Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා ...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොරටුවේ වඩු පවුලක ඉපදුණ ඇල්බට් පෙරේරා

ලංකාවේ සංගීත ක්ෂේත්රයේ අග තැන්හි වැජඹුණ ආචාර්ය ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ගේ ආරම්භය ගැන පැරණි පරපුර දැන සිටියත් අලූත් පරපුර දන්නේ අඩුවෙනි. ඇල්බට් පෙරේරා යන උපන් නම ඇතිව වඩු කාර්මිකයෙකුගේ පුතෙකුව ඉපදී පසුව ජනතා අරමුදලකින් සංගීතය හදාරා ඔහු ඉහළට ආ හැටිත් පසු කලෙක ඇල්බට් නම වෙනස් කර අමරදේවයන් වී සිංහල සංගීත ක්ෂේත්රය දිග්විජය කළ හැටිත් සමහරුන් නොදනී.

අමරදේවයන් විසින්ම තම අතීත පුවත මින් වසර හතරකට පමණ ඉහත 2012 දී මෙසේ හෙළි කර තිබේ.

‘මගේ පියා වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. ඒ නිසා නිතරම අලූත්වැඩියාව සඳහා වයලින් 10 ක් 15 ක් විතර ගෙදර තිබෙනවා. මම ඒවා වාදනය කරලා. සංගීතය ගැන කිසියම් ප්‍රාථමික මට්ටමේ දැනුමක් ලබාගෙන තිබුණා. අවුරුදු හතේ, අටේ ඉඳන්ම මම බඹර තත්, කොවුල් තත් ගැන යමක් කමක් දන්නවා. නමුත් හොඳ සංගීතඥයෙක් වෙන්න නම් සංගීත සම්ප්රදාය පිළිබඳ ශාස්ත්රාලයීය දැනුමක් තිබිය යුතුය කියන හැගීම මගේ හිතේ මුල ඉඳන්ම තිබුණා.

මමත් අපේ රටේ බොහෝ ගායක ගායිකාවන් වගේම පල්ලියේ කන්තාරු සංගීත කණ්ඩායම්වලින් බිහිවූ ගායකයෙක්. ඇත්ත වශයෙන්ම. මගේ පියා බෞද්ධ වුණාට මගේ මවු මෙතෝදිස්ත. ඒ නිසා මම ඇයත් එක්ක පල්ලි යනවා. ඒ ආගමික පසුබිම තමයි මට පල්ලියේ කන්තාරු සංගීත කණ්ඩායමට බැෙක්‍ෂන්න හේතුවුණේ. දන්නවද, මමත් නත්තල් කැරොල් සින්දු කියලා තිබෙනවා.

ආනන්ද සමරකෝන්ගේ ඇසේ මධුර ජීවනයේ ගීතා සින්දුව ඇහුවයින් පස්සේ තමයි මටත් හිතුණේ ඒ වගේ නිර්මාණය කළ හැකිය කියලා. සුනිල් සාන්තට තිබ්බේ පල්ලියේ කන්තාරු සංගීත ආභාසය. සමරකෝන්ට බලපෑවේ රබින්ද්‍ර සංගීතය.

1953 දී මය සංගීතය හදාරන්න ඕන වුණා.. මට ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙනගන්න සල්ලි තිබ්බෙ නැහැ. මහා පත්රකලාවේදී ඞී.බී. ධනපාල සූරීන් තමයි ලංකාදීප පත්තරෙන් අරමුදලක් පිහිටුවලා මට ඉන්දියාවට යන්න මුදල් සොයා දුන්නේ. ඒකට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රත් එක් වුණා. අපේ රටේ සමහර ගායකයන්ට කියනවනේ ජනතාවාදී ගායකයා, පොදුජන ගායකයා කියලා.

ඇත්ත වශයෙන්ම මම තමයි පොදු ජනතාවගේ ගායකයා. මොකද මේ රටේ සංගීතකාමි ජනයාගේ රුපියලෙන් දෙකෙන් තමයි මම ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙනගත්තේ. මම ඔවුන්ට මගේ හිස නමා ආචාරය පුදකරනවා. ඉන්දියාවෙදි මට මාසයකට වියදම් වුණේ රුපියල් 200 යි. ඒ මුදල මට ලැබුණේ මේ අරමුදලෙන්. අවුරුදු හතරක්ම මම හිටියේ ඒ මුදල් ආධාරයෙන්.

මට ලක්නව්වලට ගියේ ධනුස්කොඩියෙන් බැහැලා කෝච්චියෙන්. මොකද, ඒක මගේ මුල්ම විදේශීය සංචාරය. තනිව රටින් බැහැරව ගිය මුල්ම ගමන. ඒ නිසා ඒ ගමන මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. භාත්ඛණ්ඬේ සංගීත විද්‍යාලයට ඇතුළු වන තැනම සිහින් සිරුරකින් යුතු පුද්ගලයෙක් සිටිනු මම දැක්කා. මට හිතුණේ ඔහු පියන් කෙනෙක් වෙන්න ඇති කියලා. මම ඇහැව්වා ඔහුගෙන් කවුද විදුහල්පතිතුමා, එතුමා කොහෙද ඉන්නේ කියලා. ඔහු හිනාවෙලා කිව්වා මම තමයි විදුහල්පති කියලා.

ඒ තමයි පණ්ඩිත් ක්රිෂ්ණ නාරායන රතන් ජංකර්. ඊට කලකට ඉහත එතුමා ලංකාවට පැමිණියා. ඒ අපිව වර්ගීකරණය කරන්න. මා ගායකයෙක් හා වාදකයෙක් විදියට විශිෂ්ට ශේණියට වර්ගීකරණය වුණේ ඒ අවස්ථාවේ. ගායන ක්ෂේත්රයෙන් විශිෂ්ට ශ්‍රේණිය ලැබුවේ කෝකිල දේවි වීරතුංගත් මමත් විතරයි. එතුමා මාව විද්‍යාලයේ

හොඳම වයලින් ගුරුවරයා වූ ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග් වෙත යොමුකළා. මම විද්‍යාලයේත්, විෂ්ණු ගෝවින්ද් තුමාගේ නිවෙසේත් වයලින් වාදනය ප්‍රගුණ කළා. අවසානයේ මට එතුමාගේ හොඳම ශිෂ්‍යයා බවට පත්වුණා.

එතුමා මා ගැන කොයිතරම් පැහැදුණාද කිවහොත් එතුමා ගේ මුණුබුරෙකුට තිබ්බේ මගේ නම. ඒ අමරදේව විජය ජෝග් යනුවෙන්.

මගේ මුල් නම ඇල්බට් පෙරේරා අමරදේව කියා මහාචාර්ය සරච්චන්ද්‍ර නම වෙනස් කරා.

ගුණදාස අමරසේකරත් මට නමක් දැම්මනේ. මේඝවර්ණ කියලා. එදා අමරදේව නම නොයෙදුණානම් අද මගේ නම ඩබ්ලිව්. ඞී. මේඝවර්ණ.

මම කවදත් ධනය රැස් කරපු කෙනෙක් නෙමෙයි. කෑමට මුකුත් නැත්නම් කැඳ උගුරක් හරි බීලා ජීවත්වෙන්න පුළුවන්කම මටත් මගේ බිරියටත් තිබුණා.

මම මැරෙන තුරා නිර්මාණකරණය හමාර කරන් නැහැ. අපේ මොළේ සෛල ඔක්කොම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ වගේ මම මෙතෙක් ප්‍රයෝජනයට අරන් තියෙන්නේ මගේ ප්‍රතිභා ශක්තියෙන් ස්වල්පයක් පමණයි. කළ දේට වඩා නොකළ දේ වැඩියි. මගේ හොඳම නිර්මාණ බිහිවන්නේ ඉදිරියේදි.

ඕනෑම කෙනකුට කිසියම් අරමුණක් තියෙන්න ඕනැ. එහෙම නැතුව කිසිම දෙයක් සාර්ථකව කරන්න බැහැ.

අනිත් දේ බුදු හාමුදුරුවෝ දේශනා කර වදාළ මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවිතය ගෙනයාම වැදගත්.

උන්වහන්සේ ඔය ධර්මානුශාසනාව කළේ සෝන තෙරුන්ටයි. සෝන තෙරුන් කලින් හොඳ වීණා වාදකයෙක්. වීණාවේ තතක් වැඩිය තද කළොත් හොඳ හඬක් එයි ද? වැඩිය බුරුල් කළොත් ඒත් හොඳ හඬක් එයි ද? නැහැ. ඒක සුභාවිත රසයක් වන්නේ නැහැ. ඒක කළ යුත්තේ මධ්‍යම ප්‍රමාණයෙන්. නියම නාදය බිහිවන්නේ එතකොටයි. වැඩි වෙන්නත් හොඳ නැහැ අඩුවෙන්නත් හොඳ නැහැ. ඒක තමයි ජීවිතය.‘

උපුටනයකි..

[QUOTE="ElaBaba, post: 29248113, member: 567634"] [B]මොරටුවේ වඩු පවුලක ඉපදුණ ඇල්බට් පෙරේරා[/B] ලංකාවේ සංගීත ක්ෂේත්රයේ අග තැන්හි වැජඹුණ ආචාර්ය ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ගේ ආරම්භය ගැන පැරණි පරපුර දැන සිටියත් අලූත් පරපුර දන්නේ අඩුවෙනි. ඇල්බට් පෙරේරා යන උපන් නම ඇතිව වඩු කාර්මිකයෙකුගේ පුතෙකුව ඉපදී පසුව ජනතා අරමුදලකින් සංගීතය හදාරා ඔහු ඉහළට ආ හැටිත් පසු කලෙක ඇල්බට් නම වෙනස් කර අමරදේවයන් වී සිංහල සංගීත ක්ෂේත්රය දිග්විජය කළ හැටිත් සමහරුන් නොදනී. අමරදේවයන් විසින්ම තම අතීත පුවත මින් වසර හතරකට පමණ ඉහත 2012 දී මෙසේ හෙළි කර තිබේ. ‘මගේ පියා වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. ඒ නිසා නිතරම අලූත්වැඩියාව සඳහා වයලින් 10 ක් 15 ක් විතර ගෙදර තිබෙනවා. මම ඒවා වාදනය කරලා. සංගීතය ගැන කිසියම් ප්‍රාථමික මට්ටමේ දැනුමක් ලබාගෙන තිබුණා. අවුරුදු හතේ, අටේ ඉඳන්ම මම බඹර තත්, කොවුල් තත් ගැන යමක් කමක් දන්නවා. නමුත් හොඳ සංගීතඥයෙක් වෙන්න නම් සංගීත සම්ප්රදාය පිළිබඳ ශාස්ත්රාලයීය දැනුමක් තිබිය යුතුය කියන හැගීම මගේ හිතේ මුල ඉඳන්ම තිබුණා. මමත් අපේ රටේ බොහෝ ගායක ගායිකාවන් වගේම පල්ලියේ කන්තාරු සංගීත කණ්ඩායම්වලින් බිහිවූ ගායකයෙක්. ඇත්ත වශයෙන්ම. මගේ පියා බෞද්ධ වුණාට මගේ මවු මෙතෝදිස්ත. ඒ නිසා මම ඇයත් එක්ක පල්ලි යනවා. ඒ ආගමික පසුබිම තමයි මට පල්ලියේ කන්තාරු සංගීත කණ්ඩායමට බැෙක්‍ෂන්න හේතුවුණේ. දන්නවද, මමත් නත්තල් කැරොල් සින්දු කියලා තිබෙනවා. ආනන්ද සමරකෝන්ගේ ඇසේ මධුර ජීවනයේ ගීතා සින්දුව ඇහුවයින් පස්සේ තමයි මටත් හිතුණේ ඒ වගේ නිර්මාණය කළ හැකිය කියලා. සුනිල් සාන්තට තිබ්බේ පල්ලියේ කන්තාරු සංගීත ආභාසය. සමරකෝන්ට බලපෑවේ රබින්ද්‍ර සංගීතය. 1953 දී මය සංගීතය හදාරන්න ඕන වුණා.. මට ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙනගන්න සල්ලි තිබ්බෙ නැහැ. මහා පත්රකලාවේදී ඞී.බී. ධනපාල සූරීන් තමයි ලංකාදීප පත්තරෙන් අරමුදලක් පිහිටුවලා මට ඉන්දියාවට යන්න මුදල් සොයා දුන්නේ. ඒකට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රත් එක් වුණා. අපේ රටේ සමහර ගායකයන්ට කියනවනේ ජනතාවාදී ගායකයා, පොදුජන ගායකයා කියලා. ඇත්ත වශයෙන්ම මම තමයි පොදු ජනතාවගේ ගායකයා. මොකද මේ රටේ සංගීතකාමි ජනයාගේ රුපියලෙන් දෙකෙන් තමයි මම ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙනගත්තේ. මම ඔවුන්ට මගේ හිස නමා ආචාරය පුදකරනවා. ඉන්දියාවෙදි මට මාසයකට වියදම් වුණේ රුපියල් 200 යි. ඒ මුදල මට ලැබුණේ මේ අරමුදලෙන්. අවුරුදු හතරක්ම මම හිටියේ ඒ මුදල් ආධාරයෙන්. මට ලක්නව්වලට ගියේ ධනුස්කොඩියෙන් බැහැලා කෝච්චියෙන්. මොකද, ඒක මගේ මුල්ම විදේශීය සංචාරය. තනිව රටින් බැහැරව ගිය මුල්ම ගමන. ඒ නිසා ඒ ගමන මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. භාත්ඛණ්ඬේ සංගීත විද්‍යාලයට ඇතුළු වන තැනම සිහින් සිරුරකින් යුතු පුද්ගලයෙක් සිටිනු මම දැක්කා. මට හිතුණේ ඔහු පියන් කෙනෙක් වෙන්න ඇති කියලා. මම ඇහැව්වා ඔහුගෙන් කවුද විදුහල්පතිතුමා, එතුමා කොහෙද ඉන්නේ කියලා. ඔහු හිනාවෙලා කිව්වා මම තමයි විදුහල්පති කියලා. ඒ තමයි පණ්ඩිත් ක්රිෂ්ණ නාරායන රතන් ජංකර්. ඊට කලකට ඉහත එතුමා ලංකාවට පැමිණියා. ඒ අපිව වර්ගීකරණය කරන්න. මා ගායකයෙක් හා වාදකයෙක් විදියට විශිෂ්ට ශේණියට වර්ගීකරණය වුණේ ඒ අවස්ථාවේ. ගායන ක්ෂේත්රයෙන් විශිෂ්ට ශ්‍රේණිය ලැබුවේ කෝකිල දේවි වීරතුංගත් මමත් විතරයි. එතුමා මාව විද්‍යාලයේ හොඳම වයලින් ගුරුවරයා වූ ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග් වෙත යොමුකළා. මම විද්‍යාලයේත්, විෂ්ණු ගෝවින්ද් තුමාගේ නිවෙසේත් වයලින් වාදනය ප්‍රගුණ කළා. අවසානයේ මට එතුමාගේ හොඳම ශිෂ්‍යයා බවට පත්වුණා. එතුමා මා ගැන කොයිතරම් පැහැදුණාද කිවහොත් එතුමා ගේ මුණුබුරෙකුට තිබ්බේ මගේ නම. ඒ අමරදේව විජය ජෝග් යනුවෙන්. මගේ මුල් නම ඇල්බට් පෙරේරා අමරදේව කියා මහාචාර්ය සරච්චන්ද්‍ර නම වෙනස් කරා. ගුණදාස අමරසේකරත් මට නමක් දැම්මනේ. මේඝවර්ණ කියලා. එදා අමරදේව නම නොයෙදුණානම් අද මගේ නම ඩබ්ලිව්. ඞී. මේඝවර්ණ. මම කවදත් ධනය රැස් කරපු කෙනෙක් නෙමෙයි. කෑමට මුකුත් නැත්නම් කැඳ උගුරක් හරි බීලා ජීවත්වෙන්න පුළුවන්කම මටත් මගේ බිරියටත් තිබුණා. මම මැරෙන තුරා නිර්මාණකරණය හමාර කරන් නැහැ. අපේ මොළේ සෛල ඔක්කොම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ වගේ මම මෙතෙක් ප්‍රයෝජනයට අරන් තියෙන්නේ මගේ ප්‍රතිභා ශක්තියෙන් ස්වල්පයක් පමණයි. කළ දේට වඩා නොකළ දේ වැඩියි. මගේ හොඳම නිර්මාණ බිහිවන්නේ ඉදිරියේදි. ඕනෑම කෙනකුට කිසියම් අරමුණක් තියෙන්න ඕනැ. එහෙම නැතුව කිසිම දෙයක් සාර්ථකව කරන්න බැහැ. අනිත් දේ බුදු හාමුදුරුවෝ දේශනා කර වදාළ මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවිතය ගෙනයාම වැදගත්. උන්වහන්සේ ඔය ධර්මානුශාසනාව කළේ සෝන තෙරුන්ටයි. සෝන තෙරුන් කලින් හොඳ වීණා වාදකයෙක්. වීණාවේ තතක් වැඩිය තද කළොත් හොඳ හඬක් එයි ද? වැඩිය බුරුල් කළොත් ඒත් හොඳ හඬක් එයි ද? නැහැ. ඒක සුභාවිත රසයක් වන්නේ නැහැ. ඒක කළ යුත්තේ මධ්‍යම ප්‍රමාණයෙන්. නියම නාදය බිහිවන්නේ එතකොටයි. වැඩි වෙන්නත් හොඳ නැහැ අඩුවෙන්නත් හොඳ නැහැ. ඒක තමයි ජීවිතය.‘ [I]උපුටනයකි..[/I] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom