Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
අපේ ක්‍රිකට් වල ඇත්ත - අති විශේෂ අනාවරණය(1කො&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ක්‍රිකට් වල ඇත්ත-අති විශේෂ අනාවරණය(1)

"අපේ Cricket පිලිබඳව ඇත්ත" අනාවරණය කෙරෙන, මේ මොහොතේ, ඔබ විසින් කියවිය යුතුම වන,පළමු ලිපියෙහි පළමු කොටස. සියලු පිටු කියවා share කර, සියල්ලන් දැනුවත් කිරීම තුලින් අපේ Cricket බේරාගැනීමට ඔබත් එක් වන්න. Unveiling the Truth about SL Cricket.

ජාතික ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සත්‍යය (ලිපි අංක 01)

“ඇෆ්ගනිස්තානයටද පරාජය වුනු අප , 2019 ක්‍රිකට් ලෝක කුසලානය ජයගැනීම පිණිස, දැන් කුමක් කල යුතුද ? අපට තවමත් ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා අවස්තාවක් තිබේද? ”

මේ වන විට ක්‍රිකට් ලෝලී ඔබගේත් මගේත් හදවත් කම්පා කරවමින් අප ජාතික ක්‍රිකට් කණ්ඩායම, ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දුර්වලතම මට්ටමට පැමිණ ඇති අතර බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයටද ඉතා ලැජ්ජාශීලී ලෙස පරාජයට පත් වෙමින් ආසියානු කුසලානයේ දෙවන වටයට පවා යාමට නොහැකිව ඉන් ඉවතට විසිවී හමාරය. එසේ නම්, ලෝක කුසලානයක් ගැන තවත් කවර කතා දැයි යමෙකුට ප්‍රති තර්ක කල හැකි වුවත්, මා මෙම ලිපියෙන් ඔබ හමුවේ තැබීමට උත්සහා කරනුයේ අප කණ්ඩායමෙහි ඔබ නොදන්නා, කිසිවිටෙකත් නොසිතන ආකාරයේ සත්‍ය තත්වයන් සමඟින්, අපට වැරදුනේ කොතැනද යන්න සහ අප විසින් අනාගතයේදී යා යුතු නිසි මග කවරේද යන කරුණු කාරණා සම්බන්ධවයි. ඇත්ත වශයෙන්ම අපට වැරදී නැති බව මා විසින් සඳහන් කළහොත් ඔබ පුදුමයට පත් වනු නියතය. එහෙත් සත්‍යය එයයි. කිහිප දෙනෙකුගේ උවමනා එපා කම් අනුව, අප විසින්ම අපට වරදවාගෙන ඇත. එබැවින් එය අප විසින් ලද සැබෑ පරාජයක් නොවේ. ඒ බව ඔප්පු කෙරෙන මෙම විශේෂ ලිපිය, දීර්ඝ ලිපියක් වුවත් අන්තර්ගතය නිසි ලෙස වටහාගෙන මේ අනූව ක්‍රියාත්මක වීම යනු මේ වන විට අපගේ ජාතික කණ්ඩායමට උරුමව ඇති පරාජීය රැල්ලෙන් මිදී යලි ජයග්‍රාහී රැල්ලට පිවිසීම සඳහා වූ මාර්ගය සකසා ගැනීම යන්නයි. මේ සියලු පරාජයන්ට මුල් වූ, ආන්දෝලනාත්මක වූ, ප්රමුඛ හේතුව පිළිබඳව දෙවන ලිපියෙහි විග්රහ කෙරේ.

මා, වසර 26ක සිට, ජාත්‍යන්තර තරග සියල්ලක්ම පාහේ, අත් නොහැර නැරඹු, (1992 ලෝක කුසලානයේ සිට අප කණ්ඩායම සහභාගී වූ සෑම තරගයක්ම) පුද්ගලයෙකු වන හෙයින්, අපගේ වත්මන් එක්දින කණ්ඩායම (ක්‍රිකට් පරිපාලනය විසින් කෘතිමව නිර්මාණය කල) සමඟ ලෝක කුසලානයට පිවිසියහොත් පළමු වටයෙන්ම ඉවත් වීම ස්ථීරවම සිදුවන්නක් බව කලක පටන් හොඳින්ම වටහාගෙන සිටිමි. වර්ෂ 1996 දී ලෝක කුසලානයක ජයපැන් පානය කල අප වැනි සිංහ වංශික ක්‍රිකට් කණ්ඩායමකට වර්තමානයේ අත්ව ඇති ඉරණම, අද සිටිනා ඇතැම් දියාරු ක්‍රීඩා ලෝලීන් හට අමතක කරවීමට අප කණ්ඩායම කෙසේ හෝ එක තරගයක් ජය ගැනීම පමණක් වුවද ප්‍රමාණවත් වේ. 90 දශකයේ සහ 2000 දශකයේ අප ප්‍රේක්ෂකයින්ගේ ලේ වලම තිබු ක්‍රිකට් ලෝලීත්වය සහ ජාති මාමකත්වය මේ වන විට බොහෝ ක්‍රීඩා ලෝලීන්ගෙන් ගිලිහී යාමට 2015 වසරේ සිට අප ලබන අඛණ්ඩ පරාජයන් රැල්ලද බලපා තිබේ. එය ඉතා ශෝචනීය තත්වයකි.

අප කණ්ඩායම, දකුණු අප්‍රිකාව සමග මෙරටෙහි පැවති අවසන් එක්දින තරග 2 සහ 20/20 තරගය ජය ගැනීම නිසා අප රටේ අධි තක්සේරුවකින් යුතුව කණ්ඩායම දෙස බලන බොහෝ ප්‍රේක්ෂකයින්ට අපගේ කණ්ඩායමේ ඇත්ත තත්වය අමතකව ගොස් තිබුණි. අප කණ්ඩායමේ වත්මන් සැබෑ දක්ෂතා මට්ටම අප හට නිසි ආකාරව යලි පහදා දුන් බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන් කණ්ඩායම් වලට අපගේ ස්තූතිය පුද කල යුතුය. ඇත්ත වශයෙන්ම මේ ක්‍රීඩා කරන්නේ අපේ රටේ සැබෑ ජාතික ක්‍රිකට් කණ්ඩායමමද? පිළිතුර "නැත" යන්නයි. වත්මන් කණ්ඩායම යනු ක්‍රිකට් තේරීම් කමිටුව ප්රමුඛ ක්‍රිකට් පරිපාලනය සහ පුහුනුකාරිත්වය විසින් කෘතිමව නිර්මාණය කල දුර්වල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමකි (එය සිදු කල ආකාරය සහ එය එසේ සිදු කිරීමට හේතුව, මෙම ලිපිය සමඟ ඇති මාගේ අනෙක් ලිපියෙහි මා විසින් පැහැදිලිව සඳහන් කර ඇත/ ලිපි අංක 02 හි ). යම් රටක ජාතික කණ්ඩායමේ ස්ථාන 11 සඳහා පත්විය යුත්තේ ඒ මොහොතේ එම රටෙහි සිටින එම ස්ථාන 11 සඳහා වඩාත්ම ගැලපෙන, දක්ෂතම ක්‍රීඩකයින් 11 දෙනා වුවත් අප රටේ තේරීම් කමිටුව විසින් එය දක්ෂයින් සහ අදක්ෂයින් මිශ්‍රිත, කෘතිමව තැනූ ජාතික කණ්ඩායමක් බවට පත්කොට ඇත. මා ඉහත වාක්‍යයේ "ඒ මොහොතේ" යනුවෙන් සඳහන් කලේ, යම් නිශ්චිත මොහොතක දක්ෂතා වලින් පිරිපුන්ව ලකුණු අතර හෝ කඩුලු අතර සිටින ක්‍රීඩකයින් තවත් නිශ්චිත මොහොතක එහි ප්‍රතිවිරුද්ධ අන්තයේ සිටීමට හැකියාව පවතින බැවිනි. එලෙස දක්ෂතා වලින් බැහැරව සිටින ක්‍රීඩකයින් දිගින් දිගටම කණ්ඩායමේ අවස්තාව ලබන්නේ නම් හෝ දක්ෂතා වලින් පිරිපුන් ක්‍රීඩකයින් හට දිගින් දිගටම ජාතික කණ්ඩායමේ අවස්තාව නොලැබෙන්නේ නම් හෝ එය තේරීම් කමිටුවේ අත්තනෝමතිකත්වය විදහා පාන සාධකයකි.

එලෙස තේරීම් කමිටුවේ අත්තනෝමතිකත්වය, පක්ෂපාතිත්වය, ක්‍රීඩකයින් පිලිබඳ නිසි දැනුවත් භාවයකින් යුක්ත නොවීම සහ ප්‍රතිපත්ති විරහිත පටු තීරණ මේ වන විට අප කණ්ඩායම ලබා ඇති පරාජයන් කෙරෙහි ඍජුවම බලපා ඇති අතර, එම පරාජයන් කෙරෙහි බලපා ඇති අනෙක් ප්‍රධාන හේතුව නම් පුහුණුකාරිත්වයේ පවතින උපක්රමික ගැටළුන් ය. තම උපක්රමයන්ට ගැලපෙන පරිදි තේරීම් කමිටුවෙන් ලබාගන්නා නායකයා ප්රමුඛ කණ්ඩායම, එම උපක්‍රම කරා මෙහෙය වන්නේ පුහුණු කාරිත්වයයි. එසේ නම් අපගේ ක්‍රිකට් පුහුණුකාරිත්වය විසින් මෙතෙක් කලක් යෙදූ, වර්තමාන ලෝක ක්‍රිකට් ප්රවණතාවයන්ට නොගැලපෙන දියාරු උපක්‍රමයන්ද, එම උපක්‍රම ක්‍රියාත්මක කල කණ්ඩායමද මේ වන විට අතිශයින් අසාර්ථක වී ඇත. එම නිසා, 2019 ලෝක කුසලානය ජය ගැනීමට නම් චන්දික හතුරුසිංහ ප්රමුඛ ජාතික කණ්ඩායම් පුහුනුකාරිත්වයට මෙතෙක් කලක් යෙදූ උපක්රමයන් සහ ඒ සඳහා යොදා ගත් ක්‍රීඩකයින් වෙනුවට, නව උපක්‍රම සහ නව ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් නිර්මාණය කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත. එහෙත් ඒ සඳහා ග්රැහැම් ලැබ්රෝයි ප්රමුඛ ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව සහ තිලංග සුමතිපාල ප්රමුඛ ක්‍රිකට් පරිපාලනය ඉඩ දේ දැයි අතිශයින්ම සැක සහිතය (එලෙස ඉඩ නොදෙන හේතුව, මේ සමඟ අමුණා ඇති මාගේ අනෙක් ලිපිය මගින් අනාවරණය කෙරේ / ලිපි අංක 02 හි). එබැවින් අප මේ වන විට ලබන පරාජයන් රැල්ලේ ප්‍රධානතම මූල බීජය වන්නේ තිලංග සුමතිපාල ප්රමුඛ වත්මන් ක්‍රිකට් පරිපාලනයයි. මා මෙම ලිපියේ සඳහන් කරන ආකාරයට වත්මන් ජාතික කණ්ඩායම නිසි පරිදි වෙනස් වීමට නම් තේරීම් කමිටුව වෙනස් විය යුතුමය. එලෙස තේරීම් කමිටුව හෝ එහි වත්මන් ප්රතිපත්තීන් වෙනස් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් වුවහොත් පමණි. එබැවින් මේ සියලු ප්‍රශ්න වලට මූලික විසඳුම වන්නේ, " තිලංග සුමතිපාල ප්රමුඛ වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීම" පමණක් වන බව නිසි පරිදි වටහා ගෙන, ඒ සඳහා සිය පෑන, කැමරාව, මයික්‍රෝෆෝනය, වෙබ් පිටුව හෝ සමාජ මාධ්‍ය ජාලා පිටුව භාවිතා කරන මෙන්, මෙය කියවන සුවහසක් දේශප්‍රේමී ක්‍රිකට් ලෝලීන්ගෙන්, ක්‍රිකට් ලෝලී මාධ්‍යවේදීන්ගෙන් සහ ක්‍රිකට් ලෝලී ඇඩ්මින්වරුන්ගෙන් ඉතා කාරුණිකව, රට වෙනුවෙන්, ඉල්ලා සිටිමි.

වර්තමානයේ අප ක්‍රිකට් කණ්ඩායමේ සැබෑ තත්වය

අප කණ්ඩායම දෙස අවධානය යොමු කිරීමේදී, අවසන් වූ දකුණු අප්‍රිකානු තරගාවලියේ අපගේ එක්දින කණ්ඩායම මෙලෙස පෙළ ගැසුණි.

1.උපුල් තරංග

2.නිරෝෂන් දික්වැල්ල

3.කුසල් මෙන්ඩිස්

4.කුසල් ජනිත්

5.ඇන්ජෙලෝ මැතිව්ස් (කලකට පසු නැවත පත් කල නායකයා)

6.ධනංජය ද සිල්වා

7.දසුන් ශානක

8.තිසර පෙරේරා

9.අකිල ධනංජය

10.සුරංග ලක්මාල්

11.ලහිරු කුමාර

එම කණ්ඩායම, ආසියානු කුසලානය වන විට මෙලෙස වෙනස් වී තිබුණි.

අංක 02 ස්ථානයේ ක්‍රීඩා කල නිරෝෂන් දික්වැල්ල ඉවත් කර, ඔහු වෙනුවට අංක 03 ස්ථානයේ ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් අංක 02 ස්ථානයටත්, එම නිසා පුරප්පාඩු වූ අංක 03 ස්ථානය සඳහා අංක 06 ස්ථානයේ ක්‍රීඩා කල ධනංජය ද සිල්වා යෙදවීමත්, එම නිසා යලි පුරප්පාඩු වූ අංක 06 ස්ථානය සඳහා ෂෙහාන් ජයසූරිය පිටතින් ගෙනැවිත් ආදේශ කිරීමත්, ලහිරු කුමාර වෙනුවට ලසිත් මාලිංග කැඳවීමත් එලෙස සිදු කල වෙනස්කම්ය.

මේ සියලු වෙනස් කම් හේතුවෙන් අප හට මුලින්ම ගම්‍ය වන කාරණය වන්නේ කිසිදු ක්‍රීඩකයෙකුට එක දිගට ක්‍රීඩා කර ස්ථානගත වීම පිණිස නිසි ස්ථානයක් චන්දික හතුරුසිංහ පුහුනුකාරිත්වය විසින් ලබා දී නොමැති බවයි. පරාජය වූ බංග්ලාදේශ,ඇෆ්ගනිස්තාන තරග දෙක දෙස බැලීමේදී අප හට ගම්‍ය වන තවත් දුර්වලතා එමටය.

1.ලකුණු දෙකක් හෝ තුනක් ලබා ගැනීම පිණිස දිවීමට තරම් ක්‍රීඩකයින්ගේ ශක්තිය මද වීම (උදා: ඇන්ජෙලෝ මැතිව්ස්)

2.පහසු උඩ පන්දු රැකගැනීමට තරම් වත් නිසි මානසික සුදානමකින් ක්‍රීඩකයින් පසු නොවීම.

3.කඩුළු අතර දිවීමේ සන්නිවේදන දුර්වලතා.

4.පීඩනය අවම කර ගැනීම පිණිස පිතිකරුවන් පැති මාරු කර නොගැනීම.

5.ආක්‍රමණශීලී පහරවල් වෙනුවට ආරක්ෂාකාරී පහරවල් පමණක් එල්ල කිරීම.

6.ප්‍රතිවාදීන් අභියෝග එල්ල කරන පීඩනකාරී අවස්ථා වලදී නිවැරදී තීරණ නොගැනීමේ මානසික දුබලතා.

7.ලසිත් මාලිංග හැරුණු විට කිසිදු ක්‍රීඩකයෙකු ප්‍රතිවාදීන් අභිභවා යාම පිණිස උපක්‍රම භාවිත නොකිරීම.

මෙවැනි දුබලතා සපිරි කණ්ඩායමක පුහුණුකාරිත්වය විසින් ක්‍රීඩකයින්ගේ දුබලතා මග හරවා ගැනීම පිණිස මෙතෙක් කලක් සිදු කර ඇත්තේ කුමක්ද යන්න බලවත් ප්‍රශ්නාර්ථයකි.

ලබන වසරේ එංගලන්තයේ දී පැවැත්වෙන ලෝක කුසලානයට සුදානම් වන කණ්ඩායමක සංයුතිය මේ අයුරින් ප්‍රශ්නගතව තවදුරටත් පැවතීම සුදුසු යැයි ඔබ සිතනවාද?

පසුගියදා නිමාව දුටු ඉන්දීය එංගලන්ත තරගාවලිය දෙස සුපරික්ෂාකාරී වූයේ නම් ලබන වසරේ ජුනි/ ජුලි මාසවල එංගලන්ත ග්‍රීෂ්ම ඍතුවේදී තණතිලි හැසිරෙන අයුරුද සිතා ගත හැක. ඕවල්, සවුත්හැම්ප්ටන් සහ ලෝඩ්ස් වැනි පන්දුව යම් තාක් දුරට හෝ දඟ කැවෙන තණනිල්ලක ක්‍රීඩා කරන කණ්ඩායමක ස්ථීර එක් දඟ පන්දු යවන්නෙකු සිටීම වරදක් නොවන නමුත් ඇතැම් තණතිලි සඳහා එක් දඟ පන්දු යවන්නෙකු සිටීමද වැඩි තත්වයකි. එවැනි තත්වයකදී Part time spinner කෙනෙකු මගින් එම කාර්යය ඉටු කරගැනීම ස්ථානෝචිතය. එහෙත් ප්රශ්නය එය නොවේ. සචිත්ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන් අතරින් ලෝක කුසලානය සඳහා වඩාත්ම සුදුස්සා කවුරුන් විය හැකිද? රටක ඒ වන විට සිටින හොඳම සහ පරිනතම ක්‍රීඩකයින් 11 දෙනා ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කල යුතුය යන්න සෑම රටක්ම පාහේ නිසි ලෙස ඉටු කරනා න්‍යායක් වන පසුබිමක ඉහත ප්‍රශ්නයට ඔබේ පිළිතුර අකිල ධනංජය නොවන පිළිතුරක් වුවහොත් අප මේ වන විට ලෝක කුසලානයට යන අපේ දඟ පන්දු යවන්නා වරද්දාගෙන තිබේ.

අඛිල ධනංජය පිළිබඳව අතිරේඛ කාරණයක් මෙහිදී සඳහන් කල යුතුය. මෙයට එකඟ වීම හෝ නොවීමට ඔබට අයිතිය ඇත. කලාතුරකින් වාසනාවන්ත දක්ෂයින්ට පමණක් හිමි වන, රටක ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනාගේ ස්ථානයන් අතරින් ස්ථානයක් ඔබ වෙත හිමිවී ඇති අවස්ථාවක, ඔබගේ ස්ථානයට පැමිණීමට පෙරුම් පුරන, ඇතැම් විට ඔබටත් වඩා දක්ෂ, සුදුසුකම් සපිරි ක්‍රීඩකයින් රටෙහි කොතෙකුත් සිටින මොහොතක, ඇතැම් රට වල ක්‍රීඩකයින් සිය මවුබිම නියෝජනය කිරීම නිත්‍ය ජාතික සේවයක් ලෙස සලකන මොහොතක, අඛිල ධනංජය විසින් පෞද්ගලික කාරණයක් හේතුවන් ආසියානු කුසලානයේ මුල් තරගයට සහභාගී නොවීම "තමාට පෙර රට" යන සංකල්පය බිඳ දැමීමකි. 1999 ලෝක කුසලානය අතරතුර සිය පියාගේ වියෝව නිසා යලි මවුරටට පැමිණි සුපිරි ඉන්දීය ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හට යලි එංගලන්තය බලා ඉක්මනින් පියාසර කිරීම පිණිස මීළඟ තරගය දුබල කෙන්යානු කණ්ඩායම සමඟ පැවැත්වීම හේතු නොවීය. තම කුලුදුල් දරුවා උපදින මොහොතේ යුදබිමේ රට වෙනුවෙන් සටන් කල රණවිරුවන් මෙන්ම, මවුබිම වෙනුවෙන් විදේශයක ක්‍රිකට් තරග ක්‍රීඩා කල ක්‍රීඩකයින්, අපමණ ගෙනහැර දැක්විය හැකි පසුබිමක, රට පසෙක තබා, අඛිල ධනංජයට පමණක් හිමි වූ මේ සුවිශේෂී වරප්‍රසාදය කුමක්ද? අප රටෙහි දුබල ක්‍රිකට් පරිපාලන පද්ධතිය විසින් වත්මනෙහි නිර්මාණය කරන්නේ එවැනි ගණයේ ක්‍රීඩක ක්‍රියාකාරකම්ය. මෙම සිදුවීම මෙන්ම ධනුෂ්ක ගුණතිලක විසින් පසුගිය තරගාවලියක් අතරතුර පසු දින පැවැත්වීමට නියමිත තරගය ගැන පවා නොසිතා සිදුකල විනය විරෝධී ක්‍රියාව, නිරෝෂන් දික්වැල්ල වැනි ක්‍රීඩකයින් තරගාවලි අතරතුර පවා රාත්‍රී සමාජශාලාවල ගත කෙරෙන චායාරූප සමාජ මාධ්‍යයට නිකුත් කිරීම වැනි ක්‍රියාවන් සඳහා ක්‍රිකට් පරිපාලන ගිවිසුම්ගත විනය නීතීන්ගේ ලිහිල් බවද ප්‍රබල හේතුවකි.

යලිත් කණ්ඩායම දෙස අවධානය යොමු කිරීමේදී, ආරම්භක පිතිකරු යුගලය පිළිබඳව තත්වය ඊටත් වඩා සෝචනීය බව මාගේ අදහසයි. හොඳ ආරම්භයක් යනු තරගය දිනවන මූලික අඩිතාලමයි. තරගයක් දිනවන කාර්යභාරයෙන් 50% ක් පමණ නිසි ආරම්භයකින් ඉටු වේ. එම අගය අප රටට අදාලව නම් 75% ක් පමණ වේ. පසුගිය දශක එකහමාරක කාලය තුලම ආරම්භක පිතිකරු යුගලය සහ අංක 3 පිතිකරු අසාර්ථක වූ තරග අප ජයගෙන නැති තරම්ය. අප ජයගත් බොහෝ තරග වල නියමුවන් වී ඇත්තේ අංක 1, 2 හෝ 3 පිතිකරුවන්ය. බොහෝ විට අප කණ්ඩායමේ ආරම්භය සාර්ථක වූයේ නම් අනෙකුත් පිතිකරුවන්ද එම තරගයේදී ලකුණු වැඩි වශයෙන් රැස් කර ඇති අතර ආරම්භකයින් අසාර්ථක වන අවස්තාවන් වලදී එය අනෙක් අතට ද සිදු වී ඇත.

අප පසුගිය පරාජිත සමයේ අත්හදා බැලූ ආරම්භක පිතිකරුවන් කිහිප දෙනෙක් පහත පරිදි වේ.

තරංග , දික්වැල්ල, කුසල් ජනිත්, ගුණතිලක , කුසල් මෙන්ඩිස් , මුණවීර.

ක්‍රිකට් යනු ජයග්‍රහණය පිණිස ක්‍රීඩා කරන ක්‍රීඩාවක් බව දන්නා ප්‍රේක්ෂක පිරිසකගෙන් සමීක්ෂණයක් සිදු කොට බලන්න. මේ පිතිකරුවන් 6 දෙනා අතරින් එක්දින ලෝක කුසලානයක් දිනිය හැකි සුපිරිතම යුගලය තෝරා ගැනීමට ඔවුනට පැවසුවහොත්, ඔවුන් බහුතරයකගේ පිළිතුර වනු ඇත්තේ කුසල් ජනිත් + මුණවීර සුසංයෝගයයි. පසුගිය වසර 3ක කාලය තුල ලෝකයේ වැඩියෙන්ම ආරම්භක යුගල අත්හදා බලා ඇති කන්ඩායම ලෙස වාර්තාවක්ද පිහිටුවා ඇති අප, අඩුවෙන්ම අත්හදා බැලූ සුසංයෝගය වන්නේද එයයි.

1999 වසරේ සිට 2007 කාලය දක්වා කිසිවෙකුටත් හිස එසවිය නොහැකි පරිද්දෙන් ක්‍රිකට් ලෝකය යටත්කරගෙන සිටි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යය ගොඩනැගුවේ, ප්‍රතිවාදීන්ට එලව එලවා පහර දුන් ගිල්ක්‍රිස්ට් + හේඩ්න් ආරම්භක සුසංයෝගයයි.එවිට අංක 3 පිතිකරු වූ රිකී පොන්ටින්ගේද සහයෙන් ඔවුන් එක දිගට ලෝක කුසලාන තුනකට(1999,2003,සහ 2007) හිමිකම් කියුහ.

2007 වසරේ 20/20 ලෝක කුසලාන ජයග්රහණයෙන් ඇරඹි, 2011 ක්‍රිකට් ලෝක කුසලානයද අපට අහිමි කල ඉන්දීය ක්‍රිකට් අධිරාජ්‍යයේ පදනම වුයේද (සෙවාග් + ටෙන්ඩුල්කාර්) සහ (සෙවාග් + ගම්භීර්) යන ආරම්භක යුගලයන් දෙකයි. අංක 3 පිතිකරු විරාත් කෝලිගේද දායකත්වයෙන් ඔවුන් ඉන්දීය කණ්ඩායම විශිෂ්ටත්වය කරා ගෙන ගිය අයුරු පුදුම සහගතය.

1996 වසරේ අප රට ලෝක කුසලානය දිනාගැනීම සඳහාද මුලික පදනම බිහි වුයේ, 1995 වසරේ සිට ප්‍රතිවාදීන්ට එලව එලවා පහර දෙන ප්‍රතිපත්තියේ සිට අත්හදා බලා සාර්ථක වූ , ක්‍රිකට් ලොව උඩු යටිකුරු කල (සනත් + කලූ) ආරම්භක සුසංයෝගයයි.

මේ වන විට එක්දින තරගයක එක් ඉනිමකදී සුදු පැහැති පන්දු දෙකක් භාවිතයට ගැනීම නිසා මුල් පන්දු ඕවර 10 තුල කඩුළු ආරක්ෂා කරගනිමින් ලකුණු 40ක් පමණ රැස් කරගෙන අවසන් පන්දු ඕවර 10 තුල වේගයෙන් ලකුණු රැස් කල යුතුය යන ප්‍රති තර්කය මෙයට එරෙහිව යමෙකුට ඉදිරිපත් කල හැකි වුවද එලෙස මුල් පන්දු වාර 10 තුල ආරක්ෂාකාරී වීම සෑම තරගයකදීම ප්‍රායෝගික නොවන බව මාගේ අදහසයි. එය, එම තරගයේ, ක්‍රීඩාංගනයේ, ප්‍රතිවාදියාගේ සහ ඇතැම් විට කාලගුණයේ ස්වභාවය අනුව වෙනස් විය යුතු වේ. උදාහරණයක් ලෙස ලකුණු 350කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් හඹා යන තරගයකදී මෙන්ම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනූව ලකුණු හඹා යාමේදී මුල් ඕවර 10 ආරක්ෂාකාරී වීම ප්‍රායෝගික නොවනු ඇත. එසේනම් අප දික්වැල්ල, තරංග හෝ ගුණතිලක සමග මේ සිදු කරන්නේ කුමක්ද? කුසල් ජනිත් පෙරේරා සහ දිල්ශාන් මුණවීර නමින් ලෝකයේ ඕනෑම කණ්ඩායමකට දිගට හරහට පහර දිය හැකි සුපිරි කසකාරයන් දෙදෙනෙකු ආරම්භය පිණිස සිටිද්දී ඔවුනට අවස්තාව නොදීමෙන් අප සිදුකරගෙන ඇත්තේ අඬුව තියාගෙන අත පුච්චා ගැනීමක් නොවේද? මදක් සිතන්න. මේ වන විට ලෝකයේ අනෙකුත් කණ්ඩායම් වල ආරම්භක පිතිකරුවන් දෙස සැලකීමේදී අප සිටින්නේ කොතැනද? අපට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ ලෝක කුසලානය දිනීමද? නැතිනම් සහභාගී වී ආසියානු කුසලානයේදී මෙන්ම පළමු වටයෙන්ම ඉවතට විසිවී නැවත මවු රටට පැමිණීමද?

දිල්ශාන් මුණවීර නම් ප්රවේගාත්මක ආරම්භක පිතිකරුවාට (වක්‍රාකාරව රටෙහි ක්‍රිකට් ක්‍රීඩාවටද) අසාධාරණයන් සිදුවන්නට පටන් ගත්තේ පසුගිය දා නිමාව දුටු නගරාන්තර 20/20 ලීගයේ පමණක්ම නොවේ. ඔහු, 2012 වර්ෂයේ පළමු SLPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ අවසන් තරගයේද ජයග්‍රාහී නියමුවා බවට පත්වුවත් එකල සිටම තේරීම් කමිටුවේ අසාධාරණයට ලක්වූ ක්‍රීඩකයෙකි.මාගේ මතය අනුව නම් ඔහු, 2015 ලෝක කුසලානයට පවා නම් කල යුතුව තිබූ සුපිරි පිතිකරුවෙකි. එහෙත් අප තවමත් එම සම්පත රටට අහිමි කරගෙන සිටියි.

ඉන්දියානු ප්‍රීමියර් ලීගය ඇතුළු ලෝකයේ ප්රමුඛ පෙලේ සියලුම 20/20 ලීග වල බොහෝ විට සුපිරිතම දස්කම් දක්වන්නෝ බටහිර ඉන්දීය කොදෙව්වෝය.එය ලෝකයේ ප්‍රීමියර් ලීග පිළිබඳව අවබෝධයක් ඇති බොහෝ දෙනෙකු දන්නා කාරණයකි., එවැනි සුපිරි ප්‍රහාරකයින් බහුතරයකින් සමන්විත, කැරිබියන් ප්‍රීමියර් ලීගයේ (ඉතා නුදුරු දිනෙක 2018 තරගාවලිය නිමාවට පත්විය) දස්කම් දැක්වීම පිණිස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අඛණ්ඩව වසර ගණනාවක් මුළුල්ලෙහි ඔවුන් තෝරා ගනු ලැබුවේ දිල්ශාන් මුනවීරයි. එහෙත් අරුමයකි. අපේ රටේ ක්‍රිකට් තේරීම් කමිටුවට ඔහුගේ අගයක් නැත.එය ඔහුගේ පවුල සහ අපේ ක්‍රිකට් මහා පුටුවක් අතර ඇති පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමක් බව බොහෝ පිරිස් පැවසුවත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව දන්නේ ඔවුන් පමණි.

තවත් එවැනිම ක්‍රීඩකයෙකු වන්නේ අසේල ගුණරත්න යි. පීඩනය හමුවේ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් කණ්ඩායම තනිවම ජයග්‍රහණය කරා ගෙන යා හැකි, වේගවත් තණතීරු වලදී හොඳින් පන්දුවට පහර දිය හැකි සුවිශේෂී සටන්කාමි පිතිකරුවෙකු වන ඔහුද ලෝක කුසලාන සංචිතයේ සිටිය යුතුම ක්‍රීඩකයෙකි. ඉතා සුළු අබාධයක් නිසා වසරක් පමණ කාලයක් කණ්ඩායමෙන් ඉවත් කොට ඔහුගේ වත්මන් තත්වය දෙස බලා ඔහුව නිගමනය කිරීම ඉතා වැරදි සහගත ක්‍රියාවකි. එහෙත් ආසියානු කුසලානයේ පවා ඔහුට අවස්තාවක් දීම තේරීම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ජාත්‍යන්තර දක්ෂතා නොසලකා, නිමා වූ නගරාන්තර 20/20 අභ්‍යන්තර තරගාවලියෙන් පමණක් ක්‍රීඩකයින් මැනීමට යාමේ විපාකය විඳීමට සිදුවන්නේ ඉදිරි තරගාවලීන් තුළදී බව සක්සුදක් සේ පැහැදිලිය.

එමෙන්ම ඉතා පරිනත දක්ෂ දඟ පන්දු යවන්නන් රටෙහි කොතෙකුත් සිටියදී ලෝක කුසලානය පිලිබඳ තම පටු දැක්මෙහි තරම මැනවින් ප්‍රදර්ශනය කරමින් තේරීම් කමිටුව විසින් ලෝක කුසලානයට මාස 9ක් වැනි ඉතා කෙටි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, යලි අමිල අපොන්සෝ වැනි නවක දඟ පන්දු යවන්නෙකු හදිස්සියේ ආසියානු කුසලානයට නම් කිරීම ඉතා පුදුම සහගතය. ඒ හා සමානවම හදිසියේ මර නින්දෙන් අවදි වූ අයුරින් කණ්ඩායම් තෝරනු ලෑබූ නගරාන්තර 20/20 තරගාවලියේ සංචිතයකවත් අවස්තාව නොලද දිල්ශාන් මුණවීර, නුවන් කුලසේකර, සීක්කුගේ ප්‍රසන්න, මිලින්ද සිරිවර්දන සහ චාමර කපුගෙදර වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් ලෝක කුසලානයක් සහ ආසියානු කුසලානයක් ආසන්නයේ යලි පරික්ෂා කිරීමට තේරීම් කමිටුවට නොසිතීමද උභතෝකෝටික ප්‍රෙහෙලිකාවකි.

මෙම ලිපියෙහි මීළඟ කොටසට පිවිසෙන්න

ඔබ කියවූ මෙම කොටස මෙම ලිපි මාලාවේ පළමු වන කොටසයි.

මෙම ලිපි මාලාවට අදාළ සියලු කොටස් වලට පිවිසිය හැකි links පහත දැක්වේ.

ඔබ දැන් රැඳී සිටින පළමු කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868975

දෙවන කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868974

තෙවන කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868973

සිවුවෙනි කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868972

[QUOTE="cricket pissa, post: 23638650, member: 568795"] [b]අපේ ක්‍රිකට් වල ඇත්ත-අති විශේෂ අනාවරණය(1)[/b] [SIZE="3"]"අපේ Cricket පිලිබඳව ඇත්ත" අනාවරණය කෙරෙන, මේ මොහොතේ, ඔබ විසින් කියවිය යුතුම වන,[COLOR="Red"][B]පළමු ලිපියෙහි පළමු කොටස[/B][/COLOR]. සියලු පිටු කියවා share කර, සියල්ලන් දැනුවත් කිරීම තුලින් අපේ Cricket බේරාගැනීමට ඔබත් එක් වන්න. Unveiling the Truth about SL Cricket.[/SIZE] [SIZE="7"][B][CENTER][U]ජාතික ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සත්‍යය (ලිපි අංක 01)[/U][/CENTER][/B][/SIZE] [SIZE="6"][B][U][CENTER]“ඇෆ්ගනිස්තානයටද පරාජය වුනු අප , 2019 ක්‍රිකට් ලෝක කුසලානය ජයගැනීම පිණිස, දැන් කුමක් කල යුතුද ? අපට තවමත් ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා අවස්තාවක් තිබේද? ”[/CENTER][/U][/B][/SIZE] [SIZE="3"]මේ වන විට ක්‍රිකට් ලෝලී ඔබගේත් මගේත් හදවත් කම්පා කරවමින් අප ජාතික ක්‍රිකට් කණ්ඩායම, ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දුර්වලතම මට්ටමට පැමිණ ඇති අතර බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයටද ඉතා ලැජ්ජාශීලී ලෙස පරාජයට පත් වෙමින් ආසියානු කුසලානයේ දෙවන වටයට පවා යාමට නොහැකිව ඉන් ඉවතට විසිවී හමාරය. එසේ නම්, ලෝක කුසලානයක් ගැන තවත් කවර කතා දැයි යමෙකුට ප්‍රති තර්ක කල හැකි වුවත්, මා මෙම ලිපියෙන් ඔබ හමුවේ තැබීමට උත්සහා කරනුයේ අප කණ්ඩායමෙහි ඔබ නොදන්නා, කිසිවිටෙකත් නොසිතන ආකාරයේ සත්‍ය තත්වයන් සමඟින්, අපට වැරදුනේ කොතැනද යන්න සහ අප විසින් අනාගතයේදී යා යුතු නිසි මග කවරේද යන කරුණු කාරණා සම්බන්ධවයි. ඇත්ත වශයෙන්ම අපට වැරදී නැති බව මා විසින් සඳහන් කළහොත් ඔබ පුදුමයට පත් වනු නියතය. එහෙත් සත්‍යය එයයි. කිහිප දෙනෙකුගේ උවමනා එපා කම් අනුව, අප විසින්ම අපට වරදවාගෙන ඇත. එබැවින් එය අප විසින් ලද සැබෑ පරාජයක් නොවේ. ඒ බව ඔප්පු කෙරෙන මෙම විශේෂ ලිපිය, දීර්ඝ ලිපියක් වුවත් අන්තර්ගතය නිසි ලෙස වටහාගෙන මේ අනූව ක්‍රියාත්මක වීම යනු මේ වන විට අපගේ ජාතික කණ්ඩායමට උරුමව ඇති පරාජීය රැල්ලෙන් මිදී යලි ජයග්‍රාහී රැල්ලට පිවිසීම සඳහා වූ මාර්ගය සකසා ගැනීම යන්නයි. මේ සියලු පරාජයන්ට මුල් වූ, ආන්දෝලනාත්මක වූ, ප්රමුඛ හේතුව පිළිබඳව දෙවන ලිපියෙහි විග්රහ කෙරේ. මා, වසර 26ක සිට, ජාත්‍යන්තර තරග සියල්ලක්ම පාහේ, අත් නොහැර නැරඹු, (1992 ලෝක කුසලානයේ සිට අප කණ්ඩායම සහභාගී වූ සෑම තරගයක්ම) පුද්ගලයෙකු වන හෙයින්, අපගේ වත්මන් එක්දින කණ්ඩායම (ක්‍රිකට් පරිපාලනය විසින් කෘතිමව නිර්මාණය කල) සමඟ ලෝක කුසලානයට පිවිසියහොත් පළමු වටයෙන්ම ඉවත් වීම ස්ථීරවම සිදුවන්නක් බව කලක පටන් හොඳින්ම වටහාගෙන සිටිමි. වර්ෂ 1996 දී ලෝක කුසලානයක ජයපැන් පානය කල අප වැනි සිංහ වංශික ක්‍රිකට් කණ්ඩායමකට වර්තමානයේ අත්ව ඇති ඉරණම, අද සිටිනා ඇතැම් දියාරු ක්‍රීඩා ලෝලීන් හට අමතක කරවීමට අප කණ්ඩායම කෙසේ හෝ එක තරගයක් ජය ගැනීම පමණක් වුවද ප්‍රමාණවත් වේ. 90 දශකයේ සහ 2000 දශකයේ අප ප්‍රේක්ෂකයින්ගේ ලේ වලම තිබු ක්‍රිකට් ලෝලීත්වය සහ ජාති මාමකත්වය මේ වන විට බොහෝ ක්‍රීඩා ලෝලීන්ගෙන් ගිලිහී යාමට 2015 වසරේ සිට අප ලබන අඛණ්ඩ පරාජයන් රැල්ලද බලපා තිබේ. එය ඉතා ශෝචනීය තත්වයකි. අප කණ්ඩායම, දකුණු අප්‍රිකාව සමග මෙරටෙහි පැවති අවසන් එක්දින තරග 2 සහ 20/20 තරගය ජය ගැනීම නිසා අප රටේ අධි තක්සේරුවකින් යුතුව කණ්ඩායම දෙස බලන බොහෝ ප්‍රේක්ෂකයින්ට අපගේ කණ්ඩායමේ ඇත්ත තත්වය අමතකව ගොස් තිබුණි. අප කණ්ඩායමේ වත්මන් සැබෑ දක්ෂතා මට්ටම අප හට නිසි ආකාරව යලි පහදා දුන් බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන් කණ්ඩායම් වලට අපගේ ස්තූතිය පුද කල යුතුය. ඇත්ත වශයෙන්ම මේ ක්‍රීඩා කරන්නේ අපේ රටේ සැබෑ ජාතික ක්‍රිකට් කණ්ඩායමමද? පිළිතුර "නැත" යන්නයි. වත්මන් කණ්ඩායම යනු ක්‍රිකට් තේරීම් කමිටුව ප්රමුඛ ක්‍රිකට් පරිපාලනය සහ පුහුනුකාරිත්වය විසින් කෘතිමව නිර්මාණය කල දුර්වල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමකි (එය සිදු කල ආකාරය සහ එය එසේ සිදු කිරීමට හේතුව, මෙම ලිපිය සමඟ ඇති මාගේ අනෙක් ලිපියෙහි මා විසින් පැහැදිලිව සඳහන් කර ඇත/ ලිපි අංක 02 හි ). යම් රටක ජාතික කණ්ඩායමේ ස්ථාන 11 සඳහා පත්විය යුත්තේ ඒ මොහොතේ එම රටෙහි සිටින එම ස්ථාන 11 සඳහා වඩාත්ම ගැලපෙන, දක්ෂතම ක්‍රීඩකයින් 11 දෙනා වුවත් අප රටේ තේරීම් කමිටුව විසින් එය දක්ෂයින් සහ අදක්ෂයින් මිශ්‍රිත, කෘතිමව තැනූ ජාතික කණ්ඩායමක් බවට පත්කොට ඇත. මා ඉහත වාක්‍යයේ "ඒ මොහොතේ" යනුවෙන් සඳහන් කලේ, යම් නිශ්චිත මොහොතක දක්ෂතා වලින් පිරිපුන්ව ලකුණු අතර හෝ කඩුලු අතර සිටින ක්‍රීඩකයින් තවත් නිශ්චිත මොහොතක එහි ප්‍රතිවිරුද්ධ අන්තයේ සිටීමට හැකියාව පවතින බැවිනි. එලෙස දක්ෂතා වලින් බැහැරව සිටින ක්‍රීඩකයින් දිගින් දිගටම කණ්ඩායමේ අවස්තාව ලබන්නේ නම් හෝ දක්ෂතා වලින් පිරිපුන් ක්‍රීඩකයින් හට දිගින් දිගටම ජාතික කණ්ඩායමේ අවස්තාව නොලැබෙන්නේ නම් හෝ එය තේරීම් කමිටුවේ අත්තනෝමතිකත්වය විදහා පාන සාධකයකි. එලෙස තේරීම් කමිටුවේ අත්තනෝමතිකත්වය, පක්ෂපාතිත්වය, ක්‍රීඩකයින් පිලිබඳ නිසි දැනුවත් භාවයකින් යුක්ත නොවීම සහ ප්‍රතිපත්ති විරහිත පටු තීරණ මේ වන විට අප කණ්ඩායම ලබා ඇති පරාජයන් කෙරෙහි ඍජුවම බලපා ඇති අතර, එම පරාජයන් කෙරෙහි බලපා ඇති අනෙක් ප්‍රධාන හේතුව නම් පුහුණුකාරිත්වයේ පවතින උපක්රමික ගැටළුන් ය. තම උපක්රමයන්ට ගැලපෙන පරිදි තේරීම් කමිටුවෙන් ලබාගන්නා නායකයා ප්රමුඛ කණ්ඩායම, එම උපක්‍රම කරා මෙහෙය වන්නේ පුහුණු කාරිත්වයයි. එසේ නම් අපගේ ක්‍රිකට් පුහුණුකාරිත්වය විසින් මෙතෙක් කලක් යෙදූ, වර්තමාන ලෝක ක්‍රිකට් ප්රවණතාවයන්ට නොගැලපෙන දියාරු උපක්‍රමයන්ද, එම උපක්‍රම ක්‍රියාත්මක කල කණ්ඩායමද මේ වන විට අතිශයින් අසාර්ථක වී ඇත. එම නිසා, 2019 ලෝක කුසලානය ජය ගැනීමට නම් චන්දික හතුරුසිංහ ප්රමුඛ ජාතික කණ්ඩායම් පුහුනුකාරිත්වයට මෙතෙක් කලක් යෙදූ උපක්රමයන් සහ ඒ සඳහා යොදා ගත් ක්‍රීඩකයින් වෙනුවට, නව උපක්‍රම සහ නව ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් නිර්මාණය කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත. එහෙත් ඒ සඳහා ග්රැහැම් ලැබ්රෝයි ප්රමුඛ ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව සහ තිලංග සුමතිපාල ප්රමුඛ ක්‍රිකට් පරිපාලනය ඉඩ දේ දැයි අතිශයින්ම සැක සහිතය (එලෙස ඉඩ නොදෙන හේතුව, මේ සමඟ අමුණා ඇති මාගේ අනෙක් ලිපිය මගින් අනාවරණය කෙරේ / ලිපි අංක 02 හි). එබැවින් අප මේ වන විට ලබන පරාජයන් රැල්ලේ ප්‍රධානතම මූල බීජය වන්නේ තිලංග සුමතිපාල ප්රමුඛ වත්මන් ක්‍රිකට් පරිපාලනයයි. මා මෙම ලිපියේ සඳහන් කරන ආකාරයට වත්මන් ජාතික කණ්ඩායම නිසි පරිදි වෙනස් වීමට නම් තේරීම් කමිටුව වෙනස් විය යුතුමය. එලෙස තේරීම් කමිටුව හෝ එහි වත්මන් ප්රතිපත්තීන් වෙනස් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් වුවහොත් පමණි. එබැවින් මේ සියලු ප්‍රශ්න වලට මූලික විසඳුම වන්නේ, " තිලංග සුමතිපාල ප්රමුඛ වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීම" පමණක් වන බව නිසි පරිදි වටහා ගෙන, ඒ සඳහා සිය පෑන, කැමරාව, මයික්‍රෝෆෝනය, වෙබ් පිටුව හෝ සමාජ මාධ්‍ය ජාලා පිටුව භාවිතා කරන මෙන්, මෙය කියවන සුවහසක් දේශප්‍රේමී ක්‍රිකට් ලෝලීන්ගෙන්, ක්‍රිකට් ලෝලී මාධ්‍යවේදීන්ගෙන් සහ ක්‍රිකට් ලෝලී ඇඩ්මින්වරුන්ගෙන් ඉතා කාරුණිකව, රට වෙනුවෙන්, ඉල්ලා සිටිමි. [/SIZE] [B][U][SIZE="5"]වර්තමානයේ අප ක්‍රිකට් කණ්ඩායමේ සැබෑ තත්වය[/SIZE][/U][/B] [SIZE="3"]අප කණ්ඩායම දෙස අවධානය යොමු කිරීමේදී, අවසන් වූ දකුණු අප්‍රිකානු තරගාවලියේ අපගේ එක්දින කණ්ඩායම මෙලෙස පෙළ ගැසුණි. 1.උපුල් තරංග 2.නිරෝෂන් දික්වැල්ල 3.කුසල් මෙන්ඩිස් 4.කුසල් ජනිත් 5.ඇන්ජෙලෝ මැතිව්ස් (කලකට පසු නැවත පත් කල නායකයා) 6.ධනංජය ද සිල්වා 7.දසුන් ශානක 8.තිසර පෙරේරා 9.අකිල ධනංජය 10.සුරංග ලක්මාල් 11.ලහිරු කුමාර එම කණ්ඩායම, ආසියානු කුසලානය වන විට මෙලෙස වෙනස් වී තිබුණි. අංක 02 ස්ථානයේ ක්‍රීඩා කල නිරෝෂන් දික්වැල්ල ඉවත් කර, ඔහු වෙනුවට අංක 03 ස්ථානයේ ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් අංක 02 ස්ථානයටත්, එම නිසා පුරප්පාඩු වූ අංක 03 ස්ථානය සඳහා අංක 06 ස්ථානයේ ක්‍රීඩා කල ධනංජය ද සිල්වා යෙදවීමත්, එම නිසා යලි පුරප්පාඩු වූ අංක 06 ස්ථානය සඳහා ෂෙහාන් ජයසූරිය පිටතින් ගෙනැවිත් ආදේශ කිරීමත්, ලහිරු කුමාර වෙනුවට ලසිත් මාලිංග කැඳවීමත් එලෙස සිදු කල වෙනස්කම්ය. මේ සියලු වෙනස් කම් හේතුවෙන් අප හට මුලින්ම ගම්‍ය වන කාරණය වන්නේ කිසිදු ක්‍රීඩකයෙකුට එක දිගට ක්‍රීඩා කර ස්ථානගත වීම පිණිස නිසි ස්ථානයක් චන්දික හතුරුසිංහ පුහුනුකාරිත්වය විසින් ලබා දී නොමැති බවයි. පරාජය වූ බංග්ලාදේශ,ඇෆ්ගනිස්තාන තරග දෙක දෙස බැලීමේදී අප හට ගම්‍ය වන තවත් දුර්වලතා එමටය. 1.ලකුණු දෙකක් හෝ තුනක් ලබා ගැනීම පිණිස දිවීමට තරම් ක්‍රීඩකයින්ගේ ශක්තිය මද වීම (උදා: ඇන්ජෙලෝ මැතිව්ස්) 2.පහසු උඩ පන්දු රැකගැනීමට තරම් වත් නිසි මානසික සුදානමකින් ක්‍රීඩකයින් පසු නොවීම. 3.කඩුළු අතර දිවීමේ සන්නිවේදන දුර්වලතා. 4.පීඩනය අවම කර ගැනීම පිණිස පිතිකරුවන් පැති මාරු කර නොගැනීම. 5.ආක්‍රමණශීලී පහරවල් වෙනුවට ආරක්ෂාකාරී පහරවල් පමණක් එල්ල කිරීම. 6.ප්‍රතිවාදීන් අභියෝග එල්ල කරන පීඩනකාරී අවස්ථා වලදී නිවැරදී තීරණ නොගැනීමේ මානසික දුබලතා. 7.ලසිත් මාලිංග හැරුණු විට කිසිදු ක්‍රීඩකයෙකු ප්‍රතිවාදීන් අභිභවා යාම පිණිස උපක්‍රම භාවිත නොකිරීම. මෙවැනි දුබලතා සපිරි කණ්ඩායමක පුහුණුකාරිත්වය විසින් ක්‍රීඩකයින්ගේ දුබලතා මග හරවා ගැනීම පිණිස මෙතෙක් කලක් සිදු කර ඇත්තේ කුමක්ද යන්න බලවත් ප්‍රශ්නාර්ථයකි. ලබන වසරේ එංගලන්තයේ දී පැවැත්වෙන ලෝක කුසලානයට සුදානම් වන කණ්ඩායමක සංයුතිය මේ අයුරින් ප්‍රශ්නගතව තවදුරටත් පැවතීම සුදුසු යැයි ඔබ සිතනවාද? පසුගියදා නිමාව දුටු ඉන්දීය එංගලන්ත තරගාවලිය දෙස සුපරික්ෂාකාරී වූයේ නම් ලබන වසරේ ජුනි/ ජුලි මාසවල එංගලන්ත ග්‍රීෂ්ම ඍතුවේදී තණතිලි හැසිරෙන අයුරුද සිතා ගත හැක. ඕවල්, සවුත්හැම්ප්ටන් සහ ලෝඩ්ස් වැනි පන්දුව යම් තාක් දුරට හෝ දඟ කැවෙන තණනිල්ලක ක්‍රීඩා කරන කණ්ඩායමක ස්ථීර එක් දඟ පන්දු යවන්නෙකු සිටීම වරදක් නොවන නමුත් ඇතැම් තණතිලි සඳහා එක් දඟ පන්දු යවන්නෙකු සිටීමද වැඩි තත්වයකි. එවැනි තත්වයකදී Part time spinner කෙනෙකු මගින් එම කාර්යය ඉටු කරගැනීම ස්ථානෝචිතය. එහෙත් ප්රශ්නය එය නොවේ. සචිත්ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන් අතරින් ලෝක කුසලානය සඳහා වඩාත්ම සුදුස්සා කවුරුන් විය හැකිද? රටක ඒ වන විට සිටින හොඳම සහ පරිනතම ක්‍රීඩකයින් 11 දෙනා ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කල යුතුය යන්න සෑම රටක්ම පාහේ නිසි ලෙස ඉටු කරනා න්‍යායක් වන පසුබිමක ඉහත ප්‍රශ්නයට ඔබේ පිළිතුර අකිල ධනංජය නොවන පිළිතුරක් වුවහොත් අප මේ වන විට ලෝක කුසලානයට යන අපේ දඟ පන්දු යවන්නා වරද්දාගෙන තිබේ. අඛිල ධනංජය පිළිබඳව අතිරේඛ කාරණයක් මෙහිදී සඳහන් කල යුතුය. මෙයට එකඟ වීම හෝ නොවීමට ඔබට අයිතිය ඇත. කලාතුරකින් වාසනාවන්ත දක්ෂයින්ට පමණක් හිමි වන, රටක ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනාගේ ස්ථානයන් අතරින් ස්ථානයක් ඔබ වෙත හිමිවී ඇති අවස්ථාවක, ඔබගේ ස්ථානයට පැමිණීමට පෙරුම් පුරන, ඇතැම් විට ඔබටත් වඩා දක්ෂ, සුදුසුකම් සපිරි ක්‍රීඩකයින් රටෙහි කොතෙකුත් සිටින මොහොතක, ඇතැම් රට වල ක්‍රීඩකයින් සිය මවුබිම නියෝජනය කිරීම නිත්‍ය ජාතික සේවයක් ලෙස සලකන මොහොතක, අඛිල ධනංජය විසින් පෞද්ගලික කාරණයක් හේතුවන් ආසියානු කුසලානයේ මුල් තරගයට සහභාගී නොවීම "තමාට පෙර රට" යන සංකල්පය බිඳ දැමීමකි. 1999 ලෝක කුසලානය අතරතුර සිය පියාගේ වියෝව නිසා යලි මවුරටට පැමිණි සුපිරි ඉන්දීය ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හට යලි එංගලන්තය බලා ඉක්මනින් පියාසර කිරීම පිණිස මීළඟ තරගය දුබල කෙන්යානු කණ්ඩායම සමඟ පැවැත්වීම හේතු නොවීය. තම කුලුදුල් දරුවා උපදින මොහොතේ යුදබිමේ රට වෙනුවෙන් සටන් කල රණවිරුවන් මෙන්ම, මවුබිම වෙනුවෙන් විදේශයක ක්‍රිකට් තරග ක්‍රීඩා කල ක්‍රීඩකයින්, අපමණ ගෙනහැර දැක්විය හැකි පසුබිමක, රට පසෙක තබා, අඛිල ධනංජයට පමණක් හිමි වූ මේ සුවිශේෂී වරප්‍රසාදය කුමක්ද? අප රටෙහි දුබල ක්‍රිකට් පරිපාලන පද්ධතිය විසින් වත්මනෙහි නිර්මාණය කරන්නේ එවැනි ගණයේ ක්‍රීඩක ක්‍රියාකාරකම්ය. මෙම සිදුවීම මෙන්ම ධනුෂ්ක ගුණතිලක විසින් පසුගිය තරගාවලියක් අතරතුර පසු දින පැවැත්වීමට නියමිත තරගය ගැන පවා නොසිතා සිදුකල විනය විරෝධී ක්‍රියාව, නිරෝෂන් දික්වැල්ල වැනි ක්‍රීඩකයින් තරගාවලි අතරතුර පවා රාත්‍රී සමාජශාලාවල ගත කෙරෙන චායාරූප සමාජ මාධ්‍යයට නිකුත් කිරීම වැනි ක්‍රියාවන් සඳහා ක්‍රිකට් පරිපාලන ගිවිසුම්ගත විනය නීතීන්ගේ ලිහිල් බවද ප්‍රබල හේතුවකි. යලිත් කණ්ඩායම දෙස අවධානය යොමු කිරීමේදී, ආරම්භක පිතිකරු යුගලය පිළිබඳව තත්වය ඊටත් වඩා සෝචනීය බව මාගේ අදහසයි. හොඳ ආරම්භයක් යනු තරගය දිනවන මූලික අඩිතාලමයි. තරගයක් දිනවන කාර්යභාරයෙන් 50% ක් පමණ නිසි ආරම්භයකින් ඉටු වේ. එම අගය අප රටට අදාලව නම් 75% ක් පමණ වේ. පසුගිය දශක එකහමාරක කාලය තුලම ආරම්භක පිතිකරු යුගලය සහ අංක 3 පිතිකරු අසාර්ථක වූ තරග අප ජයගෙන නැති තරම්ය. අප ජයගත් බොහෝ තරග වල නියමුවන් වී ඇත්තේ අංක 1, 2 හෝ 3 පිතිකරුවන්ය. බොහෝ විට අප කණ්ඩායමේ ආරම්භය සාර්ථක වූයේ නම් අනෙකුත් පිතිකරුවන්ද එම තරගයේදී ලකුණු වැඩි වශයෙන් රැස් කර ඇති අතර ආරම්භකයින් අසාර්ථක වන අවස්තාවන් වලදී එය අනෙක් අතට ද සිදු වී ඇත. අප පසුගිය පරාජිත සමයේ අත්හදා බැලූ ආරම්භක පිතිකරුවන් කිහිප දෙනෙක් පහත පරිදි වේ. තරංග , දික්වැල්ල, කුසල් ජනිත්, ගුණතිලක , කුසල් මෙන්ඩිස් , මුණවීර. ක්‍රිකට් යනු ජයග්‍රහණය පිණිස ක්‍රීඩා කරන ක්‍රීඩාවක් බව දන්නා ප්‍රේක්ෂක පිරිසකගෙන් සමීක්ෂණයක් සිදු කොට බලන්න. මේ පිතිකරුවන් 6 දෙනා අතරින් එක්දින ලෝක කුසලානයක් දිනිය හැකි සුපිරිතම යුගලය තෝරා ගැනීමට ඔවුනට පැවසුවහොත්, ඔවුන් බහුතරයකගේ පිළිතුර වනු ඇත්තේ කුසල් ජනිත් + මුණවීර සුසංයෝගයයි. පසුගිය වසර 3ක කාලය තුල ලෝකයේ වැඩියෙන්ම ආරම්භක යුගල අත්හදා බලා ඇති කන්ඩායම ලෙස වාර්තාවක්ද පිහිටුවා ඇති අප, අඩුවෙන්ම අත්හදා බැලූ සුසංයෝගය වන්නේද එයයි. 1999 වසරේ සිට 2007 කාලය දක්වා කිසිවෙකුටත් හිස එසවිය නොහැකි පරිද්දෙන් ක්‍රිකට් ලෝකය යටත්කරගෙන සිටි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අධිරාජ්‍යය ගොඩනැගුවේ, ප්‍රතිවාදීන්ට එලව එලවා පහර දුන් ගිල්ක්‍රිස්ට් + හේඩ්න් ආරම්භක සුසංයෝගයයි.එවිට අංක 3 පිතිකරු වූ රිකී පොන්ටින්ගේද සහයෙන් ඔවුන් එක දිගට ලෝක කුසලාන තුනකට(1999,2003,සහ 2007) හිමිකම් කියුහ. 2007 වසරේ 20/20 ලෝක කුසලාන ජයග්රහණයෙන් ඇරඹි, 2011 ක්‍රිකට් ලෝක කුසලානයද අපට අහිමි කල ඉන්දීය ක්‍රිකට් අධිරාජ්‍යයේ පදනම වුයේද (සෙවාග් + ටෙන්ඩුල්කාර්) සහ (සෙවාග් + ගම්භීර්) යන ආරම්භක යුගලයන් දෙකයි. අංක 3 පිතිකරු විරාත් කෝලිගේද දායකත්වයෙන් ඔවුන් ඉන්දීය කණ්ඩායම විශිෂ්ටත්වය කරා ගෙන ගිය අයුරු පුදුම සහගතය. 1996 වසරේ අප රට ලෝක කුසලානය දිනාගැනීම සඳහාද මුලික පදනම බිහි වුයේ, 1995 වසරේ සිට ප්‍රතිවාදීන්ට එලව එලවා පහර දෙන ප්‍රතිපත්තියේ සිට අත්හදා බලා සාර්ථක වූ , ක්‍රිකට් ලොව උඩු යටිකුරු කල (සනත් + කලූ) ආරම්භක සුසංයෝගයයි. මේ වන විට එක්දින තරගයක එක් ඉනිමකදී සුදු පැහැති පන්දු දෙකක් භාවිතයට ගැනීම නිසා මුල් පන්දු ඕවර 10 තුල කඩුළු ආරක්ෂා කරගනිමින් ලකුණු 40ක් පමණ රැස් කරගෙන අවසන් පන්දු ඕවර 10 තුල වේගයෙන් ලකුණු රැස් කල යුතුය යන ප්‍රති තර්කය මෙයට එරෙහිව යමෙකුට ඉදිරිපත් කල හැකි වුවද එලෙස මුල් පන්දු වාර 10 තුල ආරක්ෂාකාරී වීම සෑම තරගයකදීම ප්‍රායෝගික නොවන බව මාගේ අදහසයි. එය, එම තරගයේ, ක්‍රීඩාංගනයේ, ප්‍රතිවාදියාගේ සහ ඇතැම් විට කාලගුණයේ ස්වභාවය අනුව වෙනස් විය යුතු වේ. උදාහරණයක් ලෙස ලකුණු 350කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් හඹා යන තරගයකදී මෙන්ම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනූව ලකුණු හඹා යාමේදී මුල් ඕවර 10 ආරක්ෂාකාරී වීම ප්‍රායෝගික නොවනු ඇත. එසේනම් අප දික්වැල්ල, තරංග හෝ ගුණතිලක සමග මේ සිදු කරන්නේ කුමක්ද? කුසල් ජනිත් පෙරේරා සහ දිල්ශාන් මුණවීර නමින් ලෝකයේ ඕනෑම කණ්ඩායමකට දිගට හරහට පහර දිය හැකි සුපිරි කසකාරයන් දෙදෙනෙකු ආරම්භය පිණිස සිටිද්දී ඔවුනට අවස්තාව නොදීමෙන් අප සිදුකරගෙන ඇත්තේ අඬුව තියාගෙන අත පුච්චා ගැනීමක් නොවේද? මදක් සිතන්න. මේ වන විට ලෝකයේ අනෙකුත් කණ්ඩායම් වල ආරම්භක පිතිකරුවන් දෙස සැලකීමේදී අප සිටින්නේ කොතැනද? අපට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ ලෝක කුසලානය දිනීමද? නැතිනම් සහභාගී වී ආසියානු කුසලානයේදී මෙන්ම පළමු වටයෙන්ම ඉවතට විසිවී නැවත මවු රටට පැමිණීමද? දිල්ශාන් මුණවීර නම් ප්රවේගාත්මක ආරම්භක පිතිකරුවාට (වක්‍රාකාරව රටෙහි ක්‍රිකට් ක්‍රීඩාවටද) අසාධාරණයන් සිදුවන්නට පටන් ගත්තේ පසුගිය දා නිමාව දුටු නගරාන්තර 20/20 ලීගයේ පමණක්ම නොවේ. ඔහු, 2012 වර්ෂයේ පළමු SLPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ අවසන් තරගයේද ජයග්‍රාහී නියමුවා බවට පත්වුවත් එකල සිටම තේරීම් කමිටුවේ අසාධාරණයට ලක්වූ ක්‍රීඩකයෙකි.මාගේ මතය අනුව නම් ඔහු, 2015 ලෝක කුසලානයට පවා නම් කල යුතුව තිබූ සුපිරි පිතිකරුවෙකි. එහෙත් අප තවමත් එම සම්පත රටට අහිමි කරගෙන සිටියි. ඉන්දියානු ප්‍රීමියර් ලීගය ඇතුළු ලෝකයේ ප්රමුඛ පෙලේ සියලුම 20/20 ලීග වල බොහෝ විට සුපිරිතම දස්කම් දක්වන්නෝ බටහිර ඉන්දීය කොදෙව්වෝය.එය ලෝකයේ ප්‍රීමියර් ලීග පිළිබඳව අවබෝධයක් ඇති බොහෝ දෙනෙකු දන්නා කාරණයකි., එවැනි සුපිරි ප්‍රහාරකයින් බහුතරයකින් සමන්විත, කැරිබියන් ප්‍රීමියර් ලීගයේ (ඉතා නුදුරු දිනෙක 2018 තරගාවලිය නිමාවට පත්විය) දස්කම් දැක්වීම පිණිස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අඛණ්ඩව වසර ගණනාවක් මුළුල්ලෙහි ඔවුන් තෝරා ගනු ලැබුවේ දිල්ශාන් මුනවීරයි. එහෙත් අරුමයකි. අපේ රටේ ක්‍රිකට් තේරීම් කමිටුවට ඔහුගේ අගයක් නැත.එය ඔහුගේ පවුල සහ අපේ ක්‍රිකට් මහා පුටුවක් අතර ඇති පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමක් බව බොහෝ පිරිස් පැවසුවත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව දන්නේ ඔවුන් පමණි. තවත් එවැනිම ක්‍රීඩකයෙකු වන්නේ අසේල ගුණරත්න යි. පීඩනය හමුවේ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් කණ්ඩායම තනිවම ජයග්‍රහණය කරා ගෙන යා හැකි, වේගවත් තණතීරු වලදී හොඳින් පන්දුවට පහර දිය හැකි සුවිශේෂී සටන්කාමි පිතිකරුවෙකු වන ඔහුද ලෝක කුසලාන සංචිතයේ සිටිය යුතුම ක්‍රීඩකයෙකි. ඉතා සුළු අබාධයක් නිසා වසරක් පමණ කාලයක් කණ්ඩායමෙන් ඉවත් කොට ඔහුගේ වත්මන් තත්වය දෙස බලා ඔහුව නිගමනය කිරීම ඉතා වැරදි සහගත ක්‍රියාවකි. එහෙත් ආසියානු කුසලානයේ පවා ඔහුට අවස්තාවක් දීම තේරීම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ජාත්‍යන්තර දක්ෂතා නොසලකා, නිමා වූ නගරාන්තර 20/20 අභ්‍යන්තර තරගාවලියෙන් පමණක් ක්‍රීඩකයින් මැනීමට යාමේ විපාකය විඳීමට සිදුවන්නේ ඉදිරි තරගාවලීන් තුළදී බව සක්සුදක් සේ පැහැදිලිය. එමෙන්ම ඉතා පරිනත දක්ෂ දඟ පන්දු යවන්නන් රටෙහි කොතෙකුත් සිටියදී ලෝක කුසලානය පිලිබඳ තම පටු දැක්මෙහි තරම මැනවින් ප්‍රදර්ශනය කරමින් තේරීම් කමිටුව විසින් ලෝක කුසලානයට මාස 9ක් වැනි ඉතා කෙටි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, යලි අමිල අපොන්සෝ වැනි නවක දඟ පන්දු යවන්නෙකු හදිස්සියේ ආසියානු කුසලානයට නම් කිරීම ඉතා පුදුම සහගතය. ඒ හා සමානවම හදිසියේ මර නින්දෙන් අවදි වූ අයුරින් කණ්ඩායම් තෝරනු ලෑබූ නගරාන්තර 20/20 තරගාවලියේ සංචිතයකවත් අවස්තාව නොලද දිල්ශාන් මුණවීර, නුවන් කුලසේකර, සීක්කුගේ ප්‍රසන්න, මිලින්ද සිරිවර්දන සහ චාමර කපුගෙදර වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් ලෝක කුසලානයක් සහ ආසියානු කුසලානයක් ආසන්නයේ යලි පරික්ෂා කිරීමට තේරීම් කමිටුවට නොසිතීමද උභතෝකෝටික ප්‍රෙහෙලිකාවකි.[/SIZE] [B][I][SIZE="4"]මෙම ලිපියෙහි මීළඟ කොටසට පිවිසෙන්න[/SIZE][/I][/B] [SIZE="3"]ඔබ කියවූ මෙම කොටස මෙම ලිපි මාලාවේ පළමු වන කොටසයි. මෙම ලිපි මාලාවට අදාළ සියලු කොටස් වලට පිවිසිය හැකි links පහත දැක්වේ.[/SIZE] [SIZE="3"][COLOR="Magenta"]ඔබ දැන් රැඳී සිටින පළමු කොටස[/COLOR] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868975"]http://www.elakiri.com/forum/showthread.php?t=1868975[/URL] දෙවන කොටස - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868974"]http://www.elakiri.com/forum/showthread.php?t=1868974[/URL] තෙවන කොටස - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868973"]http://www.elakiri.com/forum/showthread.php?t=1868973[/URL] සිවුවෙනි කොටස - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868972"]http://www.elakiri.com/forum/showthread.php?t=1868972[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom