අපේ අනාගතයට කුමක් වෙයිද? ඉරානයේ අධ්‍යාපනය ලබන ඉන්දියානු ශිෂ්‍යයෙක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,594
    10,429
    113
    44
    Living in an Atom
    gettyimages-2220800890.jpg


    ඉන්දියානු රජයේ මැදිහත් වීම මත ඉරානයෙන් තම රටේ පුරවැසියන් ඉවත්කරගැනීම සම්බන්දයෙන් ඉන්දියානු ශිෂ්‍යයෙක් වන ෂෙයික් මොහොමඩ් CNN වෙත තම අදහස් ගෙන හැර දැක්වුයේ මෙසේය.

    පසුගිය සති කිහිපයේදී අපි ඉරානයේ ජිවත්වුයේ හරිම මානසික ව්‍යකුලත්වයකින්. මා ටෙහෙරානයේ වීදි දිගේ වහනය පදවාගෙන යනවිට මා දුටු දර්ශනය හරිම බිහිසුණුයි. වෙනදා ඉරාන අහසේ දක්නට ලැබෙන සුන්දරත්වය එදා දක්නට ලැබුනේ නැහැ . ඒ වෙනුවට ඉරාණ අහසේ දක්නට ලැබුනේ දුමාරයක් ඇතිකරමින් ගමන් ගන්නා මිසයිල සහ වේගයෙන් ගමන් කරන ප්‍රහාරක ගුවන් යානා. නවීන ඊශ්‍රායල යුධ ප්‍රහාරක යාන අපේ කන් බිහිරි කරමින් ගුවන පුරා ඇදී ගියා. අපි කොහෙත්ම හිතුවේ නැහැ මේ මිසයිල හෝ ප්‍රහාරක යානා අපේ පැත්තට එයි කියලා. අපි බියක් නැතිව අහස දෙස බලාගෙන සිටියා . ස්වල්ප වෙලාවකින් නගරයේ වීදි දුමාරයෙන් පිරි ගියා. අපි දැක්කා යුධ ප්‍රහාරක යානාවලින් එල්ලවන මිසයිල ප්‍රහාර වලින් නගරය විනාශ වෙනවා.

    ෂෙයික් මොහොමඩ් ටෙහෙරානයේ ෂහීඩ් බෙහෙෂ්ටි වෛද්‍ය විද්‍යා විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. ඔහු ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් ඇති වූ පසුව ඉන්දීය රජයේ මැදිහත්වීම මත ඉරානයෙන් ඉවත් කරන ලද 1,700 කට අධික ඉන්දීය ජාතිකයන්ගෙන් එක් අයෙකි. දිගු කලක් තිස්සේ මුස්ලිම් ඉන්දියානු සිසුන්ගේ ජනප්‍රිය විශ්ව විද්‍යාල ගමනාන්තයක් වී ඇත්තේ ඉරානයේ ෂහීඩ් බෙහෙෂ්ටි විශ්ව විද්‍යාලයයි. ඒ ඉරානය විසින් ලබා දී ඇති විශේෂිත වරප්‍රසාද යටතේ ඉන්දියානු ඉස්ලාමිය සිසුන්ට දැරිය හැකි මිලකට තම අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවයි.

    ඉරානයේ ගුවන් සීමාව වසා දමා ඇති හෙයින්, ඔවුන් ගොඩබිමෙන් සහ ගුවනින් අවිනිශ්චිත ගමනක් ආරම්භ කළ අතර, ඉන්දීය රජය ඔවුන්ව ගෙදර ගෙන්වා ගැනීමට කටයුතු කරන විට ඔවුන් තම අනාගතයේ ඇති අවිනිශ්චිතතාවය පිලිබඳ ශෝක විය.


    ෂෙයික් ගොඩබිමෙන් ගිය ගමන ගැන විස්තර කළේ බියෙන් තැතිගත් හැඟීමකි.

    "අපේ උපාධියට මොකද වෙන්නේ? අපේ අනාගතයට මොකද වෙන්නේ? ඒ වගේම වැදගත්ම දේ, අපේ ජීවිතවලට මොකද වෙන්නේ? කියලා අපි හිතේ ගොඩක් කරදරකාරී සිතුවිලි තිබුණා" ඔහු පැවසීය.

    පසුගිය සඳුදා ආරම්භ වූ ෂෙයික්ගේ ඉරානයෙන් පිටවීම සඳහා දින හයක් පමණ ගත විය. ඔහු මුලින්ම ඉරානයේ අගනුවර සිට දකුණට කිලෝමීටර් 150 ක් පමණ දුරින් පිහිටි කොම් නගරයට ගමන්කළේය. ඒ ඉන්දීය තානාපති කාර්යාලය විසින් සූදානම් කරන ලද විශේෂ බස් රථයකිනි. එය සාමාන්‍යයෙන් පැය දෙකක් පමණ ගත වන ගමනක් වන නමුත් ෂෙයික්ට මේ සඳහා පැය හතරකට ආසන්න කාලයක් ගත විය.

    කොම් වෙත පැමිණ දින දෙකකට පසු, සිසුන්ට නැවත ගමන් අරම්ඹ කරන කරන ලෙස දන්වා සිටියේය. මෙවර කිලෝමීටර් 1,000 කට ආසන්න නැගෙනහිරින් පිහිටි මෂාඩ් නගරයට, එහිදී ඔවුන් නවදිල්ලිය බලා සිය ගමන දිගටම කරගෙන යාම සඳහා ටර්ක්මෙනිස්තානයට තරණය කිරීමට සැලසුම් කර තිබුණි. නමුත් නැවතත් අවිනිශ්චිතතාවය ඇති විය.

    "දේශ සීමාව ආසන්නයේ වීසා පිළිබඳව ප්‍රශ්න ඇති විය. ඒ නිසා අපිට ටර්ක්මෙනිස්තානයට යන්න බැහැ," ෂෙයික් පැවසීය.
    දින දෙකකට පසු, ඉන්දීය රජය විසින් සූදානම් කරන ලද "විශේෂ ගුවන් යානයකින්" මෂාඩ් සිටම ගුවන් යානයකින් ගමන් කරන බව ඔවුන්ට දන්වන ලදී. ඔවුන් ගුවන් යානයට ගොඩ වන විට, ගුවන් යානයට පහර දිය හැකි යැයි කනස්සල්ලට පත්ව සිටි නිසා . "අපි ගොඩක් බය වුණා. ඔවුන් අපිටත් පහර දුන්නොත් මොකද වෙන්නේ?" ඔහු පැවසීය.

    මෂාඩ් සිට නවදිල්ලිය දක්වා ගුවන් ගමනට පැය දෙකකට වඩා මඳක් වැඩි කාලයක් ගත විය. CNN සමඟ බෙදාගත් වීඩියෝවෙන් පෙනී යන්නේ සිසුන් ඉන්දීය අගනුවරට ගොඩබසින විට ප්‍රීති ඝෝෂා නගමින් අත්පොළසන් දෙන ආකාරයයි.

    ඉරාන යුධ භූමියෙන් වලින් බැහැරව තම රටේ සිටියද, බොහෝ සිසුන් මෙන් ෂෙයික් ද දැන් ඔහුගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතවය. ඔහුට තවමත් වසර දෙකක අධ්‍යාපනයක් ඉතිරිව ඇති නිසා සහ ඉරානයේ තත්වය ස්ථාවර නොවන්නේ නම් කුමක් සිදුවිය හැකිද යන්න ගැන කනස්සල්ලට පත්ව සිටී.

    "මම මගේ උපාධිය අතරතුර එක රටකින් තවත් රටකට සංක්‍රමණය වුණොත්, එය ඉන්දියාවේ වලංගු වෙන්නේ නැහැ," ඔහු පැවසීය. "මට මුල සිටම පටන් ගන්න සිද්ධ වෙයි. අවුරුදු තුනක්, හතරක් ඉගෙන ගත්තා - දැන් අපි දන්නේ නැහැ ඊළඟට මොකද වෙන්නේ කියලා."

    CNN .
     
    Last edited:
    • Like
    Reactions: DP SARA