Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ උරුමය - ශාන්ති කර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩවර යක් කංකාරිය-4

- රති කඩවර පිදේනිය පුදදීම -

අයිලයට යාදිනි ගයා දෙවියන්ට කන්නලව් කොට දෙවියන්ගෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරති. රතිකඩවර, රතිකම් කඩවර, රතිකාම කඩවර යනාදී විවිධ ස්වරූපයෙන් පෙනී සිටින රති කෙළියෙහි ඇලී ගැලී වාසය කරන රති කඩවර කිල්ලක් දුටු සැණෙකින් දිෂ්ටි හෙළා බැල්ම හෙළා කාන්තාවන් ලෙඩ කරවන යක්ෂයෙකි.

ග්‍රාමීය පරිසරය තුළ බොහෝ දුරට අඹුසැමියන් වශයෙන් එකතු වන්නේ නිවස තුළදී නොව වනයේදී ය. එබඳු අවස්ථාවලදී යම් හෙයකින් බිරිඳ මොහොතකට හෝ තනි වුවහොත් මෙම රතිකම් දෝෂයට ගොදුරු විය හැකි බව ඇඳුරන්ගේ පිළිගැනීමයි.

රති කඩවරට වෙන්වූ "රතිකඩවර පිදේනිය" දිෂ්ටි මන්ත්‍ර කියා යාදිනි ගයා කුකුල් සිරි (ලේ) පිදේනියට දමා පිදේනිය ආතුරයාගේ නිවසට සමීපව ඇති "තුංමංසලක" කැප කොට පිදිය යුතුය.

- දළ කඩවර පිදේනිය පුදදීම -

උඩරට කඩවර යක් කංකාරියේ අවසන් මහ පිදේනිය හෙවත් නොමළ දත්ත පිදේනිය පුද දෙන්නේ දළ කඩවරයට. එබැවින් එයට "දළකඩවර පිදේනිය නමින් ද හැඳින්වෙයි.

මෙම මහ පිදේනිය කැපකොට දීමට මත්තෙන් දළ රජු කළ යාගය සිහි ගන්වමින් ගිරිදේවි බලියක් අඹා එය ආතුරයා ළඟින් තබා පිරිත් හූය එහි ගැටගසා යාදිනි ගයා ආතුරයාට සෙත් පැතීම ද සිදු කරති.

ඉන් අනතුරුව එළඹෙන්නේ මෙම කංකාරියේ නාට්‍යමය ලක්ෂණ බොහොමයක් අඩංගු ජවනිකා කිහිපයකි. මෙම ජවනිකා ආතුරයාගේත් රැස්ව සිටින අයගේත් මානසික කායික සුවයට සරිලන පරිදි දෙපැත්ත කැපෙන වචන අවස්ථා හා සිද්ධි වලින් අනූන කිරීමට ඇඳුරෝ වගබලා ගනිති.

අයිලේ බැලීම සුවිශේෂ ජවනිකාවකි.

ඇඳුරා - මොනවද කියාපං බලන්ඩ ඔය හොඳ කාම (කෑම)

ප්‍රධාන ඇඳුරා - "අපේ හොඳ කාම තමයි ඉප්පා, කප්පා, කපරගොයා, කොරලියා

අඩා සිංහලයා කුදා වදලා

"කුදාලා කොහොමද වදන්නේ. කුදියෝ මිස. කුදියෝ නම් වදාලා ඇති. කුදා වදලා නොවෙයි පුදා වඩලා"

කාමුක රාගික හැඟීම් ජනිත කරවීම, දරුවන් වැදීම ආදිය වාචික මෙන්ම ආංගික අභිනයෙන් ද රඟ දැක්වීම මෙහිදී සිදුවෙන සුවිශේෂ ජවනිකා වේ.

මෙකී අවස්ථාවලදී ඉදිරිපත් කරන සංවාද, ජවනිකා, ආතුරයාගේත් සෙසු නරඹන්නන්ගේත් හාස්‍ය රසය ජනිත කරවන අතරම ඔවුන්ගේ නිද්‍රාශීලී ස්වභාවය ද තුරන් කෙරේ.

මනෝ විද්‍යාත්මකව සලකන විට ආතුරයාට වැළඳී ඇති රෝග උපද්‍රව මෙන්ම මානසික ආතතිය තුරන් කිරීමේ බලයක් ශක්තියක් මේ මගින් උදාවන බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.

අයිලේ බැලීමෙන් පසුව එළඹෙන්නේ උඩරට මෙන්ම පහතරට ශාන්තිකර්ම අතර කඩවරයක් කංකාරියට පමණක් ම සීමා වූ යක්කම් පෙළපාලි හතක් (07) ක් පිළිවෙළින් වේදිකාගත කිරීමයි.

කපු යක්කම

පන් යක්කම

බොරු යක්කම

දරු යක්කම

නයි යක්කම

වැදි යක්කම

මහ යක්කම

යනුවෙන් ඒවා වේදිකාව මත දිග හැරේ.

මෙකී සියලු යක්කම් කඩවර යක්කංකාරියටම ආවේණික වූ ජවනිකාවලින් අනූන කිරීමට අපේ කඩවර ඇඳුරෝ පොහොසත් වෙති. එමෙන්ම තංතිරියට, උඩැක්කියට, වීනාවට, කවි ගායනා කොට ඒ ඒ අංශ වෙන වෙනම රඟ දැක්වීම ද විශේෂ ලක්ෂණයකි.

නොමළ දත්ත පිදේනිය/ මහ පිදේනිය/ දළ කඩවර පිදේනිය (- යක්කම් ජවනිකා වශයෙන් ඉදිරිපත් කොට අවසානයේදී දළ කඩවරට සකස් කළ ගැබ් හැටකින් (60) සමන්විත වූ මෙම මහ පිදේනිය දළ කඩවර අස්න දිෂ්ටි මන්ත්‍ර ගායනා කොට සැරපරුෂ දළ කඩවරට වෙන් වූ අට කොණට සමයංදීම/ පැදුරේ දපා සමයං දීම හමාර කොට රීරි පුදා ආතුර නිවසේ සමීපයේ ඇතෙක් උසට සකස් කොට ඇති කුරාලය වෙත ගොස් කුරාලයේ දපා පිදේනිය බඩ මත තබා දිෂ්ටි මන්ත්‍ර ගයා පිදේනිය කැප කොට දෙයි.

නොමළ දත්ත පිදේනිය/ මහ පිදේනිය/ කැපකොට දීමෙන් අනතුරුව ආරම්භයේ පටන් අවසාන මොහොත දක්වා වේදිකාවට ගෙන්වා ගත් සියලුම භෞතික සම්පත් වලට කවි ගායනා කොට කඩා ඉවත් කළ යුතුය. ඒ අනුව අයිලය කඩන්නට කවි කියා අයිලය කඩා ඉවත් කෙරේ.

මෙම එක් එක් ජවනිකා අවසානයේ ආතුරයාට ආවඩා "ආයුබෝවේවා රෝග නිවාරණය වේවා යි කියා සෙත් පැතීමට ඇදුරෝ කිසිසේත්ම අමතක නොකරති. හෝරා කිහිපයක් තිස්සේ පවත්වන මෙම යක්කම් පෙළපාලි නාට්‍යමය ලක්ෂණවලින් පරිපූර්ණ වේ. උඩැක්කි තංතිරි වේණා වැයීම්වල අන්තර්ගත සංවාද මෙන්ම කවි ගායනා, කාමුක, රාගික හැඟීම් උද්දීපනය වන සේ රචනා වී ඇත. ඒවා යක් කංකාරියෙන් අපේක්ෂිත මුඛ්‍යාර්ථය හා සෘජුවම බද්ධ වේ. කායිකව සිදුවන අබල දුබලතාවලට මානසිකව සිදුවන විපර්යාසයන් සෘජුවම බලපායි. දරුවන් නැතිවීමෙන් ආතුර මානසිකත්වයෙන් පසුවන කාන්තාවන්ට මෙමගින් සිදුවන්නේ සුවිශාල වූ අස්වැසිල්ලකි.

- දිවයින-

[QUOTE="thilzz, post: 6787485, member: 103868"] [b]කඩවර යක් කංකාරිය-4[/b] [CENTER][SIZE=4][SIZE=5][B]- රති කඩවර පිදේනිය පුදදීම -[/B][/SIZE][/SIZE] [SIZE=4] අයිලයට යාදිනි ගයා දෙවියන්ට කන්නලව් කොට දෙවියන්ගෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරති. [B]රතිකඩවර, රතිකම් කඩවර, රතිකාම කඩවර යනාදී විවිධ ස්වරූපයෙන් පෙනී සිටින රති කෙළියෙහි ඇලී ගැලී වාසය කරන රති කඩවර කිල්ලක් දුටු සැණෙකින් දිෂ්ටි හෙළා බැල්ම හෙළා කාන්තාවන් ලෙඩ කරවන යක්ෂයෙකි.[/B] ග්‍රාමීය පරිසරය තුළ බොහෝ දුරට අඹුසැමියන් වශයෙන් එකතු වන්නේ නිවස තුළදී නොව වනයේදී ය. එබඳු අවස්ථාවලදී යම් හෙයකින් බිරිඳ මොහොතකට හෝ තනි වුවහොත් මෙම රතිකම් දෝෂයට ගොදුරු විය හැකි බව ඇඳුරන්ගේ පිළිගැනීමයි. [B] රති කඩවරට වෙන්වූ "රතිකඩවර පිදේනිය" දිෂ්ටි මන්ත්‍ර කියා යාදිනි ගයා කුකුල් සිරි (ලේ) පිදේනියට දමා පිදේනිය ආතුරයාගේ නිවසට සමීපව ඇති "තුංමංසලක" කැප කොට පිදිය යුතුය. [/B][/SIZE][SIZE=4][SIZE=5][B]- දළ කඩවර පිදේනිය පුදදීම - [/B][/SIZE][/SIZE] [SIZE=4] [B]උඩරට කඩවර යක් කංකාරියේ අවසන් මහ පිදේනිය හෙවත් නොමළ දත්ත පිදේනිය පුද දෙන්නේ දළ කඩවරයට. එබැවින් එයට "දළකඩවර පිදේනිය නමින් ද හැඳින්වෙයි.[/B] [B]මෙම මහ පිදේනිය කැපකොට දීමට මත්තෙන් දළ රජු කළ යාගය සිහි ගන්වමින් ගිරිදේවි බලියක් අඹා එය ආතුරයා ළඟින් තබා පිරිත් හූය එහි ගැටගසා යාදිනි ගයා ආතුරයාට සෙත් පැතීම ද සිදු කරති. [/B]ඉන් අනතුරුව එළඹෙන්නේ මෙම කංකාරියේ නාට්‍යමය ලක්ෂණ බොහොමයක් අඩංගු ජවනිකා කිහිපයකි. මෙම ජවනිකා ආතුරයාගේත් රැස්ව සිටින අයගේත් මානසික කායික සුවයට සරිලන පරිදි දෙපැත්ත කැපෙන වචන අවස්ථා හා සිද්ධි වලින් අනූන කිරීමට ඇඳුරෝ වගබලා ගනිති. [/SIZE] [B][SIZE=4]අයිලේ බැලීම සුවිශේෂ ජවනිකාවකි.[/SIZE] [/B] [SIZE=4] ඇඳුරා - මොනවද කියාපං බලන්ඩ ඔය හොඳ කාම (කෑම) ප්‍රධාන ඇඳුරා - "අපේ හොඳ කාම තමයි ඉප්පා, කප්පා, කපරගොයා, කොරලියා[/SIZE] [SIZE=4] අඩා සිංහලයා කුදා වදලා "කුදාලා කොහොමද වදන්නේ. කුදියෝ මිස. කුදියෝ නම් වදාලා ඇති. කුදා වදලා නොවෙයි පුදා වඩලා"[/SIZE] [SIZE=4] කාමුක රාගික හැඟීම් ජනිත කරවීම, දරුවන් වැදීම ආදිය වාචික මෙන්ම ආංගික අභිනයෙන් ද රඟ දැක්වීම මෙහිදී සිදුවෙන සුවිශේෂ ජවනිකා වේ. [B]මෙකී අවස්ථාවලදී ඉදිරිපත් කරන සංවාද, ජවනිකා, ආතුරයාගේත් සෙසු නරඹන්නන්ගේත් හාස්‍ය රසය ජනිත කරවන අතරම ඔවුන්ගේ නිද්‍රාශීලී ස්වභාවය ද තුරන් කෙරේ. මනෝ විද්‍යාත්මකව සලකන විට ආතුරයාට වැළඳී ඇති රෝග උපද්‍රව මෙන්ම මානසික ආතතිය තුරන් කිරීමේ බලයක් ශක්තියක් මේ මගින් උදාවන බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. [/B][/SIZE][SIZE=4][B]අයිලේ බැලීමෙන් පසුව එළඹෙන්නේ උඩරට මෙන්ම පහතරට ශාන්තිකර්ම අතර කඩවරයක් කංකාරියට පමණක් ම සීමා වූ යක්කම් පෙළපාලි හතක් (07) ක් පිළිවෙළින් වේදිකාගත කිරීමයි.[/B] [/SIZE] [LIST=1] [*][SIZE=4] කපු යක්කම[/SIZE] [*][SIZE=4]පන් යක්කම[/SIZE] [*][SIZE=4]බොරු යක්කම[/SIZE] [*][SIZE=4]දරු යක්කම[/SIZE] [*][SIZE=4]නයි යක්කම[/SIZE] [*][SIZE=4]වැදි යක්කම[/SIZE] [*][SIZE=4]මහ යක්කම[/SIZE] [/LIST] [SIZE=4]යනුවෙන් ඒවා වේදිකාව මත දිග හැරේ. මෙකී සියලු යක්කම් කඩවර යක්කංකාරියටම ආවේණික වූ ජවනිකාවලින් අනූන කිරීමට අපේ කඩවර ඇඳුරෝ පොහොසත් වෙති. එමෙන්ම තංතිරියට, උඩැක්කියට, වීනාවට, කවි ගායනා කොට ඒ ඒ අංශ වෙන වෙනම රඟ දැක්වීම ද විශේෂ ලක්ෂණයකි. [/SIZE][SIZE=4]නොමළ දත්ත පිදේනිය/ මහ පිදේනිය/ දළ කඩවර පිදේනිය (- යක්කම් ජවනිකා වශයෙන් ඉදිරිපත් කොට අවසානයේදී දළ කඩවරට සකස් කළ ගැබ් හැටකින් (60) සමන්විත වූ මෙම මහ පිදේනිය දළ කඩවර අස්න දිෂ්ටි මන්ත්‍ර ගායනා කොට සැරපරුෂ දළ කඩවරට වෙන් වූ අට කොණට සමයංදීම/ පැදුරේ දපා සමයං දීම හමාර කොට රීරි පුදා ආතුර නිවසේ සමීපයේ ඇතෙක් උසට සකස් කොට ඇති කුරාලය වෙත ගොස් කුරාලයේ දපා පිදේනිය බඩ මත තබා දිෂ්ටි මන්ත්‍ර ගයා පිදේනිය කැප කොට දෙයි. නොමළ දත්ත පිදේනිය/ මහ පිදේනිය/ කැපකොට දීමෙන් අනතුරුව ආරම්භයේ පටන් අවසාන මොහොත දක්වා වේදිකාවට ගෙන්වා ගත් සියලුම භෞතික සම්පත් වලට කවි ගායනා කොට කඩා ඉවත් කළ යුතුය. ඒ අනුව අයිලය කඩන්නට කවි කියා අයිලය කඩා ඉවත් කෙරේ. [/SIZE][SIZE=4][B]මෙම එක් එක් ජවනිකා අවසානයේ ආතුරයාට ආවඩා "ආයුබෝවේවා රෝග නිවාරණය වේවා යි කියා සෙත් පැතීමට ඇදුරෝ කිසිසේත්ම අමතක නොකරති.[/B] [B]හෝරා කිහිපයක් තිස්සේ පවත්වන මෙම යක්කම් පෙළපාලි නාට්‍යමය ලක්ෂණවලින් පරිපූර්ණ වේ.[/B] උඩැක්කි තංතිරි වේණා වැයීම්වල අන්තර්ගත සංවාද මෙන්ම කවි ගායනා, කාමුක, රාගික හැඟීම් උද්දීපනය වන සේ රචනා වී ඇත. ඒවා යක් කංකාරියෙන් අපේක්ෂිත මුඛ්‍යාර්ථය හා සෘජුවම බද්ධ වේ. [B]කායිකව සිදුවන අබල දුබලතාවලට මානසිකව සිදුවන විපර්යාසයන් සෘජුවම බලපායි. දරුවන් නැතිවීමෙන් ආතුර මානසිකත්වයෙන් පසුවන කාන්තාවන්ට මෙමගින් සිදුවන්නේ සුවිශාල වූ අස්වැසිල්ලකි.[/B][/SIZE] [URL="http://www.divaina.com/2010/01/06/feature04.html"][B]- දිවයින-[/B][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom