Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අප්රමාදී වන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියුණුව යන වචනය ඇසුණු විගස බොහෝ දෙනෙක් සිතන්නේ මිල මුදල්, යාන වාහන, සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබී සුව පහසු ලෙස ජීවත් වීමේ ඇති හැකියාවයි. එයත් දියුණුවකි. එය භෞතික වශයෙන්, ලෞකික වශයෙන් ලබන දියුණුවකි. බොහෝ විට කයට ලැබෙන සුවයකි. සැපයකි.

තවත් දියුණුවක් ඇත. එය ආධ්‍යාත්මික දියුණුවයි. එනම් මානසික දියුණුවයි. සිතේ ඇතිවන දියුණුවයි.

මේ දෙකෙන් වඩාත්ම අපහසු මානසිකව ලබන දියුණුවයි.

බුදු රජාණන් වහන්සේ නමක් පහළව ලෝකයට කියා දෙන්නේ මේ ආධ්‍යාත්මය දියුණු කර ගන්නා ආකාරයයි. නමුත් ඒ දහම තුළ ලෞකික වශයෙන් දියුණුවට බලපාන කරුණුද අඩුවක් නැතිව තිබේ.

නමුත් ප්‍රධාන වශයෙන් ආධ්‍යාත්මය දියුණු කරගෙන මේ දුක් වලින් සදහටම මිදීම මුක්ත පරමාර්ථයයි.

කෙනෙක් ආධ්‍යාත්මික වශයෙන් දියුණු වූ කල්හි ඔහු සිත තුළ සතුට, සැනසීම, නිවීම තිර වශයෙන් පිහිටයි. භෞතික දියුණුවක් නොමැති තැනකදී වුව ඔහුගේ සිතේ සතුට බිඳ නොවැටේ. මානසික වශයෙන් ඉතා ශක්තිමත්ය.

බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ලෝකයේ යථා ස්වභාවයයි. එය සාමාන්‍ය ඇසකට පෙනෙන සීමාව ඉක්මවා, සාමන්‍ය බුද්ධියේ සීමාව ඉක්මවා ලබන අවබෝධයෙන් කියා දෙන්නකි. ඒ අසමසම ඥාණය උන් වහන්සේට එකවර නිකම් ලැබුණා නොවේ. අති දීර්ඝ කාලයක් සසරේ පාරමි වශයෙන් වඩා ගත් දෙයකි.

ලෝකයේ යථා ස්වභාවය උන් වහන්සේ තරම් කිසි කෙනෙක් නොදනී. අපට පෙනෙන්නේ අපේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට දැනෙන සීමාවේ දේවල් පමණි. ළිඳක සිටිනා ගෙම්බාට ගෝචර වන්නේ ළිඳ පමණක් සේය. අපට වුවද වයසින් මුහුකුරා යත්ම, දකිනා අවබෝධ වන පරාසය ක්‍රමයෙන් වැඩි වේ. අපේ ඇසට දෘෂ්‍ය පරාසයක් තිබේ. කනට් ශ්‍රව්‍ය පරාසයක් තිබේ. ඒ පරාසය ඇතුළත දේවල් පමණක් අපට ඇසේ. පෙනේ. අපටම වුව ජීවිතයේ විවිධ කාල වලදී වයස් වලදී ඇසෙන , පෙනෙන, ගඳ සුවඳ දැනන දේවල් වෙනස් වේ. එසේ වූවා කියා ලොකයේ පවතින දේවල් නැති නොවේ. ඒවා කාට පෙනුණත් නැතත් , විශ්වාස කළත් නොකළත් පවතී.

මනස දියුණු කරත්ම අපට සාමාන්‍ය කණට නො ඇසෙන, ඇසට නොපෙනෙන සියුම් දේ ග්‍රහණය කිරීමේ ශක්තිය උපදී. එය මායාවක්, විජ්ජාවක් නොව ඉන්ද්‍රියන් දියුණු කිරීමෙන් ලැබෙන ප්රතිඵලයකි. ඒ සඳහා මනස වැඩිය යුතුය. පිරිසිදු කළ යුතුය. එසේ උපරිම වශයෙන් දියුණු කරන ලද මනසක් හිමි බුදු රජාණන් වහන්සේට මේ විශ්වයේ පරාසය පෙනෙයි. අනන්ත සත්වයන් පෙනෙයි. ඔවුන් ඉපිද මැරෙමින් යන අති දීර්ඝ, කෙළවරක් නැති සසර ගමන පෙනෙයි. සිතන, කියන, කරන ක්‍රියාවන්ගේ විපාකය පෙනෙයි. තනිකරම වැඩියෙන්ම තිබෙන්නේ දුකම බව පෙනෙයි.. ප්‍රේතයන්, යක්ෂයන්, තිරිසනුන් වී අපායන්හි දුක් විඳිනා අපමණ සත්වයන් පෙනෙයි. ඒවා කිසිවක් අපට නොපෙනේ. අප සිතන්නේ මේ ජීවිතය පමණක් තිබේ. මේ ඇසට පෙනෙන සතුන් හා මිනිසුන් පමණක් සිටී යන්නය. කුඩා හා තරුණ කාලයේ වැඩිහිටියන් කියන දේවල් අපට තේරෙන්නේ නැති නිසා අපි ඒවා බැහැර කරන්නෙමු. නමුත් කවදා හෝ දිනෙක ඒවා අපට අවබෝධ වෙයි.

බුදු කෙනෙක් පහළව දේශනා කරන දෙය එසේ ලෙහෙසියෙන් අවබෝධ කරගත නොහැක. ඒ සඳහා හිත වැඩිය යුතුමය.. සිත පිරිසිදු කර ගත යුතුමය. එය ඉතා අපහසුය. ඉගෙන ගන්නවා තරම් ලෙහෙසි නැත. මුදල් උපයනවා තරම් ලෙහෙසි නැත. ගෙවල් දොරවල් හදනවා තරම් ලෙහෙසි නැත. වතු පිටි මිලට ගන්නවා තරම් ලෙහෙසි නැත. සිත වැඩීම ඉතාමත්ම අපහසුය. සිත කෙලෙස් වලින් මුදවා ගැනීම, සිතේ සමාධිය වැඩීම අතිශයින්ම අපහසුය. තමන්වම පරීක්ෂණයට දා බලන්න. විනාඩි පහක් දහයක් එක අරමුණක සිත පවත්වා ගත හැකිද බලන්න.. සිත ද්වේෂෙයන්, ඊර්ෂ්‍යාවෙන්, දුකෙන්, ආශාවෙන් ආදී කෙලෙස් වලින් මුදවා සැනසීමක රඳවා ගත හැකිද බලන්න. ඔබට ඕනෑ පරිදි සිත පවත්වා ගත හැකිද බලන්න.

මේ දුක්ඛ සත්‍ය මිනිසුන් අසන්නට අකමැතිය. අප සියල්ලෝම අකමැතිය. අපායන් දුක් ලබා දෙන ප්‍රේත ආදී ලෝක ඇති බවත් අපත් ඒවයේ සිටම පැමිණි බවත්, නැවත නැවත වැඩි වැඩියෙන්ම ඒවාටම යන බවත් අප අසන්නට පිළිගන්නට අකමැතිය. අකැමැති වුණත් ඇත්ත එය නම් අපට වෙන කුමක් කරන්නද එයින් මිදීමට කටයුතු කිරීම හැර.

මේ සසර යනු තමන් විසින්ම ගොඩ නඟා ගන්නා දෙයකි. අපේ සසර වෙන කෙනෙක් තනන්නේ නැත. අපේම කායික, මානසික, වාචසික ක්‍රියාවන්හි විපාක අපම විඳි.

අපේ සිත කවුරු නිසා අපිරිසිදු වූවද විපාකය අපටමය. බොහෝ දෙනා කියන්නේ ස්වාමින් වහන්සේලා සිල්වත් නෑ, ඒක නිසා අපිට පව් පිරෙනවා කියායි. ඔවුනොවුන් කරගන්නා දේවල් වලට විපාක ඔවුන් ලබනු ඇත. නමුත් අප කිළිටි සිතින් කරන කියන දේවලට විපාක අපට ලැබේ. එහෙයින් වඩා වැදගත් වන්නේ තමන්ගේ සිත පිරිසිදු කර ගැනීමමය..

ඉන්නකල් කාලා බිලා සතුටින් ඉන්න ඕන කියූ බොහෝ දෙනා අද දුගති වල සිට විලාප නඟති.. බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ "සතර අපායන්හි සත්වයන් විඳින දුක මට උපමාවකින්වත් විස්තර කළ නොහැකි" කියායි. අපද අපමණ වාර ගණනක් ඒවායේ අති දීර්ඝ කාලයක් පැසී ඇතිමුත් අද අපට අමතකය. පෙර ජීවිත බැලීමේ ඥාණය භාවනා දියුණු කිරීමෙන් උපදවා ගත හැක. අති වේගයෙන් ආපස්සට ආපස්සට දිවෙන දර්ශනය තුළ හරකුන් වූ වාර ගණන එක පෙළට දිස්වෙනු ඇත.. ඌරන් වූ වාර ගණන එක පෙළට වේගයෙන් පෙනී යනු ඇත. සර්පයන්, ප්‍රේතයන් වූ වාර ගණන් .... උපාදානය පිහිටන තැනම ඊළඟ උපත සිදුවන බව අත්දැකිය හැකි වනු ඇත... මිනිස් උපතක් දැකිය හැකි වන්නේ අති දුර්ලබවය.. මේ සිතේ සිතිවිලි ජනනය වන වේගය දැකිය හැකිවන්නේ සිත යම්තම් හෝ සමාධි මට්ටමකට පැමිණි පසුවය. කෙලෙස් වලින් වැසී, අති වේගයෙන් දුවන සිතකට ඒවා දැකිය නොහැක. සංස්කාර එක තත්පරයකට මහා ප්‍රවාහයක් කෝටි ගණනක් ඉපොද මැරෙන ආකාරය දකින්නට සිත දියුණු වූ කලෙක, මේ අප අල්ලාගෙන නටන්නේ මොන තරම් මුලාවක්ද යන්න ප්රත්යක්ෂ වනු ඇත..

බුදු පියාණන් දේශනා කළ දේ දකින්නට ඔබ මනස දියුණු කර ගන්න. මේ සල්ලි බල තල සැපය ලොකුම දේ සිතා දුවන ගමන අති නිෂ්ඵලය.. සසරේ දුහුවිලි තුඩක් මෙනි.. සෑම දාම ඒ තණ්හාව පෝෂණය කරත් කිසිදා සෑහීමකට පත් වන්නේ නැත.. බෞද්ධ වූ පමණින් ඔබ සම්මා ද්රෘෂ්ටික නොවේ. සිත පිරිසිදු කොට මේ උතුම් දර්ශනය හදවතින් දකින්නට වීර්යය කරන්න..

සැබෑම දියුණුව කුමක්ද යන්නත්...අද ඔබ දියුණුව කියා සිතා සිටින්නේ..සැපය කියා සිතා සිටින්නේ කුමක්ද යන්නත්.... ඔබ දැනගන්න දිනට...ඔබ ගැනම ..ඔබ ගෙවා දැමූ කාලය ගැනම...සිනහ පහළ වනු ඇත...

අප්රමාදී වන්න...

[QUOTE="asliyanage, post: 30215723, member: 8764"] දියුණුව යන වචනය ඇසුණු විගස බොහෝ දෙනෙක් සිතන්නේ මිල මුදල්, යාන වාහන, සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබී සුව පහසු ලෙස ජීවත් වීමේ ඇති හැකියාවයි. එයත් දියුණුවකි. එය භෞතික වශයෙන්, ලෞකික වශයෙන් ලබන දියුණුවකි. බොහෝ විට කයට ලැබෙන සුවයකි. සැපයකි. තවත් දියුණුවක් ඇත. එය ආධ්‍යාත්මික දියුණුවයි. එනම් මානසික දියුණුවයි. සිතේ ඇතිවන දියුණුවයි. මේ දෙකෙන් වඩාත්ම අපහසු මානසිකව ලබන දියුණුවයි. බුදු රජාණන් වහන්සේ නමක් පහළව ලෝකයට කියා දෙන්නේ මේ ආධ්‍යාත්මය දියුණු කර ගන්නා ආකාරයයි. නමුත් ඒ දහම තුළ ලෞකික වශයෙන් දියුණුවට බලපාන කරුණුද අඩුවක් නැතිව තිබේ. නමුත් ප්‍රධාන වශයෙන් ආධ්‍යාත්මය දියුණු කරගෙන මේ දුක් වලින් සදහටම මිදීම මුක්ත පරමාර්ථයයි. කෙනෙක් ආධ්‍යාත්මික වශයෙන් දියුණු වූ කල්හි ඔහු සිත තුළ සතුට, සැනසීම, නිවීම තිර වශයෙන් පිහිටයි. භෞතික දියුණුවක් නොමැති තැනකදී වුව ඔහුගේ සිතේ සතුට බිඳ නොවැටේ. මානසික වශයෙන් ඉතා ශක්තිමත්ය. බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ලෝකයේ යථා ස්වභාවයයි. එය සාමාන්‍ය ඇසකට පෙනෙන සීමාව ඉක්මවා, සාමන්‍ය බුද්ධියේ සීමාව ඉක්මවා ලබන අවබෝධයෙන් කියා දෙන්නකි. ඒ අසමසම ඥාණය උන් වහන්සේට එකවර නිකම් ලැබුණා නොවේ. අති දීර්ඝ කාලයක් සසරේ පාරමි වශයෙන් වඩා ගත් දෙයකි. ලෝකයේ යථා ස්වභාවය උන් වහන්සේ තරම් කිසි කෙනෙක් නොදනී. අපට පෙනෙන්නේ අපේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට දැනෙන සීමාවේ දේවල් පමණි. ළිඳක සිටිනා ගෙම්බාට ගෝචර වන්නේ ළිඳ පමණක් සේය. අපට වුවද වයසින් මුහුකුරා යත්ම, දකිනා අවබෝධ වන පරාසය ක්‍රමයෙන් වැඩි වේ. අපේ ඇසට දෘෂ්‍ය පරාසයක් තිබේ. කනට් ශ්‍රව්‍ය පරාසයක් තිබේ. ඒ පරාසය ඇතුළත දේවල් පමණක් අපට ඇසේ. පෙනේ. අපටම වුව ජීවිතයේ විවිධ කාල වලදී වයස් වලදී ඇසෙන , පෙනෙන, ගඳ සුවඳ දැනන දේවල් වෙනස් වේ. එසේ වූවා කියා ලොකයේ පවතින දේවල් නැති නොවේ. ඒවා කාට පෙනුණත් නැතත් , විශ්වාස කළත් නොකළත් පවතී. මනස දියුණු කරත්ම අපට සාමාන්‍ය කණට නො ඇසෙන, ඇසට නොපෙනෙන සියුම් දේ ග්‍රහණය කිරීමේ ශක්තිය උපදී. එය මායාවක්, විජ්ජාවක් නොව ඉන්ද්‍රියන් දියුණු කිරීමෙන් ලැබෙන ප්රතිඵලයකි. ඒ සඳහා මනස වැඩිය යුතුය. පිරිසිදු කළ යුතුය. එසේ උපරිම වශයෙන් දියුණු කරන ලද මනසක් හිමි බුදු රජාණන් වහන්සේට මේ විශ්වයේ පරාසය පෙනෙයි. අනන්ත සත්වයන් පෙනෙයි. ඔවුන් ඉපිද මැරෙමින් යන අති දීර්ඝ, කෙළවරක් නැති සසර ගමන පෙනෙයි. සිතන, කියන, කරන ක්‍රියාවන්ගේ විපාකය පෙනෙයි. තනිකරම වැඩියෙන්ම තිබෙන්නේ දුකම බව පෙනෙයි.. ප්‍රේතයන්, යක්ෂයන්, තිරිසනුන් වී අපායන්හි දුක් විඳිනා අපමණ සත්වයන් පෙනෙයි. ඒවා කිසිවක් අපට නොපෙනේ. අප සිතන්නේ මේ ජීවිතය පමණක් තිබේ. මේ ඇසට පෙනෙන සතුන් හා මිනිසුන් පමණක් සිටී යන්නය. කුඩා හා තරුණ කාලයේ වැඩිහිටියන් කියන දේවල් අපට තේරෙන්නේ නැති නිසා අපි ඒවා බැහැර කරන්නෙමු. නමුත් කවදා හෝ දිනෙක ඒවා අපට අවබෝධ වෙයි. බුදු කෙනෙක් පහළව දේශනා කරන දෙය එසේ ලෙහෙසියෙන් අවබෝධ කරගත නොහැක. ඒ සඳහා හිත වැඩිය යුතුමය.. සිත පිරිසිදු කර ගත යුතුමය. එය ඉතා අපහසුය. ඉගෙන ගන්නවා තරම් ලෙහෙසි නැත. මුදල් උපයනවා තරම් ලෙහෙසි නැත. ගෙවල් දොරවල් හදනවා තරම් ලෙහෙසි නැත. වතු පිටි මිලට ගන්නවා තරම් ලෙහෙසි නැත. සිත වැඩීම ඉතාමත්ම අපහසුය. සිත කෙලෙස් වලින් මුදවා ගැනීම, සිතේ සමාධිය වැඩීම අතිශයින්ම අපහසුය. තමන්වම පරීක්ෂණයට දා බලන්න. විනාඩි පහක් දහයක් එක අරමුණක සිත පවත්වා ගත හැකිද බලන්න.. සිත ද්වේෂෙයන්, ඊර්ෂ්‍යාවෙන්, දුකෙන්, ආශාවෙන් ආදී කෙලෙස් වලින් මුදවා සැනසීමක රඳවා ගත හැකිද බලන්න. ඔබට ඕනෑ පරිදි සිත පවත්වා ගත හැකිද බලන්න. මේ දුක්ඛ සත්‍ය මිනිසුන් අසන්නට අකමැතිය. අප සියල්ලෝම අකමැතිය. අපායන් දුක් ලබා දෙන ප්‍රේත ආදී ලෝක ඇති බවත් අපත් ඒවයේ සිටම පැමිණි බවත්, නැවත නැවත වැඩි වැඩියෙන්ම ඒවාටම යන බවත් අප අසන්නට පිළිගන්නට අකමැතිය. අකැමැති වුණත් ඇත්ත එය නම් අපට වෙන කුමක් කරන්නද එයින් මිදීමට කටයුතු කිරීම හැර. මේ සසර යනු තමන් විසින්ම ගොඩ නඟා ගන්නා දෙයකි. අපේ සසර වෙන කෙනෙක් තනන්නේ නැත. අපේම කායික, මානසික, වාචසික ක්‍රියාවන්හි විපාක අපම විඳි. අපේ සිත කවුරු නිසා අපිරිසිදු වූවද විපාකය අපටමය. බොහෝ දෙනා කියන්නේ ස්වාමින් වහන්සේලා සිල්වත් නෑ, ඒක නිසා අපිට පව් පිරෙනවා කියායි. ඔවුනොවුන් කරගන්නා දේවල් වලට විපාක ඔවුන් ලබනු ඇත. නමුත් අප කිළිටි සිතින් කරන කියන දේවලට විපාක අපට ලැබේ. එහෙයින් වඩා වැදගත් වන්නේ තමන්ගේ සිත පිරිසිදු කර ගැනීමමය.. ඉන්නකල් කාලා බිලා සතුටින් ඉන්න ඕන කියූ බොහෝ දෙනා අද දුගති වල සිට විලාප නඟති.. බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ "සතර අපායන්හි සත්වයන් විඳින දුක මට උපමාවකින්වත් විස්තර කළ නොහැකි" කියායි. අපද අපමණ වාර ගණනක් ඒවායේ අති දීර්ඝ කාලයක් පැසී ඇතිමුත් අද අපට අමතකය. පෙර ජීවිත බැලීමේ ඥාණය භාවනා දියුණු කිරීමෙන් උපදවා ගත හැක. අති වේගයෙන් ආපස්සට ආපස්සට දිවෙන දර්ශනය තුළ හරකුන් වූ වාර ගණන එක පෙළට දිස්වෙනු ඇත.. ඌරන් වූ වාර ගණන එක පෙළට වේගයෙන් පෙනී යනු ඇත. සර්පයන්, ප්‍රේතයන් වූ වාර ගණන් .... උපාදානය පිහිටන තැනම ඊළඟ උපත සිදුවන බව අත්දැකිය හැකි වනු ඇත... මිනිස් උපතක් දැකිය හැකි වන්නේ අති දුර්ලබවය.. මේ සිතේ සිතිවිලි ජනනය වන වේගය දැකිය හැකිවන්නේ සිත යම්තම් හෝ සමාධි මට්ටමකට පැමිණි පසුවය. කෙලෙස් වලින් වැසී, අති වේගයෙන් දුවන සිතකට ඒවා දැකිය නොහැක. සංස්කාර එක තත්පරයකට මහා ප්‍රවාහයක් කෝටි ගණනක් ඉපොද මැරෙන ආකාරය දකින්නට සිත දියුණු වූ කලෙක, මේ අප අල්ලාගෙන නටන්නේ මොන තරම් මුලාවක්ද යන්න ප්රත්යක්ෂ වනු ඇත.. බුදු පියාණන් දේශනා කළ දේ දකින්නට ඔබ මනස දියුණු කර ගන්න. මේ සල්ලි බල තල සැපය ලොකුම දේ සිතා දුවන ගමන අති නිෂ්ඵලය.. සසරේ දුහුවිලි තුඩක් මෙනි.. සෑම දාම ඒ තණ්හාව පෝෂණය කරත් කිසිදා සෑහීමකට පත් වන්නේ නැත.. බෞද්ධ වූ පමණින් ඔබ සම්මා ද්රෘෂ්ටික නොවේ. සිත පිරිසිදු කොට මේ උතුම් දර්ශනය හදවතින් දකින්නට වීර්යය කරන්න.. සැබෑම දියුණුව කුමක්ද යන්නත්...අද ඔබ දියුණුව කියා සිතා සිටින්නේ..සැපය කියා සිතා සිටින්නේ කුමක්ද යන්නත්.... ඔබ දැනගන්න දිනට...ඔබ ගැනම ..ඔබ ගෙවා දැමූ කාලය ගැනම...සිනහ පහළ වනු ඇත... අප්රමාදී වන්න... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom