Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අබෞද්ධ රටවල බෞද්ධ ගති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අබෞද්ධ රටවල බෞද්ධ ගති

source Divaina newspaper

මේක වටිනා ලිපියක් (කම්මැලිකම නැතිව කියවන්න)

කැනඩාවේ ප්‍රධාන සංඝනායක,

රාජකීය පණ්ඩිත

වැහිහේනේ පඤ්ඤාලෝක නාහිමි

වර්තමාන ලෝකයේ භෞතික දියුණුවෙන් උච්චස්ථානයක වැජඹෙන රටවල් අතර ඇමරිකාව කැනඩාව බොහෝ ඉදිරියෙන් සිටින රාජ්‍යයන් ලෙස හැඳින්වීම අසාධාරණයෑයි මම නො සලකමි. ඓතිහාසික සාධක අනුව ඉන්දියාව, ලංකාව වැනි පෙරදිග රටවලට හිමි දියුණු පැරණි සෞභාග්‍ය සම්පන්න කීර්තිමත් අතීතයක් මේ රටවල් සතු නො වූවත්, ශත වර්ෂ දෙකක් තුනක් තරම් මෑත භාගයේ සිට ලබා ඇති සංවර්ධනය හා දියුණුව සැබවින් ම විස්මය ජනක බව සඳහන් කළ යුතුය. නවීන විද්‍යාව, තාක්ෂණය, කාර්මික ඥානය මනුෂ්‍යයා ගේ ශුභ සිද්ධියට හා භෞතික සැප සම්පත් සඳහා උපයෝගී කරගෙන තිබෙන අන්දම ද පුදුම එළවන සුළුය. මෙලොව ජීවත්වන මනුෂ්‍යයන් මොන තරම් සුව පහසුකම් ඇතිව සුඛෝපභෝගී ජීවිත ගත කරනවාදැයි හොඳින් තේරුම් ගත හැක්කේ මේ රටවල වැසියන් ගේ ජීවිත දෙස බැලීමෙනි.

ස්වශක්තිය කෙරෙහි විශ්වාසය තැබීම, උත්සාහයෙන් හා ධෛර්යයෙන් යුතුව කටයුතු කිරීම මොවුන් ලබා ඇති සීග්‍ර දියුණුවට බෙහෙවින් හේතු වූවාට සැක නැත. එසේ ම රටේ පාලකයන් ගේ දූරදර්ශී ඥානය, යුක්ති ගරුක බව හා සාධාරණත්වය ආදී උසස් ගුණ එහිලා විශේෂ අනුබලයක් වූ බව කිව හැකි ය. ඒ නිසාම දක්ෂ කම, උත්සාහය, බුද්ධිය ඇති කවර තරාතිරමේ පුරවැසියකුට වුවද බාධාවකින් තොරව අවහිරයක් නැතිව දියුණු විමට උසස්වීමට අවස්ථාව සැලසී තිබීම ද විශේෂ හේතු ලෙස දැක්විය හැකි ය.

මිනිස්කමේ අගය තේරුම් ගැනීම

ලෝකයේ විවිධ රටවලින් පැමිණ මේ දෙරටෙහි ස්ථිර පදිංචිය ලබා සිටින ජාතීන් ගේ සංඛ්‍යාව අති විශාල ය. ජාති, කුල, ආගම්, භාෂා ආදියෙන් ඔවුන් බෙදී සිටියත් හැම දෙනාට ම සාමයෙන් සමගියෙන් යුතුව සැකෙන් බියෙක් තොරව නිදහසේ සතුටින් ජීවත්වීමට හැකි යහපත් වාතාවරණයක් රට තුළ පැවතීම කාගේ වුව ද ප්‍රසාදයට හේතුවන ශුභ ආරංචියක් වනු නිසැකයි.

1989 අගෝස්තු මාසයේ 17 දින ටොරොන්ටෝ නගරයෙහි පිහිටි CIVIC CENTER නම් ස්ථානයෙහි පැවැති උත්සවයකට අමුත්තකු වශයෙන් සහභාගි වීමට මට ද අවස්ථාව ලැබිණ. කැනඩාවේ පුරවැසිභාවය ලැබීමට සුදුසුකම් ලත් රටවල් 26 කින් තෝරාගත් ස්ත්‍රී පුරුෂයන් 76 දෙනකුට මෙදින පුරවැසිභාවය ප්රදානය කිරීම මෙහි වැදගත් සිද්ධිය ලෙස සඳහන් කළ යුතු ය. අනතුරුව විනිශ්චයකාරතුමා අභිනව පුරවැසියන් අමතා පවත්වනු ලබූ කෙටි සාරවත් දේශනය හැම දෙනා තුළ ම උසස් හැඟීSම් ඇති කිරීමට සමත් වූ අතර එම දේශනයෙහි ඇතුළත් මූලික අදහස සැකෙවින් මෙහි සඳහන් කිරීමට මා කල්පනා කළේ කවර රටක කෙනකුට වුවද ඉන් ලද හැකි ප්‍රයෝජනය ගැන සැලකීමෙනි. -ලෝකයේ නොයෙක් රටවලින් මෙහි පැමිණි ඔබ හැම විවිධ තරාතිරම්වලට අයත් වුවත් අද සිට කැනඩාවේ සියලු අයිතිවාසිකම්වලට හිමිකාරයන් වන බවත්, ජාති ආගම්, පංති ආදී භේදයෙන් තොරව එක පවුලක පිරිසක් ලෙස ක්‍රියා කිරීමට වගබලා ගැනීම ඔබ හැමගේ මූලික අරමුණ විය යුතු බවත් විනිසුරුතුමා අවධාරණයෙන් ප්‍රකාශ කරන ලදී."

රටවල් වශයෙන් ජාති, කුල, පංති, ආගම් ආදි වශයෙන් මිනිසා බෙදා වෙන් කර ගැනීම නො දියුණු බවේ ප්‍රධාන ලක්ෂණයයි. මෙවන් පටු සීමාවක ජීවත්වන්නා මනුෂ්‍යත්වයේ වටිනාකම නො දත්තෙකි. මේ පටු හැඟීමෙන් ඈත්ව පුළුල් ලෙස සිතන උසස් උදාර හැඟීම්වලින් පිරිපුන් මනුෂ්‍යයා මිනිස් වර්ගයා දෙස බලන්නේ එකම පවුලක පිරිසක් හැටියට යි.

-උදාර චරිතානාන්තු - වසුධෛව කුටුම්බකම්"

උදාර උසස් හැඟීම් ඇති තැනැත්තාට මුළු ලොවම එකම පවුලකි.

බුදුරජාණන් වහන්සේ මේ උතුම් උදාර ගුණය ස්වකීය චරිතයෙන් ආදර්ශයෙන් හා ධර්මයෙන් ලොවට හෙළි කළ උතුමාණන් වහන්සේ යි. ජාති කුල පංති ආගම් ආදියෙන් පමණක් නොව දුප්පත් පොහොසත් උගත් නූගත් සතුරු මිතුරු නෑ නොනෑ වශයෙන් ද කිසිවකු කෙරෙහි භේදයක් වෙනසක් නො දැක්වීමේ උදාර පිළිවෙත උන්වහන්සේ අනුගමනය කළ සේක.

-මේ සසර ගමන් කරන ඔබට මවු නො වූ විරූ කෙනෙක් නැත. පියා නො වූ විරූ කෙනෙක් නැත. සහෝදරයා නො වූ විරූ කෙනෙක් නැත. සහෝදරාදී නොවූ විරූ කෙනෙක් නැත..." ආදී ශ්‍රෙෂ්ඨ බෞද්ධ ඉගැන්වීම් තුළින් ද්වනිත කර ඇත්තේ ද මනුෂ්‍යත්වය පිළිබඳ මේ උතුම් සංකල්පය බව පෙනේ.

එහෙත් මහ පුදුම අවාසනාවකට මෙන් අද පෙරදිග බෞද්ධ රටවල් මෙකී උසස් බෞද්ධ හැඟීම් වලින් පිරිහීමට පත්වුණා පමණක් නොව, මිනිසාට මිනිසා හඳුනාගත නො හැකි තරමට එකිනෙකා ඇන කොටා ගන්නා තරමට ඔවුන් මරා ගන්නා තරමට දරුණු වී ඇති සැටිත් ඇමරිකාව කැනඩාව වැනි රටවල් නිදහසේ සැනසිල්ලේ මිනිසාට විසිය හැකි ක්ෂෙමභූමි අභයභූමි බවට පත්වී ඇති සැටිත් දකින විට පැහැදිලි වන්නේ බෞද්ධ හැඟීම් බෞද්ධ ගති මේ රටවල හොඳින් ක්‍රියාත්මක වන බවය. මනුෂ්‍ය ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය මෙන් ම මනුෂ්‍ය ධර්මයන් ගේ සංවර්ධනය කෙරෙහි බුදු සමය දක්වන ආකල්පය අති විශිෂ්ටය. මේ උතුම් හැඟීම් මූර්තිමත් කර දක්වන ශ්‍රී ලංකාව වැනි ථෙරවාදී බෞද්ධ රටවල අද මනුෂ්‍ය ජීවිතයට එල්ල වී ඇති තර්ජනය එක අතකින් උතුම් දහමකට කරන නිග්‍රහයක්, සමච්චලයක් ලෙස සැලකිය හැකි ය.

පාරප්‍රාප්තිය සඳහා ක්‍රියා කරන තැනැත්තා අංශ දෙකකින් සංවර්ධනය විය යුතු බව බුදුදහම ඉඳුරාම දක්වයි. එනම් බුද්ධිමය අංශය හා භාවමය අංශයයි. මෙහි බුද්ධිමය අංශයට ප්‍රඥාව ඇතුළත් වන අතර භාවමය අංශයට කරුණාව මුල්කොට ඇති ගුණ සමුදාය අන්තර්ගත වේ. භාවමය අංශය ගැන නො තකා බුද්ධිමය අංශය පමණක් වර්ධනය කරන්නා නිර්දය බුද්ධිමතකු වන අතර බුද්ධිමය අංශය ගැන නො සලකා භාවමය අංශය පමණක් වඩන්නා ගුණවත් මෝඩයෙක් වේ. එහෙයින් මේ අංශ දෙක අඩුවැඩි නැතිව සමතාවයෙන් වැඩීමේ දියුණු කිරීමේ වැදගත්කම බුදු දහමින් මතුකර දක්වා ඇත. මෙසේ සලකා බලන විට මේ රටවල මිනිසුන් බුද්ධිමය අංශයෙන් මෙන් ම භාවමය අංශයෙන් ද සෑහෙන තරම් ඉදිරියෙන් සිටිනු දැකීම මනුෂ්‍යත්වය අගය කරන සියලු දෙනාගේ ම ඉමහත් ප්‍රසාදයට හේතුවනු නො අනුමාන යි.

ආත්ම විශ්වාසය

ස්වභාව ධර්මය පවා මේ රටවල් කෙරෙහි දක්වා ඇත්තේ අනුකූලතාවක් හෝ සානුකම්පික භාවයක් නොවේ. අවුරුද්දේ වැඩි කාලයක් තද සීත දේශගුණයෙන් පීඩා විඳීමට මේ රටවල අයට සිදුවී ඇති අතර ඉතිරි කාලයෙන් වැඩි කොටසක් සැඩ හිරුරැසින් තැවෙමින් ගත කිරීමට සිදුවී ඇත. සෑම අවුරුද්දකම සැප්තැම්බර් මාසයේ අග භාගයේ සිට ආරම්භ වන ශීත කාලය ක්‍රමයෙන් දියුණු වෙමින් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවලදී ඉතා දරුණු බවට පත්වෙන අතර මුළු රට ම හිමෙන් වැසී යන්නේ ය. ඒ කාලයේ හැම ගසක ම කොළ හැළී අතු ඉති පමණක් ඉතිරිවන අතර පොළොවේ තණ කොළ ද මුළුමනින් ම වැනසී යන්නේ ය. ශීත නිවාරණය සඳහා යෝග්‍ය ඇඳුම් පැළඳුම් වලින් තොරව බැහැර යාමට හෝ වැඩපළ ආදියෙහි යෙදීමට හෝ නො හැකි කටුක අමිහිරි අවස්ථාවකට මුළු රටවැසියාට ම මුහුණ පෑමට සිදුවෙයි.

ශීතකාලය ඉකුත් වී මැයි මාසයේ දී ඇරඹෙන ග්‍රීෂ්ම කාලය මුළු රට ම ප්රබෝධයටත් ප්රමෝදයටත් පත් කර වන්නේ ය. මේ කාලය තුළ ගස් වැල් හොඳින් ලියලා සරුසාරව මලින් හා පලින් බරවී යයි. එළිමහනේ විනෝදයෙන් හා සතුටින් කාලය ගත කිරීමට මිනිසුන්ට ඉඩ ලැබී ඇත්තේ ද මේ මාස කිපය තුළ දී පමණකි. පාසල්වල දීර්ඝ නිවාඩු කාලය ඇරඹෙන්නේ ද, දෙමාපියන් සිය දූදරුවන් සමග විනෝද ගමන් චාරිකා ආදියෙහි යෙදෙන්නේ ද මේ කාලයෙහි ය. ක්‍රීඩා තරඟ සමාජ උත්සව ප්‍රීති උත්සව බහුලව පවත්වන්නේ ද මේ කාලයේ ය. ධාන්‍ය වර්ග එළවළු හා භෝග ජාති සිටුවා අස්වැන්න නෙළාගන්නා සමය ද මේ කාලය වේ. දියුණු වූ විද්‍යාත්මක ක්‍රම උපයෝගී කර ගනිමින් මෙරට ගොවියන් විසින් මේ මාස කීපය තුළ නිෂ්පාදනය කරනු ලබන විශාල ධාන්‍ය ප්‍රමාණය කොපමණ ද යනු ලෝක ජනගහනයෙන් අඩකට තරම් ඒ ධාන්‍ය ප්‍රමාණවත් වේ යෑයි කියනු ලැබේ.

මෙසේ ස්වභාව ධර්මයේ පවා දයාවිරහිත දරුණු කටුක අත්දැකීම් හමුවෙහි නො සැලී නො බියව එයට මුහුණ දෙමින් ජයග්‍රහණය අත්කර ගැනීමටත්, එතෙකින් නො නැවතී පෘථිවි සීමාව ද ඉක්මවමින් සඳමඩල පවා ජයගැනීමටත් මෙරට වැසියා සමත් වූයේ දේව බලයකින් හෝ වෙනත් කිසිවකුගේ වරප්රසාදයකින් හෝ නොව හුදු ආත්ම විශ්වාසය, උට්ඨාන වීර්යය හා බුද්ධි බලය නිසා ම යෑයි කිව යුතුයි. නොමිලයේ දීම, නිකම් දීම වැනි කපටි වැඩවලින් මේ රටවල අය රැවටීමට නො හැකි වී ඇත්තේ ද ආත්ම විශ්වාසය, ආත්ම ධෛර්යය ඔවුන් තුළ හොඳින් පවතින නිසා විය යුතුයි.

දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක නිර්මාණය කර ගෙන එහි වෙසෙමින් දිව්‍ය සම්පත් හා බ්‍රහ්ම සම්පත් විඳින්නේ ද, ප්‍රේත ලෝක හෝ අපාය තනාගෙන එහි ඉපදී ප්‍රේතයන් ලෙස තිරිසනුන් ලෙස නිරාදුක් විඳින්නේ ද, තිරිසන් ලෝක හදාගෙන තිරිසනුන් ලෙස ජීවත්වන්නේ ද මේ මහ පොළොවේ ජීවත්වන මිනිසා ම බව මීට වසර 2500 කටත් ඉහත දී අවබෝධ කොට ගෙන, ලෝකයාට තේරුම් කර දුන් උතුමා බුදුරජාණන් වහන්සේ බව මෙනෙහි කරනවිට එදා උන්වහන්සේ ලොවට හෙළිකළ ඒ උතුම් පණිවුඩය මේ රටවල ක්‍රියාත්මක වන බව මා කියන්නේ නමින් බෞද්ධ එහෙත් බෞද්ධ කමක් නැති ශ්‍රී ලංකාව වැනි රටවල නාමමාත්ර බෞද්ධයන්ට අගෞරවයක් හෝ මදි පුංචි කමක් කරනු සඳහා නොවේ.

කර්ම බලය ජය ගැනීම

සියලු දේ කර්මයට භාරදී කර්මය ලවා ඉටුකර ගැනීමේ දුර්වල කල්පනාව නිසාදෝ ලාංකික බෞද්ධයන් අද වැටී ඇත්තේ අන්ත පරිහානි තත්ත්වයකට ය. මේ හේතුව නිසා ලාංකික බෞද්ධයන් කර්මයෙන් පීඩා විඳිමින්, කර්මයෙන් පහර කමින් අවසානයේ දී කර්මය නිසා ම විනාශයට පත්වන සැටි අතිශයින් ෙ€දජනක ය. කර්මය පිළිබඳ උසස් බෞද්ධ සිද්ධාන්තය කාලයක සිට වැරදි ලෙස සමාජයට තේරුම් කර දීමේ භයානක අවස්ථාවකට වර්තමාන ලාංකික බෞද්ධයන් මුහුණ පා ඇත යනු මගේ හැඟීමයි. ඒ නිසා අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස පැවැති ශ්‍රී ලංකාව වර්තමානයේ දී පුරන්ව ගියා පමණක් නොව ලෝකයෙන් ණයට ඉල්ලාගෙන කෑමට පුරුදු වූ දුගී දුප්පත් අසරණ ජාතියක් බවට පත් වීමට හේතු වූ බව ද කිවයුතුයි. අදීන ශ්‍රේෂ්ඨ සිංහල ජාතියක් ගොඩනැගීමටත් රට ධර්මද්වීපයක් කිරීමටත් මඟ පෙන්වූ උතුම් බෞද්ධ ඉගැන්වීමක් මෙසේ වරදවා ගැනීම රටේ පරිහානියටත් විනාශයටත් හේතු වී ඇතැයි පෙන්වා දෙනු කැමැත්තෙමි.

ඇමරිකන්වරුන් හා කැනේඩියන්වරුන් කර්මය ජය ගෙන ඇත්තේ ආත්ම විශ්වාසයෙන් යුතුව ක්‍රියා කිරීම නිසාය යනු මගේ හැඟීමයි. ඇත්ත වශයෙන් ම ඔව්හු උත්සාහවන්තව ධෛර්යයෙන් යුතුව නො මැළිව වැඩ කරති. අවංකව වැඩ කරති. නිකරුණේ කාලය ගත නො කරති. රැකියාවක් කළ හැකි හැම දෙනා ම රැකියාවක යෙදී සිටිති. මේ නිසා හැම පවුලකට ම හොඳ ආර්ථික තත්ත්වයක් උසස් ජීවන මට්ටමක් ඇත. පෝෂ්‍යදායක ආහාර පාන ගැනීම නිසා ඔවුන් හොඳින් වැඩුණු නිරෝගී දේහ ඇති ශක්තිමත් පුරුෂයන් වන අතර දක්ෂකමින් හා බුද්ධිමත් බැවින් ද ඉහළ මට්ටමක සිටින බව කිව හැකි ය. කේන්දරය ගැන විශ්වාසය තබා හොඳ කාලය ලබන තුරු බලා සිටීම, නැකැත් අනුව වැඩකටයුතු ආරම්භ කිරීම, දෙවි දේවතාවන් උදෙසා පුද පූජා පැවැත්වීම, බාරවීම වැනි මාර්ග ඔස්සේ ස්වකීය දෛවය උදාකර ගැනීමේ ක්‍රමය මේ රටවල අය නො දැන සිටීම ඔවුන් ගේ විශාල ජයග්‍රහණයකැයි මට හැඟේ. බුදු සමයේ එන

නක්ඛත්තං පතිමානෙන්තං

අත්ථො බාලං උපච්චගා

අත්ථෝ අත්ථස්ස නක්ඛත්තං

කිං කරිස්සන්ති තාරකා"

නැකැත් බලා වැඩකරන අඥානයා කෙරෙන්, බලාපොරොත්තු වන අර්ථ සිද්ධිය ඉක්ම යන්නේ ය. අභිෂ්ට ප්‍රතිඵල ලාභය ම නැකත වේ. ග්‍රහ තාරකාවෝ කවර නම් යහපතක් සලසත් ද රෑ නො සලසත් මැයි. මෙවැනි වැදගත් බෞද්ධ ඉගැන්වීම් වල යථාර්ථය මේ රටවල ක්‍රියාත්මක වන බව මෙහිලා සඳහන් කළ යුතුයි.

ආදර්ශවත් ගති

සමාජයට මෙන් ම අසල්වැසියාට ද අවහිරයක් කරදරයක් සිදු නො වන අන්දමට ජීවත්වීම කෙරෙහි ඇමරිකන්වරුන් හා කැනේඩියන්වරුන් දක්වන ආදර්ශය ද ඉතා අගනේ ය. අනුන් ගැන කතා කිරීම, අනුන්ගේ වැඩ කටයුතු පිළිබඳ ගුණදොස් විවේචනය වැනි දුර්වල ගති මේ රටවල වැසියන් අතර නැති තරම් යෑයි කිව යුතු ය. ඔවුනොවුන් අතර මතභේද හා ගැටීම් බෙහෙවින් අඩුවීමට එය හේතුවී තිබෙන බව ද පෙනේ. කෙනකු හමුවීමේ අවශ්‍යතාවක් තිබේ නම් කල් ඇතිව දුරකතනයෙන් කථා කොට දිනයක් වේලාවක් නියම කරගෙන ස්වකීය අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම හැම දෙනා ම අනුගමනය කරන ශිෂ්ට සම්පන්න ක්‍රමය වී තිබේ. මෙය ඔවුනොවුන් අතර හොඳ හිත පවත්වා ගැනීමටත් ආත්ම ගෞරවය ආරක්ෂා වීමටත් හේතුවී තිබේ.

න පරෙසං විලොමානි

න පරෙසං කතාකතං

අත්තනො ව අවෙක්ඛෙය්‍ය

කතානි අකතානි ච" (ධම්මපද)

අනුන්ගේ වැරදි අඩුපාඩු නො සොයන්න. අනුන් කළ නො කළ දේ ගැන නො විමසන්න. තමන් කළ හොඳ නො හොඳ ගැන විමසා බලන්න.

මෙවැනි උතුම් බෞද්ධ අදහස් අමතක කිරීම නො එසේනම් මෙවන් බෞද්ධ ඉගැන්වීම්වලින් ඈත්වීම බෞද්ධයාගේ පිරිහීමට හේතු වී තිබෙන බව තව ම තේරුම් ගත නො හැකිවීම මුළු මහත් ජාතියේ ම අවාසනාවකැයි කිව යුතුයි.

තමන් ගේ වැඩ කටයුතු තමා ම කර ගැනීම ගෙදර දොරේ වැඩපළ සඳහා මෙහෙකරුවන් යොදා නො ගැනීම අතින් මෙරට වැසියන් දක්වන ආදර්ශය බෙහෙවින් අගය කළ යුතු ය. ආහාරපාන පිළියෙළ කර ගැනීම ඇඳුම් පැළඳුම් සෝදා ගැනීම බඩුබාහිරාදිය පිරිසිදු කිරීම කැළි කසළ ඉවත් කිරීම ගෙවත්තේ තණ කොළ කපා පිරිසිදු කර ගැනීම ආදී කුදුමහත් සියලු කාර්යයන් ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව කර ගැනීම සිය වගකීම් ලෙස මෙරට වැසියන් හැම දෙනා ම එක සේ සලකන බව පෙනේ. සිය නිවස වටා තාප්ප බැඳ -'බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු' යි දැන්වීම් ගසා තැබීමේ සිරිත මේ රටවල කොතැනකවත් දක්නට නො ලැබීම ඔවුන්ගේ හැදිච්චකම, මහත්තැන්කම, වැදගත්කම පෙන්නුම් කරන්නකැයි මට සිතේ.

එසේ ම සොරකම් කිරීම අල්ලස් දීම හෝ ගැනීම හොර මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වැනි නො කටයුතු මේ රටවල නැතිතරම් යෑයි කිව හැකි අතර නොයෙකුත් නම්වලින් හැඳින්වෙන ඉහළ වර්ගවලට අයත් මත්පැන් මේ රටවල ඕනෑතරම් සුලභව ඇතත් බීමත්ව අනුන්ට හිරිහැරයක් වන සේ හැසිරීමේ පහත් ගතිය මොවුන් තුළ නැත. බීමත්ව මහ මඟ හැසිරීම හෝ රියපැදවීම බරපතල දඬුවම් ලැබීමට හේතුවන වරදක් ලෙස ද සලකනු ලැබේ. කැනඩාවේ ප්‍රබල ඇමැතිවරයකු පිළිබඳ වැදගත් සිද්ධියක් 1989. 08. 04 දින පළ වූ TORONTO STAR නමැති දිනපතා පුවත්පතේ මුල් පිටුවෙහි වාර්තාවී තිබුණි. මා ඒ සිද්ධිය මෙහිලා ඉදිරිපත් කරන්නේ මේ රටේ නීතිය කොතරම් දුරට සාධාරණව අපක්ෂපාතව ඉටුවෙනවා දැයි තේරුම් ගැනීමට සාධකයක් වශයෙනි. මේ ඇමැතිවරයා බීමත්ව රිය පැදවීමේ වරදට පොලීසිය මඟින් ඔහුට විරුද්ධව නඩු පවරන ලදි. අධිකරණයෙන් වරදකරුවකු ලෙස නියම කළ අතර ඔහුගේ රියදුරු බලපත්‍රය ද තහනම් කරන ලදි. මෙහිදී ඒ ඇමතිවරයා තමා කළ වරදේ බරපතලකම පිළිගත්තේ දඩය ගෙවීමෙන් පමණක් නොවේ. සිය ඇමැති පදවියෙන් ද ඉල්ලා අස්වීමෙනි. වැරදි සිදුවීම මිනිස්කමේ දුර්වල ගතියක් මෙන් ම වරද පිළිගැනීම මහත්මා ගතියක් බව එම ඇමැතිවරයා සිය ක්‍රියාව තුළින් හොඳ හැටි ඔප්පු කළේය.

ගමන් බලපත්‍ර (PASS PORS) හොරට මුද්‍රණය කිරීම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැනි වංචනික ක්‍රියාවල යෙදී කීපවතාවක් ම අසු වී වැරදිකරුවන් වී ඇත්තේ ද ඇතැම් ශ්‍රී ලාංකික කොටස් වීම නිසා ශ්‍රී ලංකාව පිළිබඳව මෙරට වැසියන් දක්වන ආකල්පය එතරම් සතුටුදායක නො වන බව ද විශේෂයෙන් මෙහිලා සඳහන් කළ යුතුයි.

සත්ත්ව කරුණාව

ඇමරිකන්වරුන් මෙන් ම කැනේඩියන්වරුන් ද බල්ලන් බළලුන් වැනි සතුන් කෙරෙහි දක්වන ආදරය හා හිතවත්කම මහ පුදුම එකකැයි කිවයුතුය. හැම නිවසක ම පාහේ හුරතලයට තනි නොතනියට ඇති කරන බල්ලා හෝ බළලා සිය පවුලේ ම කෙනකු හැටියට සැළකීමට තරම් ඔවුහු කාරුණික වෙති. තම නිවසේ එවැනි සතකු ඇති කිරීමේදී විශේෂ අවසරයක් ඒ සඳහා ලබාගත යුතු අතර නගර සභාවේ ලියා පදිංචි කරවීම ද අවශ්‍ය වේ. බල්ලා හෝ බළලා ලියා පදිංචි කිරීමේදී තබන නමට අමතරව ගෙදර ප්‍රධානියා ගේ හෝ භාරකරුගේ වාසගම ද එයට එකතු කිරීම ඔවුන්ගේ විශේෂ වගකීමක් ලෙස සලකන බව පෙනේ.

මෙසේ සිය පවුලේ සාමාජිකත්වයට පත් කරගනු ලැබූ බල්ලා හෝ බළලා හෝ එතැන් සිට එම පවුලේ සියලු අයිතිවාසිකම් වලට හිමි කාරයෙක් ද වේ. ඒ නිසා සිය දූ පුතුන්ට මෙන් ආදරය කරුණාව දැක්වීම දුක සැප සොයා බැලීම ආදී සියලු දේ නො අඩුව ඉටුකිරීම භාර කරුවන්ගේ වගකීම වේ. ඔවුන් බල්ලාට කථා කරන්නේ තම දුවට හෝ පුතාට හෝ අමතන තරම් බලවත් සෙනෙහසකින් යුතුව ය. එපමණක් නොව, නියමිත දින නියපොතු කැපීම දිනපතා නෑවීම නියමිත වෙලාවට ආහාරදීම ලෙඩ වූ විට වෛද්‍යවරයා වෙතට කැඳවා ගෙන යාම ආදී සියලු සැප පහසු හා අවශ්‍යතා සැලසීමට භාරකාරයා නීතියෙන් බැඳී සිටින්නේ ය. මේ රටවල බල්ලන් බළලුන් සඳහා විශේෂ ආහාර පාන වර්ග සකස් කර තිබීමෙන් ඒ සතුන්ගේ ජීවිත කෙරෙහි දක්වන සැළකිල්ල කොතරම්දැයි තේරුම් ගත හැකිය. ක්‍රමානුකූලව සකස් කොට ටින්වල අසුරා තිබෙන මෙම ආහාරවර්ග වෙළෙඳපොළෙන් මිලදී ගත යුතුයි. ඉඳුල් කෑම ඉවතලන ආහාර මස්කටු ආදිය මේ රටවල බල්ලන්ට දීමේ සිරිත කොහොමවත් නැති බව කිව යුතුය.

එසේ ම මේ රටවල සිටින බල්ලන් හා බළලුන් තුළ පවතින ගති ගුණ ද ඉතා යහපත් බව කිව හැකිය. විශ්වාසවන්තකම කීකරුකම ස්වාමි භක්තිය ආදී ගුණාංග තුළින් මේ රටවල බල්ලන් පවා දක්වන්නේ හොඳ ආදර්ශයකැයි මම සිතමි. ඇතැම්විට අන්තිම කැමැති පත්‍රයෙන් සිය බූදලය බල්ලා නමට ලියා තබා මිය යන දෙමහල්ලන් ගැන අසන්නට ලැබෙන අවස්ථා ද නැත්තේ ම නො වේ. මෙය බල්ලන් තුළ පවතින ගුණ යහපත්කම් මේ රටවල සමහර දෙනා අගය කරන අන්දම තේරුම් ගැනීමට හොඳ සාක්ෂ්යකැයි මම අදහස් කරමි.

දිනකට අඩ පැයක් බැගින් සතියකට තුන් දිනක් කැනඩා රූපවාහිනියෙන් ඉදිරිපත් කරන Lassie නමැති බල්ලා පිළිබඳ සජීවී තොරතුරු සැබවින් ම ආදර්ශවත්ය. උසස් මිනිස් ගති ස්වකීය චරිතයෙන් හා ක්‍රියාකාරකම් තුළින් විදහා දක්වන ලැසී තිරිසන් ස්වරූපයෙන් පෙනී සිටින මනුෂ්‍යයෙකි යි කිව යුතුය.

එපමණක් නොව කැනඩාවේ ස්ථිර පදිංචිය ලබා ජීවත්වන ඇතැම් සිංහලයන් පවා තිරිසන් සතුන් කෙරෙහි දක්වන ආදරය කරුණාව හා හිතවත් භාවය බෙහෙවින් අගය කළ හැකිය. තම නිවසේ ඉතා ආදරයෙන් ඇති දැඩි කළ වසර 18 ක් තම පවුලේ කෙනකු ලෙස එකට ජීවත් වූ බළලකු මිය යාම නිසා ඒ බළලාට පින්දීම සඳහා ටොරොන්ටෝ නගරයේ සිංහල බෞද්ධ නිවසක පැවති දානමය පින්කමකට සහභාගී වීමට අපට ද අවස්ථාව ලැබිණි.

දන් වළඳා අවසානයේ පින් අනුමෝදන් කරවන මොහොතෙහි එම නිවසේ අඹු සැමි යුවළ කඳුළු පිරි දෙනෙතින් යුතුව ප්‍රකාශ කර සිටියේ මේ බළලා වසර 18 ක් තමන් සමග ළෙන්ගතුව ජීවත් වූ බවත් ඒ සතා තුළ පැවති ගති ගුණ අනුව නිසැකවම ඉහත ආත්මයක තමන්ගේ දරුවකු ලෙස ඉපද සිටින්නට ඇති බවත්ය.

[QUOTE="BINGU_PUTHA, post: 15514236, member: 469273"] [b]අබෞද්ධ රටවල බෞද්ධ ගති[/b] source Divaina newspaper [SIZE="5"]මේක වටිනා ලිපියක් (කම්මැලිකම නැතිව කියවන්න) [/SIZE] [COLOR="Red"]කැනඩාවේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත වැහිහේනේ පඤ්ඤාලෝක නාහිමි[/COLOR] [SIZE="4"]වර්තමාන ලෝකයේ භෞතික දියුණුවෙන් උච්චස්ථානයක වැජඹෙන රටවල් අතර ඇමරිකාව කැනඩාව බොහෝ ඉදිරියෙන් සිටින රාජ්‍යයන් ලෙස හැඳින්වීම අසාධාරණයෑයි මම නො සලකමි. ඓතිහාසික සාධක අනුව ඉන්දියාව, ලංකාව වැනි පෙරදිග රටවලට හිමි දියුණු පැරණි සෞභාග්‍ය සම්පන්න කීර්තිමත් අතීතයක් මේ රටවල් සතු නො වූවත්, ශත වර්ෂ දෙකක් තුනක් තරම් මෑත භාගයේ සිට ලබා ඇති සංවර්ධනය හා දියුණුව සැබවින් ම විස්මය ජනක බව සඳහන් කළ යුතුය. නවීන විද්‍යාව, තාක්ෂණය, කාර්මික ඥානය මනුෂ්‍යයා ගේ ශුභ සිද්ධියට හා භෞතික සැප සම්පත් සඳහා උපයෝගී කරගෙන තිබෙන අන්දම ද පුදුම එළවන සුළුය. මෙලොව ජීවත්වන මනුෂ්‍යයන් මොන තරම් සුව පහසුකම් ඇතිව සුඛෝපභෝගී ජීවිත ගත කරනවාදැයි හොඳින් තේරුම් ගත හැක්කේ මේ රටවල වැසියන් ගේ ජීවිත දෙස බැලීමෙනි. ස්වශක්තිය කෙරෙහි විශ්වාසය තැබීම, උත්සාහයෙන් හා ධෛර්යයෙන් යුතුව කටයුතු කිරීම මොවුන් ලබා ඇති සීග්‍ර දියුණුවට බෙහෙවින් හේතු වූවාට සැක නැත. එසේ ම රටේ පාලකයන් ගේ දූරදර්ශී ඥානය, යුක්ති ගරුක බව හා සාධාරණත්වය ආදී උසස් ගුණ එහිලා විශේෂ අනුබලයක් වූ බව කිව හැකි ය. ඒ නිසාම දක්ෂ කම, උත්සාහය, බුද්ධිය ඇති කවර තරාතිරමේ පුරවැසියකුට වුවද බාධාවකින් තොරව අවහිරයක් නැතිව දියුණු විමට උසස්වීමට අවස්ථාව සැලසී තිබීම ද විශේෂ හේතු ලෙස දැක්විය හැකි ය. [SIZE="4"][COLOR="red"]මිනිස්කමේ අගය තේරුම් ගැනීම[/COLOR][/SIZE] ලෝකයේ විවිධ රටවලින් පැමිණ මේ දෙරටෙහි ස්ථිර පදිංචිය ලබා සිටින ජාතීන් ගේ සංඛ්‍යාව අති විශාල ය. ජාති, කුල, ආගම්, භාෂා ආදියෙන් ඔවුන් බෙදී සිටියත් හැම දෙනාට ම සාමයෙන් සමගියෙන් යුතුව සැකෙන් බියෙක් තොරව නිදහසේ සතුටින් ජීවත්වීමට හැකි යහපත් වාතාවරණයක් රට තුළ පැවතීම කාගේ වුව ද ප්‍රසාදයට හේතුවන ශුභ ආරංචියක් වනු නිසැකයි. 1989 අගෝස්තු මාසයේ 17 දින ටොරොන්ටෝ නගරයෙහි පිහිටි CIVIC CENTER නම් ස්ථානයෙහි පැවැති උත්සවයකට අමුත්තකු වශයෙන් සහභාගි වීමට මට ද අවස්ථාව ලැබිණ. කැනඩාවේ පුරවැසිභාවය ලැබීමට සුදුසුකම් ලත් රටවල් 26 කින් තෝරාගත් ස්ත්‍රී පුරුෂයන් 76 දෙනකුට මෙදින පුරවැසිභාවය ප්රදානය කිරීම මෙහි වැදගත් සිද්ධිය ලෙස සඳහන් කළ යුතු ය. අනතුරුව විනිශ්චයකාරතුමා අභිනව පුරවැසියන් අමතා පවත්වනු ලබූ කෙටි සාරවත් දේශනය හැම දෙනා තුළ ම උසස් හැඟීSම් ඇති කිරීමට සමත් වූ අතර එම දේශනයෙහි ඇතුළත් මූලික අදහස සැකෙවින් මෙහි සඳහන් කිරීමට මා කල්පනා කළේ කවර රටක කෙනකුට වුවද ඉන් ලද හැකි ප්‍රයෝජනය ගැන සැලකීමෙනි. -ලෝකයේ නොයෙක් රටවලින් මෙහි පැමිණි ඔබ හැම විවිධ තරාතිරම්වලට අයත් වුවත් අද සිට කැනඩාවේ සියලු අයිතිවාසිකම්වලට හිමිකාරයන් වන බවත්, ජාති ආගම්, පංති ආදී භේදයෙන් තොරව එක පවුලක පිරිසක් ලෙස ක්‍රියා කිරීමට වගබලා ගැනීම ඔබ හැමගේ මූලික අරමුණ විය යුතු බවත් විනිසුරුතුමා අවධාරණයෙන් ප්‍රකාශ කරන ලදී." රටවල් වශයෙන් ජාති, කුල, පංති, ආගම් ආදි වශයෙන් මිනිසා බෙදා වෙන් කර ගැනීම නො දියුණු බවේ ප්‍රධාන ලක්ෂණයයි. මෙවන් පටු සීමාවක ජීවත්වන්නා මනුෂ්‍යත්වයේ වටිනාකම නො දත්තෙකි. මේ පටු හැඟීමෙන් ඈත්ව පුළුල් ලෙස සිතන උසස් උදාර හැඟීම්වලින් පිරිපුන් මනුෂ්‍යයා මිනිස් වර්ගයා දෙස බලන්නේ එකම පවුලක පිරිසක් හැටියට යි. -උදාර චරිතානාන්තු - වසුධෛව කුටුම්බකම්" උදාර උසස් හැඟීම් ඇති තැනැත්තාට මුළු ලොවම එකම පවුලකි. බුදුරජාණන් වහන්සේ මේ උතුම් උදාර ගුණය ස්වකීය චරිතයෙන් ආදර්ශයෙන් හා ධර්මයෙන් ලොවට හෙළි කළ උතුමාණන් වහන්සේ යි. ජාති කුල පංති ආගම් ආදියෙන් පමණක් නොව දුප්පත් පොහොසත් උගත් නූගත් සතුරු මිතුරු නෑ නොනෑ වශයෙන් ද කිසිවකු කෙරෙහි භේදයක් වෙනසක් නො දැක්වීමේ උදාර පිළිවෙත උන්වහන්සේ අනුගමනය කළ සේක. -මේ සසර ගමන් කරන ඔබට මවු නො වූ විරූ කෙනෙක් නැත. පියා නො වූ විරූ කෙනෙක් නැත. සහෝදරයා නො වූ විරූ කෙනෙක් නැත. සහෝදරාදී නොවූ විරූ කෙනෙක් නැත..." ආදී ශ්‍රෙෂ්ඨ බෞද්ධ ඉගැන්වීම් තුළින් ද්වනිත කර ඇත්තේ ද මනුෂ්‍යත්වය පිළිබඳ මේ උතුම් සංකල්පය බව පෙනේ. එහෙත් මහ පුදුම අවාසනාවකට මෙන් අද පෙරදිග බෞද්ධ රටවල් මෙකී උසස් බෞද්ධ හැඟීම් වලින් පිරිහීමට පත්වුණා පමණක් නොව, මිනිසාට මිනිසා හඳුනාගත නො හැකි තරමට එකිනෙකා ඇන කොටා ගන්නා තරමට ඔවුන් මරා ගන්නා තරමට දරුණු වී ඇති සැටිත් ඇමරිකාව කැනඩාව වැනි රටවල් නිදහසේ සැනසිල්ලේ මිනිසාට විසිය හැකි ක්ෂෙමභූමි අභයභූමි බවට පත්වී ඇති සැටිත් දකින විට පැහැදිලි වන්නේ බෞද්ධ හැඟීම් බෞද්ධ ගති මේ රටවල හොඳින් ක්‍රියාත්මක වන බවය. මනුෂ්‍ය ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය මෙන් ම මනුෂ්‍ය ධර්මයන් ගේ සංවර්ධනය කෙරෙහි බුදු සමය දක්වන ආකල්පය අති විශිෂ්ටය. මේ උතුම් හැඟීම් මූර්තිමත් කර දක්වන ශ්‍රී ලංකාව වැනි ථෙරවාදී බෞද්ධ රටවල අද මනුෂ්‍ය ජීවිතයට එල්ල වී ඇති තර්ජනය එක අතකින් උතුම් දහමකට කරන නිග්‍රහයක්, සමච්චලයක් ලෙස සැලකිය හැකි ය. පාරප්‍රාප්තිය සඳහා ක්‍රියා කරන තැනැත්තා අංශ දෙකකින් සංවර්ධනය විය යුතු බව බුදුදහම ඉඳුරාම දක්වයි. එනම් බුද්ධිමය අංශය හා භාවමය අංශයයි. මෙහි බුද්ධිමය අංශයට ප්‍රඥාව ඇතුළත් වන අතර භාවමය අංශයට කරුණාව මුල්කොට ඇති ගුණ සමුදාය අන්තර්ගත වේ. භාවමය අංශය ගැන නො තකා බුද්ධිමය අංශය පමණක් වර්ධනය කරන්නා නිර්දය බුද්ධිමතකු වන අතර බුද්ධිමය අංශය ගැන නො සලකා භාවමය අංශය පමණක් වඩන්නා ගුණවත් මෝඩයෙක් වේ. එහෙයින් මේ අංශ දෙක අඩුවැඩි නැතිව සමතාවයෙන් වැඩීමේ දියුණු කිරීමේ වැදගත්කම බුදු දහමින් මතුකර දක්වා ඇත. මෙසේ සලකා බලන විට මේ රටවල මිනිසුන් බුද්ධිමය අංශයෙන් මෙන් ම භාවමය අංශයෙන් ද සෑහෙන තරම් ඉදිරියෙන් සිටිනු දැකීම මනුෂ්‍යත්වය අගය කරන සියලු දෙනාගේ ම ඉමහත් ප්‍රසාදයට හේතුවනු නො අනුමාන යි. [COLOR="red"][SIZE="4"]ආත්ම විශ්වාසය[/SIZE][/COLOR] ස්වභාව ධර්මය පවා මේ රටවල් කෙරෙහි දක්වා ඇත්තේ අනුකූලතාවක් හෝ සානුකම්පික භාවයක් නොවේ. අවුරුද්දේ වැඩි කාලයක් තද සීත දේශගුණයෙන් පීඩා විඳීමට මේ රටවල අයට සිදුවී ඇති අතර ඉතිරි කාලයෙන් වැඩි කොටසක් සැඩ හිරුරැසින් තැවෙමින් ගත කිරීමට සිදුවී ඇත. සෑම අවුරුද්දකම සැප්තැම්බර් මාසයේ අග භාගයේ සිට ආරම්භ වන ශීත කාලය ක්‍රමයෙන් දියුණු වෙමින් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවලදී ඉතා දරුණු බවට පත්වෙන අතර මුළු රට ම හිමෙන් වැසී යන්නේ ය. ඒ කාලයේ හැම ගසක ම කොළ හැළී අතු ඉති පමණක් ඉතිරිවන අතර පොළොවේ තණ කොළ ද මුළුමනින් ම වැනසී යන්නේ ය. ශීත නිවාරණය සඳහා යෝග්‍ය ඇඳුම් පැළඳුම් වලින් තොරව බැහැර යාමට හෝ වැඩපළ ආදියෙහි යෙදීමට හෝ නො හැකි කටුක අමිහිරි අවස්ථාවකට මුළු රටවැසියාට ම මුහුණ පෑමට සිදුවෙයි. ශීතකාලය ඉකුත් වී මැයි මාසයේ දී ඇරඹෙන ග්‍රීෂ්ම කාලය මුළු රට ම ප්රබෝධයටත් ප්රමෝදයටත් පත් කර වන්නේ ය. මේ කාලය තුළ ගස් වැල් හොඳින් ලියලා සරුසාරව මලින් හා පලින් බරවී යයි. එළිමහනේ විනෝදයෙන් හා සතුටින් කාලය ගත කිරීමට මිනිසුන්ට ඉඩ ලැබී ඇත්තේ ද මේ මාස කිපය තුළ දී පමණකි. පාසල්වල දීර්ඝ නිවාඩු කාලය ඇරඹෙන්නේ ද, දෙමාපියන් සිය දූදරුවන් සමග විනෝද ගමන් චාරිකා ආදියෙහි යෙදෙන්නේ ද මේ කාලයෙහි ය. ක්‍රීඩා තරඟ සමාජ උත්සව ප්‍රීති උත්සව බහුලව පවත්වන්නේ ද මේ කාලයේ ය. ධාන්‍ය වර්ග එළවළු හා භෝග ජාති සිටුවා අස්වැන්න නෙළාගන්නා සමය ද මේ කාලය වේ. දියුණු වූ විද්‍යාත්මක ක්‍රම උපයෝගී කර ගනිමින් මෙරට ගොවියන් විසින් මේ මාස කීපය තුළ නිෂ්පාදනය කරනු ලබන විශාල ධාන්‍ය ප්‍රමාණය කොපමණ ද යනු ලෝක ජනගහනයෙන් අඩකට තරම් ඒ ධාන්‍ය ප්‍රමාණවත් වේ යෑයි කියනු ලැබේ. මෙසේ ස්වභාව ධර්මයේ පවා දයාවිරහිත දරුණු කටුක අත්දැකීම් හමුවෙහි නො සැලී නො බියව එයට මුහුණ දෙමින් ජයග්‍රහණය අත්කර ගැනීමටත්, එතෙකින් නො නැවතී පෘථිවි සීමාව ද ඉක්මවමින් සඳමඩල පවා ජයගැනීමටත් මෙරට වැසියා සමත් වූයේ දේව බලයකින් හෝ වෙනත් කිසිවකුගේ වරප්රසාදයකින් හෝ නොව හුදු ආත්ම විශ්වාසය, උට්ඨාන වීර්යය හා බුද්ධි බලය නිසා ම යෑයි කිව යුතුයි. නොමිලයේ දීම, නිකම් දීම වැනි කපටි වැඩවලින් මේ රටවල අය රැවටීමට නො හැකි වී ඇත්තේ ද ආත්ම විශ්වාසය, ආත්ම ධෛර්යය ඔවුන් තුළ හොඳින් පවතින නිසා විය යුතුයි. දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක නිර්මාණය කර ගෙන එහි වෙසෙමින් දිව්‍ය සම්පත් හා බ්‍රහ්ම සම්පත් විඳින්නේ ද, ප්‍රේත ලෝක හෝ අපාය තනාගෙන එහි ඉපදී ප්‍රේතයන් ලෙස තිරිසනුන් ලෙස නිරාදුක් විඳින්නේ ද, තිරිසන් ලෝක හදාගෙන තිරිසනුන් ලෙස ජීවත්වන්නේ ද මේ මහ පොළොවේ ජීවත්වන මිනිසා ම බව මීට වසර 2500 කටත් ඉහත දී අවබෝධ කොට ගෙන, ලෝකයාට තේරුම් කර දුන් උතුමා බුදුරජාණන් වහන්සේ බව මෙනෙහි කරනවිට එදා උන්වහන්සේ ලොවට හෙළිකළ ඒ උතුම් පණිවුඩය මේ රටවල ක්‍රියාත්මක වන බව මා කියන්නේ නමින් බෞද්ධ එහෙත් බෞද්ධ කමක් නැති ශ්‍රී ලංකාව වැනි රටවල නාමමාත්ර බෞද්ධයන්ට අගෞරවයක් හෝ මදි පුංචි කමක් කරනු සඳහා නොවේ. [COLOR="red"][SIZE="4"]කර්ම බලය ජය ගැනීම[/SIZE][/COLOR] සියලු දේ කර්මයට භාරදී කර්මය ලවා ඉටුකර ගැනීමේ දුර්වල කල්පනාව නිසාදෝ ලාංකික බෞද්ධයන් අද වැටී ඇත්තේ අන්ත පරිහානි තත්ත්වයකට ය. මේ හේතුව නිසා ලාංකික බෞද්ධයන් කර්මයෙන් පීඩා විඳිමින්, කර්මයෙන් පහර කමින් අවසානයේ දී කර්මය නිසා ම විනාශයට පත්වන සැටි අතිශයින් ෙ€දජනක ය. කර්මය පිළිබඳ උසස් බෞද්ධ සිද්ධාන්තය කාලයක සිට වැරදි ලෙස සමාජයට තේරුම් කර දීමේ භයානක අවස්ථාවකට වර්තමාන ලාංකික බෞද්ධයන් මුහුණ පා ඇත යනු මගේ හැඟීමයි. ඒ නිසා අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස පැවැති ශ්‍රී ලංකාව වර්තමානයේ දී පුරන්ව ගියා පමණක් නොව ලෝකයෙන් ණයට ඉල්ලාගෙන කෑමට පුරුදු වූ දුගී දුප්පත් අසරණ ජාතියක් බවට පත් වීමට හේතු වූ බව ද කිවයුතුයි. අදීන ශ්‍රේෂ්ඨ සිංහල ජාතියක් ගොඩනැගීමටත් රට ධර්මද්වීපයක් කිරීමටත් මඟ පෙන්වූ උතුම් බෞද්ධ ඉගැන්වීමක් මෙසේ වරදවා ගැනීම රටේ පරිහානියටත් විනාශයටත් හේතු වී ඇතැයි පෙන්වා දෙනු කැමැත්තෙමි. ඇමරිකන්වරුන් හා කැනේඩියන්වරුන් කර්මය ජය ගෙන ඇත්තේ ආත්ම විශ්වාසයෙන් යුතුව ක්‍රියා කිරීම නිසාය යනු මගේ හැඟීමයි. ඇත්ත වශයෙන් ම ඔව්හු උත්සාහවන්තව ධෛර්යයෙන් යුතුව නො මැළිව වැඩ කරති. අවංකව වැඩ කරති. නිකරුණේ කාලය ගත නො කරති. රැකියාවක් කළ හැකි හැම දෙනා ම රැකියාවක යෙදී සිටිති. මේ නිසා හැම පවුලකට ම හොඳ ආර්ථික තත්ත්වයක් උසස් ජීවන මට්ටමක් ඇත. පෝෂ්‍යදායක ආහාර පාන ගැනීම නිසා ඔවුන් හොඳින් වැඩුණු නිරෝගී දේහ ඇති ශක්තිමත් පුරුෂයන් වන අතර දක්ෂකමින් හා බුද්ධිමත් බැවින් ද ඉහළ මට්ටමක සිටින බව කිව හැකි ය. කේන්දරය ගැන විශ්වාසය තබා හොඳ කාලය ලබන තුරු බලා සිටීම, නැකැත් අනුව වැඩකටයුතු ආරම්භ කිරීම, දෙවි දේවතාවන් උදෙසා පුද පූජා පැවැත්වීම, බාරවීම වැනි මාර්ග ඔස්සේ ස්වකීය දෛවය උදාකර ගැනීමේ ක්‍රමය මේ රටවල අය නො දැන සිටීම ඔවුන් ගේ විශාල ජයග්‍රහණයකැයි මට හැඟේ. බුදු සමයේ එන නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථෝ අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා" නැකැත් බලා වැඩකරන අඥානයා කෙරෙන්, බලාපොරොත්තු වන අර්ථ සිද්ධිය ඉක්ම යන්නේ ය. අභිෂ්ට ප්‍රතිඵල ලාභය ම නැකත වේ. ග්‍රහ තාරකාවෝ කවර නම් යහපතක් සලසත් ද රෑ නො සලසත් මැයි. මෙවැනි වැදගත් බෞද්ධ ඉගැන්වීම් වල යථාර්ථය මේ රටවල ක්‍රියාත්මක වන බව මෙහිලා සඳහන් කළ යුතුයි. [COLOR="red"][SIZE="4"]ආදර්ශවත් ගති[/SIZE][/COLOR] සමාජයට මෙන් ම අසල්වැසියාට ද අවහිරයක් කරදරයක් සිදු නො වන අන්දමට ජීවත්වීම කෙරෙහි ඇමරිකන්වරුන් හා කැනේඩියන්වරුන් දක්වන ආදර්ශය ද ඉතා අගනේ ය. අනුන් ගැන කතා කිරීම, අනුන්ගේ වැඩ කටයුතු පිළිබඳ ගුණදොස් විවේචනය වැනි දුර්වල ගති මේ රටවල වැසියන් අතර නැති තරම් යෑයි කිව යුතු ය. ඔවුනොවුන් අතර මතභේද හා ගැටීම් බෙහෙවින් අඩුවීමට එය හේතුවී තිබෙන බව ද පෙනේ. කෙනකු හමුවීමේ අවශ්‍යතාවක් තිබේ නම් කල් ඇතිව දුරකතනයෙන් කථා කොට දිනයක් වේලාවක් නියම කරගෙන ස්වකීය අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම හැම දෙනා ම අනුගමනය කරන ශිෂ්ට සම්පන්න ක්‍රමය වී තිබේ. මෙය ඔවුනොවුන් අතර හොඳ හිත පවත්වා ගැනීමටත් ආත්ම ගෞරවය ආරක්ෂා වීමටත් හේතුවී තිබේ. න පරෙසං විලොමානි න පරෙසං කතාකතං අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච" (ධම්මපද) අනුන්ගේ වැරදි අඩුපාඩු නො සොයන්න. අනුන් කළ නො කළ දේ ගැන නො විමසන්න. තමන් කළ හොඳ නො හොඳ ගැන විමසා බලන්න. මෙවැනි උතුම් බෞද්ධ අදහස් අමතක කිරීම නො එසේනම් මෙවන් බෞද්ධ ඉගැන්වීම්වලින් ඈත්වීම බෞද්ධයාගේ පිරිහීමට හේතු වී තිබෙන බව තව ම තේරුම් ගත නො හැකිවීම මුළු මහත් ජාතියේ ම අවාසනාවකැයි කිව යුතුයි. තමන් ගේ වැඩ කටයුතු තමා ම කර ගැනීම ගෙදර දොරේ වැඩපළ සඳහා මෙහෙකරුවන් යොදා නො ගැනීම අතින් මෙරට වැසියන් දක්වන ආදර්ශය බෙහෙවින් අගය කළ යුතු ය. ආහාරපාන පිළියෙළ කර ගැනීම ඇඳුම් පැළඳුම් සෝදා ගැනීම බඩුබාහිරාදිය පිරිසිදු කිරීම කැළි කසළ ඉවත් කිරීම ගෙවත්තේ තණ කොළ කපා පිරිසිදු කර ගැනීම ආදී කුදුමහත් සියලු කාර්යයන් ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව කර ගැනීම සිය වගකීම් ලෙස මෙරට වැසියන් හැම දෙනා ම එක සේ සලකන බව පෙනේ. සිය නිවස වටා තාප්ප බැඳ -'බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු' යි දැන්වීම් ගසා තැබීමේ සිරිත මේ රටවල කොතැනකවත් දක්නට නො ලැබීම ඔවුන්ගේ හැදිච්චකම, මහත්තැන්කම, වැදගත්කම පෙන්නුම් කරන්නකැයි මට සිතේ. එසේ ම සොරකම් කිරීම අල්ලස් දීම හෝ ගැනීම හොර මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වැනි නො කටයුතු මේ රටවල නැතිතරම් යෑයි කිව හැකි අතර නොයෙකුත් නම්වලින් හැඳින්වෙන ඉහළ වර්ගවලට අයත් මත්පැන් මේ රටවල ඕනෑතරම් සුලභව ඇතත් බීමත්ව අනුන්ට හිරිහැරයක් වන සේ හැසිරීමේ පහත් ගතිය මොවුන් තුළ නැත. බීමත්ව මහ මඟ හැසිරීම හෝ රියපැදවීම බරපතල දඬුවම් ලැබීමට හේතුවන වරදක් ලෙස ද සලකනු ලැබේ. කැනඩාවේ ප්‍රබල ඇමැතිවරයකු පිළිබඳ වැදගත් සිද්ධියක් 1989. 08. 04 දින පළ වූ TORONTO STAR නමැති දිනපතා පුවත්පතේ මුල් පිටුවෙහි වාර්තාවී තිබුණි. මා ඒ සිද්ධිය මෙහිලා ඉදිරිපත් කරන්නේ මේ රටේ නීතිය කොතරම් දුරට සාධාරණව අපක්ෂපාතව ඉටුවෙනවා දැයි තේරුම් ගැනීමට සාධකයක් වශයෙනි. මේ ඇමැතිවරයා බීමත්ව රිය පැදවීමේ වරදට පොලීසිය මඟින් ඔහුට විරුද්ධව නඩු පවරන ලදි. අධිකරණයෙන් වරදකරුවකු ලෙස නියම කළ අතර ඔහුගේ රියදුරු බලපත්‍රය ද තහනම් කරන ලදි. මෙහිදී ඒ ඇමතිවරයා තමා කළ වරදේ බරපතලකම පිළිගත්තේ දඩය ගෙවීමෙන් පමණක් නොවේ. සිය ඇමැති පදවියෙන් ද ඉල්ලා අස්වීමෙනි. වැරදි සිදුවීම මිනිස්කමේ දුර්වල ගතියක් මෙන් ම වරද පිළිගැනීම මහත්මා ගතියක් බව එම ඇමැතිවරයා සිය ක්‍රියාව තුළින් හොඳ හැටි ඔප්පු කළේය. ගමන් බලපත්‍ර (PASS PORS) හොරට මුද්‍රණය කිරීම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැනි වංචනික ක්‍රියාවල යෙදී කීපවතාවක් ම අසු වී වැරදිකරුවන් වී ඇත්තේ ද ඇතැම් ශ්‍රී ලාංකික කොටස් වීම නිසා ශ්‍රී ලංකාව පිළිබඳව මෙරට වැසියන් දක්වන ආකල්පය එතරම් සතුටුදායක නො වන බව ද විශේෂයෙන් මෙහිලා සඳහන් කළ යුතුයි. සත්ත්ව කරුණාව ඇමරිකන්වරුන් මෙන් ම කැනේඩියන්වරුන් ද බල්ලන් බළලුන් වැනි සතුන් කෙරෙහි දක්වන ආදරය හා හිතවත්කම මහ පුදුම එකකැයි කිවයුතුය. හැම නිවසක ම පාහේ හුරතලයට තනි නොතනියට ඇති කරන බල්ලා හෝ බළලා සිය පවුලේ ම කෙනකු හැටියට සැළකීමට තරම් ඔවුහු කාරුණික වෙති. තම නිවසේ එවැනි සතකු ඇති කිරීමේදී විශේෂ අවසරයක් ඒ සඳහා ලබාගත යුතු අතර නගර සභාවේ ලියා පදිංචි කරවීම ද අවශ්‍ය වේ. බල්ලා හෝ බළලා ලියා පදිංචි කිරීමේදී තබන නමට අමතරව ගෙදර ප්‍රධානියා ගේ හෝ භාරකරුගේ වාසගම ද එයට එකතු කිරීම ඔවුන්ගේ විශේෂ වගකීමක් ලෙස සලකන බව පෙනේ. මෙසේ සිය පවුලේ සාමාජිකත්වයට පත් කරගනු ලැබූ බල්ලා හෝ බළලා හෝ එතැන් සිට එම පවුලේ සියලු අයිතිවාසිකම් වලට හිමි කාරයෙක් ද වේ. ඒ නිසා සිය දූ පුතුන්ට මෙන් ආදරය කරුණාව දැක්වීම දුක සැප සොයා බැලීම ආදී සියලු දේ නො අඩුව ඉටුකිරීම භාර කරුවන්ගේ වගකීම වේ. ඔවුන් බල්ලාට කථා කරන්නේ තම දුවට හෝ පුතාට හෝ අමතන තරම් බලවත් සෙනෙහසකින් යුතුව ය. එපමණක් නොව, නියමිත දින නියපොතු කැපීම දිනපතා නෑවීම නියමිත වෙලාවට ආහාරදීම ලෙඩ වූ විට වෛද්‍යවරයා වෙතට කැඳවා ගෙන යාම ආදී සියලු සැප පහසු හා අවශ්‍යතා සැලසීමට භාරකාරයා නීතියෙන් බැඳී සිටින්නේ ය. මේ රටවල බල්ලන් බළලුන් සඳහා විශේෂ ආහාර පාන වර්ග සකස් කර තිබීමෙන් ඒ සතුන්ගේ ජීවිත කෙරෙහි දක්වන සැළකිල්ල කොතරම්දැයි තේරුම් ගත හැකිය. ක්‍රමානුකූලව සකස් කොට ටින්වල අසුරා තිබෙන මෙම ආහාරවර්ග වෙළෙඳපොළෙන් මිලදී ගත යුතුයි. ඉඳුල් කෑම ඉවතලන ආහාර මස්කටු ආදිය මේ රටවල බල්ලන්ට දීමේ සිරිත කොහොමවත් නැති බව කිව යුතුය. එසේ ම මේ රටවල සිටින බල්ලන් හා බළලුන් තුළ පවතින ගති ගුණ ද ඉතා යහපත් බව කිව හැකිය. විශ්වාසවන්තකම කීකරුකම ස්වාමි භක්තිය ආදී ගුණාංග තුළින් මේ රටවල බල්ලන් පවා දක්වන්නේ හොඳ ආදර්ශයකැයි මම සිතමි. ඇතැම්විට අන්තිම කැමැති පත්‍රයෙන් සිය බූදලය බල්ලා නමට ලියා තබා මිය යන දෙමහල්ලන් ගැන අසන්නට ලැබෙන අවස්ථා ද නැත්තේ ම නො වේ. මෙය බල්ලන් තුළ පවතින ගුණ යහපත්කම් මේ රටවල සමහර දෙනා අගය කරන අන්දම තේරුම් ගැනීමට හොඳ සාක්ෂ්යකැයි මම අදහස් කරමි. දිනකට අඩ පැයක් බැගින් සතියකට තුන් දිනක් කැනඩා රූපවාහිනියෙන් ඉදිරිපත් කරන Lassie නමැති බල්ලා පිළිබඳ සජීවී තොරතුරු සැබවින් ම ආදර්ශවත්ය. උසස් මිනිස් ගති ස්වකීය චරිතයෙන් හා ක්‍රියාකාරකම් තුළින් විදහා දක්වන ලැසී තිරිසන් ස්වරූපයෙන් පෙනී සිටින මනුෂ්‍යයෙකි යි කිව යුතුය. එපමණක් නොව කැනඩාවේ ස්ථිර පදිංචිය ලබා ජීවත්වන ඇතැම් සිංහලයන් පවා තිරිසන් සතුන් කෙරෙහි දක්වන ආදරය කරුණාව හා හිතවත් භාවය බෙහෙවින් අගය කළ හැකිය. තම නිවසේ ඉතා ආදරයෙන් ඇති දැඩි කළ වසර 18 ක් තම පවුලේ කෙනකු ලෙස එකට ජීවත් වූ බළලකු මිය යාම නිසා ඒ බළලාට පින්දීම සඳහා ටොරොන්ටෝ නගරයේ සිංහල බෞද්ධ නිවසක පැවති දානමය පින්කමකට සහභාගී වීමට අපට ද අවස්ථාව ලැබිණි. දන් වළඳා අවසානයේ පින් අනුමෝදන් කරවන මොහොතෙහි එම නිවසේ අඹු සැමි යුවළ කඳුළු පිරි දෙනෙතින් යුතුව ප්‍රකාශ කර සිටියේ මේ බළලා වසර 18 ක් තමන් සමග ළෙන්ගතුව ජීවත් වූ බවත් ඒ සතා තුළ පැවති ගති ගුණ අනුව නිසැකවම ඉහත ආත්මයක තමන්ගේ දරුවකු ලෙස ඉපද සිටින්නට ඇති බවත්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom