Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අබූබකර්_ඝාතන_මෙහෙයුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අබූබකර්_ඝාතන_මෙහෙයුම

ඔත්තුව ලබා ගෙන ඇත්තේ ISIS නායකයාගේ බිරිදකගෙන්

ලෝකයටම විශාල පිළිලයක් වී සිටි ISIS නායක අබු බක්කර් අල්-බග්ඩාඩි සැගවි සිටින ස්ථානය සම්බන්ධයෙන් අමෙරිකානු හමුදාවට තොරතුරු ලබා ගත හැකි වුයේ ත්‍රස්ත නායකයාගේම බිරිදකගේ මාර්ගයෙන් බව වාර්තා වේ.

එමෙන්ම IS නායකයා ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙහෙයුම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඉහල පෙලේ ආරක්ෂක නිලධාරින් ධවල මන්දිරයේ පිහිටි විශේෂ මෙහෙයුම් මැදිරියේ ඇති පුළුල් තිරය ඔස්සේ සජිවීව නැරඹු බවද සදහන් වේ.

සිරියාවේදි IS සංවිධානය ලද පරාජයෙන් අනතුරුව ඉරාකය, තුර්කිය ආශ්රිත දේශසිමාව ආසන්නයේ සිටි සිය ආරක්ෂිත නිවාස කිහිපයකට ISIS නායකයා වරින් වර යමින් සංක්රමිණික ජිවිතයක් ගත කර ඇති බවට කරුණු හෙළිවි තිබුණි.

මිට මාසයකට පමණ ඉහතදි ඉරාක සහ කුර්දි බලධාරින් විසින් IS නායකයාගේ බිරින්දෑවරුන් ගෙන් එක් අයෙක් සහ ඇගේ ඥාති සහෝදරයෙක් සහ බග්ඩාඩිගේ විශ්වාසවන්තම පණිවිඩ හුවමාරු කරන්නෙකුගේ බිරිදක් අත් අඩංගුවට ගෙන තිබුණි. ඒ ඉරාකයේ සිදුකල හදිසි සෝදිසි මෙහෙයුමක් අතර වාරයේදීය.

එලෙස අත් අඩංගුවට ගනු ලැබු පිරිසගෙන් හෙළිවු කරුණු අනුව IS නායකයා සැගවී සිටින තුර්කී දේශසිමාවට යාබද ඉඩිලිබ් හි පිහිටි බරිෂා නම් ග්‍රාමයේ මායිමට වන්නට පිහිටි එම නිවෙස සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනිමට සමත් වී ඇත.

එලෙස හෙළිකර ගැනිමට සමත්වු තොරතුරු අමෙරිකානු CIA ඔත්තු සේවය මගින් සනාථ කර ගැනිමෙන් පසුව ලොව අංක එකේ ත්‍රස්ත නායකයා ඉලක්ක කර ගනිමින් සිදුකරනු ලබන මෙහෙයුමට අදාල පිඹුරුපත් සැකසිමේ වගකීම ආරක්ෂක බලධාරින්ට පැවරි තිබුණි.

ඒ අනුව මෙම මෙහෙයුම සදහා ඩෙල්ටා ෆෝස් නමින් හදුන්වන විශේෂ බලකාය සහ රේන්ජස් නම් විශේෂ බලඝණයේ සෙබළුන් 70ක් යොදවා ගැනිමට තීරණය කරනු ලැබීය.

එම සොල්දාදුවන්ට අමතරව පුපුරණ ද්‍රව්‍ය හා මර උගුල් නිෂ්ක්‍රිය කිරිමට අවශ්‍ය රොබෝ උපකරණ සහ ලුහුබැද යාමට දක්ෂ නිල සුනඛයින් ද මෙම මෙහෙයුමට එක් කිරිමට බලධාරින් පියවර ගෙන තිබුණි.

මෙම පිරිස කණ්ඩායම් 07කට වෙන් කිරිමෙන් පසුව ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරක් ඔස්සේ හෙලිකොප්ටර් යානා 07ක් ඔස්සේ කිලෝමිටර් 500ක් දුරින් පිහිටි සිය ඉලක්කය වෙත ගමන් කිරිමට සියල්ල සැලසුම් සකස් කොට එය අමෙරිකානු ජනාධිපතිවරයාගේ අවසන් අනුමැතියට යොමු කිරිමට පෙන්ටගනයේ ආරක්ෂක මෙහෙයුම් මණ්ඩලය පියවර ගෙන තිබුණි. ඒ අනුව IS නායකයා ඉලක්ක කර ගත් එම භාරදුර මෙහෙයුම සදහා ජනාධිපති ට්‍රම්ප් පසුගිය සදුදා සිය අනුමැතිය ලබාදුන් බව වාර්තා විය.

ඉන් අනතුරුව ඉඩ්ලිබ් ප්‍රාන්තයේ පිහිටි බරීෂා ගම්මානයේ ඇති ආරක්ෂිත නිවෙසට IS නායකයා පැමිණ නොසිටිම නිසා දින හතරක කාලයක් බලා සිටිමට අමෙරිකානු භට පිරිස් වලට සිදුවිය.අවසානයේදි IS නායකයා සිය නිවෙස වෙත පැමිණ ඇති බවට තහවුරු කර ගැනිමෙන් අනතුරුව ඉරාකයේ ස්ථානගත කර සිටි අමෙරිකානු විශේෂ බලකායේ සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානා සිය ඉලක්කය වෙත ගමන් ආරම්භ කරන ලදී.

තුර්කී දේශසිමාව ආසන්නයේ පිහිටි එම ඉලක්කය වෙතට අමෙරිකානු හෙලිකොප්ටර් ගමන් කිරිමේදි ඔවුන්ට රුසියානු, සිරියාව සහ තුර්කි ගුවන් කළාප හරහා ගමන් කිරිමට සිදුවිම ඉතා භයානක කරුණක් විය..

කෙසේ වුවත් එම අදාල ගුවන් කලාප පසු කිරිමේදී එක්වර අමෙරිකානු හෙලිකොප්ටර් යානා 07ක් ගමන් කිරිම සම්බන්ධයෙන් අදාල රටවල් වල බලධාරින් විමසා සිටි අවස්ථාවේදි අමෙරිකාවේ බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ “ඔබලා වැඩියෙන්ම අපේක්ෂා කරමින් සිටින දෙයක් සිදුවිමට යනවා” යන්න පමණයි. ඒ හැර සිය හමුදාවන් IS නායකයා ඉලක්ක කර ගනිමින් මෙහෙයුමක් සිදුකරන බවට කරුණු හෙලි නොකිරිමට අමෙරිකානු බලධාරින් පියවර ගෙන තිබුණි.

සිය නියමිත ඉලක්කය වෙත පැමිණිමත් සමග IS නායකයාගේ නිවෙස සහ ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි ත්‍රස්තවාදින් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු හමුදාවේ Chinooks සහ Black Hawk වර්ගයේ හෙලිකොප්ටර් යානා වලින් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින්ම ආරක්ෂා සහිතව විශේෂ බලකායේ සෙබළුන්ව නියමිත ඉලක්කය වෙත ගොඩ බැස්සවිමට කටයුතු කරනු ලැබ තිබේ.

අමෙරිකානු විශේෂ බලකායේ සෙබළුන් විසින් IS නායකයා රැදි සිටි නිවසේ ඉදිරිපස ගේට්ටුවේ පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බවට ඇතිවු සැකය හේතුවෙන් ඔවුන් නිවෙසේ තාප්පයක් ආරක්ෂා සහිතව පුපුරුවා හරිමින් නිවෙස තුලට ඇතුල්විමත් සමග එහි සිටි ත්රස්තයින්ගෙන් හමුදාවන්ට ප්‍රහාරයක් එල්ලවි තිබුණි.

එම ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන් හමුදා සෙබළුන් එහිදි IS නායකයාගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු ඇතුළු ත්‍රස්තයින් 05 දෙනෙකු මරා දැමිමට සමත් විය.

එම නිවෙසේ සිටි ඇතැම් ත්‍රස්තයින් මින් ඉදිරියට සිදුකිරිමට දෙයක් නොමැති බවට තේරුම්බ් ගැනිම නිසා අමෙරිකානු භට පිරිස් ඉදිරියේ යටත් වු බව වාර්තා වේ.මේ අතර එම නිවෙසේ සිටි IS නායකයාගේ දරුවන් 11 දෙනෙකු සිය භාරයට ගැනිමට හැකිව තිබේ.

එම පිරිසගෙන් ප්‍රශ්න කිරිමේදි හෙලිවි ඇත්තේ IS නායකයා ඔහුගේ තවත් දරුවන් තිදෙනෙකුත් සමගින් නිවෙස ආසන්නයේ ඇති උමගක් ඔස්සේ පළා යමින් සිටින බවයි.

ඒ අනුව අමෙරිකානු භටයින් අදාල උමග තුලට පිවිසි IS නායකයා ලුහුබැද යාම ආරම්භ කෙරුනු අතර අවසානයේදී තමන්ට ගැලවිමට කිසිදු ඉඩක් නොමැති බව වටහා ගත් ඔහු සිය දරුවන් තිදෙනා සමග මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් පුපුරුවා ගෙන සියදිවි හානිකර ගනු ලැබු බව වාර්තා වේ.

බෝම්බයක් පුපුරුවා හරිමින් මියගියේ IS නායකයාමද යන්න තහවුරු කර ගැනිමට ඔහුගේ සිරූරේ කොටස් සොයා ගැනිම සදහා කඩා වැටි තිබු උමගේ කොටස් ඉවත් කොට අවශ්‍ය පියවරගත් අමෙරිකානු භටයින් ඔහුගේ නිවෙසේ තිබු සියළුම දුරකථන, විද්‍යුත් උපාංග සහ ලියවිලි සිය භාරයට ගෙන තිබේ..

පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම මෙහෙයුම අවසානයේ අමෙරිකානු භටයින් සිය ඉලක්කය සපුරා ගැනිමෙන් අනතුරුව යළි ඉරාකය බලා ගමන් ඇරඹු අතර IS නායකයාගේ නිවෙස වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කොට එය සම්පුර්ණයෙන්ම විනාශ කිරිමට අමෙරිකාව පියවර ගනු ලැබිය.

[QUOTE="ElaBaba, post: 24882603, member: 567634"] [b]අබූබකර්_ඝාතන_මෙහෙයුම[/b] [SIZE="3"]ඔත්තුව ලබා ගෙන ඇත්තේ ISIS නායකයාගේ බිරිදකගෙන් ලෝකයටම විශාල පිළිලයක් වී සිටි ISIS නායක අබු බක්කර් අල්-බග්ඩාඩි සැගවි සිටින ස්ථානය සම්බන්ධයෙන් අමෙරිකානු හමුදාවට තොරතුරු ලබා ගත හැකි වුයේ ත්‍රස්ත නායකයාගේම බිරිදකගේ මාර්ගයෙන් බව වාර්තා වේ. එමෙන්ම IS නායකයා ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙහෙයුම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඉහල පෙලේ ආරක්ෂක නිලධාරින් ධවල මන්දිරයේ පිහිටි විශේෂ මෙහෙයුම් මැදිරියේ ඇති පුළුල් තිරය ඔස්සේ සජිවීව නැරඹු බවද සදහන් වේ. සිරියාවේදි IS සංවිධානය ලද පරාජයෙන් අනතුරුව ඉරාකය, තුර්කිය ආශ්රිත දේශසිමාව ආසන්නයේ සිටි සිය ආරක්ෂිත නිවාස කිහිපයකට ISIS නායකයා වරින් වර යමින් සංක්රමිණික ජිවිතයක් ගත කර ඇති බවට කරුණු හෙළිවි තිබුණි. මිට මාසයකට පමණ ඉහතදි ඉරාක සහ කුර්දි බලධාරින් විසින් IS නායකයාගේ බිරින්දෑවරුන් ගෙන් එක් අයෙක් සහ ඇගේ ඥාති සහෝදරයෙක් සහ බග්ඩාඩිගේ විශ්වාසවන්තම පණිවිඩ හුවමාරු කරන්නෙකුගේ බිරිදක් අත් අඩංගුවට ගෙන තිබුණි. ඒ ඉරාකයේ සිදුකල හදිසි සෝදිසි මෙහෙයුමක් අතර වාරයේදීය. එලෙස අත් අඩංගුවට ගනු ලැබු පිරිසගෙන් හෙළිවු කරුණු අනුව IS නායකයා සැගවී සිටින තුර්කී දේශසිමාවට යාබද ඉඩිලිබ් හි පිහිටි බරිෂා නම් ග්‍රාමයේ මායිමට වන්නට පිහිටි එම නිවෙස සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනිමට සමත් වී ඇත. එලෙස හෙළිකර ගැනිමට සමත්වු තොරතුරු අමෙරිකානු CIA ඔත්තු සේවය මගින් සනාථ කර ගැනිමෙන් පසුව ලොව අංක එකේ ත්‍රස්ත නායකයා ඉලක්ක කර ගනිමින් සිදුකරනු ලබන මෙහෙයුමට අදාල පිඹුරුපත් සැකසිමේ වගකීම ආරක්ෂක බලධාරින්ට පැවරි තිබුණි. ඒ අනුව මෙම මෙහෙයුම සදහා ඩෙල්ටා ෆෝස් නමින් හදුන්වන විශේෂ බලකාය සහ රේන්ජස් නම් විශේෂ බලඝණයේ සෙබළුන් 70ක් යොදවා ගැනිමට තීරණය කරනු ලැබීය. එම සොල්දාදුවන්ට අමතරව පුපුරණ ද්‍රව්‍ය හා මර උගුල් නිෂ්ක්‍රිය කිරිමට අවශ්‍ය රොබෝ උපකරණ සහ ලුහුබැද යාමට දක්ෂ නිල සුනඛයින් ද මෙම මෙහෙයුමට එක් කිරිමට බලධාරින් පියවර ගෙන තිබුණි. මෙම පිරිස කණ්ඩායම් 07කට වෙන් කිරිමෙන් පසුව ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරක් ඔස්සේ හෙලිකොප්ටර් යානා 07ක් ඔස්සේ කිලෝමිටර් 500ක් දුරින් පිහිටි සිය ඉලක්කය වෙත ගමන් කිරිමට සියල්ල සැලසුම් සකස් කොට එය අමෙරිකානු ජනාධිපතිවරයාගේ අවසන් අනුමැතියට යොමු කිරිමට පෙන්ටගනයේ ආරක්ෂක මෙහෙයුම් මණ්ඩලය පියවර ගෙන තිබුණි. ඒ අනුව IS නායකයා ඉලක්ක කර ගත් එම භාරදුර මෙහෙයුම සදහා ජනාධිපති ට්‍රම්ප් පසුගිය සදුදා සිය අනුමැතිය ලබාදුන් බව වාර්තා විය. ඉන් අනතුරුව ඉඩ්ලිබ් ප්‍රාන්තයේ පිහිටි බරීෂා ගම්මානයේ ඇති ආරක්ෂිත නිවෙසට IS නායකයා පැමිණ නොසිටිම නිසා දින හතරක කාලයක් බලා සිටිමට අමෙරිකානු භට පිරිස් වලට සිදුවිය.අවසානයේදි IS නායකයා සිය නිවෙස වෙත පැමිණ ඇති බවට තහවුරු කර ගැනිමෙන් අනතුරුව ඉරාකයේ ස්ථානගත කර සිටි අමෙරිකානු විශේෂ බලකායේ සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානා සිය ඉලක්කය වෙත ගමන් ආරම්භ කරන ලදී. තුර්කී දේශසිමාව ආසන්නයේ පිහිටි එම ඉලක්කය වෙතට අමෙරිකානු හෙලිකොප්ටර් ගමන් කිරිමේදි ඔවුන්ට රුසියානු, සිරියාව සහ තුර්කි ගුවන් කළාප හරහා ගමන් කිරිමට සිදුවිම ඉතා භයානක කරුණක් විය.. කෙසේ වුවත් එම අදාල ගුවන් කලාප පසු කිරිමේදී එක්වර අමෙරිකානු හෙලිකොප්ටර් යානා 07ක් ගමන් කිරිම සම්බන්ධයෙන් අදාල රටවල් වල බලධාරින් විමසා සිටි අවස්ථාවේදි අමෙරිකාවේ බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ “ඔබලා වැඩියෙන්ම අපේක්ෂා කරමින් සිටින දෙයක් සිදුවිමට යනවා” යන්න පමණයි. ඒ හැර සිය හමුදාවන් IS නායකයා ඉලක්ක කර ගනිමින් මෙහෙයුමක් සිදුකරන බවට කරුණු හෙලි නොකිරිමට අමෙරිකානු බලධාරින් පියවර ගෙන තිබුණි. සිය නියමිත ඉලක්කය වෙත පැමිණිමත් සමග IS නායකයාගේ නිවෙස සහ ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි ත්‍රස්තවාදින් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු හමුදාවේ Chinooks සහ Black Hawk වර්ගයේ හෙලිකොප්ටර් යානා වලින් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින්ම ආරක්ෂා සහිතව විශේෂ බලකායේ සෙබළුන්ව නියමිත ඉලක්කය වෙත ගොඩ බැස්සවිමට කටයුතු කරනු ලැබ තිබේ. අමෙරිකානු විශේෂ බලකායේ සෙබළුන් විසින් IS නායකයා රැදි සිටි නිවසේ ඉදිරිපස ගේට්ටුවේ පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බවට ඇතිවු සැකය හේතුවෙන් ඔවුන් නිවෙසේ තාප්පයක් ආරක්ෂා සහිතව පුපුරුවා හරිමින් නිවෙස තුලට ඇතුල්විමත් සමග එහි සිටි ත්රස්තයින්ගෙන් හමුදාවන්ට ප්‍රහාරයක් එල්ලවි තිබුණි. එම ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන් හමුදා සෙබළුන් එහිදි IS නායකයාගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු ඇතුළු ත්‍රස්තයින් 05 දෙනෙකු මරා දැමිමට සමත් විය. එම නිවෙසේ සිටි ඇතැම් ත්‍රස්තයින් මින් ඉදිරියට සිදුකිරිමට දෙයක් නොමැති බවට තේරුම්බ් ගැනිම නිසා අමෙරිකානු භට පිරිස් ඉදිරියේ යටත් වු බව වාර්තා වේ.මේ අතර එම නිවෙසේ සිටි IS නායකයාගේ දරුවන් 11 දෙනෙකු සිය භාරයට ගැනිමට හැකිව තිබේ. එම පිරිසගෙන් ප්‍රශ්න කිරිමේදි හෙලිවි ඇත්තේ IS නායකයා ඔහුගේ තවත් දරුවන් තිදෙනෙකුත් සමගින් නිවෙස ආසන්නයේ ඇති උමගක් ඔස්සේ පළා යමින් සිටින බවයි. ඒ අනුව අමෙරිකානු භටයින් අදාල උමග තුලට පිවිසි IS නායකයා ලුහුබැද යාම ආරම්භ කෙරුනු අතර අවසානයේදී තමන්ට ගැලවිමට කිසිදු ඉඩක් නොමැති බව වටහා ගත් ඔහු සිය දරුවන් තිදෙනා සමග මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් පුපුරුවා ගෙන සියදිවි හානිකර ගනු ලැබු බව වාර්තා වේ. බෝම්බයක් පුපුරුවා හරිමින් මියගියේ IS නායකයාමද යන්න තහවුරු කර ගැනිමට ඔහුගේ සිරූරේ කොටස් සොයා ගැනිම සදහා කඩා වැටි තිබු උමගේ කොටස් ඉවත් කොට අවශ්‍ය පියවරගත් අමෙරිකානු භටයින් ඔහුගේ නිවෙසේ තිබු සියළුම දුරකථන, විද්‍යුත් උපාංග සහ ලියවිලි සිය භාරයට ගෙන තිබේ.. පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම මෙහෙයුම අවසානයේ අමෙරිකානු භටයින් සිය ඉලක්කය සපුරා ගැනිමෙන් අනතුරුව යළි ඉරාකය බලා ගමන් ඇරඹු අතර IS නායකයාගේ නිවෙස වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කොට එය සම්පුර්ණයෙන්ම විනාශ කිරිමට අමෙරිකාව පියවර ගනු ලැබිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom