි අරන් ආවා. ------- ඔන්න දැන් වැහි වෙදාලගෙ කතාවට බොහොම ලඟයි. ඒත් ඊට කලින් ටික මේ. ඊට පස්සෙ අපේ HQI නුවර හිටපු යාචකයො ඔක්කොම 'අභාවයට' ගිය යාචක පනතකින් උසාවි දක්කන්න ගත්තා. මේ යාචකයන් ගැන කතා දෙකක් විතර වෙනම ලියන්නම්. දැනට පොඩ්ඩක්. දැන් යාචකයෝ උසාවි ගෙනාවාම රිමාන්ඩ් සෙල් එකම තනිකරම මාළු සිනි ගඳයි. බන්ධනාගාරේ ගාඩ්ලා ඉන්නෙ මූණෙ ලේන්සු බැදගෙන. හිරකාරයොත් හිගන්නන්ට ගහලා වෙනම මුල්ලකට අරිනවා. මුලින් ගෙනාපු යාචකයෝ රිදියගම ඇරියා. හැබැයි රිදියගමට යවපු සෙට් එක ආපහු එව්වා රිදියගම පාලනය වෙන්නෙ දකුණු පලාත් සභා අරමුදලින් නුවර උන්ව බාර ගන්න බෑ කියලා. යාචකයෝ අපරාධ වරදක් කරලා නැති පිරිසක් නිසාත් පුනරුත්තාපනය කරන්න ඕන පිරිසක් නිසාත් රිමාන්ඩ් කරගෙන ඉන්න එක උසාවියටත් ප්‍රශ්නයක් උනා. බන්ධනාගාරේ ගාඩ්ලා උදේට මට කියනවා "සර්, අර සර්ගේ යාලු අර weසිගෙ බල්ලට කියන්නකො හිගන්නො ඇරෙස්ට් කරන්න එපා කියලා. උන්ව නාවන්න වතුර ටැංකිය ගාවට අරන් ගියාම අනික් පැත්තෙන් මාරු වෙනවා, හිරගෙදරම ගඳයි. ඕකුන් ලඟදිම හිරකාරයන්ගෙන් මැරුම් කනවා" වගේ කතා ගොඩයි. නුවර සුලු පැමිනිලි අංශෙ OIC දවසක් මට හම්බෙලා කියනවා "බලන්නකො හේරත් මහත්තයා ඔයාගේ යාලුවා මුළු නුවරම ඉන්න හිඟන්නො පන්සීයක් විතර දවසකට ගේනවා, වෙන මොකවත් ඉන්ක්වායරියකට යන්න නෑ, වරෙන්තුකාරෙක් ඇරෙස්ට් කරන්න යවන්න කෙනෙක් නෑ, සිතාසියක් බෙද්න්න නෑ, මුලු පොලිසියම හිගන්නන්ගෙ කට උත්තර ලියනවා. උන් ගාව ගඳ නිසා WPCලා එකෙක්වත් කට උත්තර ගන්න යන්නෙ නෑ. මාර කරුමයක් මට උනේ" කියලා. කොහොම හරි එක දවසක් මගේ මූණුපොතෙත් ඉන්න යකෙක්ටවත් බය නැති මගේ වෘත්තීය ජීවිතයේ හමුවූ කීර්තිමත්ම විනිසුරුතුමෙක් අර HQI ගෙන්නලා හොදටම බැනලා හිඟන ප්‍රශ්නෙ විසඳලා දැම්මා. ------- දැන් ඔන්න වැහිවෙදාලාගෙ කතාව උඩ කතාවට ඈදන කොටස. නුවර හිටපු/ඉන්න උඹලා දන්නවනෙ "පච ගහ"? පච ගහ තියෙන්නෙ වැව රවුමේ. හරියටම ජෝයි බෝට්ටු සේවයට මීටර් 10ක් විතර ක්වීන්ස් හෝටලේ පැත්තට වෙන්න. හැටන් නැෂනල් බැංකුව ගාවින් වැව රවුමට ගොඩවෙන පඩිපෙල ගාවම දකුණු අත පැත්තෙ. මේකට පච ගහ කියන්නෙ මෙතන උදේ නවයත් දවල් එකත් අතර ඉන්නවා තෙල් බෙහෙත් කාරයෝ, විජ්ජාකාරයෝ, විශ්ව ශක්තිකාරයෝ. උන් එක එකා එක දේවල් කරලා තමයි මිනිස්සු රවට්ටන්නෙ. මේ පච ගහ යට ලීඩර් තමයි ගාමිණි අයියා. ගාමිනී අයියගේ මැජික් බලන්න අටේ පංතියේ විතර ඉදන් මාත් ගියා. පොර පාඩම් කරන්නෙ නැතුව විභාග පාස්වෙන තෙලක් වික්කා ඒ කාලේ. මාත් එකක් අරන් ඇවිත් ජොලියේ නට නට ඉදලා අරූගේ තෙල නලලෙ ගාගෙන ගිහින් පංතියෙ දාහත උනා. පස්සෙ අපේ පියානන් මේක දැනගෙන ගුටි පූජාවකුත් දීලා තමයි මාව බේර ගත්තෙ. කොහොම හරි මං පස්සෙ කැම්පස් ඉන්න කාලේ, නීතිඥයෙක් උන කාලෙත් ගාමිණී අයියගෙ මැජික් බලනවා. පොර මේ වැහි වෙදා දෙන ටෝක්මයි පණ පිහිටුවලා දෙන්නෙ. ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලන්න එන අහින්සක ගෑනු ලෙඩ්ඩුන්ට මොනවා හරි අරන් යන්න ගේන සල්ලි වලින් අරූගේ තෙල් කුප්පියක් අරන් යනවා. ඒවා හෙන ගනන්. ඒ තරම් මිනිස්සු අන්දන්න හෙන ශක්තියක් උන්ට තියෙන්නෙ. ------- මට ඊයේ මැලේසියාවේ ඉන්න මගේ පංතියේ හිටිය ප්‍රසන්න විමලරත්න කතා කලා. "ඒයි උඹට මතකද ඔය විශ්ව ශක්තියා?" "කවුද ඇමරිකාවට වස්සවන වැහිවෙදාද" "ඔව් ඕකා තමයි වැව රවුමේ පච ගහ යට තනි රෝදේ බයිසිකල් පැද්දෙ" ------- තව ටිකකින් කතා කරනවා යුරෝපයේ කීර්තිමත් භෞතික විද්‍යා මාහාචාර්ය අපේ අනුර ප්‍රියජිත්. "හිරන්ත වැහිවෙදා මතකද?" "පච ගහ යට හිටියලු නේද?" "ඔව් පච ගහ යට සිගරැට් මැව්වෙ පොරනෙ. දවසක් මරු වැඩක් උනා. ඔය යකා කටුගස්තොට මුස්ලිම් කඩේකින් සිගරැට් ගන්න ගිහින්. ඒ වෙලාවේ කඩේ සිගරැට් ඉවරවෙලා කඩේ මුදලාලි, ගෝලයාව ඇරලා සිගරැට් ගේන්න. සිගරැට් නැති නිසා මූට තදවෙලා මුදලාලිට බැනලා." "මුදලාලි එතකොට කිව්වලු 'හයි යයියෝ වෙද මාතියා ඔච්චර හදිස්සි නම් එකක් මවාගෙන බොන්නකො කියලා" ------ දැන් මේ අන්තිමට කියපු ටිකයි මුලින් කියපු බර්ගර් HQI ගෙ ටිකයි එකිනෙකට ගැලපෙන්නෙ කොහොමද? හිරාට අමු කැවිලද? එහෙනම් මෙන්න මේ ටිකත් තරහා නැතුව කියවහල්ලාකො.... නුවර මාත් එක්ක එකට හිටපු ලෝයර් කෙනෙක් ඊයේ වට්ස් ඇප් වලින් මට කතා කරනවා. "අඩො උඹට මතකද නුවර හිටපු HQI ..... හිඟන්නො අල්ලන් ආවා" "මතකයි මතකයි මංනෙ උන්ගෙන් සල්ලි තියෙන හිඟන්නන්ට හිටියේ" "ඔය වැහි වෙදාවත් ඒ කාලේ කුදලන් ආවා මතකද?" "ටෞක්න්ඩ මට යන්තම් මතකයි. හැබැයි වැහිවෙදාගෙ බොසා ගාමිණී අයියා කියන එකා තමයි මාව ඇල්ලුවේ." -------- -------- අර බර්ගර් HQI නුවර හිටපු ඔක්කොම යාචකයෝ ගෙනවා නේ. ඒ අස්සෙ පච ගහ යට මැජික් කාරයෝ, තෙල් බෙහෙත් කාරයෝ, විශ්ව ශක්ති කාරයොත් යාචකයෝ කියලා ගෙනැල්ලා හිටියා. ඒ අතර වැහිවෙදාගේ බොසා උන ගාමිණි අයියවත් ගෙනැල්ලා හිටියා. HQI මහත්තයගෙ යාලුවා ඇල්ලුවොත් ගෙදර යන්න ඇහැකි කියලා තිබුන "මිත්‍යාව" නිසා වැහි වෙදාගේ බොසා උන ගාමිණී අයියගේ පවුල ඇවිත් මාව ඇල්ලුවා. ගාමිණී අයියගෙ ගොං තෙල් රාජයෙක් ඉස්කෝලේ යන කාලේ ඔලුවේ ගාගෙන ගිය මලටත් එක්ක ගාමිනි අයියගේ පවුල සීතලවෙලා ගැහිලා දාඩිය දාන ගාස්තුවක් මං අර ගත්තා. ඊට පස්සෙ මං බොහොම සැරෙන් මෙහෙම ඇහුවා..... "මේ තමුන්ලා කබර තෙල් නේද මේ කුප්පි වලට දාලා විකුනන්නෙ..???" වැහිවෙදාගෙ බොසා ගාමිණී අයියගෙ පවුල "අනේ බුදු සර් ඒ වගේ පව්කාර වැඩ අපි කරන්නෙ නෑ... නැති බැරි කමට මේ ඔක්කොම කරන්නෙ... අපි ඔරලෝසු කනුව ගාව වඩේ බඳින එකා අහක් කරන තෙල් ටික තමා පෙරලා කුප්පි වලට දාන්නෙ..." ඒක අහපු මගේ ඇග සීතල වෙලා සලිත වෙලා ගැහිලා ගියා... ============ මගේ ඇඟ ආයිමත් සීතලවෙලා සලිත වෙලා ගැහිලා ගියා ගාමිණී අයියගේ ගෝලයෝ ටික මේ සැරේ ජනාධිපතිවරනෙට නොමිනේෂන් දෙනවා කියලා දැනගත්තාම...... -හිරන්ත හේරත්-[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom