Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපිත්_කමුද_මකුල්_කුස් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න ඕකෙ ඉතුරු ටික :

අපි හැමෝම රෑට නිදා ගන්නකොට අදින්න කැමති සැහැල්ලු ඇඳුමක්. පිරිමි අපි නම් ඔය සරමක් එහෙම නැතිනම් ෂෝටක් වගේ එකක් ගහගෙන තමයි නිදා ගන්න කැමති. කාලයක් මමත් සරමක් ඇඳන් නිදා ගන්න ට්‍රයි කලත් උදේ නැගිටලා බලනකොට මම ඇඳ උඩ ඉන්දැත්දි සරම ඇඳ පාමුල තියෙන්න පටන් ගත්තා. සමහර දවස්වලට දන්නෙම නැතිව සරම වරා පොටක් වගේ කකුල් දෙක ගාවටම ගිහිල්ලා ඒක දන්නෙ නැතිව ඇඳෙන් බහින්න යනකොට හොම්බෙන් යන්න ගිහිල්ල පාරක් දෙපාරක් යන්තමින් බෙල්ල කඩාගන්නෙ නැතිව බේරුනා. එදා ඉඳන් මම නිදා ගන්නකොට අඳිනේ සැහැල්ලු කොට කලිසමක්.

ඒ උනත් මම ගොඩක් ඔය හොලිවූඩ් පැත්තේ හදන ෆිල්ම් බලන එක පුරුද්දක් කරගෙන ඉන්න නිසා නිතරම දකිනවා ඔය සුද්දෝ ගොඩක් වෙලාවට නිදාගන්නෙ ඇඳගෙන ඉන්න යට ඇඳුම පිටින්මයි කියලා. එහෙම ඉඳලා උදේ වෙච්ච ගමන් දඩි බිඩි ගාලා නැගිටලා අර අන්ඩර්වෙයාර් එකට උඩින්ම කලිසම ඇඳගෙන ෂර්ට් එකක් ඇඳගෙන උන් දුවනවා. ආපහු රෑ උනාම අර කලිසම ගලෝලා දාලා යට කලිසම පිටින්ම බුදිය ගන්නවා. කොච්චර සිම්පල්ද ?

කාලෙකට ඉස්සර අබුඩාබි වල හිටපු අයියා කෙනෙක්ගේ සුදු ජාතික අසල්වැසියෙක්ට ලොකු කරදරයක් උනා මේ පුරුද්ද නිසාත් තව ඒකට කුකුලෙකුත් සම්භන්ධ වුනු නිසාත්. කොහොමත් අබුඩාබි වල ගොඩක් කුකුල්ලු ඉන්නවා. ඒ පැත්තෙ ඉන්න කට්ටිය දන්නවා පොඩ්ඩක් නගරෙන් පිට අතුරුපාරවල් වල යන්න ගියාම දකින්න ලැබෙන නිදැල්ලෙ හැසිරෙන අයිතිකාරයෝ නැති කුකුල්ලු. කාලෙකට ඉස්සර ගෙවල් වල ඇති කරන්න අරගෙන පස්සෙ කාලෙක අයිති කාරයෝ ගෙවල් ඇරලා යනකොට අරගෙන නොගිය, අතරමං වෙච්ච කුකුලන්ගෙන් පැවත එන කුකුල් පරම්පරාවලින් එන කුකුල්ලු තමයි ඒ. හැමතිස්සෙම පැටව් ගැහුවත් මුන්ට වල් කුකුල්ලු කියන්නත් බෑ, වන කුකුල්ලු කියන්නත් බෑ මොකද මුන් ජීවත් වෙන්නේ වනේ නොවන නිසා. පාරවල් අයිනේ තියෙන පඳුරු අස්සෙ බිත්තර දාලා ඒවයේම රැකලා තමයි ඒ කුකුල්ලු පරපුර පැවතගෙන එන්නෙ.

සමර් කාලෙදි පාන්දර හතර හෝ හතරහ මාරවෙද්දි මෙහෙට ඉර පායනවා. ඒ වගේම රෑ අට විතර වෙනවා ඉර බැහැලා යන්න. කුකුල්ලු උනත් ජන්මයෙන් එන පුරුද්දු අත අරින්න උන් කැමති නෑනේ. ඉතින් ඔන්න ඒ පැත්තෙ ඉන්න කුකුල්ලුත් ඈත ක්ෂිතිජයේ ඉර නැගෙන්න කලින් ඉඳන්ම කෑ ගහන්න පටන් ගන්නවා කුක්කු කූක් කූක්....කුක්කු කූක් කූක්.... කියලා. දන්න කට්ටිය දන්නවනේ ඔහොම කෑ ගහන කුකුලා උගේ ගෑනු සතාව උගුඩුවෙක් උස්සගෙන ගියත් කෑ ගැහිල්ල නවත්තන්නෙ නෑ කියලා.

තට්ටු දෙකේ බිල්ඩිමක පල්ලෙහා තට්ටුවේ මම දන්න අයියා ඉන්නකොට උඩ තට්ටුවේ ඉඳලා තියෙනෙ ජර්මන් ජාතික පයිලට් කෙනෙක්. අනේ ඉතින් මේ මනුස්සයා ලෝකේ වටේ රවුම් ගහලා ගහලා පාන්දර ජාමේ ඇවිත් නිදා ගන්න හදනකොටම අර මරුමුස් කුකුලා ඒ බිල්ඩිම ගාවම තියෙන ගහක අත්තක ඉඳන් බෙල්ල මිරිකලා වගේ කෑ ගහනවා. ඔන්න ඉතින් අර අයියට ඇහෙනවලු අර අසරණ සුද්දා බැල්කනියට ඇවිත් කරුණාවෙන් කුකුලට කියනවා "ප්ලීස් කෑගහන්න එපා යකෝ.....!" (හැබැයි කියනවා කියන්නෙ යටි ගිරියෙන් කෑ ගහලා )... ඒත් මොන. කුකුලා නෙමෙයි කණකටවත් ගන්නෙ. අරාබි කුකුලන්ට ජර්මන් තේරෙනවා කියලයෑ...? ඌත් දෙනවා තව ටිකක් හයියෙන් කුක්කු කූක් කූක් කියලා....ඔන්න ඊට පස්සෙ ඇහෙනවාලු ගෙදර තියෙන කොසු, මොප් වගේ දේවල් උඩින් ඉගිල්ලිලා ගිහින් අර ගහේ වැදිලා බිම වැටෙනවා.

සුද්දා ගෙදර ඉන්න දවස්වල පාන්දරට ඕක සාමාන්‍යය සිද්ධියක් වෙන තරමටම කිසිම විශේෂයක් නැතිව ගිහිල්ලා. හැබැයි ඔන්න එක දවසක් සුපුරුදු විදිහට කුකුලා අඬලන්න පටන් අරගෙන ටික වෙලාවකින් අර සුපුරුදු සංසිද්ධි ටික එක පෙලට වෙන්න පටන් ගන්නවා. හැබයි ඊට ටික වෙලාවකට පස්සෙ පොඩ්ඩක් වෙනස් සද්දෙකුත් ඇහිලා මේ වගේ...."ක්රාස්...බරාස් තග්....බුදු අම්මෝ...! (ජර්මන් වලින් )". ඔන්න ඉතින් මේ නුහුරු නොපුරුදු සද්දේ මොකක්ද කියලා බලන්න අයියා එලියට ඇවිත් බලනකොට අර සුද්ද පාරෙ ඉඳන් පොඩි එකෙක් වගේ දණ ගාණවා.ඔන්න ඉතින් අයියත් දුවලා ගිහිල්ල සුද්දව නැගිට්ටවලා. දෙයියන්ගේ පිහිටින් පොඩි හීරීම් ටිකක් ඇරෙන්න ලොකු තුවාලයක් වෙලා නෑ පොරට. සුද්දගේ ඉවසීමේ සීමාව පැනපු පාර මූ බැල්කනියෙන් අර ගහට නැගලා තියෙන්නෙ කොස්සත් අතේ තියාගෙන කුකුලව මරන්න.එල්ලිච්ච අත්තත් එක්කම තමයි මූව පාරට ඇදගෙන වැටිලා තියෙන්නෙ. දැන් ඔන්න අහල පහල ඉන්න ගෑණු මිනිස්සුත් එලියට ඇවිත් මේ සද්දෙට. කරුමේ කියන්නෙ ඒත් එක්කම නගරේ පැට්රල් යන පොලිස් ජීප් එකත් මේත් එක්කම මෙතන නවත්තලා මොකක්ද මේ කලබලේ කියලා බලන්න. කොරේ පිටට මරේ කියලා සුද්ද ඉඳලා තියෙන්නෙ ජොකා පිටින්. මෙහේ නීතිය හැටියට පිරිමි කෙනෙක්ට දණහිසින් උඩට වෙන්නවත් කොට කලිසම් ඇඳගෙන පාරෙ යන්න බෑ. අනේ ඉතින් අර සුද්දව අල්ලගත්ත පොලීසිය පොරව ජීප් එකට දාගත්තෙ නොහොබිනා ලෙස මහපාරේ ගැවසීමේ වැරද්ද නිසා. සුද්දා ජීප් එකට නගිනකොටත් කුකුලා මර හඬ දිදී කුක්කු කූක් කූක් කියනවලු.

ඔන්න ඔහොමයි අසරණ සුදු පයිලට් කෙනෙක්ට කුකුලෙක් නිසා හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ උනේ.

කුකුලට කකුල් දෙකක් තියෙන එක ගොඩක් අයට ප්‍රශ්නයක් විශේෂෙන්ම පවුලේ පොඩි එවුන් තුන් හතර දෙනෙක් ඉන්න පවුලකට. හරියට අපි පොඩි කාලේ වගේ. අර කුකුල් කකුල් දෙකට කට්ටිය මරා ගන්නෙ නැති එක විතරයි. ඔය ප්‍රශ්නේ මෙහෙ විතරක් නෙමෙයි ඇමරිකාවෙත් තියෙනවා.

දවසක් ඇමරිකාවෙ එක පිටිසර පලාතකට අළුතෙන් පත්වෙච්ච ෂෙරීෆ් කෙනෙක් තමන්ගේ කාර් එකෙන් ගොවිපලක් ලඟින් යනකොට එක පාරටම පැයට කිලෝමීටර් එකසිය ගාණක වේගෙන් ආපු සතෙක් ෂෙරීෆ්ගේ කාර් එකත් පහු කරගෙන ගොවිපලේ වැටත් පැනලා ගොවි පල ඇතුලට පැන්නලු. හොල්මන් වෙච්ච පාර ෂෙරීෆ් කාර් එක නවත්තලා බලනකොට ඒ පැනපු සතා කුකුලෙක්ලු. අප්පද බොල බලාගෙන යනකොට ඒ කුකුලට කකුල් හතරක් තියෙනවලු. ඒ කුකුලා විතරක් නෙමෙයි ගොවි පොල ඇතුලේ ඒ වගේ කකුල් හතරේ කුකුල්ලු මහ ගොඩක් හැම තැනම අහුල අහුලා කකා ඉන්නවලු.

ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ සීන් එකක් දැකපු ෂෙරීෆුත් ඔන්න ගියාළු ගොවිපලේ අයිති කාරයව හම්බවෙන්න. ගොඩක් වයසට ගිය අයිතිකාරයගෙන් ෂෙරීෆ් ඇහුවලු කොහෙන්ද මේ කකුල් හතරේ කුකුල්ලු හොයාගත්තෙ කියලා. ඔන්න ඉතින් ගොවිපලේ අයිතිකාරයා කිව්වලු,

"ෂෙරීෆ් මහත්තයෝ, මට දරුවො හතර දෙනෙක් හිටියා. රෑට කන්න කියලා කුකුලෙක් රෝස්ට් කලොත් හැමදාම ගෙදර රණ්ඩු උගේ කකුල් දෙක බෙදාගන්න. ඉතින් මම ඒකට විසඳුමක් විදිහට ඔය ජාන තාක්ෂණේ පාවිච්චි කරලා කුකුලගේ තටු දෙකත් කකුල් දෙකක් වෙන විදිහට වෙනස් කරා...."

"ෂා හරි ශෝක් විසඳුමක්නේ මහත්තයෝ. ඉතින් ගෙදර ප්‍රශ්නේ විසදෙන්න ඇති නේද ?"

“මොන පිස්සුද ෂෙරීෆ් මහත්තයෝ, ඊට පස්සෙ ආසාවට ගෙදර පැත්ත පලාතේ චිකන් රෝස්ට් කලේ නෑ....

“හෑහ්, ඒ මොකද.....?”

“මේ යක්කු කකුල් දෙකක් තිබිච්ච කාලෙදිත් අල්ලගත්තෙ බොහොම අමාරුවෙන් උන්ගේ පස්සෙ දුවලා. දැන් මුන් කකුල් හතරෙන් දුවනකොට අල්ලයි උන්ගේ නැට්ට...!”

"කොටින්ම මගේ ගොවිපලේ පොඩි කාලේ ඉඳන් වැඩකරපු, කුකුල්ලු ටික බලාගත්ත කොල්ලා තමයි ගිය පාර ඔලිම්පික් මීටර් සීය රන් පදක්කම දින්නේ......!"

ඒ කතාව කුකුල්ලු නිසා ඔලිම්පික් රන් පදක්කමක් දිනපු එකක් ගැන.

අපි හැමෝම දන්නවා පංසල්වල හාමුදුරුවරුන්ට දානේ හම්බවෙන විදිහ ගැන. උන් වහන්සේලාට ගොඩ වෙලාවට දවල් දානය නම් නොවැරදීම ලැබෙනවා මොකද මිනිස්සු දාන මාන දෙන්නෙ දවල්ට. ඒත් ඉතින් හීල් දානේ ඒ කියන්නෙ උදේ දානේ ඒ වගේ සුලබව ලැබෙන්නෙ නෑ. ඉතින් ගොඩක් වෙලාවට හමුදුරුවරු තම්න්ට පුළු පුළුවන් විදිහට ඒක පංසලේ ඇබිත්ත කොලුවෙක් ඉන්නවා නම් එයාට කියලා හරි, නැති නම් තමන් විසින් හරි සිදු කරගන්නවා. බුදු හාමුදුරුවන්ගේ දේශනාවෙ හැටියට රෑට ඝන ආහාරයක් අරගන්නෙ නැතිව සැතපෙන හාමුදුරුවරුන්ට උදේටත් මුකුත් වලඳන්න ලැබුනේ නැත්නම් ලොකු අපහසුතාවයකට තමයි පත් වෙන්නෙ.

ඔන්න දවසක් එක්තරා ගමක පන්සලේ හාමුදුරුවන්ටත් හීල් දානේ මග ඇරුනා. පංසලේ කිසිම දෙයක් තිබුනේ නෑ දානෙට ගන්නවත් දානෙ පිළියෙල කරගන්නවත්. කොහොම හරි ඔය පන්සල කිට්ටුවම තියෙන මුස්ලිම් ගෙදරක ඉන්නවා ගම් කිකිලියෝ දහයක් පහලවක් තියාගෙන බිත්තර එහෙම අරගෙන ලඟ පාත කඩවල් වලට බිත්තර විකුණන්න දාලා කීයක් හරි හොයා ගන්න ජෝඩුවක්. මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට බිත්තර වලට අමතරව ආප්ප, ඉඳි ආප්ප වගේ දේවලුත් කඩවල් වලට දානවා.

කොහොම හරි දානෙ මග ඇරිච්ච දවසෙ හාමුදුරුවෝ දකිනවා මේ බිත්තර ගෙදර ගෑණු මනුස්සයත් උදේ පාන්දරම කඩවල් වලට කඩයප්පම් දාලා හනි හනිකට ගෙවල් පැත්තෙ යනවා. හොඳටම බඩගින්නෙ හිටපු හමුදුරුවොත් අර මනුස්සයට කතා කරලා අහනවා,

"ඉතුරු වෙච්ච ආප්ප එහෙම ගන්න තියෙනවද උපාසක අම්මේ...? මොකද මේ අපේ පොඩි උන්නාන්සේලා ටිකට වත් අද උදේට වලඳන්න මොනවත් පංසල හරියේ නෑ....! ?" කියලා

ඒ වෙනකොට හිස් පංකොල වට්ටිය අරගෙන ගිය ගෑණු මනුස්සයගේ හිත හොඳටම රිදුනා හාමුදුරුවෝ ඒක අහපු විදිහෙන්ම.

"අනේ ෂාදු ඔක්කොම කඩයෙප්පම් ටික ඉවරයි තමයි......... යේත් හිටින්නකෝ මම විජහට ගොහින් ආප්ප ටිකක් තමා ඉකමනටම හදාගෙන යෙන්නම්....!" කියලා අඩිය ඉක්මන් කරලා ගෙදර පැත්තට දිව්වා.

කොහොම හරි ගෙදර ගිය ගෑණු මනුස්සයා ඉතුරු වෙලා තිබුනු ආප්ප පිටි වලින් නිකන් ආප්පයි තව බිත්තර අප්පයි හදාගෙන ගියා ආපහු පන්සල පැත්තෙ.

හාමුදුරුවොත් ආප්ප වලට සල්ලිත් දීලා පිනුත් දීලා ආප්ප ටික ගත්තා. පස්සෙ පොඩි හාමුදුරුවරු ගොල්ලන්ටත් කතා කරලා බෙදා හදා ගෙන ආප්ප වළඳන ගමන්ම හාමුදුරුවො කතා කරනවා.

"උපාසකම්මේ, මම පහුගිය දොහේ ගෙවල් ගාවින් යමින් ගමන දැක්කේ, උපාසකම්මගේ මහත්තයා වත්තෙ එහේ මෙහේ ඇවිද ඇවිද ඉන්නවා කුක් කුක් කුක් කිය කිය කුකුලෙක් වගේ කෑ ගගහා. මොකක්ද අර ඒ මනුස්සයට වෙලා තියෙන්නෙ....?" ප්ලේන් ආප්පයක් වලඳලා අහවර වෙලා, බිත්තර ආපෙකුත් දෙකට නමලා වලඳන අතරේ හාමුදුරුවො එහෙම ඇහුවා.

“අනේ යේක තමෙයි ෂාදු දැන් ටික දොහක යිඳලා යේ මනුශ්ෂය ඔහොම තමයි. අපේ මුනියා හිතාගෙන ඉන්නේ මුනියා කුකුලෙක් කියලා. කොටින්ම කියනවනම් උදේට නැගිටින්නෙත් කුක්කු කූක් කිය කියා.... මුනියා ෂිකුරාදා පල්ලි යන්නෙත් නෑ කිකිලියෝ ටික අත ඇරලා.”

“හපොයි උපාසකම්මේ. ඕක ඉතින් බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයිනේ. ගියෙ නැද්ද ඉතින් දොස්තර කෙනෙක්ටවත් පෙන්නන්න........” කටේ පැත්තෙන් බේරෙන බිත්තර කහමදේ ඇඟිල්ලකින් පිහිදාන ගමන් හාමුදුරුවොත් අහනව.

“අයියෝ ෂාදු යෙහෙම කළොත් මගේ කිකිලියෝ ටිකට බිත්තර දේන්න කුකුලෙක් කෝ......?”

http://dhumee.blogspot.com/2012/07/blog-post_20.html

මෙන්න මුල් එකෙ ලින්ක් එක :

http://dhumee.blogspot.com/2012/07/blog-post.html

[QUOTE="kosandpol, post: 13074295, member: 105851"] මෙන්න ඕකෙ ඉතුරු ටික : අපි හැමෝම රෑට නිදා ගන්නකොට අදින්න කැමති සැහැල්ලු ඇඳුමක්. පිරිමි අපි නම් ඔය සරමක් එහෙම නැතිනම් ෂෝටක් වගේ එකක් ගහගෙන තමයි නිදා ගන්න කැමති. කාලයක් මමත් සරමක් ඇඳන් නිදා ගන්න ට්‍රයි කලත් උදේ නැගිටලා බලනකොට මම ඇඳ උඩ ඉන්දැත්දි සරම ඇඳ පාමුල තියෙන්න පටන් ගත්තා. සමහර දවස්වලට දන්නෙම නැතිව සරම වරා පොටක් වගේ කකුල් දෙක ගාවටම ගිහිල්ලා ඒක දන්නෙ නැතිව ඇඳෙන් බහින්න යනකොට හොම්බෙන් යන්න ගිහිල්ල පාරක් දෙපාරක් යන්තමින් බෙල්ල කඩාගන්නෙ නැතිව බේරුනා. එදා ඉඳන් මම නිදා ගන්නකොට අඳිනේ සැහැල්ලු කොට කලිසමක්. ඒ උනත් මම ගොඩක් ඔය හොලිවූඩ් පැත්තේ හදන ෆිල්ම් බලන එක පුරුද්දක් කරගෙන ඉන්න නිසා නිතරම දකිනවා ඔය සුද්දෝ ගොඩක් වෙලාවට නිදාගන්නෙ ඇඳගෙන ඉන්න යට ඇඳුම පිටින්මයි කියලා. එහෙම ඉඳලා උදේ වෙච්ච ගමන් දඩි බිඩි ගාලා නැගිටලා අර අන්ඩර්වෙයාර් එකට උඩින්ම කලිසම ඇඳගෙන ෂර්ට් එකක් ඇඳගෙන උන් දුවනවා. ආපහු රෑ උනාම අර කලිසම ගලෝලා දාලා යට කලිසම පිටින්ම බුදිය ගන්නවා. කොච්චර සිම්පල්ද ? කාලෙකට ඉස්සර අබුඩාබි වල හිටපු අයියා කෙනෙක්ගේ සුදු ජාතික අසල්වැසියෙක්ට ලොකු කරදරයක් උනා මේ පුරුද්ද නිසාත් තව ඒකට කුකුලෙකුත් සම්භන්ධ වුනු නිසාත්. කොහොමත් අබුඩාබි වල ගොඩක් කුකුල්ලු ඉන්නවා. ඒ පැත්තෙ ඉන්න කට්ටිය දන්නවා පොඩ්ඩක් නගරෙන් පිට අතුරුපාරවල් වල යන්න ගියාම දකින්න ලැබෙන නිදැල්ලෙ හැසිරෙන අයිතිකාරයෝ නැති කුකුල්ලු. කාලෙකට ඉස්සර ගෙවල් වල ඇති කරන්න අරගෙන පස්සෙ කාලෙක අයිති කාරයෝ ගෙවල් ඇරලා යනකොට අරගෙන නොගිය, අතරමං වෙච්ච කුකුලන්ගෙන් පැවත එන කුකුල් පරම්පරාවලින් එන කුකුල්ලු තමයි ඒ. හැමතිස්සෙම පැටව් ගැහුවත් මුන්ට වල් කුකුල්ලු කියන්නත් බෑ, වන කුකුල්ලු කියන්නත් බෑ මොකද මුන් ජීවත් වෙන්නේ වනේ නොවන නිසා. පාරවල් අයිනේ තියෙන පඳුරු අස්සෙ බිත්තර දාලා ඒවයේම රැකලා තමයි ඒ කුකුල්ලු පරපුර පැවතගෙන එන්නෙ. සමර් කාලෙදි පාන්දර හතර හෝ හතරහ මාරවෙද්දි මෙහෙට ඉර පායනවා. ඒ වගේම රෑ අට විතර වෙනවා ඉර බැහැලා යන්න. කුකුල්ලු උනත් ජන්මයෙන් එන පුරුද්දු අත අරින්න උන් කැමති නෑනේ. ඉතින් ඔන්න ඒ පැත්තෙ ඉන්න කුකුල්ලුත් ඈත ක්ෂිතිජයේ ඉර නැගෙන්න කලින් ඉඳන්ම කෑ ගහන්න පටන් ගන්නවා කුක්කු කූක් කූක්....කුක්කු කූක් කූක්.... කියලා. දන්න කට්ටිය දන්නවනේ ඔහොම කෑ ගහන කුකුලා උගේ ගෑනු සතාව උගුඩුවෙක් උස්සගෙන ගියත් කෑ ගැහිල්ල නවත්තන්නෙ නෑ කියලා. තට්ටු දෙකේ බිල්ඩිමක පල්ලෙහා තට්ටුවේ මම දන්න අයියා ඉන්නකොට උඩ තට්ටුවේ ඉඳලා තියෙනෙ ජර්මන් ජාතික පයිලට් කෙනෙක්. අනේ ඉතින් මේ මනුස්සයා ලෝකේ වටේ රවුම් ගහලා ගහලා පාන්දර ජාමේ ඇවිත් නිදා ගන්න හදනකොටම අර මරුමුස් කුකුලා ඒ බිල්ඩිම ගාවම තියෙන ගහක අත්තක ඉඳන් බෙල්ල මිරිකලා වගේ කෑ ගහනවා. ඔන්න ඉතින් අර අයියට ඇහෙනවලු අර අසරණ සුද්දා බැල්කනියට ඇවිත් කරුණාවෙන් කුකුලට කියනවා "ප්ලීස් කෑගහන්න එපා යකෝ.....!" (හැබැයි කියනවා කියන්නෙ යටි ගිරියෙන් කෑ ගහලා )... ඒත් මොන. කුකුලා නෙමෙයි කණකටවත් ගන්නෙ. අරාබි කුකුලන්ට ජර්මන් තේරෙනවා කියලයෑ...? ඌත් දෙනවා තව ටිකක් හයියෙන් කුක්කු කූක් කූක් කියලා....ඔන්න ඊට පස්සෙ ඇහෙනවාලු ගෙදර තියෙන කොසු, මොප් වගේ දේවල් උඩින් ඉගිල්ලිලා ගිහින් අර ගහේ වැදිලා බිම වැටෙනවා. සුද්දා ගෙදර ඉන්න දවස්වල පාන්දරට ඕක සාමාන්‍යය සිද්ධියක් වෙන තරමටම කිසිම විශේෂයක් නැතිව ගිහිල්ලා. හැබැයි ඔන්න එක දවසක් සුපුරුදු විදිහට කුකුලා අඬලන්න පටන් අරගෙන ටික වෙලාවකින් අර සුපුරුදු සංසිද්ධි ටික එක පෙලට වෙන්න පටන් ගන්නවා. හැබයි ඊට ටික වෙලාවකට පස්සෙ පොඩ්ඩක් වෙනස් සද්දෙකුත් ඇහිලා මේ වගේ...."ක්රාස්...බරාස් තග්....බුදු අම්මෝ...! (ජර්මන් වලින් )". ඔන්න ඉතින් මේ නුහුරු නොපුරුදු සද්දේ මොකක්ද කියලා බලන්න අයියා එලියට ඇවිත් බලනකොට අර සුද්ද පාරෙ ඉඳන් පොඩි එකෙක් වගේ දණ ගාණවා.ඔන්න ඉතින් අයියත් දුවලා ගිහිල්ල සුද්දව නැගිට්ටවලා. දෙයියන්ගේ පිහිටින් පොඩි හීරීම් ටිකක් ඇරෙන්න ලොකු තුවාලයක් වෙලා නෑ පොරට. සුද්දගේ ඉවසීමේ සීමාව පැනපු පාර මූ බැල්කනියෙන් අර ගහට නැගලා තියෙන්නෙ කොස්සත් අතේ තියාගෙන කුකුලව මරන්න.එල්ලිච්ච අත්තත් එක්කම තමයි මූව පාරට ඇදගෙන වැටිලා තියෙන්නෙ. දැන් ඔන්න අහල පහල ඉන්න ගෑණු මිනිස්සුත් එලියට ඇවිත් මේ සද්දෙට. කරුමේ කියන්නෙ ඒත් එක්කම නගරේ පැට්රල් යන පොලිස් ජීප් එකත් මේත් එක්කම මෙතන නවත්තලා මොකක්ද මේ කලබලේ කියලා බලන්න. කොරේ පිටට මරේ කියලා සුද්ද ඉඳලා තියෙන්නෙ ජොකා පිටින්. මෙහේ නීතිය හැටියට පිරිමි කෙනෙක්ට දණහිසින් උඩට වෙන්නවත් කොට කලිසම් ඇඳගෙන පාරෙ යන්න බෑ. අනේ ඉතින් අර සුද්දව අල්ලගත්ත පොලීසිය පොරව ජීප් එකට දාගත්තෙ නොහොබිනා ලෙස මහපාරේ ගැවසීමේ වැරද්ද නිසා. සුද්දා ජීප් එකට නගිනකොටත් කුකුලා මර හඬ දිදී කුක්කු කූක් කූක් කියනවලු. ඔන්න ඔහොමයි අසරණ සුදු පයිලට් කෙනෙක්ට කුකුලෙක් නිසා හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ උනේ. කුකුලට කකුල් දෙකක් තියෙන එක ගොඩක් අයට ප්‍රශ්නයක් විශේෂෙන්ම පවුලේ පොඩි එවුන් තුන් හතර දෙනෙක් ඉන්න පවුලකට. හරියට අපි පොඩි කාලේ වගේ. අර කුකුල් කකුල් දෙකට කට්ටිය මරා ගන්නෙ නැති එක විතරයි. ඔය ප්‍රශ්නේ මෙහෙ විතරක් නෙමෙයි ඇමරිකාවෙත් තියෙනවා. දවසක් ඇමරිකාවෙ එක පිටිසර පලාතකට අළුතෙන් පත්වෙච්ච ෂෙරීෆ් කෙනෙක් තමන්ගේ කාර් එකෙන් ගොවිපලක් ලඟින් යනකොට එක පාරටම පැයට කිලෝමීටර් එකසිය ගාණක වේගෙන් ආපු සතෙක් ෂෙරීෆ්ගේ කාර් එකත් පහු කරගෙන ගොවිපලේ වැටත් පැනලා ගොවි පල ඇතුලට පැන්නලු. හොල්මන් වෙච්ච පාර ෂෙරීෆ් කාර් එක නවත්තලා බලනකොට ඒ පැනපු සතා කුකුලෙක්ලු. අප්පද බොල බලාගෙන යනකොට ඒ කුකුලට කකුල් හතරක් තියෙනවලු. ඒ කුකුලා විතරක් නෙමෙයි ගොවි පොල ඇතුලේ ඒ වගේ කකුල් හතරේ කුකුල්ලු මහ ගොඩක් හැම තැනම අහුල අහුලා කකා ඉන්නවලු. ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ සීන් එකක් දැකපු ෂෙරීෆුත් ඔන්න ගියාළු ගොවිපලේ අයිති කාරයව හම්බවෙන්න. ගොඩක් වයසට ගිය අයිතිකාරයගෙන් ෂෙරීෆ් ඇහුවලු කොහෙන්ද මේ කකුල් හතරේ කුකුල්ලු හොයාගත්තෙ කියලා. ඔන්න ඉතින් ගොවිපලේ අයිතිකාරයා කිව්වලු, "ෂෙරීෆ් මහත්තයෝ, මට දරුවො හතර දෙනෙක් හිටියා. රෑට කන්න කියලා කුකුලෙක් රෝස්ට් කලොත් හැමදාම ගෙදර රණ්ඩු උගේ කකුල් දෙක බෙදාගන්න. ඉතින් මම ඒකට විසඳුමක් විදිහට ඔය ජාන තාක්ෂණේ පාවිච්චි කරලා කුකුලගේ තටු දෙකත් කකුල් දෙකක් වෙන විදිහට වෙනස් කරා...." "ෂා හරි ශෝක් විසඳුමක්නේ මහත්තයෝ. ඉතින් ගෙදර ප්‍රශ්නේ විසදෙන්න ඇති නේද ?" “මොන පිස්සුද ෂෙරීෆ් මහත්තයෝ, ඊට පස්සෙ ආසාවට ගෙදර පැත්ත පලාතේ චිකන් රෝස්ට් කලේ නෑ.... “හෑහ්, ඒ මොකද.....?” “මේ යක්කු කකුල් දෙකක් තිබිච්ච කාලෙදිත් අල්ලගත්තෙ බොහොම අමාරුවෙන් උන්ගේ පස්සෙ දුවලා. දැන් මුන් කකුල් හතරෙන් දුවනකොට අල්ලයි උන්ගේ නැට්ට...!” "කොටින්ම මගේ ගොවිපලේ පොඩි කාලේ ඉඳන් වැඩකරපු, කුකුල්ලු ටික බලාගත්ත කොල්ලා තමයි ගිය පාර ඔලිම්පික් මීටර් සීය රන් පදක්කම දින්නේ......!" ඒ කතාව කුකුල්ලු නිසා ඔලිම්පික් රන් පදක්කමක් දිනපු එකක් ගැන. අපි හැමෝම දන්නවා පංසල්වල හාමුදුරුවරුන්ට දානේ හම්බවෙන විදිහ ගැන. උන් වහන්සේලාට ගොඩ වෙලාවට දවල් දානය නම් නොවැරදීම ලැබෙනවා මොකද මිනිස්සු දාන මාන දෙන්නෙ දවල්ට. ඒත් ඉතින් හීල් දානේ ඒ කියන්නෙ උදේ දානේ ඒ වගේ සුලබව ලැබෙන්නෙ නෑ. ඉතින් ගොඩක් වෙලාවට හමුදුරුවරු තම්න්ට පුළු පුළුවන් විදිහට ඒක පංසලේ ඇබිත්ත කොලුවෙක් ඉන්නවා නම් එයාට කියලා හරි, නැති නම් තමන් විසින් හරි සිදු කරගන්නවා. බුදු හාමුදුරුවන්ගේ දේශනාවෙ හැටියට රෑට ඝන ආහාරයක් අරගන්නෙ නැතිව සැතපෙන හාමුදුරුවරුන්ට උදේටත් මුකුත් වලඳන්න ලැබුනේ නැත්නම් ලොකු අපහසුතාවයකට තමයි පත් වෙන්නෙ. ඔන්න දවසක් එක්තරා ගමක පන්සලේ හාමුදුරුවන්ටත් හීල් දානේ මග ඇරුනා. පංසලේ කිසිම දෙයක් තිබුනේ නෑ දානෙට ගන්නවත් දානෙ පිළියෙල කරගන්නවත්. කොහොම හරි ඔය පන්සල කිට්ටුවම තියෙන මුස්ලිම් ගෙදරක ඉන්නවා ගම් කිකිලියෝ දහයක් පහලවක් තියාගෙන බිත්තර එහෙම අරගෙන ලඟ පාත කඩවල් වලට බිත්තර විකුණන්න දාලා කීයක් හරි හොයා ගන්න ජෝඩුවක්. මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට බිත්තර වලට අමතරව ආප්ප, ඉඳි ආප්ප වගේ දේවලුත් කඩවල් වලට දානවා. කොහොම හරි දානෙ මග ඇරිච්ච දවසෙ හාමුදුරුවෝ දකිනවා මේ බිත්තර ගෙදර ගෑණු මනුස්සයත් උදේ පාන්දරම කඩවල් වලට කඩයප්පම් දාලා හනි හනිකට ගෙවල් පැත්තෙ යනවා. හොඳටම බඩගින්නෙ හිටපු හමුදුරුවොත් අර මනුස්සයට කතා කරලා අහනවා, "ඉතුරු වෙච්ච ආප්ප එහෙම ගන්න තියෙනවද උපාසක අම්මේ...? මොකද මේ අපේ පොඩි උන්නාන්සේලා ටිකට වත් අද උදේට වලඳන්න මොනවත් පංසල හරියේ නෑ....! ?" කියලා ඒ වෙනකොට හිස් පංකොල වට්ටිය අරගෙන ගිය ගෑණු මනුස්සයගේ හිත හොඳටම රිදුනා හාමුදුරුවෝ ඒක අහපු විදිහෙන්ම. "අනේ ෂාදු ඔක්කොම කඩයෙප්පම් ටික ඉවරයි තමයි......... යේත් හිටින්නකෝ මම විජහට ගොහින් ආප්ප ටිකක් තමා ඉකමනටම හදාගෙන යෙන්නම්....!" කියලා අඩිය ඉක්මන් කරලා ගෙදර පැත්තට දිව්වා. කොහොම හරි ගෙදර ගිය ගෑණු මනුස්සයා ඉතුරු වෙලා තිබුනු ආප්ප පිටි වලින් නිකන් ආප්පයි තව බිත්තර අප්පයි හදාගෙන ගියා ආපහු පන්සල පැත්තෙ. හාමුදුරුවොත් ආප්ප වලට සල්ලිත් දීලා පිනුත් දීලා ආප්ප ටික ගත්තා. පස්සෙ පොඩි හාමුදුරුවරු ගොල්ලන්ටත් කතා කරලා බෙදා හදා ගෙන ආප්ප වළඳන ගමන්ම හාමුදුරුවො කතා කරනවා. "උපාසකම්මේ, මම පහුගිය දොහේ ගෙවල් ගාවින් යමින් ගමන දැක්කේ, උපාසකම්මගේ මහත්තයා වත්තෙ එහේ මෙහේ ඇවිද ඇවිද ඉන්නවා කුක් කුක් කුක් කිය කිය කුකුලෙක් වගේ කෑ ගගහා. මොකක්ද අර ඒ මනුස්සයට වෙලා තියෙන්නෙ....?" ප්ලේන් ආප්පයක් වලඳලා අහවර වෙලා, බිත්තර ආපෙකුත් දෙකට නමලා වලඳන අතරේ හාමුදුරුවො එහෙම ඇහුවා. “අනේ යේක තමෙයි ෂාදු දැන් ටික දොහක යිඳලා යේ මනුශ්ෂය ඔහොම තමයි. අපේ මුනියා හිතාගෙන ඉන්නේ මුනියා කුකුලෙක් කියලා. කොටින්ම කියනවනම් උදේට නැගිටින්නෙත් කුක්කු කූක් කිය කියා.... මුනියා ෂිකුරාදා පල්ලි යන්නෙත් නෑ කිකිලියෝ ටික අත ඇරලා.” “හපොයි උපාසකම්මේ. ඕක ඉතින් බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයිනේ. ගියෙ නැද්ද ඉතින් දොස්තර කෙනෙක්ටවත් පෙන්නන්න........” කටේ පැත්තෙන් බේරෙන බිත්තර කහමදේ ඇඟිල්ලකින් පිහිදාන ගමන් හාමුදුරුවොත් අහනව. “අයියෝ ෂාදු යෙහෙම කළොත් මගේ කිකිලියෝ ටිකට බිත්තර දේන්න කුකුලෙක් කෝ......?” [LEFT][COLOR=#000000] [url]http://dhumee.blogspot.com/2012/07/blog-post_20.html[/url] මෙන්න මුල් එකෙ ලින්ක් එක : [url]http://dhumee.blogspot.com/2012/07/blog-post.html[/url] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom