Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
අපේ ක්‍රිකට් වල ඇත්ත - අති විශේෂ අනාවරණය(3කො&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ක්‍රිකට් වල ඇත්ත-අති විශේෂ අනාවරණය(3)

"අපේ Cricket පිලිබඳව ඇත්ත" අනාවරණය කෙරෙන, මේ මොහොතේ, ඔබ විසින් කියවිය යුතුම වන, දෙවන ලිපියෙහි පළමු කොටස. සියලු පිටු කියවා share කර, සියල්ලන් දැනුවත් කිරීම තුලින් අපේ Cricket බේරාගැනීමට ඔබත් එක් වන්න. Unveiling the Truth about SL Cricket.

වත්මන් ක්‍රිකට් පරිපාලනය පිළිබඳව සත්‍යය (ලිපි අංක 02)

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණ සහ අක්රමිකතාවයන් සම්බන්ධවයි.

"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය" සහ එහි වත්මන් පරිපාලකයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් සිදුවූ සහ සිදු වෙමින් පවතින, කිසිවෙකුත් නොසිතන,නොපතන ආකාරයේ සුවිශේෂි සිද්ධි දාමයක් පිළිබඳව මෙම විශේෂ ලිපිය මගින් අනාවරණය කිරීම පිණිස අවස්ථාව සහ අවසරය පතමි. එළඹෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයේ විකාශන අයිතිය ජාත්‍යන්තර ක්‍රීඩා නාලිකාවකට ලබාදීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් තම පෞද්ගලික බැංකු ගිණුමක තැම්පත් කරවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්රමුඛ නිලයක් දරන පුද්ගලයෙකු උත්සහා දරා එම නාලිකාව විසින් එය හෙලිකල මොහොතක, මා මෙම ලිපිය ලියමි. පෙර කිසි දිනෙක නොවූ විරූ ලෙස, ජාත්‍යන්තර තරග කෙසේ වෙතත්, දේශීය පිටියේ තරග වල පවා සිදුවූ මුදලට තරග පාවාදීම් "අල්ජසීරා" නාලිකාව විසින් වීඩියෝ සාක්ෂි සහිතව ඔප්පු කොට ඇතත් ඒ සඳහා කිසිදු නිසි ආකාර පරීක්ෂණයක් හෝ විනය ක්‍රියා මාර්ගයක් නොමැති මොහොතක, මා මෙම ලිපිය ලියමි. වත්මන් ජාතික ක්‍රිකට් පිලේ නායකයාට මුදලට තරග පාවා දීම් පිළිබඳව චෝදනා ඇති මුත්, අපක්ෂපාති, නිසි පරීක්ෂණයකින් තවමත් ඔහුව නිදොස් කොට නිදහස් කර නොමැති මොහොතක, මා මෙම ලිපිය ලියමි. පසුගියදා නිමාව දුටු නිදහස් කුසලාන තරගාවලිය අතර තුර ක්‍රිකට් ආයතනයේ මුදලින් හෝටල් වල සැප විඳි ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරීයා පිළිබඳව මේ වන තෙක් කිසිදු අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නොමැති මොහොතක මා මෙම ලිපිය ලියමි. සඳහන් කිරීමට තවත් දූෂණ සහ අක්‍රමිකතා රාශියක් සහිත, මේ වන විට ශ්‍රී ලංකාවේ දුෂිතම ආයතනය වී ඇති "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය" පෙර නොවූ විරූ ලෙස එතරම් දූෂිත තත්වයට පත් වුයේ කෙසේද? මුදල් වෙනුවෙන් ඕනෑම ආකාරයක ජඩ වැඩක් සිදුකරන මට්ටමක සිටින, සූදු ව්‍යාපාරය තම ප්රමුඛ ජීවිකාව කොටගත් දූෂිත පාලකයින් පාලනය කරන ආයතනයක් එම තත්වයට ඇද නොවැටී තිබුනහොත් නම් එය පුදුමයකි. මුදල් යහමින් අතමිට ගැවසෙන නිසා විවිධාකාර වූ අල්ලස් ලබා දීම් මගින් නිලවරණයෙන් තේරී පත් වන, මෙවැනි ජරාජීරණ වූ පුද්ගලයින් එම තනතුරු වලට පත්වන පරිදි සැකසුනු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ව්‍යුහය යලි නිවැරදි ආකාරයෙන් සැකසෙන්නේ කවදාද?

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් විශාල සූදුවක්දැයි මෙය කියවන ඔබ හට අදහාගත නොහැකි වන තරමටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාගේ සහ ඔහු වටා සිටින ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අතිශයින්ම පිළිකුල් සහගතය. රටම දන්නා පරිදි වත්මන් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සූදු ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාරිකයෙකි. එමෙන්ම දේශපාලකයෙකි. ඇස් පනාපිටම පෙනෙන්නට තිබෙන පරිදි, 2016 දී එතුමා අවසන් වරට එම තනතුරට පත්වීමෙන් අනතුරුව අපගේ ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන් රැල්ල ආරම්භ වූයේ යැයි බොහෝ දෙනෙකුගේ අදහසයි. තමාට එරෙහිව කිසිවෙකු චෝදනාවක් එල්ල කරනා විට පෙරලා එම පුද්ගලයාටම එරෙහිව බොරු චෝදනාවක් නිර්මාණය කර මඩ ගැසීමට උපන් හපන් හැකියාවැති, එතුමාගේ ඉන්දීය ගැති ක්‍රියාකලාපය, මේ වන තෙක් ඔබ නොදන්නා, එහෙත් මෙම ලිපිය කියවීමෙන් පසු ඔබ දැනගන්නා, මෙහි සඳහන් සියලු සිදුවීම් වලට වස්තු බීජය වී ඇත. ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ද සභාපති තනතුර හොබවන වත්මන් සභාපතිවරයා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර බලාපොරොත්තුවෙන් සහ ඉන්දීය මුදලට සහ වරප්‍රසාදයට යටවී රට පාවාදී ඇති බව සාධාරණ නිරීක්ෂණයන් සමඟින් මෙම ලිපිය මගින් තහවුරු කෙරේ.

අප ඉපිද මියයන, මේ ලක් මවු දෙරණට අපගේ ඇති ණය පියවීමට නම්, මෙහි සඳහන් කරුණු පිළිබඳව පරීක්ෂණ පවත්වා සත්‍ය රටට අනාවරණය කිරීම සහ වැරදිකරුවන්ට දඬුවම් ලබා දී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව යලි නිවැරදි මගට ගැනීම ඔබ අප සැමගේ යුතුකම හා වගකීම වේ.

2007 වර්ෂයේ 20/20 ලෝක කුසලානයෙන් ඇරඹි ඉන්දීය ක්‍රිකට් යටත් විජිත වාදය, මේ වන විට මෙතරම්ම ඔඩු දුවා තිබීමට හේතූන් ලෙස 2008 වර්ෂයේ ආරම්භ වූ අයි.පී.එල් තරගාවලියත්, ඒ හා සමඟ මේ වන විට ක්‍රිකට් ලොව සැරි සරන මුදල්වලින් විශාල ප්‍රතිශතයක් ඉන්දීය මුදල් වීමත්, මේ වන විට අයි.සී.සී. හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැදගත් තනතුරු රැසක් ඉන්දීය ජාතිකයන් විසින් දරනු ලැබීමත්, අනෙකුත් සාමාජික රටවලට සාපේක්ෂව එහි තීරණ ගැනීමේ බලයේ වැඩි ප්‍රතිශතයක් ඉන්දියාවට හිමිවීමත් ගෙන හැර දැක්විය හැක.එමෙන්ම බොහෝවිට අයි.සී.සී.ය වනාහි ඩුබායි හි පිහිටි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ම අතුරු ශාඛාවක්ද යැයි සිතෙන තරමටම අයි.සී.සී.ය විසින් ඉන්දියාවේ අවශ්‍යතාවයන් ඉටුකරමින් සිටියි. එහි ආසන්නතම උදාහරණය ලෙස අයි.සී.සී.ය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තම මුදල් සහ නිල බලයෙන් ලෙහෙසියෙන්ම පාලනය කල හැකි වන තිලංග සුමතිපාල පාලනයක් තවදුරටත් (අවම වශයෙන් 2019 ලෝක කුසලානය අවසන් වන තුරු හෝ) ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුල පවත්වා ගැනීම පිණිස, ඉදිරියේදී පත් විය හැකි, තම පාලනයට යටත් නොවිය හැකි අතුරු කමිටුවක් පත් කරනවාට විරුද්ධව විවිධ නීති රෙගුලාසි (ශ්‍රීලංකාවේ අයි.සී.සී. සාමාජිකත්වය අහිමි කරනවා වැනි තර්ජනද සමඟ) පනවමින් ලෝක කුසලානයට පෙර කෙසේ හෝ නිලවරණය පවත්වාගෙන, තමන්ට විකිනෙන, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමද තමන්ට අවශ්‍ය පරිදි හැසිරවිය හැකි "යතුර" වන තිලංග සුමතිපාලව තව දුරටත් එම පුටුවෙහිම තැබීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බල කරමින් සිටියි.

මෙම යථාර්ථය සමාජයේ බොහෝ පිරිස් නොදන්නා පසුබිමක ඉන්දියාව විසින් වත්මනෙහි ලෝකයේ මතුවන බොහෝ දක්ෂ ක්‍රීඩකයන් තම මවු රටට ක්‍රීඩා කරනවාට වඩා මුදල් වෙනුවෙන් අයි.පී.එල්. ක්‍රීඩා කිරීම උතුම් යන මානසික ව්‍යාධිය ක්‍රීඩකයන් තුළ ජනිත කරවා ඇත. එම ඉන්දීය උගුලට තවමත් විශාල වශයෙන් හසු නොවූ රටවල් දෙකක් ලෙස එංගලන්තය සහ පකිස්ථානය හැඳින්විය හැක. 1947 සිට තම රට දෙකට කඩා බිහිවූ නව රට වන පකිස්ථානය සමග ඉන්දියාවේ ඇති වෛරය, පාකිස්තාන ක්‍රීඩකයින් වැඩි වශයෙන් අයි.පී.එල් ක්‍රීඩා නොකිරීමට හේතුවක් වුවත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අයි.පී.එල්. මගින් ක්‍රීඩකයන්ට සිදුවන හානිය සහ ලෝක කුසලානය වැනි වැදගත් තරගාවලියකදී අයි.පී.එල්. කණ්ඩායම් හිමි ඉන්දීය ව්‍යාපාරික මුදල් නිසා ඉන්දියාව විසින් තම රටෙහි ක්‍රීඩකයන්ට තරග පාවා දීම කෙරෙහි ඇති කළ හැකි බලපෑම පිළිබඳව හොඳින්ම අවබෝධ කරගෙන අයි.පී.එල් ක්‍රීඩාකරන තම රටෙහි ක්‍රීඩකයන් ඍජුව සහ වක්‍රව (එම කාලසීමාවේ වෙනත් ජාත්‍යන්තර තරගාවලි යොදාගැනීමෙන්) සීමා කර ඇත. එහෙත් ලෝකයේ අනෙකුත් සියලුම කණ්ඩායම් වල දක්ෂතම ක්‍රීඩකයන් අයි.පී.එල්. මුදල වෙනුවෙන් අප්‍රේල් සහ මැයි මාසවලදී තම ඉන්දීය ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියි. පෙර සඳහන් කල පරිදි මෙහි භයානකම බලපෑම වන්නේ ඉන්දීය ක්‍රීඩා සමාජයේ අයිතිකරුවන් හට එම ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට අවශ්‍ය ඕනෑම මොහොතක මුල්‍යමය බලපෑමක් හෝ අල්ලසක් මගින් තරඟ පාවා දීමට පොළඹවා ගත හැකි වීමයි. මෙම විනාශකාරී තත්ත්වය මුලින්ම අවබෝධ කරගත් තැනැත්තකු වේ නම්, ඒ අපේ රටට ලෝක කුසලානය ලබා දුන් නායකයා වන අර්ජුන රණතුංග මහතායි. දශකයක් තිස්සේ අර්ජුන රණතුංග මහතා විසින් අපේ රටේ ක්‍රීඩකයන්ට අයි.පී.එල්. ක්‍රීඩා කරවීමට තහංචි පනවමින්, විවේචනය කරමින් ගෙනගිය සටන තේරුම් ගැනීමට අපේ රටේ ක්‍රීඩකයන්,පරිපාලකයන් හෝ සාමාන්‍ය මහජනතාව තවමත් බුද්ධියෙන් මුහුකුරා ගොස් නැති බව මාගේ හැඟීමයි.

ඉන්දීය මුදලට යට නොවී, අයි.පී.එල්. ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කල, අපේ රටෙන් සැපයිය හැකි ප්‍රමුඛතම උදාහරණයක් ලෙස, දිනේෂ් චන්දිමාල් මේ වන විට ලෝකයටම ආදර්ශයක් සපයා ඇත. මා මෙහිදී දිනේෂ් චන්දිමාල් පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කිරීමට හේතු වූ කාරණාව වන්නේ පසුගිය මාසය වන තෙක්ම අපගේ එක්දින කණ්ඩායමේ නායකත්වය හොබවනු ලැබුවේ ඔහු වන බැවිනි. ඉන්දීය ගැති නොවන, ඉන්දීය මුදල් බලයට යට නොවූ ක්‍රීඩකයෙකු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීම, ඉන්දියාව විසින් නුරුස්සයි. තත්වය එසේ නම් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් දැරීම කෙසේ හෝ ඉන්දියාව විසින් නතර කල යුතු විය. ඒ සඳහා දියත් කල යුතුව තිබු කුමන්ත්‍රණය පසුගිය බටහිර ඉන්දීය කොදෙව් දේශ සංචාරයේදී දිනේෂ් චන්දිමාල් වරදට පෙළඹෙන පරිදි කෘතිමව ඇති කල තත්වයක් තුලින් සුළු වරදකට ඔහුව පොළඹවාගෙන, ඉන් අනතුරුව බොහෝ දෙනෙකුට අදහාගත නොහැකි ආකාරයේ අරුම පුදුම අයි.සී.සී. දඬුවමක් සමඟ දිනේෂ් චන්දිමාල්ට නායකත්වය පවා අහිමි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා ඉන්දියාව කටයුතු කල බව මා මෙහිදී ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඩුබායි ශාඛාව හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී දිනේෂ් චන්දිමාල් නායකත්වයෙන් පහකිරීම සඳහා සිදුකල ක්‍රියාන්විතය පිලිබඳව සෙසු ලෝකයාට සැක නොසිතෙන පරිදි, නායක දිනේෂ් චන්දිමාල් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහවද තරඟ තහනමට ලක් කළේය. එලෙස එදින දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායම සමඟ පිටියට නොගොස් තරගය ප්‍රමාද කිරීමට උපදෙස් ලබා දුන්නේ කව්රුන්ද යන්න වෙනම පරීක්ෂණයක් කොට සොයා ගත යුතුව ඇත. අවසානයේ අයි.සී.සී.ය විසින් සිදු කල මේ සියලු ක්‍රියාකාරකම් සඳහා සහයෝගය සැපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ ඔහු විසින් පත්කළ තේරීම් කමිටු සභාපතිවරයා ඉන්දීය න්‍යාය පත්‍රය අකුරටම ඉෂ්ට කරමින් නැවත චන්දිමාල් කණ්ඩායමට පැමිණෙන විට තමන්ට හැසිරවිය හැකි නායකයෙකු අලුතින් පත්කර ගෙන කිසිවෙකුටත් නොදැනෙන පරිදි දැන් ඔහුව තරගාවලියෙන් තරගාවලියට ස්ථීර කර ගනිමින් සිටියි. මේ සියලු සිදුවීම් හී වාසිය ඉන්දියාවට ලැබෙන්නේ 2019 ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ තරගයකදීය. තමන්ට පාලනය කළ හැකි, මුදලට විකිණෙන සභාපතිවරයෙකු හා නායකයෙකු සිටින කණ්ඩායමකට එරෙහිව අවශ්‍ය ඕනෑම මොහොතක තරගයක් ජයග්‍රහණ කල හැකි බව ඉතිහාස අත්දැකීම් තුලින්ද ඉන්දියාව හොඳින්ම දනී.

මා එසේ වත්මන් නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට එරෙහිව ඇඟිල්ල දිගු කරන්නේ සහේතුකවය. 1996 වසරේ, අප රටට ලෝක කුසලානය ලබාදුන් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් මීට ටික කලකට පෙර මැතිව්ස්ට ප්‍රසිද්ධියේ එල්ල කළ තරග පාවා දීමේ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්ද නොමැතිව තිලංග සුමතිපාල සහ ග්රැහැම් ලැබ්රෝයි ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කලකට පෙර ඉල්ලා අස්වූ නායකයා යලි නායකත්වයට පත් කර ඇත. තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාව සිටින තාක් කල් ඇන්ජෙලෝ මැතිව්ස්ට එරෙහිව තරග පාවා දීමේ චෝදනාද විභාග නොකෙරෙනු ඇත. එයින් අපට ගම්‍ය වන පරිදි, ක්‍රිකට් ආයතන සභාපතිවරයාද ඒ සඳහා හවුල් වී ඇත්දැයි යන්න යමෙකුට සිතීමට ද අවකාශ ඇත. එම චෝදනාවන්ගේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තවමත් කිසිවෙකුත් හරිහැටි නොදන්නා නමුත්, එම චෝදනාවන් සත්‍ය යැයි උපකල්පනය කිරීම පමණක් කළහොත් එම ක්‍රීඩකයා අපගේ ජාතික කණ්ඩායම යලි යලිත් මෙහෙය වීමේ වගකීම භාර ගන්නවාට ඔබ එකඟ වන්නේද? කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙකු වුවත් රටට ද්‍රෝහී වී වරදක් සිදුකර ඇත්නම් ඔහු විසින් දඬුවම් විඳිය යුතුමය. එබැවින් ඒ පිළිබඳව ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ නොවන පිටස්තර ආයතනයක් මගින් සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කල යුතුව ඇත.

මෙම ලිපියෙහි මීළඟ කොටසට පිවිසෙන්න

ඔබ කියවූ මෙම කොටස මෙම ලිපි මාලාවේ තෙවන කොටසයි.

මෙම ලිපි මාලාවට අදාළ සියලු කොටස් වලට පිවිසිය හැකි links පහත දැක්වේ.

පළමු කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868975

දෙවන කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868974

ඔබ දැන් රැඳී සිටින තෙවන කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868973

සිවුවෙනි කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868972

[QUOTE="cricket pissa, post: 23638635, member: 568795"] [b]අපේ ක්‍රිකට් වල ඇත්ත-අති විශේෂ අනාවරණය(3)[/b] [SIZE="3"]"අපේ Cricket පිලිබඳව ඇත්ත" අනාවරණය කෙරෙන, මේ මොහොතේ, ඔබ විසින් කියවිය යුතුම වන, [COLOR="Red"][B]දෙවන ලිපියෙහි පළමු කොටස[/B][/COLOR]. සියලු පිටු කියවා share කර, සියල්ලන් දැනුවත් කිරීම තුලින් අපේ Cricket බේරාගැනීමට ඔබත් එක් වන්න. Unveiling the Truth about SL Cricket.[/SIZE] [B][U][SIZE="7"]වත්මන් ක්‍රිකට් පරිපාලනය පිළිබඳව සත්‍යය (ලිපි අංක 02)[/SIZE][/U][/B] [B][U][SIZE="6"] ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණ සහ අක්රමිකතාවයන් සම්බන්ධවයි.[/SIZE][/U][/B] [SIZE="3"]"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය" සහ එහි වත්මන් පරිපාලකයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් සිදුවූ සහ සිදු වෙමින් පවතින, කිසිවෙකුත් නොසිතන,නොපතන ආකාරයේ සුවිශේෂි සිද්ධි දාමයක් පිළිබඳව මෙම විශේෂ ලිපිය මගින් අනාවරණය කිරීම පිණිස අවස්ථාව සහ අවසරය පතමි. එළඹෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයේ විකාශන අයිතිය ජාත්‍යන්තර ක්‍රීඩා නාලිකාවකට ලබාදීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් තම පෞද්ගලික බැංකු ගිණුමක තැම්පත් කරවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්රමුඛ නිලයක් දරන පුද්ගලයෙකු උත්සහා දරා එම නාලිකාව විසින් එය හෙලිකල මොහොතක, මා මෙම ලිපිය ලියමි. පෙර කිසි දිනෙක නොවූ විරූ ලෙස, ජාත්‍යන්තර තරග කෙසේ වෙතත්, දේශීය පිටියේ තරග වල පවා සිදුවූ මුදලට තරග පාවාදීම් "අල්ජසීරා" නාලිකාව විසින් වීඩියෝ සාක්ෂි සහිතව ඔප්පු කොට ඇතත් ඒ සඳහා කිසිදු නිසි ආකාර පරීක්ෂණයක් හෝ විනය ක්‍රියා මාර්ගයක් නොමැති මොහොතක, මා මෙම ලිපිය ලියමි. වත්මන් ජාතික ක්‍රිකට් පිලේ නායකයාට මුදලට තරග පාවා දීම් පිළිබඳව චෝදනා ඇති මුත්, අපක්ෂපාති, නිසි පරීක්ෂණයකින් තවමත් ඔහුව නිදොස් කොට නිදහස් කර නොමැති මොහොතක, මා මෙම ලිපිය ලියමි. පසුගියදා නිමාව දුටු නිදහස් කුසලාන තරගාවලිය අතර තුර ක්‍රිකට් ආයතනයේ මුදලින් හෝටල් වල සැප විඳි ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරීයා පිළිබඳව මේ වන තෙක් කිසිදු අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නොමැති මොහොතක මා මෙම ලිපිය ලියමි. සඳහන් කිරීමට තවත් දූෂණ සහ අක්‍රමිකතා රාශියක් සහිත, මේ වන විට ශ්‍රී ලංකාවේ දුෂිතම ආයතනය වී ඇති "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය" පෙර නොවූ විරූ ලෙස එතරම් දූෂිත තත්වයට පත් වුයේ කෙසේද? මුදල් වෙනුවෙන් ඕනෑම ආකාරයක ජඩ වැඩක් සිදුකරන මට්ටමක සිටින, සූදු ව්‍යාපාරය තම ප්රමුඛ ජීවිකාව කොටගත් දූෂිත පාලකයින් පාලනය කරන ආයතනයක් එම තත්වයට ඇද නොවැටී තිබුනහොත් නම් එය පුදුමයකි. මුදල් යහමින් අතමිට ගැවසෙන නිසා විවිධාකාර වූ අල්ලස් ලබා දීම් මගින් නිලවරණයෙන් තේරී පත් වන, මෙවැනි ජරාජීරණ වූ පුද්ගලයින් එම තනතුරු වලට පත්වන පරිදි සැකසුනු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ව්‍යුහය යලි නිවැරදි ආකාරයෙන් සැකසෙන්නේ කවදාද? වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් විශාල සූදුවක්දැයි මෙය කියවන ඔබ හට අදහාගත නොහැකි වන තරමටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාගේ සහ ඔහු වටා සිටින ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අතිශයින්ම පිළිකුල් සහගතය. රටම දන්නා පරිදි වත්මන් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සූදු ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාරිකයෙකි. එමෙන්ම දේශපාලකයෙකි. ඇස් පනාපිටම පෙනෙන්නට තිබෙන පරිදි, 2016 දී එතුමා අවසන් වරට එම තනතුරට පත්වීමෙන් අනතුරුව අපගේ ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන් රැල්ල ආරම්භ වූයේ යැයි බොහෝ දෙනෙකුගේ අදහසයි. තමාට එරෙහිව කිසිවෙකු චෝදනාවක් එල්ල කරනා විට පෙරලා එම පුද්ගලයාටම එරෙහිව බොරු චෝදනාවක් නිර්මාණය කර මඩ ගැසීමට උපන් හපන් හැකියාවැති, එතුමාගේ ඉන්දීය ගැති ක්‍රියාකලාපය, මේ වන තෙක් ඔබ නොදන්නා, එහෙත් මෙම ලිපිය කියවීමෙන් පසු ඔබ දැනගන්නා, මෙහි සඳහන් සියලු සිදුවීම් වලට වස්තු බීජය වී ඇත. ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ද සභාපති තනතුර හොබවන වත්මන් සභාපතිවරයා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර බලාපොරොත්තුවෙන් සහ ඉන්දීය මුදලට සහ වරප්‍රසාදයට යටවී රට පාවාදී ඇති බව සාධාරණ නිරීක්ෂණයන් සමඟින් මෙම ලිපිය මගින් තහවුරු කෙරේ. අප ඉපිද මියයන, මේ ලක් මවු දෙරණට අපගේ ඇති ණය පියවීමට නම්, මෙහි සඳහන් කරුණු පිළිබඳව පරීක්ෂණ පවත්වා සත්‍ය රටට අනාවරණය කිරීම සහ වැරදිකරුවන්ට දඬුවම් ලබා දී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව යලි නිවැරදි මගට ගැනීම ඔබ අප සැමගේ යුතුකම හා වගකීම වේ. 2007 වර්ෂයේ 20/20 ලෝක කුසලානයෙන් ඇරඹි ඉන්දීය ක්‍රිකට් යටත් විජිත වාදය, මේ වන විට මෙතරම්ම ඔඩු දුවා තිබීමට හේතූන් ලෙස 2008 වර්ෂයේ ආරම්භ වූ අයි.පී.එල් තරගාවලියත්, ඒ හා සමඟ මේ වන විට ක්‍රිකට් ලොව සැරි සරන මුදල්වලින් විශාල ප්‍රතිශතයක් ඉන්දීය මුදල් වීමත්, මේ වන විට අයි.සී.සී. හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැදගත් තනතුරු රැසක් ඉන්දීය ජාතිකයන් විසින් දරනු ලැබීමත්, අනෙකුත් සාමාජික රටවලට සාපේක්ෂව එහි තීරණ ගැනීමේ බලයේ වැඩි ප්‍රතිශතයක් ඉන්දියාවට හිමිවීමත් ගෙන හැර දැක්විය හැක.එමෙන්ම බොහෝවිට අයි.සී.සී.ය වනාහි ඩුබායි හි පිහිටි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ම අතුරු ශාඛාවක්ද යැයි සිතෙන තරමටම අයි.සී.සී.ය විසින් ඉන්දියාවේ අවශ්‍යතාවයන් ඉටුකරමින් සිටියි. එහි ආසන්නතම උදාහරණය ලෙස අයි.සී.සී.ය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තම මුදල් සහ නිල බලයෙන් ලෙහෙසියෙන්ම පාලනය කල හැකි වන තිලංග සුමතිපාල පාලනයක් තවදුරටත් (අවම වශයෙන් 2019 ලෝක කුසලානය අවසන් වන තුරු හෝ) ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුල පවත්වා ගැනීම පිණිස, ඉදිරියේදී පත් විය හැකි, තම පාලනයට යටත් නොවිය හැකි අතුරු කමිටුවක් පත් කරනවාට විරුද්ධව විවිධ නීති රෙගුලාසි (ශ්‍රීලංකාවේ අයි.සී.සී. සාමාජිකත්වය අහිමි කරනවා වැනි තර්ජනද සමඟ) පනවමින් ලෝක කුසලානයට පෙර කෙසේ හෝ නිලවරණය පවත්වාගෙන, තමන්ට විකිනෙන, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමද තමන්ට අවශ්‍ය පරිදි හැසිරවිය හැකි "යතුර" වන තිලංග සුමතිපාලව තව දුරටත් එම පුටුවෙහිම තැබීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බල කරමින් සිටියි. මෙම යථාර්ථය සමාජයේ බොහෝ පිරිස් නොදන්නා පසුබිමක ඉන්දියාව විසින් වත්මනෙහි ලෝකයේ මතුවන බොහෝ දක්ෂ ක්‍රීඩකයන් තම මවු රටට ක්‍රීඩා කරනවාට වඩා මුදල් වෙනුවෙන් අයි.පී.එල්. ක්‍රීඩා කිරීම උතුම් යන මානසික ව්‍යාධිය ක්‍රීඩකයන් තුළ ජනිත කරවා ඇත. එම ඉන්දීය උගුලට තවමත් විශාල වශයෙන් හසු නොවූ රටවල් දෙකක් ලෙස එංගලන්තය සහ පකිස්ථානය හැඳින්විය හැක. 1947 සිට තම රට දෙකට කඩා බිහිවූ නව රට වන පකිස්ථානය සමග ඉන්දියාවේ ඇති වෛරය, පාකිස්තාන ක්‍රීඩකයින් වැඩි වශයෙන් අයි.පී.එල් ක්‍රීඩා නොකිරීමට හේතුවක් වුවත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අයි.පී.එල්. මගින් ක්‍රීඩකයන්ට සිදුවන හානිය සහ ලෝක කුසලානය වැනි වැදගත් තරගාවලියකදී අයි.පී.එල්. කණ්ඩායම් හිමි ඉන්දීය ව්‍යාපාරික මුදල් නිසා ඉන්දියාව විසින් තම රටෙහි ක්‍රීඩකයන්ට තරග පාවා දීම කෙරෙහි ඇති කළ හැකි බලපෑම පිළිබඳව හොඳින්ම අවබෝධ කරගෙන අයි.පී.එල් ක්‍රීඩාකරන තම රටෙහි ක්‍රීඩකයන් ඍජුව සහ වක්‍රව (එම කාලසීමාවේ වෙනත් ජාත්‍යන්තර තරගාවලි යොදාගැනීමෙන්) සීමා කර ඇත. එහෙත් ලෝකයේ අනෙකුත් සියලුම කණ්ඩායම් වල දක්ෂතම ක්‍රීඩකයන් අයි.පී.එල්. මුදල වෙනුවෙන් අප්‍රේල් සහ මැයි මාසවලදී තම ඉන්දීය ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියි. පෙර සඳහන් කල පරිදි මෙහි භයානකම බලපෑම වන්නේ ඉන්දීය ක්‍රීඩා සමාජයේ අයිතිකරුවන් හට එම ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට අවශ්‍ය ඕනෑම මොහොතක මුල්‍යමය බලපෑමක් හෝ අල්ලසක් මගින් තරඟ පාවා දීමට පොළඹවා ගත හැකි වීමයි. මෙම විනාශකාරී තත්ත්වය මුලින්ම අවබෝධ කරගත් තැනැත්තකු වේ නම්, ඒ අපේ රටට ලෝක කුසලානය ලබා දුන් නායකයා වන අර්ජුන රණතුංග මහතායි. දශකයක් තිස්සේ අර්ජුන රණතුංග මහතා විසින් අපේ රටේ ක්‍රීඩකයන්ට අයි.පී.එල්. ක්‍රීඩා කරවීමට තහංචි පනවමින්, විවේචනය කරමින් ගෙනගිය සටන තේරුම් ගැනීමට අපේ රටේ ක්‍රීඩකයන්,පරිපාලකයන් හෝ සාමාන්‍ය මහජනතාව තවමත් බුද්ධියෙන් මුහුකුරා ගොස් නැති බව මාගේ හැඟීමයි. ඉන්දීය මුදලට යට නොවී, අයි.පී.එල්. ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කල, අපේ රටෙන් සැපයිය හැකි ප්‍රමුඛතම උදාහරණයක් ලෙස, දිනේෂ් චන්දිමාල් මේ වන විට ලෝකයටම ආදර්ශයක් සපයා ඇත. මා මෙහිදී දිනේෂ් චන්දිමාල් පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කිරීමට හේතු වූ කාරණාව වන්නේ පසුගිය මාසය වන තෙක්ම අපගේ එක්දින කණ්ඩායමේ නායකත්වය හොබවනු ලැබුවේ ඔහු වන බැවිනි. ඉන්දීය ගැති නොවන, ඉන්දීය මුදල් බලයට යට නොවූ ක්‍රීඩකයෙකු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීම, ඉන්දියාව විසින් නුරුස්සයි. තත්වය එසේ නම් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් දැරීම කෙසේ හෝ ඉන්දියාව විසින් නතර කල යුතු විය. ඒ සඳහා දියත් කල යුතුව තිබු කුමන්ත්‍රණය පසුගිය බටහිර ඉන්දීය කොදෙව් දේශ සංචාරයේදී දිනේෂ් චන්දිමාල් වරදට පෙළඹෙන පරිදි කෘතිමව ඇති කල තත්වයක් තුලින් සුළු වරදකට ඔහුව පොළඹවාගෙන, ඉන් අනතුරුව බොහෝ දෙනෙකුට අදහාගත නොහැකි ආකාරයේ අරුම පුදුම අයි.සී.සී. දඬුවමක් සමඟ දිනේෂ් චන්දිමාල්ට නායකත්වය පවා අහිමි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා ඉන්දියාව කටයුතු කල බව මා මෙහිදී ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඩුබායි ශාඛාව හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී දිනේෂ් චන්දිමාල් නායකත්වයෙන් පහකිරීම සඳහා සිදුකල ක්‍රියාන්විතය පිලිබඳව සෙසු ලෝකයාට සැක නොසිතෙන පරිදි, නායක දිනේෂ් චන්දිමාල් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහවද තරඟ තහනමට ලක් කළේය. එලෙස එදින දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායම සමඟ පිටියට නොගොස් තරගය ප්‍රමාද කිරීමට උපදෙස් ලබා දුන්නේ කව්රුන්ද යන්න වෙනම පරීක්ෂණයක් කොට සොයා ගත යුතුව ඇත. අවසානයේ අයි.සී.සී.ය විසින් සිදු කල මේ සියලු ක්‍රියාකාරකම් සඳහා සහයෝගය සැපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ ඔහු විසින් පත්කළ තේරීම් කමිටු සභාපතිවරයා ඉන්දීය න්‍යාය පත්‍රය අකුරටම ඉෂ්ට කරමින් නැවත චන්දිමාල් කණ්ඩායමට පැමිණෙන විට තමන්ට හැසිරවිය හැකි නායකයෙකු අලුතින් පත්කර ගෙන කිසිවෙකුටත් නොදැනෙන පරිදි දැන් ඔහුව තරගාවලියෙන් තරගාවලියට ස්ථීර කර ගනිමින් සිටියි. මේ සියලු සිදුවීම් හී වාසිය ඉන්දියාවට ලැබෙන්නේ 2019 ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ තරගයකදීය. තමන්ට පාලනය කළ හැකි, මුදලට විකිණෙන සභාපතිවරයෙකු හා නායකයෙකු සිටින කණ්ඩායමකට එරෙහිව අවශ්‍ය ඕනෑම මොහොතක තරගයක් ජයග්‍රහණ කල හැකි බව ඉතිහාස අත්දැකීම් තුලින්ද ඉන්දියාව හොඳින්ම දනී. මා එසේ වත්මන් නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට එරෙහිව ඇඟිල්ල දිගු කරන්නේ සහේතුකවය. 1996 වසරේ, අප රටට ලෝක කුසලානය ලබාදුන් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් මීට ටික කලකට පෙර මැතිව්ස්ට ප්‍රසිද්ධියේ එල්ල කළ තරග පාවා දීමේ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්ද නොමැතිව තිලංග සුමතිපාල සහ ග්රැහැම් ලැබ්රෝයි ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කලකට පෙර ඉල්ලා අස්වූ නායකයා යලි නායකත්වයට පත් කර ඇත. තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාව සිටින තාක් කල් ඇන්ජෙලෝ මැතිව්ස්ට එරෙහිව තරග පාවා දීමේ චෝදනාද විභාග නොකෙරෙනු ඇත. එයින් අපට ගම්‍ය වන පරිදි, ක්‍රිකට් ආයතන සභාපතිවරයාද ඒ සඳහා හවුල් වී ඇත්දැයි යන්න යමෙකුට සිතීමට ද අවකාශ ඇත. එම චෝදනාවන්ගේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තවමත් කිසිවෙකුත් හරිහැටි නොදන්නා නමුත්, එම චෝදනාවන් සත්‍ය යැයි උපකල්පනය කිරීම පමණක් කළහොත් එම ක්‍රීඩකයා අපගේ ජාතික කණ්ඩායම යලි යලිත් මෙහෙය වීමේ වගකීම භාර ගන්නවාට ඔබ එකඟ වන්නේද? කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙකු වුවත් රටට ද්‍රෝහී වී වරදක් සිදුකර ඇත්නම් ඔහු විසින් දඬුවම් විඳිය යුතුමය. එබැවින් ඒ පිළිබඳව ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ නොවන පිටස්තර ආයතනයක් මගින් සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කල යුතුව ඇත. [/SIZE] [B][I][SIZE="4"]මෙම ලිපියෙහි මීළඟ කොටසට පිවිසෙන්න[/SIZE][/I][/B] [SIZE="3"]ඔබ කියවූ මෙම කොටස මෙම ලිපි මාලාවේ තෙවන කොටසයි. මෙම ලිපි මාලාවට අදාළ සියලු කොටස් වලට පිවිසිය හැකි links පහත දැක්වේ.[/SIZE] [SIZE="3"]පළමු කොටස - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868975"]http://www.elakiri.com/forum/showthread.php?t=1868975[/URL] දෙවන කොටස - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868974"]http://www.elakiri.com/forum/showthread.php?t=1868974[/URL] [COLOR="Magenta"]ඔබ දැන් රැඳී සිටින තෙවන කොටස[/COLOR] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868973"]http://www.elakiri.com/forum/showthread.php?t=1868973[/URL] සිවුවෙනි කොටස - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868972"]http://www.elakiri.com/forum/showthread.php?t=1868972[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom