Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ උරුමය - ශාන්ති කර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලපන්දම් සිටුවීම

කාලපන්දම් පූජාව මගින් අතීත, වර්තමාන, අනාගත වශයෙන් කිසිදු අපල උපද්‍රවයක් නොවීම සඳහා පිහිට පැතීමක් සිදුකරයි. පුවක් ගසක් කපා එහි නියමිත දිග ගෙන (රියන් 11) මුදුනේ කාල පන්දම සිටුවනු ලැබේ. ගොක් කොළවලින් මුදුන සරසා, සතර දිශාවට ගොක්පතින් කං වැල් සතරක් ඇද තිබේ. ඉන් අරමුණු වන්නේ උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර යන සිව් දිශාවටම ආරකෂාව සැලසීමය. මෙසේ කාල පන්දම් ගසක් පූජා කිරීමෙන් දෝෂ දුරු කරන බව විශ්වාස කරන අතර, ගම්මඩුව ශාන්තිකර්මයේ මුඛ්යාර්තය තවදුරටත් ජනිත කිරීමට මෙම යාගය සමත් වෙයි. කෙසේ වෙතත් මෙම පුරාවෘත්ත පිළිබඳව පොදු එකඟතාවයක් නොමැති අතර ඉන් එක් පුරාවෘත්තයක් නම් කතරගම දෙවියන්ට අදාළ පුරාවෘත්තයයි. එනම් දුටුගැමුණු රජු එදා අනුරාධපුර සටනට පිවිසීමට පෙර කතරගම දෙවියන්ගේ නාමයට කාලපන්දම් පූජාවක් කර ආරකෂාව පැතූ බවත්, යුද්ධයෙන් ජයග්‍රහණ කළහොත් තම රටවැසියන්ට පෙනෙන අයුරින්, කාල පන්දම් ගසක් සිටුවන බවටත් පොරොන්දු විය. එම පොරොන්දු වූ අයුරින්, කාලපන්දම් පූජාව අදත් දෙවොල් මඩුවේදී සිදුකරනු ලබන බව එම පුරාවෘත්තයේ කියැවේ. දුටුගැමුණු රජුගේ යුද්ධයට දමිළ වැසියන්ගෙන් උපකාර ඉල්ලා සිටි නමුත්, ඔවුන් මුලදී එය ලබාදීමට අකමැති වූයෙන්, ඊට කතරගම දෙවියන්ගෙන් සමාව ගනු වස්, බිම පෙරළි පෙරළී යාමත්, කටු ගසා එල්ලීමත්, උල් ඇඟේගසා ගැනීමත් සිදු කරන බව ඇදුරෝ දක්වති.

කෙසේ නමුත් කාලපන්දම් පූජාවට අයත් තවත් පුරාවෘත්තයක් වෙයි. එනම් දෙවොල් දෙවියන් ප්රමුඛ සත් කට්ටුව (කුරුම්බර යැයි ද කියති) ලක්දිවට ගොඩ බැසීමට පැමිණි නැවේ කුඹ ගස ලෙස, කාලපන්දම සංකේතාත්මකව නිරූපණය වන බවයි. දඹදිව කුඩුප්පුරි නුවර ශ්‍රී රාමසිංහ රජුගේ දරුවන් වූ මොවුන්, වෙළඳාම සඳහා පැමිණෙන අතරතුරේ නැව මුහුදේදී කුණාටුවකට හසුව, ලක්දිවට ගොඩබැසීමට සැරසෙන කල්හි, සිරිලකට ඔවුන්ගේ පැමිණීම අනර්ථක යැයි සිතූ පත්තිනි දෙවඟන ගිනි කඳු 7 ක් මැවූ නමුත් දෙවොල් දෙවි ඒ මැඩගෙන, ස්වදේශීකයන්ගේ රෝගාතුර වීම් නැතිකිරීමේ වරම් උඩ, විශ්ණු දෙවියන්ට තම නැවේ කුඹ ගස මුදුනේ නීල රත්න මැණික තබා පූජා කර, වරම් ලැබ සීනිගමට ගොඩබැස්ස බව කියවේ.

‘මෙලක් දිව සැම තැනට

රජ කරන දෙවි නමට

කාලපන්දමක් කොට

පන්දම් නැටීම

පින් දෙන්න නියම කොට

ඔප්පු දුනි එදා සිට

අපට වන් මේ දුකට

පිහිටවන් ඔබ විසින්

නීල රත්න මැණික ගෙන

කුඹ මුදුන තබවමින්

මෙපුද දෙවියන් නමට

දෙවා පින් දී සතුට

පතිනි දෙවි රකින්නට

දෙවොල් කුමරිඳුන් හට

සීනිගම් දේවාලයට

ගොඩ බසින්නට ලොබා…….’

(කාලපන්දම් යාදින්නේ කොටසකි).

ඔබේසේකරට අනුව කාල පන්දම යනු, කාලය දනවන්නක් බවත්, අතීත, වර්තමාන, අනාගත කාලවලදී ආතුර පවුලට හෝ ගමට කිසිම හානියක් සිදු නොවීමට මෙය සිටුවන බවත් දක්වයි. අතීතය විශ්ණු දෙවියන්ටත්, වර්තමානය කතරගම දෙවියන්ටත්, අනාගතය දේවතා බණ්ඩාරටත් හිමිවන බැවින් ඔවුන්ගෙන් කිසිම අකල් දෝෂයක් නොවන්නට කාලපන්දම් ගස සිටුවයි (ඔබේසේකර 1984: 113). කතරගම දෙවියන්ගේ පුරාවෘත්තය මෙම අවස්ථාවට සම්බන්ධ වන්නට ඇත්තේ ඔබේසේකර දක්වන ආකාරයට කතරගම දේව වන්දනාව එම සමය වන විට කේන්ද්‍රීය වැදගත්කමක් (1984: 113) ගත් නිසා වන්නට ඇත. විශ්ණු දෙවියන් කාරුණික දෙවියකු වන බැවින්, දේව ධුරාවලියේ ඉහළ සිටියත් ඔහුව අතීතයට ඇද දමා ඇත. නමුත් කතරගම දෙවියන් එම සමයේ ජනප්‍රිය මට්ටමේ සිටින බැවින් ද, පිහිට පැතීමට හා වර්තමාන ගැටලූවලට විසඳුම් දෙන බැවින් ද, වර්තමානය තුළ ස්ථාපිත කර ඇත (ඔබේසේකර 1984: 113). එහෙයින් කතරගම දෙවියන්ට සම්බන්ධ පුරාවෘත්තය මෙම අවස්ථාවට පැමිණියත්, කාල පන්දම් යාදින්නට අනුව විශ්ණු දෙවියන්ගේ නාමයට දෙවොල් දෙවියන් විසින් කාලපන්දම් පුජා කළ බව පැහැදිලිය.

කෙසේ වෙතත් කාලපන්දම් පූජාව මගින් ද රෝග නිවාරණය වැදගත් කොට සලකන බව පැහැදිලි වෙයි.

‘උණ ඉසරද ලෙඩ තද ඔක්කාර ද

ඇඟ ඇඹරුන් ලෙඩ රදේ රුදාව ද

තැන තැන ඇවිදින පිස්සු විකාර ද

ගඟ වැඩි සෑ දිය සේම නිවන් අද’

(කාලපන්දම් කවි)

[QUOTE="sandun thilaka, post: 6798454, member: 162584"] [B][SIZE=5]කාලපන්දම් සිටුවීම[/SIZE][/B] [SIZE=4]කාලපන්දම් පූජාව මගින් අතීත, වර්තමාන, අනාගත වශයෙන් කිසිදු අපල උපද්‍රවයක් නොවීම සඳහා පිහිට පැතීමක් සිදුකරයි. පුවක් ගසක් කපා එහි නියමිත දිග ගෙන (රියන් 11) මුදුනේ කාල පන්දම සිටුවනු ලැබේ. ගොක් කොළවලින් මුදුන සරසා, සතර දිශාවට ගොක්පතින් කං වැල් සතරක් ඇද තිබේ. ඉන් අරමුණු වන්නේ උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර යන සිව් දිශාවටම ආරකෂාව සැලසීමය. මෙසේ කාල පන්දම් ගසක් පූජා කිරීමෙන් දෝෂ දුරු කරන බව විශ්වාස කරන අතර, ගම්මඩුව ශාන්තිකර්මයේ මුඛ්යාර්තය තවදුරටත් ජනිත කිරීමට මෙම යාගය සමත් වෙයි. කෙසේ වෙතත් මෙම පුරාවෘත්ත පිළිබඳව පොදු එකඟතාවයක් නොමැති අතර ඉන් එක් පුරාවෘත්තයක් නම් කතරගම දෙවියන්ට අදාළ පුරාවෘත්තයයි. එනම් දුටුගැමුණු රජු එදා අනුරාධපුර සටනට පිවිසීමට පෙර කතරගම දෙවියන්ගේ නාමයට කාලපන්දම් පූජාවක් කර ආරකෂාව පැතූ බවත්, යුද්ධයෙන් ජයග්‍රහණ කළහොත් තම රටවැසියන්ට පෙනෙන අයුරින්, කාල පන්දම් ගසක් සිටුවන බවටත් පොරොන්දු විය. එම පොරොන්දු වූ අයුරින්, කාලපන්දම් පූජාව අදත් දෙවොල් මඩුවේදී සිදුකරනු ලබන බව එම පුරාවෘත්තයේ කියැවේ. දුටුගැමුණු රජුගේ යුද්ධයට දමිළ වැසියන්ගෙන් උපකාර ඉල්ලා සිටි නමුත්, ඔවුන් මුලදී එය ලබාදීමට අකමැති වූයෙන්, ඊට කතරගම දෙවියන්ගෙන් සමාව ගනු වස්, බිම පෙරළි පෙරළී යාමත්, කටු ගසා එල්ලීමත්, උල් ඇඟේගසා ගැනීමත් සිදු කරන බව ඇදුරෝ දක්වති.[/SIZE] [SIZE=4] කෙසේ නමුත් කාලපන්දම් පූජාවට අයත් තවත් පුරාවෘත්තයක් වෙයි. එනම් දෙවොල් දෙවියන් ප්රමුඛ සත් කට්ටුව (කුරුම්බර යැයි ද කියති) ලක්දිවට ගොඩ බැසීමට පැමිණි නැවේ කුඹ ගස ලෙස, කාලපන්දම සංකේතාත්මකව නිරූපණය වන බවයි. දඹදිව කුඩුප්පුරි නුවර ශ්‍රී රාමසිංහ රජුගේ දරුවන් වූ මොවුන්, වෙළඳාම සඳහා පැමිණෙන අතරතුරේ නැව මුහුදේදී කුණාටුවකට හසුව, ලක්දිවට ගොඩබැසීමට සැරසෙන කල්හි, සිරිලකට ඔවුන්ගේ පැමිණීම අනර්ථක යැයි සිතූ පත්තිනි දෙවඟන ගිනි කඳු 7 ක් මැවූ නමුත් දෙවොල් දෙවි ඒ මැඩගෙන, ස්වදේශීකයන්ගේ රෝගාතුර වීම් නැතිකිරීමේ වරම් උඩ, විශ්ණු දෙවියන්ට තම නැවේ කුඹ ගස මුදුනේ නීල රත්න මැණික තබා පූජා කර, වරම් ලැබ සීනිගමට ගොඩබැස්ස බව කියවේ.[/SIZE] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/a/a9/Pandam_Neteema.jpg/400px-Pandam_Neteema.jpg[/IMG] [LEFT][SIZE=4][COLOR=DarkRed]‘මෙලක් දිව සැම තැනට[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] රජ කරන දෙවි නමට[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] කාලපන්දමක් කොට[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] පන්දම් නැටීම[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] පින් දෙන්න නියම කොට[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] ඔප්පු දුනි එදා සිට[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] අපට වන් මේ දුකට[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] පිහිටවන් ඔබ විසින්[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] නීල රත්න මැණික ගෙන[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] කුඹ මුදුන තබවමින්[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] මෙපුද දෙවියන් නමට[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] දෙවා පින් දී සතුට[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] පතිනි දෙවි රකින්නට[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] දෙවොල් කුමරිඳුන් හට[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] සීනිගම් දේවාලයට[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] ගොඩ බසින්නට ලොබා…….’[/COLOR][/SIZE] [B][SIZE=4](කාලපන්දම් යාදින්නේ කොටසකි).[/SIZE][/B] [SIZE=4]ඔබේසේකරට අනුව කාල පන්දම යනු, කාලය දනවන්නක් බවත්, අතීත, වර්තමාන, අනාගත කාලවලදී ආතුර පවුලට හෝ ගමට කිසිම හානියක් සිදු නොවීමට මෙය සිටුවන බවත් දක්වයි. අතීතය විශ්ණු දෙවියන්ටත්, වර්තමානය කතරගම දෙවියන්ටත්, අනාගතය දේවතා බණ්ඩාරටත් හිමිවන බැවින් ඔවුන්ගෙන් කිසිම අකල් දෝෂයක් නොවන්නට කාලපන්දම් ගස සිටුවයි (ඔබේසේකර 1984: 113). කතරගම දෙවියන්ගේ පුරාවෘත්තය මෙම අවස්ථාවට සම්බන්ධ වන්නට ඇත්තේ ඔබේසේකර දක්වන ආකාරයට කතරගම දේව වන්දනාව එම සමය වන විට කේන්ද්‍රීය වැදගත්කමක් (1984: 113) ගත් නිසා වන්නට ඇත. විශ්ණු දෙවියන් කාරුණික දෙවියකු වන බැවින්, දේව ධුරාවලියේ ඉහළ සිටියත් ඔහුව අතීතයට ඇද දමා ඇත. නමුත් කතරගම දෙවියන් එම සමයේ ජනප්‍රිය මට්ටමේ සිටින බැවින් ද, පිහිට පැතීමට හා වර්තමාන ගැටලූවලට විසඳුම් දෙන බැවින් ද, වර්තමානය තුළ ස්ථාපිත කර ඇත (ඔබේසේකර 1984: 113). එහෙයින් කතරගම දෙවියන්ට සම්බන්ධ පුරාවෘත්තය මෙම අවස්ථාවට පැමිණියත්, කාල පන්දම් යාදින්නට අනුව විශ්ණු දෙවියන්ගේ නාමයට දෙවොල් දෙවියන් විසින් කාලපන්දම් පුජා කළ බව පැහැදිලිය.[/SIZE] [/LEFT] [/CENTER] [SIZE=4] කෙසේ වෙතත් කාලපන්දම් පූජාව මගින් ද රෝග නිවාරණය වැදගත් කොට සලකන බව පැහැදිලි වෙයි.[/SIZE][SIZE=4] [COLOR=DarkRed]‘උණ ඉසරද ලෙඩ තද ඔක්කාර ද[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] ඇඟ ඇඹරුන් ලෙඩ රදේ රුදාව ද[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] තැන තැන ඇවිදින පිස්සු විකාර ද[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] ගඟ වැඩි සෑ දිය සේම නිවන් අද’[/COLOR][/SIZE] [B][SIZE=4] (කාලපන්දම් කවි)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom