Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි මෙච්චර කල් වැරදියට තේරුම්ගත්ත අපේ සිං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මෙච්චර කල් වැරදියට තේරුම්ගත්ත අපේ සි&#3458

අපි අතර ජනප්‍රිය සමහර සිංදුවල තේරුම අපි ගොඩදෙනෙක් හිතාගෙන ඉන්න එකට වඩා සම්පූර්ණයෙන් වෙනස්. සමහරු ඒ වැරදියට තේරුම්ගත්ත තේරුම නිසාම ඒ සිංදුවලට ආසා වෙනවා. තවත් සමහරු තමන් ඔළුවෙන් හදාගත්ත වැරදි තේරුම අල්ලගෙන ඒ සිංදුවලට බනිනවා. මේ ඒ වගේ ගොඩදෙනෙක් වැරදියට තේරුම්ගත්ත සිංදු කීපයක්. අපට මගහැරුණු.

රා රා රා බොම්බියේ

[YOUTUBE]M0BqKRUlBLI[/YOUTUBE]

පහුගිය අවුරුදු දවස් ටිකේ අවුරුදු උත්සව කීපයක ම මේ සිංදුව ඇහුණා. සුනිල් එදිරිසිංහ ගායනා කරන මේ සිංදුවේ එක තැනක ‘‘අවුරුදු එයි හංදියේ’’ කියල තිබුණට ඇත්තට ම මේ සිංදුව අවුරුදුවලට කිසි සම්බන්ධයක් නෑ.

සිංදුව ලියපු සුනිල් සරත් පෙරේරා මේකෙන් කියන්න උත්සාහ කරන්නෙ ‘පිටරටින් එන දේවල්වලින් පරෙස්සම් වෙන්න, දේශීය දේවල් අගයකරන්න’ වගේ විදෙස් දෑ නොරුස්සන (xenophobic) අදහසක්. ඇත්තටම මෙතන දී ‘අවුරුදු’ කියන වචනේ පාවිචි වෙන්නෙත් ඍණාත්මක තේරුමකින්: පිටරටින් එන ‘විච්චූරණ’ දේවල්වලට තමයි මෙතන ‘අවුරුදු’ කියන්නේ; සිංහල අලුත් අවුරුද්ද ගැන නෙවෙයි.

දන්නෝ බුදුන්ගේ

[YOUTUBE]LpIfa7DHhfI[/YOUTUBE]

මෑත කාලේ දී ගොඩක් කතාබහට ලක්වුණ නිසා දැන් නම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති මේක ඇත්තට ම ජෝන් ද සිල්වාගේ ‘සිරිසඟබෝ’ නූර්තියේ එන පුර වර්ණනාවක් කියලා. ඒත් මෙච්චර කල් ගොඩක් අය හිතන් හිටියේ ඒක බුදුගුණ ගීයක් කියලා. ‘‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’’ කියලා සිංදුව පටන්ගන්න නිසා ගොඩක් අය එහෙම හිතනවා ඇති. ඒත් ඇත්තටම ඒ කාලේ අනුරාධපුර නගරයේ තිබුණ විචිත්රත්වය තමයි මේකෙන් කියන්න උත්සාහ කරන්නේ. බුදුන්ගේ ධර්මය දන්නා අය සිල් රකින, මිහිපිට දෙව්ලොවක් වැනි වූ බෞද්ධාගමික කේන්ද්‍රස්ථානයක් හැටියට තමයි රචකයා අනුරාධපුරය විස්තර කරන්නේ. ඍද්ධියෙන් යන රහතුන් බහුල, මානෙල් නෙළුම් ආදියෙන් පිරුණු, සේරුන් පීනන පොකුණුවලින් පිරුණු අනුරාධපුරය වර්ණනා කරන පුර වර්ණනාවක් තමයි මේක.

එගොඩහ යන්නෝ

[YOUTUBE]4IGwO_z1pq4[/YOUTUBE]

ෂෙල්ටන් පෙරේරා වගේ ම පස්සෙ කාලෙක එයාගෙ පුතා සතිෂුත් ගායනා කරපු මේ සිංදුවේ මතුපිටින් කියවෙන්නේ ගඟක මිනිස්සු එතෙර මෙතෙර කරන තොටියෙක් ගැන. ඇත්තට ම මේ සිංදුව එහෙම තේරුම්ගන්න එකේ වැරැද්දක් නෑ. නමුත් මේක ලියපු ඩෝල්ටන් අල්විස්ගේ පුතා ගයා රම්‍ය සහ සතිෂ් සහභාගි වුණ රූපවාහිනි වැඩසටහනක දි එයාලා කිවේ මේ සිංදුවේ ඇත්තට ම ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා කියලයි. ඩෝල්ටන් අල්විස් මෙතන දි තොටියකුට උපමාකරල තියෙන්නෙ බුදුන්ව කියලයි කියන්නේ. බුදුන් තමන්ගේ ජීවිතේ අවසාන කාලය ගෙවන අතරේ, සසරෙන් එතෙර වෙන්න කැමති අය ඉන්නවා නම් ඉක්මණට එන්න කියලා කරන ආරාධනයක් තමයි මේකේ පද පෙලේ තියෙන්නේ. තමන්ට ජීවත් වෙන්න තව වැඩි කාලයක් නැති බව බුදුන් දන්නවා. ‘පමා නොවන්නේ - අඳුර වැටෙන්නේ’, ‘අද මට වෙහෙසයි’ කියන්නේ ඒකයි. ඉතිං තවත් සසරෙන් එතෙර වෙන්න කැමති අය ඉන්නවා නම් පමා නොවී එන්න කියල කියන මහළු බුදුන් ව හිතේ තියාගෙන මේ ගීතය ලියවුණු බවයි ගයාරම්ය සහ සතිෂ් කීවේ.

උලලේනෝ

[YOUTUBE]2zs0GoTXtPc[/YOUTUBE]

ගුණදාස කපුගේ ගායනා කරන උලලේනෝ, පාළු රෑක දුක්මුසු ගැමියෙක්ගේ හිතට එන අදහසක් හැටියට තමයි ගොඩක් දෙනක් හිතන්නේ. ඒත් රංබණ්ඩා සෙනෙවිරත්න මේක ලියද්දි 1971 අපේ‍්‍රල් කැරැල්ලෙන් පැරදුණු කැරළිකාරයො ගැන හිතල ලිව්වා කියලයි කියන්නේ; තමන්ගේ සටන් සගයෝ ගොඩදෙනෙක් මැරිලා, බලාපොරොත්තු බිඳවැටිලා, කැළැවල හැංගිලා ඉන්න කැරළිකාරයකුගේ හිතට එන හැඟීමක් විදියට තමයි මේ සිංදුව ලියවිලා තියෙන්නේ.

ලොකු බලාපොරෙත්තු තියාගෙන ගහපු කැරැල්ල අසාර්ථකයි; ‘ඉහිරුණ කිරි කොතලෙට ඉකිබිඳලා ඵල නෑ’ කියන්නේ ඒකයි. ‘නිවනට ගිය දා මේ හැම දුක් නැතිවන්නේ’ කියන කොටසෙන් කියවෙන්නේ එයාලා විප්ලවයෙන් පස්සෙ බිහිකරන්න බලාපොරොත්තු වුණු දුක් නැති සමාජය ගැන අදහසයි.

සිංදුවේ අන්තිමට තියෙන වේග රිද්ම සංගීතයෙන් කියවෙන්නේ ආයෙත් විප්ලවයක් එන බවට තියෙන බලාපොරොත්තුව කියලත් සමහරු කියනවා.

හෙට දවසේ අප දෙදෙනා

[YOUTUBE]UpjvkrHB-sU[/YOUTUBE]

ප්‍රියා සූරියසේන ගායනා කරන මේ සිංදුව නම් කාටත් තේරෙන විදියට ආදරවන්තයෙක් තමන්ගේ පෙම්වතියට කියන විදියේ එකක් තමයි. ඒත් මේ සිංදුව හැදුණු විදිය ගැන තියෙන කතාවට අනුව නම්, පේ‍්‍රමකීර්ති මේ මුල් පද හතර, ඒ කියන්නේ ‘‘හෙට දවසේ අප දෙදෙනා - අද වාගෙම හමුවිය යුතු වේ... අද දවසේ මවෙත ගෙනා - මිහිර හෙටත් ගෙන ආ යුතු වේ’’ කියන කොටස මුලින් ම ලියල තියෙන්නේ වෙන තේරුමකින්.

කතාව මෙහෙමයි: දවසක් ප්‍රියා ප්‍රේමකීර්තිගෙ ගෙදරට ආවලු එයාට කියලා සිංදුවක් ලියාගන්න. එද්දි ඉතිං බෝතලයක් එහෙමත් අරන් තමයි ඇවිත් තියෙන්නේ. ඒත් ප්‍රියා එද්දි පේ‍්‍රමකීර්ති හදිසි ගමනක් පිටත්වෙන්න ලෑස්ති වෙලයි ඉඳලා තියෙන්නේ. ප්‍රියා දිහත්, බෝතලේ දිහාත් බලමින් ප්‍රේමකීර්ති ටිකක් වෙලා කල්පනා කළාලූ; ඒත් ඉතිං ගමන නොගිහින් ඉන්නත් බෑ. එයා කොළ කෑල්ලක් අරන් මේ පද පේලි හතර ලියල ප්‍රියාගේ අතට දීලා එහෙමම දුවගෙන ගිහින් බස් එකට නැංගලූ. ‘‘සිංදුව ලියාගන්න හෙට එන්න. එද්දි බෝතලේකුත් අරන් එන්න’’ කියන තේරුමෙන් තමයි මේ පද හතර ලියලා තියෙන්නෙ. ඉතිං ප්‍රියා ඊළග දවසෙත් කියපු විදියට බෝතලේකුත් අරන් ඇවිත් පේ‍්‍රමකීර්තිට කියලා සිංදුවේ ඉතිරි පද ටික ලියාගත්තලු.

මල් පබා

[YOUTUBE]Rxo48R-kC2A[/YOUTUBE]

සේනානායක වේරලියද්දගේ මල්පබා කියන්නේ ගම්බද තරුණියක් ගැන, ඇගේ ලස්සන ගැන කියන සිංදුවක් කියල තමයි බැලූබැල්මට හිතෙන්නෙ. ඒත් මේ සිංදුව ලියපු ශාන්ත දේශබන්දු ම කියපු විදියට මේකේ කියවෙන්නේ ගොයම් ගහ ගැන. ඒකයි ‘‘වී මල්පබා’’ කියන්නේ. ඉස්සර කාලේ වී ගොවිතැන මත පදනම් වුණු ගැමි සමාජවලට වී ගහ කියන්නේ එයාලගේ ජීවිතේ වැදගත් ම අංගයක්. ඉතිං ඒ වී ගහේ තියෙන උත්කර්ෂය තමයි මේ සිංදුවෙන් කියන්න උත්සාහ කරන්නේ.

තොල්පෙති විතරක්

[YOUTUBE]8jr7enPETFI[/YOUTUBE]

ඉඹින එක විතරක් නෙවෙයි, ඉඹින ගැන ප්‍රසිද්ධියේ කියන එක පවා (බහුඍත වචනවලින්, වක්රොක්තිවලින් කීවොත් ඇරෙන්න) ලංකාවේ ගොඩක් දෙනකුට අනුව අසභ්‍ය දෙයක්. ඉතිං ‘තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න’ කියල ශෂිකා නිසංසලා කියද්දි ඒක ලොකු කතාබහකට ලක් වුණා. කට්ටිය පත්තර පිටු පිරෙන්න බැන්නා ‘ළමයින්වත් නොමග යවන’ මේ වගේ සිංදු ලියන එකට. ලංකාවෙ ජනගහණයෙන් බහුතරය ඇඟෙන් වයසට ගියත් හැසිරෙන්නෙ පොඩි ළමයි වගේ නිසා එහෙම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ රත්න ශ්‍රී මේ සිංදුව ලියල තියෙන්නෙ එහෙම කොල්ලෙකුයි කෙල්ලෙකුයි (නැත්නම් කොල්ලො දෙන්නෙක් හෝ කෙල්ලො දෙන්නෙක්) සිපගන්න එකක් ගැන නොවන එකයි. මේක ඇත්තට ම හඳ ගැන, හඳෙන් එළිය වුණ රැයක තියෙන ලස්සන ගැන කියන සිංදුවක්. මෙතන හඳටයි කියන්නේ සේපාලිකා මලේ තොල් පෙතිවලට හාදුවක් දෙන්න කියල. මොකද සේපාලිකා මල් පිපෙන්නෙ රෑටනේ. කොහෙම හරි, විරහ හදවත් සුවපත් කරන, ලෝකය තනි යායක් කරන හඳ එළිය ගැන ලියන්න ගිහින් රත්න ශ්රීට සෑහෙන්න බැනුම් අහගන්න වුණා.

(yamu.lK)

[QUOTE="Al Baik, post: 20118817, member: 326965"] [b]අපි මෙච්චර කල් වැරදියට තේරුම්ගත්ත අපේ සිං[/b] [SIZE="5"]අපි අතර ජනප්‍රිය සමහර සිංදුවල තේරුම අපි ගොඩදෙනෙක් හිතාගෙන ඉන්න එකට වඩා සම්පූර්ණයෙන් වෙනස්. සමහරු ඒ වැරදියට තේරුම්ගත්ත තේරුම නිසාම ඒ සිංදුවලට ආසා වෙනවා. තවත් සමහරු තමන් ඔළුවෙන් හදාගත්ත වැරදි තේරුම අල්ලගෙන ඒ සිංදුවලට බනිනවා. මේ ඒ වගේ ගොඩදෙනෙක් වැරදියට තේරුම්ගත්ත සිංදු කීපයක්. අපට මගහැරුණු. [B][COLOR="blue"]රා රා රා බොම්බියේ[/COLOR][/B] [YOUTUBE]M0BqKRUlBLI[/YOUTUBE] පහුගිය අවුරුදු දවස් ටිකේ අවුරුදු උත්සව කීපයක ම මේ සිංදුව ඇහුණා. සුනිල් එදිරිසිංහ ගායනා කරන මේ සිංදුවේ එක තැනක ‘‘අවුරුදු එයි හංදියේ’’ කියල තිබුණට ඇත්තට ම මේ සිංදුව අවුරුදුවලට කිසි සම්බන්ධයක් නෑ. සිංදුව ලියපු සුනිල් සරත් පෙරේරා මේකෙන් කියන්න උත්සාහ කරන්නෙ ‘පිටරටින් එන දේවල්වලින් පරෙස්සම් වෙන්න, දේශීය දේවල් අගයකරන්න’ වගේ විදෙස් දෑ නොරුස්සන (xenophobic) අදහසක්. ඇත්තටම මෙතන දී ‘අවුරුදු’ කියන වචනේ පාවිචි වෙන්නෙත් ඍණාත්මක තේරුමකින්: පිටරටින් එන ‘විච්චූරණ’ දේවල්වලට තමයි මෙතන ‘අවුරුදු’ කියන්නේ; සිංහල අලුත් අවුරුද්ද ගැන නෙවෙයි. [B] [COLOR="Blue"]දන්නෝ බුදුන්ගේ[/COLOR][/B] [YOUTUBE]LpIfa7DHhfI[/YOUTUBE] මෑත කාලේ දී ගොඩක් කතාබහට ලක්වුණ නිසා දැන් නම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති මේක ඇත්තට ම ජෝන් ද සිල්වාගේ ‘සිරිසඟබෝ’ නූර්තියේ එන පුර වර්ණනාවක් කියලා. ඒත් මෙච්චර කල් ගොඩක් අය හිතන් හිටියේ ඒක බුදුගුණ ගීයක් කියලා. ‘‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’’ කියලා සිංදුව පටන්ගන්න නිසා ගොඩක් අය එහෙම හිතනවා ඇති. ඒත් ඇත්තටම ඒ කාලේ අනුරාධපුර නගරයේ තිබුණ විචිත්රත්වය තමයි මේකෙන් කියන්න උත්සාහ කරන්නේ. බුදුන්ගේ ධර්මය දන්නා අය සිල් රකින, මිහිපිට දෙව්ලොවක් වැනි වූ බෞද්ධාගමික කේන්ද්‍රස්ථානයක් හැටියට තමයි රචකයා අනුරාධපුරය විස්තර කරන්නේ. ඍද්ධියෙන් යන රහතුන් බහුල, මානෙල් නෙළුම් ආදියෙන් පිරුණු, සේරුන් පීනන පොකුණුවලින් පිරුණු අනුරාධපුරය වර්ණනා කරන පුර වර්ණනාවක් තමයි මේක. [B][COLOR="blue"]එගොඩහ යන්නෝ[/COLOR][/B] [YOUTUBE]4IGwO_z1pq4[/YOUTUBE] ෂෙල්ටන් පෙරේරා වගේ ම පස්සෙ කාලෙක එයාගෙ පුතා සතිෂුත් ගායනා කරපු මේ සිංදුවේ මතුපිටින් කියවෙන්නේ ගඟක මිනිස්සු එතෙර මෙතෙර කරන තොටියෙක් ගැන. ඇත්තට ම මේ සිංදුව එහෙම තේරුම්ගන්න එකේ වැරැද්දක් නෑ. නමුත් මේක ලියපු ඩෝල්ටන් අල්විස්ගේ පුතා ගයා රම්‍ය සහ සතිෂ් සහභාගි වුණ රූපවාහිනි වැඩසටහනක දි එයාලා කිවේ මේ සිංදුවේ ඇත්තට ම ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා කියලයි. ඩෝල්ටන් අල්විස් මෙතන දි තොටියකුට උපමාකරල තියෙන්නෙ බුදුන්ව කියලයි කියන්නේ. බුදුන් තමන්ගේ ජීවිතේ අවසාන කාලය ගෙවන අතරේ, සසරෙන් එතෙර වෙන්න කැමති අය ඉන්නවා නම් ඉක්මණට එන්න කියලා කරන ආරාධනයක් තමයි මේකේ පද පෙලේ තියෙන්නේ. තමන්ට ජීවත් වෙන්න තව වැඩි කාලයක් නැති බව බුදුන් දන්නවා. ‘පමා නොවන්නේ - අඳුර වැටෙන්නේ’, ‘අද මට වෙහෙසයි’ කියන්නේ ඒකයි. ඉතිං තවත් සසරෙන් එතෙර වෙන්න කැමති අය ඉන්නවා නම් පමා නොවී එන්න කියල කියන මහළු බුදුන් ව හිතේ තියාගෙන මේ ගීතය ලියවුණු බවයි ගයාරම්ය සහ සතිෂ් කීවේ. [B][COLOR="blue"]උලලේනෝ[/COLOR][/B] [YOUTUBE]2zs0GoTXtPc[/YOUTUBE] ගුණදාස කපුගේ ගායනා කරන උලලේනෝ, පාළු රෑක දුක්මුසු ගැමියෙක්ගේ හිතට එන අදහසක් හැටියට තමයි ගොඩක් දෙනක් හිතන්නේ. ඒත් රංබණ්ඩා සෙනෙවිරත්න මේක ලියද්දි 1971 අපේ‍්‍රල් කැරැල්ලෙන් පැරදුණු කැරළිකාරයො ගැන හිතල ලිව්වා කියලයි කියන්නේ; තමන්ගේ සටන් සගයෝ ගොඩදෙනෙක් මැරිලා, බලාපොරොත්තු බිඳවැටිලා, කැළැවල හැංගිලා ඉන්න කැරළිකාරයකුගේ හිතට එන හැඟීමක් විදියට තමයි මේ සිංදුව ලියවිලා තියෙන්නේ. ලොකු බලාපොරෙත්තු තියාගෙන ගහපු කැරැල්ල අසාර්ථකයි; ‘ඉහිරුණ කිරි කොතලෙට ඉකිබිඳලා ඵල නෑ’ කියන්නේ ඒකයි. ‘නිවනට ගිය දා මේ හැම දුක් නැතිවන්නේ’ කියන කොටසෙන් කියවෙන්නේ එයාලා විප්ලවයෙන් පස්සෙ බිහිකරන්න බලාපොරොත්තු වුණු දුක් නැති සමාජය ගැන අදහසයි. සිංදුවේ අන්තිමට තියෙන වේග රිද්ම සංගීතයෙන් කියවෙන්නේ ආයෙත් විප්ලවයක් එන බවට තියෙන බලාපොරොත්තුව කියලත් සමහරු කියනවා. [B][COLOR="blue"]හෙට දවසේ අප දෙදෙනා[/COLOR][/B] [YOUTUBE]UpjvkrHB-sU[/YOUTUBE] ප්‍රියා සූරියසේන ගායනා කරන මේ සිංදුව නම් කාටත් තේරෙන විදියට ආදරවන්තයෙක් තමන්ගේ පෙම්වතියට කියන විදියේ එකක් තමයි. ඒත් මේ සිංදුව හැදුණු විදිය ගැන තියෙන කතාවට අනුව නම්, පේ‍්‍රමකීර්ති මේ මුල් පද හතර, ඒ කියන්නේ ‘‘හෙට දවසේ අප දෙදෙනා - අද වාගෙම හමුවිය යුතු වේ... අද දවසේ මවෙත ගෙනා - මිහිර හෙටත් ගෙන ආ යුතු වේ’’ කියන කොටස මුලින් ම ලියල තියෙන්නේ වෙන තේරුමකින්. කතාව මෙහෙමයි: දවසක් ප්‍රියා ප්‍රේමකීර්තිගෙ ගෙදරට ආවලු එයාට කියලා සිංදුවක් ලියාගන්න. එද්දි ඉතිං බෝතලයක් එහෙමත් අරන් තමයි ඇවිත් තියෙන්නේ. ඒත් ප්‍රියා එද්දි පේ‍්‍රමකීර්ති හදිසි ගමනක් පිටත්වෙන්න ලෑස්ති වෙලයි ඉඳලා තියෙන්නේ. ප්‍රියා දිහත්, බෝතලේ දිහාත් බලමින් ප්‍රේමකීර්ති ටිකක් වෙලා කල්පනා කළාලූ; ඒත් ඉතිං ගමන නොගිහින් ඉන්නත් බෑ. එයා කොළ කෑල්ලක් අරන් මේ පද පේලි හතර ලියල ප්‍රියාගේ අතට දීලා එහෙමම දුවගෙන ගිහින් බස් එකට නැංගලූ. ‘‘සිංදුව ලියාගන්න හෙට එන්න. එද්දි බෝතලේකුත් අරන් එන්න’’ කියන තේරුමෙන් තමයි මේ පද හතර ලියලා තියෙන්නෙ. ඉතිං ප්‍රියා ඊළග දවසෙත් කියපු විදියට බෝතලේකුත් අරන් ඇවිත් පේ‍්‍රමකීර්තිට කියලා සිංදුවේ ඉතිරි පද ටික ලියාගත්තලු. [B][COLOR="blue"]මල් පබා[/COLOR][/B] [YOUTUBE]Rxo48R-kC2A[/YOUTUBE] සේනානායක වේරලියද්දගේ මල්පබා කියන්නේ ගම්බද තරුණියක් ගැන, ඇගේ ලස්සන ගැන කියන සිංදුවක් කියල තමයි බැලූබැල්මට හිතෙන්නෙ. ඒත් මේ සිංදුව ලියපු ශාන්ත දේශබන්දු ම කියපු විදියට මේකේ කියවෙන්නේ ගොයම් ගහ ගැන. ඒකයි ‘‘වී මල්පබා’’ කියන්නේ. ඉස්සර කාලේ වී ගොවිතැන මත පදනම් වුණු ගැමි සමාජවලට වී ගහ කියන්නේ එයාලගේ ජීවිතේ වැදගත් ම අංගයක්. ඉතිං ඒ වී ගහේ තියෙන උත්කර්ෂය තමයි මේ සිංදුවෙන් කියන්න උත්සාහ කරන්නේ. [B][COLOR="blue"]තොල්පෙති විතරක්[/COLOR][/B] [YOUTUBE]8jr7enPETFI[/YOUTUBE] ඉඹින එක විතරක් නෙවෙයි, ඉඹින ගැන ප්‍රසිද්ධියේ කියන එක පවා (බහුඍත වචනවලින්, වක්රොක්තිවලින් කීවොත් ඇරෙන්න) ලංකාවේ ගොඩක් දෙනකුට අනුව අසභ්‍ය දෙයක්. ඉතිං ‘තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න’ කියල ශෂිකා නිසංසලා කියද්දි ඒක ලොකු කතාබහකට ලක් වුණා. කට්ටිය පත්තර පිටු පිරෙන්න බැන්නා ‘ළමයින්වත් නොමග යවන’ මේ වගේ සිංදු ලියන එකට. ලංකාවෙ ජනගහණයෙන් බහුතරය ඇඟෙන් වයසට ගියත් හැසිරෙන්නෙ පොඩි ළමයි වගේ නිසා එහෙම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ රත්න ශ්‍රී මේ සිංදුව ලියල තියෙන්නෙ එහෙම කොල්ලෙකුයි කෙල්ලෙකුයි (නැත්නම් කොල්ලො දෙන්නෙක් හෝ කෙල්ලො දෙන්නෙක්) සිපගන්න එකක් ගැන නොවන එකයි. මේක ඇත්තට ම හඳ ගැන, හඳෙන් එළිය වුණ රැයක තියෙන ලස්සන ගැන කියන සිංදුවක්. මෙතන හඳටයි කියන්නේ සේපාලිකා මලේ තොල් පෙතිවලට හාදුවක් දෙන්න කියල. මොකද සේපාලිකා මල් පිපෙන්නෙ රෑටනේ. කොහෙම හරි, විරහ හදවත් සුවපත් කරන, ලෝකය තනි යායක් කරන හඳ එළිය ගැන ලියන්න ගිහින් රත්න ශ්රීට සෑහෙන්න බැනුම් අහගන්න වුණා. [/SIZE] (yamu.lK) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom