Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපට අමතකයි.. මදුරාසියට මතකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපට අමතකයි.. මදුරාසියට මතකයි

https://www.facebook.com/kandyroyals.kandyraja

1816 වසරේ ජනවාරි මස 24 වනදින ශ්රී වික්රම රාජසිංහ රජු ඇතුලු බිසෝවරු කෝර්න් වොලිස් නම් නැවෙන් මදුරාසියේ වෙල්ලෝර්හි බලකොටුවකට පිටුවහල් කරන ලදි. එම නැවේ සිවිල් නිලදාරියෙක් වූ විලියම් ග්රැන්විල් නම් පුද්ගලයෙක් විය. නැවේ ගමන් ගන්නා කාලය තුල හේ රජු සමග ගත කල කාලය ගැන ලියා තැබීය. ලියූ දෑ අතර පහත තොරතුරු විය.

ග්රැන්විල් මහතා රජුව සතුටු කිරීම සදහා නැවේ ගමන් ගන්නා අතරතුරදී දිනකට දෙතුන් වතාවක් අල්ලාප සල්ලාපයෙහි යෙදී සිට ඇත. රජතුමා තමන් සතු නිධානයක් පිලිබදව නිතර කියා තිබේ. තමන් සගවා තිබූ නිධානය ඇහැලේපොළ නිලමෙට අයිති වේ යැයි කණගාටුවක් ඔහු තුල නිතර හටගැණුනි. ග්රැන්විල් මෙම නිධානය තිබෙන තැන රජුගෙන් ඇසුවත් රජුට එය පැවසීමට කැමැත්තක් තිබුනේ නැත.

ආගන්තුක සත්කාර දැක්වීමට රජතුමා මහත් කැමැත්තක් දැක්වූ බව කියැවේ. එක් දිනක් රජතුමා නැවේ මහතුන් කිහිප දෙනෙකුට රාත්රී කෑමක් දීමට කැමැත්තෙන් සිටිනා බව ග්රැන්විල් මහතාට දන්වන ලදි. කෑම වේල සදහා ආරාධනය කැමැත්තෙන් බාර ගන්නා ලද බව එම මහතුන් දන්වා එයට දිනක් ද නියම කර ගත්තේ ය. අදාල දින උදය වරුවේ වෙනදා මෙන් රජතුමා නැවේ උඩු මහළට පැමිණියේ නැත. එසේ වූයේ රාත්රී ආහාර වේල සදහා අරක්කැමියන්ට ගුරුහරුකම් දෙමින් රජු පහල තට්ටුවේ ඉතා උනන්දුවෙන් වැඩ කරමින් සිටි බැවිනි. එපමණක් නොව සමහර කෑම රජතුමා විසින්ම පිළියෙල කළේය. රාත්රී කෑම වේලාවේ අදාල කෑම දීසි නිසි තැන තැබීමට රජතුමා උනන්දුවක් දැක්වීය. කෑම සදහා පැමිණි ආරාධිතයින් එක් එක් වර්ගයේ කෑම කා අවසන් වීමට ප්රථම අනෙක් කෑම වර්ගය මේසයට පිලිගැන්වීමට රජතුමා කටයුතු කලේය. එසේ කලේ පිසිනා ලද සියලුම ආහාර වර්ග සියලුම දෙනා රස විඳීම දැකීමට රජතුමා කැමැත්තක් දැක්වූ බැවිනි. පසුදා උදයේ රජතුමා ග්රැන්විල් මහතාගෙන් පෙර දින ආහාර වේල ගැන විමසූ විට සියලු දෙනා එයින් බොහෝ සතුටට පත් වූ බව ග්රැන්විල් මහතා පැවසීය.

අවසාන කාලයේ දී උඩරටට පැමිණි පහතරට වෙළෙදුන්ගේ අත් කන් නාස කපා දැමුවේ ඇයි දැයි වරෙක රජුගෙන් විමසන ලදි. එවිට රජු පැවසුවේ ඔවුන් ඔත්තුකරුවන් යැයි සැක කෙරූ නිසා උඩරට නීතියට අනුව ඔවුන්ට දඩුවම් පැමිණවූ බවත් ය.

මෙසේ රජුගේ කාලයේ සිදුවූ අකටයුතුකම් ගැන විමසූ විට රජ්තුමා ඒවාට කිසිදු චකිතයකින් තොරව පිලිතුරු දී ඇත. මේජර් ඩේවි සම්බන්ධ සිද්ධියේ දී රජු ඔහුට උපකාර කල ආකාරය ග්රැන්විල්ට පැවසීය. වරක් රජු මෙසේ පැවසීය; "දුෂ්ට අමාත්යන් නිසා අසාධාරණ කාරණ යුෂ්මතුන්ගේ රටවල පවා සිදු වන්නේ නොවේ ද? උඩරට නීතිය මවිසින් සම්පාදනය කරන ලද්දක් ද"

ඇහැළේපොල සම්බන්ධයෙන් රජුගෙන් විමසූ විට රජු පවසා ඇත්තේ ඉංග්රීසීන් ඔහුගෙන් පරිස්සම්ව සිටිය යුතු බවයි. උඩරට නීතියට අනුව ඔහු දෙවරක් දඩුවම් ලැබීමට සුදුසුව සිටින බව පැවසීය. දෙවරක්ම සමාව දුන් විට පියෙකු මෙන් සිටි රජුට විරුද්ධව ඔහු කැරලි ගැසීම ගැන රජු සිටියේ දුක මුසු කෝපයෙනි.

මොල්ලිගොඩ රජු අතහැර ඉංග්රීසීන්ට එකතු වීම පිලිබද රජු කෝප වූයේ නැත. ඔහු එසේ කරන්නට ඇත්තේ කිසිවක් කරකියා ගත නොහැකි නිසා බව පැවසූ රජු මොල්ලිගොඩ සංග්රාම ශූරයෙක් නිවූවත් යහපත් මිනිසෙක් බව කීය.

රජු නිතර කතා කළේ විධාන ස්වරයෙනි. එමෙන්ම අලංකාර ඇදුම් පැළදුම් ගැන ඉතා කැමැත්තක් දැක්වූ පුද්ගලයෙකි. රජතුමා සමග විනාඩි පහක් ගතකරන ඕනෑම අයෙකුට ඔහු රාජාභිමාන පුද්ගලයෙක් බව වැටහෙනු බව ග්රැන්වින් මහතා පවසයි.

අවසානයේ වසර 17 ක කාලයක් මදුරාසියේ වෙල්ලෝර් බලකොටුවේ සිට 1832 වසරේ ජනවාරි මස 30 වන දින වසර 52 ක් ආයු වැළද ජීවිතක්ෂයට පත් විය.

[QUOTE="chaturanga836, post: 22813278, member: 544536"] [b]අපට අමතකයි.. මදුරාසියට මතකයි[/b] [URL="https://www.facebook.com/kandyroyals.kandyraja"]https://www.facebook.com/kandyroyals.kandyraja[/URL] [SIZE="5"]1816 වසරේ ජනවාරි මස 24 වනදින ශ්රී වික්රම රාජසිංහ රජු ඇතුලු බිසෝවරු කෝර්න් වොලිස් නම් නැවෙන් මදුරාසියේ වෙල්ලෝර්හි බලකොටුවකට පිටුවහල් කරන ලදි. එම නැවේ සිවිල් නිලදාරියෙක් වූ විලියම් ග්රැන්විල් නම් පුද්ගලයෙක් විය. නැවේ ගමන් ගන්නා කාලය තුල හේ රජු සමග ගත කල කාලය ගැන ලියා තැබීය. ලියූ දෑ අතර පහත තොරතුරු විය. ග්රැන්විල් මහතා රජුව සතුටු කිරීම සදහා නැවේ ගමන් ගන්නා අතරතුරදී දිනකට දෙතුන් වතාවක් අල්ලාප සල්ලාපයෙහි යෙදී සිට ඇත. රජතුමා තමන් සතු නිධානයක් පිලිබදව නිතර කියා තිබේ. තමන් සගවා තිබූ නිධානය ඇහැලේපොළ නිලමෙට අයිති වේ යැයි කණගාටුවක් ඔහු තුල නිතර හටගැණුනි. ග්රැන්විල් මෙම නිධානය තිබෙන තැන රජුගෙන් ඇසුවත් රජුට එය පැවසීමට කැමැත්තක් තිබුනේ නැත. ආගන්තුක සත්කාර දැක්වීමට රජතුමා මහත් කැමැත්තක් දැක්වූ බව කියැවේ. එක් දිනක් රජතුමා නැවේ මහතුන් කිහිප දෙනෙකුට රාත්රී කෑමක් දීමට කැමැත්තෙන් සිටිනා බව ග්රැන්විල් මහතාට දන්වන ලදි. කෑම වේල සදහා ආරාධනය කැමැත්තෙන් බාර ගන්නා ලද බව එම මහතුන් දන්වා එයට දිනක් ද නියම කර ගත්තේ ය. අදාල දින උදය වරුවේ වෙනදා මෙන් රජතුමා නැවේ උඩු මහළට පැමිණියේ නැත. එසේ වූයේ රාත්රී ආහාර වේල සදහා අරක්කැමියන්ට ගුරුහරුකම් දෙමින් රජු පහල තට්ටුවේ ඉතා උනන්දුවෙන් වැඩ කරමින් සිටි බැවිනි. එපමණක් නොව සමහර කෑම රජතුමා විසින්ම පිළියෙල කළේය. රාත්රී කෑම වේලාවේ අදාල කෑම දීසි නිසි තැන තැබීමට රජතුමා උනන්දුවක් දැක්වීය. කෑම සදහා පැමිණි ආරාධිතයින් එක් එක් වර්ගයේ කෑම කා අවසන් වීමට ප්රථම අනෙක් කෑම වර්ගය මේසයට පිලිගැන්වීමට රජතුමා කටයුතු කලේය. එසේ කලේ පිසිනා ලද සියලුම ආහාර වර්ග සියලුම දෙනා රස විඳීම දැකීමට රජතුමා කැමැත්තක් දැක්වූ බැවිනි. පසුදා උදයේ රජතුමා ග්රැන්විල් මහතාගෙන් පෙර දින ආහාර වේල ගැන විමසූ විට සියලු දෙනා එයින් බොහෝ සතුටට පත් වූ බව ග්රැන්විල් මහතා පැවසීය. අවසාන කාලයේ දී උඩරටට පැමිණි පහතරට වෙළෙදුන්ගේ අත් කන් නාස කපා දැමුවේ ඇයි දැයි වරෙක රජුගෙන් විමසන ලදි. එවිට රජු පැවසුවේ ඔවුන් ඔත්තුකරුවන් යැයි සැක කෙරූ නිසා උඩරට නීතියට අනුව ඔවුන්ට දඩුවම් පැමිණවූ බවත් ය. මෙසේ රජුගේ කාලයේ සිදුවූ අකටයුතුකම් ගැන විමසූ විට රජ්තුමා ඒවාට කිසිදු චකිතයකින් තොරව පිලිතුරු දී ඇත. මේජර් ඩේවි සම්බන්ධ සිද්ධියේ දී රජු ඔහුට උපකාර කල ආකාරය ග්රැන්විල්ට පැවසීය. වරක් රජු මෙසේ පැවසීය; "දුෂ්ට අමාත්යන් නිසා අසාධාරණ කාරණ යුෂ්මතුන්ගේ රටවල පවා සිදු වන්නේ නොවේ ද? උඩරට නීතිය මවිසින් සම්පාදනය කරන ලද්දක් ද" ඇහැළේපොල සම්බන්ධයෙන් රජුගෙන් විමසූ විට රජු පවසා ඇත්තේ ඉංග්රීසීන් ඔහුගෙන් පරිස්සම්ව සිටිය යුතු බවයි. උඩරට නීතියට අනුව ඔහු දෙවරක් දඩුවම් ලැබීමට සුදුසුව සිටින බව පැවසීය. දෙවරක්ම සමාව දුන් විට පියෙකු මෙන් සිටි රජුට විරුද්ධව ඔහු කැරලි ගැසීම ගැන රජු සිටියේ දුක මුසු කෝපයෙනි. මොල්ලිගොඩ රජු අතහැර ඉංග්රීසීන්ට එකතු වීම පිලිබද රජු කෝප වූයේ නැත. ඔහු එසේ කරන්නට ඇත්තේ කිසිවක් කරකියා ගත නොහැකි නිසා බව පැවසූ රජු මොල්ලිගොඩ සංග්රාම ශූරයෙක් නිවූවත් යහපත් මිනිසෙක් බව කීය. රජු නිතර කතා කළේ විධාන ස්වරයෙනි. එමෙන්ම අලංකාර ඇදුම් පැළදුම් ගැන ඉතා කැමැත්තක් දැක්වූ පුද්ගලයෙකි. රජතුමා සමග විනාඩි පහක් ගතකරන ඕනෑම අයෙකුට ඔහු රාජාභිමාන පුද්ගලයෙක් බව වැටහෙනු බව ග්රැන්වින් මහතා පවසයි. අවසානයේ වසර 17 ක කාලයක් මදුරාසියේ වෙල්ලෝර් බලකොටුවේ සිට 1832 වසරේ ජනවාරි මස 30 වන දින වසර 52 ක් ආයු වැළද ජීවිතක්ෂයට පත් විය.[/SIZE] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/27545396_1596161570498780_8952343382526020195_n.jpg?oh=9ca5149486c09d9b36a8d6a92917b6d6&oe=5B1944F2[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom