Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්

මට ඊමේල් එකකින් මේක ලැබුනේ.... රී පොස්ට් ද දන්නේ නැහැ. මේ කතාව සත්‍යයක් හෝ ප්‍රබන්දයක් වුනත්, මෙයින් ගතයුතු දේවල් ගොඩක් තියෙනවා....

මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි.

අතීතයේ පංචේන්ද්‍රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ.

එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම ය.

මේ බොහෝ දෙනෙක් “මේ දැන්” කියන මොහොත ගැන නොසිතති. සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි.

මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්‍ය භූමියකි.

එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට ගෙන බැඳ තබා සමාධි සුවයක් විඳීන්නට උත්සාහ කරති.

සිතුවිලි ගොඩනැඟීම් වශයෙන් තව තවන් කෙලෙස් රැස්කිරීම නතර කරන්නට උත්සාහ කරති.

සේනාසනයේ කි‍්‍රයාත්මක වන කාලසටහන සිහිපත් කරමින් “ගෙඩිය” ගසා හඬ නංවන වාර ගණන අනුව මේ අවදිවීමටය.

මේ වත සඳහාය. මේ භාවනාවය, මේ දානය සඳහා පිණ්ඩපාත යේ යෑමටය, මේ ගිලන්පස සඳහා දන්ශාලාව වෙත යෑමටය ආදී වශයෙන් යෝගීහු ඒ ඒ සංඥාවන් හඳුනාගෙන ඊට අනුව කි‍්‍රයා කරති.

කතා කරමින් කාලය නාස්ති කිරීමද කෙලෙස් ගොඩ නැඟීමක් බැවින් නිශ්ශබ්දතාවයද භාවනාවේ දියුණුව සඳහා අවධාරණය කැර තිබේ.

එසේ වුවත් යෝගී භික්ෂූන් වහන්සේ ඉඳහිට ධර්ම කාරණා පිළිබඳ සතුටුසාමීචියේ යෙදෙන අවස්ථා ද ඇත. දිනක් එවැනි ස්වාමීන් වහන්සේ කීප නමක් කර්මය හා කර්ම විපාකය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ.

”කර්මයට අනුව විපාකය ලැබේ නම් ඊට යම රජකු හා යම පල්ලන් මැදිහත් වන්නේ කුමටදැයි මට ගැටලුවකැ”යි එක් ස්වාමීන්වහන්සේ නමක් පවසති.

”කර්ම විපාක ගෙවන්නට තිබේ නම් යම් කෙනකුට වේදනාව ලබා දෙන්නට තව කෙනෙක් පහර දෙති. තුවාල කරති. කෙනෙක් පිහියෙන් ඇන මරා දමති. මැසි මදුරුවන් පනුවන් නිසා ලෙඩ රෝග වැළඳෙති.

එහිදී පුද්ගලයකුට තවත් පුද්ගලයකුගේ කි‍්‍රයාකාරකම් වලට ලක්වීමට සිදුවෙයි. එසේම පේර්තයන්, යක්ෂයන් නිසා මහ රහතන් වහන්සේට පවා පීඩා සිදුවූ බව ති‍්‍රපිටකයේ සඳහන් වෙයි.

ඒ නිසා යම රජෙක් හා යම පල්ලන්ගේ් සම්බන්ධය තිබිය හැකියැ”යි තවත් ස්වාමීන්වහන්සේ නමක් පැවැසූහ.

”කර්මයට අනුව කර්ම විපාක ගෙවීමට සිදුවීම අවබෝධ කරවන්නට යම රජකු හා යම පල්ලන් ඉදිරිපත් කිරීමෙන් මිනිසා අකුසලයෙන් මුදවා ලිය හැකි බැවින් මේවා නිර්මාණ විය නොහැකිදැ”යි තවත් හිමි නමක් අදහස් දක්වති.

යම රජු හා යම පල්ලන් පිළිබඳ කියන කතා අසා සිටිමින් ඒ පිළිබඳ ගැඹුරින් සිතූ තවත් භික්ෂූන් වහන්සේ නමක් අඬන්නට වූහ.

භාවනාවෙන් යම් තරමකට දියුණු කළා වූ සිතක් ඇති උන්වහන්සේට ස්වකීය අතීතය සිතුවම් පොටක් සේ දිස්වන්නට වීය. උන්වහන්සේ ඒ පිළිබඳ විස්තර කළේ මෙසේය.

”මං මේ ආත්මයට පෙර ආත්මයෙන් එහා ආත්මයේ ටිකක් බලපුළුවන්කාරයෙක් ලෙස තමයි ඉපදිලා හිටියේ. පන්සිල් පද පහම ආරක්ෂා කළේ නෑ. තුන්වැනි සිල්පදය බහුල වශයෙන් ම කැඩුවා.

සත්ත්ව හිංසාවෙත් යෙදුණා. අනුන් සතු සම්පත් බල පුළුවන්කාරකමෙන් අයිති කැරගත්තා. මේ වගේ වැරදි වැඩවලින්ම ජීවත් වුණා මිසක කුසලයක යෙදුණේ ම නෑ.

මෙහෙම ජීවත් වෙන අතරේ දවසක් ගමනක් යන කොට විශාල දුර්ගන්ධයක් මට දැනුණා. ඒක කොයි තරම් අප්‍රසන්න ගඳක් ද කියනවා නම් ඒ ගඳ මොකක්ද කියා බලන්න තරම් හිතුණා.

මම නාසය වසා ගෙන ඒ ගැන හොයා බැලුවා. විශාල ඌරුමීයෙක් මැරිලා කුණුවෙලා. ඒ මී කුණෙන් චිරි චිරි ගා පණුවන් මතුවෙනවා යට යනවා. කොයි තරම් නාසය වසාගෙන සිටියත් ඒ ගඳ දැනෙනවා.

දැන් ඇස් දෙකෙනුත් දැක්කා. හරි ම අප්‍රිය යි. ඒ වෙලාවේ මට කවදාවත් නැති අමුතු ම නුවණක් පහළ වුණා. (අසුබ භාවනාව) කොයිතරම් සාත්තු කළත් මගේ ශරීරයත් මේ වගේ නේද? කවදා හරි මේ වගේ මළොත් කුණුවෙලා ගඳ හමනවා නේද? පණුවන් ගසනවා නේද? මේ ශරීරය දුර්වල වීම, වයසට යෑම, ජරාවට පත්වීම මට වළක්වන්න බැහැ නේද? එහෙම නම් මේ ශරීරය මගේ යැයි කියන්නේ කොහොමද? මේක හරිම දුකක්.

මම මහණ වෙන්න ඕනෑය කියා අධිෂ්ඨාන කැර ගත්තා. ඒ වුණාට ඒ ආත්මයේ මම මහණ වුණේ නෑ. එහෙම ඉඳලා කාලෙකට පස්සෙ මැරුණා.

මැරුණාය කියන්නේ , මට කතා කරගන්න බැරි වුණා. පංචේන්ද්‍රියයන් අකී‍්‍රය වුණා. ලොකු මහත බටයක් වගේ එකක් ඇතුළෙන් මාව දිගට ඇදිලා ගියා. ඒ බටයෙන් එළියට ආපු තැන දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා මාව දෙපැත්තෙන් අල්ලාගෙන ඉදිරියට එක්කගෙන ගියා.

එතැන අඩි පහළොවක් විතර උස ආසනයක යම රජ්ජුරුවෝ වාඩිවෙලා හිටියා. දකින කොටම මේ යම රජ්ජුරුවෝය කියා මට වැටහුණා. ඔහු යටිකයට සුදු වේට්ටියක් ඇඳගෙනයි හිටියේ.

”ආ.. මනුස්ස ලෝකයේ ඉන්න කොට හුඟක් පව් කරලා තියෙනවා නේද?” කියා යම රජ්ජුරුවෝ මගෙන් ඇහුවා. ඒ එක්ක ම මම කළ පව් චිත්‍රපටයකින් වගේ මට මැවි මැවී පෙනෙන්නට ගත්තා.

ඒවා දකින කොට ම මා වැරැදි කාරයා වෙලා ඉවරයි නේද කියා හිතින් අන්තිමට ම අසරණ වුණා. ඒ අසරණවීම හෘදය සාක්ෂියත් එක්ක ම සිදුවන ගැඹුරු අනුස්මරණයක්.

පශ්චාත්තාපයක් වගේ දෙයක්. එතැනට ටිකක් එහායෙන් ලොකු තාප්පයක් තිබුණ. ඒ තාප්පයට එහා පැත්තේ විශාල ගින්නක් බුර බුරා ඉහළ නැඟෙනවා. ඒ වගේ ම ඒ පැත්තේ විශාල පිරිසක් දැවි දැවී විලාප දෙනවා ඇහෙනවා.

ඒ තාප්පයට ඉහළින් නැඟෙන යෝධ ගිනි දලු සුළඟට මේ පැත්තටත් එනවා. අප සිටි තැනටත් එනවා. ඒත් මේ පැත්තට ආවාම ඒ ගිනි දලුවල උණුසුමක් නෑ. උණුසුම තියෙන්නේ තාප්පෙන් එහා පැත්තට විතරයි.

තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ නිරය. ඒ නිරයේ වැටුණු අය තමයි අර විලාප නඟමින් දුක් විඳිනවා ඇහෙන්නේ කියලා මට වැටහෙනවා. යම රජ්ජුරුවෝ හරිම කරුණාවන්තයි.

කරුණාවෙන් මා දිහා බලා සිටිනවා. මම කළ පව් මැවි මැවී පෙනෙන අතරේ අර මී කුණ දැකපු සිද්ධියත්, මහණ වෙන්න කළ අධිෂ්ඨානයත් මට මතක් වුණා. මෙතනින් නිදහස් වුණොත් නම් මහණ වෙනවා මහණ වෙනවාමයි කියා ඒ වෙලාවේ මට හිතුණා. (යම රජු රතු සළුවක් හැඳ සිටියොත් අනිවාර්යයෙන් ම නිරයට යන්න සිද්ධ වෙනවාලු.)

එතකොට යම රජ්ජුරුවන්ගේ මුහුණේ මඳ සිනහවකුත් නැඟුණා. ”කුසලකුත් කළා නේද?” කියලා යම රජ්ජුරුවෝ එක පාරටම ඒ වෙලාවේ මගෙන් ඇහුවා.

”තමුන්ට තවම කල් තියෙනවා” කියා නැවත යම රජ්ජුරුවෝ ප්‍රකාශ කළා. එතකොට ම මා නැවතත් අර නළය දිගේ ආපහු ආවා. ඒ නළය දිගේ එනකොට තව දෙදෙනෙක් මුණ ගැහුණා.

”ආ.. එහෙම කොහොමද? එහෙම නම් අපිත් ඉන්නවානෙ”යි ඒ දෙන්නා කියනවා ඇහුණා. මම නිදහස් වී එන හැටි දැක ඔවුන් එසේ කීවේ එතැනත් ඊර්ෂ්‍යාව හා තණ්හාව තියෙන තැනක් බව මට වැටහුණා.

මම ඒ නළය දිගේ ඇවිත් කෑගල්ලේ අම්මා කෙනකුගේ කුසක පිළිසිඳ ගත්තා. ඉපදුණාට පස්සේ මම හරියට දුක් වින්දා. අනුන්ගෙන් ඉල්ලාගෙන කන තත්ත්වයට පත්වුණා.

වැඩි දුර ඉගෙන ගන්නත් බැරි වුණා. ජීවත් වෙන්න බැරි ම තැන බේකරියක වැඩට ගියා. දර පළන්න ඕනෑ. දහදිය පෙරා ගෙන දර පළනවා. ඊළඟට පෝරණුවට දර දමා ගිනි අවුළුවන්න ඕනෑ.

එතැන ඉඳල ගිනි රස්නෙත් එක්කමයි දවස ගෙවෙන්නෙත්. රෑට නිදියන්නෙත් පෝරණුව ළඟ ගිනි රස්නෙත් එක්කමයි. සමහර දාට හීනෙන් අර තාප්පයට එහා ගිනිදැල් පෙනෙනවා.

නිරයේ ගිනිදැල්වලින් බේරුණත් මෙතනදි යම් තරමකින් හෝ ඒ දඬුවම විඳින්න සිද්ධ වුණා.

මේ බේකරියෙ පාන් අරගෙන බයිසිකලෙන් කඩවලට බෙදා හරින්න වුණෙත් මට. මේ පාන් ගෙනියන එක කඩේක මුදලාලි කාන්තාවක්. ලස්සනයි. මෙයා සමහරදාට පාන්වල සල්ලි දෙන්න දවසක් දෙකක් පරක්කු කරනවා.

මේ ගෑනිගෙ සිරියාවන්ත පෙනුම නිසා මමත් දවස දෙක පහුවෙලා සල්ලි ගන්නවා. මෙහෙම ඉඳලා මෙයා හිටි හැටියේ දවස් ගණනක් මුදල් අත් හිටෙව්වා. පාන් ගෙනියන ප්‍රමාණයට අනුව මුදල් බාර නොදෙන කොට මුදලාලි මට බණිනවා.

අන්තිමට මේ ගෑනි සල්ලි නොදෙන කොට ඒ කඩේට පාන් දමන්න එපා කියා මුදලාලි මට කිව්වා. ”උඹ කොහොම හරි ඒ සල්ලි ඉල්ලගෙන එන්න ඕනෑ. නැත්නම් උඹේ පඩියෙන් කපනවා” කීවා.

දැන් අර ගෑනි වෙන පාන් කාරයකුගෙන් පාන් ගන්නවා. මම ගියා ම මඟහරිනවා. මම යනවාටත් කැමැති නැහැ. දැන් අර සිරියාවත් නැහැ. මුදලාලි මගේ පඩියෙන් කැපුවොත් මම මගේ දුප්පත් අම්මව ජීවත් කරන්නේ කොහොමද කියලත් බය හිතුණා.

එදා රෑ බේකරියෙ තිබුණු උල් පිහියක් හොයාගෙන ළඟින් තියා ගත්තා. රෑ නිදියන කොට කොට්ටය යටින් තියා ගත්තා. හෙට උදේ පාන් අරගෙන ගිහින් සල්ලි ඉල්ලනවා.

නුදුන්නොත් අර ගෑනිට මේ පිහියෙන් ඇනලා මරණවා කියලා හිතාගත්තා. පාන්දර පිහිය අතට අරගෙන පිහිය මිට තදින් අල්ලාගෙන අරකිගෙ පපුවට මේකෙන් දෙකක් අනිනවා” කියලා හිතට වෙර ගත්තා.

අන්න එතකොටම මට ආයෙත් අර අපායෙ ගිනිදැල් පෙනෙන්න පටන් ගත්තා. මේ වතාවෙ නම් මම මහණ වෙනවාමයි කියපු එකත් සිහිපත් වුණා. නිදි පැදුරෙ ඉඳල ම කල්පනා කළා.

තවම මුදලාලිලා නිදි. මම බනිස් ගෙඩියක් කාලා උණුවතුර ටිකක් බිව්වා. තව බනිස් ගෙඩි දෙක තුනක් කඩදාසියක ඔතා ගත්තා. හෙමින් සැරේ පාරට බැස්සා. හැතැප්ම පහක් ම පයින් ගෙදරට ම ආවා.

ඒ වෙනකොට මම අවුරුදු දහඅටක ඉලන්දාරියෙක්. එදා ගෙදර ඇවිත් පැය දෙක තුනක් නිදා ගත්තා. නැගිටලා නා ගත්තා. ගෙදර තිබුණු සුදු සරොන් දෙකකුයි කමිස දෙකකුයි අරගෙන කෙළින් ම ආරණ්‍ය සේනාසනයකට ගියා. එතැනින් මේ මීතිරිගල සේනාසනයට ආවා. අම්මගෙනුත් අවසර අරගෙන මහණ වුණා.

”ඔබ වහන්සෙ මොනවා කිව්වත් යම රජ්ජුරුවොයි යම පල්ලොයි ඉන්න බව මම නම් හොඳටෝ ම විශ්වාසයි. දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් කටයුතු කළොත් ආනන්තරිය නොවන පාප කර්මවල විපාක අඩුකර ගන්න පුළුවන්.

කුසල ශක්තිය බලවත් වන විට අකුසල විපාක දුර්වල වෙනවා” යි ඒ හාමුදුරුවෝ පැවසූහ.

ඒ හාමුදුරුවන්ගේ කතාව අප සමඟ පැවසුවේ බෙල්ලන්තර සිරි සදහම් ආශ්රමවාසී ලේනව මංගල හිමියෝ ය. උන්වහන්සේට අපේ ස්තුතිය පිරිනමමු.

මතුගම මහින්ද විජේතිලක

[QUOTE="sanjaya1975, post: 19091561, member: 371874"] [b]අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්[/b] [SIZE="4"][COLOR="DarkRed"]මට ඊමේල් එකකින් මේක ලැබුනේ.... රී පොස්ට් ද දන්නේ නැහැ. මේ කතාව සත්‍යයක් හෝ ප්‍රබන්දයක් වුනත්, මෙයින් ගතයුතු දේවල් ගොඩක් තියෙනවා....[/COLOR] මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි. අතීතයේ පංචේන්ද්‍රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ. එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම ය. මේ බොහෝ දෙනෙක් “මේ දැන්” කියන මොහොත ගැන නොසිතති. සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි. මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්‍ය භූමියකි. එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට ගෙන බැඳ තබා සමාධි සුවයක් විඳීන්නට උත්සාහ කරති. සිතුවිලි ගොඩනැඟීම් වශයෙන් තව තවන් කෙලෙස් රැස්කිරීම නතර කරන්නට උත්සාහ කරති. සේනාසනයේ කි‍්‍රයාත්මක වන කාලසටහන සිහිපත් කරමින් “ගෙඩිය” ගසා හඬ නංවන වාර ගණන අනුව මේ අවදිවීමටය. මේ වත සඳහාය. මේ භාවනාවය, මේ දානය සඳහා පිණ්ඩපාත යේ යෑමටය, මේ ගිලන්පස සඳහා දන්ශාලාව වෙත යෑමටය ආදී වශයෙන් යෝගීහු ඒ ඒ සංඥාවන් හඳුනාගෙන ඊට අනුව කි‍්‍රයා කරති. කතා කරමින් කාලය නාස්ති කිරීමද කෙලෙස් ගොඩ නැඟීමක් බැවින් නිශ්ශබ්දතාවයද භාවනාවේ දියුණුව සඳහා අවධාරණය කැර තිබේ. එසේ වුවත් යෝගී භික්ෂූන් වහන්සේ ඉඳහිට ධර්ම කාරණා පිළිබඳ සතුටුසාමීචියේ යෙදෙන අවස්ථා ද ඇත. දිනක් එවැනි ස්වාමීන් වහන්සේ කීප නමක් කර්මය හා කර්ම විපාකය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ. ”කර්මයට අනුව විපාකය ලැබේ නම් ඊට යම රජකු හා යම පල්ලන් මැදිහත් වන්නේ කුමටදැයි මට ගැටලුවකැ”යි එක් ස්වාමීන්වහන්සේ නමක් පවසති. ”කර්ම විපාක ගෙවන්නට තිබේ නම් යම් කෙනකුට වේදනාව ලබා දෙන්නට තව කෙනෙක් පහර දෙති. තුවාල කරති. කෙනෙක් පිහියෙන් ඇන මරා දමති. මැසි මදුරුවන් පනුවන් නිසා ලෙඩ රෝග වැළඳෙති. එහිදී පුද්ගලයකුට තවත් පුද්ගලයකුගේ කි‍්‍රයාකාරකම් වලට ලක්වීමට සිදුවෙයි. එසේම පේර්තයන්, යක්ෂයන් නිසා මහ රහතන් වහන්සේට පවා පීඩා සිදුවූ බව ති‍්‍රපිටකයේ සඳහන් වෙයි. ඒ නිසා යම රජෙක් හා යම පල්ලන්ගේ් සම්බන්ධය තිබිය හැකියැ”යි තවත් ස්වාමීන්වහන්සේ නමක් පැවැසූහ. ”කර්මයට අනුව කර්ම විපාක ගෙවීමට සිදුවීම අවබෝධ කරවන්නට යම රජකු හා යම පල්ලන් ඉදිරිපත් කිරීමෙන් මිනිසා අකුසලයෙන් මුදවා ලිය හැකි බැවින් මේවා නිර්මාණ විය නොහැකිදැ”යි තවත් හිමි නමක් අදහස් දක්වති. යම රජු හා යම පල්ලන් පිළිබඳ කියන කතා අසා සිටිමින් ඒ පිළිබඳ ගැඹුරින් සිතූ තවත් භික්ෂූන් වහන්සේ නමක් අඬන්නට වූහ. භාවනාවෙන් යම් තරමකට දියුණු කළා වූ සිතක් ඇති උන්වහන්සේට ස්වකීය අතීතය සිතුවම් පොටක් සේ දිස්වන්නට වීය. උන්වහන්සේ ඒ පිළිබඳ විස්තර කළේ මෙසේය. ”මං මේ ආත්මයට පෙර ආත්මයෙන් එහා ආත්මයේ ටිකක් බලපුළුවන්කාරයෙක් ලෙස තමයි ඉපදිලා හිටියේ. පන්සිල් පද පහම ආරක්ෂා කළේ නෑ. තුන්වැනි සිල්පදය බහුල වශයෙන් ම කැඩුවා. සත්ත්ව හිංසාවෙත් යෙදුණා. අනුන් සතු සම්පත් බල පුළුවන්කාරකමෙන් අයිති කැරගත්තා. මේ වගේ වැරදි වැඩවලින්ම ජීවත් වුණා මිසක කුසලයක යෙදුණේ ම නෑ. මෙහෙම ජීවත් වෙන අතරේ දවසක් ගමනක් යන කොට විශාල දුර්ගන්ධයක් මට දැනුණා. ඒක කොයි තරම් අප්‍රසන්න ගඳක් ද කියනවා නම් ඒ ගඳ මොකක්ද කියා බලන්න තරම් හිතුණා. මම නාසය වසා ගෙන ඒ ගැන හොයා බැලුවා. විශාල ඌරුමීයෙක් මැරිලා කුණුවෙලා. ඒ මී කුණෙන් චිරි චිරි ගා පණුවන් මතුවෙනවා යට යනවා. කොයි තරම් නාසය වසාගෙන සිටියත් ඒ ගඳ දැනෙනවා. දැන් ඇස් දෙකෙනුත් දැක්කා. හරි ම අප්‍රිය යි. ඒ වෙලාවේ මට කවදාවත් නැති අමුතු ම නුවණක් පහළ වුණා. (අසුබ භාවනාව) කොයිතරම් සාත්තු කළත් මගේ ශරීරයත් මේ වගේ නේද? කවදා හරි මේ වගේ මළොත් කුණුවෙලා ගඳ හමනවා නේද? පණුවන් ගසනවා නේද? මේ ශරීරය දුර්වල වීම, වයසට යෑම, ජරාවට පත්වීම මට වළක්වන්න බැහැ නේද? එහෙම නම් මේ ශරීරය මගේ යැයි කියන්නේ කොහොමද? මේක හරිම දුකක්. මම මහණ වෙන්න ඕනෑය කියා අධිෂ්ඨාන කැර ගත්තා. ඒ වුණාට ඒ ආත්මයේ මම මහණ වුණේ නෑ. එහෙම ඉඳලා කාලෙකට පස්සෙ මැරුණා. මැරුණාය කියන්නේ , මට කතා කරගන්න බැරි වුණා. පංචේන්ද්‍රියයන් අකී‍්‍රය වුණා. ලොකු මහත බටයක් වගේ එකක් ඇතුළෙන් මාව දිගට ඇදිලා ගියා. ඒ බටයෙන් එළියට ආපු තැන දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා මාව දෙපැත්තෙන් අල්ලාගෙන ඉදිරියට එක්කගෙන ගියා. එතැන අඩි පහළොවක් විතර උස ආසනයක යම රජ්ජුරුවෝ වාඩිවෙලා හිටියා. දකින කොටම මේ යම රජ්ජුරුවෝය කියා මට වැටහුණා. ඔහු යටිකයට සුදු වේට්ටියක් ඇඳගෙනයි හිටියේ. ”ආ.. මනුස්ස ලෝකයේ ඉන්න කොට හුඟක් පව් කරලා තියෙනවා නේද?” කියා යම රජ්ජුරුවෝ මගෙන් ඇහුවා. ඒ එක්ක ම මම කළ පව් චිත්‍රපටයකින් වගේ මට මැවි මැවී පෙනෙන්නට ගත්තා. ඒවා දකින කොට ම මා වැරැදි කාරයා වෙලා ඉවරයි නේද කියා හිතින් අන්තිමට ම අසරණ වුණා. ඒ අසරණවීම හෘදය සාක්ෂියත් එක්ක ම සිදුවන ගැඹුරු අනුස්මරණයක්. පශ්චාත්තාපයක් වගේ දෙයක්. එතැනට ටිකක් එහායෙන් ලොකු තාප්පයක් තිබුණ. ඒ තාප්පයට එහා පැත්තේ විශාල ගින්නක් බුර බුරා ඉහළ නැඟෙනවා. ඒ වගේ ම ඒ පැත්තේ විශාල පිරිසක් දැවි දැවී විලාප දෙනවා ඇහෙනවා. ඒ තාප්පයට ඉහළින් නැඟෙන යෝධ ගිනි දලු සුළඟට මේ පැත්තටත් එනවා. අප සිටි තැනටත් එනවා. ඒත් මේ පැත්තට ආවාම ඒ ගිනි දලුවල උණුසුමක් නෑ. උණුසුම තියෙන්නේ තාප්පෙන් එහා පැත්තට විතරයි. තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ නිරය. ඒ නිරයේ වැටුණු අය තමයි අර විලාප නඟමින් දුක් විඳිනවා ඇහෙන්නේ කියලා මට වැටහෙනවා. යම රජ්ජුරුවෝ හරිම කරුණාවන්තයි. කරුණාවෙන් මා දිහා බලා සිටිනවා. මම කළ පව් මැවි මැවී පෙනෙන අතරේ අර මී කුණ දැකපු සිද්ධියත්, මහණ වෙන්න කළ අධිෂ්ඨානයත් මට මතක් වුණා. මෙතනින් නිදහස් වුණොත් නම් මහණ වෙනවා මහණ වෙනවාමයි කියා ඒ වෙලාවේ මට හිතුණා. (යම රජු රතු සළුවක් හැඳ සිටියොත් අනිවාර්යයෙන් ම නිරයට යන්න සිද්ධ වෙනවාලු.) එතකොට යම රජ්ජුරුවන්ගේ මුහුණේ මඳ සිනහවකුත් නැඟුණා. ”කුසලකුත් කළා නේද?” කියලා යම රජ්ජුරුවෝ එක පාරටම ඒ වෙලාවේ මගෙන් ඇහුවා. ”තමුන්ට තවම කල් තියෙනවා” කියා නැවත යම රජ්ජුරුවෝ ප්‍රකාශ කළා. එතකොට ම මා නැවතත් අර නළය දිගේ ආපහු ආවා. ඒ නළය දිගේ එනකොට තව දෙදෙනෙක් මුණ ගැහුණා. ”ආ.. එහෙම කොහොමද? එහෙම නම් අපිත් ඉන්නවානෙ”යි ඒ දෙන්නා කියනවා ඇහුණා. මම නිදහස් වී එන හැටි දැක ඔවුන් එසේ කීවේ එතැනත් ඊර්ෂ්‍යාව හා තණ්හාව තියෙන තැනක් බව මට වැටහුණා. මම ඒ නළය දිගේ ඇවිත් කෑගල්ලේ අම්මා කෙනකුගේ කුසක පිළිසිඳ ගත්තා. ඉපදුණාට පස්සේ මම හරියට දුක් වින්දා. අනුන්ගෙන් ඉල්ලාගෙන කන තත්ත්වයට පත්වුණා. වැඩි දුර ඉගෙන ගන්නත් බැරි වුණා. ජීවත් වෙන්න බැරි ම තැන බේකරියක වැඩට ගියා. දර පළන්න ඕනෑ. දහදිය පෙරා ගෙන දර පළනවා. ඊළඟට පෝරණුවට දර දමා ගිනි අවුළුවන්න ඕනෑ. එතැන ඉඳල ගිනි රස්නෙත් එක්කමයි දවස ගෙවෙන්නෙත්. රෑට නිදියන්නෙත් පෝරණුව ළඟ ගිනි රස්නෙත් එක්කමයි. සමහර දාට හීනෙන් අර තාප්පයට එහා ගිනිදැල් පෙනෙනවා. නිරයේ ගිනිදැල්වලින් බේරුණත් මෙතනදි යම් තරමකින් හෝ ඒ දඬුවම විඳින්න සිද්ධ වුණා. මේ බේකරියෙ පාන් අරගෙන බයිසිකලෙන් කඩවලට බෙදා හරින්න වුණෙත් මට. මේ පාන් ගෙනියන එක කඩේක මුදලාලි කාන්තාවක්. ලස්සනයි. මෙයා සමහරදාට පාන්වල සල්ලි දෙන්න දවසක් දෙකක් පරක්කු කරනවා. මේ ගෑනිගෙ සිරියාවන්ත පෙනුම නිසා මමත් දවස දෙක පහුවෙලා සල්ලි ගන්නවා. මෙහෙම ඉඳලා මෙයා හිටි හැටියේ දවස් ගණනක් මුදල් අත් හිටෙව්වා. පාන් ගෙනියන ප්‍රමාණයට අනුව මුදල් බාර නොදෙන කොට මුදලාලි මට බණිනවා. අන්තිමට මේ ගෑනි සල්ලි නොදෙන කොට ඒ කඩේට පාන් දමන්න එපා කියා මුදලාලි මට කිව්වා. ”උඹ කොහොම හරි ඒ සල්ලි ඉල්ලගෙන එන්න ඕනෑ. නැත්නම් උඹේ පඩියෙන් කපනවා” කීවා. දැන් අර ගෑනි වෙන පාන් කාරයකුගෙන් පාන් ගන්නවා. මම ගියා ම මඟහරිනවා. මම යනවාටත් කැමැති නැහැ. දැන් අර සිරියාවත් නැහැ. මුදලාලි මගේ පඩියෙන් කැපුවොත් මම මගේ දුප්පත් අම්මව ජීවත් කරන්නේ කොහොමද කියලත් බය හිතුණා. එදා රෑ බේකරියෙ තිබුණු උල් පිහියක් හොයාගෙන ළඟින් තියා ගත්තා. රෑ නිදියන කොට කොට්ටය යටින් තියා ගත්තා. හෙට උදේ පාන් අරගෙන ගිහින් සල්ලි ඉල්ලනවා. නුදුන්නොත් අර ගෑනිට මේ පිහියෙන් ඇනලා මරණවා කියලා හිතාගත්තා. පාන්දර පිහිය අතට අරගෙන පිහිය මිට තදින් අල්ලාගෙන අරකිගෙ පපුවට මේකෙන් දෙකක් අනිනවා” කියලා හිතට වෙර ගත්තා. අන්න එතකොටම මට ආයෙත් අර අපායෙ ගිනිදැල් පෙනෙන්න පටන් ගත්තා. මේ වතාවෙ නම් මම මහණ වෙනවාමයි කියපු එකත් සිහිපත් වුණා. නිදි පැදුරෙ ඉඳල ම කල්පනා කළා. තවම මුදලාලිලා නිදි. මම බනිස් ගෙඩියක් කාලා උණුවතුර ටිකක් බිව්වා. තව බනිස් ගෙඩි දෙක තුනක් කඩදාසියක ඔතා ගත්තා. හෙමින් සැරේ පාරට බැස්සා. හැතැප්ම පහක් ම පයින් ගෙදරට ම ආවා. ඒ වෙනකොට මම අවුරුදු දහඅටක ඉලන්දාරියෙක්. එදා ගෙදර ඇවිත් පැය දෙක තුනක් නිදා ගත්තා. නැගිටලා නා ගත්තා. ගෙදර තිබුණු සුදු සරොන් දෙකකුයි කමිස දෙකකුයි අරගෙන කෙළින් ම ආරණ්‍ය සේනාසනයකට ගියා. එතැනින් මේ මීතිරිගල සේනාසනයට ආවා. අම්මගෙනුත් අවසර අරගෙන මහණ වුණා. ”ඔබ වහන්සෙ මොනවා කිව්වත් යම රජ්ජුරුවොයි යම පල්ලොයි ඉන්න බව මම නම් හොඳටෝ ම විශ්වාසයි. දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් කටයුතු කළොත් ආනන්තරිය නොවන පාප කර්මවල විපාක අඩුකර ගන්න පුළුවන්. කුසල ශක්තිය බලවත් වන විට අකුසල විපාක දුර්වල වෙනවා” යි ඒ හාමුදුරුවෝ පැවසූහ. ඒ හාමුදුරුවන්ගේ කතාව අප සමඟ පැවසුවේ බෙල්ලන්තර සිරි සදහම් ආශ්රමවාසී ලේනව මංගල හිමියෝ ය. උන්වහන්සේට අපේ ස්තුතිය පිරිනමමු. මතුගම මහින්ද විජේතිලක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom