අභ්‍යවකාශය (සූර්යයා)

tharuwamax

Junior member
  • Apr 9, 2017
    38
    18
    8
    32
    Colombo
    විශ්වයේ පවතින තාරකා වලට අනුව සූර්යයා ගණන් ගැනෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ තාරකාවක් ලෙසයි තාරකා විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට සූර්යයාගේ වයස වසර බිලියන 4.6 පමණ වනවා. තවත් වසර බිලියන හතක් පමණ එයට ආලෝකය පිට කිරීමේ හැකියාව ඇති බව සොයාගෙන තිබෙනවා. ජීවීන් සඳහා සූර්යයා ඉතා ප්‍රයෝජනවත් වන නමුත් සමහර අවස්ථාවලදී ඉන් භයානක ප්‍රතිඵල ද ඇතිවිය හැකි පෘථිවියේ භ්‍රමණය නිසා සූර්යාව උදෑසන නැගෙනහිර දිශාවෙන් නැගී දිනය පුරා ආකාශය හරහා ගොස් සන්ධ්‍යාවේදී බටහයාගේ මෙම ක්‍රියාවලිය පෘථිවි දින එකක් ලෙස සටහන් කරනවා රාත්‍රියේ දී සූර්යයාගේ පරාවර්තන කිරලා හේතුවෙන් රාත්‍රී අහසේ දිදුලන ග්‍රහලෝක සහ චන්ද්‍රයන් දැක ගැනීමට ලැබෙනවා.

    සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් වස්තූන් සමඟ සංසන්දනය කිරීමේදී සූර්යයාගේ විශාලත්වය සහ ස්කන්ධය ඉතා වැඩි අගයක් ගන්නවා සූර්යයාගේ අරය
    කි.මී 695,508 කි. එය පෘථිවියේ අරය මෙන් 109 වාරයක් විශාලත්වයෙන් යුක්ත වෙනවා. සූර්යයා කුහරයක් වී නම් පෘථිවිය වැනි මිලියන ගණනක් ඒ තුළ තැන්පත් කළ හැකි එහි ස්කන්ධය මෙට්‍රික් ටොන් 1989 * 10(27) ක් පමණ වෙනවා. එය පෘථිවියේ ස්කන්ධය මෙන් 333,000 වාරයක් ස්කන්ධයෙන් යුක්ත වෙනවා. විශාලත්වය නොතකා හැරී විට සූර්යයා සතුව ඇත්තේ පෘථිවියට වඩා අඩු ඝනත්වයක්. සූර්යයාගේ මධ්‍යනය ඝනත්වය කියුබික් සෙන්ට් මීටරයකට ග්‍රෑම් 1,409 ක් පමණ වෙනවා. එය පෘථිවියේ ඝනත්වයෙන් 1/4 ක් පමණ වනවා.

    සුර්යා විසින් අති විශාල ප්‍රමාණයක් ආලෝකයද නිපදවනු ලබනවා. එයින් නිපදවන ආලෝකයේ බලයේ ප්‍රමාණය වොට් 3.83* 10(26) ක්. අප ආලෝකය ලබා ගන්නා තාප දීප්ත පහනක ආලෝකය වොට් 60 ත් 100ත් අතර වෙනවා. සූර්යයාගේ අපට දර්ශනය වන කොටසේ හෙවත් පිටත ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5500 කි.

    ඉතාමත් දුරින් පිහිටන නිසා පෘථිවියේ සිට බැලූ විට අපට සූර්යයා දිස්වන්නේ ඉතාමත් කුඩා ලෙසයි. පෘථිවියේ සිට එයට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් මිලියන 150ක් පමණ වනවා. සුර්යයාගෙන් පිට වන ආලෝක කිරණයක් පොළොවට ලගා වීමට විනාඩි 8 කට ආසන්න කාලයක් ගතවනවා. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වය ගණනය කිරීමේ දී යොදා ගන්නා සම්මත මිනුම වන්නේ තාරකා විද්‍යා ඒකකයයි.( Astronomical Unit) එය AU යනුවෙන් හඳුන්වනවා. පෘථිවියේ සිට සූර්යාට ඇති සාමාන්‍ය දුරවන කිලෝමීටර මිලියන 150 තාරකා විද්‍යාව ඒකක එකක් හෙවත් 1AU ලෙස සලකනු ලබනවා. ඒ අනුව සූර්යයාට දුරින්ම ඇති ප්ලූටෝ ග්‍රහලෝකය තාරකා විද්‍යා ඒකක 39 දුරින් ක් දුරින් පිහිටා තිබෙනවා. තාරකා විද්‍යාවේදී තුළ ගණනය කිරීමට යොදා ගන්නා තවත් මිනුම් ඒකකයක් වන්නේ ආලෝක වර්ෂයි.

    සූර්යයාගේ අභ්‍යන්තරය ප්‍රධාන කොටස් තුනකින් සෑදී තිබෙනවා ඒවා හරය, විකිරණ කලාපය සහ සංවහන කලාපය ලෙස හඳුන්වනු ලබනවා .සූර්යයාගේ ඇතුළතින්ම පිහිටි කොටස හරය යනුවෙන් හඳුන්වන අතර සූර්ය ශක්තිය නිපදවන න්‍යෂ්ඨීය විලයන ප්‍රතික්‍රියා මෙම කොටස තුළ සිදුවෙනවා. එහිදී පිටකරන ශක්තිය විකිරණ කලාපයටත් ඉන් පසුව සංවහන කලාපයටත් ගමන් කරනවා. සූර්යයාගේ හරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,50,00,000 ක් පමණ වෙනවා. හරයේ නිපදවෙන ශක්තිය මතුපිටට පැමිණීමට සාමාන්‍යයෙන් වසර ලක්ෂයක් පමණ ගතවෙනවා. සංවහන ධාරාවන් ලෙස එසේ පැමිණෙන ශක්තිය ඉන් පසුව සූර්යයාගේ වායුගෝලයට මුදාහැරෙනවා.

    වායු ගෝලය

    සූර්යයාගේ වායුගෝලයත් ප්‍රධාන කොටස් තුනකින් සැදී තිබෙනවා. ඒවා ප්‍රකාශ ගෝලය, වර්ණ ගෝලය සහ කොරෝනාව යනුවෙන් හැඳින්වෙනවා. කොරෝනාවේ විසිරී ගිය පිටත ස්ථරය විද්‍යාඥයන් විසින් සූර්ය සුළං යනුවෙන් හඳුන්වනවා. සූර්යයාගෙ දෘශ්‍ය කොටස ප්‍රකාශ ගෝලයයි. පෘථිවියට ළඟා වන හිරුගේ දෘශ්‍ය ආලෝකය මෙම කොටසේදී උපත ලබනවා. කිලෝමීටර 547 ක් පමණ විශාලත්වයකින් යුක්ත වන මෙම කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5510 ක් පමණ වනවා. පූර්ණ සූර්යග්‍රහණයක් පවතින අවස්ථාවකදී වර්ණ ගෝලය සහ කොරොනාව දැකගත හැකියි. පූර්ණ සූර්යග්‍රහණයකදී සූර්යයාගේ ප්‍රධාන කොටස නොපෙනී යනවා සූර්යග්‍රහණය ට පෙර හෝ පසුව තප්පර කිහිපයක් තුනී වර්ණ ගෝලය දර්ශන වීමට පටන් ගන්නවා. එය ලා රතු රෝස හා රතු පැහැති පටු තීරුවක් ලෙස සූර්යයාගේ දාරයේ පෙන්නුම් කෙරෙනවා

    සූර්ය ලප

    සූර්ය ලප යනුවෙන් හඳුන්වන විශාල අඳුරු ප්‍රදේශ සූර්යයාගේ ප්‍රකාශ ගෝලය මත දක්නට ලැබෙනවා. විශාලත්වයෙන් වැඩි සූර්ය ලප පෘථිවියටත් වඩා විශාල ප්‍රමාණ වන අතර ටෙලස්කෝපයකින් පහසුවෙන් දැකගත හැකිය. සුර්ය ලප සූර්යයා සමගම භ්‍රමණය වන අතර ඒවා ප්‍රමාණයෙන් සහ හැඩයෙන් වෙනස් වෙමින් පවතිනවා ඒවා ඇතිවෙමින් නැතිවෙමින් පවතින අතර සූර්ය ලපයක ආයු කාලය සති ගණනකින් හෝ මාස ගණනකින් අවසන් වනවා. මේ සූර්ය ලප අඩු වෙමින් නැවත වැඩිවෙමින් පැතිරෙන්නට පටන් ගන්නවා මේවා සාමාන්‍යයෙන් සූර්යයාගේ ප්‍රකාශ ගෝලය මත එක් විශේෂිත ආකාරයකට පිහිටා තිබෙනවා.

    එනම් සූර්යයාගේ සමකය ආසන්නයේ උතුරු සහ දකුණු ලෙස තීරු දෙකකට මේවා පිහිටා තිබෙනවා. සූර්ය ලප ප්‍රමාණය අඩුවූ විට එම තීරු සමකයට ආසන්න වන අතර සූර්ය ලප ප්‍රමාණය වැඩි වූ විට එම තීරු සූර්යයාගේ ධ්‍රැව දක්වා විහිද යනවා

    ප්‍රකාශ ගෝලයේ චුම්බක ක්ෂේත්‍ර පවතින ස්ථානවල සුර්ය ලප පිහිටා තිබෙනවා. ප්‍රකාශ ගෝලයේ සාමාන්‍යයෙන් පවතින උෂ්ණත්වයට වඩා සූර්ය ලප පවතින ස්ථානවල උෂ්ණත්වය අඩු අගයක් ගන්නා බැවින් ඒවා අඳුරු පැල්ලම් ලෙස දිස් වනවා දිස්වනවා. සූර්ය ලප වල ඇති චුම්භක ශක්තිය ඒවා සිසිල් වීමට හේතු වනවා. ප්‍රකාශ ගෝලයට වඩා අඳුරු වුවත් සූර්ය ලප වලින් ද යම් ආලෝකයක් විහිදෙනවා සාමාන්‍යයෙන් සූර්ය ලපයක් පූර්ණ චන්ද්‍රයාට වඩා දස ගුණයක පමණ ආලෝකයෙන් යුක්තයි.

    සූර්යයාගේ වර්ණාවලිය

    සූර්යාලෝකය සුදු පැහැයෙන් දිස් වුවත් වූවත් ඇත්ත වශයෙන් එය වර්ණ හතක සංයෝජනයක්. වර්ණාවලි දර්ශකය නැමැති විශේෂිත උපකරණය මගින් විද්‍යායින් එය වර්ණ වලට වෙන් කිරීමට සමත් වී තිබෙනවා.

    ජල අණු මගින් ද මෙම උපකරණ සිදු කෙරෙන දේ වායුගෝලයේ දී සිදු කිරීමෙන් දේදුන්න නිර්මාණය වෙනවා. සූර්ය වර්ණාවලියේ ඇති එක් එක් වර්ණ වලට වෙන් වූ තරංග ආයාම පවතිනවා. රතු වර්ණයට දීර්ඝතම තරංග ආයාමය හිමිවන අතර දම් වර්ණයට කෙටිම තරංග ආයාමය අයත් වනවා.

    අපට ලැබෙන සූර්යාලෝකය සුදු පැහැයෙන් පෙනුනත් එය දම් ඉන්ඩිගෝ නිල් කොළ තැඹිලි හා රතු යන වර්ණ 7හි මිශ්‍රණයක් ලෙස පවතිනවා.

    ආලෝකය අපගේ වායුගෝලය හරහා එන විට සමහර වර්ණයන් එහි ඇති දූවිලි අංශු මගින් ඒ මේ අත විසුරුවා දමනවා.

    නිල් වර්ණය එසේ විසුරුවන වර්ණයන් අතරින් අධිකම වර්ණය වන අතර සෑම කෝණයකින් ම අපගේ ඇසට හසුවන වර්ණය ද වෙනවා. එහෙයින් නිල් වර්ණය අපට අනෙක් වර්ණ වලට වඩා වැඩියෙන් දර්ශනය වන නිසා අපට අහස නිල් පැහැයෙන් දිස් වෙනවා.