අපට ආදිවාසියොත් නෑ, රාවනාත් අපේ නොවෙයි

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
අපට ආදිවාසියොත් නෑ, රාවනාත් අපේ නොවෙයි

ට ආදිවාසියොත් නෑ, රාවනාත් අපේ නොවෙයි Written by උපාලි ස්ථවිර Tuesday, 19 October 2010 00:11 Top Lanka News
ravana.bmp
මෑත කාලයක පටන් ලංකාවේ ආදීවාසින් පිළිබදව නොයෙකුත් කතා දොඩන පිරිසකි. ලංකාවේ හිටි රාවනා රජෙක් ගැන අදහන පිරිසක් සීතා හිරකර තිබු ස්ථානය යයි සලකමින් කෝවිලක් හදන බවත් අසන්ට ලැබුනි. මෙබදු කතා කියන හෝ මෙබදු වැඩවල යෙදෙන පුද්ගලයින් ලිං ගෙම්බන් ට සමාන කිරීමට පුලූවන. මොවුන් ඉතිහාසය කතාකරද්දී අඩුම තරමින් ලංකාවට ආසන්න ඉන්දියාව ගැනවත් මෙහොතකට නොසිතති.
ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ පුකර්ගන් නම් නගරය ආසන්නයේ ගමක දේවස්ථානයක විශේෂ උත්සවයක් පැවැත්වුනි. එය ඩලිත්වරු දාස් ගණනකගේ එකතුවකි. මෙදින් විශේෂයක් වුයේ ඩලිත්වරු විශාල පිරිසක් (දහසකට වැඩි සංඛ්‍යාවක්) බෞද්ධයන්වීමයි. ඔවුන් පංචශිලයේ පිහිටවුයේ අංගුලීමාල ස්වාමින් වහන්සේ විසිනි.
භික්ෂුණ් වහන්සේලා දහස් ගණනකගේ නම් අසා ඇති අයෙකුට වුවත් අංගුලීමාල නමින් භික්ෂුණ් වහන්සේ නමක් සිටිතැයි ඇසීම විශ්මයට කාරණාවක් විය හැකියි. එසේ වෙන්නේ සිංහල ක‍්‍රමයට සිතුවොත් පමණි. මධ්‍ය ප‍්‍රදේශයේ අංගුලිමාල යන නමේ අර්ථය සිංහල අර්ථය නොවේ.
අංගුලිමාල හිමියන් පන්සිල් ගැන්වු මහ පිරිස එදින් පැවැත්වු උත්සවය කෙලවර කළේ රාවනා පිදීමකිනි. අලංකාර ලෙසින් සැරසු රථයක තනා තිබු රාවනා ප‍්‍රතිමාවකට මල් විසිකිරිම රාවනා පිදීමේ එක් ක‍්‍රමයක් වුනි.
පුකර්ගන් ප‍්‍රදේශය බුදුන් ජීවමාන කාලයේ වනවාසි රාජධානි පැවතුනි. පළමුවෙනි ධර්ම සංඝයානාවෙන් පසුව මෙහි වැඩි භික්ෂුණ් වහන්සේලා වනවාසී රාජධානින් හි බුදුදහම පැතිරවුහ. වනවාසී රාජධානින් හි විසු ආදිවාසී නමින් හදුන්වන ගෝත‍්‍ර බ‍්‍රාහ්මණයින් සැලකුවේ ඉතාම පහත් මනුෂ්‍ය කණ්ඩායම් ලෙසිනි. බ‍්‍රාහ්මණයෝ ආදීවාසී භාෂා ම්ලේ‏ච්ඡ භාෂා වශයෙන් සැලකුහ.
රාවනා යනු ආදිවාසින් ගේ රජෙකි. රාම රාවනා කතාව ආදිවාසින් හා බ‍්‍රාහ්මණයන් අතර ඇතිවු සටනක් පිළිබද පුරානෝක්තියකි. රාවන ආදිවාසින්ගේ විරයෙකි. ඔවුන් දන්නා ඉත්හාසයට අනුව රාවනා රාක්ෂඝන නමින් හදුන්වන ගෝත‍්‍රයේ අයෙකි. එතුමා පුලත්සයගේ පුත් වීරසවගේ පුත‍්‍රයාය. වීරසව කුබේර යන නමින්ද හැදින්වුනි. වීරවසගේ දේවී කකේයා වුවාය. රාවනා විරවාසට දාව කකේයා බිසව ලද පුත් කුමරෙකි.
රාවනා රජු ආවාහ කරගත් බිසව මනෝදරී වුවාය. ධනවගේ දියණිය වු ඈ මායා නමින්ද ප‍්‍රසිද්ධව සිටියාය. පුලත්සව රජුගේ නමේ මුළ ඇති පුල (පුලයි) යනු සිංහයායි. මෙම වනවාසී ගෝත‍්‍රිකයින් සිංහයා ඔවුන්ගේ ජාතික චිහ්නය වශයෙන් සිංහරුව යොදාගත්හ.
ආදිවාසී ගෝත‍්‍රිකයෝ දකුණේ ද විසුහ. චෝල අ‎ධිරාජ්‍යය ගොඩනැගුනු පසුව ඒ රාජධානි සියල්ලම චෝල අධිරාජ්‍යයට යටත්විය.
ආදිවාසීන්ගේ සම්ප‍්‍රදායික ඉතිහාස තොරතුරු අසන්නෙකුට ලංකාවේ ඉතිහාසය ගැන කතාකරක සමහරු මොන විකාර කතා කියනවාද කියා සිතෙනු නිසැකයි. මහාවංශය වැනි ඉතිහාස පොත් වැරදි ය කියමින් ඉන්දියාවේ ඉතිහාස කතා මහ රජවරු බදාගැනීම මොන මෝඩකමක්ද?