Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ දරුවන් ක්‍රීඩා පිටිවල මැරී වැටීම............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ දරුවන් ක්‍රීඩා පිටිවල මැරී වැටීම............

දරුවන්ට ක්‍රීඩාව අරුමයක් නොවේ. දරුවෙකුට ක්‍රීඩාව අරුමයක් වන්නේ නම්, නුහුරු අත්දැකීමක් වන්නේ නම්, ඒ දරුවා බිහිව වැඩී ඇත්තේ දරුවෙක් නොවැඩිය යුතු තරමේ ගර්හිත කාලකණ්ණි පරිසරයකය. දරුවෙකුගේ ජීවිතය එම දරුවාගෙන් උදුරාගත් සාහසික වටපිටාවකය. අපට අපේ නොදරුවන් ගැන යළිත් සිතන්නට බලකරනා බරපතළ කියෑවීමක් පසුගිය සති කිහිපය තුළ අපේ දරුපැටව් අපට ජීවිතවලින් වන්දිගෙවා කියා දුන්හ.

පාසල් ක්‍රීඩා වාරය ඇරඹෙන්නේය. අත්දැකීම් ප්‍රකාරවම පාසල් දරුවෙකුගේ "වසරේ වසන්තය" මේ වකවානුවය. එහෙත් මේ පාසල් ක්‍රිඩා වාරය ඇරඹී ඇත්තේ මරණයේ භීතියද සමගිනි. ක්‍රීඩා ඉසව්වකට එක්වීම මාරකයක් සේ සලකන මට්ටමට ඒ භීතිය සමහර නිශ්චිත ප්‍රදේශයන්හි පැතිරී තිබේ. නොදරුවෝ නිවාසන්තර මලල ක්‍රීඩාවලට එක්වෙති. ක්‍රීඩා කරති. අනතුරුව ක්‍රීඩා පිටිය මත මැරී වැටෙති. එක් සිද්ධියක් වී එහි උණුසුම මැකී යන්නටත් පෙර තවත් සිද්ධියක් වාර්තා වේ. ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ අරණායක උස්සාපිටිය රිවිසඳ ජාතික පාසලෙනි. එම විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මීටර් 5000 ධාවන ඉසව්වට සහභාගිවන 19 හැවිරිදි දියණියක් පසුගිය 26 වැනිදා සිය මුලික වටයේ තරගවලට සහභාගි වෙමින් සිටියදී ක්‍රීඩාපිටිය මත ඇදවැටී මිය යන්නීය. රෝහලට ඇතුළත් කරනා විටත් මියගොස්ය. මීට මසකට ඉහතදීත් මේ ආකාරයෙන්ම දැරියක් මිය ගියාය. දුර දිවීමේ තරගයකට සහභාගි වු කැළණිය සරසවියේ සිසුවෙක් මීට මාස කීහිපකට පෙර මහපාරෙහි ඇදවැටී මියගොස් තිබිණි.

මීට දශක කීපයකට ඉහතදී පාසල් ක්‍රීඩා පිටියේ මැරී වැටෙන දරුවන් ගැන මේ රට අසා තිබුණේ නැත. සෑම කාලයකම මෙවැනි සිදුවීම් වුවද ඒවා වාර්තා නොවූ බවට වන අදහස් ද තිබේ. එහෙත් මේ අකල් මරණ පිළිබඳව සමාජය මීට ඉහතදී මෙතරම් කම්පනයට පත්වී තිබුණේ නැත. මේ මොහොත වන විට පාසලේදී නිවාසාන්තර ක්‍රීඩා උළෙලකට සහභාගි වන නොදරුවන්ව මුලික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමටත් ක්‍රීඩා අමාත්‍යංශ සමග එක්ව ඒකාබද්ධ ජාතික වැඩපිළවෙළක් දියත් කිරීමටත් රජයට සිදුවී තිබේ.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරියට අනුව දැනට අපේ රටේ දරු පරපුරේ සියයට දෙකක් අධිපෝෂණයෙන් යුතුය. නාගරික පරිසරය තුළ මෙම ප්‍රතිශතය සියයට 10 සිට 14 තෙක් දිවෙයි. මේ දරුවෝ දියවැඩියාවට ගොදුරුවීමේ අවදානමකට ලක්ව සිටිති.

දරුවෙකුටවත් නිසි ව්‍යායාමක් ලැබෙන්නේ නැති, නිසි ආහාරයක් ලැබෙන්නේ නැති මේ කාලකණ්ණි තරගයේ නියත ප්‍රතිඵල රටට එක් අංශයකින් ප්‍රකාශ වන්නේ මෙසේය. මෙහි ඇති අතිශයින්ම ශෝකජනක කතාව හෙළිවන්නේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය කළ පරීක්ෂණයකදීය.

අපේ රටේ වයස අවුරුදු 15 හා 18 අතර දරුවන්ගෙන් සියයට අසූනවයකට ඒ දරුවෙකුට දිනකට ලැබිය යුතු ව්‍යායාම ප්‍රමාණය ලැබෙන්නේ නැත. මේ මිනිසෙකුගේ ජීවිතයේ ජවසම්පන්නම කාල සීමාවය. මේ කාලසීමාවේ ව්‍යායාමයකට හුරු නොවන දරුවන්ට ව්‍යායාමය පිළිබඳ සංකල්පයම නුහුරුය. ඔවුන් ක්‍රිඩා පිටියක ඇද වැටී මිය යැම අපේක්ෂා කළ යුතුය. මේ රට බාරගන්නට සිටින්නේ දරාගැනීමේ ශක්තියක් නැති මේ බෙලහීන අනාගත මිනිසුන්ය.

ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ සංකල්පය මොඩලයක් සේ ප්‍රායෝගික කළ වතුපිටිවල රෝහලේ වෛද්‍ය නිලධාරී පාලිත සමන් ජයකොඩි මේ උද්ගතව ඇති තත්ත්වය සංවාදයට ලක්කරන්නේ මෙසේය.

ක්‍රීඩාව සෙල්ලමක් නොවේ. එය විනයක් සහිත විද්‍යාවකි. ක්‍රීඩාවකට සූදානම් වීම සඳහා නිශ්චිත පුහුණුවක් මෙන්ම කාලයක් අවශ්‍යය. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායම අවශ්‍යය. ක්‍රිඩාවේදී වැදගත් වන හෘද වාහිනී පද්ධතිය හා ස්වසන පද්ධතිය ඒ සඳහා සූදානම් කිරීම මේ මූලික ප්‍රවේශය හරහා සිදුවන්නේය. එහෙත් බොහෝ විට ක්‍රිඩාව හුරු නොවූ දරුවන් ක්‍රීඩාවට යොමු කරන්නේ මේ මූලික ප්‍රවේශයද රහිතවය.

මේ අහිංසක දරුවන් ක්‍රීඩා තරඟවලදී මැරී වැටෙන්නේ ක්‍රීඩා තරඟයක නිරතවන විට ශරීරයට ඇතිවන අධික වෙහෙස දරාගැනීමට ඔවුන්ට ක්රමාණුකූල පුහුණුවක් හෝ ක්‍රීඩා තරඟය ආරම්භයට පෙර නිසි ලෙස ශරීරය සූදානම්කරණ ව්‍යායාම (warm-up excercises) නොකිරීමේ වරද නිසාය.

දරුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය හා ඔහුගේ රෝග ඉතිහාසය පිළිබඳ යම් දැනුමක් මව්පියන්ට සේම නුදුරු අතීතයේ දී පාසලක ගුරුවරුන් සතුවද තිබිණි. පෙළපොත ඉගැන්වීමෙන් එපිට අධ්‍යාපනයක් සම්බන්ධ අදහසක් නැති පාසල් සමාජය තුළ මේ අවබෝධය නැතිවීම අරුමයක් වන්නේ නැත. එමෙන්ම පිට්ටනියට බැස සෙල්ලම් කිරීමට සූදානම් නැති දරුවෙකුගේ සංජානනීය රෝග ගැන අවබෝධයක් කවදාවත් කාටවත් ඇතිවන්නේ නැත.

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත වෛද්‍ය චමින්ද රුවන් තුෂාර අද පාසල් ක්‍රිඩා තරගාවලි පවත්වන ආකාරයේ අවිද්‍යාත්මක අශාස්ත්‍රීය ස්වරූපයේ බිහිසුණුකම පිළිබඳ සංවාදයක් උපදවයි. ඔහුට අනුව ක්‍රිඩාව අශාස්ත්‍රීය විගඩමක් නොවේ. බොහෝවිට ක්‍රීඩාවේ විද්‍යාත්මක යථාර්ථය පාසල්වල ක්‍රීඩා භාර ගුරුවරුන්, ක්‍රීඩා උත්සව සංවිධානය කරනා සංවිධායකයන්, මෙන්ම ක්‍රීඩා පුහුණුකරුවන් ද හඳුනාගෙන නැත.
" ක්‍රීඩාවක් සඳහා පූර්ව සූදානමක් තිබිය යුතුයි. ක්‍රිඩාවට යොදවන දරුවන් ඒ ක්‍රීඩාව සඳහා ශාරීරිකව සූදානම්ද කියන එක මූලික වශයෙන්ම සොයාගත යුතුයි. සරල උදාහරණයක් කියන්නම්. හැම ඉස්කෝලෙකම වාගේ ක්‍රිඩා උත්සවයකදි රෝඩ් රේස් එකක් තියනවා. මේක ඉතාම ඉහළ දරාගැනීමේ ශක්තියක් සහිත ක්‍රීඩකයන් සඳහා සම්මත ක්‍රීඩාවක්. මේ තරග ඉසව්වට සහභාගි වන ක්‍රීඩකයෙක් තමන්ගෙ ප්‍රධාන ආහාරය ගන්න ඕන එයට සහභාගි වන වෙලාවට පැය තුනකට කලින්. තරග ඉසව්වට කලින් විනාඩි 45ක් පමණවත් ශරීර උත්තේජක ව්‍යායාම කළ යුතුයි. "

"ක්‍රීඩාවේදී ශරීරයෙන් ඉවත් වන ලවණ ප්‍රමාණය නැවත ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රීඩා සංවිධානය තුළම තිබිය යුතුයි. ජලය ලබාදීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. මේ සම්බන්ධව අද පුහුණුකරුවන් වැඩි දෙනෙක් පවා දැනුවත් නෑ. ශරීර ස්කන්ධය අනුව පැය භාගයෙන් භාගයට ලබා දිය යුතු වතුර ප්‍රමාණ ගැන දන්නෙ නෑ. මේ දැනුවත්භාවය නැතිව දරුවෙක් මෙවැනි තරගකාරී ක්‍රීඩාවකට යොමු කිරීම තුළම අවදානමක් තිබෙනවා. යම් විදිහකින් මේ ලවණ ප්‍රමාණය හෝ ජලය ප්‍රමාණය ලබා ගැනීමේ විශාල වෙනසක් වුනොත් දරුවෙකුගේ හෘද අකරණිය සිදු වී මරණය පවා ඇතිවිය හැකියි. උදේ පාන්දර හයට මහපාරට ඇදල දාල ඉතාම අනාරක්ෂිතව රෝඩ් රේස් එකක් දුවන්න පොළඹවන දරුවෙකුට කවදාවත් මේ කියන මූලික විද්‍යාත්මක සූදානම ලැබෙන්නෙ නෑ. මෙවැනි ක්‍රිඩා වලින් දරුවන්ටවත්, ඔවුන්ගේ ක්‍රීඩා අනාගතයටවත් ක්‍රීඩාවටවත් යහපතක් වෙන්නේ නෑ. "

අපේ නොදරුවන්ද අපේ අසීමාන්තික ජීවිත තරගයේ අරමුණු සහගත ගොදුරුය. ඒ ගොදුරුබිමේ බලවතා තරග කර ජයගනී. එහි අධ්‍යාපනයත් තරගයකි. අධ්‍යාපනය හා බැඳුණු ක්‍රිඩාවත් තරගයකි. තවදුරටත් මේ සමාජයේ දරුවෙකුට දරුවෙකුගේ කෙළි ලොල් ළමා කාලයක් නොවේ. යන්තම් අවුරුදු හත වූ මොහොතේ සිට දරුවාව යොමු කරන්නේ ශාප ලත් ශිෂ්‍යත්ව කොඩිවිනය සඳහා සැකසෙන තරගයටය. නිසි පෝෂණයක් රහිතව, ආදරබරය හැඟීමකින් තොරව, කෙළි සෙල්ලමක් සඳහා වන අවකාශ අසුරා දමා අවසානයේ දරුවෙක් ලෙස දරුවෙකුට හිමිවිය සියලු දේ අහිමි කර ඔහුව ඇද දමනා බිහිසුණු අධ්‍යාපන ව්‍යාපාරය අපට මහා බුද්ධිමත් සමාජයක් නිර්මාණය කර දී නැත. සියලු දේ අධ්‍යාපන විෂය මාලාවකට කැපකිරීමෙන් අනතුරුව ක්‍රීඩාව පිළිබඳ සංකල්පයම ඉවත් කරගත්, ඒ සඳහා හුරුවක් හෝ සූදානමක් නැති සමාජයක් සෞඛ්‍ය සම්පන්න සමාජයක් වන්නේත් නැත. අප අබිමුව ඉන්නේ, ඇත්තේ රෝගී සමාජයකි. එහි ජීවත් වන විඩාපත් දරු පරපුරකි. ඔවුන් හුරු කරන ලද යාන්ත්‍රික අධ්‍යාපන ක්‍රියාවලියෙන් එපිට, යථාර්ථයේ සෞන්දර්යය ඔවුන් විසින් ස්පර්ශ කරන්නේ නැත. ඔරොත්තු දීමේ ශක්තියක් නැති තරුණ පිරිසකි. ඔවුන් ජීවිතයේ ප්‍රායෝගික ගැඹුර අත් විඳින්නේ නැත.

දැන් අපට ඉතිරි වී ඇත්තේ බෙලහීන ජාතික් පිළිබඳවන සංවේගාත්මක අනාගත සොහොන් ලකුණුය. අපේ සිහින දියකර හරින්නට සිදුවී ඇත්තේ ඒ අනාගතය තුළය.

- ජානක ලියනආරච්චි

උපුටාගැනීම: දිවයින ඉරිදා සංග්‍රයේ වෙබ් සංස්කරණය

[QUOTE="IDG, post: 14579601, member: 411624"] [b]අපේ දරුවන් ක්‍රීඩා පිටිවල මැරී වැටීම............[/b] [CENTER] [URL="http://4.bp.blogspot.com/-0E0Np_sCabc/UTNufC3tPnI/AAAAAAAAD9M/Q3ByeFAlP3o/s1600/78056892.jpg"][IMG]http://4.bp.blogspot.com/-0E0Np_sCabc/UTNufC3tPnI/AAAAAAAAD9M/Q3ByeFAlP3o/s1600/78056892.jpg[/IMG][/URL][/CENTER] [SIZE=5]දරුවන්ට ක්‍රීඩාව අරුමයක් නොවේ. දරුවෙකුට ක්‍රීඩාව අරුමයක් වන්නේ නම්, නුහුරු අත්දැකීමක් වන්නේ නම්, ඒ දරුවා බිහිව වැඩී ඇත්තේ දරුවෙක් නොවැඩිය යුතු තරමේ ගර්හිත කාලකණ්ණි පරිසරයකය. දරුවෙකුගේ ජීවිතය එම දරුවාගෙන් උදුරාගත් සාහසික වටපිටාවකය. අපට අපේ නොදරුවන් ගැන යළිත් සිතන්නට බලකරනා බරපතළ කියෑවීමක් පසුගිය සති කිහිපය තුළ අපේ දරුපැටව් අපට ජීවිතවලින් වන්දිගෙවා කියා දුන්හ. පාසල් ක්‍රීඩා වාරය ඇරඹෙන්නේය. අත්දැකීම් ප්‍රකාරවම පාසල් දරුවෙකුගේ "වසරේ වසන්තය" මේ වකවානුවය. එහෙත් මේ පාසල් ක්‍රිඩා වාරය ඇරඹී ඇත්තේ මරණයේ භීතියද සමගිනි. ක්‍රීඩා ඉසව්වකට එක්වීම මාරකයක් සේ සලකන මට්ටමට ඒ භීතිය සමහර නිශ්චිත ප්‍රදේශයන්හි පැතිරී තිබේ. [B][COLOR=blue]නොදරුවෝ නිවාසන්තර මලල ක්‍රීඩාවලට එක්වෙති. ක්‍රීඩා කරති. අනතුරුව ක්‍රීඩා පිටිය මත මැරී වැටෙති. එක් සිද්ධියක් වී එහි උණුසුම මැකී යන්නටත් පෙර තවත් සිද්ධියක් වාර්තා වේ. [/COLOR][/B]ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ අරණායක උස්සාපිටිය රිවිසඳ ජාතික පාසලෙනි. එම විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මීටර් 5000 ධාවන ඉසව්වට සහභාගිවන 19 හැවිරිදි දියණියක් පසුගිය 26 වැනිදා සිය මුලික වටයේ තරගවලට සහභාගි වෙමින් සිටියදී ක්‍රීඩාපිටිය මත ඇදවැටී මිය යන්නීය. රෝහලට ඇතුළත් කරනා විටත් මියගොස්ය. මීට මසකට ඉහතදීත් මේ ආකාරයෙන්ම දැරියක් මිය ගියාය. දුර දිවීමේ තරගයකට සහභාගි වු කැළණිය සරසවියේ සිසුවෙක් මීට මාස කීහිපකට පෙර මහපාරෙහි ඇදවැටී මියගොස් තිබිණි. මීට දශක කීපයකට ඉහතදී පාසල් ක්‍රීඩා පිටියේ මැරී වැටෙන දරුවන් ගැන මේ රට අසා තිබුණේ නැත. සෑම කාලයකම මෙවැනි සිදුවීම් වුවද ඒවා වාර්තා නොවූ බවට වන අදහස් ද තිබේ. එහෙත් මේ අකල් මරණ පිළිබඳව සමාජය මීට ඉහතදී මෙතරම් කම්පනයට පත්වී තිබුණේ නැත.[B][COLOR=blue] මේ මොහොත වන විට පාසලේදී නිවාසාන්තර ක්‍රීඩා උළෙලකට සහභාගි වන නොදරුවන්ව මුලික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමටත් ක්‍රීඩා අමාත්‍යංශ සමග එක්ව ඒකාබද්ධ ජාතික වැඩපිළවෙළක් දියත් කිරීමටත් රජයට සිදුවී තිබේ. [/COLOR][/B] [B][COLOR=blue] [/COLOR][/B] [COLOR=blue][B]සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරියට අනුව දැනට අපේ රටේ දරු පරපුරේ සියයට දෙකක් අධිපෝෂණයෙන් යුතුය. නාගරික පරිසරය තුළ මෙම ප්‍රතිශතය සියයට 10 සිට 14 තෙක් දිවෙයි. මේ දරුවෝ දියවැඩියාවට ගොදුරුවීමේ අවදානමකට ලක්ව සිටිති. [/B][/COLOR] [COLOR=blue] [/COLOR] [COLOR=blue]ද[/COLOR]රුවෙකුටවත් නිසි ව්‍යායාමක් ලැබෙන්නේ නැති, නිසි ආහාරයක් ලැබෙන්නේ නැති මේ කාලකණ්ණි තරගයේ නියත ප්‍රතිඵල රටට එක් අංශයකින් ප්‍රකාශ වන්නේ මෙසේය. මෙහි ඇති අතිශයින්ම ශෝකජනක කතාව හෙළිවන්නේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය කළ පරීක්ෂණයකදීය. [B][COLOR=blue]අපේ රටේ වයස අවුරුදු 15 හා 18 අතර දරුවන්ගෙන් සියයට අසූනවයකට ඒ දරුවෙකුට දිනකට ලැබිය යුතු ව්‍යායාම ප්‍රමාණය ලැබෙන්නේ නැත. මේ මිනිසෙකුගේ ජීවිතයේ ජවසම්පන්නම කාල සීමාවය. මේ කාලසීමාවේ ව්‍යායාමයකට හුරු නොවන දරුවන්ට ව්‍යායාමය පිළිබඳ සංකල්පයම නුහුරුය. ඔවුන් ක්‍රිඩා පිටියක ඇද වැටී මිය යැම අපේක්ෂා කළ යුතුය. මේ රට බාරගන්නට සිටින්නේ දරාගැනීමේ ශක්තියක් නැති මේ බෙලහීන අනාගත මිනිසුන්ය.[/COLOR][/B] [B][COLOR=blue] [/COLOR][/B] ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ සංකල්පය මොඩලයක් සේ ප්‍රායෝගික කළ වතුපිටිවල රෝහලේ වෛද්‍ය නිලධාරී පාලිත සමන් ජයකොඩි මේ උද්ගතව ඇති තත්ත්වය සංවාදයට ලක්කරන්නේ මෙසේය. [B][COLOR=blue]ක්‍රීඩාව සෙල්ලමක් නොවේ. එය විනයක් සහිත විද්‍යාවකි. [/COLOR][COLOR=red]ක්‍රීඩාවකට සූදානම් වීම සඳහා නිශ්චිත පුහුණුවක් මෙන්ම කාලයක් අවශ්‍යය. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායම අවශ්‍යය. [/COLOR][COLOR=blue]ක්‍රිඩාවේදී වැදගත් වන හෘද වාහිනී පද්ධතිය හා ස්වසන පද්ධතිය ඒ සඳහා සූදානම් කිරීම මේ මූලික ප්‍රවේශය හරහා සිදුවන්නේය. [/COLOR][COLOR=red]එහෙත් බොහෝ විට ක්‍රිඩාව හුරු නොවූ දරුවන් ක්‍රීඩාවට යොමු කරන්නේ මේ මූලික ප්‍රවේශයද රහිතවය. [/COLOR][/B] [B][COLOR=red] [/COLOR][/B] [COLOR=red][B]මේ අහිංසක දරුවන් ක්‍රීඩා තරඟවලදී මැරී වැටෙන්නේ ක්‍රීඩා තරඟයක නිරතවන විට ශරීරයට ඇතිවන අධික වෙහෙස දරාගැනීමට ඔවුන්ට ක්රමාණුකූල පුහුණුවක් හෝ ක්‍රීඩා තරඟය ආරම්භයට පෙර නිසි ලෙස ශරීරය සූදානම්කරණ ව්‍යායාම (warm-up excercises) නොකිරීමේ වරද නිසාය. [/B][/COLOR] දරුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය හා ඔහුගේ රෝග ඉතිහාසය පිළිබඳ යම් දැනුමක් මව්පියන්ට සේම නුදුරු අතීතයේ දී පාසලක ගුරුවරුන් සතුවද තිබිණි. [B]පෙළපොත ඉගැන්වීමෙන් එපිට අධ්‍යාපනයක් සම්බන්ධ අදහසක් නැති පාසල් සමාජය තුළ මේ අවබෝධය නැතිවීම අරුමයක් වන්නේ නැත.[/B] එමෙන්ම පිට්ටනියට බැස සෙල්ලම් කිරීමට සූදානම් නැති දරුවෙකුගේ සංජානනීය රෝග ගැන අවබෝධයක් කවදාවත් කාටවත් ඇතිවන්නේ නැත. ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත [B][COLOR=blue]වෛද්‍ය චමින්ද රුවන් තුෂාර අද පාසල් ක්‍රිඩා තරගාවලි පවත්වන ආකාරයේ අවිද්‍යාත්මක අශාස්ත්‍රීය ස්වරූපයේ බිහිසුණුකම පිළිබඳ සංවාදයක් උපදවයි.[/COLOR][/B] ඔහුට අනුව ක්‍රිඩාව අශාස්ත්‍රීය විගඩමක් නොවේ. [B][COLOR=blue]බොහෝවිට ක්‍රීඩාවේ විද්‍යාත්මක යථාර්ථය පාසල්වල ක්‍රීඩා භාර ගුරුවරුන්, ක්‍රීඩා උත්සව සංවිධානය කරනා සංවිධායකයන්, මෙන්ම ක්‍රීඩා පුහුණුකරුවන් ද හඳුනාගෙන නැත. [/COLOR][/B][/SIZE][INDENT][SIZE=5] " ක්‍රීඩාවක් සඳහා පූර්ව සූදානමක් තිබිය යුතුයි. ක්‍රිඩාවට යොදවන දරුවන් ඒ ක්‍රීඩාව සඳහා ශාරීරිකව සූදානම්ද කියන එක මූලික වශයෙන්ම සොයාගත යුතුයි. සරල උදාහරණයක් කියන්නම්. හැම ඉස්කෝලෙකම වාගේ ක්‍රිඩා උත්සවයකදි රෝඩ් රේස් එකක් තියනවා. මේක ඉතාම ඉහළ දරාගැනීමේ ශක්තියක් සහිත ක්‍රීඩකයන් සඳහා සම්මත ක්‍රීඩාවක්. මේ තරග ඉසව්වට සහභාගි වන ක්‍රීඩකයෙක් තමන්ගෙ ප්‍රධාන ආහාරය ගන්න ඕන එයට සහභාගි වන වෙලාවට පැය තුනකට කලින්. තරග ඉසව්වට කලින් විනාඩි 45ක් පමණවත් ශරීර උත්තේජක ව්‍යායාම කළ යුතුයි. "[/SIZE][/INDENT][INDENT][SIZE=5] "ක්‍රීඩාවේදී ශරීරයෙන් ඉවත් වන ලවණ ප්‍රමාණය නැවත ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රීඩා සංවිධානය තුළම තිබිය යුතුයි. ජලය ලබාදීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. මේ සම්බන්ධව අද පුහුණුකරුවන් වැඩි දෙනෙක් පවා දැනුවත් නෑ. ශරීර ස්කන්ධය අනුව පැය භාගයෙන් භාගයට ලබා දිය යුතු වතුර ප්‍රමාණ ගැන දන්නෙ නෑ. මේ දැනුවත්භාවය නැතිව දරුවෙක් මෙවැනි තරගකාරී ක්‍රීඩාවකට යොමු කිරීම තුළම අවදානමක් තිබෙනවා. යම් විදිහකින් මේ ලවණ ප්‍රමාණය හෝ ජලය ප්‍රමාණය ලබා ගැනීමේ විශාල වෙනසක් වුනොත් දරුවෙකුගේ හෘද අකරණිය සිදු වී මරණය පවා ඇතිවිය හැකියි. උදේ පාන්දර හයට මහපාරට ඇදල දාල ඉතාම අනාරක්ෂිතව රෝඩ් රේස් එකක් දුවන්න පොළඹවන දරුවෙකුට කවදාවත් මේ කියන මූලික විද්‍යාත්මක සූදානම ලැබෙන්නෙ නෑ. මෙවැනි ක්‍රිඩා වලින් දරුවන්ටවත්, ඔවුන්ගේ ක්‍රීඩා අනාගතයටවත් ක්‍රීඩාවටවත් යහපතක් වෙන්නේ නෑ. "[/SIZE][/INDENT][SIZE=5]අපේ නොදරුවන්ද අපේ අසීමාන්තික ජීවිත තරගයේ අරමුණු සහගත ගොදුරුය. ඒ ගොදුරුබිමේ බලවතා තරග කර ජයගනී. එහි අධ්‍යාපනයත් තරගයකි. අධ්‍යාපනය හා බැඳුණු ක්‍රිඩාවත් තරගයකි. තවදුරටත් මේ සමාජයේ දරුවෙකුට දරුවෙකුගේ කෙළි ලොල් ළමා කාලයක් නොවේ. යන්තම් අවුරුදු හත වූ මොහොතේ සිට දරුවාව යොමු කරන්නේ ශාප ලත් ශිෂ්‍යත්ව කොඩිවිනය සඳහා සැකසෙන තරගයටය. නිසි පෝෂණයක් රහිතව, ආදරබරය හැඟීමකින් තොරව, කෙළි සෙල්ලමක් සඳහා වන අවකාශ අසුරා දමා අවසානයේ දරුවෙක් ලෙස දරුවෙකුට හිමිවිය සියලු දේ අහිමි කර ඔහුව ඇද දමනා බිහිසුණු අධ්‍යාපන ව්‍යාපාරය අපට මහා බුද්ධිමත් සමාජයක් නිර්මාණය කර දී නැත. සියලු දේ අධ්‍යාපන විෂය මාලාවකට කැපකිරීමෙන් අනතුරුව ක්‍රීඩාව පිළිබඳ සංකල්පයම ඉවත් කරගත්, ඒ සඳහා හුරුවක් හෝ සූදානමක් නැති සමාජයක් සෞඛ්‍ය සම්පන්න සමාජයක් වන්නේත් නැත. අප අබිමුව ඉන්නේ, ඇත්තේ රෝගී සමාජයකි. එහි ජීවත් වන විඩාපත් දරු පරපුරකි. ඔවුන් හුරු කරන ලද යාන්ත්‍රික අධ්‍යාපන ක්‍රියාවලියෙන් එපිට, යථාර්ථයේ සෞන්දර්යය ඔවුන් විසින් ස්පර්ශ කරන්නේ නැත. ඔරොත්තු දීමේ ශක්තියක් නැති තරුණ පිරිසකි. ඔවුන් ජීවිතයේ ප්‍රායෝගික ගැඹුර අත් විඳින්නේ නැත. දැන් අපට ඉතිරි වී ඇත්තේ බෙලහීන ජාතික් පිළිබඳවන සංවේගාත්මක අනාගත සොහොන් ලකුණුය. අපේ සිහින දියකර හරින්නට සිදුවී ඇත්තේ ඒ අනාගතය තුළය. - ජානක ලියනආරච්චි [B]උපුටාගැනීම: දිවයින ඉරිදා සංග්‍රයේ වෙබ් සංස්කරණය[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom