Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
අපේ ක්‍රිකට් වල ඇත්ත - අති විශේෂ අනාවරණය(4 කො&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ක්‍රිකට් වල ඇත්ත-අති විශේෂ අනාවරණය(4)

"අපේ Cricket පිලිබඳව ඇත්ත" අනාවරණය කෙරෙන, මේ මොහොතේ, ඔබ විසින් කියවිය යුතුම වන, දෙවන ලිපියෙහි දෙවන කොටස. සියලු පිටු කියවා share කර, සියල්ලන් දැනුවත් කිරීම තුලින් අපේ Cricket බේරාගැනීමට ඔබත් එක් වන්න. Unveiling the Truth about SL Cricket.

ලිපියෙහි පෙර කොටසින් ඉදිරියට.(මෙය මෙම ලිපි මාලාවේ අවසන් කොටසයි.)

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, තිලංග සුමතිපාල මහතා ඉන්දියාවට වහල් ගැතිකම් කිරීම කොපමණද යන්න පෙන්වීම සඳහා තවත් සුප්‍රසිද්ධ උදාහරණයන් රාශියක් ඇත. අපේ රටේ ගම්බද පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අඩු පාඩු ලැයිස්තුව අහස උසට ඉහල නැග පවතින මෙවන් සමයක, ඉන්දියාවෙන් ලකුණු දමා ගැනීමට සහ තම ප්‍රතිරූපය ඉන්දියාව ඉදිරියේ වැඩි දියුණු කරගැනීම පිණිස, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ජග්මෝහන් දල්මියා මහතා වෙනුවෙන් අපේ රටේ ක්‍රිකට් ආයතනයේ මුදල් වලින්ම පොතක් මුද්‍රණය කර බෙදා හැරීම සහ අනුස්මරණ උත්සව පැවැත්වීම තුලින් මෙන්ම ජග්මෝහන් දල්මියා මහතා වෙනුවෙන් සුමතිපාල මහතා විසින් සිදුකළ අනුස්මරණ දේශනය තුලින්ද, සුමතිපාල මහතාගේ ඉන්දීය ගැති බව පිළිබඳව මැනවින් වටහා ගත හැක. මාධ්‍ය මගින් එය ප්‍රශ්න කරන විටදී, ඔහු විසින් එම පොත මුද්‍රණය කිරීම සහ උපහාර පැවැත්වීම සාධාරණීකරණය කරන ලද්දේ, දල්මියා මහතා විසින් 1996 වසරේ ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවට එවූ නිසා ඔහුට කෘතගුණ සැලකිය යුතු වූ බවයි. ඉන්දියාවේ විසූ, අප නොදන්නා දල්මියාට පෙර, අප විසින් කෘතගුණ සැලකිය යුතු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට අනුපමේය සේවයක් කල පිරිස කොතෙක්දැයි කියා නිම කල නොහැක. 1982 වසරේ අප රටට ටෙස්ට් තත්වය ලබා ගන්නට අපමණ වෙහෙස වූ මෙන්ම තම පාසලට අයත් ඉඩම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් බවට පත් කොට, අස්ගිරිය ක්‍රීඩාංගනය නිර්මාණය කිරීමෙන්, කන්ද උඩරටට ජාත්‍යන්තර ක්‍රිකට් රැගෙන ගොස්, සංගලා මුරලිලා මෙන්ම දික්වැල්ලලා ලහිරු කුමාරලා පවා බිහිවීමට මග පෑදූ, ගාමිණී දිසානායක මහතා වෙනුවෙන් අප පවත්වා ඇති උපහාර උත්සවයක් තිබේද? තමාගේ ඉන්දීය ගැති බව නිසාම, පසුගිය වසරේ කල්කටාවේ පැවති දල්මියා අනුස්මරණ දේශනය පැවැත්වීමට සුමතිපාල මහතාව බෙන්ගාල ක්‍රිකට් සම්මේලනය (ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනු ශාඛාවකි) විසින් ආරාධනා කල පලියට සුමතිපාල මහතා විසිනුත් රටේ මුදල් විනාශ කරමින් පෙරලා ප්‍රති උපහාර උත්සව පැවැත්විය යුතු වන්නේද?

මීට ටික කලකට පෙර පැවැත්වූ, ප්‍රධාන අයි.සී.සී. ලෝක තරගාවලියක් ආසන්නයේදී ඉන්දීය න්‍යාය පත්‍රයට අනූව යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක චෝදනා එල්ල කරමින්, ඔහුට එම තරගාවලිය අහිමි කරමින්, එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල කිරීමට අයි.සී.සී.ය ගත් උත්සාහය ඇතැම් විට ඔබගේ මතකයෙන්ද පහව ගොස් නැති වීමට පිලිවන. එම සංසිද්ධිය ව්‍යාජයක් බව මේ වන විට අයි.සී.සී.ය විසින්ම පිළිගෙන ඇති මොහොතක, බොරු චෝදනාවක් නිසා කුසල් ජනිත්ට අහිමි වූ එම වටිනා තරගාවලිය, කාලය සහ කීර්ති නාමය වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා සුමතිපාල මහතා විසින් මේ වන තෙක් සිදු කර ඇත්තේ කුමක්ද? ක්‍රීඩකයින්ගේ ක්‍රිකට් ජීවිත සමඟ සූදුවෙහි යෙදෙමින්, සුමතිපාල මහතා විසින් මෙහෙය වන අදුරදර්ශී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, පසුගිය දේශීය තරගාවලියකදී, තරග පාවා දුන්නා යැයි චෝදනාවට ලක් වූ කණ්ඩායමක නායකයා වූ පලියට, කැකිල්ලේ නඩු තීන්දුවක් ලබා දෙමින්, නිකරුනේ චෝදනා එල්ල කර දඬුවම් කරන ලද, චාමර සිල්වා වැනි ක්‍රීඩකයින් වෙනුවෙන්ද මේ වන තුරු ඔහු විසින් සිදු කල කිසිදු සාධාරණයක් නොමැත.

එමෙන්ම අපේ රටේ සාමාන්‍ය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඉන්දියානු කණ්ඩායමට කොතරම් අකමැති වුවත්, සුමතිපාල මහතාගේ ළඟම සගයා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වීම වරදක් නොවන තත්වයක් වන නමුත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හදිසි උවමනාවට ඉඩ දෙමින් පසුගිය වසරේදී ඉන්දියාවට එරෙහිව සම්පූර්ණ තරගාවලියම පරාජය වී සිටි අප ශ්‍රී ලංකා කණ්ඩායම, යලිත් පරාජය උරුම කරගන්නා බව දැන දැනම, ඉන්දීය මුදලට ගිජු වී, නැවත වතාවක් මාසයක් ඇතුලත ඉන්දියාව සමග ක්‍රීඩා කරවීමට සලස්වා ක්‍රීඩකයින්ගේ මානසිකත්වයත්, රටෙහි ගෞරවයත් බින්දුවටම ඇද දැමුවේද සුමතිපාල මහතාමය. වෙනත් රටක පාලක මණ්ඩල සභාපතිවරයෙකු නම් තම ක්‍රීඩකයින් ආරක්ෂා කර ගැනීම සහ ජයග්‍රාහී මානසික මට්ටම පවත්වා ගැනීම උදෙසා මසකට පෙර ක්‍රීඩා කර මුළු තරගාවලියම පරාජය උරුම කර දුන් කණ්ඩායමකට එරෙහිව තරගාවලි සංවිධානය කොට යලිත් ක්‍රීඩකයින් සහ කණ්ඩායම පරාජය වීමට බිල්ලට දෙන්නේ නැත.එවැනි සභාපති වරයෙකු ලෝක කුසලාන තරගයකදීද, මුදලට ගිජු වී, රට පාවාදීම සිදු නොකරයි යැයි ඔබට සිතිය හැකිද යන්න දෙවරක් සිතා බලන්න. ඉන්දියාවට එරෙහිව පැවැත්වූ එම දෙවන තරගාවලිය අවසානයේදී ඔහු විසින් මාධය ඉදිරියේ පාරම් බෑවේ තම ආයතනය එම තරගාවලියෙන් ඉතා විශාල මුදලක් ඉපයූ බවය. ක්‍රීඩකයින් හෝ මවුබිම බිල්ලට දීමෙන් හෝ ව්යාපාරානුසාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ගැනීම ඔහුගේ එකම අරමුණ වී තිබේ.

මෑතකදී පවත්වා නිමාව දුටු නගරාන්තර 20/20 තරගාවලිය සම්බන්ධයෙන් සුමතිපාල මහතාගේ කෙරුම් පිළිබඳවද නොකියාම බැරිය. ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ආරම්භයෙන් සිවු වසරකට පසු එනම් 2012 වර්ෂයේදී එවකට සිටි ක්‍රිකට් ආයතන පාලකයින් විසින් ඉන්දීය ප්‍රීමියර් ලීග් ආකෘතියට සමාන අයුරින්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සහ ජාත්‍යන්තර පුහුණුකරුවන්ද සහිතව කණ්ඩායම් 7ක සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අති සාර්ථක අයුරින් පවත්වන ලදී. (ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් විකිපීඩියා වෙබ් අඩවියේ https://en.wikipedia.org/wiki/Sri_Lanka_Premier_League යන ලින්ක් එක මගින් ලබා ගත හැක.) එහෙත් වසර 6ක් ගතවන තුරුත් එහි දෙවන තරගාවලිය පවත්වාගැනීමට නොහැකි වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලැජ්ජා විය යුතුය. නමුත් කයිවාරුවෙහි සමත්කම් දක්වන සුමතිපාල මහතා පැවැසුයේ, මෙම වසරේදී, එහි දෙවන තරගාවලිය, රසල් අර්නොල්ඩ්ගේ අධ්යක්ෂකත්වයෙන් කෙසේ හෝ පවත්වන බවයි. එහෙත් නිසි කළමනාකාරිත්වය සහ සංවිධාන ශක්තිය හීන වූ වත්මන් ක්‍රිකට් ආයතන පාලකයින් විසින්, අවසානයේ රටට දායාද කල තරගාවලිය වුයේ, මුල් අදියර රුපවාහිණී නාලිකාවක වත් ප්‍රදර්ශනය කරගැනීමට හැකි නොවූ, ප්රේක්ෂකාගාර හිස්ව පැවති, හතරේ සීමාව මීටර් 15කින් පමණ පිටිය තුලට ගෙනගිය, කණ්ඩායම් 4ක් පමණක් සහභාගී වූ නගරාන්තර 20/20 තරගාවලියයි.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් එම නගරාන්තර තරගාවලිය විවේචනය කරන ලද්දේ එහි අඩු පාඩුද පෙන්වා දෙමිනි. ඔහු පෙන්වා දුන් පරිදි එහි මුලිකම අඩුව වුයේ කණ්ඩායම් ගණන 4ක් පමණක් වීමයි. ඒ හේතුවෙන් කණ්ඩායමකට 11 දෙනා බැගින් කණ්ඩායම් 4හිම ක්‍රීඩා කල හැකි උපරිම ක්‍රීඩකයින් ගණන 44ක් වූ අතර තරග පැවැත්වෙන අතරතුර බංකුවේ සිටි ක්‍රීඩකයින් ගණන 40කි (කණ්ඩායමකට 10 බැගින්). කණ්ඩායම් ගණන තව වැඩි වුයේ නම් බංකුවේ සිටින ක්‍රීඩක පිරිස අඩු කොට තරගාවලිය තවත් ඵලදායී කරගැනීමට තිබූ බව මහේල විසින් පෙන්වා දෙනු ලැබීය. එහෙත් සුමතිපාල මහතා විසින් කණ්ඩායම් 4ක තරගාවලියක් පැවැත්වූ සැබෑ හේතුව දන්නේ ඉතා අතලොස්සක පිරිසක් පමණි.

සුමතිපාල මහතාගේ දේශපාලන මතවාදය සහ හැසිරීම මා හට කිසිසේත්ම අදාළ කාරනාවක් නොවන නමුත් නිර්දේශපාලනික සහ නිර්පාක්ෂික ලියුම්කරුවෙකු ලෙස මා විසින් මෙහිදී සිදු වූ සත්‍ය සිදුවීම පමණක් සඳහන් කිරීමට කැමැත්තෙමි. 2015 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට තරග කොට පරාජයට පත්වී, ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පිහිටෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වන එතුමා පසුගියදා විපක්ෂයට සංක්‍රමණය වීම පිණිස තමා දැරූ නියෝජ්‍ය කතානායක ධුරයෙන්ද ඉවත් වුවද වසර තුනක් මුළුල්ලෙහි ඔහු විසින් ක්‍රිකට් ක්‍රීඩාවටද ඇඳාගත් දේශපාලනික කාරනා බොහෝමය. එයින් ප්‍රධානතම කාරනාව වන්නේ 2011 සිට 2015 දක්වා බොහෝ එක්දින තරගාවලි පැවැත්වූ ක්‍රීඩාංගන තුන වන (2011 ලෝක කුසලානය වෙනුවෙන් එවකට පැවතී රජය විසින් සංවර්ධනය කරන ලද ක්‍රීඩාංගන 3) කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ හම්බන්තොට ක්‍රීඩාංගන තුන වෙනුවට, හම්බන්තොට ක්‍රීඩාංගනය එම ලැයිස්තුවෙන් කපා දමා, දඹුලු ක්‍රීඩාංගනය එම ලැයිස්තුවට ඇතුලත් කිරීමයි. ඒ අනුව 2015 සිට මේ වන තෙක්ම එක්දින ක්‍රිකට් තරග පවත්වන්නේ කොළඹ,පල්ලෙකැලේ සහ දඹුල්ලේය. 2011 සිට 2015 දක්වා වකවානුව තෙක් දඹුලු ක්‍රීඩාංගනයට වඩා හම්බන්තොට ක්‍රීඩාංගනයට ප්‍රමුඛතාවය ලැබුණු දේශපාලනික කාරනා මෙම ලියුම්කරුට අදාළ නැති මුත් එම ක්‍රීඩාංගනය 2011 ලෝක කුසලානය වෙනුවෙන්ම සංවර්ධනය කර තිබීම නිසා එලෙස වැඩි ජාත්‍යන්තර තරග ප්‍රමාණයක් එයට ලැබීමේ කාරණය යම්තාක් දුරකට සාධාරණීකරණය කල හැක. එහෙත් 2015 වර්ෂයේ සිට හම්බන්තොට ක්‍රීඩාංගනය දඹුලු ක්‍රීඩාංගනයෙන් වැසී යාම හුදෙක්ම දේශපාලනික කාරනාවකි. සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොර වීමයි. මෙවර නගරාන්තර 20/20 තරගාවලිය සඳහා කණ්ඩායම් නිර්මාණය කිරීමේදී නිර්ණායක ලෙස ජාත්‍යන්තර ක්‍රීඩාංගන පවතින නගර සලකා බැලූ අතර එම නගරයන් වුයේ කොළඹ,මහනුවර,ගාල්ල,හම්බන්තොට සහ දඹුල්ලයි. එහෙත් ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් බංකුවේ සිටීමට සිදුවීම පවා නොතකා එම නගර 5 වෙනුවෙන් කණ්ඩායම් 5ක් යොදනවාට වඩා හම්බන්තොට කපා හැර දඹුල්ල ඉස්මතු කරවීම පිණිස කණ්ඩායම් 4ක් පමණක් යොදාගත යුතු බව සුමතිපාල මහතා තීරණය කරන ලදී. නගරාන්තර 20/20 තරගාවලියට කණ්ඩායම් 4ක් පමනක් ක්‍රීඩා කර ක්‍රීඩකයින් 40කට අධික ප්‍රමාණයකට බංකුවට වී තරග දෙස බලා සිටීමට සිදුවූ සත්‍ය සිදුවීම එයයි.

මහේල ජයවර්ධන විසින් නගරාන්තර 20/20 තරගාවලිය පිලිබඳ පැවසු අනෙක් අදහස වුයේ ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් රැසක් තරගාවලියට නම් නොකිරීම නිසා ඔවුන්ගෙන් කනිෂ්ට ක්‍රීඩකයින්ට උගත හැකිව තිබු පාඩම් සහ අත්දැකීම් රැසක් මගහැරුණු බවයි. ජාත්‍යන්තර පිටියේ බොහෝ විට සාර්ථක කණ්ඩායම් බිහිවන්නේ මේ දෙපිරිසගේම මනා වූ සුසංයෝගයකින් පමණි. එමෙන්ම ග්රැහැම් ලැබ්රෝයි විසින් ජාත්‍යන්තර තරග තීරකයෙකු ලෙස කටයුතු කරමින්ම, අත්තනෝමතික ලෙස ජාතික කණ්ඩායමද තෝරන ආකාරයෙන්ම, නගර කණ්ඩායම්ද කඩිමුඩියේ තේරීම මහේලගේ විවේචනයට ලක්විය. ජාතික කණ්ඩායම තෝරන තේරීම් කමිටුව සෙසු කණ්ඩායම් තේරීමෙන් වැලකී සිටිය යුතු වන බව මහේලගේ අදහස විය. එලෙස නගරාන්තර 20/20 තරගාවලියෙන් අත්තනෝමතිකව කපා දැමූ ක්‍රීඩකයින් අතරට දිල්ශාන් මුණවීර, සචිත්ර සේනානායක, නුවන් කුලසේකර,සීක්කුගේ ප්‍රසන්න,මිලින්ද සිරිවර්ධන සහ චාමර කපුගෙදරද ඇතුලත්ය.

සුමතිපාල මහතාට සහ තේරීම් කමිටුවට සමාජ මාධ්‍ය ජාලයන් සහ ක්‍රීඩාංගන වලදී ප්‍රේක්ෂකයින්ගෙන් සිදුවූ දැඩි බලපෑම නිසා ලසිත් මාලිංග සහ අසේල ගුණරත්න කලකට පසු නගරාන්තර 20/20 තරගාවලියට අවස්තාව උදා කරගත් අතර ලසිත් මාලිංග පමණක් ආසියානු කුසලානයට එක් කිරීමට ලැබ්රෝයි මහතා ප්රමුඛ තේරීම් කමිටුව අකමැත්තෙන් වුවද එකඟ වී ඇති බව මේ වන විට නොරහසකි. එහෙත් යම් ලෙසකින් ආසියානු කුසලානයේදී ලසිත් මාලිංග අසාර්ථක වූවා නම් ලෝක කුසලානය දක්වාම සහ ඉන් ඔබ්බට ලසිත් මාලිංගට නැවත අවස්ථාවක් නොලැබෙනු ඇත. දිනෙන් දින තේරීම් කමිටුවට එරෙහිව රටෙහි ඇතිවන විරෝධය යම් තාක් දුරකට හෝ අවම කරගැනීම පිණිස පලිහක් ලෙස යොදා ගනිමින් ජාතික කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාවද මේ වන විට තේරීම් කමිටුවට සම්බන්ධ කොට ඇති සුමතිපාල මහතා විසින් ලසිත් මාලිංගව ඉදිරියේදී ඉවත් කරවීමට යෑමද හතුරුසිංහ මහතා ලවාම සාධාරණීකරණය කරගනු ඇත.

ඔබ කිසිවිටෙකත් නොසිතන, නොපතන ආකාරයේ තවත් සුවිශේෂී කාරණාවන් දෙකක් සඳහන් කිරීමට කැමැත්තෙමි. එකක් ලසිත් මාලිංග සම්බන්ධවයි. අනෙක පුහුණුකරු චන්දික හතුරුසිංහ සම්බන්ධවයි.ලෝක කුසලානය ලංවන විට එනම් ලෝක කුසලානයට වසර එකහමාරක් පමණ කාලයකට පෙර බංගලදේශය ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස සිටි චන්දික හතුරුසිංහ මහතා අති විශාල මුදලකට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත්වන්නේද ඉන්දීය න්‍යාය පත්රයේම තවත් අදියරක් ලෙස ය. ඉන්දියාව විසින් එහිදී බලාපොරොත්තු වූ පළමු කාරණය නම් නැගී එන බංගලාදේශ කණ්ඩායම අඩපන කිරීමයි. දෙවැනි කාරණය වන්නේ තිලංග සුමතිපාල මහතාට පාලනය කිරීම අපහසු විජාතික පුහුණු කරුවෙකු වෙනුවට කිසිවෙකුගේ සැකයට භාජනය නොවන සුප්‍රසිද්ධ ස්වජාතික පුහුණු කරුවෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට පත් කරගෙන එමගින් තිලංග සුමතිපාල මහතා ලවා ශ්‍රී ලංකා කණ්ඩායමේ පාලනය සියතට ගැනීමයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව චන්දික හතුරුසිංහ මහතාද සුමතිපාල මහතාගේ සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගැටයට හසුව තිබේ. සිදුවෙමින් පවතින තේරීම් සහ ජාතික කණ්ඩායමේ වත්මන් තත්වය පිළිබඳව හතුරුසිංහ මහතාගේ හදවත් සාක්ෂිය අසතුටු වන නමුත් සුමතිපාල මහතා හරහා වැටුප් ලබන තවත් එක් සේවකයෙකු බවට ඔහු පත් වූ නිසා සුමතිපාල මහතාගේ න්‍යායට පිටින් යාමට හතුරුසිංහ මහතාටද නොහැකි වී ඇත.

ඉන්දීය න්‍යාය පත්රානුකූලව, මේ වන විට දිනේෂ් චන්දිමාල් නායකත්වයෙන් පහ කොට අවසන්ය. අසේල ගුණරත්නව සුළු ඇඟිල්ලේ ආබාධයක් නිසා වසරකටත් වඩා කාලයක් ජාතික කණ්ඩායමට තෝරා නොගෙන ඔහුගේ දක්ෂතාවයන් ද මොට කර ඔහුගෙන් කණ්ඩායමට අනාගතයේදී ලැබීමට තිබූ සුවිශේෂී හැකියාවන් ගොන්නක් වල දමා අවසන්ය. ලෝකය පවා පිළිගන්නා සුපිරි ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන දිල්ශාන් මුණවීර ගේ ක්‍රීඩා ජීවිතය හමාර කිරීම පිණිස ජාතික කණ්ඩායමේ අවස්ථාව කෙසේ වෙතත් නගරාන්තර 20/20 තරගාවලියේවත් අවස්තාව ලබා නොදී අවසන්ය.

මේ සියල්ල එසේ සිදුවෙද්දී, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලසිත් මාලිංගගේ ක්‍රීඩා දිවිය අවසන් කිරීමට උපක්‍රම යෙදුවේ මෙම වසරේ මුල් භාගයේ සිටය. පෙර කී ලෙස ඉන්දිය ක්‍රීඩා සමාජයේ අයිතිකරුවන් හට තම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින්ගේ ආර්ථිකය පාලනය කිරීමේ බලය හිමිව ඇති වටපිටාවක මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී ලසිත් මාලිංගගේ ක්‍රීඩා දිවිය හමාර කිරීමේ පළමු වෙඩි මුරය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දියත් කලේ, ඔහු ක්‍රීඩා කල, 2017 වර්ෂයේ ශුරතාවය දිනූ, "මුම්බායි ඉන්දියන්ස්" ක්‍රීඩා සමාජයේ අයිතිකරුවන් සහ අනෙකුත් සියලුම කණ්ඩායම් අයිතිකරුවන්ට ලබා දුන් උපදෙස් පිටයි. පසුගිය වසරේ දක්ෂතා පිළිබඳව පමණක් සලකා බැලුවත්, ලසිත් මාලිංග මෙවර අයි.පී.එල්. තරඟාවලිය ක්‍රීඩා කිරීමට තරම් සුදුසු මට්ටමක පසුවිය. 2018 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය සිදුවන අවස්තාව වනවිටත්, වසර දහයක අයි.පී.එල් ඉතිහාසයේ හොඳම පන්දු යවන්නා සහ වැඩිම කඩුලු ලාභියා ලෙස කිරුළු දරා සිටියේ මාලිංග වන නමුත් පුදුම සහගත ලෙස, කිසිදු කණ්ඩායමකට ඔහුව මිලදී ගැනීමට තරම් උවමනාවක් නොවූයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවශ්‍යතාවය පරිදි ලසිත් මාලිංගගේ ක්‍රීඩා දිවිය අවසන් බව සමාජයට ලබා දෙන මුල්ම පණිවිඩය ජනිත කරවීම පිණිසයි. පසුව සාමාන්‍යයෙන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ක්‍රීඩකයෙකුට පමණක් ලබාදෙන පුහුණු උපදේශක තනතුරක් ලසිත් මාලිංග වෙත "මුම්බායි ඉන්දියන්ස්" කණ්ඩායම හරහා ලබා දී තරගාවලිය අතරතුර වෙනත් කණ්ඩායමක් විසින් ලසිත් මාලිංගව මිලදී ගැනීමද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අවුරනු ලැබීය. මේ අතරතුර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් අනූව, ශ්‍රී ලංකා කණ්ඩායමට ලසිත් මාලිංගව තෝරා නොගැනීමේ කාර්යය, තිලංග සුමතිපාල සහ ග්රැහැම් ලැබ්රෝයි නම් දේශ ද්‍රෝහීන් දෙදෙනා හරහා ඉෂ්ට විය. එහෙත් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන් විසින් අන්තර්ජාලයේ, වෙනත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල සහ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන තුලදී ඇතිකළ දැඩි බලපෑම් හේතුවෙන් පසුගිය නගරාන්තර 20/20 තරගාවලියටද, ආසියානු කුසලානයටද ලසිත් මාලිංගව තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු විය.

මෙම ලිපියේ අඩංගු සියලු කරුණු ආන්දෝලනාත්මක වුවත් පරම සත්‍ය වන බැවින් මේ කරුණු කාරණා පිළිබදව යළි යළිත් සිතා බැලීම රටෙහි පාලකයන්ගේ, සියලු දේශප්‍රේමී දේශපාලනඥයන්ගේ සහ මෙය කියවන සෑම දේශප්‍රේමී ක්‍රීඩා ලෝලියෙකුගේම වගකීම වන අතර මේ පිලිබඳව රටට හිතැති පාලකයින් විසින් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව අවදියෙන් සිටීම ද අප සැමගේ යුතුකමක් සහ වගකීමකි.

වැඩිදුර තොරතුරු සඳහා මාගේ විද්‍යුත් ලිපිනය - rescue.slcricket@gmail.com

ෆේස් බුක් : Dinawamu ape Cricket ( https://www.facebook.com/dinawamu.apecricket.5 )

ස්තූතියි.

ලක්මව සැමදා දිනේවා...!!!

ඔබ කියවූ මෙම කොටස මෙම ලිපි මාලාවේ සිවුවෙනි හෙවත් අවසන් කොටසයි.

මෙම ලිපි මාලාවට අදාළ සියලු කොටස් වලට පිවිසිය හැකි links පහත දැක්වේ.

පළමු කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868975

දෙවන කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868974

තෙවන කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868973

ඔබ දැන් රැඳී සිටින සිවුවෙනි කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1868972

[QUOTE="cricket pissa, post: 23638627, member: 568795"] [b]අපේ ක්‍රිකට් වල ඇත්ත-අති විශේෂ අනාවරණය(4)[/b] [SIZE="3"]"අපේ Cricket පිලිබඳව ඇත්ත" අනාවරණය කෙරෙන, මේ මොහොතේ, ඔබ විසින් කියවිය යුතුම වන, [B][COLOR="Red"]දෙවන ලිපියෙහි දෙවන කොටස[/COLOR][/B]. සියලු පිටු කියවා share කර, සියල්ලන් දැනුවත් කිරීම තුලින් අපේ Cricket බේරාගැනීමට ඔබත් එක් වන්න. Unveiling the Truth about SL Cricket.[/SIZE] [SIZE="4"][I][B]ලිපියෙහි පෙර කොටසින් ඉදිරියට.(මෙය මෙම ලිපි මාලාවේ අවසන් කොටසයි.)[/B][/I][/SIZE] [SIZE="3"]ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, තිලංග සුමතිපාල මහතා ඉන්දියාවට වහල් ගැතිකම් කිරීම කොපමණද යන්න පෙන්වීම සඳහා තවත් සුප්‍රසිද්ධ උදාහරණයන් රාශියක් ඇත. අපේ රටේ ගම්බද පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අඩු පාඩු ලැයිස්තුව අහස උසට ඉහල නැග පවතින මෙවන් සමයක, ඉන්දියාවෙන් ලකුණු දමා ගැනීමට සහ තම ප්‍රතිරූපය ඉන්දියාව ඉදිරියේ වැඩි දියුණු කරගැනීම පිණිස, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ජග්මෝහන් දල්මියා මහතා වෙනුවෙන් අපේ රටේ ක්‍රිකට් ආයතනයේ මුදල් වලින්ම පොතක් මුද්‍රණය කර බෙදා හැරීම සහ අනුස්මරණ උත්සව පැවැත්වීම තුලින් මෙන්ම ජග්මෝහන් දල්මියා මහතා වෙනුවෙන් සුමතිපාල මහතා විසින් සිදුකළ අනුස්මරණ දේශනය තුලින්ද, සුමතිපාල මහතාගේ ඉන්දීය ගැති බව පිළිබඳව මැනවින් වටහා ගත හැක. මාධ්‍ය මගින් එය ප්‍රශ්න කරන විටදී, ඔහු විසින් එම පොත මුද්‍රණය කිරීම සහ උපහාර පැවැත්වීම සාධාරණීකරණය කරන ලද්දේ, දල්මියා මහතා විසින් 1996 වසරේ ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවට එවූ නිසා ඔහුට කෘතගුණ සැලකිය යුතු වූ බවයි. ඉන්දියාවේ විසූ, අප නොදන්නා දල්මියාට පෙර, අප විසින් කෘතගුණ සැලකිය යුතු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට අනුපමේය සේවයක් කල පිරිස කොතෙක්දැයි කියා නිම කල නොහැක. 1982 වසරේ අප රටට ටෙස්ට් තත්වය ලබා ගන්නට අපමණ වෙහෙස වූ මෙන්ම තම පාසලට අයත් ඉඩම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් බවට පත් කොට, අස්ගිරිය ක්‍රීඩාංගනය නිර්මාණය කිරීමෙන්, කන්ද උඩරටට ජාත්‍යන්තර ක්‍රිකට් රැගෙන ගොස්, සංගලා මුරලිලා මෙන්ම දික්වැල්ලලා ලහිරු කුමාරලා පවා බිහිවීමට මග පෑදූ, ගාමිණී දිසානායක මහතා වෙනුවෙන් අප පවත්වා ඇති උපහාර උත්සවයක් තිබේද? තමාගේ ඉන්දීය ගැති බව නිසාම, පසුගිය වසරේ කල්කටාවේ පැවති දල්මියා අනුස්මරණ දේශනය පැවැත්වීමට සුමතිපාල මහතාව බෙන්ගාල ක්‍රිකට් සම්මේලනය (ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනු ශාඛාවකි) විසින් ආරාධනා කල පලියට සුමතිපාල මහතා විසිනුත් රටේ මුදල් විනාශ කරමින් පෙරලා ප්‍රති උපහාර උත්සව පැවැත්විය යුතු වන්නේද? මීට ටික කලකට පෙර පැවැත්වූ, ප්‍රධාන අයි.සී.සී. ලෝක තරගාවලියක් ආසන්නයේදී ඉන්දීය න්‍යාය පත්‍රයට අනූව යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක චෝදනා එල්ල කරමින්, ඔහුට එම තරගාවලිය අහිමි කරමින්, එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල කිරීමට අයි.සී.සී.ය ගත් උත්සාහය ඇතැම් විට ඔබගේ මතකයෙන්ද පහව ගොස් නැති වීමට පිලිවන. එම සංසිද්ධිය ව්‍යාජයක් බව මේ වන විට අයි.සී.සී.ය විසින්ම පිළිගෙන ඇති මොහොතක, බොරු චෝදනාවක් නිසා කුසල් ජනිත්ට අහිමි වූ එම වටිනා තරගාවලිය, කාලය සහ කීර්ති නාමය වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා සුමතිපාල මහතා විසින් මේ වන තෙක් සිදු කර ඇත්තේ කුමක්ද? ක්‍රීඩකයින්ගේ ක්‍රිකට් ජීවිත සමඟ සූදුවෙහි යෙදෙමින්, සුමතිපාල මහතා විසින් මෙහෙය වන අදුරදර්ශී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, පසුගිය දේශීය තරගාවලියකදී, තරග පාවා දුන්නා යැයි චෝදනාවට ලක් වූ කණ්ඩායමක නායකයා වූ පලියට, කැකිල්ලේ නඩු තීන්දුවක් ලබා දෙමින්, නිකරුනේ චෝදනා එල්ල කර දඬුවම් කරන ලද, චාමර සිල්වා වැනි ක්‍රීඩකයින් වෙනුවෙන්ද මේ වන තුරු ඔහු විසින් සිදු කල කිසිදු සාධාරණයක් නොමැත. එමෙන්ම අපේ රටේ සාමාන්‍ය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඉන්දියානු කණ්ඩායමට කොතරම් අකමැති වුවත්, සුමතිපාල මහතාගේ ළඟම සගයා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වීම වරදක් නොවන තත්වයක් වන නමුත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හදිසි උවමනාවට ඉඩ දෙමින් පසුගිය වසරේදී ඉන්දියාවට එරෙහිව සම්පූර්ණ තරගාවලියම පරාජය වී සිටි අප ශ්‍රී ලංකා කණ්ඩායම, යලිත් පරාජය උරුම කරගන්නා බව දැන දැනම, ඉන්දීය මුදලට ගිජු වී, නැවත වතාවක් මාසයක් ඇතුලත ඉන්දියාව සමග ක්‍රීඩා කරවීමට සලස්වා ක්‍රීඩකයින්ගේ මානසිකත්වයත්, රටෙහි ගෞරවයත් බින්දුවටම ඇද දැමුවේද සුමතිපාල මහතාමය. වෙනත් රටක පාලක මණ්ඩල සභාපතිවරයෙකු නම් තම ක්‍රීඩකයින් ආරක්ෂා කර ගැනීම සහ ජයග්‍රාහී මානසික මට්ටම පවත්වා ගැනීම උදෙසා මසකට පෙර ක්‍රීඩා කර මුළු තරගාවලියම පරාජය උරුම කර දුන් කණ්ඩායමකට එරෙහිව තරගාවලි සංවිධානය කොට යලිත් ක්‍රීඩකයින් සහ කණ්ඩායම පරාජය වීමට බිල්ලට දෙන්නේ නැත.එවැනි සභාපති වරයෙකු ලෝක කුසලාන තරගයකදීද, මුදලට ගිජු වී, රට පාවාදීම සිදු නොකරයි යැයි ඔබට සිතිය හැකිද යන්න දෙවරක් සිතා බලන්න. ඉන්දියාවට එරෙහිව පැවැත්වූ එම දෙවන තරගාවලිය අවසානයේදී ඔහු විසින් මාධය ඉදිරියේ පාරම් බෑවේ තම ආයතනය එම තරගාවලියෙන් ඉතා විශාල මුදලක් ඉපයූ බවය. ක්‍රීඩකයින් හෝ මවුබිම බිල්ලට දීමෙන් හෝ ව්යාපාරානුසාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ගැනීම ඔහුගේ එකම අරමුණ වී තිබේ. මෑතකදී පවත්වා නිමාව දුටු නගරාන්තර 20/20 තරගාවලිය සම්බන්ධයෙන් සුමතිපාල මහතාගේ කෙරුම් පිළිබඳවද නොකියාම බැරිය. ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ආරම්භයෙන් සිවු වසරකට පසු එනම් 2012 වර්ෂයේදී එවකට සිටි ක්‍රිකට් ආයතන පාලකයින් විසින් ඉන්දීය ප්‍රීමියර් ලීග් ආකෘතියට සමාන අයුරින්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සහ ජාත්‍යන්තර පුහුණුකරුවන්ද සහිතව කණ්ඩායම් 7ක සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අති සාර්ථක අයුරින් පවත්වන ලදී. (ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් විකිපීඩියා වෙබ් අඩවියේ [url]https://en.wikipedia.org/wiki/Sri_Lanka_Premier_League[/url] යන ලින්ක් එක මගින් ලබා ගත හැක.) එහෙත් වසර 6ක් ගතවන තුරුත් එහි දෙවන තරගාවලිය පවත්වාගැනීමට නොහැකි වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලැජ්ජා විය යුතුය. නමුත් කයිවාරුවෙහි සමත්කම් දක්වන සුමතිපාල මහතා පැවැසුයේ, මෙම වසරේදී, එහි දෙවන තරගාවලිය, රසල් අර්නොල්ඩ්ගේ අධ්යක්ෂකත්වයෙන් කෙසේ හෝ පවත්වන බවයි. එහෙත් නිසි කළමනාකාරිත්වය සහ සංවිධාන ශක්තිය හීන වූ වත්මන් ක්‍රිකට් ආයතන පාලකයින් විසින්, අවසානයේ රටට දායාද කල තරගාවලිය වුයේ, මුල් අදියර රුපවාහිණී නාලිකාවක වත් ප්‍රදර්ශනය කරගැනීමට හැකි නොවූ, ප්රේක්ෂකාගාර හිස්ව පැවති, හතරේ සීමාව මීටර් 15කින් පමණ පිටිය තුලට ගෙනගිය, කණ්ඩායම් 4ක් පමණක් සහභාගී වූ නගරාන්තර 20/20 තරගාවලියයි. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් එම නගරාන්තර තරගාවලිය විවේචනය කරන ලද්දේ එහි අඩු පාඩුද පෙන්වා දෙමිනි. ඔහු පෙන්වා දුන් පරිදි එහි මුලිකම අඩුව වුයේ කණ්ඩායම් ගණන 4ක් පමණක් වීමයි. ඒ හේතුවෙන් කණ්ඩායමකට 11 දෙනා බැගින් කණ්ඩායම් 4හිම ක්‍රීඩා කල හැකි උපරිම ක්‍රීඩකයින් ගණන 44ක් වූ අතර තරග පැවැත්වෙන අතරතුර බංකුවේ සිටි ක්‍රීඩකයින් ගණන 40කි (කණ්ඩායමකට 10 බැගින්). කණ්ඩායම් ගණන තව වැඩි වුයේ නම් බංකුවේ සිටින ක්‍රීඩක පිරිස අඩු කොට තරගාවලිය තවත් ඵලදායී කරගැනීමට තිබූ බව මහේල විසින් පෙන්වා දෙනු ලැබීය. එහෙත් සුමතිපාල මහතා විසින් කණ්ඩායම් 4ක තරගාවලියක් පැවැත්වූ සැබෑ හේතුව දන්නේ ඉතා අතලොස්සක පිරිසක් පමණි. සුමතිපාල මහතාගේ දේශපාලන මතවාදය සහ හැසිරීම මා හට කිසිසේත්ම අදාළ කාරනාවක් නොවන නමුත් නිර්දේශපාලනික සහ නිර්පාක්ෂික ලියුම්කරුවෙකු ලෙස මා විසින් මෙහිදී සිදු වූ සත්‍ය සිදුවීම පමණක් සඳහන් කිරීමට කැමැත්තෙමි. 2015 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට තරග කොට පරාජයට පත්වී, ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පිහිටෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වන එතුමා පසුගියදා විපක්ෂයට සංක්‍රමණය වීම පිණිස තමා දැරූ නියෝජ්‍ය කතානායක ධුරයෙන්ද ඉවත් වුවද වසර තුනක් මුළුල්ලෙහි ඔහු විසින් ක්‍රිකට් ක්‍රීඩාවටද ඇඳාගත් දේශපාලනික කාරනා බොහෝමය. එයින් ප්‍රධානතම කාරනාව වන්නේ 2011 සිට 2015 දක්වා බොහෝ එක්දින තරගාවලි පැවැත්වූ ක්‍රීඩාංගන තුන වන (2011 ලෝක කුසලානය වෙනුවෙන් එවකට පැවතී රජය විසින් සංවර්ධනය කරන ලද ක්‍රීඩාංගන 3) කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ හම්බන්තොට ක්‍රීඩාංගන තුන වෙනුවට, හම්බන්තොට ක්‍රීඩාංගනය එම ලැයිස්තුවෙන් කපා දමා, දඹුලු ක්‍රීඩාංගනය එම ලැයිස්තුවට ඇතුලත් කිරීමයි. ඒ අනුව 2015 සිට මේ වන තෙක්ම එක්දින ක්‍රිකට් තරග පවත්වන්නේ කොළඹ,පල්ලෙකැලේ සහ දඹුල්ලේය. 2011 සිට 2015 දක්වා වකවානුව තෙක් දඹුලු ක්‍රීඩාංගනයට වඩා හම්බන්තොට ක්‍රීඩාංගනයට ප්‍රමුඛතාවය ලැබුණු දේශපාලනික කාරනා මෙම ලියුම්කරුට අදාළ නැති මුත් එම ක්‍රීඩාංගනය 2011 ලෝක කුසලානය වෙනුවෙන්ම සංවර්ධනය කර තිබීම නිසා එලෙස වැඩි ජාත්‍යන්තර තරග ප්‍රමාණයක් එයට ලැබීමේ කාරණය යම්තාක් දුරකට සාධාරණීකරණය කල හැක. එහෙත් 2015 වර්ෂයේ සිට හම්බන්තොට ක්‍රීඩාංගනය දඹුලු ක්‍රීඩාංගනයෙන් වැසී යාම හුදෙක්ම දේශපාලනික කාරනාවකි. සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොර වීමයි. මෙවර නගරාන්තර 20/20 තරගාවලිය සඳහා කණ්ඩායම් නිර්මාණය කිරීමේදී නිර්ණායක ලෙස ජාත්‍යන්තර ක්‍රීඩාංගන පවතින නගර සලකා බැලූ අතර එම නගරයන් වුයේ කොළඹ,මහනුවර,ගාල්ල,හම්බන්තොට සහ දඹුල්ලයි. එහෙත් ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් බංකුවේ සිටීමට සිදුවීම පවා නොතකා එම නගර 5 වෙනුවෙන් කණ්ඩායම් 5ක් යොදනවාට වඩා හම්බන්තොට කපා හැර දඹුල්ල ඉස්මතු කරවීම පිණිස කණ්ඩායම් 4ක් පමණක් යොදාගත යුතු බව සුමතිපාල මහතා තීරණය කරන ලදී. නගරාන්තර 20/20 තරගාවලියට කණ්ඩායම් 4ක් පමනක් ක්‍රීඩා කර ක්‍රීඩකයින් 40කට අධික ප්‍රමාණයකට බංකුවට වී තරග දෙස බලා සිටීමට සිදුවූ සත්‍ය සිදුවීම එයයි. මහේල ජයවර්ධන විසින් නගරාන්තර 20/20 තරගාවලිය පිලිබඳ පැවසු අනෙක් අදහස වුයේ ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් රැසක් තරගාවලියට නම් නොකිරීම නිසා ඔවුන්ගෙන් කනිෂ්ට ක්‍රීඩකයින්ට උගත හැකිව තිබු පාඩම් සහ අත්දැකීම් රැසක් මගහැරුණු බවයි. ජාත්‍යන්තර පිටියේ බොහෝ විට සාර්ථක කණ්ඩායම් බිහිවන්නේ මේ දෙපිරිසගේම මනා වූ සුසංයෝගයකින් පමණි. එමෙන්ම ග්රැහැම් ලැබ්රෝයි විසින් ජාත්‍යන්තර තරග තීරකයෙකු ලෙස කටයුතු කරමින්ම, අත්තනෝමතික ලෙස ජාතික කණ්ඩායමද තෝරන ආකාරයෙන්ම, නගර කණ්ඩායම්ද කඩිමුඩියේ තේරීම මහේලගේ විවේචනයට ලක්විය. ජාතික කණ්ඩායම තෝරන තේරීම් කමිටුව සෙසු කණ්ඩායම් තේරීමෙන් වැලකී සිටිය යුතු වන බව මහේලගේ අදහස විය. එලෙස නගරාන්තර 20/20 තරගාවලියෙන් අත්තනෝමතිකව කපා දැමූ ක්‍රීඩකයින් අතරට දිල්ශාන් මුණවීර, සචිත්ර සේනානායක, නුවන් කුලසේකර,සීක්කුගේ ප්‍රසන්න,මිලින්ද සිරිවර්ධන සහ චාමර කපුගෙදරද ඇතුලත්ය. සුමතිපාල මහතාට සහ තේරීම් කමිටුවට සමාජ මාධ්‍ය ජාලයන් සහ ක්‍රීඩාංගන වලදී ප්‍රේක්ෂකයින්ගෙන් සිදුවූ දැඩි බලපෑම නිසා ලසිත් මාලිංග සහ අසේල ගුණරත්න කලකට පසු නගරාන්තර 20/20 තරගාවලියට අවස්තාව උදා කරගත් අතර ලසිත් මාලිංග පමණක් ආසියානු කුසලානයට එක් කිරීමට ලැබ්රෝයි මහතා ප්රමුඛ තේරීම් කමිටුව අකමැත්තෙන් වුවද එකඟ වී ඇති බව මේ වන විට නොරහසකි. එහෙත් යම් ලෙසකින් ආසියානු කුසලානයේදී ලසිත් මාලිංග අසාර්ථක වූවා නම් ලෝක කුසලානය දක්වාම සහ ඉන් ඔබ්බට ලසිත් මාලිංගට නැවත අවස්ථාවක් නොලැබෙනු ඇත. දිනෙන් දින තේරීම් කමිටුවට එරෙහිව රටෙහි ඇතිවන විරෝධය යම් තාක් දුරකට හෝ අවම කරගැනීම පිණිස පලිහක් ලෙස යොදා ගනිමින් ජාතික කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාවද මේ වන විට තේරීම් කමිටුවට සම්බන්ධ කොට ඇති සුමතිපාල මහතා විසින් ලසිත් මාලිංගව ඉදිරියේදී ඉවත් කරවීමට යෑමද හතුරුසිංහ මහතා ලවාම සාධාරණීකරණය කරගනු ඇත. ඔබ කිසිවිටෙකත් නොසිතන, නොපතන ආකාරයේ තවත් සුවිශේෂී කාරණාවන් දෙකක් සඳහන් කිරීමට කැමැත්තෙමි. එකක් ලසිත් මාලිංග සම්බන්ධවයි. අනෙක පුහුණුකරු චන්දික හතුරුසිංහ සම්බන්ධවයි.ලෝක කුසලානය ලංවන විට එනම් ලෝක කුසලානයට වසර එකහමාරක් පමණ කාලයකට පෙර බංගලදේශය ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස සිටි චන්දික හතුරුසිංහ මහතා අති විශාල මුදලකට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත්වන්නේද ඉන්දීය න්‍යාය පත්රයේම තවත් අදියරක් ලෙස ය. ඉන්දියාව විසින් එහිදී බලාපොරොත්තු වූ පළමු කාරණය නම් නැගී එන බංගලාදේශ කණ්ඩායම අඩපන කිරීමයි. දෙවැනි කාරණය වන්නේ තිලංග සුමතිපාල මහතාට පාලනය කිරීම අපහසු විජාතික පුහුණු කරුවෙකු වෙනුවට කිසිවෙකුගේ සැකයට භාජනය නොවන සුප්‍රසිද්ධ ස්වජාතික පුහුණු කරුවෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට පත් කරගෙන එමගින් තිලංග සුමතිපාල මහතා ලවා ශ්‍රී ලංකා කණ්ඩායමේ පාලනය සියතට ගැනීමයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව චන්දික හතුරුසිංහ මහතාද සුමතිපාල මහතාගේ සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගැටයට හසුව තිබේ. සිදුවෙමින් පවතින තේරීම් සහ ජාතික කණ්ඩායමේ වත්මන් තත්වය පිළිබඳව හතුරුසිංහ මහතාගේ හදවත් සාක්ෂිය අසතුටු වන නමුත් සුමතිපාල මහතා හරහා වැටුප් ලබන තවත් එක් සේවකයෙකු බවට ඔහු පත් වූ නිසා සුමතිපාල මහතාගේ න්‍යායට පිටින් යාමට හතුරුසිංහ මහතාටද නොහැකි වී ඇත. ඉන්දීය න්‍යාය පත්රානුකූලව, මේ වන විට දිනේෂ් චන්දිමාල් නායකත්වයෙන් පහ කොට අවසන්ය. අසේල ගුණරත්නව සුළු ඇඟිල්ලේ ආබාධයක් නිසා වසරකටත් වඩා කාලයක් ජාතික කණ්ඩායමට තෝරා නොගෙන ඔහුගේ දක්ෂතාවයන් ද මොට කර ඔහුගෙන් කණ්ඩායමට අනාගතයේදී ලැබීමට තිබූ සුවිශේෂී හැකියාවන් ගොන්නක් වල දමා අවසන්ය. ලෝකය පවා පිළිගන්නා සුපිරි ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන දිල්ශාන් මුණවීර ගේ ක්‍රීඩා ජීවිතය හමාර කිරීම පිණිස ජාතික කණ්ඩායමේ අවස්ථාව කෙසේ වෙතත් නගරාන්තර 20/20 තරගාවලියේවත් අවස්තාව ලබා නොදී අවසන්ය. මේ සියල්ල එසේ සිදුවෙද්දී, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලසිත් මාලිංගගේ ක්‍රීඩා දිවිය අවසන් කිරීමට උපක්‍රම යෙදුවේ මෙම වසරේ මුල් භාගයේ සිටය. පෙර කී ලෙස ඉන්දිය ක්‍රීඩා සමාජයේ අයිතිකරුවන් හට තම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින්ගේ ආර්ථිකය පාලනය කිරීමේ බලය හිමිව ඇති වටපිටාවක මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී ලසිත් මාලිංගගේ ක්‍රීඩා දිවිය හමාර කිරීමේ පළමු වෙඩි මුරය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දියත් කලේ, ඔහු ක්‍රීඩා කල, 2017 වර්ෂයේ ශුරතාවය දිනූ, "මුම්බායි ඉන්දියන්ස්" ක්‍රීඩා සමාජයේ අයිතිකරුවන් සහ අනෙකුත් සියලුම කණ්ඩායම් අයිතිකරුවන්ට ලබා දුන් උපදෙස් පිටයි. පසුගිය වසරේ දක්ෂතා පිළිබඳව පමණක් සලකා බැලුවත්, ලසිත් මාලිංග මෙවර අයි.පී.එල්. තරඟාවලිය ක්‍රීඩා කිරීමට තරම් සුදුසු මට්ටමක පසුවිය. 2018 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය සිදුවන අවස්තාව වනවිටත්, වසර දහයක අයි.පී.එල් ඉතිහාසයේ හොඳම පන්දු යවන්නා සහ වැඩිම කඩුලු ලාභියා ලෙස කිරුළු දරා සිටියේ මාලිංග වන නමුත් පුදුම සහගත ලෙස, කිසිදු කණ්ඩායමකට ඔහුව මිලදී ගැනීමට තරම් උවමනාවක් නොවූයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවශ්‍යතාවය පරිදි ලසිත් මාලිංගගේ ක්‍රීඩා දිවිය අවසන් බව සමාජයට ලබා දෙන මුල්ම පණිවිඩය ජනිත කරවීම පිණිසයි. පසුව සාමාන්‍යයෙන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ක්‍රීඩකයෙකුට පමණක් ලබාදෙන පුහුණු උපදේශක තනතුරක් ලසිත් මාලිංග වෙත "මුම්බායි ඉන්දියන්ස්" කණ්ඩායම හරහා ලබා දී තරගාවලිය අතරතුර වෙනත් කණ්ඩායමක් විසින් ලසිත් මාලිංගව මිලදී ගැනීමද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අවුරනු ලැබීය. මේ අතරතුර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් අනූව, ශ්‍රී ලංකා කණ්ඩායමට ලසිත් මාලිංගව තෝරා නොගැනීමේ කාර්යය, තිලංග සුමතිපාල සහ ග්රැහැම් ලැබ්රෝයි නම් දේශ ද්‍රෝහීන් දෙදෙනා හරහා ඉෂ්ට විය. එහෙත් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන් විසින් අන්තර්ජාලයේ, වෙනත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල සහ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන තුලදී ඇතිකළ දැඩි බලපෑම් හේතුවෙන් පසුගිය නගරාන්තර 20/20 තරගාවලියටද, ආසියානු කුසලානයටද ලසිත් මාලිංගව තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු විය. මෙම ලිපියේ අඩංගු සියලු කරුණු ආන්දෝලනාත්මක වුවත් පරම සත්‍ය වන බැවින් මේ කරුණු කාරණා පිළිබදව යළි යළිත් සිතා බැලීම රටෙහි පාලකයන්ගේ, සියලු දේශප්‍රේමී දේශපාලනඥයන්ගේ සහ මෙය කියවන සෑම දේශප්‍රේමී ක්‍රීඩා ලෝලියෙකුගේම වගකීම වන අතර මේ පිලිබඳව රටට හිතැති පාලකයින් විසින් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව අවදියෙන් සිටීම ද අප සැමගේ යුතුකමක් සහ වගකීමකි. වැඩිදුර තොරතුරු සඳහා මාගේ විද්‍යුත් ලිපිනය - [email]rescue.slcricket@gmail.com[/email] ෆේස් බුක් : Dinawamu ape Cricket ( [url]https://www.facebook.com/dinawamu.apecricket.5[/url] )[/SIZE] ස්තූතියි. [B][SIZE="6"]ලක්මව සැමදා දිනේවා...!!![/SIZE][/B] [SIZE="3"]ඔබ කියවූ මෙම කොටස මෙම ලිපි මාලාවේ සිවුවෙනි හෙවත් අවසන් කොටසයි. මෙම ලිපි මාලාවට අදාළ සියලු කොටස් වලට පිවිසිය හැකි links පහත දැක්වේ. පළමු කොටස - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868975"]http://www.elakiri.com/forum/showthread.php?t=1868975[/URL] දෙවන කොටස - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868974"]http://www.elakiri.com/forum/showthread.php?t=1868974[/URL] තෙවන කොටස - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868973"]http://www.elakiri.com/forum/showthread.php?t=1868973[/URL] [COLOR="Magenta"]ඔබ දැන් රැඳී සිටින සිවුවෙනි කොටස[/COLOR] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1868972"]http://www.elakiri.com/forum/showthread.php?t=1868972[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom