Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
අඳුර විනිවිද දුටු අන්ධ දරුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඳුර විනිවිද දුටු අන්ධ දරුවා

දන්නවද අන්ධ අයගේ නෙත් පාදමින් බ්‍රේල් ක්‍රමය සොයා ගත් ලුවී බ්‍රේල් ගැන? ඔහු අන්ධයෙකු වුයේ උපතින් නොව අහම්බෙන් වූ සිදුවීමක් නිසා බව ඔබ දන්නවාද? අද අපි ඔහුගේ අරුම පුදුම ළමා වියට ළං වී බලමු.ලුවී උපන්නේ 1809 ජනවාරි 04 දින ප්‍රංශයේ පැරිස් නගරයට ආසන්න කෝප්වරි හි දී ය.සයිමන් බ්‍රේල් නම් වූ ඔහුගේ පියාගේ රැකියාව වූයේ අශ්ව ඇදුම් කට්ටල සහ අසරුවන්ගේ ඇඳුම් ආයිත්තම් සත්ව සම් භාවිතයෙන් සෑදීමයි. පියාගෙන් සේවය ලබාගැනීමට බොහෝ දුර ඈත පළාත්වලින් පැමිණෙන විවිධ පුද්ගලයින්ගේ විහිළු කතන්දර ඇසීමටත් අලිස් කටුව භාවිතා කරමින් පියා සම් සෑදල සාදන ආකාරය බලා සිටීමටත් කුඩා ලුවී ආශා කළා. මේ නිසා ඔහු නිතරම පියාගේ වැඩපළේ ගැවසුනා.”පුතා ඔයා වෙන ඕනෑම දෙයක් ගන්න! ඒත් ඔය සම්වල හිල් විදින කටුව නම් ගන්න එපා. ඒක හරිම මුවහත්. ඒ වගේ ම භයානකයි. ඔයා තවම පුංචියිනේ පුතා.” තුන් හැවිරිදි කුඩා ලුවී දැඩි උනන්දුවකින් පියාගේ වැඩ උපකරණ දෙස බලා සිටින විට පියා ලුවීට අවවාද කළා. ඉතිං පුංචි ලුවීත් පියාට පොරොන්දු වුණා මේ උපකරණ අල්ලන්නේ නැහැ කියලා.එක දවසක් පුංචි ලුවී ගෙවත්තේ සිටි මවට උදව් කිරීමට ඈ අසලට ගියා. මව කැරට් පාත්තියේ වල් පැළ ගලවා ඉවත දමනු දුටු ලුවීත් වල්පැළ ගලවා දමන්නට පටන් ගත්තා.”අනේ පැටියෝ! ඔයා ඔය ගලවන්නේ කැරට් පැළනේ. හොඳ පුතා වගේ මං වල්පැළ ගලවන හැටි පැත්තකට වෙලා බලා ඉන්නකෝ!”අම්මා ලුවීට පැවසුවේ වල්පැළ යයි සිතා කුඩා ලුවී කැරට් පැළ ද උදුරා දමනු දුටුවිටයි. ඉතිං ලුවී අම්මා ළඟින් ඊළඟට ගියේ තාත්තාගේ වැඩපළ දෙසටයි. වැඩපළේ කවුරුවත් නැහැ. ලුවීගේ පුංචි කකුල් හෙමින් හෙමින් තාත්තාගේ වැඩපළ ඇතුළට ම ඇදුණා. තාත්තාගේ වැඩ බංකුව උඩ දිගම දිග හම් ෂීට් රෝල් කරලා තිබුණා. ඒ අසලම හිල් විදින කටුවකුත් තිබුණා. පුංචි ලුවීට තාත්තාට වුණු පොරොන්දුව අමතක වුණා. ඔහු වටපිට බැලුවා. අලිස් කටුව අතට ගත්තා. වැඩ බංකුව ළඟ තිබුණු පුටුවට නැගගෙන හම් කැබැල්ලක හිල් විදින්නට පටන් ගත්තා. ඒත් හම සිදුරු වෙනවා වෙනුවට අලිස් කටුව හම් කැබැල්ලෙන් ඉවතට ලිස්සා ගියා. එය උඩ වීසි වී ගොස් ආපසු පැමිණ ලුවීගේ පුංචි ඇස් මතට වැටුණා. ලුවී වේදනාවෙන් කෑ ගැසුවා. එය ඇසී දිව ආ අම්මා ලුවීගේ ඇස් සේදුවා. වහාම වෛද්‍යවරයෙක් කැඳවාගෙන ඇවිත් ලුවීගේ ඇසට ප්‍රතිකාර කළා. නමුත් දිනෙන් දින ලුවීගේ ඇස දුර්වල වුණා. අනෙක් ඇසටත් රෝගය පැතිරුණා. ටික දිනක් යන්තමට හෝ ඉර එළිය දුටු ලුවීට ක්‍රමයෙන් සියල්ල නොපෙනී ගියා. අසරණ ලුවී අන්ධකාර ලෝකයක තනිවුණා.”තවම උදේ වුණේ නැද්ද? කොයි වේලාවෙද ඉර පායන්නේ?” අසරණ ලුවීගේ ප්‍රශ්නවලට දෙමව්පියෝ නිරුත්තර වුණා.

අද මෙන් එකල අන්ධ දරුවන් සඳහා වෙන් වූ පාසල් තිබුණේ නැහැ. මේ නිසා ලුවී ගෙදරට වී කාලය ගත කළා. ඔහු ගෙදර දොරේ වැඩවලට උදව් කළා. ඔහු සත්ව සම්වල පොලිෂ් ගා ඔපදැමීමට පියාට උදව් කළා. පියා සම්වලින් සැකසූ අශ්ව ඇඳුම්වල වාටිවල මෝස්තර මහන්නත් ලුවී ට හැකි වුණා. ඔහු අම්මාට රාතී‍්‍ර කෑම මේසය සැකසීමට උදව් කළා. පිඟන් කෝප්ප, හැඳි, ගෑරුප්පු, නිසි තැන පිළිවෙළට තබන්නට ඔහු දක්ෂ වුණා.සෑම උදෑසනකම ඔහු වතුර ගෙන ඒමට ළිඳට ගියා. තාත්තා ඔහුට දිග මිටක් සහිත වේවැල් කෝටුවක් සකසා දුන්නා. එහි ආධාරයෙන් ලුවී බොහෝ දුර ඇවිද ගියා. ඔහු පාරවල් දිගේ ඇවිද යද්දී ඇසුණු හඬවලින්, දැනුණු සුවඳීන් ඒ ඒ ස්ථාන හඳුනා ගත්තා. රසකැවිලි පිළිස්සෙන සුවඳින් ඒ යන්නේ බේකරියක් අසලින් බව ඔහු හඳුනාගත්තා. ගම්මානයේ තිබෙන දේවස්ථානයේ සීනු හඬ, අල්ලපු ගෙදර බල්ලා කෑගසන හඬ, කුරුලු හඬ, දිය පහරවල හඬ ඔහුට හොඳින් ඇසුණා. ඔහුට අවුරුදු 6 ක් වන විට නගරයේ දේවස්ථානයට ‘ජාකෝස් ප්ලොයි’ නමින් පූජකවරයෙක් පැමිණියා. එතුමා දිනක් බ්‍රේල් නිවසටත් පැමිණියා. අන්ධ ලුවී දැක කණගාටුවට පත් වූ එතුමා දේවස්ථානයට පැමිණිය හොත් අකුරු කියා දිය හැකි බව පැවසුවා. ඉන් පසු සෑම උදෑසනකම ‘ටැප් ටැප්’ හඬ නංවන වේවැල් සැරයටිය වනමින් කුඩා ලුවී දේවස්ථානයට ගියා. ටික දිනකට පසු කෝප්වරි නගරයේ පාසලකට පැමිණි ඇන්ටෝනි බිච්රට් නමැති ගුරුවරයා හඳුනාගත් පියතුමා ලුවී ව එම පාසලට ඇතුළත් කළා. ඔහු පංතියේ අනෙක් ළමයි සමග හරි හරියට ගණිත ගැටලු විසඳුවා.

අනෙක් ළමයි පොත් පිටුවල ලියා ගණිත ගැටලු විසඳද්දී ලුවි සිතින් ගණන් හැදුවා. ඔහු යහළුවන්ගේ පොත්වල පිටු අතගා බැලුවා. ඒත් එහි තිබූ කිසිවක් ඔහුගේ අත්වලට ස්පර්ශ වුණේ නැහැ. ලුවීගේ දුක වටහා ගත් පියතුමා ඉන්පසු ඔහුව අන්ධ ශිෂ්‍යයින් සඳහා වූ රාජකීය ආයතනයට ඇතුළත් කළා. එහි නේවාසිකව ඉගෙන ගත යුතු වූ නිසා ලුවී මව, පියා හැරදමා කෝ්ප්වරි නගරයෙන් සැතපුම් 30 ක් දුරින් පිහිටි පාසලේ නේවාසිකාගාරයේ නතර වුණා. ඒ වන විට දස හැවිරිදි වියේ සිටි ලුවී නිවස සිහිවී හඬමින් කණස්සල්ලෙන් මුල් දින කිහිපය ගත කළා. ඔහුගේ දුක තුනී කළේ නේවාසිකාගාරයේ දී ඔහුගේ කාමර සගයා වූ ග්රාබියෙල් ගටර් විසිනුයි. ක්‍රමයෙන් ලුවී පාසල් ජීවිතයට හැඩ ගැසුණා. භාෂාව, භූගෝලය, ඉතිහාසය ආදිය ඔහු සතුටින් ඉගෙන ගත්තා. ලුවී පංතියේ බාලම ළමයා වූ අතර පංතියේ දක්ෂතම ළමයා ද වුණා. පාඩම් වැඩවලට අමතරව ලුවීට සහ මිතුරන්ට අත්වැඩද ඉගෙන ගන්නට හැකි වුණා. අත් මේස් සහ තොප්පි ගෙතීම, පිදුරුවලින් සෙරෙප්පු සෑදීම ඔවුන් ඉගෙන ගත්තා. ලුවී ගේ පි‍්‍රයතම විෂයය වූයේ සංගීතයයි. ඔහු පාසලේ දී පියානෝව, වයලීනය සහ ඕර්ගනය වාදනය කිරීමට ඉගෙන ගත්තා. එකල අන්ධ සිසුන්ට පොත් කියවීම සඳහා තිබුණේ ‘එසවුණු මුද්‍රණය’ යන ක්‍රමයයි. හෝඩියේ වූ සියලුම අකුරු පොත් පිටුවෙන් ඉහළට එසවෙන සේ මුද්‍රණය කර තිබුණා. නමුත් මේ අකුරු අතගා බලා කියවීම එතරම් පහසු වූයේ නැහැ. ඔහු ඒ ක්‍රමයට පොත් කියවීමට උත්සාහ කළා. නමුත් එය සඳහා ඉතා වැඩිපුර කාලයක් ගතකිරීමට සිදුවුණා. මේ අතරේ විවිධ පුද්ගලයින් අන්ධ අය සඳහා විවිධ භාෂා නිර්මාණය කිරීමට උත්සාහ කළා. 1821 වර්ෂයේ දිනෙක විශ්‍රාමික හමුදා කපිතාන්වරයකු වූ චාර්ල්ස් බා බියර් ලුවී ගේ පාසලට පැමිණියා. ඔහු සොල්දාදුවන් අතර රාතී‍්‍ර කාලයේදී පණිවිඩ හුවමාරු කිරීමේ ක්‍රමයක් නිර්මාණය කර තිබුණා. (අන්ධකාරයේ ලිවීම) මෙම ක්‍රමය අන්ධ පුද්ගලයින්ට ද ගැළපෙන බව සිතූ ඔහු එම ක්‍රමය ඇසුරින් කොළයෙන් උඩට එසවූ තිත් සහිත භාෂාවක් නිර්මාණය කළා. එක් එක් තිත්වලින් එක් එක් අකුර සංකේතවත් වන ලෙස නිර්මාණය වූ ක්‍රමය අන්ධ සිසුන් අතර ජනපි‍්‍රය වුණා. නමුත් මේ ක්රමයේ ද නොයෙක් අඩුපාඩු ඇති බව අන්ධ ළමයින්ට වැටහුණා. මෙම තිත් ක්‍රමය ඇසුරින් අන්ධ අයට කියවිය හැකි, ලිවිය හැකි හෝඩියක් නිර්මාණය කිරීමට ලුවී සිහින මැව්වා. ඔහු උල් කටුවක් සහ කොළයක් ගෙන අත්හදා බැලීම් කළා. පාසලේ දී ද නිවාඩුවට ගමේ ගිය විටදී ද ලුවී තිත් ක්‍රමය වැඩිදියුණු කිරීමට උත්සාහ කළා. මෙසේ අත්හදා බැලීම් කළ ලුවී අවුරුදු පහළොවේදී අන්ධ පුද්ගලයින්ට ලිවීමට සහ කියවීමට හැකි හෝඩියක් නිර්මාණය කිරීමට සමත් වුණා.

[QUOTE="Persius, post: 15735790, member: 477838"] [b]අඳුර විනිවිද දුටු අන්ධ දරුවා[/b] [SIZE="4"] දන්නවද අන්ධ අයගේ නෙත් පාදමින් බ්‍රේල් ක්‍රමය සොයා ගත් ලුවී බ්‍රේල් ගැන? ඔහු අන්ධයෙකු වුයේ උපතින් නොව අහම්බෙන් වූ සිදුවීමක් නිසා බව ඔබ දන්නවාද? අද අපි ඔහුගේ අරුම පුදුම ළමා වියට ළං වී බලමු.ලුවී උපන්නේ 1809 ජනවාරි 04 දින ප්‍රංශයේ පැරිස් නගරයට ආසන්න කෝප්වරි හි දී ය.සයිමන් බ්‍රේල් නම් වූ ඔහුගේ පියාගේ රැකියාව වූයේ අශ්ව ඇදුම් කට්ටල සහ අසරුවන්ගේ ඇඳුම් ආයිත්තම් සත්ව සම් භාවිතයෙන් සෑදීමයි. පියාගෙන් සේවය ලබාගැනීමට බොහෝ දුර ඈත පළාත්වලින් පැමිණෙන විවිධ පුද්ගලයින්ගේ විහිළු කතන්දර ඇසීමටත් අලිස් කටුව භාවිතා කරමින් පියා සම් සෑදල සාදන ආකාරය බලා සිටීමටත් කුඩා ලුවී ආශා කළා. මේ නිසා ඔහු නිතරම පියාගේ වැඩපළේ ගැවසුනා.”පුතා ඔයා වෙන ඕනෑම දෙයක් ගන්න! ඒත් ඔය සම්වල හිල් විදින කටුව නම් ගන්න එපා. ඒක හරිම මුවහත්. ඒ වගේ ම භයානකයි. ඔයා තවම පුංචියිනේ පුතා.” තුන් හැවිරිදි කුඩා ලුවී දැඩි උනන්දුවකින් පියාගේ වැඩ උපකරණ දෙස බලා සිටින විට පියා ලුවීට අවවාද කළා. ඉතිං පුංචි ලුවීත් පියාට පොරොන්දු වුණා මේ උපකරණ අල්ලන්නේ නැහැ කියලා.එක දවසක් පුංචි ලුවී ගෙවත්තේ සිටි මවට උදව් කිරීමට ඈ අසලට ගියා. මව කැරට් පාත්තියේ වල් පැළ ගලවා ඉවත දමනු දුටු ලුවීත් වල්පැළ ගලවා දමන්නට පටන් ගත්තා.”අනේ පැටියෝ! ඔයා ඔය ගලවන්නේ කැරට් පැළනේ. හොඳ පුතා වගේ මං වල්පැළ ගලවන හැටි පැත්තකට වෙලා බලා ඉන්නකෝ!”අම්මා ලුවීට පැවසුවේ වල්පැළ යයි සිතා කුඩා ලුවී කැරට් පැළ ද උදුරා දමනු දුටුවිටයි. ඉතිං ලුවී අම්මා ළඟින් ඊළඟට ගියේ තාත්තාගේ වැඩපළ දෙසටයි. වැඩපළේ කවුරුවත් නැහැ. ලුවීගේ පුංචි කකුල් හෙමින් හෙමින් තාත්තාගේ වැඩපළ ඇතුළට ම ඇදුණා. තාත්තාගේ වැඩ බංකුව උඩ දිගම දිග හම් ෂීට් රෝල් කරලා තිබුණා. ඒ අසලම හිල් විදින කටුවකුත් තිබුණා. පුංචි ලුවීට තාත්තාට වුණු පොරොන්දුව අමතක වුණා. ඔහු වටපිට බැලුවා. අලිස් කටුව අතට ගත්තා. වැඩ බංකුව ළඟ තිබුණු පුටුවට නැගගෙන හම් කැබැල්ලක හිල් විදින්නට පටන් ගත්තා. ඒත් හම සිදුරු වෙනවා වෙනුවට අලිස් කටුව හම් කැබැල්ලෙන් ඉවතට ලිස්සා ගියා. එය උඩ වීසි වී ගොස් ආපසු පැමිණ ලුවීගේ පුංචි ඇස් මතට වැටුණා. ලුවී වේදනාවෙන් කෑ ගැසුවා. එය ඇසී දිව ආ අම්මා ලුවීගේ ඇස් සේදුවා. වහාම වෛද්‍යවරයෙක් කැඳවාගෙන ඇවිත් ලුවීගේ ඇසට ප්‍රතිකාර කළා. නමුත් දිනෙන් දින ලුවීගේ ඇස දුර්වල වුණා. අනෙක් ඇසටත් රෝගය පැතිරුණා. ටික දිනක් යන්තමට හෝ ඉර එළිය දුටු ලුවීට ක්‍රමයෙන් සියල්ල නොපෙනී ගියා. අසරණ ලුවී අන්ධකාර ලෝකයක තනිවුණා.”තවම උදේ වුණේ නැද්ද? කොයි වේලාවෙද ඉර පායන්නේ?” අසරණ ලුවීගේ ප්‍රශ්නවලට දෙමව්පියෝ නිරුත්තර වුණා. අද මෙන් එකල අන්ධ දරුවන් සඳහා වෙන් වූ පාසල් තිබුණේ නැහැ. මේ නිසා ලුවී ගෙදරට වී කාලය ගත කළා. ඔහු ගෙදර දොරේ වැඩවලට උදව් කළා. ඔහු සත්ව සම්වල පොලිෂ් ගා ඔපදැමීමට පියාට උදව් කළා. පියා සම්වලින් සැකසූ අශ්ව ඇඳුම්වල වාටිවල මෝස්තර මහන්නත් ලුවී ට හැකි වුණා. ඔහු අම්මාට රාතී‍්‍ර කෑම මේසය සැකසීමට උදව් කළා. පිඟන් කෝප්ප, හැඳි, ගෑරුප්පු, නිසි තැන පිළිවෙළට තබන්නට ඔහු දක්ෂ වුණා.සෑම උදෑසනකම ඔහු වතුර ගෙන ඒමට ළිඳට ගියා. තාත්තා ඔහුට දිග මිටක් සහිත වේවැල් කෝටුවක් සකසා දුන්නා. එහි ආධාරයෙන් ලුවී බොහෝ දුර ඇවිද ගියා. ඔහු පාරවල් දිගේ ඇවිද යද්දී ඇසුණු හඬවලින්, දැනුණු සුවඳීන් ඒ ඒ ස්ථාන හඳුනා ගත්තා. රසකැවිලි පිළිස්සෙන සුවඳින් ඒ යන්නේ බේකරියක් අසලින් බව ඔහු හඳුනාගත්තා. ගම්මානයේ තිබෙන දේවස්ථානයේ සීනු හඬ, අල්ලපු ගෙදර බල්ලා කෑගසන හඬ, කුරුලු හඬ, දිය පහරවල හඬ ඔහුට හොඳින් ඇසුණා. ඔහුට අවුරුදු 6 ක් වන විට නගරයේ දේවස්ථානයට ‘ජාකෝස් ප්ලොයි’ නමින් පූජකවරයෙක් පැමිණියා. එතුමා දිනක් බ්‍රේල් නිවසටත් පැමිණියා. අන්ධ ලුවී දැක කණගාටුවට පත් වූ එතුමා දේවස්ථානයට පැමිණිය හොත් අකුරු කියා දිය හැකි බව පැවසුවා. ඉන් පසු සෑම උදෑසනකම ‘ටැප් ටැප්’ හඬ නංවන වේවැල් සැරයටිය වනමින් කුඩා ලුවී දේවස්ථානයට ගියා. ටික දිනකට පසු කෝප්වරි නගරයේ පාසලකට පැමිණි ඇන්ටෝනි බිච්රට් නමැති ගුරුවරයා හඳුනාගත් පියතුමා ලුවී ව එම පාසලට ඇතුළත් කළා. ඔහු පංතියේ අනෙක් ළමයි සමග හරි හරියට ගණිත ගැටලු විසඳුවා. අනෙක් ළමයි පොත් පිටුවල ලියා ගණිත ගැටලු විසඳද්දී ලුවි සිතින් ගණන් හැදුවා. ඔහු යහළුවන්ගේ පොත්වල පිටු අතගා බැලුවා. ඒත් එහි තිබූ කිසිවක් ඔහුගේ අත්වලට ස්පර්ශ වුණේ නැහැ. ලුවීගේ දුක වටහා ගත් පියතුමා ඉන්පසු ඔහුව අන්ධ ශිෂ්‍යයින් සඳහා වූ රාජකීය ආයතනයට ඇතුළත් කළා. එහි නේවාසිකව ඉගෙන ගත යුතු වූ නිසා ලුවී මව, පියා හැරදමා කෝ්ප්වරි නගරයෙන් සැතපුම් 30 ක් දුරින් පිහිටි පාසලේ නේවාසිකාගාරයේ නතර වුණා. ඒ වන විට දස හැවිරිදි වියේ සිටි ලුවී නිවස සිහිවී හඬමින් කණස්සල්ලෙන් මුල් දින කිහිපය ගත කළා. ඔහුගේ දුක තුනී කළේ නේවාසිකාගාරයේ දී ඔහුගේ කාමර සගයා වූ ග්රාබියෙල් ගටර් විසිනුයි. ක්‍රමයෙන් ලුවී පාසල් ජීවිතයට හැඩ ගැසුණා. භාෂාව, භූගෝලය, ඉතිහාසය ආදිය ඔහු සතුටින් ඉගෙන ගත්තා. ලුවී පංතියේ බාලම ළමයා වූ අතර පංතියේ දක්ෂතම ළමයා ද වුණා. පාඩම් වැඩවලට අමතරව ලුවීට සහ මිතුරන්ට අත්වැඩද ඉගෙන ගන්නට හැකි වුණා. අත් මේස් සහ තොප්පි ගෙතීම, පිදුරුවලින් සෙරෙප්පු සෑදීම ඔවුන් ඉගෙන ගත්තා. ලුවී ගේ පි‍්‍රයතම විෂයය වූයේ සංගීතයයි. ඔහු පාසලේ දී පියානෝව, වයලීනය සහ ඕර්ගනය වාදනය කිරීමට ඉගෙන ගත්තා. එකල අන්ධ සිසුන්ට පොත් කියවීම සඳහා තිබුණේ ‘එසවුණු මුද්‍රණය’ යන ක්‍රමයයි. හෝඩියේ වූ සියලුම අකුරු පොත් පිටුවෙන් ඉහළට එසවෙන සේ මුද්‍රණය කර තිබුණා. නමුත් මේ අකුරු අතගා බලා කියවීම එතරම් පහසු වූයේ නැහැ. ඔහු ඒ ක්‍රමයට පොත් කියවීමට උත්සාහ කළා. නමුත් එය සඳහා ඉතා වැඩිපුර කාලයක් ගතකිරීමට සිදුවුණා. මේ අතරේ විවිධ පුද්ගලයින් අන්ධ අය සඳහා විවිධ භාෂා නිර්මාණය කිරීමට උත්සාහ කළා. 1821 වර්ෂයේ දිනෙක විශ්‍රාමික හමුදා කපිතාන්වරයකු වූ චාර්ල්ස් බා බියර් ලුවී ගේ පාසලට පැමිණියා. ඔහු සොල්දාදුවන් අතර රාතී‍්‍ර කාලයේදී පණිවිඩ හුවමාරු කිරීමේ ක්‍රමයක් නිර්මාණය කර තිබුණා. (අන්ධකාරයේ ලිවීම) මෙම ක්‍රමය අන්ධ පුද්ගලයින්ට ද ගැළපෙන බව සිතූ ඔහු එම ක්‍රමය ඇසුරින් කොළයෙන් උඩට එසවූ තිත් සහිත භාෂාවක් නිර්මාණය කළා. එක් එක් තිත්වලින් එක් එක් අකුර සංකේතවත් වන ලෙස නිර්මාණය වූ ක්‍රමය අන්ධ සිසුන් අතර ජනපි‍්‍රය වුණා. නමුත් මේ ක්රමයේ ද නොයෙක් අඩුපාඩු ඇති බව අන්ධ ළමයින්ට වැටහුණා. මෙම තිත් ක්‍රමය ඇසුරින් අන්ධ අයට කියවිය හැකි, ලිවිය හැකි හෝඩියක් නිර්මාණය කිරීමට ලුවී සිහින මැව්වා. ඔහු උල් කටුවක් සහ කොළයක් ගෙන අත්හදා බැලීම් කළා. පාසලේ දී ද නිවාඩුවට ගමේ ගිය විටදී ද ලුවී තිත් ක්‍රමය වැඩිදියුණු කිරීමට උත්සාහ කළා. මෙසේ අත්හදා බැලීම් කළ ලුවී අවුරුදු පහළොවේදී අන්ධ පුද්ගලයින්ට ලිවීමට සහ කියවීමට හැකි හෝඩියක් නිර්මාණය කිරීමට සමත් වුණා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom