අපේ‍්‍රල් ආයෙමත්...

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
අපේ‍්‍රල් ආයෙමත්...

අපේ‍්‍රල් ආයෙමත්...

පුළුවං තරමකට
යුද්ධය විඳ දරං ඉතිරිවුණ
ඉස්සර නිසොල්මන් ගේ දොරක
නටබුන් බිත්ති පසුකර
අතැර දමාගිය මහගෙදර සොයාගෙන
පැමිණියෙමි

රට අඹ අත්තේ එල්ලී
දිරූ තනි ලණුවක
කැරකැවෙයි ඔංචිලි ලෑලි පතුර
එකම තැන වාරම් නැතිවම
ඔංචිලි පදින වයසේ
පපු පොඩි ගැහෙන
පැටව් රෑනක දෙපා හඬ
නැෙඟයි මහෝඝයකව
මතකය උඩ - සීසීකඩ දුවන
මළ මිනී උඩින් පැන පැන

පිරී ඉහපු නැති මහ ළිඳ
පර එරබොදු වැටී තද රතට
අත්තකින් කණ්ඩිය උඩින් නැවුණ
උනා ඇත්තේ උල්පතින් උල්පත
දෙගොඩ තලා ගිය ලෙයමද

නැකතට තෙල් ගාපු අත්තා
වැළලූව සොහොන - ඉඩම කෙළවර
පාරවයි මතකය
අත්තා තරම් වයසක
දෑත් ය, ජීවිතය ඉල්ලා වැළපුණ
අනෝරා ෂෙල් වැහි යට

පාළුවට ගිය කූඩුවක
හෙවන නැත
කුරුළු පැටියෙකුටවත්
වෙන ජාතියක.
ආපසු හැරීමි - හැර දමා මේ පාළු ගේ දොර
අරං යන්නට
පිටකොටුවෙන්
කොට කළිසමක් දෙකක්,
ටකරමක් යට හැංගුණ
අප්පා නැති පැටියෙකුට

දුටිමි හැරෙනවා මාත් එක්කම
දෙමළ හා සිංහල අලූත් අවුරුද්ද
නෑවිත් සද්ධන්ත මහගෙදරට
වැට මායිමේ නැවතුණ


මහේෂ් මුණසිංහ
2010 04