ඊයේ රාත්‍රියේ ටිරාන් අලස්ගේ නිවසේදි ජනපති - අනෝමා හමුවක්
සිරගතවී සිටින හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සම්බන්ධයෙන් වූ තීරණාත්මක සකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ෆොන්සේකා මහතාගේ බිරිය වූ අනෝමා ෆොන්සේකා මහත්මිය අතර ඊයේ රාත්රියේදී පැවැත්විණි. සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම වෙනුවෙන් මැදිහත්ව කටයුතු කරන ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේදී මේ තීරණාත්මක සකච්ඡාව පැවැති බවට විශ්වාසදායක කටයුතු මාර්ග සඳහන් කරයි
උත්ගතව පවතින සුළු ගැටලු කිහිපයක් විසඳාගැනීම සඳහා තවත් සකච්ඡාවක් හෝ දෙකක් පැවැත්වීමෙන් පසු ඉදිරි දින දෙක තුන ඇතුළතදී සරත් ෆොන්සේකා මහතා ඉක්මනින් නිදහස් කරගත හැකි වෙතැයි තමන් බලාපොරොත්තු වන බව අලස් මහතා පැවැසුවේය. ජනාධිපතිවරයා හා පැවැති සාකච්ඡාවලදී කිසිවෙකු හෝ ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අදාළ කොන්දේසි කිසිවක් පනවා නැතැයිද අලස් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මාධ්‍යවේදීන් කළ කරුණු විමසීම් හමුවේ ඒ මහතා මෙසේද පැවැසීය. "මා අද පෙරවරුවේ ජනාධිපතිතුමා මුණගැසුණේ ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් මතුවී ඇති සුළු සුළු ගැටලු කීපයක් සාකච්ඡා කිරීමටයි.ඉදිරි දවස් දෙක තුන ඇතුළත හැකි පමණ ඉක්මනින් ඔහු නිදහස් කරගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා වැඩිකල් යන්න මත්තෙන් ඔහු නිදහස් වේ කියලා.
ප්රශ්නය - නිදහස් වෙන්නේ කොන්දේසි මතද?
පිළිතුර - නැහැ කවුරුත් කොන්දේසි දාලත් නැහැ, කොන්දේසි ගැන කතා කරලත් නැහැ
ප්රශ්නය - ෆොන්සේකා මහතාගේ පැත්තෙන් ප්‍රතිචාර කොහොමද?
පිළිතුර - ෆොන්සේකා මහතාගෙන් අලුත් ප්‍රතිචාරයක් නැහැ , ප්‍රතිචාර යහපත් , ඔහුගේ අනුදැනුම මතයි මා සකච්ඡා කළේ
ප්රශ්නය- නිදහස් වන නිශ්චිත දිනය කියන්න පුළුවන්ද?
පිළිතුර - දිනය හරියටම කියන්න අපහසුයි
ප්රශ්නය - එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය ?
පිළිතුර- සෞඛ්‍ය තත්ත්වය එතරම් අසතුටුදාක නැහැ, නමුත් පෙණහලු ආශ්රිත ප්‍රශ්නයක් තිබෙනවා. ඒකට වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනවා. වැඩිකල් යන්න පෙර එතුමාට සුවය ලැබෙයි කියලා මා හිතනවා.
ප්රශ්නය - ඔබ නැවත් ජනාධිපතිතුමා හමුවෙනවාද ?
පිළිතුර - අවශ්‍ය වෙයිද කියන්න දැන්ම බැහැ. නමුත් මෙතුමා නිදහස් වෙන්න පෙර තවත් සාකච්ඡා වට දෙක තුනක් තියන්න වෙයි.
මහින්දයට නැවෙන්නේ ගියේ මුන්ට පිස්සු