Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අභිඥාලාභීන් ට අනාගතය අතීතය දැකිය හැකි නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභිඥාලාභීන් ට අනාගතය අතීතය දැකිය හැකි නම්, අනාගත බුදු කෙනෙක් කරන චතුසච්ච දේශනාවක් දැකීමෙන්, අබුද්ධෝත්පාද කාලයක නිවන් දැකිය නොහැකි මන්ද? කියා ඇසූ විට මෙම ප්රශ්නයේදී අභිඤ්ඤා බලයෙන් අතීත හෝ අනාගතයන් බලා නිවන් දැකිය හැකි අභිඥාලාභීන් ද නිවන් දැකිය නොහැකි අභිඥාලාභීන් ද සිටින බව සඳහන් කළ යුතු ය.

ඒ අභිඥා ලාභීන් අතර මහා බෝධිසත්වයන් වහන්සේලා (සුමේධ තාපසතුමා අභිඤ්ඤාලාභියෙකි.) පසේ බෝධිසත්වයන් වහන්සේලා නොවන අබුද්ධෝත්පාද කාළයක උපන් අභිඥාලාභීන් ට, අතීත හෝ අනාගත බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්ම ශ්‍රවණයෙන් නිවන් දැකිය නොහැකි බව පළමුව කිව යුතු ය. එයට හේතුව ඔවුන් මහා බෝධිසත්වයන් වහන්සේලා හෝ පසේ බෝධිසත්ත්වයන් වහන්සේලාගේ තත්ත්වයට පත්වීමට පාරමිතා සම්පුූර්ණ කර නොතිබීමයි. ඔවුන්ට ඇත්තේ ඇත්තේ අභිඥා බලය පමණි. මහ බෝධිසත්වයන් වහන්සේලා හෝ පසේ බෝධිසත්වන් වහන්සේලාද අභිඤ්ඤා උපදවා ගත්තත් නියමිත කාළය පාරමිතා සම්පූර්ණ කළ යුතු ය. (අප මහබෝධිසත්වයන් වහන්සේද බුද්ධත්වයට පෙර ත්රිවිද්යාදිය උපදවා ගත්හ.)

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි මේ බුද්ධෝත්පාද සමයේ දේවදත්ත තෙරුන් වහන්සේ පංච අභිඥා උපදවා ගත් විවිධ ප්‍රාතිහාර්‍ය්‍ය පෑ තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේව නිරන්තරයෙන්යෙන් දුටු අතර, ධර්මශ්රවණයද කළ අතර, සම්බුදු සසුනේ මුල්ම කාළයේ පැවිදි වූ තෙරුන් වහන්සේ නමක් ද විය. නමුත් උන්වහන්සේට අභිඥා බලය තිබියදීත්, බුදුරජාණන් වහන්සේ දැක දැක සිටියදීත්, ධර්මය අසද්දීත් මගඵල ලබන්නට නොහැකි විය. එකළ ශාසනය තුළත්, ශාසනයෙන් පිටතත්, මගඵල නොලැබූ අභිඥාලාභීන් ඕනෑතරම් සිටින්නට ඇත. ඒ මේ බුද්ධෝත්පාද කාළය තුලදීම ය.

අබුද්ධෝත්පාද කාළවලදී අභිඤ්ඤා උපදවා ගත්තත් පිරූ පාරමී දම් ඇති මහ බෝධිසත්වයන් වහන්සේලා හෝ පසේ බෝධිසත්වන් වහන්සේලා හෝ නොවන අභිඤ්ඤාලාභීන් අතීත අනාගත බුද්ධ ශාසනයන් අභිඤ්ඤා බලයෙන් දැක නිවන් නොදකින හේතු තිබේ. මෙසේ සඳහන් කළ විට සමහර කෙනෙකුට අභිඥා ගැන නොදන්නා නිසා විවිධ සැක සංකා ඇති විය හැක. ඒ නිසා අභිඥා ගැන මුලින්ම හඳුන්වා දිය යුතුයි.

පංච අභිඥා

යෝගාවචරයින්ට පස්වැනි ධ්‍යානය ලැබූ පසුව පඤ්ච අභිඤ්ඤාවන් උපදවා ගත හැකි ය. පඤ්ච අභිඤ්ඤාවන් පංචම ධ්‍යානයෙහි ආනිසංස වේ. ඒවා නම්:-

1.සෘද්ධිවිධ ඤාණය

2.දිබ්බසෝත ඤාණය

3.පරචිත්ත විජාණන ඤාණය

4.පුබ්බ නිවාසානුස්සති ඤාණය

5.දිබ්බ චක්ඛු ඤාණය

1. සෘද්ධි විධ ඤාණය

සෘද්ධි විධ ඤාණය උපදවා ගන්නට කැමති යෝගාවචරයා භූත කසිණ හතර හා වර්ණ කසිණ අට වෙන් වෙන් වශයෙන් අරමුණු කොට අෂ්ට සමාපත්ති උපදවා ගත යුතු ය. එයත් අනුලෝම ප්‍රතිලෝම යනා දී ලෙස දහ හතර ආකාරයකින් පුරුදු කොට පංචම ධ්‍යාන සිත උපදවා ගෙන, එයට පසුව ප්රත්යවේක්ෂා ජවන චිත්තයන්ගේ අවසානයේ දී අධිෂ්ඨාන කළ ආකාරයට විවිධාකාර රූප මවන්නට පොළවෙහි කිමිදෙන්නට, අහසින් යෑම ආදී ආදී අතිවිශාල ආකාරයේ විවිධ ප්රාතිහාර්ය කල හැකි ය.

2.දිබ්බ සෝත ඤාණය

දෙවියන් ශබ්ද අසන ආකාරය මෙන් දුර ශබ්ද පවා ඇසිය හැක්කේ දිබ්බ සෝත ඤාණය උපදවා ගැනීමෙනි. යෝගාවචරයා පළමුව තමා අවට ඇති සියළුම ශබ්ද හා පුද්ගලයින් වෙන් වෙන් වශයෙන් දැනගත යුතුයි. මේ ආකාරයට පුරුදු කරන විට ඔහුට වුවමනා මොහොතකදී වුවමනා ශබ්දය අසන්නට හැකි ඤාණය ඇති වේ. ඒ සඳහා වෙන වෙනම ශබ්ද බෙදා ඇසිය හැකි ලෙස නැවත නැවත පාදක ධ්‍යානයට සමවඳිමින් කටයුතු කළයුතුය. මේ සදහා ද පංචම ධ්‍යානය තිබිය යුතුයි.

3.පරචිත්ත විජාණන ඤාණය

අනුන්ගේ සිත් දැනගන්නා නුවණ පරචිත්ත විජාණන ඤාණය යි. මෙයට චේතෝ පරිය ඤාණය කියා ද කියනු ලැබේ. යෝගාවචරයා ආලෝකය වඩා දිවැසින් අනුන්ගේ හෘදයවස්තුව බලා එහි පවතින ලේ ධාතුවේ වර්ණයෙන් සිත මේ මේ ආකාරය යයි කියනු ලැබේ. සෝමනස්ස සිතක් පවතින විට හෘර්ද වස්තුව ඇසුරු කොට පවතින චතු සමුට්ඨානික රුධිර වර්ණය රතු පාට වේ. දෝමනස්ස සිතකදී කළුපාට වේ. උපෙක්ඛා සිතකදී තලතෙල් පාට වේ. මෙසේ අනුමාන ලෙස සිත දැනගෙන නැවත නැවත නුවණ මෙහෙයවා කළ යුතු ඉතිරි කටයුතුද සිදුකරගෙන කාමාවචර, රූපාවචර, අරූපාවචර අනෙක් සත්වයන්ගේ සිත් දැන ගැනීමට කටයුතු කරයි.

4. පුබ්බේ නිවසානුස්සති ඤාණය

පෙර විසූ කඳ පිළිවෙල දකින නුවණ පුබ්බේනිවානුස්සති ඤාණය යි. යෝගාවචරයා තමා සිටින ස්ථානයේ විස්තර වල පටන් ටිකෙන් ටික ගත වූ තැන් සිතමින් ප්රතිසන්ධිය මෙනෙහි කරයි. එතැනින් නොනැවතී පෙර භවයෙහි චුති ප්රතිසන්ධි ලක්ෂණ ආදී ලෙස පෙර කඳ පිළිවෙල මෙනෙහි කරයි. පුබ්බේනිවාසානුස්සති ඤාණය ඒ ඒ පුද්ගලයන්ගේ හැටියට වෙනස් වේ. අතීත භව බැලිය හැකි සීමා පහත සඳහන් ආකාරයට වේ.

i. බුදුරජාණන් වහන්සේ - ස්කන්ධයන්ගේ පටිපාටියක් හෝ චුති ප්රතිසන්ධි පටිපාටියක් හෝ කාල නියමයක් හෝ නැතිව කෝටි ගණන් කල්ප අත්හැර යම් තැනක් බලන්නට කැමති නම් ඒ තැන බැලිය හැකි වේ. බුදුරජාණන් වහන්සේට ඉර මුදුන් වූ විට ඉර එළියෙන් ඉතා පැහැදිලිව දකිනවා සේ ඉතා පැහැදිලිව පෙනේ.

ii. පසේ බුදුරජාණන් වහන්සේලා - අසංඛ්‍ය දෙකකුත් කල්ප ලක්ෂයක් ප්රතිසන්ධි පිළිවෙළින්ම සිහිකරයි. එය සඳ එළියෙන් බලන්නාක් මෙන් දකී.

iii. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා - අසංකඛ්ය එකකුත් කල්ප ලක්ෂයක් චුති ප්රතිසන්ධි පිළිවෙලින් ම සිහිකරයි. එය ඕෂධී තාරකා එළියෙන් බලන්නාක් මෙන් පෙනේ.

iv. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා - කල්ප ලක්ෂයක් චුති ප්රතිසන්ධි පිළිවෙලින්ම සිහිපත් කරයි. එය ගිනි හුලකින් බලන්නාක් මෙන් පෙනේ.

v. ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා - අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක උතුමන් හැර අනෙකුත් බුද්ධ ශ්‍රාවකයෝ ස්කන්ධ පිළිවෙලින් හෝ චුති ප්රතිසන්ධි පිළිවෙලින් හෝ කල්ප සියයක් දහසක් ආදී ලෙස තමන්ගේ පාරමිතා ස්වභාවය අනුව පිළිවලිවෙලින්ම සිහි කරයි. එය පහන් එළියෙන් බලන්නාක් මෙන් දකී.

vi. මේ සාසනයෙන් පිටත කර්මවාදී ක්‍රියාවාදී තීර්ථකයෝ - අතීත කල්ප හතළිහක් සිහිකරයි. එය ස්කන්ධ පටිපාටිය අනුව සිහි කරයි. නාම-රූප ධර්මයන් පිරිසිද දකිනා විදර්ශනා නුවණ නැති නිසා ඔවුන් දුර්වල ප්‍රඥාවෙන් යුක්ත පිරිසක් වේ. එය කණාමැදිරි එළියෙන් බලන්නාක් මෙන් දකී.

මෙම කියූ කරුණු නුවණින් විමසා බැලුවහොත් අසා ඇති ප්‍රශ්නයට පිළිතුර මෙතන තිබේ. ඉතිරි අභිඥාව වන්නේ,

5. දිබ්බ චක්ඛු ඤාණය

භාවනා බලයෙන් උපදවා ගත් ප්‍රඥා ඇසින් ඉතා ඈත රෑප පවා දෙවියන්ගේ ඇස් වලින් බලන්නාක් මෙන් පිරිසිදුව දැකිමට උපදවා ගන්නා ඤාණය දිබ්බ චක්ඛු ඤාණය යි. සුගති දුගති දෙකට යන සත්වයනුත් එයට වු ඒ ඒ කර්ම ද මේ නුවණින් දත හැකි වේ.

මේ අභිඥා ගැන තවදුරටත් විස්තර කළ යුතු අතර අසා ඇති ප්‍රශ්නයට අනුව පිළිතුරු දිය යුතු නිසා, කෙටියෙන් හැඳින්වීමක් පමණක් කරන්නට යෙදුනි.

ඉහත පංච අභිඥා අධ්‍යනය කරන්න. එවිට අනාගතයත්, අතීතයත් අභිඥා ලාභීන්ට දැකිය හැකි සීමාවක් ඇති බවත් ඔබට පෙනේවි. ඔවුන්ට ඒවා පෙනෙන ආකාරයක් ඇති බවත් පෙනේවි.

සිත දියුණු කර අභිඥා උපදවා ගත්තත්, ඔවුන් නාම රූප පිළිබඳ විදර්ශනා ඥානය දියුණු කරගෙන ඇති නැති ආකාරය ගැනත් වටහා ගන්න. විදර්ශනා ඤාණය දියුණු කර නොගත් අභිඤ්ඤා ලාභීන්ට උපදවාගත් අභිඥා කියා කියන්නේ ඉන්ද්රිය පරෝපරියත්ත ඤාණය ලැබීම නොවේ. පූර්වභාග ප්‍රතිපදාව සම්පූර්ණ වීමත් නොවේ. ඔවුන්ගේ හේතු සම්පත් වන පාරමිතා මුහුකුරා යෑමත් නොවේ. අභිඤ්ඤා ඒ සඳහා උපකාර වූවත් එතන ඇත්තේ දියුණු කරගෙන ඇති පමණට උපදවා ගත් අභිඥා බලයකි. පිළිතුර ඇත්තේ එතැනයි. එය විදර්ශනා ඥානය නොමැති අභිඥා බලයක් නිසා කණාමැදිරි එළියෙන් බලන්නාක් මෙන් බලන ස්වභාවයක් වේ.

එවැනි අභිඥාලාභීන් අභිඥා උපදවා ගෙන සිටියත්, දැන් තිබෙන මිථ්‍යා දෘෂ්ටි ස්වභාවයත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිලිනොපැදීම නිසා හේතු සම්පත් මුහුකුරා නොයෑම ආදී කරුණුත්, තවත් බොහෝ කරුණු කාරණාත් අනුව ඔවුන් මහා බෝධිසත්ත්වයෝ නොවන නිසාත්, පච්චේක බෝධි සත්වයෝ නොවන නිසාත්, එසේ වීමට තරම් හේතු සම්පත් නැති නිසාත්, මිත්‍යාදෘෂ්ටි අතහැර නැති නිසාත්, විදර්ශනා ඥානය උපදවා නොගත් නිසාත්, අනාගතය අතීතය තම තම තරමට දැකිය හැකි වුවත්, බුදුරජාණන් වහන්සේ නමක් කරන චතුසත්‍ය දේශනාවක් දැකීමෙන් හෝ ඇසීමෙන් අබුද්ධෝත්පාද කාලයක වුවත් නිවන් දකින්නට හැකියාවක් නැත.

ඔවුන් අබුද්ධෝත්පාද කාලයේ දී වූවත් උපදවා ගත් අභිඤ්ඤාවලට අනාගතයේ මඟඵල ලැබීමට අවශ්‍ය යහපත් විපාකයෝ ලබා ගනී. භාග්‍යවතුන් වහන්සේ නමක් මුණ ගැසී විවිධාකාර මිත්‍යා දෘෂ්ටි අතහැර, භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇති ආකාරයටම පරියාප්ති සාසනය දැනගෙන, ප්‍රතිපත්ති ශාසනය ට පැමිණ, අවබෝධය ලබන්නට කටයුතු කළ යුතු ය. එසේ කටයුතු කළහොත් ඔවුන් ද ශ්රාවකයින් බවට පත්වේ.

අති පූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ

මිණිපුර අමා ශාන්ති තපෝවනය

පැල්වාඩිය - රත්නපුර

විමසීම්:- තපෝවන කාර්යාලය 0452229458 / 0770644222

මිණිපුර අමා ශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනයෙන් සිදුකෙරෙන භාවනා වැඩසටහන් සහ අභිධර්ම පන්ති, සූත්‍ර ධර්ම දෙශනා ආදී වැඩසටහන් වලට සහභාගි වීමට පහත සඳහන් ගෲප් වලට සම්බන්ධ වෙන්න.

වැඩසටහන් දැනුවත් කිරීම:-

https://chat.whatsapp.com/L3bm0BAJpCQHgqQjyYWhKO

ධර්ම කරුණු දැණුවත් කිරීම :-

https://chat.whatsapp.com/K54LPFzq0Zo27Z8cXrxcFc

Telegram :- https://t.me/amashanthi

YouTube :- https://www.youtube.com/channel/UCnRjougx501-eR6SEod8ZJA copied .

[QUOTE="asliyanage, post: 29796456, member: 8764"] අභිඥාලාභීන් ට අනාගතය අතීතය දැකිය හැකි නම්, අනාගත බුදු කෙනෙක් කරන චතුසච්ච දේශනාවක් දැකීමෙන්, අබුද්ධෝත්පාද කාලයක නිවන් දැකිය නොහැකි මන්ද? කියා ඇසූ විට මෙම ප්රශ්නයේදී අභිඤ්ඤා බලයෙන් අතීත හෝ අනාගතයන් බලා නිවන් දැකිය හැකි අභිඥාලාභීන් ද නිවන් දැකිය නොහැකි අභිඥාලාභීන් ද සිටින බව සඳහන් කළ යුතු ය. ඒ අභිඥා ලාභීන් අතර මහා බෝධිසත්වයන් වහන්සේලා (සුමේධ තාපසතුමා අභිඤ්ඤාලාභියෙකි.) පසේ බෝධිසත්වයන් වහන්සේලා නොවන අබුද්ධෝත්පාද කාළයක උපන් අභිඥාලාභීන් ට, අතීත හෝ අනාගත බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්ම ශ්‍රවණයෙන් නිවන් දැකිය නොහැකි බව පළමුව කිව යුතු ය. එයට හේතුව ඔවුන් මහා බෝධිසත්වයන් වහන්සේලා හෝ පසේ බෝධිසත්ත්වයන් වහන්සේලාගේ තත්ත්වයට පත්වීමට පාරමිතා සම්පුූර්ණ කර නොතිබීමයි. ඔවුන්ට ඇත්තේ ඇත්තේ අභිඥා බලය පමණි. මහ බෝධිසත්වයන් වහන්සේලා හෝ පසේ බෝධිසත්වන් වහන්සේලාද අභිඤ්ඤා උපදවා ගත්තත් නියමිත කාළය පාරමිතා සම්පූර්ණ කළ යුතු ය. (අප මහබෝධිසත්වයන් වහන්සේද බුද්ධත්වයට පෙර ත්රිවිද්යාදිය උපදවා ගත්හ.) බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි මේ බුද්ධෝත්පාද සමයේ දේවදත්ත තෙරුන් වහන්සේ පංච අභිඥා උපදවා ගත් විවිධ ප්‍රාතිහාර්‍ය්‍ය පෑ තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේව නිරන්තරයෙන්යෙන් දුටු අතර, ධර්මශ්රවණයද කළ අතර, සම්බුදු සසුනේ මුල්ම කාළයේ පැවිදි වූ තෙරුන් වහන්සේ නමක් ද විය. නමුත් උන්වහන්සේට අභිඥා බලය තිබියදීත්, බුදුරජාණන් වහන්සේ දැක දැක සිටියදීත්, ධර්මය අසද්දීත් මගඵල ලබන්නට නොහැකි විය. එකළ ශාසනය තුළත්, ශාසනයෙන් පිටතත්, මගඵල නොලැබූ අභිඥාලාභීන් ඕනෑතරම් සිටින්නට ඇත. ඒ මේ බුද්ධෝත්පාද කාළය තුලදීම ය. අබුද්ධෝත්පාද කාළවලදී අභිඤ්ඤා උපදවා ගත්තත් පිරූ පාරමී දම් ඇති මහ බෝධිසත්වයන් වහන්සේලා හෝ පසේ බෝධිසත්වන් වහන්සේලා හෝ නොවන අභිඤ්ඤාලාභීන් අතීත අනාගත බුද්ධ ශාසනයන් අභිඤ්ඤා බලයෙන් දැක නිවන් නොදකින හේතු තිබේ. මෙසේ සඳහන් කළ විට සමහර කෙනෙකුට අභිඥා ගැන නොදන්නා නිසා විවිධ සැක සංකා ඇති විය හැක. ඒ නිසා අභිඥා ගැන මුලින්ම හඳුන්වා දිය යුතුයි. පංච අභිඥා යෝගාවචරයින්ට පස්වැනි ධ්‍යානය ලැබූ පසුව පඤ්ච අභිඤ්ඤාවන් උපදවා ගත හැකි ය. පඤ්ච අභිඤ්ඤාවන් පංචම ධ්‍යානයෙහි ආනිසංස වේ. ඒවා නම්:- 1.සෘද්ධිවිධ ඤාණය 2.දිබ්බසෝත ඤාණය 3.පරචිත්ත විජාණන ඤාණය 4.පුබ්බ නිවාසානුස්සති ඤාණය 5.දිබ්බ චක්ඛු ඤාණය 1. සෘද්ධි විධ ඤාණය සෘද්ධි විධ ඤාණය උපදවා ගන්නට කැමති යෝගාවචරයා භූත කසිණ හතර හා වර්ණ කසිණ අට වෙන් වෙන් වශයෙන් අරමුණු කොට අෂ්ට සමාපත්ති උපදවා ගත යුතු ය. එයත් අනුලෝම ප්‍රතිලෝම යනා දී ලෙස දහ හතර ආකාරයකින් පුරුදු කොට පංචම ධ්‍යාන සිත උපදවා ගෙන, එයට පසුව ප්රත්යවේක්ෂා ජවන චිත්තයන්ගේ අවසානයේ දී අධිෂ්ඨාන කළ ආකාරයට විවිධාකාර රූප මවන්නට පොළවෙහි කිමිදෙන්නට, අහසින් යෑම ආදී ආදී අතිවිශාල ආකාරයේ විවිධ ප්රාතිහාර්ය කල හැකි ය. 2.දිබ්බ සෝත ඤාණය දෙවියන් ශබ්ද අසන ආකාරය මෙන් දුර ශබ්ද පවා ඇසිය හැක්කේ දිබ්බ සෝත ඤාණය උපදවා ගැනීමෙනි. යෝගාවචරයා පළමුව තමා අවට ඇති සියළුම ශබ්ද හා පුද්ගලයින් වෙන් වෙන් වශයෙන් දැනගත යුතුයි. මේ ආකාරයට පුරුදු කරන විට ඔහුට වුවමනා මොහොතකදී වුවමනා ශබ්දය අසන්නට හැකි ඤාණය ඇති වේ. ඒ සඳහා වෙන වෙනම ශබ්ද බෙදා ඇසිය හැකි ලෙස නැවත නැවත පාදක ධ්‍යානයට සමවඳිමින් කටයුතු කළයුතුය. මේ සදහා ද පංචම ධ්‍යානය තිබිය යුතුයි. 3.පරචිත්ත විජාණන ඤාණය අනුන්ගේ සිත් දැනගන්නා නුවණ පරචිත්ත විජාණන ඤාණය යි. මෙයට චේතෝ පරිය ඤාණය කියා ද කියනු ලැබේ. යෝගාවචරයා ආලෝකය වඩා දිවැසින් අනුන්ගේ හෘදයවස්තුව බලා එහි පවතින ලේ ධාතුවේ වර්ණයෙන් සිත මේ මේ ආකාරය යයි කියනු ලැබේ. සෝමනස්ස සිතක් පවතින විට හෘර්ද වස්තුව ඇසුරු කොට පවතින චතු සමුට්ඨානික රුධිර වර්ණය රතු පාට වේ. දෝමනස්ස සිතකදී කළුපාට වේ. උපෙක්ඛා සිතකදී තලතෙල් පාට වේ. මෙසේ අනුමාන ලෙස සිත දැනගෙන නැවත නැවත නුවණ මෙහෙයවා කළ යුතු ඉතිරි කටයුතුද සිදුකරගෙන කාමාවචර, රූපාවචර, අරූපාවචර අනෙක් සත්වයන්ගේ සිත් දැන ගැනීමට කටයුතු කරයි. 4. පුබ්බේ නිවසානුස්සති ඤාණය පෙර විසූ කඳ පිළිවෙල දකින නුවණ පුබ්බේනිවානුස්සති ඤාණය යි. යෝගාවචරයා තමා සිටින ස්ථානයේ විස්තර වල පටන් ටිකෙන් ටික ගත වූ තැන් සිතමින් ප්රතිසන්ධිය මෙනෙහි කරයි. එතැනින් නොනැවතී පෙර භවයෙහි චුති ප්රතිසන්ධි ලක්ෂණ ආදී ලෙස පෙර කඳ පිළිවෙල මෙනෙහි කරයි. පුබ්බේනිවාසානුස්සති ඤාණය ඒ ඒ පුද්ගලයන්ගේ හැටියට වෙනස් වේ. අතීත භව බැලිය හැකි සීමා පහත සඳහන් ආකාරයට වේ. i. බුදුරජාණන් වහන්සේ - ස්කන්ධයන්ගේ පටිපාටියක් හෝ චුති ප්රතිසන්ධි පටිපාටියක් හෝ කාල නියමයක් හෝ නැතිව කෝටි ගණන් කල්ප අත්හැර යම් තැනක් බලන්නට කැමති නම් ඒ තැන බැලිය හැකි වේ. බුදුරජාණන් වහන්සේට ඉර මුදුන් වූ විට ඉර එළියෙන් ඉතා පැහැදිලිව දකිනවා සේ ඉතා පැහැදිලිව පෙනේ. ii. පසේ බුදුරජාණන් වහන්සේලා - අසංඛ්‍ය දෙකකුත් කල්ප ලක්ෂයක් ප්රතිසන්ධි පිළිවෙළින්ම සිහිකරයි. එය සඳ එළියෙන් බලන්නාක් මෙන් දකී. iii. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා - අසංකඛ්ය එකකුත් කල්ප ලක්ෂයක් චුති ප්රතිසන්ධි පිළිවෙලින් ම සිහිකරයි. එය ඕෂධී තාරකා එළියෙන් බලන්නාක් මෙන් පෙනේ. iv. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා - කල්ප ලක්ෂයක් චුති ප්රතිසන්ධි පිළිවෙලින්ම සිහිපත් කරයි. එය ගිනි හුලකින් බලන්නාක් මෙන් පෙනේ. v. ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා - අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක උතුමන් හැර අනෙකුත් බුද්ධ ශ්‍රාවකයෝ ස්කන්ධ පිළිවෙලින් හෝ චුති ප්රතිසන්ධි පිළිවෙලින් හෝ කල්ප සියයක් දහසක් ආදී ලෙස තමන්ගේ පාරමිතා ස්වභාවය අනුව පිළිවලිවෙලින්ම සිහි කරයි. එය පහන් එළියෙන් බලන්නාක් මෙන් දකී. vi. මේ සාසනයෙන් පිටත කර්මවාදී ක්‍රියාවාදී තීර්ථකයෝ - අතීත කල්ප හතළිහක් සිහිකරයි. එය ස්කන්ධ පටිපාටිය අනුව සිහි කරයි. නාම-රූප ධර්මයන් පිරිසිද දකිනා විදර්ශනා නුවණ නැති නිසා ඔවුන් දුර්වල ප්‍රඥාවෙන් යුක්ත පිරිසක් වේ. එය කණාමැදිරි එළියෙන් බලන්නාක් මෙන් දකී. මෙම කියූ කරුණු නුවණින් විමසා බැලුවහොත් අසා ඇති ප්‍රශ්නයට පිළිතුර මෙතන තිබේ. ඉතිරි අභිඥාව වන්නේ, 5. දිබ්බ චක්ඛු ඤාණය භාවනා බලයෙන් උපදවා ගත් ප්‍රඥා ඇසින් ඉතා ඈත රෑප පවා දෙවියන්ගේ ඇස් වලින් බලන්නාක් මෙන් පිරිසිදුව දැකිමට උපදවා ගන්නා ඤාණය දිබ්බ චක්ඛු ඤාණය යි. සුගති දුගති දෙකට යන සත්වයනුත් එයට වු ඒ ඒ කර්ම ද මේ නුවණින් දත හැකි වේ. මේ අභිඥා ගැන තවදුරටත් විස්තර කළ යුතු අතර අසා ඇති ප්‍රශ්නයට අනුව පිළිතුරු දිය යුතු නිසා, කෙටියෙන් හැඳින්වීමක් පමණක් කරන්නට යෙදුනි. ඉහත පංච අභිඥා අධ්‍යනය කරන්න. එවිට අනාගතයත්, අතීතයත් අභිඥා ලාභීන්ට දැකිය හැකි සීමාවක් ඇති බවත් ඔබට පෙනේවි. ඔවුන්ට ඒවා පෙනෙන ආකාරයක් ඇති බවත් පෙනේවි. සිත දියුණු කර අභිඥා උපදවා ගත්තත්, ඔවුන් නාම රූප පිළිබඳ විදර්ශනා ඥානය දියුණු කරගෙන ඇති නැති ආකාරය ගැනත් වටහා ගන්න. විදර්ශනා ඤාණය දියුණු කර නොගත් අභිඤ්ඤා ලාභීන්ට උපදවාගත් අභිඥා කියා කියන්නේ ඉන්ද්රිය පරෝපරියත්ත ඤාණය ලැබීම නොවේ. පූර්වභාග ප්‍රතිපදාව සම්පූර්ණ වීමත් නොවේ. ඔවුන්ගේ හේතු සම්පත් වන පාරමිතා මුහුකුරා යෑමත් නොවේ. අභිඤ්ඤා ඒ සඳහා උපකාර වූවත් එතන ඇත්තේ දියුණු කරගෙන ඇති පමණට උපදවා ගත් අභිඥා බලයකි. පිළිතුර ඇත්තේ එතැනයි. එය විදර්ශනා ඥානය නොමැති අභිඥා බලයක් නිසා කණාමැදිරි එළියෙන් බලන්නාක් මෙන් බලන ස්වභාවයක් වේ. එවැනි අභිඥාලාභීන් අභිඥා උපදවා ගෙන සිටියත්, දැන් තිබෙන මිථ්‍යා දෘෂ්ටි ස්වභාවයත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිලිනොපැදීම නිසා හේතු සම්පත් මුහුකුරා නොයෑම ආදී කරුණුත්, තවත් බොහෝ කරුණු කාරණාත් අනුව ඔවුන් මහා බෝධිසත්ත්වයෝ නොවන නිසාත්, පච්චේක බෝධි සත්වයෝ නොවන නිසාත්, එසේ වීමට තරම් හේතු සම්පත් නැති නිසාත්, මිත්‍යාදෘෂ්ටි අතහැර නැති නිසාත්, විදර්ශනා ඥානය උපදවා නොගත් නිසාත්, අනාගතය අතීතය තම තම තරමට දැකිය හැකි වුවත්, බුදුරජාණන් වහන්සේ නමක් කරන චතුසත්‍ය දේශනාවක් දැකීමෙන් හෝ ඇසීමෙන් අබුද්ධෝත්පාද කාලයක වුවත් නිවන් දකින්නට හැකියාවක් නැත. ඔවුන් අබුද්ධෝත්පාද කාලයේ දී වූවත් උපදවා ගත් අභිඤ්ඤාවලට අනාගතයේ මඟඵල ලැබීමට අවශ්‍ය යහපත් විපාකයෝ ලබා ගනී. භාග්‍යවතුන් වහන්සේ නමක් මුණ ගැසී විවිධාකාර මිත්‍යා දෘෂ්ටි අතහැර, භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇති ආකාරයටම පරියාප්ති සාසනය දැනගෙන, ප්‍රතිපත්ති ශාසනය ට පැමිණ, අවබෝධය ලබන්නට කටයුතු කළ යුතු ය. එසේ කටයුතු කළහොත් ඔවුන් ද ශ්රාවකයින් බවට පත්වේ. අති පූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ මිණිපුර අමා ශාන්ති තපෝවනය පැල්වාඩිය - රත්නපුර විමසීම්:- තපෝවන කාර්යාලය 0452229458 / 0770644222 මිණිපුර අමා ශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනයෙන් සිදුකෙරෙන භාවනා වැඩසටහන් සහ අභිධර්ම පන්ති, සූත්‍ර ධර්ම දෙශනා ආදී වැඩසටහන් වලට සහභාගි වීමට පහත සඳහන් ගෲප් වලට සම්බන්ධ වෙන්න. වැඩසටහන් දැනුවත් කිරීම:- [URL]https://chat.whatsapp.com/L3bm0BAJpCQHgqQjyYWhKO[/URL] ධර්ම කරුණු දැණුවත් කිරීම :- [URL]https://chat.whatsapp.com/K54LPFzq0Zo27Z8cXrxcFc[/URL] Telegram :- [URL]https://t.me/amashanthi[/URL] YouTube :- [URL]https://www.youtube.com/channel/UCnRjougx501-eR6SEod8ZJA[/URL] copied . [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom