Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අපට පිටසක්වල ජීවින් හමු නොවන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපට පිටසක්වල ජීවින් හමු නොවන්නේ ඇයි?

විශ්වයේ විශාලත්වය, සොයාගෙන ඇති පෘතුවියට සමාන ග්‍රහයින් ප්‍රමාණය සහ ඩ්‍රේක් සමීකරණය අනුව සලකා බැලූ විට පිටසක්වල ශිෂ්ටාචාරයන් ලක්ෂ ගණනක් විශ්වය පුරා විසිරී පවතින බව විද්‍යාඥයන්ගේ මතයයි.විශ්වයේ වයස දල වශයෙන් වසර බිලියන දහසක් ලෙස සැලකෙන අතර මේ අනුව බැලුවහොත් අප තරමට හෝ අපට වඩා බුද්ධිමත් ශිෂ්ටාචාරයන් දස දහස් ගණනක් පැවතිය යුතු වේ.නමුත් එදා මෙදාතුර කාලයේ අපට පිටසක්වල ජීවින් පිළිබඳව නිශ්චිත සාක්ෂි හමුවී නොමැත.මේ සම්බන්ධයෙන් ලෝකය පුරා විසිරී සිටින බුද්ධිමතුන් විවිධාකාර අදහස් දරන අතර ඒවා අතරින් වඩාත් පිළිගත හැකි අන්දමේ මතවාදයන් කිහිපයක් මෙහි විස්තර කෙරේ.

01.ජීවය පවතින්නේ පෘතුවිය මත පමණක් නම් !!!

මෙම මතයෙන් පැහැදිලි කරන අන්දමට පෘතුවියේ බුද්ධිමත් ජීවයක් පැන නැගීමට හේතු වූ රසායනික ක්‍රියාදාමයන්, දීර්ගකාලීන කාලගුණ විපර්යාසයන්, පෘතුවියේ පිහිටීම ආදී හේතූන් සියල්ලම සම්පූර්ණයෙන්ම අහුඹු සිදුවීම් මාලාවක ප්‍රතිපලයකි.විශ්වයේ තවත් තැනෙක මෙවන් සිදුවීමක් ඇතිවීම ඉතා දුර්ලභ වන අතර අපට පිටසක්වල ජීවින් හමු නොවන්නේ ඇත්තෙන්ම ඔවුන් නොමැති නිසා වේ.

පාෂාණීය ධාතු විද්‍යාඥයෙකු වන පීටර් වෝඩ් (Peter Ward) සහ තාරකා විද්‍යාඥයෙකු වන ඩොනල්ඩ් බ්රව්න්ලී (Donald Brownlee) යන මහත්වරුන් එක්වී මීට වසර 15කට පමණ පෙර මෙම මතය ඉදිරිපත් කල අතර, එයින් පසු කාලය තුල පෘතුවියට සමාන ග්‍රහයන් විශාල ගණනක් සොයා ගැනුනත් ඉන් එකකවත් පිටසක්වල ජීවය පිළිබඳව නිශ්චිත සාක්ෂි හමුවී නොමැත.

02.මහා බාධක මතවාදය.

මෙම මතයෙන් පැහැදිලි කරන අන්දමට පිටසක්වල ජීවය මෙම විශ්වයේ පවතින අතර මෙම ශිෂ්ටාචාරයන් එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කරගැනීම සොබාදහම විසින් වලකා ඇත.මෙහි තව දුරටත් පැහැදිලි කරන අන්දමට ස්වාභාවික විපත්, ශිෂ්ටාචාරය එකිනෙකා අතර පවතින ගැටුම් ආදී හේතූන් නිසා ඔවුන් වෙනත් පිටස්තර ජීවීන් සමග පණිවිඩ හුවමාරු කර ගැනීමට පෙරාතුව සම්පූර්ණයෙන්ම වඳවී යාම හෝ තාක්ෂණිකව මුල් යුග වල තත්වයන්ට ඇද වැටීම සිදු වේ.

කෙසේ නමුත් ඇතැමුන්ගේ විශ්වාසයන්ට අනුව මිනිසා මෙම බාධකයන් ජයගැනීමට සමත් වී සිටින අතර විශ්වයේ මෙම බාධකය ජයගත් පළමු ජීවී කොට්ටාශය අප වේ.

03.පිටසක්වල ජීවින් මෙම විශ්වයෙන් පිටව ගොස් තිබිය හැක.

ප්‍රසිද්ධ අනාගතවේදියෙකු වන ජෝන් ස්මාට් (John Smart) විසින් ඉදිරිපත් කරන මෙම මතයට අනුව දියුණුවේ හිනිපෙත්තට නැග ඇති පිටසක්වල ජීවින් මේ වන විටත් මෙම විශ්වය අතහැර වෙනත් සමාන්තර විශ්වයකට පිටව ගොස් ඇත.මිනිසා මේ වනවිටත් නැනෝ තාක්ෂණික යුගය පසු කරමින් සිටින අතර නුදුරේදීම අපට අප දන්නා භෞතික විද්‍යා නීතීන් වෙනස් කිරීමට සිදු වනු ඇත.ඉන් පසුව මිනිසාටද ඉක්මනින්ම වෙනත් සමාන්තර විශ්වයන් හරහා ගමන් කරමින් වෙනත් ජීවින් පිළිබඳව සොයා බැලීමට අවස්තාවක් ලැබෙනු ඇත.

04.පෘතුවිය අප සිතන තරමටම විශේෂිතද?

ඇත්තෙන්ම පෘතුවිය ජීවයට අප සිතන තරම් සුදුසුද? අප නොදන්නා වෙනත් යම් කිසි ආකාරයක ජීවීන්ට පෘතුවිය ජීවයට නුසුදුසු වීමට ඉඩ ඇත.එවිට අප පිටසක්වල ජීවය සෙවීමේදී පෘතුවියට සමාන ග්‍රහලෝක වෙත මූලිකත්වය ලබා දෙන්නා සේම ඔවුන්ද වෙනත් ආකාර වල ග්‍රහයින් මත ජීවය සොයනු ඇත.

ක්ෂීරපථයේ පමණක් පෘතුවියට සමාන ග්‍රහලෝක බිලියන ගණනක් ඇති අතර මෙම සියල්ලෙහිම ජීවය සෙවීමට සම්පත් වැය කරනු වෙනුවට වඩාත් සුදුසුම ග්‍රහලෝක කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට පිටසක්වල ජීවින් පෙළෙඹෙනු ඇත.මෙය අප පළමුවෙන් සඳහන් කල මතයේ සම්පූර්නයෙන්ම ප්‍රතිවිරුද්ධ ආකාරයයි.

05.අප පිටසක්වල ජීවීන්ගේ සුරතලුන් විය හැක.

ඇත්තෙන්ම පිටසක්වල ජීවින් විසින් අපව ඔවුන්ගේ සුපිරි පරිඝනක වලට සම්බන්ධ කොට එමගින් ගොඩනැගූ සත්‍යාසන්න යතාර්ථයක් තුල අප දිවි ගෙවනවා විය නොහැකිද?පිටසක්වල ජීවින් විසින් ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා, හුදෙක් විනෝදය සඳහා හෝ වෙනත් යම්කිසි අරමුණක් වෙනුවෙන් අපව සත්‍යාසන්න යතාර්ථයක් තුලට සිර කර ඇති බව මෙම මතයේ මූලික හරය වේ.එහි තවදුරටත් පැහැදිලි කරන අන්දමට අපට කිසිදිනෙක පිටසක්වල ජීවින් හමු නොවන්නේ මෙම යතාර්ථය තුල කිසි විටෙකත් එවැන්නක් සැලසුම් කර නොමැති නිසාය.

06.පෘතුවිය පිහිටන්නේ විශ්වයේ හුදෙකලා පෙදෙසක නම්???

percolation නම් ගණිතමය න්‍යාය පදනම් කරගනිමින් ගොඩනගා ඇති මෙම මතයට අනුව පෘතුවිය පිහිටන්නේ විශ්වයේ අතිශයින් හුදකලා පෙදෙසක විය හැක.යම් පරිසරයක අහුඹු වශයෙන් වස්තූන්ගේ විසිර යාම පිළිබඳව පැහැදිලි කෙරෙන මෙම න්‍යායට අනුව විශ්වයේ ඇතැම් කොටස් වල මන්දාකිනි ඉතා බහුලව පවතින ඇත තවත් කොටස් වල මන්දාකිනි කිහිපයක් පමණක් ඈත්ව පවතී.පෘතුවිය පවතින්නේ මෙවන් හුදකලා කොටසක වන අතර සම්භාවිතාවය අවම වීම සහ පිටසක්වල ජීවින් විසින් ඔවුන්ට ආසන්න මන්දාකිනි වල පමණක් ජීවය සඳහා සෙවීම යන කරුණු හේතුවෙන් මෙතෙක් ඔවුන් හා අප නොවුනා වන්නට ඇත.

07.මෙතෙක් අපට පිටසක්වල ජීවීන්ගේ සංඥා හමු වී නැතුවා විය හැක.

ලොවපුරාම විවිධ රජයන් සහ පුද්ගලික සංවිධාන යටතේ තවමත් ක්‍රියාත්මක වන රේඩියෝ දුරේක්ෂයන් පවතී.මේවා පිහිටුවා ඇත්තේ විශ්වයේ සිට පැමිණෙන විවිධ සංඥා ග්‍රහණය කරගනිමින් ඒවා අතර යන අසාමාන්‍ය සංඥා ඇතොත් හඳුනා ගැනීම සඳහාය.නමුදු මේ වන තුරු පිටසක්වල ජීවීන්ගේ ලෙස නිශ්චිත ලෙස හඳුනා ගත හැකි එකදු සංඥාවක් හෝ ලැබී නොමැත.

පිටසක්වල ජීවින් රේඩියෝ තරංග වෙනුවට ඊට වඩා කාර්යක්ෂම වෙනත් ක්‍රමයක් භාවිතා කිරීම මීට ප්‍රධාන හේතුවක් විය හැක.ඇතැම් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වඩාත් බුද්ධිමත් ජීව කොට්ඨාශ විසින් රේඩියෝ තරංග වෙනුවට නියුට්රිනෝ (neutrino) අංශු හෝ ගුරුත්ව කදම්භ වැනි විකල්ප ක්‍රම භාවිතා කරනු ඇති බවයි.

08. අපට පිටසක්වල ජීවීන්ගේ සංඥා හඳුනා ගත නොහැකි නම්?

පිටසක්වල ජීවින් රේඩියෝ තරංග භාවිතා කලත් ඔවුන්ගේ බුද්ධිය අපට වඩා ඉහල මට්ටමක පැවතීම නිසාවෙන් ඔවුන්ගේ සංඥා අපට හඳුනා ගත නොහැකි වීමේ ඉඩකඩක් පවතී.අප විසින් සොයා බලන්නේ අපට තේරුම් ගත හැකි එනම් අපගේ පණිවිඩ වලට සමාන සංඥා රටා පිළිබඳව පමණක් වන නිසා අපට වඩා වෙනස් අකාරයේ සහ ඉහල බුද්ධි මට්ටම් වල ජීවින් විසින් ලබා දෙන පණිවිඩ අප විසින් හඳුනා නොගෙනම මග හැර ගන්නවා ඇත.

09.මිනිසා අතහැර දැමුණු පිටසක්වල පර්යේෂණයක් නම්?

පිටසක්වල ජීවින් විසින් මීට වසර මිලියන ගණනකට පෙර මිනිස් පරිණාමය සඳහා උපකාර කල බව බොහෝ දෙනෙක් පිලි ගන්නා මතයක්.මිනිසා යනු ඔවුන්ගේ අතහැර දැමුණු පර්යේෂණයක් විය නොහැකිද?

එසේත් නැතිනම් අපට වඩා බුද්ධිමත් සහ තාක්ෂණිකව දියුණු ජීවින් මිනිසා නොදියුණු ජීවියෙකු ලෙස සලකා මගහරිනවා වන්නටත් පුළුවන.ඔවුන් ඒ වෙනුවට ඔවුන්ගේ මට්ටමට දියුණු සහ බුද්ධිමත් ජීවින් සොයා යනවා නම් අප එවන් ජීවින් පිළිබඳව බලාපොරොත්තු වීම නිෂ්ඵලය.

10.පිටසක්වල ජීවින් අප අතරම !!!!

විද්‍යා ප්රභන්ධයක සඳහන් අදහසක් සේ පෙනී ගියද මෙම මතවාදය විද්‍යා ලෝකයේ බොහෝ කතා බහට ලක් වුනු එකක්.කැනේඩියානු ආරක්ෂක අමාත්‍ය පෝල් හෙල්යර් (Paul Hellyer) 2014 වසරේ පවතී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර හෙළි කලේ එකිනෙකට වෙනස් පිටසක්වල ජීව විශේෂ 80ක් පමණ මිනිසා සමග පෘතුවිය මත දිවි ගෙවන බවයි.ඔප්පු කිරීම සඳහා සාක්ෂි හිඟ කමින් මෙම මතවාදය ලෝකයට අමතකව ගියත් ඒ පිළිබඳව විශ්වාස කරන්නන් අදටත් විරල නොවේ.

මීට අමතරව ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥය පෝල් ඩේවිස් (Paul Davies) සහ උතුරු කෙන්ටකි විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොබර්ට් තන්ඩ්ල් (Robert Trundle) මෙම මතයේ වර්තමාන පුරෝගාමීන් වේ.ඇත්තෙන්ම අපට හඳුනා ගත නොහැකි අන්දමින් වෙස්වලා ගත පිටසක්වල ජීවින් අප අතරම දිවි ගෙවනවා විය නොහැකිද????

[QUOTE="sa198802, post: 18833959, member: 443766"] [b]අපට පිටසක්වල ජීවින් හමු නොවන්නේ ඇයි?[/b] [SIZE="4"][COLOR="RoyalBlue"] විශ්වයේ විශාලත්වය, සොයාගෙන ඇති පෘතුවියට සමාන ග්‍රහයින් ප්‍රමාණය සහ ඩ්‍රේක් සමීකරණය අනුව සලකා බැලූ විට පිටසක්වල ශිෂ්ටාචාරයන් ලක්ෂ ගණනක් විශ්වය පුරා විසිරී පවතින බව විද්‍යාඥයන්ගේ මතයයි.විශ්වයේ වයස දල වශයෙන් වසර බිලියන දහසක් ලෙස සැලකෙන අතර මේ අනුව බැලුවහොත් අප තරමට හෝ අපට වඩා බුද්ධිමත් ශිෂ්ටාචාරයන් දස දහස් ගණනක් පැවතිය යුතු වේ.නමුත් එදා මෙදාතුර කාලයේ අපට පිටසක්වල ජීවින් පිළිබඳව නිශ්චිත සාක්ෂි හමුවී නොමැත.මේ සම්බන්ධයෙන් ලෝකය පුරා විසිරී සිටින බුද්ධිමතුන් විවිධාකාර අදහස් දරන අතර ඒවා අතරින් වඩාත් පිළිගත හැකි අන්දමේ මතවාදයන් කිහිපයක් මෙහි විස්තර කෙරේ. 01.ජීවය පවතින්නේ පෘතුවිය මත පමණක් නම් !!! මෙම මතයෙන් පැහැදිලි කරන අන්දමට පෘතුවියේ බුද්ධිමත් ජීවයක් පැන නැගීමට හේතු වූ රසායනික ක්‍රියාදාමයන්, දීර්ගකාලීන කාලගුණ විපර්යාසයන්, පෘතුවියේ පිහිටීම ආදී හේතූන් සියල්ලම සම්පූර්ණයෙන්ම අහුඹු සිදුවීම් මාලාවක ප්‍රතිපලයකි.විශ්වයේ තවත් තැනෙක මෙවන් සිදුවීමක් ඇතිවීම ඉතා දුර්ලභ වන අතර අපට පිටසක්වල ජීවින් හමු නොවන්නේ ඇත්තෙන්ම ඔවුන් නොමැති නිසා වේ. පාෂාණීය ධාතු විද්‍යාඥයෙකු වන පීටර් වෝඩ් (Peter Ward) සහ තාරකා විද්‍යාඥයෙකු වන ඩොනල්ඩ් බ්රව්න්ලී (Donald Brownlee) යන මහත්වරුන් එක්වී මීට වසර 15කට පමණ පෙර මෙම මතය ඉදිරිපත් කල අතර, එයින් පසු කාලය තුල පෘතුවියට සමාන ග්‍රහයන් විශාල ගණනක් සොයා ගැනුනත් ඉන් එකකවත් පිටසක්වල ජීවය පිළිබඳව නිශ්චිත සාක්ෂි හමුවී නොමැත. 02.මහා බාධක මතවාදය. මෙම මතයෙන් පැහැදිලි කරන අන්දමට පිටසක්වල ජීවය මෙම විශ්වයේ පවතින අතර මෙම ශිෂ්ටාචාරයන් එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කරගැනීම සොබාදහම විසින් වලකා ඇත.මෙහි තව දුරටත් පැහැදිලි කරන අන්දමට ස්වාභාවික විපත්, ශිෂ්ටාචාරය එකිනෙකා අතර පවතින ගැටුම් ආදී හේතූන් නිසා ඔවුන් වෙනත් පිටස්තර ජීවීන් සමග පණිවිඩ හුවමාරු කර ගැනීමට පෙරාතුව සම්පූර්ණයෙන්ම වඳවී යාම හෝ තාක්ෂණිකව මුල් යුග වල තත්වයන්ට ඇද වැටීම සිදු වේ. කෙසේ නමුත් ඇතැමුන්ගේ විශ්වාසයන්ට අනුව මිනිසා මෙම බාධකයන් ජයගැනීමට සමත් වී සිටින අතර විශ්වයේ මෙම බාධකය ජයගත් පළමු ජීවී කොට්ටාශය අප වේ. 03.පිටසක්වල ජීවින් මෙම විශ්වයෙන් පිටව ගොස් තිබිය හැක. ප්‍රසිද්ධ අනාගතවේදියෙකු වන ජෝන් ස්මාට් (John Smart) විසින් ඉදිරිපත් කරන මෙම මතයට අනුව දියුණුවේ හිනිපෙත්තට නැග ඇති පිටසක්වල ජීවින් මේ වන විටත් මෙම විශ්වය අතහැර වෙනත් සමාන්තර විශ්වයකට පිටව ගොස් ඇත.මිනිසා මේ වනවිටත් නැනෝ තාක්ෂණික යුගය පසු කරමින් සිටින අතර නුදුරේදීම අපට අප දන්නා භෞතික විද්‍යා නීතීන් වෙනස් කිරීමට සිදු වනු ඇත.ඉන් පසුව මිනිසාටද ඉක්මනින්ම වෙනත් සමාන්තර විශ්වයන් හරහා ගමන් කරමින් වෙනත් ජීවින් පිළිබඳව සොයා බැලීමට අවස්තාවක් ලැබෙනු ඇත. 04.පෘතුවිය අප සිතන තරමටම විශේෂිතද? ඇත්තෙන්ම පෘතුවිය ජීවයට අප සිතන තරම් සුදුසුද? අප නොදන්නා වෙනත් යම් කිසි ආකාරයක ජීවීන්ට පෘතුවිය ජීවයට නුසුදුසු වීමට ඉඩ ඇත.එවිට අප පිටසක්වල ජීවය සෙවීමේදී පෘතුවියට සමාන ග්‍රහලෝක වෙත මූලිකත්වය ලබා දෙන්නා සේම ඔවුන්ද වෙනත් ආකාර වල ග්‍රහයින් මත ජීවය සොයනු ඇත. ක්ෂීරපථයේ පමණක් පෘතුවියට සමාන ග්‍රහලෝක බිලියන ගණනක් ඇති අතර මෙම සියල්ලෙහිම ජීවය සෙවීමට සම්පත් වැය කරනු වෙනුවට වඩාත් සුදුසුම ග්‍රහලෝක කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට පිටසක්වල ජීවින් පෙළෙඹෙනු ඇත.මෙය අප පළමුවෙන් සඳහන් කල මතයේ සම්පූර්නයෙන්ම ප්‍රතිවිරුද්ධ ආකාරයයි. 05.අප පිටසක්වල ජීවීන්ගේ සුරතලුන් විය හැක. ඇත්තෙන්ම පිටසක්වල ජීවින් විසින් අපව ඔවුන්ගේ සුපිරි පරිඝනක වලට සම්බන්ධ කොට එමගින් ගොඩනැගූ සත්‍යාසන්න යතාර්ථයක් තුල අප දිවි ගෙවනවා විය නොහැකිද?පිටසක්වල ජීවින් විසින් ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා, හුදෙක් විනෝදය සඳහා හෝ වෙනත් යම්කිසි අරමුණක් වෙනුවෙන් අපව සත්‍යාසන්න යතාර්ථයක් තුලට සිර කර ඇති බව මෙම මතයේ මූලික හරය වේ.එහි තවදුරටත් පැහැදිලි කරන අන්දමට අපට කිසිදිනෙක පිටසක්වල ජීවින් හමු නොවන්නේ මෙම යතාර්ථය තුල කිසි විටෙකත් එවැන්නක් සැලසුම් කර නොමැති නිසාය. 06.පෘතුවිය පිහිටන්නේ විශ්වයේ හුදෙකලා පෙදෙසක නම්??? percolation නම් ගණිතමය න්‍යාය පදනම් කරගනිමින් ගොඩනගා ඇති මෙම මතයට අනුව පෘතුවිය පිහිටන්නේ විශ්වයේ අතිශයින් හුදකලා පෙදෙසක විය හැක.යම් පරිසරයක අහුඹු වශයෙන් වස්තූන්ගේ විසිර යාම පිළිබඳව පැහැදිලි කෙරෙන මෙම න්‍යායට අනුව විශ්වයේ ඇතැම් කොටස් වල මන්දාකිනි ඉතා බහුලව පවතින ඇත තවත් කොටස් වල මන්දාකිනි කිහිපයක් පමණක් ඈත්ව පවතී.පෘතුවිය පවතින්නේ මෙවන් හුදකලා කොටසක වන අතර සම්භාවිතාවය අවම වීම සහ පිටසක්වල ජීවින් විසින් ඔවුන්ට ආසන්න මන්දාකිනි වල පමණක් ජීවය සඳහා සෙවීම යන කරුණු හේතුවෙන් මෙතෙක් ඔවුන් හා අප නොවුනා වන්නට ඇත. 07.මෙතෙක් අපට පිටසක්වල ජීවීන්ගේ සංඥා හමු වී නැතුවා විය හැක. ලොවපුරාම විවිධ රජයන් සහ පුද්ගලික සංවිධාන යටතේ තවමත් ක්‍රියාත්මක වන රේඩියෝ දුරේක්ෂයන් පවතී.මේවා පිහිටුවා ඇත්තේ විශ්වයේ සිට පැමිණෙන විවිධ සංඥා ග්‍රහණය කරගනිමින් ඒවා අතර යන අසාමාන්‍ය සංඥා ඇතොත් හඳුනා ගැනීම සඳහාය.නමුදු මේ වන තුරු පිටසක්වල ජීවීන්ගේ ලෙස නිශ්චිත ලෙස හඳුනා ගත හැකි එකදු සංඥාවක් හෝ ලැබී නොමැත. පිටසක්වල ජීවින් රේඩියෝ තරංග වෙනුවට ඊට වඩා කාර්යක්ෂම වෙනත් ක්‍රමයක් භාවිතා කිරීම මීට ප්‍රධාන හේතුවක් විය හැක.ඇතැම් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වඩාත් බුද්ධිමත් ජීව කොට්ඨාශ විසින් රේඩියෝ තරංග වෙනුවට නියුට්රිනෝ (neutrino) අංශු හෝ ගුරුත්ව කදම්භ වැනි විකල්ප ක්‍රම භාවිතා කරනු ඇති බවයි. 08. අපට පිටසක්වල ජීවීන්ගේ සංඥා හඳුනා ගත නොහැකි නම්? පිටසක්වල ජීවින් රේඩියෝ තරංග භාවිතා කලත් ඔවුන්ගේ බුද්ධිය අපට වඩා ඉහල මට්ටමක පැවතීම නිසාවෙන් ඔවුන්ගේ සංඥා අපට හඳුනා ගත නොහැකි වීමේ ඉඩකඩක් පවතී.අප විසින් සොයා බලන්නේ අපට තේරුම් ගත හැකි එනම් අපගේ පණිවිඩ වලට සමාන සංඥා රටා පිළිබඳව පමණක් වන නිසා අපට වඩා වෙනස් අකාරයේ සහ ඉහල බුද්ධි මට්ටම් වල ජීවින් විසින් ලබා දෙන පණිවිඩ අප විසින් හඳුනා නොගෙනම මග හැර ගන්නවා ඇත. 09.මිනිසා අතහැර දැමුණු පිටසක්වල පර්යේෂණයක් නම්? පිටසක්වල ජීවින් විසින් මීට වසර මිලියන ගණනකට පෙර මිනිස් පරිණාමය සඳහා උපකාර කල බව බොහෝ දෙනෙක් පිලි ගන්නා මතයක්.මිනිසා යනු ඔවුන්ගේ අතහැර දැමුණු පර්යේෂණයක් විය නොහැකිද? එසේත් නැතිනම් අපට වඩා බුද්ධිමත් සහ තාක්ෂණිකව දියුණු ජීවින් මිනිසා නොදියුණු ජීවියෙකු ලෙස සලකා මගහරිනවා වන්නටත් පුළුවන.ඔවුන් ඒ වෙනුවට ඔවුන්ගේ මට්ටමට දියුණු සහ බුද්ධිමත් ජීවින් සොයා යනවා නම් අප එවන් ජීවින් පිළිබඳව බලාපොරොත්තු වීම නිෂ්ඵලය. 10.පිටසක්වල ජීවින් අප අතරම !!!! විද්‍යා ප්රභන්ධයක සඳහන් අදහසක් සේ පෙනී ගියද මෙම මතවාදය විද්‍යා ලෝකයේ බොහෝ කතා බහට ලක් වුනු එකක්.කැනේඩියානු ආරක්ෂක අමාත්‍ය පෝල් හෙල්යර් (Paul Hellyer) 2014 වසරේ පවතී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර හෙළි කලේ එකිනෙකට වෙනස් පිටසක්වල ජීව විශේෂ 80ක් පමණ මිනිසා සමග පෘතුවිය මත දිවි ගෙවන බවයි.ඔප්පු කිරීම සඳහා සාක්ෂි හිඟ කමින් මෙම මතවාදය ලෝකයට අමතකව ගියත් ඒ පිළිබඳව විශ්වාස කරන්නන් අදටත් විරල නොවේ. මීට අමතරව ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥය පෝල් ඩේවිස් (Paul Davies) සහ උතුරු කෙන්ටකි විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොබර්ට් තන්ඩ්ල් (Robert Trundle) මෙම මතයේ වර්තමාන පුරෝගාමීන් වේ.ඇත්තෙන්ම අපට හඳුනා ගත නොහැකි අන්දමින් වෙස්වලා ගත පිටසක්වල ජීවින් අප අතරම දිවි ගෙවනවා විය නොහැකිද????[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom