Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපූරු පාස්කු කොමිසම් වාර්ථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්දෙන් පස්සෙවත් රටේ දුක් වින්ද මිනිස්සුන්ගෙ නාමෙන් මේ රට කරවපු කරවන අමනුස්සන්ට රට හදන්න තිබ්බ.

මේ කතාවෙන් පේනව අපේ රටට ෆිට් එකට හිටපු කොල්ලො ජීවිතදීල අද ඇත්තටම පරාද වෙලා ඉන්නෙ උන් සහ උන්ගෙ පවුල්. උන්ගෙ කැපවීමෙන් බේරපු රට තව තවත් දේසපස්ලුවො කකා රනවිරු නම විකුනන් ආතල් ගන්නවා උන්ගෙ මල මිනිඋඩින්. ඉතින් රට ස්වභවික යුක්තියක් තෙයේනම් හොදක් වේද

නච්චිකුඩා 02

අද මට අමුතු කතාවක් කියන්න හිතුනා. ඒක කොයි විදියට ඔවාලා ගලපා ගනියිද කියලානම් මන් දන්නෑ. ඒත් එකක් කිව යුතුයි. මෙි තමා සත්‍යය. ඔබෙිත් මගේත් රටෙහි ඒකීය භාවය සහ සාමය සමෘද්ධිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තබමින් සටන් වැදුනු ඒ යෝධ බල යෝධ ශක්තිය ඇති විරුවන්, රට වෙනුවෙන් රුහිරු ගංගාවන් හෙලා, ඒ යුධ භූමියේදීම තමන්ගේ හුස්ම අතාරින්නට තතනන කාලකණ්නි මූසල හෝරාවක හිතේ තියෙන අන්තිම හයිය බිංදුවත් හයියෙන් අල්ලාගන්න උත්සාහ කරද්දි තමන්ගේ සගයින් සහ සහෝදරයින් වෙනුවෙන් බඩෙි බත් ඇටයක් නැතුව සටන් බිමට පා ඔසවපු වීරයින්ගේ කතාව. ඒක මහා දුක හිතෙන කතාවක් සහෝදරයා. මෙිවා ඔයාලා සුතමය ඥානෙන් දන්නවා ඇති. ඒ කියන්නෙ කාගෙන් හරි අහල, පත්තරේකින් ප්‍රවෘත්තියකින් අහල බලල ඇති. ඒත් අවබෝධ ඥානයෙන් ඔයාලා ඒ කිසිවක් දන්නෑ. ඒකෙ තියෙන දුක දන්නෙ එකෙකුට වෙඩි වැදිල හුස්ම ටික වාතලයට එකතු කරන්න ඔන්න මෙන්න තියෙද්දි ලඟ හිටපු සහෝදර සෙබළෙක් විතරයි.

හමුදාවට රජයෙන් කෑම දෙනවා වුනත් සතුරා පහර දෙන්නේ රජයෙන් කෑම දෙන වෙලාවට නෙමෙිනෙ. ඌ බලන්නේ තමන්ගේ ප්රථිවදියා කොයි තැන, කොයි වෙලාවටද දුර්වල කියලා. ඒ දුර්වල තැනට තමා උන් පහර දෙන්නේ. මෙික සංග්‍රාමයේ උපක්‍රමයක්. මහ යුද්දෙ යද්දිත් ඉහලින් " ශවෙින්ද්‍ර, මට අද කිලෝ මීටර් පහක් ඔිනේ" කියනවා වගේ මෙිවා ලේසි නෑ. සෙබළා යන්ත්රයක්වත් මැෂිමක්වත් නෙවෙයි. ඔහුත් ඔබ හා මා වගේ අපේ සමකාලීන පරම්පරාවෙි අපේම සහෘදයන්. ඔහු, තමාට ඉහලින් එන අණ සහ පීඩනය මත තමන්ගේ ක්රියාකාරීත්වයේ සහ නිපුනත්වයේ ඇති හැකියාවන් මත සත්‍ය යුධ භූමියේ ක්‍රියාකාරීවන අපේම සොයුරෙක්. ඒ වගේ එකෙකුගේ අවසානය ඉහලට "තවත් එකෙක්" උනත්, ඔහුව හදවතින් තුරුළු කරගෙන, බැන අඬ ගහගෙන, පුංචි දේටත් රණ්ඩුවෙන සහ හිනාවෙන, එකෙක් කාල එනකං පිඟාන ඉල්ල ගන්න මෙස් එක ලඟ හොරගල් අහුලන, සිගරට් එකක් බොන්න රුපියල් දහයක් විස්සක් ණයට ඉල්ලන, ඒත් විපතේදීත් සතුටෙිදීත් එක වගේම හැඟීම් බරවෙන , යාලුවෙක් මිත්‍රයෙක් ඔබට ඉන්නවාද?.ඇති මිත්‍රයා. ඒත් සෙබළා වගේ අවංක නෑ. මොකද සෙබළා මරණය කියන එක විශ්වාස කරනවා වගේම, මැරිලත් ආත්ම ගෞරවයට හානි වෙනවාට කවදාවත් කැමති නෑ.

ඒ තමා සොල්දාදුවා. මං කියන්නෙ අපේ කාලෙ ගැන මිසක් MODERN ARMY එක ගැන නෙමෙි.

වීරතුංග කියන්නේ මං තේරුම් ගත්තු විදියට අවංක වගේම හරිම අහිංසක පුද්ගලයෙක්. එයා මට හම්බවෙන්නෙ නච්චිකුඩාවලදි එයාලගෙ ඒකකයේ රාජකාරි කරමින් සිටියදි. ඒකකය 11 ගැමුණු හේවා බළ ඇණියෙ. අපේ ඒකකයේ නොවුනත් එකම හමුදාවෙි සෙබළෙක්. කෙල්ලෙක්වත් යාළුවෙලා නැති හැමදාම උදේට දැලි රැවුල හූර හූර ජ්යේශ්ඨයාටත් කණිෂ්ඨයාටත් එකම හිතවත්කමක් පාපු අවිහිංසක කොල්ලෙක්. මං ඒ ඒකකයේ ඉද්දි මට එයාව සෙට් වෙන්නෙ අපිට කෑම අරං එද්දි. අපේ ලයින් එකට කෑම අදින පාටියෙ එදා වීරා හිටියෙ. කෑම හැත්තැපහක් අසූවක් දැල් දැල් පොලිසැක් උරේක දාගෙන කරේ තියාගෙන පොයින්ට් එකෙන් පොයින්ට් එකට කෑම දිදී එද්දි මං හිටපු තැනටත් ආවෙ අපිට කෑම දෙන්න. ඒ කෑම අපේ ඒකකයේ වගේ නෙවෙයි. ඒ දවස්වල රහක් ගුණක් බලන්නැති වුනත් උගුරෙන් පල්ලෙහාට වතුර වගේනම් බහින්නෑ. මෙි ඒකකයේ අණදෙන නිළධාරිතුමා කන බත් කට රහට දෙන එක ආගමක් කරගෙන තිබුනෙ. අපරාදෙ කියන්න බෑ, ලයින් එකේ කොල්ලො වෙනුවෙන් සිගරට් පැකට් එකකුත් ඒ සර්ගෙ සාක්කුවෙ තිබුනා. මාත් එතුමාගෙන් වචනයෙන් නොයිල්ලා අංග උපාංග භාෂාවෙන් ඉල්ලගෙන තියෙනව. ඒ කියන්නෙ "මොනාද කොල්ලො අඩුපාඩු එහෙම, කෑම ටික හොඳයිද?" කියල අහපුවම අපි කරන්නෙ "කන එකනං කෑව සර්" කියල චූටි හිනාවක් දාගෙන ඔලුව කහන එක. එතකොට එතුමා දන්නවා මූ මොනාද මෙි ඉල්ලන්නෙ කියලා. එතකොට සාක්කුවෙන් එකක් අරන් වැලි කොට්ටයක් උඩින් තියල යන්න යනව. මෙි වීරතුංගත් කවදාවත් සිගරට් බීපු එකෙක් නෙමෙයි. ඒත් ඌ ගාව නිවාඩු ගිහින් ඇවිත් සතියක් විතර යනකම් සිගරට් තිබුනා.

එක දවසක් වීරා මගේ පොයින්ට් එකට වැටුනා. අපි රාජකාරි කලේ අපේ දෙන්නයි, එයාලාගෙ එක්කෙනයි විදියට.

එදා තමා මගෙත් එක්ක වීරා කතාවට වැටුනෙ. මං එයාගෙන් විස්තර ඇහුවා. තාත්තා නෑ. එක නංගියයි,කොල්ලො තුන් දෙනයි. තාත්තා වකුගඩු කේස් එකකින් මැරිලා. ගම පදවි ශ්‍රිපුර. අක්කා අපේ ගම්පැත්තෙ ගාමන්ට් එකක වැඩ. කොල්ලො තුන් දෙනාම ෆෝසස්. වීරතුංග බාලයා. අයියා 2 කමාන්ඩෝ. එයත් මෙි ලයින් එකේමයි. ඊලඟ අයියාත් මෙි සටනෙම 59 සේනාංකය යටතේ ලයින් එකේමයි ඒ වෙද්දි රාජකාරි හිටියෙ. එයා ගජබා. වීරතුංග ඉස්කෝලෙ සාපෙල සමත් වුනත් උසස් අධ්‍යාපනයට තිත තියලා හමුදාවට බැඳිලා තියෙන්නෙ තමන්ටම කියලා ඉන්න ගෙයක් දොරක් හදාගන්න සියල්ල ප්ලෑන් කරලා. ගජබා අයියත් එහෙමයි. වැඩිමලා කමාන්ඩෝ. එයා මහගෙදර හදනවලු. "කෙල්ලෙක් ඉන්නවද බං" කියල අහපුවම මහා අහිංසක විදියට හිනාවෙලා "තාම නෑ කෝපල්" කිව්වා. මාත් ඇහුවා "ඉඳකින් යකෝ, තොට කෑල්ලක්වත් නැත්තං මොකටද බං නිවාඩු යන්නෙ" කියලා. එතකොටත් කලේ හිනාවෙන එක.

ඇත්තටම මට වීරා ගැන පව් කියලා හිතුනා. අපි ගොඩක් දේවල් කතාකලා. එදා ඉඳන් දවස් පහ හයක් යනකං අපි එකට රාජකාරි කලේ. පිට ඒකකයක උනත් අපි අතර හිතවත් කමක් ගොඩ නැගුනා. දවස් ගානකුත් ගියා.

ඒ අතරේ දවසක තමා අපි කොටින්ගෙ ලයින් එකට ප්‍රහාරයක් එල්ල කරන්නෙ. හැබැයි ඒ වෙද්දි වීරා මගෙත් එක්ක නෙමෙයි හිටියෙ. පොයින්ට් කීපයකට එහායින් ඌ ඩියුටි හිටියෙ. ඒත් වීරා නිවාඩු පාඩු වෙලාවට මාව හොයාගෙන ඇවිත් පැයක් දෙකක් කයිය ගහලා යන තත්වෙට ඌට මාව හිතට අල්ලලා ගිහින් තිබුනා. මාව දවසක් නොදැක්කොත් කොහෙන් හරි ඉන්න තැනකින් මාව හොයාගෙන ඇවිත් හිනාවීගෙන "කෝපල් දැක්කෙ නැත්තං වෙිලක් කෑවෙ නෑ වගේ කෝපල්, ඒකයි ඇවිත් යන්න ආවෙ" කියනව. ඒකට තව හේතුවක් තිබුනා. මම නිකන් ඉන්න ගමන් කතාකලේ යුද්දෙ ගැන, රට ගැන,ලෝකය ගැන,ජීවිතේ ගැන. මිනිස්සු ගැන, හිටිවන කවි, කුනුහරප සිංදු සහ කවි ආදිය ඔන්න ඔව්වා. එහෙමත් කාලෙ ගෙවිල ගිහින් තමා ඉහත කිව්ව දිනේ උදාවෙන්නෙ.

එදා අපි ලයින් එක කැඩුවෙ නැතිවුනත් මහ දරුණුවට සටන ගියා. පැය ගානක් තිස්සෙ කරපු සටනකින් පස්සෙ ප්‍රහාරය හෝල්ට් කරන්න ඉහලින් නියෝග ලැබුනා. ඒ වෙද්දි අපිටත් පණිවිඩෙි ලැබිල අපිත් පසු බහින්න සූදානමින් හිටියෙ. ඒත් එක්වරම අපිට නියෝගයක් ආවා පසු නොබැස දිගටම ප්‍රහාර එල්ල කරන්න කියලා. අපිත් ඒ අණට අනුව නැවත වැලි කොට්ටෙට මුවා වෙවී ටික ටික ඉස්සරහට ඇදුනේ " මොන රෙද්දද්ද යකෝ මෙි" කිය කිය. වැලි කොට්ටෙ කියන්නෙ සටනක් යද්දි අපේ ආවරණයට වැලි දාල සකසාගත්තු කිලෝ විසිපහක් තිහක් බර වැලි උරයක්. බඩ ගාගෙන ඉස්සරහට යනකොට වැලි කොට්ටෙ ටිකක් ඉස්සරහට තල්ලු කරනවා, ආයෙ ඒකට කවර් වෙනවා, වෙඩි තියනවා. ඔහොම. අපි ආයෙත් ආපහු හැරිල ඉස්සරහට ගියා. ඒ සටනෙ දරුණුකම කියන්නෙ සමහර තැන් වලින් කොටි උන්ගෙ ලයින් එකට ගොඩ වෙලා තමා අපිට වෙඩි තිබ්බෙ. හානි ගොඩයි. ආයෙත් පැයක් විතර යද්දි අපි පසුපසට ආවා. ඇවිත් හැති ඇර ඇර ඉන්නකොට තමා අල්ලපු පොයින්ට් එකේ කොල්ලා ඇවිත් කිව්වෙ

"සිග්නල් කෝපල්, වීරා කැෂුවල්ටි" කියලා. මං එසැනින් එයාලගෙ මූලස්ථානය පැත්තට යද්දි වීරා ඇතුලු දහයක් විතර වාහනේකට පටෝනවා. මං කඩා බිඳගෙන ගිහින් උගේ් දිහා බලං හිටියා. ලේ නාලා. වෙඩි වැදිච්චි තැනක්වත් හොයාගන්න බෑ. ඒ තරමට ලේ. ඒත් කටින් "හ්ම්" සද්දයක් නෑ. මාත් බලාගෙන ඉඳලා එන්න ආවෙ එතනින් එහාට අපිට කරන්න කිසිම දෙයක් නැති සහ බැරි නිසා. අපරාදෙ කියන්න බෑ එදාම රෑ හතට විතර පණිවිඩෙි ආවා "වීරා නැතුවුනා" කියලා. පපුව දණහිස් තෙක් කඩා පාත් වුනා. හිත මොහොතකට නතරවුනා. හයියෙන් හයියෙන් හුස්ම වැටුනා. ඒත් ඒකත් හදවතේ නම් ලයිස්තුවට ඇතුලත් කරලා දිගු හුස්මක් අරන් පහත දැම්මෙි හිත කොහොම හරි හදාගන්න. එදා අපි පසු බසිද්දි නැවත හැරිලා ඉස්සරහට යන්න වුනේ වීරලා ඇතුලු ටීම් එකක් දරුණු ප්‍රහාරයකට මැදිවෙලා නිසා, ඒ අය පස්සට ගන්නකම්ලු. පස්සට ගත්තෙ ඔය. අහිංසක ජීවිත අප්පා ඒ.

වීරා නැතිවෙලා කියල පණිවිඩෙි ලැබුනෙ රෑ හතට විතර. ඒ ගැනමයි අපි කතා කර කර හිටියෙ. ඔහොම ඉන්න අතරේ තමා පහුවදා උදේ ඒ ඒකකයේ විධායක අධිකාරි තුමා හා සී කණ්ඩායමෙි ඔිසී විසිට් එක ආවෙ. මං වීරා ගැන සර්ල දෙන්නගෙන්ම ඇහුවා. දෙන්නම කිව්වෙ මොනා කරන්නද කෝපල්, ඒක ඊයෙ වීරාට, අද මට, හෙට ඔයාට වෙන්න පුලුවන්" කියලා. මාත් කිව්වා "ඒකනං දන්නවා සර්, ඒ වුනාට පවු අහිංසකයා නේද?" කියලා. එතකොට විධායක අධිකාරි තුමා තවත් එක් මූසලම මූසල ප්‍රවෘත්තියක් කිව්වෙ හයියෙන් හුස්මක් අරන් හයියෙන්ම පිටකරලා.

*කෝපල් දන්නවද වීරතුංගගෙ ගජබා හිටපු අයියත් ඊයෙ රෑම ලයින් එකේදි නැතිවුනා කියලා?

ඒ කතාවටනං හිටගෙන හිටපු මාව ඉන්දවුනා සහෝදරයා. ඒත් අපි පිළිගත යුතු ඇත්ත ඒක. හවස වීරා නැතිවුනා කියලා 59 සේනාංකයට මෙසේජ් එක මෙි ඒකකයෙන් යවල අයියව නිවාඩු යවන්න. රෑ එකොලහට විතර 59 සේනාංකෙන් රිප්ලයි එක ඇවිත් තියෙන්නෙ ගජබා ලා/කෝපල් වීරතුංගත් නැතිවුනා කියලා. දෙයියනේ ඒ අම්මගෙ පපුව කොහොම තියෙන්න ඇත්ද?

ප්‍රශ්ණයක් අහන්නද?

ඇත්තටම මෙි සටනේ පරාජිතයා කව්ද?

සම්මතයට අනුවනම් පරාජිතයා වෙන්නෙ මිය ගිය තැනැත්තා. එයා සටනින් පරාද හිංද තමා මිය ගියෙ. ඒත් මෙි පුංචි රටෙි එහෙම නෑ. ඔවුන් තමයි මෙි සටනේ නියම ජයග්‍රාහකයො. තමන්ගේ කෙනෙක් විදියට ඉඳලා යාලුවෙකුට මිතුරෙකුට හිතවතෙකුට මතකයන් රාශියක් ඉතුරු කරලා මිය ඇදෙන්න හැමෝටම බෑ. අද මෙි කතාව ඔබ ඇහුවෙත් ඒ ඉතුරු කරල ගිය මතකයක් නිසා....

ඉවර නෑ.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2021.02.27

යුද්දෙදි ජීවිතදුන් එවුනුත්

පාස්කු ඝාතනනෙන් මැරුව උනුත් මේ දේසපාලුවන්ට උන්ගෙ ෆන් එක ගන්න චන්ද කොටාගන්න ටූල් එකක් විතරමයි.

[QUOTE="IMMuhandiram, post: 26174586, member: 391253"] [I]යුද්දෙන් පස්සෙවත් රටේ දුක් වින්ද මිනිස්සුන්ගෙ නාමෙන් මේ රට කරවපු කරවන අමනුස්සන්ට රට හදන්න තිබ්බ. මේ කතාවෙන් පේනව අපේ රටට ෆිට් එකට හිටපු කොල්ලො ජීවිතදීල අද ඇත්තටම පරාද වෙලා ඉන්නෙ උන් සහ උන්ගෙ පවුල්. උන්ගෙ කැපවීමෙන් බේරපු රට තව තවත් දේසපස්ලුවො කකා රනවිරු නම විකුනන් ආතල් ගන්නවා උන්ගෙ මල මිනිඋඩින්. ඉතින් රට ස්වභවික යුක්තියක් තෙයේනම් හොදක් වේද[/I] [HEADING=2][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]නච්චිකුඩා 02[/HEADING] අද මට අමුතු කතාවක් කියන්න හිතුනා. ඒක කොයි විදියට ඔවාලා ගලපා ගනියිද කියලානම් මන් දන්නෑ. ඒත් එකක් කිව යුතුයි. මෙි තමා සත්‍යය. ඔබෙිත් මගේත් රටෙහි ඒකීය භාවය සහ සාමය සමෘද්ධිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තබමින් සටන් වැදුනු ඒ යෝධ බල යෝධ ශක්තිය ඇති විරුවන්, රට වෙනුවෙන් රුහිරු ගංගාවන් හෙලා, ඒ යුධ භූමියේදීම තමන්ගේ හුස්ම අතාරින්නට තතනන කාලකණ්නි මූසල හෝරාවක හිතේ තියෙන අන්තිම හයිය බිංදුවත් හයියෙන් අල්ලාගන්න උත්සාහ කරද්දි තමන්ගේ සගයින් සහ සහෝදරයින් වෙනුවෙන් බඩෙි බත් ඇටයක් නැතුව සටන් බිමට පා ඔසවපු වීරයින්ගේ කතාව. ඒක මහා දුක හිතෙන කතාවක් සහෝදරයා. මෙිවා ඔයාලා සුතමය ඥානෙන් දන්නවා ඇති. ඒ කියන්නෙ කාගෙන් හරි අහල, පත්තරේකින් ප්‍රවෘත්තියකින් අහල බලල ඇති. ඒත් අවබෝධ ඥානයෙන් ඔයාලා ඒ කිසිවක් දන්නෑ. ඒකෙ තියෙන දුක දන්නෙ එකෙකුට වෙඩි වැදිල හුස්ම ටික වාතලයට එකතු කරන්න ඔන්න මෙන්න තියෙද්දි ලඟ හිටපු සහෝදර සෙබළෙක් විතරයි. හමුදාවට රජයෙන් කෑම දෙනවා වුනත් සතුරා පහර දෙන්නේ රජයෙන් කෑම දෙන වෙලාවට නෙමෙිනෙ. ඌ බලන්නේ තමන්ගේ ප්රථිවදියා කොයි තැන, කොයි වෙලාවටද දුර්වල කියලා. ඒ දුර්වල තැනට තමා උන් පහර දෙන්නේ. මෙික සංග්‍රාමයේ උපක්‍රමයක්. මහ යුද්දෙ යද්දිත් ඉහලින් " ශවෙින්ද්‍ර, මට අද කිලෝ මීටර් පහක් ඔිනේ" කියනවා වගේ මෙිවා ලේසි නෑ. සෙබළා යන්ත්රයක්වත් මැෂිමක්වත් නෙවෙයි. ඔහුත් ඔබ හා මා වගේ අපේ සමකාලීන පරම්පරාවෙි අපේම සහෘදයන්. ඔහු, තමාට ඉහලින් එන අණ සහ පීඩනය මත තමන්ගේ ක්රියාකාරීත්වයේ සහ නිපුනත්වයේ ඇති හැකියාවන් මත සත්‍ය යුධ භූමියේ ක්‍රියාකාරීවන අපේම සොයුරෙක්. ඒ වගේ එකෙකුගේ අවසානය ඉහලට "තවත් එකෙක්" උනත්, ඔහුව හදවතින් තුරුළු කරගෙන, බැන අඬ ගහගෙන, පුංචි දේටත් රණ්ඩුවෙන සහ හිනාවෙන, එකෙක් කාල එනකං පිඟාන ඉල්ල ගන්න මෙස් එක ලඟ හොරගල් අහුලන, සිගරට් එකක් බොන්න රුපියල් දහයක් විස්සක් ණයට ඉල්ලන, ඒත් විපතේදීත් සතුටෙිදීත් එක වගේම හැඟීම් බරවෙන , යාලුවෙක් මිත්‍රයෙක් ඔබට ඉන්නවාද?.ඇති මිත්‍රයා. ඒත් සෙබළා වගේ අවංක නෑ. මොකද සෙබළා මරණය කියන එක විශ්වාස කරනවා වගේම, මැරිලත් ආත්ම ගෞරවයට හානි වෙනවාට කවදාවත් කැමති නෑ. ඒ තමා සොල්දාදුවා. මං කියන්නෙ අපේ කාලෙ ගැන මිසක් MODERN ARMY එක ගැන නෙමෙි. වීරතුංග කියන්නේ මං තේරුම් ගත්තු විදියට අවංක වගේම හරිම අහිංසක පුද්ගලයෙක්. එයා මට හම්බවෙන්නෙ නච්චිකුඩාවලදි එයාලගෙ ඒකකයේ රාජකාරි කරමින් සිටියදි. ඒකකය 11 ගැමුණු හේවා බළ ඇණියෙ. අපේ ඒකකයේ නොවුනත් එකම හමුදාවෙි සෙබළෙක්. කෙල්ලෙක්වත් යාළුවෙලා නැති හැමදාම උදේට දැලි රැවුල හූර හූර ජ්යේශ්ඨයාටත් කණිෂ්ඨයාටත් එකම හිතවත්කමක් පාපු අවිහිංසක කොල්ලෙක්. මං ඒ ඒකකයේ ඉද්දි මට එයාව සෙට් වෙන්නෙ අපිට කෑම අරං එද්දි. අපේ ලයින් එකට කෑම අදින පාටියෙ එදා වීරා හිටියෙ. කෑම හැත්තැපහක් අසූවක් දැල් දැල් පොලිසැක් උරේක දාගෙන කරේ තියාගෙන පොයින්ට් එකෙන් පොයින්ට් එකට කෑම දිදී එද්දි මං හිටපු තැනටත් ආවෙ අපිට කෑම දෙන්න. ඒ කෑම අපේ ඒකකයේ වගේ නෙවෙයි. ඒ දවස්වල රහක් ගුණක් බලන්නැති වුනත් උගුරෙන් පල්ලෙහාට වතුර වගේනම් බහින්නෑ. මෙි ඒකකයේ අණදෙන නිළධාරිතුමා කන බත් කට රහට දෙන එක ආගමක් කරගෙන තිබුනෙ. අපරාදෙ කියන්න බෑ, ලයින් එකේ කොල්ලො වෙනුවෙන් සිගරට් පැකට් එකකුත් ඒ සර්ගෙ සාක්කුවෙ තිබුනා. මාත් එතුමාගෙන් වචනයෙන් නොයිල්ලා අංග උපාංග භාෂාවෙන් ඉල්ලගෙන තියෙනව. ඒ කියන්නෙ "මොනාද කොල්ලො අඩුපාඩු එහෙම, කෑම ටික හොඳයිද?" කියල අහපුවම අපි කරන්නෙ "කන එකනං කෑව සර්" කියල චූටි හිනාවක් දාගෙන ඔලුව කහන එක. එතකොට එතුමා දන්නවා මූ මොනාද මෙි ඉල්ලන්නෙ කියලා. එතකොට සාක්කුවෙන් එකක් අරන් වැලි කොට්ටයක් උඩින් තියල යන්න යනව. මෙි වීරතුංගත් කවදාවත් සිගරට් බීපු එකෙක් නෙමෙයි. ඒත් ඌ ගාව නිවාඩු ගිහින් ඇවිත් සතියක් විතර යනකම් සිගරට් තිබුනා. එක දවසක් වීරා මගේ පොයින්ට් එකට වැටුනා. අපි රාජකාරි කලේ අපේ දෙන්නයි, එයාලාගෙ එක්කෙනයි විදියට. එදා තමා මගෙත් එක්ක වීරා කතාවට වැටුනෙ. මං එයාගෙන් විස්තර ඇහුවා. තාත්තා නෑ. එක නංගියයි,කොල්ලො තුන් දෙනයි. තාත්තා වකුගඩු කේස් එකකින් මැරිලා. ගම පදවි ශ්‍රිපුර. අක්කා අපේ ගම්පැත්තෙ ගාමන්ට් එකක වැඩ. කොල්ලො තුන් දෙනාම ෆෝසස්. වීරතුංග බාලයා. අයියා 2 කමාන්ඩෝ. එයත් මෙි ලයින් එකේමයි. ඊලඟ අයියාත් මෙි සටනෙම 59 සේනාංකය යටතේ ලයින් එකේමයි ඒ වෙද්දි රාජකාරි හිටියෙ. එයා ගජබා. වීරතුංග ඉස්කෝලෙ සාපෙල සමත් වුනත් උසස් අධ්‍යාපනයට තිත තියලා හමුදාවට බැඳිලා තියෙන්නෙ තමන්ටම කියලා ඉන්න ගෙයක් දොරක් හදාගන්න සියල්ල ප්ලෑන් කරලා. ගජබා අයියත් එහෙමයි. වැඩිමලා කමාන්ඩෝ. එයා මහගෙදර හදනවලු. "කෙල්ලෙක් ඉන්නවද බං" කියල අහපුවම මහා අහිංසක විදියට හිනාවෙලා "තාම නෑ කෝපල්" කිව්වා. මාත් ඇහුවා "ඉඳකින් යකෝ, තොට කෑල්ලක්වත් නැත්තං මොකටද බං නිවාඩු යන්නෙ" කියලා. එතකොටත් කලේ හිනාවෙන එක. ඇත්තටම මට වීරා ගැන පව් කියලා හිතුනා. අපි ගොඩක් දේවල් කතාකලා. එදා ඉඳන් දවස් පහ හයක් යනකං අපි එකට රාජකාරි කලේ. පිට ඒකකයක උනත් අපි අතර හිතවත් කමක් ගොඩ නැගුනා. දවස් ගානකුත් ගියා. ඒ අතරේ දවසක තමා අපි කොටින්ගෙ ලයින් එකට ප්‍රහාරයක් එල්ල කරන්නෙ. හැබැයි ඒ වෙද්දි වීරා මගෙත් එක්ක නෙමෙයි හිටියෙ. පොයින්ට් කීපයකට එහායින් ඌ ඩියුටි හිටියෙ. ඒත් වීරා නිවාඩු පාඩු වෙලාවට මාව හොයාගෙන ඇවිත් පැයක් දෙකක් කයිය ගහලා යන තත්වෙට ඌට මාව හිතට අල්ලලා ගිහින් තිබුනා. මාව දවසක් නොදැක්කොත් කොහෙන් හරි ඉන්න තැනකින් මාව හොයාගෙන ඇවිත් හිනාවීගෙන "කෝපල් දැක්කෙ නැත්තං වෙිලක් කෑවෙ නෑ වගේ කෝපල්, ඒකයි ඇවිත් යන්න ආවෙ" කියනව. ඒකට තව හේතුවක් තිබුනා. මම නිකන් ඉන්න ගමන් කතාකලේ යුද්දෙ ගැන, රට ගැන,ලෝකය ගැන,ජීවිතේ ගැන. මිනිස්සු ගැන, හිටිවන කවි, කුනුහරප සිංදු සහ කවි ආදිය ඔන්න ඔව්වා. එහෙමත් කාලෙ ගෙවිල ගිහින් තමා ඉහත කිව්ව දිනේ උදාවෙන්නෙ. එදා අපි ලයින් එක කැඩුවෙ නැතිවුනත් මහ දරුණුවට සටන ගියා. පැය ගානක් තිස්සෙ කරපු සටනකින් පස්සෙ ප්‍රහාරය හෝල්ට් කරන්න ඉහලින් නියෝග ලැබුනා. ඒ වෙද්දි අපිටත් පණිවිඩෙි ලැබිල අපිත් පසු බහින්න සූදානමින් හිටියෙ. ඒත් එක්වරම අපිට නියෝගයක් ආවා පසු නොබැස දිගටම ප්‍රහාර එල්ල කරන්න කියලා. අපිත් ඒ අණට අනුව නැවත වැලි කොට්ටෙට මුවා වෙවී ටික ටික ඉස්සරහට ඇදුනේ " මොන රෙද්දද්ද යකෝ මෙි" කිය කිය. වැලි කොට්ටෙ කියන්නෙ සටනක් යද්දි අපේ ආවරණයට වැලි දාල සකසාගත්තු කිලෝ විසිපහක් තිහක් බර වැලි උරයක්. බඩ ගාගෙන ඉස්සරහට යනකොට වැලි කොට්ටෙ ටිකක් ඉස්සරහට තල්ලු කරනවා, ආයෙ ඒකට කවර් වෙනවා, වෙඩි තියනවා. ඔහොම. අපි ආයෙත් ආපහු හැරිල ඉස්සරහට ගියා. ඒ සටනෙ දරුණුකම කියන්නෙ සමහර තැන් වලින් කොටි උන්ගෙ ලයින් එකට ගොඩ වෙලා තමා අපිට වෙඩි තිබ්බෙ. හානි ගොඩයි. ආයෙත් පැයක් විතර යද්දි අපි පසුපසට ආවා. ඇවිත් හැති ඇර ඇර ඉන්නකොට තමා අල්ලපු පොයින්ට් එකේ කොල්ලා ඇවිත් කිව්වෙ "සිග්නල් කෝපල්, වීරා කැෂුවල්ටි" කියලා. මං එසැනින් එයාලගෙ මූලස්ථානය පැත්තට යද්දි වීරා ඇතුලු දහයක් විතර වාහනේකට පටෝනවා. මං කඩා බිඳගෙන ගිහින් උගේ් දිහා බලං හිටියා. ලේ නාලා. වෙඩි වැදිච්චි තැනක්වත් හොයාගන්න බෑ. ඒ තරමට ලේ. ඒත් කටින් "හ්ම්" සද්දයක් නෑ. මාත් බලාගෙන ඉඳලා එන්න ආවෙ එතනින් එහාට අපිට කරන්න කිසිම දෙයක් නැති සහ බැරි නිසා. අපරාදෙ කියන්න බෑ එදාම රෑ හතට විතර පණිවිඩෙි ආවා "වීරා නැතුවුනා" කියලා. පපුව දණහිස් තෙක් කඩා පාත් වුනා. හිත මොහොතකට නතරවුනා. හයියෙන් හයියෙන් හුස්ම වැටුනා. ඒත් ඒකත් හදවතේ නම් ලයිස්තුවට ඇතුලත් කරලා දිගු හුස්මක් අරන් පහත දැම්මෙි හිත කොහොම හරි හදාගන්න. එදා අපි පසු බසිද්දි නැවත හැරිලා ඉස්සරහට යන්න වුනේ වීරලා ඇතුලු ටීම් එකක් දරුණු ප්‍රහාරයකට මැදිවෙලා නිසා, ඒ අය පස්සට ගන්නකම්ලු. පස්සට ගත්තෙ ඔය. අහිංසක ජීවිත අප්පා ඒ. වීරා නැතිවෙලා කියල පණිවිඩෙි ලැබුනෙ රෑ හතට විතර. ඒ ගැනමයි අපි කතා කර කර හිටියෙ. ඔහොම ඉන්න අතරේ තමා පහුවදා උදේ ඒ ඒකකයේ විධායක අධිකාරි තුමා හා සී කණ්ඩායමෙි ඔිසී විසිට් එක ආවෙ. මං වීරා ගැන සර්ල දෙන්නගෙන්ම ඇහුවා. දෙන්නම කිව්වෙ මොනා කරන්නද කෝපල්, ඒක ඊයෙ වීරාට, අද මට, හෙට ඔයාට වෙන්න පුලුවන්" කියලා. මාත් කිව්වා "ඒකනං දන්නවා සර්, ඒ වුනාට පවු අහිංසකයා නේද?" කියලා. එතකොට විධායක අධිකාරි තුමා තවත් එක් මූසලම මූසල ප්‍රවෘත්තියක් කිව්වෙ හයියෙන් හුස්මක් අරන් හයියෙන්ම පිටකරලා. *කෝපල් දන්නවද වීරතුංගගෙ ගජබා හිටපු අයියත් ඊයෙ රෑම ලයින් එකේදි නැතිවුනා කියලා? ඒ කතාවටනං හිටගෙන හිටපු මාව ඉන්දවුනා සහෝදරයා. ඒත් අපි පිළිගත යුතු ඇත්ත ඒක. හවස වීරා නැතිවුනා කියලා 59 සේනාංකයට මෙසේජ් එක මෙි ඒකකයෙන් යවල අයියව නිවාඩු යවන්න. රෑ එකොලහට විතර 59 සේනාංකෙන් රිප්ලයි එක ඇවිත් තියෙන්නෙ ගජබා ලා/කෝපල් වීරතුංගත් නැතිවුනා කියලා. දෙයියනේ ඒ අම්මගෙ පපුව කොහොම තියෙන්න ඇත්ද? ප්‍රශ්ණයක් අහන්නද? ඇත්තටම මෙි සටනේ පරාජිතයා කව්ද? සම්මතයට අනුවනම් පරාජිතයා වෙන්නෙ මිය ගිය තැනැත්තා. එයා සටනින් පරාද හිංද තමා මිය ගියෙ. ඒත් මෙි පුංචි රටෙි එහෙම නෑ. ඔවුන් තමයි මෙි සටනේ නියම ජයග්‍රාහකයො. තමන්ගේ කෙනෙක් විදියට ඉඳලා යාලුවෙකුට මිතුරෙකුට හිතවතෙකුට මතකයන් රාශියක් ඉතුරු කරලා මිය ඇදෙන්න හැමෝටම බෑ. අද මෙි කතාව ඔබ ඇහුවෙත් ඒ ඉතුරු කරල ගිය මතකයක් නිසා.... ඉවර නෑ. රුවින් පමුදිත යද්දෙහිආරච්චි 2021.02.27 යුද්දෙදි ජීවිතදුන් එවුනුත් පාස්කු ඝාතනනෙන් මැරුව උනුත් මේ දේසපාලුවන්ට උන්ගෙ ෆන් එක ගන්න චන්ද කොටාගන්න ටූල් එකක් විතරමයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom