Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපායෙන්_ගැලවී_විත්_මහණදම්_පිරූ_තරුණයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

meka ubata wedagath wewi machan

කෙනකු මරණයට පත්වූ විට ඔහුගේ ශරීරයෙන් නික්ම පිටතට යන උපාදානස්කන්ධ සංයුතියට හෙවත් පුද්ගල අනන්‍යතාවයට සිදු වන්නේ කුමක් දැයි විමසා බලන උගත්තු විවිධ මත දරති. මෙසේ ශරීරයෙන් නික්ම යන දෙයට සමහරු ආත්මය යැයි ද කියති. බෞද්ධ වූ අප ද සම්මුතිය වශයෙන් ගෙන එයට ආත්මය යැයි හඳුන්වන්නට පුරුදුව ඇත.

එහෙත් බුදු දහමට අනුව එය “පංච උපාදානක්ඛන්ධ” යැයි හැඳින්වේ. මෙසේ ශරීරයෙන් නික්ම ගිය පුද්ගලයා කලින් භවයේ උපත ලබා සිටි පුද්ගලයාම දැයි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙකු විමැසූ විට “ඔහු කලින් සිටි පුද්ගලයා ද නොවේ. කලින් සිටි පුද්ගලයා නොවන්නේ ද නොවේ” යැයි දේශනා කොට ඇත. මෙය ඉතා සියුම්ව විමසිල්ලෙන් කල්පනා කොට තේරුම් ගත යුතු කාරණයකි.

අවසාන චූති චින්තයත් සමඟ ප්රතිසන්ධිය හෙවත් ප්රතිසන්ධි චින්තය පහළ වේ යැයි ද එය කූඩැල්ලා සිටි තැන අත හැර තවත් තැනක් අල්ලා ගැනීම හා සමාන වේ යැයි සමහරු අදහස් දරති. එහෙත් මේ කූඩැල්ලා ගේ උපමාව ත්‍රිපිටක ධර්මයේ කිසි තැනක සඳහන් වන්නක් නොවේ. මරණයෙන් නික්ම යන පුද්ගලයා තමන්ට සුදුසු වූ කර්මානුරූපව ගැළපෙන ස්ථානයක් සිය ප්රතිසන්ධිය සඳහා ලැබෙන තුරු, සකස් වන තුරු අන්තරාභව තත්ත්වයක සිටින බව තවත් සමහරු පවසති.

අපවත් වී වදාළ හේන්පිට ගෙදර ඤාණසීහ නාහිමියෝ ද, කන්නිමහර සුමංගල හිමියෝ ද, අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ ද මේ දෙවැනි මතය පර්යේෂණාත්මකව පිළිගෙන අදහස් ප්‍රකාශ කළහ. පළමු පාර්ශවය අදහස් දක්වන්නේ පොත ම පදනම් කොටගෙනය. එහෙත් අභිධර්මයට අනුව ක්ෂණයක් නිසා උප්පාද – ස්තිථි – භංග වශයෙන් වෙනස් වෙමින් පවතින චිත්ත ස්වභාවය ම සැලකිල්ලට ගෙන බලන විට මෙහි ගැටලුවක් නොපෙනේ. අන්තරාභවය හෝ වේවා තාවකාලික භවය හෝ වේවා ඊළඟ උපතක් බලාපොරොත්තුව සිටින මේ තත්ත්වය ද භව තත්ත්වයක් ම ලෙස ගත් කල මෙහි ගැටලුවක් මතු නොවේ.

එසේ ම කෙනෙකු ස්වකීය ඕලාරික ශරීරයෙන් ඉවත් වී මනෝකායිකව ස්වල්ප වේලාවක් හෝ කල් ගෙවයි නම් එය ද එවැනි තත්ත්වයකි. අන්තරාභව තත්ත්වය හා මනෝකාය තත්ත්වය යන දෙක වෙනස් වූ තත්ත්ව දෙකක් වුවද බොහෝ දුරට ස්වභාවයන් සමාන බවක් ගනී. ඒ නිසා මේ ලිපියෙන් අලුත් ම අත්දැකීමක් විස්තර කැරේ.

මේ ගාල්ලේ කේ.කේ. විතාන මහත්මියගේ අත්දැකීමයි. “මගේ දෙවැනි දරු උපත සිදුවුණේ ගාල්ල මහ මෝදර මහා රෝහලේදී යි. මේ වන විට වයස අවුරුදු තුනක් වූ හුරතල් දියණියක් මට සිටි අතර දෙවැනි වර උපත ලැබුවේ පුතෙක්. පුතා ඉපදී දෙවැනි දවසේ රෝහලෙන් පිට වී ගෙදර ආවා.

රෝහලේ සිට ගෙදර ආ දවසේ සිට දිනෙන් දින ම මා අසනීප වුණා. වරින්වර සීතලත් සමඟ ම උණෙන් පෙළෙන්නට වුණා. දවස් තුන හතරක් උණෙන් පෙළෙන විට බඩේ අමාරුවකුත් වැළඳුණා. තවත් රෝග තත්ත්ව ගණනාවක් මගේ ශරීරයට පීඩා කරන්නට පටන් ගත්තා. ලබන ලද වෛද්‍ය ප්රතිකාරවලින් සුවයක් ලැබුණේම නැහැ. ඊළඟට ඇඟ සීතල කරන විට වෙව්ලන්නත් පටන් ගත්තා.

දරු ප්‍රසූතියෙන් අටවැනි දිනය වන විට නැවතත් මා කලින් පරීක්ෂා කළ ප්‍රසව හා නාරිවේදී විශේෂ වෛද්‍යවරයාට පෞද්ගලික රෝහලකදී පෙන්නුවා. මා පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයා නළලේ අත තියාගත්තා. වහාම රෝහල් ගත කරන්නට කීවා. එම රෝහලේ ම වාට්ටුවක නතර කළ වෛද්‍යවරයා තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා ද පරීක්ෂා කැරෙව්වා.

එදින රාත්‍රි 7 වන විට ම නැවතත් අර දරුණු සීතල හැදී ගැහෙන්නට වුණා. අවට සිටි පස්හය දෙනෙකු මා අල්ලා නතර කළ නොහැකි තරමින් ගැහෙන්නට වුණා. ඒ වෙලාවේ වාට්ටුව භාරව සිටි වෛද්‍යවරිය මට පෙනිසිලින් එන්නත ලබා දුන්නා. එන්නත ලබා දුන් වෛද්‍යවරිය ආපසු හැරෙන විට ම මගේ බඩපිම්බී රතු ලප මතු වුණා. ඒ පෙනිසිලින් අසාත්මිකතා රෝග ලක්ෂණයක් බව මා දැන ගත්තා. මට අමාරු බව වැටහුණු මගේ ළඟ සිටි නැන්දා වෛද්‍යවරිය සොයා දිව ගියා. මේ අවස්ථා වන විට මට හොඳටෝම අමාරුයි. මගේ ශරීරය පුරා සියලු සන්ධි, ඇඟිලි පුරුක් පවා ඉඳිකටු අනින්නා සේ වේදනාව දෙන්න වුණා.

මේ වේලාවේ මට කිසියම් අනතුරක් සිදුවී ගෙන එන බව වැටහුණා. ඒත් සමඟ ම මගේ සිහියට අවේ මගේ අවුරුදු තුනයි මාස තුනක් වයසැති සිඟිති දියණියයි. කලිසම් කොටයක් හැඳ කිනම් හෝ සෙල්ලම් බඩුවක් අතින් ගෙන මා ළඟ දැවටි දැවටී සිටීම ඇගේ පුරුද්දයි. ඇය සිහි වී මට විශාල දුකක් ඇති වුණා.

මගේ අම්මා ජීවතුන් අතර සිටින බැවින් ද, අම්මා මගේ දුවට ආදරේ නිසා ද මගේ අම්මා ඇය බලා ගනීවිය කියන දැඩි විශ්වාසය මා තුළ හට ගත්තා. මගේ අම්මා මටත් වඩා හොඳින් දුව බලා ගනීවිය යන විශ්වාසය මගේ සිතේ ඇති වෙනවාත් සමඟ ම දුව ගැන තිබුණු සියලු ම හැඟීම්, සිතුවිලි පහව ගියා.

ඒ වන විට දින අටක් වයසැතිව සිටි පුතා ගැන නම් කිසි ම හැඟීමක් ඇති වුණේ නෑ,, අලුත් දරුවාගේ සියලු කටයුතු කළේ මගේ මවයි. මා කළේ කිරිදීම පමණයි. අම්මා දුවව බලා ගනීවිය යන සිතුවිල්ල ආ හැටියේ මගේ හිත සම්පූර්ණයෙන් ම හැදුණා. මෙලෝ ආසාවක් අංශු මාත්‍රයක පමණින්වත් මගේ හිත තුළ ඉතුරුව තිබුණේ නෑ. සිත පුදුම විදිහේ ප්‍රසන්න තත්ත්වයකට පත් වුණා. පෙනිසිලින් විෂවීමෙන් ඇති වූ ශාරීරික අපහසුතා පවා දැනුණේ නෑ. ගත සිත දෙක ම ඉතා සැහැල්ලු වුණා.

සිත සැහැල්ලු වී ප්රසන්නවීමත් සමඟ ම මෙතෙක් කල් මා දැක තිබූ සියලු දෙනා ම පාහේ ඡායාරූපයක මෙන් එක්වර ඔවුන්ගේ මුහුණු දර්ශනය වුණා.

අඩි එකහමාරක් පමණ දිග පළල ඇති ඡායාරූපයක ඔවුන් දර්ශනය වූ අතර ඒ කුඩා මුහුණු සමූහය අතර ඒ මැද මගේ ඥාති සහෝදරයෙක් හා ඔහුගේ බිරිය සිත් ගන්නා වූ චාම් ඇඳුම්වලින් සැරසී ඉතා ප්‍රසන්න සිනහවකින් මා දෙස බලා සිටියා. අනිත් අයගේ මුහුණුවල රූප මෙන් නොව ඔවුන් දෙදෙනා සම්පූර්ණ ශරීරයෙන් ජීවමානව පෙනී සිටියා. මේ ඥාති සහෝදරයා මට ටිකක් ඈතින් ඥාතියෙකු වුණත් මගේ වාසගම ම ඔහුටත් තිබුණා. ඔවුන් දෙදෙනා මා දැක්කේ සුවිශේෂී ආකාරයකිනි. ඒත් සමඟ ම මම මගේ ශරීරයට ඉහළින් පා වී යනවා මා දැක්කා. ඉතා සැහැල්ලුවෙන් ඉහළට පාවුණු මා සේලයින් බෝතලය එල්ලූ ආධාරකය මුදුණේ සිට ඇඳ මත තිබූ මගේ ශරීරය දෙස බලා සිටියා.

මගේ ඇඳ වට කර ගත් වෛද්‍යවරිය හා හෙදි පිරිස කඩිසරව කටයුතු කරනු මා දැක්කා. මගේ් අත් දෙකේ මාරුවෙන් මාරුවට රෙදි පටියකින් බඳිමින් බෙහෙත් විදින හැටි මා දැක්කා. මගේ ශරීරයේ සිට අඩි දෙකහමාරක් උඩ සිට තවත් ඉහළට ඉහළට යනවාත් මා දැක්කා. ඇඳ ළඟ එක් හෙදියක් පමණක් නවත්වා වෛද්‍යවරිය හා අනිත් අය ඉවතට යනවාත් මට හොඳට ම මතකයි. මා ශරීරයෙන් පිට වුණු ආකාරය පිළිබඳ මට කිසිම මතකයක් නැතත් මගේ ශරීරයෙන් පිට වී ගියේ ජම්බල ගෙඩියක් තරම් ලොකු, කිසි ම පැහැයක් නැති යම් ශක්ති ගොන්නක් බව දැනුණා. එසේ ම අන්තිමට මා ඇඳ උඩ සිටින බව දැනුණත් යළිත් ශරීරය තුළට ආවේ කෙසේ දැයි මතක නැත.

එදා ඒ තරම් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි මා පහුව දා උදේ කිසිවක් සිදු නොවුණු අයුරින් ඇඳෙන් බැස මා ළඟ නතර කැර සිටි නැන්දා සමඟ නාන කාමරයට ගොස් මුහුණ කට සෝදා ගෙන ඇඳුම් මාරු කැර ගෙන ආවා. මා දුටු හෙදියන් සිනාසෙමින්

”අයියෝ! ඊයේ රෑ ඔයා අර මොකක්ද කරන්න හැදුවේ, අපි හරියට බයවුණා” යි කීවා.

මේ සිදුවීම ගැන කල්පනා කැර බලන විට මට හැඟෙන්නේ මා ඒ වෙලාවේ ස්ථිර වශයෙන් ම මගේ ශරීරයෙන් නික්ම ගියා නම් අර පෙනුණු ඥාති සහෝදරයා ළඟ උපදින බවයි. ඒ අය්යාත් අක්කාත් ඉඳහිට පාරේ දී මුණ ගැසී කතා කළොත් මිස අප අතර වැඩි සම්බන්ධයක් තිබුණෙත් නෑ. දැනුත් නැහැ. ඒ අයියා මට ඒ තරම් රුස්සන චරිතයකුත් නොවෙයි. මේ ආත්මයේ මගේ අදහස් උදහස්වල නොගැලපීම් නිසා ඇති වූ මත ගැටුම් හේතුවෙන් මගේ පියා මටවත්, මම පියාටත් ඒ තරම් ඇලුම් බවක් පැවතුණේ නැහැ. මා එදා මගේ ශරීරයෙන් නික්ම ගොස් ඒ සහෝදරයා ළඟ උපන්නා නම් මේ ආත්මයේ පියා ළඟ ගෙවා දැමූ ආකාරයට ම අලුත් පියා ළඟත් කාලය ගෙවන්නට තිබුණා. ඔහු ළඟ ඉපැදුණා නම් මේ භවයේත් මා දැනට දරන වාසගම ම ලබන්නත් තිබුණා.” යැයි විතාන මහත්මිය එලොව ගොස් යළි මෙලොව ආ හැටි විස්තර කළාය.

මේ සිද්ධිය පාදක කොට ගෙන බලන විට විතාන මහත්මිය ගේ් චුති චින්තයත් සමඟ ම ප්රතිසන්ධිය සිදු වන තැන දර්ශනය වී ඇත. එහෙත් මේ භවයේ ජීවත්වීමට නිර්මාණය වී තිබූ ශරීරයේ, අසනීපය හා ජීවත්වීම සඳහා ඇතිව තිබුණු නුසුදුසු තත්ත්වය වෛද්‍යවරිය හා හෙදියන් විසින් නැවත සුදුසු තත්ත්වයට ගැනීම සිදු වීමෙන් ඇය නැවතත් සිය ශරීරයට ම ආවාය. හෙවත් ඒ උපාදානස්කන්ධයත් සමඟ නැවත මෙහිම ප්රතිසන්ධිය ලැබුවාය. ඇය මරණාසන්න මොහොතේ ඊළඟ උපත ලබන ස්ථානය දුටුවාය. එහෙත් මෙතැනින් නික්ම යන මොහොතේ ඊළඟ උපදින තැන තීරණය වී තිබුණ ද අලුත් අම්මාගේ කුස තුළ පිළිසිඳීමට අවශ්‍ය සුදුසුකම් ගොඩ නැගී නොතිබුණි.

එහෙත් ඇය ඉහළට පා වී ගියාමෙන් ම මරණයට පත් වූවා නම් ඇගේ මළ සිරුර ගෙන යන තැන්වලට ඇගේ නිවසට, දරුවන් ළඟට, අවසන් කටයුතු සිදුවන අවස්ථාවට, ගෙදර යන එන ඥාතීන් දැක ගැනීමට, ඔවුන් කරන කියන දේ දැක බලා ගැනීමට බොහෝ දුරට ඉඩකඩ තිබුණි.

එසේ ම මේ හා සමාන තත්ත්වයකට පත් වන පුද්ගලයා දරන්නේ ද කලින් සිටි ශරීරයේ ම සියුම් ස්වභාවයකි. ඔහු හෝ ඇය පෙනී සිටින්නේ ද කලින් ජීවත්ව සිටි නාමයෙනි. මෙසේ ශරීයෙන් පිට වී යන පුද්ගලයා ටික වේලාවක් හෝ වේවා දින කීපයක් හෝ වේවා වසර කීපයක් හෝ වේවා ඒ ගත කරන කාලය අන්තර්භවයක් හෝ තාවකාලික භවයක් ලෙස ගැනීමට කිසිම බාධාවක් නැත. එසේ කියනු ලබන්නේ ඒ තුළ ද පංච උපාදානස්කන්ධ සංයුතියක් පවතින නිසාය. ඒ සත්ත්වයාට ද සිතුම් පැතුම් හා දැනීම් ඇත. පෙනීම හා ඇසීම ද ඇත. හඳුනා ගැනීමේ හැකියාව මෙන් ම අතීත මතකය ද ඇත.

උපුටාගැනීමකි - පියවි ඇසින් ඔබ්බට, මතුගම මහින්ද විජේතිලක

[QUOTE="jkdtharindu, post: 15119134, member: 260315"] meka ubata wedagath wewi machan කෙනකු මරණයට පත්වූ විට ඔහුගේ ශරීරයෙන් නික්ම පිටතට යන උපාදානස්කන්ධ සංයුතියට හෙවත් පුද්ගල අනන්‍යතාවයට සිදු වන්නේ කුමක් දැයි විමසා බලන උගත්තු විවිධ මත දරති. මෙසේ ශරීරයෙන් නික්ම යන දෙයට සමහරු ආත්මය යැයි ද කියති. බෞද්ධ වූ අප ද සම්මුතිය වශයෙන් ගෙන එයට ආත්මය යැයි හඳුන්වන්නට පුරුදුව ඇත. එහෙත් බුදු දහමට අනුව එය “පංච උපාදානක්ඛන්ධ” යැයි හැඳින්වේ. මෙසේ ශරීරයෙන් නික්ම ගිය පුද්ගලයා කලින් භවයේ උපත ලබා සිටි පුද්ගලයාම දැයි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙකු විමැසූ විට “ඔහු කලින් සිටි පුද්ගලයා ද නොවේ. කලින් සිටි පුද්ගලයා නොවන්නේ ද නොවේ” යැයි දේශනා කොට ඇත. මෙය ඉතා සියුම්ව විමසිල්ලෙන් කල්පනා කොට තේරුම් ගත යුතු කාරණයකි. අවසාන චූති චින්තයත් සමඟ ප්රතිසන්ධිය හෙවත් ප්රතිසන්ධි චින්තය පහළ වේ යැයි ද එය කූඩැල්ලා සිටි තැන අත හැර තවත් තැනක් අල්ලා ගැනීම හා සමාන වේ යැයි සමහරු අදහස් දරති. එහෙත් මේ කූඩැල්ලා ගේ උපමාව ත්‍රිපිටක ධර්මයේ කිසි තැනක සඳහන් වන්නක් නොවේ. මරණයෙන් නික්ම යන පුද්ගලයා තමන්ට සුදුසු වූ කර්මානුරූපව ගැළපෙන ස්ථානයක් සිය ප්රතිසන්ධිය සඳහා ලැබෙන තුරු, සකස් වන තුරු අන්තරාභව තත්ත්වයක සිටින බව තවත් සමහරු පවසති. අපවත් වී වදාළ හේන්පිට ගෙදර ඤාණසීහ නාහිමියෝ ද, කන්නිමහර සුමංගල හිමියෝ ද, අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ ද මේ දෙවැනි මතය පර්යේෂණාත්මකව පිළිගෙන අදහස් ප්‍රකාශ කළහ. පළමු පාර්ශවය අදහස් දක්වන්නේ පොත ම පදනම් කොටගෙනය. එහෙත් අභිධර්මයට අනුව ක්ෂණයක් නිසා උප්පාද – ස්තිථි – භංග වශයෙන් වෙනස් වෙමින් පවතින චිත්ත ස්වභාවය ම සැලකිල්ලට ගෙන බලන විට මෙහි ගැටලුවක් නොපෙනේ. අන්තරාභවය හෝ වේවා තාවකාලික භවය හෝ වේවා ඊළඟ උපතක් බලාපොරොත්තුව සිටින මේ තත්ත්වය ද භව තත්ත්වයක් ම ලෙස ගත් කල මෙහි ගැටලුවක් මතු නොවේ. එසේ ම කෙනෙකු ස්වකීය ඕලාරික ශරීරයෙන් ඉවත් වී මනෝකායිකව ස්වල්ප වේලාවක් හෝ කල් ගෙවයි නම් එය ද එවැනි තත්ත්වයකි. අන්තරාභව තත්ත්වය හා මනෝකාය තත්ත්වය යන දෙක වෙනස් වූ තත්ත්ව දෙකක් වුවද බොහෝ දුරට ස්වභාවයන් සමාන බවක් ගනී. ඒ නිසා මේ ලිපියෙන් අලුත් ම අත්දැකීමක් විස්තර කැරේ. මේ ගාල්ලේ කේ.කේ. විතාන මහත්මියගේ අත්දැකීමයි. “මගේ දෙවැනි දරු උපත සිදුවුණේ ගාල්ල මහ මෝදර මහා රෝහලේදී යි. මේ වන විට වයස අවුරුදු තුනක් වූ හුරතල් දියණියක් මට සිටි අතර දෙවැනි වර උපත ලැබුවේ පුතෙක්. පුතා ඉපදී දෙවැනි දවසේ රෝහලෙන් පිට වී ගෙදර ආවා. රෝහලේ සිට ගෙදර ආ දවසේ සිට දිනෙන් දින ම මා අසනීප වුණා. වරින්වර සීතලත් සමඟ ම උණෙන් පෙළෙන්නට වුණා. දවස් තුන හතරක් උණෙන් පෙළෙන විට බඩේ අමාරුවකුත් වැළඳුණා. තවත් රෝග තත්ත්ව ගණනාවක් මගේ ශරීරයට පීඩා කරන්නට පටන් ගත්තා. ලබන ලද වෛද්‍ය ප්රතිකාරවලින් සුවයක් ලැබුණේම නැහැ. ඊළඟට ඇඟ සීතල කරන විට වෙව්ලන්නත් පටන් ගත්තා. දරු ප්‍රසූතියෙන් අටවැනි දිනය වන විට නැවතත් මා කලින් පරීක්ෂා කළ ප්‍රසව හා නාරිවේදී විශේෂ වෛද්‍යවරයාට පෞද්ගලික රෝහලකදී පෙන්නුවා. මා පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයා නළලේ අත තියාගත්තා. වහාම රෝහල් ගත කරන්නට කීවා. එම රෝහලේ ම වාට්ටුවක නතර කළ වෛද්‍යවරයා තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා ද පරීක්ෂා කැරෙව්වා. එදින රාත්‍රි 7 වන විට ම නැවතත් අර දරුණු සීතල හැදී ගැහෙන්නට වුණා. අවට සිටි පස්හය දෙනෙකු මා අල්ලා නතර කළ නොහැකි තරමින් ගැහෙන්නට වුණා. ඒ වෙලාවේ වාට්ටුව භාරව සිටි වෛද්‍යවරිය මට පෙනිසිලින් එන්නත ලබා දුන්නා. එන්නත ලබා දුන් වෛද්‍යවරිය ආපසු හැරෙන විට ම මගේ බඩපිම්බී රතු ලප මතු වුණා. ඒ පෙනිසිලින් අසාත්මිකතා රෝග ලක්ෂණයක් බව මා දැන ගත්තා. මට අමාරු බව වැටහුණු මගේ ළඟ සිටි නැන්දා වෛද්‍යවරිය සොයා දිව ගියා. මේ අවස්ථා වන විට මට හොඳටෝම අමාරුයි. මගේ ශරීරය පුරා සියලු සන්ධි, ඇඟිලි පුරුක් පවා ඉඳිකටු අනින්නා සේ වේදනාව දෙන්න වුණා. මේ වේලාවේ මට කිසියම් අනතුරක් සිදුවී ගෙන එන බව වැටහුණා. ඒත් සමඟ ම මගේ සිහියට අවේ මගේ අවුරුදු තුනයි මාස තුනක් වයසැති සිඟිති දියණියයි. කලිසම් කොටයක් හැඳ කිනම් හෝ සෙල්ලම් බඩුවක් අතින් ගෙන මා ළඟ දැවටි දැවටී සිටීම ඇගේ පුරුද්දයි. ඇය සිහි වී මට විශාල දුකක් ඇති වුණා. මගේ අම්මා ජීවතුන් අතර සිටින බැවින් ද, අම්මා මගේ දුවට ආදරේ නිසා ද මගේ අම්මා ඇය බලා ගනීවිය කියන දැඩි විශ්වාසය මා තුළ හට ගත්තා. මගේ අම්මා මටත් වඩා හොඳින් දුව බලා ගනීවිය යන විශ්වාසය මගේ සිතේ ඇති වෙනවාත් සමඟ ම දුව ගැන තිබුණු සියලු ම හැඟීම්, සිතුවිලි පහව ගියා. ඒ වන විට දින අටක් වයසැතිව සිටි පුතා ගැන නම් කිසි ම හැඟීමක් ඇති වුණේ නෑ,, අලුත් දරුවාගේ සියලු කටයුතු කළේ මගේ මවයි. මා කළේ කිරිදීම පමණයි. අම්මා දුවව බලා ගනීවිය යන සිතුවිල්ල ආ හැටියේ මගේ හිත සම්පූර්ණයෙන් ම හැදුණා. මෙලෝ ආසාවක් අංශු මාත්‍රයක පමණින්වත් මගේ හිත තුළ ඉතුරුව තිබුණේ නෑ. සිත පුදුම විදිහේ ප්‍රසන්න තත්ත්වයකට පත් වුණා. පෙනිසිලින් විෂවීමෙන් ඇති වූ ශාරීරික අපහසුතා පවා දැනුණේ නෑ. ගත සිත දෙක ම ඉතා සැහැල්ලු වුණා. සිත සැහැල්ලු වී ප්රසන්නවීමත් සමඟ ම මෙතෙක් කල් මා දැක තිබූ සියලු දෙනා ම පාහේ ඡායාරූපයක මෙන් එක්වර ඔවුන්ගේ මුහුණු දර්ශනය වුණා. අඩි එකහමාරක් පමණ දිග පළල ඇති ඡායාරූපයක ඔවුන් දර්ශනය වූ අතර ඒ කුඩා මුහුණු සමූහය අතර ඒ මැද මගේ ඥාති සහෝදරයෙක් හා ඔහුගේ බිරිය සිත් ගන්නා වූ චාම් ඇඳුම්වලින් සැරසී ඉතා ප්‍රසන්න සිනහවකින් මා දෙස බලා සිටියා. අනිත් අයගේ මුහුණුවල රූප මෙන් නොව ඔවුන් දෙදෙනා සම්පූර්ණ ශරීරයෙන් ජීවමානව පෙනී සිටියා. මේ ඥාති සහෝදරයා මට ටිකක් ඈතින් ඥාතියෙකු වුණත් මගේ වාසගම ම ඔහුටත් තිබුණා. ඔවුන් දෙදෙනා මා දැක්කේ සුවිශේෂී ආකාරයකිනි. ඒත් සමඟ ම මම මගේ ශරීරයට ඉහළින් පා වී යනවා මා දැක්කා. ඉතා සැහැල්ලුවෙන් ඉහළට පාවුණු මා සේලයින් බෝතලය එල්ලූ ආධාරකය මුදුණේ සිට ඇඳ මත තිබූ මගේ ශරීරය දෙස බලා සිටියා. මගේ ඇඳ වට කර ගත් වෛද්‍යවරිය හා හෙදි පිරිස කඩිසරව කටයුතු කරනු මා දැක්කා. මගේ් අත් දෙකේ මාරුවෙන් මාරුවට රෙදි පටියකින් බඳිමින් බෙහෙත් විදින හැටි මා දැක්කා. මගේ ශරීරයේ සිට අඩි දෙකහමාරක් උඩ සිට තවත් ඉහළට ඉහළට යනවාත් මා දැක්කා. ඇඳ ළඟ එක් හෙදියක් පමණක් නවත්වා වෛද්‍යවරිය හා අනිත් අය ඉවතට යනවාත් මට හොඳට ම මතකයි. මා ශරීරයෙන් පිට වුණු ආකාරය පිළිබඳ මට කිසිම මතකයක් නැතත් මගේ ශරීරයෙන් පිට වී ගියේ ජම්බල ගෙඩියක් තරම් ලොකු, කිසි ම පැහැයක් නැති යම් ශක්ති ගොන්නක් බව දැනුණා. එසේ ම අන්තිමට මා ඇඳ උඩ සිටින බව දැනුණත් යළිත් ශරීරය තුළට ආවේ කෙසේ දැයි මතක නැත. එදා ඒ තරම් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි මා පහුව දා උදේ කිසිවක් සිදු නොවුණු අයුරින් ඇඳෙන් බැස මා ළඟ නතර කැර සිටි නැන්දා සමඟ නාන කාමරයට ගොස් මුහුණ කට සෝදා ගෙන ඇඳුම් මාරු කැර ගෙන ආවා. මා දුටු හෙදියන් සිනාසෙමින් ”අයියෝ! ඊයේ රෑ ඔයා අර මොකක්ද කරන්න හැදුවේ, අපි හරියට බයවුණා” යි කීවා. මේ සිදුවීම ගැන කල්පනා කැර බලන විට මට හැඟෙන්නේ මා ඒ වෙලාවේ ස්ථිර වශයෙන් ම මගේ ශරීරයෙන් නික්ම ගියා නම් අර පෙනුණු ඥාති සහෝදරයා ළඟ උපදින බවයි. ඒ අය්යාත් අක්කාත් ඉඳහිට පාරේ දී මුණ ගැසී කතා කළොත් මිස අප අතර වැඩි සම්බන්ධයක් තිබුණෙත් නෑ. දැනුත් නැහැ. ඒ අයියා මට ඒ තරම් රුස්සන චරිතයකුත් නොවෙයි. මේ ආත්මයේ මගේ අදහස් උදහස්වල නොගැලපීම් නිසා ඇති වූ මත ගැටුම් හේතුවෙන් මගේ පියා මටවත්, මම පියාටත් ඒ තරම් ඇලුම් බවක් පැවතුණේ නැහැ. මා එදා මගේ ශරීරයෙන් නික්ම ගොස් ඒ සහෝදරයා ළඟ උපන්නා නම් මේ ආත්මයේ පියා ළඟ ගෙවා දැමූ ආකාරයට ම අලුත් පියා ළඟත් කාලය ගෙවන්නට තිබුණා. ඔහු ළඟ ඉපැදුණා නම් මේ භවයේත් මා දැනට දරන වාසගම ම ලබන්නත් තිබුණා.” යැයි විතාන මහත්මිය එලොව ගොස් යළි මෙලොව ආ හැටි විස්තර කළාය. මේ සිද්ධිය පාදක කොට ගෙන බලන විට විතාන මහත්මිය ගේ් චුති චින්තයත් සමඟ ම ප්රතිසන්ධිය සිදු වන තැන දර්ශනය වී ඇත. එහෙත් මේ භවයේ ජීවත්වීමට නිර්මාණය වී තිබූ ශරීරයේ, අසනීපය හා ජීවත්වීම සඳහා ඇතිව තිබුණු නුසුදුසු තත්ත්වය වෛද්‍යවරිය හා හෙදියන් විසින් නැවත සුදුසු තත්ත්වයට ගැනීම සිදු වීමෙන් ඇය නැවතත් සිය ශරීරයට ම ආවාය. හෙවත් ඒ උපාදානස්කන්ධයත් සමඟ නැවත මෙහිම ප්රතිසන්ධිය ලැබුවාය. ඇය මරණාසන්න මොහොතේ ඊළඟ උපත ලබන ස්ථානය දුටුවාය. එහෙත් මෙතැනින් නික්ම යන මොහොතේ ඊළඟ උපදින තැන තීරණය වී තිබුණ ද අලුත් අම්මාගේ කුස තුළ පිළිසිඳීමට අවශ්‍ය සුදුසුකම් ගොඩ නැගී නොතිබුණි. එහෙත් ඇය ඉහළට පා වී ගියාමෙන් ම මරණයට පත් වූවා නම් ඇගේ මළ සිරුර ගෙන යන තැන්වලට ඇගේ නිවසට, දරුවන් ළඟට, අවසන් කටයුතු සිදුවන අවස්ථාවට, ගෙදර යන එන ඥාතීන් දැක ගැනීමට, ඔවුන් කරන කියන දේ දැක බලා ගැනීමට බොහෝ දුරට ඉඩකඩ තිබුණි. එසේ ම මේ හා සමාන තත්ත්වයකට පත් වන පුද්ගලයා දරන්නේ ද කලින් සිටි ශරීරයේ ම සියුම් ස්වභාවයකි. ඔහු හෝ ඇය පෙනී සිටින්නේ ද කලින් ජීවත්ව සිටි නාමයෙනි. මෙසේ ශරීයෙන් පිට වී යන පුද්ගලයා ටික වේලාවක් හෝ වේවා දින කීපයක් හෝ වේවා වසර කීපයක් හෝ වේවා ඒ ගත කරන කාලය අන්තර්භවයක් හෝ තාවකාලික භවයක් ලෙස ගැනීමට කිසිම බාධාවක් නැත. එසේ කියනු ලබන්නේ ඒ තුළ ද පංච උපාදානස්කන්ධ සංයුතියක් පවතින නිසාය. ඒ සත්ත්වයාට ද සිතුම් පැතුම් හා දැනීම් ඇත. පෙනීම හා ඇසීම ද ඇත. හඳුනා ගැනීමේ හැකියාව මෙන් ම අතීත මතකය ද ඇත. උපුටාගැනීමකි - පියවි ඇසින් ඔබ්බට, මතුගම මහින්ද විජේතිලක [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom