Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි බදු ගෙවමු..පැතුම් කර්නර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේදනාකාරී බදු ගෙවීම....

පසුගිය 2021 වසරේදී ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියේ 292,305 දෙනෙක් පමණයි. එනම් රටේ ජනගහණයෙන් 1.4%ක් පමණයි. මීට අමතරව, තනි පුද්ගල ව්‍යාපාර හා හවුල්කාරිත්ව 16,798ක්ද බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියා. ලියාපදිංචි වූ පමණින් බදු ගෙවූ බව අදහස් වන්නේ නැහැ. මුල සිටම පිළිවෙළට බදු ගෙවා ගෙන ගොස් තියෙන්නේ (APIT යටතේ) 32,702 දෙනෙකු පමණයි. ඉතිරි අයගෙන් කොපමණ පිරිසක් ඇත්තටම බදු ගෙවුවාද කියා මා දන්නේ නැහැ.

මෙම තනි පුද්ගල ව්‍යාපාර හා හවුල්කාරිත්ව මෙන්ම වෙනත් සමිති/සංගම් ආදිය ඇතුළත්ව (පුද්ගලික හා පොදු සමාගම් හැර) පුද්ගලයින් විසින් 2021 වසර තුළ ගෙවූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 48.7ක් පමණයි (හරියටමනම් රුපියල් 48,713,743,993ක්). පෙර වසරේ ඔවුන් ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය ඊටත් අඩුයි (රුපියල් 38,480,375,114ක් පමණයි). ඉහත මුදල 2021 රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.28%ක් පමණයි. රාජ්‍ය වියදම් වලින් 1.38%ක් පමණයි.

රුපියල් බිලියන 38.5ක් හෝ 48.7 වැනි මුදලක් කොපමණ සොච්චම් ආදායමක්ද යන්න සතියකට රජය විසින් භාණ්ඩාගාර බිල්පත් විකුණා ණයට ගන්නා මුදලම වුවත් රුපියල් බිලියන 90ක් පමණ වීමෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ පසුගිය දෙවසරේම රජය එකතු කළ පුද්ගල ආදායම් බදු ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ රජයේ සතියක ණය අවශ්‍යතාවය සදහා පමණයි.

දැන් සිදු කර තිබෙන බදු වැඩි කිරීම නිසා මේ තත්ත්වය කවර ආකාරයකින් වෙනස් වෙයිද?

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ 2019 ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව රටේ ආදායම් උපයන්නන් සේ ගැනෙන පිරිස මිලියන 10.29ක් පමණ වෙනවා. ඔවුන්ගෙන් 90%ක්ම රුපියල් 79,000කට අඩු මාසික ආදායමක් උපයන අයයි. 95%ක්ම රුපියල් 115,000කට අඩු මාසික ආදායමක් උපයන අයයි. මෙම සමීක්ෂණයේ ක්‍රමවේදය අනුව, පුද්ගලයෙකු ජීවත්වන තමන්ට අයිති නිවස කුලියට දීමෙන් ඉපැයිය හැකි උපකල්පිත ආදායම වැනි මුදල් නොවන ආදායම්ද ආදායම් සේ සැලකෙනවා. එහෙත්, එවැනි මුදල් නොවන ආදයම් මත බදු අය කෙරෙන්නේ නැහැ. මුදල් ආදායම් කොටස සාමාන්‍ය වශයෙන් මුළු ආදායමෙන් 85.1%ක් පමණයි.

මේ අනුව, රටේ ආදායම් උපයන්නන්ගෙන් 95%කගේම මාසික ආදායම රුපියල් 97,865කට වඩා අඩුයි. ඊට වඩා වැඩි ආදායමක් උපයන අය ඉන්නේ 514,000ක් පමණයි. මේ පිරිසගේ ආදායම 2019 මට්ටම ආසන්නයේම (රුපියල් 100,000 මට්ටමේ ) ඇතැයි සිතුවොත් බදු ඉහළ යාම බලපාන්නේ රටේ ජනගහණයෙන් 2.4%ක් පමණ වන මෙම පිරිසටයි. බොහෝ දෙනෙක් කියන විදිහට ආර්ථික අර්බුදය නිසා මේ අයගේ ආදායම් අඩු වී ඇත්නම් ඉහත ප්‍රමාණය තවත් අඩු විය හැකියි. එහෙත්. මා එසේ සිතන්නේ නැහැ. මා හිතන පරිදි මෙම ප්‍රමාණය මේ වන විට මීට වඩා යම් තරමකින් හෝ වැඩි වී තිබිය යුතුයි. එහෙත්, රටේ ජනගහණයෙන් 95%කටවත් මේ බදු වැඩි කිරීමේ බලපෑමක් නැහැ.

ඉහත ඇස්තමේන්තුව මත පදනම් වුවහොත් දැනට පුද්ගල ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටින ලක්ෂ තුනකට අඩු පිරිස තවත් ලක්ෂ දෙකකින් පමණ වැඩි වීමට නියමිතයි. පසුගිය දෙවසර තුළ ආදායම් ඉහළ යාම සැලකූ විට මෙම වැඩිවීම ලක්ෂ හතරක් හෝ පහක් විය හැකියි. ඒ පිරිස, තව දුරටත් රටේ ඉහළම ආදායම් ලබන පිරිසයි.

මේ වන විටත් ආදායම් බදු ගෙවන අයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම ලක්ෂ පහක් පමණ ලෙස ඇස්තමේන්තු කළ හැකියි. අලුත් බදු ක්‍රමය යටතේ එවැන්නෙකු විසින් ගෙවිය යුතු වාර්ෂික බදු ප්‍රමාණය රුපියල් 180,000 සිට රුපියල් 1,278,000 දක්වා 7.1 ගුණයකින් ඉහළ යනවා. මේ අනුව, රුපියල් බිලියන 50 පමණ සීමාවක රැඳී ඇති පුද්ගල අදායම් බදු ලැබීම් රුපියල් බිලියන 350 පමණ දක්වා ඉහළ යනවා. මෙය රුපියල් බිලියන 300ක පමණ වැඩි වීමක්.

කලින් බදු නොගෙවූ, දැන් ගෙවන්නට සිදුවන අයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් 150,000ක් සේ පමණ සැලකුවොත්, එක් අයෙකුට රුපියල් 42,000ක වාර්ෂික ආදායම් බද්දක් ගෙවන්න වෙනවා. මෙවැනි අය ලක්ෂ පහක් අලුතෙන් බදු දැලට අහු වුනත් රජයේ බදු ආදායම ඉහළ යන්නේ රුපියල් බිලියන 21කින් පමණයි. එය සොච්චමක් බව කිව යුතු නැහැ. මේ දෙවන කාණ්ඩය නිසා රටේ බදු විනය ඇති කිරීමේ වාසිය මිස රජයට ක්ෂණිකව විශාල ආදායමක් ලැබෙන්නේ නැහැ.

සමස්ත චිත්‍රය දෙස බැලූ විට බදු සංශෝධනයේ බර වැඩිපුරම වගේ වැටී තිබෙන්නේ දැනටත් බදු ගෙවන, ඉහළම ආදායම් ලබන 1-2%ක පමණ පිරිසක් මතයි. එයින් ඔවුන්ගේ පරිභෝජනය මත තිරිංග වැටෙන එකක් නැහැ. මේ බදු ගෙවීමෙන් පසුවත් ඔවුන්ට තමන්ගේ පරිභෝජන මට්ටම පවත්වාගෙන යා හැකියි. ආයෝජන කෙරෙහි යම් අහිතකර බලපෑමක් ඇති විය හැකි වුවත් එය රටට දරාගත නොහැකි එකක් වීමේ ඉඩක් නැහැ. අනෙක් අතට නැවත අලුතෙන් බදු දැලට අසු වෙන අයට ගෙවන්නට සිදු වන බදු මුදල නිසා ඔවුන්ගේ පරිභෝජනය යම් තරමකින් සීමා විය හැකියි.

රජයේ ආදායම් රුපියල් බිලියන 320කින් පමණ ඉහළ ගියා කියා සමස්ත චිත්රයේ විශාල වෙනසක් වෙන්නෙත් නැහැ. රුපියල් ට්‍රිලියන දෙකක පමණ අයවැය හිඟයට එයින් ලැබෙන්නේ පොඩි සහනයක්.

කොපි කලා : ඉකොනොමැට්ටා

යමෙකුගේ බදු තමයි යමෙකුගේ සහනාධාරය බවට පත් වෙන්නේ.

හැබැයි බදු නියමිත අයුරින් රජය විසින් කළමනාකරණය කලා දැයි ඔබට සොයා බලන්න වෙනවා.

ඔවුන් එයින් ගසා කන්නේ නම්, එවන් ආණ්ඩු පලවා හැරීම බදු ගෙවන ඔබගේම අයිතියක්...

#DissolveSLParliament2023

අරගලය සම්පූර්ණ කරමු.

රෙජීමය බිඳිමු.

පැතුම් කර්නර්

[QUOTE="riduna pm, post: 28261476, member: 567786"] වේදනාකාරී බදු ගෙවීම.... පසුගිය 2021 වසරේදී ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියේ 292,305 දෙනෙක් පමණයි. එනම් රටේ ජනගහණයෙන් 1.4%ක් පමණයි. මීට අමතරව, තනි පුද්ගල ව්‍යාපාර හා හවුල්කාරිත්ව 16,798ක්ද බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියා. ලියාපදිංචි වූ පමණින් බදු ගෙවූ බව අදහස් වන්නේ නැහැ. මුල සිටම පිළිවෙළට බදු ගෙවා ගෙන ගොස් තියෙන්නේ (APIT යටතේ) 32,702 දෙනෙකු පමණයි. ඉතිරි අයගෙන් කොපමණ පිරිසක් ඇත්තටම බදු ගෙවුවාද කියා මා දන්නේ නැහැ. මෙම තනි පුද්ගල ව්‍යාපාර හා හවුල්කාරිත්ව මෙන්ම වෙනත් සමිති/සංගම් ආදිය ඇතුළත්ව (පුද්ගලික හා පොදු සමාගම් හැර) පුද්ගලයින් විසින් 2021 වසර තුළ ගෙවූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 48.7ක් පමණයි (හරියටමනම් රුපියල් 48,713,743,993ක්). පෙර වසරේ ඔවුන් ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය ඊටත් අඩුයි (රුපියල් 38,480,375,114ක් පමණයි). ඉහත මුදල 2021 රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.28%ක් පමණයි. රාජ්‍ය වියදම් වලින් 1.38%ක් පමණයි. රුපියල් බිලියන 38.5ක් හෝ 48.7 වැනි මුදලක් කොපමණ සොච්චම් ආදායමක්ද යන්න සතියකට රජය විසින් භාණ්ඩාගාර බිල්පත් විකුණා ණයට ගන්නා මුදලම වුවත් රුපියල් බිලියන 90ක් පමණ වීමෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ පසුගිය දෙවසරේම රජය එකතු කළ පුද්ගල ආදායම් බදු ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ රජයේ සතියක ණය අවශ්‍යතාවය සදහා පමණයි. දැන් සිදු කර තිබෙන බදු වැඩි කිරීම නිසා මේ තත්ත්වය කවර ආකාරයකින් වෙනස් වෙයිද? ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ 2019 ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව රටේ ආදායම් උපයන්නන් සේ ගැනෙන පිරිස මිලියන 10.29ක් පමණ වෙනවා. ඔවුන්ගෙන් 90%ක්ම රුපියල් 79,000කට අඩු මාසික ආදායමක් උපයන අයයි. 95%ක්ම රුපියල් 115,000කට අඩු මාසික ආදායමක් උපයන අයයි. මෙම සමීක්ෂණයේ ක්‍රමවේදය අනුව, පුද්ගලයෙකු ජීවත්වන තමන්ට අයිති නිවස කුලියට දීමෙන් ඉපැයිය හැකි උපකල්පිත ආදායම වැනි මුදල් නොවන ආදායම්ද ආදායම් සේ සැලකෙනවා. එහෙත්, එවැනි මුදල් නොවන ආදයම් මත බදු අය කෙරෙන්නේ නැහැ. මුදල් ආදායම් කොටස සාමාන්‍ය වශයෙන් මුළු ආදායමෙන් 85.1%ක් පමණයි. මේ අනුව, රටේ ආදායම් උපයන්නන්ගෙන් 95%කගේම මාසික ආදායම රුපියල් 97,865කට වඩා අඩුයි. ඊට වඩා වැඩි ආදායමක් උපයන අය ඉන්නේ 514,000ක් පමණයි. මේ පිරිසගේ ආදායම 2019 මට්ටම ආසන්නයේම (රුපියල් 100,000 මට්ටමේ ) ඇතැයි සිතුවොත් බදු ඉහළ යාම බලපාන්නේ රටේ ජනගහණයෙන් 2.4%ක් පමණ වන මෙම පිරිසටයි. බොහෝ දෙනෙක් කියන විදිහට ආර්ථික අර්බුදය නිසා මේ අයගේ ආදායම් අඩු වී ඇත්නම් ඉහත ප්‍රමාණය තවත් අඩු විය හැකියි. එහෙත්. මා එසේ සිතන්නේ නැහැ. මා හිතන පරිදි මෙම ප්‍රමාණය මේ වන විට මීට වඩා යම් තරමකින් හෝ වැඩි වී තිබිය යුතුයි. එහෙත්, රටේ ජනගහණයෙන් 95%කටවත් මේ බදු වැඩි කිරීමේ බලපෑමක් නැහැ. ඉහත ඇස්තමේන්තුව මත පදනම් වුවහොත් දැනට පුද්ගල ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටින ලක්ෂ තුනකට අඩු පිරිස තවත් ලක්ෂ දෙකකින් පමණ වැඩි වීමට නියමිතයි. පසුගිය දෙවසර තුළ ආදායම් ඉහළ යාම සැලකූ විට මෙම වැඩිවීම ලක්ෂ හතරක් හෝ පහක් විය හැකියි. ඒ පිරිස, තව දුරටත් රටේ ඉහළම ආදායම් ලබන පිරිසයි. මේ වන විටත් ආදායම් බදු ගෙවන අයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම ලක්ෂ පහක් පමණ ලෙස ඇස්තමේන්තු කළ හැකියි. අලුත් බදු ක්‍රමය යටතේ එවැන්නෙකු විසින් ගෙවිය යුතු වාර්ෂික බදු ප්‍රමාණය රුපියල් 180,000 සිට රුපියල් 1,278,000 දක්වා 7.1 ගුණයකින් ඉහළ යනවා. මේ අනුව, රුපියල් බිලියන 50 පමණ සීමාවක රැඳී ඇති පුද්ගල අදායම් බදු ලැබීම් රුපියල් බිලියන 350 පමණ දක්වා ඉහළ යනවා. මෙය රුපියල් බිලියන 300ක පමණ වැඩි වීමක්. කලින් බදු නොගෙවූ, දැන් ගෙවන්නට සිදුවන අයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් 150,000ක් සේ පමණ සැලකුවොත්, එක් අයෙකුට රුපියල් 42,000ක වාර්ෂික ආදායම් බද්දක් ගෙවන්න වෙනවා. මෙවැනි අය ලක්ෂ පහක් අලුතෙන් බදු දැලට අහු වුනත් රජයේ බදු ආදායම ඉහළ යන්නේ රුපියල් බිලියන 21කින් පමණයි. එය සොච්චමක් බව කිව යුතු නැහැ. මේ දෙවන කාණ්ඩය නිසා රටේ බදු විනය ඇති කිරීමේ වාසිය මිස රජයට ක්ෂණිකව විශාල ආදායමක් ලැබෙන්නේ නැහැ. සමස්ත චිත්‍රය දෙස බැලූ විට බදු සංශෝධනයේ බර වැඩිපුරම වගේ වැටී තිබෙන්නේ දැනටත් බදු ගෙවන, ඉහළම ආදායම් ලබන 1-2%ක පමණ පිරිසක් මතයි. එයින් ඔවුන්ගේ පරිභෝජනය මත තිරිංග වැටෙන එකක් නැහැ. මේ බදු ගෙවීමෙන් පසුවත් ඔවුන්ට තමන්ගේ පරිභෝජන මට්ටම පවත්වාගෙන යා හැකියි. ආයෝජන කෙරෙහි යම් අහිතකර බලපෑමක් ඇති විය හැකි වුවත් එය රටට දරාගත නොහැකි එකක් වීමේ ඉඩක් නැහැ. අනෙක් අතට නැවත අලුතෙන් බදු දැලට අසු වෙන අයට ගෙවන්නට සිදු වන බදු මුදල නිසා ඔවුන්ගේ පරිභෝජනය යම් තරමකින් සීමා විය හැකියි. රජයේ ආදායම් රුපියල් බිලියන 320කින් පමණ ඉහළ ගියා කියා සමස්ත චිත්රයේ විශාල වෙනසක් වෙන්නෙත් නැහැ. රුපියල් ට්‍රිලියන දෙකක පමණ අයවැය හිඟයට එයින් ලැබෙන්නේ පොඩි සහනයක්. කොපි කලා : ඉකොනොමැට්ටා යමෙකුගේ බදු තමයි යමෙකුගේ සහනාධාරය බවට පත් වෙන්නේ. හැබැයි බදු නියමිත අයුරින් රජය විසින් කළමනාකරණය කලා දැයි ඔබට සොයා බලන්න වෙනවා. ඔවුන් එයින් ගසා කන්නේ නම්, එවන් ආණ්ඩු පලවා හැරීම බදු ගෙවන ඔබගේම අයිතියක්... #DissolveSLParliament2023 අරගලය සම්පූර්ණ කරමු. රෙජීමය බිඳිමු. පැතුම් කර්නර් [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom