Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01. බීජ නියාමය

ශාක හා සත්ත්වයන්ගේ පැවැත්ම බීජ නියාමයෙන් සිදුවේ. බ්‍රහ්මජාල සූත්‍රයේ බීජගාම, භූත ගාම ලෙස ශාක හා සත්ත්ව පැවැත්ම හඳුන්වා ඇත.

බීජගාම යනු ශාක බීජයන් ය. බීජයට අනුරූපව අංකුර, පත්‍ර, ඵල වැඩීමේ ශක්‍යතාව ආදිය බීජ නියාමයයි. පොල් ගෙඩියෙන් පොල් ගසක්ම නිර්මාණය වීමත්, ඒ පොල්ගසෙන් නැවත පොඩි ගෙඩියක්ම නිර්මාණයවීමත් බීජ නියාමයයි. තම වර්ගයාගේ පැවැත්ම, මුල් බීජයට සමාන බීජ නිර්මාණය වීම, තම වර්ගයේ ඵලයක් මිස වෙනත් ඵලයක් නූපදවීම (පොල් ගෙඩිය දෙල් ගසක් නිර්මාණය නොකරයි.) බීජ නියාමයේ ධර්මතා වේ. පොළොවේ පැල කළ බීජයේ වැඩීමට පෘථිවි රසයත්, ස්නේහයත් (පඨවිරසඤ්ච ආගම්ම - සිනෙහඤ්ච තද්‍රභයං) යන කරුණු දෙක අවශ්‍ය බව (සං.නි) සේලා සූත්‍රයේ කියැවේ. සෑම උද්භිද ශාකයකම ලිංග භේදයක් ඇති බව බුදුහු වාසෙට්ඨ සූත්‍රයේ දී වදාළහ. පැලවීමට ඇති ඉඩකඩ අනුව මූල බීජ, ඛන්ධ බීජ, ඵල බීජ, අග්ග බීජ හා බීජ බීජ යනුවෙන් බීජ වර්ග පහක් (උද්භිද ජාති පහක්) බ්‍රහ්මජාල සූත්‍රයේ විග්රහ කෙරේ. අං.නි. දේවදූත සූත්‍රයේ බීජය නොකැඩීම, කුණු නොවීම, අවුවැසි සුළඟින් විනාශ නොවීම, මනා සාරවත්, සුවසේ තැබූ සැකසූ බිමක තැබූ බීජය මනා වැසි ලැබීමෙන් ප්‍රරෝහණය වන බව දැක්වේ.

සතුන් ආදීන් ඉපදීමට ඉවහල් වන ජීව ශක්තිය ‘භූත ගාම’ නම් වේ. ශරීර හැඩය, රූප කලාප, හුරු පුරුදු ගති, මානසික ලක්ෂණ සමානවීම මෙහිදී සිදුවේ. සත්ව බීජය මුහුකුරා ගොස් සත්ත්වයකු බිහි කිරීමට ද වායුව, ජලය, උෂ්ණය යනාදී බාහිර සාධක අවශ්‍යම වේ. නිසා සාධක ඇතිවිට අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන ක්‍රමවලින් සත්ව උප්පත්තිය සිදුවේ. ගව දෙනකට ගව පියකුට දාව ගව පැටවුන් මිස එළු පැටවුන් නොලැබීම බීජ නියාමයයි. ඒ ඒ සත්වයන් අතර පවත්නා අසමතාවයත් සමතාවයන් පවත්වාගනුයේ ද බීජ නියාමයෙනි.

2. උතු නියාමය

වෛදික ජනයා පර්ජන්‍ය, මරුත් අග්නි ආදී දෙවියන් ලෙස සැලකූ තත්ත්වයන් උතු නියාමය නිසා සිදුවන බව බුද්ධිමත්ව විමසා බැලූ විට පැහැදිලි වේ. සෘතූන්ගේ විකාශනය වීම පිළිබඳව අග්ගඤ්ඤ සූත්‍රයේ මුල සිට කරුණු දැක්වේ. මතු සිදුවන සෘතු විපර්යාස පිළිබඳව සප්ත සුරියුග්ගමන සූත්‍රයේ දැක්වේ. සෘතූන්ගේ පැවැත්මට මුල්වනුයේ නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයක් නොව හිරු හා සඳු බව මිලින්දපඤ්හයේ කියැවේ. වස්සාන, හේමන්ත, ගිම්හාන යන ප්‍රධාන සෘතු හා අනු සෘතු පැවතීම, වර්ෂාව, සුළඟ, අවුව, දිවා රෑ පැවැත්ම උතුනියාමයෙන් සිදුවන ;ද් ය. පෘථිවියේ ජීව අජීව වස්තූන්ගේ නිර්මාණයට සෘතු නියාමය නිරන්තයෙන් බලපායි. රූප උපදවන හේතු සතරින් එකක් ලෙස අභිධර්මයේ ‘සෘතුජ’ හේතුව දැක්වේ. රූපයේ ලහුබව, මෘදු බව හා කර්මණ්ය බවද වර්ෂාව, බීජ ප්‍රරෝහණය, පෘථිවියේ ගන්ධය, කඳු, ශිඛර පර්වත, පැළෑටි නිල්වන් වීම, සමුද්‍රය ජලයෙන් පිරී තිබීම උතු නියාමයේ ක්‍රියාකාරීත්වයෙන් සිදුවේ. උතුපරිණාමයෙන් ඇතිවන ආබාධ ද ඇති බව ගිරිමානන්ද සූත්‍රයේ කියැවේ. (උතු පරිණාමජා ආබාධ)

3. කම්ම නියාමය

සත්ත්වයාගේ හොඳ නරක හැසිරීම් අනුව ක්‍රියාත්මක වන නිෂ්පුද්ගල ධර්මතාවක් වන ‘සෘතය’ පිළිබඳ අදහස් වෛදික සාහිත්‍යයේ ඇත. ඊට වඩා වෙනස් වූ මනෝවිද්‍යාත්මක හා සදාචාරාත්මක ඉගැන්වීමක් ලෙස බෞද්ධ කම්ම නියාමය විග්රහ වේ. චේතනාව මූලිකව සිත, කය, වචන තිදොරින් සිදුවන කර්ම ශක්තීන් ජීව අජීව සියල්ල කෙරෙහිම බලපෑම් ඇති කරයි. සත්ත්ව උපතට බලපාන ප්‍රධාන කරුණු ලෙස ද කර්ම නියාමය දැක්වේ. බීජ නියාම, උතු නියාම සම්පූර්ණ වූත් කර්මානුරූපව පැමිණි ගන්ධබ්බයකු නැතිනම් කලලය විනාශය වී යන බව මහා තණ්හා සංඛය සූත්‍ර විග්රහයේ දැක්වේ. කර්මය පුනර්භවයට හේතු වේ. කර්ම නියාමයේ පැවැත්ම සිතට පමණක් ගෝචර වේ. සත්වයන් අතර විවිධත්වයක් ඇති කරනුයේ කර්මයෙනි. එකම මවුකුස එකට උපදින නිවුන් දරුවන්ගේ පවත්නා විවිධත්වයට ද හේතුව කර්මයයි. උස් මහත් ලොකු පොඩි භේද සමාජයේ පවතිනුයේ කර්මය හේතුවෙනි. රහතන් වහන්සේ කර්මක්ෂය කොට සසර ගමන නවතන සේක. ඇතැම් ආබාධ පූර්ව කර්මයෙන් ඇතිවේ. (කම්ම විපාකජා ආබාධා)

4. ධම්ම නියාමය

සොබා දහමේ සිද්ධි හා නිපැයුම් ආකස්මිකව සිදු නොවේ. ඊට මුල්වන කාරණා සමූහයකි. මෙසේ සොබාදහම කාරණා හා ඵල සමූහයක් ලෙස පැවතීම ධම්ම නියාමය යටතේ විවරණය කෙරේ. එය පටිච්ච සමුප්පාද නම් වෙයි. ‘පටිච්ච’ යනු ‘යමක් මත රඳා පැවතීම’ යි. හේතු නිසා සියල්ල හටගනී. එම හේතූන් නැතිව යාමෙන් සියල්ල නැති වෙයි. භුමිකම්පාවට හේතු අටක් දැක් වූ බව මහා පරිනිබ්බාණ සූත්‍රයේ කියැවේ. සමාජ අර්බුද, දූෂණ ආදියට ද හේතු ඵල දහමේ බලපෑම ඇති අයුරු චක්කවත්ති සීහනාද, අග්ගඤ්ඤ, කුටදත්ත යන සූත්‍රවල විවරණය වේ. වේදනාව නිසා තණ්හාව ඇතිවී අවසන දඬුවම් ඇතිවීම දක්වා මහා නිධාන සූත්‍රයේ හේතුඵල විවරණය වේ.

ද්වාදසාංග පටිච්චසමුප්දායේත් සුවිසි ප්‍රත්‍ය විවරණයේත් මේ ධම්ම නියාමය මැනවින් විග්රහ කර ඇත. අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ත්රිලක්ෂණ යද ධම්ම නියාමට අයත් වේ.

ලොවුතුරු බුදුවරයකු පහළ වන ප්‍රදේශය, පස්මහ බැලුම් බැලීම බුදුවීම, පිරිනිවණ ආදී අවස්ථාවල භූමිකම්පාවීම ආදී සියල්ල ද ධම්ම නියාම යටතේ විවරණය වේ.

5. චිත්ත නියාමය

මිනිසා හා සතුන් තුළ බල පවත්වන අධ්‍යාත්මික නියාමයක් ලෙස චිත්ත නියාමය දැක්වේ. අරමුණු සිතන්නේ සිත බව අභිධර්ම විග්රහයේ කියැවේ. (ආරම්මණං චිත්තෙති චිත්තං) වහ වහා සැලෙන, වේගයෙන් වෙනස්වන සිත පිළිබඳ උපමාවක් පවා පැවසීම දුෂ්කර බව බුද්ධදේශනාවේ එයි. ඉතා දුරගමන් කිරීමේ හැකියාව ඇති සිත පිළිබඳ බොහෝ කරුණු ධම්ම පදයේ චිත්ත වග්ගයේ දැක්වේ. සිත අනුව සත්ත්වයන්ගේ ජීවිත පරිවර්තනය වේ. (චිත්තානු පරිවත්තිනො ධම්මා) යහපත් සිත සැප ගෙන දේ. අයහපත් සිත තම සතුරාටත් වඩා විපත් ගෙනදෙයි. සමාජ, පුද්ගල පරිහානිය මෙන්ම දියුණුව ද චිත්ත නියාමය අනුව සිදුවන්නකි.සත්ව උපතට ද චිත්තයක පැවැත්ම අවශ්‍ය වේ. සිතේ ක්‍රියාකාරීත්වය අනුව අපගේ භෞතික ශරීරය පවතී. තරහ සිතක් ඇති වූ විට අපේ ශරීරය ද විපර්යාසයට පත් වේ. (මනොපුබ්බංගමා ධම්මා) සිතුවිලි වල ඇතිවන වෙනස්කම් ජීව අජීව පරිසරයේ පැවැත්මට සෘජුවම බලපානු ලැබේ. එනිසා ලෝකය සිතින් පැවැත්වෙන බවත්, සිතින් පරිකර්ෂණය වන බවත් බුදුහු දෙසූහ. (චිතෙන නීයතී ලොකෝ චිත්තේන පරිකස්සතී.)

උපුටා ගැනීම බුදුසරණ සඟරාවෙන්..

[QUOTE="B_i_n_g_o, post: 14118475, member: 431880"] [SIZE=5][B]01. බීජ නියාමය[/B][/SIZE] [SIZE=5] ශාක හා සත්ත්වයන්ගේ පැවැත්ම බීජ නියාමයෙන් සිදුවේ. බ්‍රහ්මජාල සූත්‍රයේ බීජගාම, භූත ගාම ලෙස ශාක හා සත්ත්ව පැවැත්ම හඳුන්වා ඇත.[/SIZE] [SIZE=5] බීජගාම යනු ශාක බීජයන් ය. බීජයට අනුරූපව අංකුර, පත්‍ර, ඵල වැඩීමේ ශක්‍යතාව ආදිය බීජ නියාමයයි. පොල් ගෙඩියෙන් පොල් ගසක්ම නිර්මාණය වීමත්, ඒ පොල්ගසෙන් නැවත පොඩි ගෙඩියක්ම නිර්මාණයවීමත් බීජ නියාමයයි. තම වර්ගයාගේ පැවැත්ම, මුල් බීජයට සමාන බීජ නිර්මාණය වීම, තම වර්ගයේ ඵලයක් මිස වෙනත් ඵලයක් නූපදවීම (පොල් ගෙඩිය දෙල් ගසක් නිර්මාණය නොකරයි.) බීජ නියාමයේ ධර්මතා වේ. පොළොවේ පැල කළ බීජයේ වැඩීමට පෘථිවි රසයත්, ස්නේහයත් (පඨවිරසඤ්ච ආගම්ම - සිනෙහඤ්ච තද්‍රභයං) යන කරුණු දෙක අවශ්‍ය බව (සං.නි) සේලා සූත්‍රයේ කියැවේ. සෑම උද්භිද ශාකයකම ලිංග භේදයක් ඇති බව බුදුහු වාසෙට්ඨ සූත්‍රයේ දී වදාළහ. පැලවීමට ඇති ඉඩකඩ අනුව මූල බීජ, ඛන්ධ බීජ, ඵල බීජ, අග්ග බීජ හා බීජ බීජ යනුවෙන් බීජ වර්ග පහක් (උද්භිද ජාති පහක්) බ්‍රහ්මජාල සූත්‍රයේ විග්රහ කෙරේ. අං.නි. දේවදූත සූත්‍රයේ බීජය නොකැඩීම, කුණු නොවීම, අවුවැසි සුළඟින් විනාශ නොවීම, මනා සාරවත්, සුවසේ තැබූ සැකසූ බිමක තැබූ බීජය මනා වැසි ලැබීමෙන් ප්‍රරෝහණය වන බව දැක්වේ.[/SIZE] [SIZE=5] සතුන් ආදීන් ඉපදීමට ඉවහල් වන ජීව ශක්තිය ‘භූත ගාම’ නම් වේ. ශරීර හැඩය, රූප කලාප, හුරු පුරුදු ගති, මානසික ලක්ෂණ සමානවීම මෙහිදී සිදුවේ. සත්ව බීජය මුහුකුරා ගොස් සත්ත්වයකු බිහි කිරීමට ද වායුව, ජලය, උෂ්ණය යනාදී බාහිර සාධක අවශ්‍යම වේ. නිසා සාධක ඇතිවිට අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන ක්‍රමවලින් සත්ව උප්පත්තිය සිදුවේ. ගව දෙනකට ගව පියකුට දාව ගව පැටවුන් මිස එළු පැටවුන් නොලැබීම බීජ නියාමයයි. ඒ ඒ සත්වයන් අතර පවත්නා අසමතාවයත් සමතාවයන් පවත්වාගනුයේ ද බීජ නියාමයෙනි.[/SIZE] [SIZE=5][B]2. උතු නියාමය[/B][/SIZE] [SIZE=5] වෛදික ජනයා පර්ජන්‍ය, මරුත් අග්නි ආදී දෙවියන් ලෙස සැලකූ තත්ත්වයන් උතු නියාමය නිසා සිදුවන බව බුද්ධිමත්ව විමසා බැලූ විට පැහැදිලි වේ. සෘතූන්ගේ විකාශනය වීම පිළිබඳව අග්ගඤ්ඤ සූත්‍රයේ මුල සිට කරුණු දැක්වේ. මතු සිදුවන සෘතු විපර්යාස පිළිබඳව සප්ත සුරියුග්ගමන සූත්‍රයේ දැක්වේ. සෘතූන්ගේ පැවැත්මට මුල්වනුයේ නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයක් නොව හිරු හා සඳු බව මිලින්දපඤ්හයේ කියැවේ. වස්සාන, හේමන්ත, ගිම්හාන යන ප්‍රධාන සෘතු හා අනු සෘතු පැවතීම, වර්ෂාව, සුළඟ, අවුව, දිවා රෑ පැවැත්ම උතුනියාමයෙන් සිදුවන ;ද් ය. පෘථිවියේ ජීව අජීව වස්තූන්ගේ නිර්මාණයට සෘතු නියාමය නිරන්තයෙන් බලපායි. රූප උපදවන හේතු සතරින් එකක් ලෙස අභිධර්මයේ ‘සෘතුජ’ හේතුව දැක්වේ. රූපයේ ලහුබව, මෘදු බව හා කර්මණ්ය බවද වර්ෂාව, බීජ ප්‍රරෝහණය, පෘථිවියේ ගන්ධය, කඳු, ශිඛර පර්වත, පැළෑටි නිල්වන් වීම, සමුද්‍රය ජලයෙන් පිරී තිබීම උතු නියාමයේ ක්‍රියාකාරීත්වයෙන් සිදුවේ. උතුපරිණාමයෙන් ඇතිවන ආබාධ ද ඇති බව ගිරිමානන්ද සූත්‍රයේ කියැවේ. (උතු පරිණාමජා ආබාධ)[/SIZE] [SIZE=5][B]3. කම්ම නියාමය[/B][/SIZE] [SIZE=5] සත්ත්වයාගේ හොඳ නරක හැසිරීම් අනුව ක්‍රියාත්මක වන නිෂ්පුද්ගල ධර්මතාවක් වන ‘සෘතය’ පිළිබඳ අදහස් වෛදික සාහිත්‍යයේ ඇත. ඊට වඩා වෙනස් වූ මනෝවිද්‍යාත්මක හා සදාචාරාත්මක ඉගැන්වීමක් ලෙස බෞද්ධ කම්ම නියාමය විග්රහ වේ. චේතනාව මූලිකව සිත, කය, වචන තිදොරින් සිදුවන කර්ම ශක්තීන් ජීව අජීව සියල්ල කෙරෙහිම බලපෑම් ඇති කරයි. සත්ත්ව උපතට බලපාන ප්‍රධාන කරුණු ලෙස ද කර්ම නියාමය දැක්වේ. බීජ නියාම, උතු නියාම සම්පූර්ණ වූත් කර්මානුරූපව පැමිණි ගන්ධබ්බයකු නැතිනම් කලලය විනාශය වී යන බව මහා තණ්හා සංඛය සූත්‍ර විග්රහයේ දැක්වේ. කර්මය පුනර්භවයට හේතු වේ. කර්ම නියාමයේ පැවැත්ම සිතට පමණක් ගෝචර වේ. සත්වයන් අතර විවිධත්වයක් ඇති කරනුයේ කර්මයෙනි. එකම මවුකුස එකට උපදින නිවුන් දරුවන්ගේ පවත්නා විවිධත්වයට ද හේතුව කර්මයයි. උස් මහත් ලොකු පොඩි භේද සමාජයේ පවතිනුයේ කර්මය හේතුවෙනි. රහතන් වහන්සේ කර්මක්ෂය කොට සසර ගමන නවතන සේක. ඇතැම් ආබාධ පූර්ව කර්මයෙන් ඇතිවේ. (කම්ම විපාකජා ආබාධා)[/SIZE] [SIZE=5][B]4. ධම්ම නියාමය[/B][/SIZE] [SIZE=5] සොබා දහමේ සිද්ධි හා නිපැයුම් ආකස්මිකව සිදු නොවේ. ඊට මුල්වන කාරණා සමූහයකි. මෙසේ සොබාදහම කාරණා හා ඵල සමූහයක් ලෙස පැවතීම ධම්ම නියාමය යටතේ විවරණය කෙරේ. එය පටිච්ච සමුප්පාද නම් වෙයි. ‘පටිච්ච’ යනු ‘යමක් මත රඳා පැවතීම’ යි. හේතු නිසා සියල්ල හටගනී. එම හේතූන් නැතිව යාමෙන් සියල්ල නැති වෙයි. භුමිකම්පාවට හේතු අටක් දැක් වූ බව මහා පරිනිබ්බාණ සූත්‍රයේ කියැවේ. සමාජ අර්බුද, දූෂණ ආදියට ද හේතු ඵල දහමේ බලපෑම ඇති අයුරු චක්කවත්ති සීහනාද, අග්ගඤ්ඤ, කුටදත්ත යන සූත්‍රවල විවරණය වේ. වේදනාව නිසා තණ්හාව ඇතිවී අවසන දඬුවම් ඇතිවීම දක්වා මහා නිධාන සූත්‍රයේ හේතුඵල විවරණය වේ. [/SIZE] [SIZE=5] ද්වාදසාංග පටිච්චසමුප්දායේත් සුවිසි ප්‍රත්‍ය විවරණයේත් මේ ධම්ම නියාමය මැනවින් විග්රහ කර ඇත. අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ත්රිලක්ෂණ යද ධම්ම නියාමට අයත් වේ.[/SIZE] [SIZE=5] ලොවුතුරු බුදුවරයකු පහළ වන ප්‍රදේශය, පස්මහ බැලුම් බැලීම බුදුවීම, පිරිනිවණ ආදී අවස්ථාවල භූමිකම්පාවීම ආදී සියල්ල ද ධම්ම නියාම යටතේ විවරණය වේ.[/SIZE] [SIZE=5][B]5. චිත්ත නියාමය[/B][/SIZE] [SIZE=5] මිනිසා හා සතුන් තුළ බල පවත්වන අධ්‍යාත්මික නියාමයක් ලෙස චිත්ත නියාමය දැක්වේ. අරමුණු සිතන්නේ සිත බව අභිධර්ම විග්රහයේ කියැවේ. (ආරම්මණං චිත්තෙති චිත්තං) වහ වහා සැලෙන, වේගයෙන් වෙනස්වන සිත පිළිබඳ උපමාවක් පවා පැවසීම දුෂ්කර බව බුද්ධදේශනාවේ එයි. ඉතා දුරගමන් කිරීමේ හැකියාව ඇති සිත පිළිබඳ බොහෝ කරුණු ධම්ම පදයේ චිත්ත වග්ගයේ දැක්වේ. සිත අනුව සත්ත්වයන්ගේ ජීවිත පරිවර්තනය වේ. (චිත්තානු පරිවත්තිනො ධම්මා) යහපත් සිත සැප ගෙන දේ. අයහපත් සිත තම සතුරාටත් වඩා විපත් ගෙනදෙයි. සමාජ, පුද්ගල පරිහානිය මෙන්ම දියුණුව ද චිත්ත නියාමය අනුව සිදුවන්නකි.සත්ව උපතට ද චිත්තයක පැවැත්ම අවශ්‍ය වේ. සිතේ ක්‍රියාකාරීත්වය අනුව අපගේ භෞතික ශරීරය පවතී. තරහ සිතක් ඇති වූ විට අපේ ශරීරය ද විපර්යාසයට පත් වේ. (මනොපුබ්බංගමා ධම්මා) සිතුවිලි වල ඇතිවන වෙනස්කම් ජීව අජීව පරිසරයේ පැවැත්මට සෘජුවම බලපානු ලැබේ. එනිසා ලෝකය සිතින් පැවැත්වෙන බවත්, සිතින් පරිකර්ෂණය වන බවත් බුදුහු දෙසූහ. (චිතෙන නීයතී ලොකෝ චිත්තේන පරිකස්සතී.)[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]උපුටා ගැනීම බුදුසරණ සඟරාවෙන්..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom