Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අභිධර්ම පිටකය අබුද්ධ දේශිතයකැයි කියන්නන&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභිධර්ම පිටකය අබුද්ධ දේශිතයකැයි කියන්නන&

තථාගතයන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි වදාරන ලද බුද්ධ වචන රාශිය ධර්ම විනය වශයෙන් දෙපරිදි වෙයි. එයින් විනය, විනය-අභිවිනය වශයෙන් දෙකකට බෙදනු ලැබේ. භික්ෂු භික්ෂුණීන් විසින් පොහෝ කිරීමේ දී උදෙසනු ලබන පාරාජිකා සංඝාදිසේසාදි සිඛපද විස්තර කර ඇති පාරාජිකා පාළි, පාචිත්තිය පාළි යන විනය ග්රන්ථ දෙක විනය නමින් හඳුන්වනු ලැබේ. පැවිදි කිරීම්, උපසම්පදා කිරීම්, සීමා බැඳීම්, පොහෝ කිරීම්, පවාරණය කිරීම්, ඇවතට පිළියම් කිරීම් ආදිය දක්වන්නා වූ ද, සිඛපදයන් නොයෙක් ආකාරයෙන් විභාග කොට දක්වන්නා වූද මහාවග්ග, චූලවග්ග, පරිවාර යන ග්රන්ථ තුන අභිවිනය නමින් හඳුන්වනු ලැබේ. බුද්ධ වචනයන් පිටක වශයෙන් බෙදීමේදී විනය – අභිවිනය දෙකම විනය පිටකය වශයෙන් ගනු ලැබේ.

ධර්මය ද , ධර්ම – අභිධර්ම වශයෙන් දෙකට බෙදනු ලැබේ. තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානවලදී ඒ ඒ පුද්ගලයන් හට ඔවුන්ගේ චරිත අනුව, අදහස් අනුව, පැමිණ ඇති කරුණු අනුව පවත්වන ලද දේශනා ධර්ම නම් වේ. සූත්‍ර යනු ද ඒවාට කියන තවත් නමෙකි. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් අනේකාකාරයෙන් විභාග කොට දක්වන දේශනාව අභිධර්ම නම් වේ. එනම්, ධම්මසංගණී – විභංග - ධාතු කථා - පුග්ගල පඤ්ඤත්ති – කථාවත්ථු - යමක – පට්ඨාන යන ප්රකරණ සතය. ධර්ම පිටක වශයෙන් බෙදීමේදී මේ සප්ත ප්‍රකරණය අභිධර්ම පිටකයයි ද ඉතිරි ධර්ම සූත්‍රපිටකය යි ද කියනු ලැබේ.

ලොව ඇති සජීවාජීව සියල්ල සෑදෙන මූල ධාතූන් විස්තර වශයෙන් විභාග කොට ඇත්තේ ද ඒවා ඇතිවන සැටිත්, පරම්පරා වශයෙන් පවත්නා සැටිත්, ඒ ධාතු පරම්පරාවන් සිඳී යන සැටිත්, ඒ ධාතුන්හි ඇති ශක්ති විශේෂයන් හා ඒවායින් ඇති විය හැකිදේත්, විභාග කොට ඇත්තේ ද අභිධර්මයෙහිය. කුශාලාදි ධර්ම නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, ඒවායේ ඇති ශක්ති විශේෂ විභාග කොට ඇත්තේ ද, ඒ ශක්තීන් නිසා ඇතිවන ඵල විපාක නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, මෙලොවින් පරලොවට කිසිවක් නොගොස්ම නැවත නැවත භවයෙන් භවයෙහි සත්වයාගේ ඉපදීම සිදුවිය හැකි ආකාරය දක්වා ඇත්තේ ද අභිධර්ම පිටකයෙහිය.

සූත්‍ර පිටකය වනාහි වෛද්‍යවරයකු විසින් රෝගීන් පරීක්ෂාකර ඒ ඒ රෝගියා උදෙසා ලියන ලද බෙහෙත් වට්ටෝරු සමූහයක් වැනිය. එසේ ලියූ බෙහෙත් වට්ටෝරු දහස් ගණනක් කියවීමෙන් වුවද කෙනකුට වෛද්‍යවරයකු නොවිය හැකි ය. එමෙන්ම සූත්‍ර කෙතෙක් උගත ද එයින් බුදුදහම, ‘බෞද්ධ දර්ශනය’ නිරවුල් ලෙස දතුවකු නොවිය හැකිය. බුදුදහම නිරවුල් ලෙස දත් නියම ධර්ම ධරයකු, ධර්ම කථිකයකු වීමට නම් අභිධර්මය පිටකය උගත යුතුමය. අභිධර්මය නූගත් ධර්ම කථිකයාට නොයෙක් විට කරුණු වරදින්නේ ය. එබැවින් මහා ගෝසිංග සූත්‍ර අටුවාවෙහි මෙසේ කියා ඇත්තේ ය.

“සුඛුමං පන චිත්තන්තරං ඛන්ධන්තරං ධාතන්තරං ආයතනන්තරං ඣානොක්කන්තිකං ආරම්මණොක්කන්තිකං අංගවවත්ථානං ආරම්මණවවත්ථානං අංගසංකන්තං ආරම්මණසංකන්තං එකතො වඩ්ඪනං උභතො වඩ්ඪනන්ති ආභිධම්මික ධම්මකථිකස්සෙව පාකටං, අනභිධම්මිකො හි ධම්මං කථෙන්තො අයං සකවාදො අයං පරවාදොති න ජානාති, සකවාදං දීපෙස්සාමිති පරවාදං දීපෙති. පරවාදං දීපෙස්සාමීති සකවාදං දීපෙති. ධම්මන්තරං විසංවාදෙති. ආභිධම්මිකො සකවාදං සකවාදනියාමෙනෙව පරවාදං පරවාදනියාමෙනෙච දීපෙති. ධම්මන්තරං න විසංවාදෙති.” ආභිධර්මිකයන් හා අනභිධර්මිකයන් ගැන අත්ථසාලිනි අටුවාවෙහි ද මෙසේ දක්වා ඇත්තේ ය.

“ආභිධම්මික භික්ඛුයෙව කිර ධම්මකථිකා නාම, අවසෙසා ධම්මකථං කථෙන්තාපි න ධම්මකථිකා; කස්මා? තෙහි ධම්මං කථෙන්තා කම්මන්තරං විපාකන්තරං රූපාරූප පරිච්ඡේදං ධම්මන්තරං ආලොළෙත්වා කථෙන්ති. ආභිධම්මිකා පන ධම්මන්තරං අනාලොළෙන්ති. තස්මා ආභිධම්මිකො භික්ඛු ධම්මං කථෙතු වා මා වා පුච්ඡිත කාලෙ පන පඤ්හං කථෙස්සතීති. අයමෙව කිර එකන්තධම්මකථිකො නාම හොති.”

කරුණු මෙසේ හෙයින් බුදුදහම ගැන නිවැරැදි නිරවුල් දැනුමක් ඇති කර ගනු රිසි සැමදෙනාම අභිධර්ම පිටකය උගත යුතුය. අභිධර්ම පිටකය බුදුදහමෙහි ඉතා සාරවත් වූ ඉතා වටිනා කොටසය. එහෙත් අටුවාලියන කාලයේ දී අභිධර්මය අබුද්ධ දේශිතයකැයි කියන විතණ්ඩවාදීන් විසූ බව අත්ථසාලිනී අටුවාවෙහි නිදාන කථාවෙන් පෙනේ. එක්තරා ආභිධම්මික භික්ෂුවක් එසේ කියන විතණ්ඩවාදියකුගෙන් ප්‍රශ්න අසා නිරුත්තර කොට ඔහුගේ වාදය බිඳහෙලා නිග්‍රහ කළ අයුරු අත්ථසාලිනියේ 23 වැනි පිටුවේ දක්වා තිබේ.

දැනුදු බුදුදහම පහත් කොට දක්වනු කැමැති, අවුල් කරනු කැමැති, බෞද්ධයන්ගේ ආගම භක්තිය උපායෙන් නසනු කැමැති ඇතැම් යුරෝපීය පඬිවරු “අභිධර්ම පිටකය බුද්ධකාලයේ තිබුණේ නැත, පළමුවන දෙවන සංගායනාවලදීත් තිබුණේ නැත, එය බුද්ධ භාෂිතයක් නොවේය, එය ද්විතීය සංගායනාවට හා තෘතීය සංගායනාවට අතර කාලයේ දී සම්පාදනය කරන ලද්දකැයි සිතිය හැකි යැ”යි කියති. බුදුනටත් ඉහළින් යුරෝපීය පඬිවරයන් අභිවාදනය කරන අප රට ඇතැම් බෞද්ධයෝ ද ඒ මත පිළිගෙන මහලොකු දේවල් ලෙස තැන තැන පවසති. ඒ මත පිළිගත් එක්තරා ස්ථවිර නමක් දැන් අභිධර්මයේ අඩුතැන් පුරවන්නටත්, වැරැදි තැන් සකස් කරන්නටත් පටන්ගෙන තිබේ. එය මන්ත්‍රය නොදැන නයින් නටවන්නට යෑම වැනි භයානක ඵල ඇතිවිය හැකි වැඩක් බව ඒ ස්ථවිරතුමන්ට මතක් කරනු කැමැත්තෙමු.

තථාගතයන් වහන්සේ විසින් බුද්ධත්වයට පැමිණ සත්වන වසරේ දී අභිධර්ම පිටකය දේශනා කරනු ලැබූ බව අපේ පොත පතෙහි නොයෙක් තැන්වල සඳහන් වන ප්‍රසිද්ධ කරුණකි. විනය පිටකය ඇති වූයේ අභිධර්ම පිටකය ඇති වී වර්ෂ බොහෝ ගණනක් ගත වූ පසුවය. අභිධර්ම පිටකය දේශනය කළ කාලය වන විට සූත්‍ර පිටකයෙන් ද තිබෙන්නට ඇත්තේ සුළු කොටසකි. එබැවින් එකල විසූ බොහෝ භික්ෂූන් අභිධර්ම පිටකය භාවිත කරන්නට ඇතිවාට සැකයක් නැත. “අභිධර්ම පිටකයක් බුද්ධ කාලයේ නොතිබුණේ ය” යි කියන්නවුන් විසින්, එකල තිබුණේ යයි පිළිගනු ලබන සූත්‍ර, විනය පිටක දෙක්හි නොයෙක් තැන්වල අභිධර්මය ගැන සඳහන් වන්නේ, ඒ ධර්මය භික්ෂූන් අතර කෙලින්ම තිබුණු නිසා ය.

විනය පිටකයේ පාචිත්තිය පාළියෙහි 72 වැනි පචීතියෙහි අනාපත්ති වාරයේ සඳහන් වන පාඨයක් මෙසේ ය.

“අනාපත්ති න විවණ්ණේතු කාමො, ඉංඝ තාව සුත්තන්තේ වා ගාථායොවා අභිධම්මංවා පරියාපුණස්සු. පච්ඡා පි විනයං පරියාපුණිස්සතීති භණති.”

බුද්ධකාලයේ අභිධර්ම පිටකයක් නොතිබුණා නම් මේ සික පදය විස්තර කිරීමේ දී අභිධර්මයක් සඳහන් කරන්නට කරුණක් නැත.

තවද පාචිත්තිය පාළියේ භික්ඛුණී විභංගයේ ඡත්තුපාහන වග්ගයේ 12 වැනි සිකපද විස්තරයේ මෙසේ සඳහන් වේ.

“සුත්තන්තෙ ඔකාසං කාරාපෙත්වා විනයං වා අභිධම්මං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස.

විනයෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා අභිධම්මං වා පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස.

අභිධම්මෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා විනයං වා පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස.”

මේ පාඨයෙහි සුත්තන්ත – විනය – අභිධම්ම යන පිටක තුන ඉතා පැහැදිලි ලෙස දක්වා තිබේ. මේ පාඨවල අභිධම්ම යන වචනයෙන් කියන ධර්මය අභිධර්ම පිටකය හැර අනිකක් නම්, ඒ කුමක්ද කියා බුද්ධකාලයේ අභිධර්මය නොතිබුණේ යයි කියන්නවුන් දැක්විය යුතුය.

එසේ දක්වන්නට දෙයක් ඔවුනට නැත. සූත්‍ර, විනය පිටක දෙක්හි අභිධර්මය සඳහන් කර ඇති තවත් බොහෝ තැන් ඇතත් බුද්ධ කාලයේ අභිධර්මය නොතිබුණේය යන මිථ්‍යා මතය බිඳලීමට දැක් වූ විනය පාඨ දෙකම ප්‍රමාණවත් වන බැවින් ඒවා නොදක්වනු ලැබේ.

ප්‍රථම ද්විතීය සංගීතිවලදී පිටකත්‍රය ම සංගායනා කළ යුතු බව අටුවාවල හා තවත් පොත්පත්වලත් පැහැදිලි ලෙස ම දක්වා තිබේ. ඒ සංගායනාවලදී අභිධර්ම පිටකය සංගායනා නොකළ බවක් කොතැනකවත් සඳහන් කර නැත. අභිධර්මය ඒ සංගායනාවලදී සංගායනා නොකළ බව කියන්නවුන්ට ඒ බව ඔප්පු කිරීමට කිසිම ප්‍රබල සාධකයක් නැත. ඔවුන් ඒ ගැන දක්වන එකම සාධකය චූලවග්ග පාලියේ සංගීති කතාවල අභිධම්ම යන වචනය සඳහන් නොවීම පමණකි. චුලවග්ග පාලියේ සංගායනාව දක්වා තිබෙන්නේ ඉතා කෙටියෙනි. එහි

“එතෙනෙව උපායෙන පඤ්චපි නිකායෙ පුච්ඡි පුට්ඨො පුට්ඨො ආයස්මා ආනන්දො විස්සජ්ජෙසි”

යන පාඨයෙන් දක්වන්නේ අභිධර්ම පිටකයත් සංගායනා කළ බවය. අභිධර්ම පිටකය නිකාය පසින් ඛුද්ධක නිකායට අයත් ය. චූලවග්ග සංගීති කතාවෙහි අභිධර්මය යන වචනය සඳහන් වී නැත ද ඛන්ධකාවසානයෙහි දක්වා ඇති.

උපාලි විනයං පුච්ඡි - සූත්තන්තානන්ද පණ්ඩිතං

පිටකං තීණි සංගීතිං - අකංසු ජින සාවකා

යන උද්දාන ගාථාවෙන් පිටක තුනක් සංගායනා කළ බව දැක්වේ. අභිධර්ම පිටකය සංගායනා නොකළා නම් මේ ගාථාවෙන් කියන පිටක තුන මොනවාද? වැරැදුන තැනදී බොහෝ දෙනා කරන පරිදි ඕවා පසු කාලයේ දී ලියන ලද ඒවාය කියා ගැලවෙන්නට තැත් කරනවා මිස, මේ ප්රශ්නයේ දී පරවාදීන්ට කළ හැකි අනිකක් නම් නැත. තථාගතයන් වහන්සේ අභිධර්ම පිටකයෙහි වදාරා ඇත්තේ ඉතා ගැඹුරු ධර්මයන්ය. එකින් එක වෙන් කළ නොහෙන පරිදි බැඳි සමූහ වශයෙන් වහ වහා ඉපද ඉපද බිඳි බිඳී යන චිත්ත චෛතසික ධර්මයන් මේ මේය කියා විභාග කර දැක්වීම ලොව්තුරා බුදුවරුන්ට මිස සෙස්සන්ට කළ හැකියක් නොවේ. එබැවින් අභිධර්ම පිටකය ලොව්තුරා බුදු කෙනකුන් විසින්ම දේශනා කරනු ලබනවා මිස අනිකකුට සම්පාදනය නොකළ හැකිය.

සාමාන්‍ය ලෝකයාට විෂය නොවන ගැඹුරු ධර්මයන් විභාග කොට දක්වන අභිධර්ම පිටකය යමෙකුට සම්පාදනය කළ හැකි වූයේ නම් එය සුළු කරුණක් නොව මහා ප්රාතිහාර්යයකි. එබඳු මහත් දෙයක් කළ තැනැත්තකුට ඒ ග්රන්ථ බුද්ධ දේශනාවක් ලෙස ඉදිරිපත් කොට සැඟවෙන්නට කිසිම කරුණක් නැත.

අභිධර්ම පිටකය සම්පාදනය කළහයි කියන කාලයේ පොත් තිබුණේ නැත. ඒ කාලයේ ධර්ම ශාස්ත්‍රයන් පවත්වාගෙන ආයේ පාඩම් ඇතියකුගෙන් අසා පාඩම් කර ගැනීමේ ක්‍රමයෙනි. දීර්ඝ දෙයක් වන අභිධර්ම පිටකය සිය මුවින් ම කියා පිරිසකට පාඩම් කරවීමට දිගු කලක් වුවමනාය. බොරුවට ආයු මඳය. එබැවින් කෙනකුට අභිධර්ම පිටකය සම්පාදනය කර එය බුද්ධදේශනයක් ලෙස, රහස එළි නොවන ලෙස දිගු කලක් උගැන්වීම නොකළ හැකිය. යම්කිසි දවසකදී කාරණය ඒකාන්තයෙන් ප්‍රසිද්ධ වන්නේ ය. ඉන්පසු ඒ ධර්මය උගෙනීමට භික්ෂූන් නො වෙහෙසෙනවා ඇත. තමා විසින් යමක් සම්පාදනය කොට එය බුද්ධදේශනයක් ලෙස රටට දීම බරපතළ වරදකි. අභිධර්ම පිටකය වැනි විශාල දෙයක් පිළියෙළ කොට යමෙකු විසින් එය බුද්ධදේශනාවක් ලෙස ප්‍රකාශ කරන්නට පටන්ගතහොත් එය ඉතිහාස ගතවන අපරාධයකි. මෙතරම් මහත් වංචාවක් යමකු විසින් කරන ලද නම්, ඒකාන්තයෙන් එය හෙළි වන්නේ ය.එහෙත් අභිධර්මය බුද්ධදේශනයක් නොවෙතියි කියන කිසිවකු අභිධර්ම පිටකය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කිරීමට සමත් වී නැත. එයින් පෙනෙන්නේ අභිධර්මය බුද්ධ දේශනයක් නොවේ යයි කීම ම බොරුවක් බවය. අභිධර්මය අබුද්ධ දේශනයක් බව ඔප්පු කරන්නට නම් එය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කළ යුතුය. බුද්ධදේශනාවකැයි කියා ඒ ධර්මය සම්පාදනය කිරීමේ හේතුව දැක්විය යුතුය.

මුලින් සම්පාදනය කළ තැනැත්තා ගෙන් අභිධර්මය උගත් භික්ෂූන් සම්පාදකයාගේ නම යටපත් කොට එය බුද්ධ දේශනාවක් ලෙස ප්‍රකාශ කරන්නට පටන් ගත්තා නම් එය වංචාවක් පමණක් නොව ගුරුද්රෝහීකමක් ද වන අපරාධයකි. කිසිම ප්‍රයෝජනයක් නැතිව එබඳු අපරාධයක් භික්ෂූන් විසින් කරන ලදැයි පිළිගැනීමට කරුණක් නැත.

අභිධර්ම පිටකය ප්‍රථම ද්විතීය සංගායනාවලදී සංගීත නොවූ බව කියන අය තෘතීය සංගායනාවේ දී එය සංගීත වූ බව පිළිගනිති. විනය අටුවා කියන හැටියට ඒ සංගීතිය ත්‍රිපිටකධාරී රහතන් වහන්සේ දහසක් විසින් කරන ලද්දකි. ඒ රහත්හු බුද්ධ දේශනයකැයි රැවටී අභිධර්මය උගත්තෝද? නැතහොත් උන්වහන්සේ බුද්ධභාෂිතයක් නොවන බව දැන ගෙනම එය බුද්ධභාෂිතයක් වශයෙන් සංගායනා කළෝද? නැතහොත් විනය අටුවාවෙහි සඳහන් වන ඒ පුවත බොරුවක් ද? බොරුවක් නම් එය විනය අටුවාවට ඇතුළත් කළේ කුමටද? යන මේ ප්‍රශ්න විසැඳීම අභිධර්මය අබුද්ධදේශිතයක් බව කියන භවතුන්ට භාර කරමු.

අතිපූජ්‍ය

රේරුකානේ

චන්දවිමල මහ නා හිමි

[QUOTE="ela billa, post: 14720223, member: 464426"] [b]අභිධර්ම පිටකය අබුද්ධ දේශිතයකැයි කියන්නන&[/b] [SIZE=5] [/SIZE][SIZE=5] තථාගතයන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි වදාරන ලද බුද්ධ වචන රාශිය ධර්ම විනය වශයෙන් දෙපරිදි වෙයි. එයින් විනය, විනය-අභිවිනය වශයෙන් දෙකකට බෙදනු ලැබේ. භික්ෂු භික්ෂුණීන් විසින් පොහෝ කිරීමේ දී උදෙසනු ලබන පාරාජිකා සංඝාදිසේසාදි සිඛපද විස්තර කර ඇති පාරාජිකා පාළි, පාචිත්තිය පාළි යන විනය ග්රන්ථ දෙක විනය නමින් හඳුන්වනු ලැබේ. පැවිදි කිරීම්, උපසම්පදා කිරීම්, සීමා බැඳීම්, පොහෝ කිරීම්, පවාරණය කිරීම්, ඇවතට පිළියම් කිරීම් ආදිය දක්වන්නා වූ ද, සිඛපදයන් නොයෙක් ආකාරයෙන් විභාග කොට දක්වන්නා වූද මහාවග්ග, චූලවග්ග, පරිවාර යන ග්රන්ථ තුන අභිවිනය නමින් හඳුන්වනු ලැබේ. බුද්ධ වචනයන් පිටක වශයෙන් බෙදීමේදී විනය – අභිවිනය දෙකම විනය පිටකය වශයෙන් ගනු ලැබේ.[/SIZE] [SIZE=5] ධර්මය ද , ධර්ම – අභිධර්ම වශයෙන් දෙකට බෙදනු ලැබේ. තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානවලදී ඒ ඒ පුද්ගලයන් හට ඔවුන්ගේ චරිත අනුව, අදහස් අනුව, පැමිණ ඇති කරුණු අනුව පවත්වන ලද දේශනා ධර්ම නම් වේ. සූත්‍ර යනු ද ඒවාට කියන තවත් නමෙකි. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් අනේකාකාරයෙන් විභාග කොට දක්වන දේශනාව අභිධර්ම නම් වේ. එනම්, ධම්මසංගණී – විභංග - ධාතු කථා - පුග්ගල පඤ්ඤත්ති – කථාවත්ථු - යමක – පට්ඨාන යන ප්රකරණ සතය. ධර්ම පිටක වශයෙන් බෙදීමේදී මේ සප්ත ප්‍රකරණය අභිධර්ම පිටකයයි ද ඉතිරි ධර්ම සූත්‍රපිටකය යි ද කියනු ලැබේ.[/SIZE] [SIZE=5] ලොව ඇති සජීවාජීව සියල්ල සෑදෙන මූල ධාතූන් විස්තර වශයෙන් විභාග කොට ඇත්තේ ද ඒවා ඇතිවන සැටිත්, පරම්පරා වශයෙන් පවත්නා සැටිත්, ඒ ධාතු පරම්පරාවන් සිඳී යන සැටිත්, ඒ ධාතුන්හි ඇති ශක්ති විශේෂයන් හා ඒවායින් ඇති විය හැකිදේත්, විභාග කොට ඇත්තේ ද අභිධර්මයෙහිය. කුශාලාදි ධර්ම නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, ඒවායේ ඇති ශක්ති විශේෂ විභාග කොට ඇත්තේ ද, ඒ ශක්තීන් නිසා ඇතිවන ඵල විපාක නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, මෙලොවින් පරලොවට කිසිවක් නොගොස්ම නැවත නැවත භවයෙන් භවයෙහි සත්වයාගේ ඉපදීම සිදුවිය හැකි ආකාරය දක්වා ඇත්තේ ද අභිධර්ම පිටකයෙහිය.[/SIZE] [SIZE=5] සූත්‍ර පිටකය වනාහි වෛද්‍යවරයකු විසින් රෝගීන් පරීක්ෂාකර ඒ ඒ රෝගියා උදෙසා ලියන ලද බෙහෙත් වට්ටෝරු සමූහයක් වැනිය. එසේ ලියූ බෙහෙත් වට්ටෝරු දහස් ගණනක් කියවීමෙන් වුවද කෙනකුට වෛද්‍යවරයකු නොවිය හැකි ය. එමෙන්ම සූත්‍ර කෙතෙක් උගත ද එයින් බුදුදහම, ‘බෞද්ධ දර්ශනය’ නිරවුල් ලෙස දතුවකු නොවිය හැකිය. බුදුදහම නිරවුල් ලෙස දත් නියම ධර්ම ධරයකු, ධර්ම කථිකයකු වීමට නම් අභිධර්මය පිටකය උගත යුතුමය. අභිධර්මය නූගත් ධර්ම කථිකයාට නොයෙක් විට කරුණු වරදින්නේ ය. එබැවින් මහා ගෝසිංග සූත්‍ර අටුවාවෙහි මෙසේ කියා ඇත්තේ ය.[/SIZE] [SIZE=5] “සුඛුමං පන චිත්තන්තරං ඛන්ධන්තරං ධාතන්තරං ආයතනන්තරං ඣානොක්කන්තිකං ආරම්මණොක්කන්තිකං අංගවවත්ථානං ආරම්මණවවත්ථානං අංගසංකන්තං ආරම්මණසංකන්තං එකතො වඩ්ඪනං උභතො වඩ්ඪනන්ති ආභිධම්මික ධම්මකථිකස්සෙව පාකටං, අනභිධම්මිකො හි ධම්මං කථෙන්තො අයං සකවාදො අයං පරවාදොති න ජානාති, සකවාදං දීපෙස්සාමිති පරවාදං දීපෙති. පරවාදං දීපෙස්සාමීති සකවාදං දීපෙති. ධම්මන්තරං විසංවාදෙති. ආභිධම්මිකො සකවාදං සකවාදනියාමෙනෙව පරවාදං පරවාදනියාමෙනෙච දීපෙති. ධම්මන්තරං න විසංවාදෙති.” ආභිධර්මිකයන් හා අනභිධර්මිකයන් ගැන අත්ථසාලිනි අටුවාවෙහි ද මෙසේ දක්වා ඇත්තේ ය.[/SIZE] [SIZE=5] “ආභිධම්මික භික්ඛුයෙව කිර ධම්මකථිකා නාම, අවසෙසා ධම්මකථං කථෙන්තාපි න ධම්මකථිකා; කස්මා? තෙහි ධම්මං කථෙන්තා කම්මන්තරං විපාකන්තරං රූපාරූප පරිච්ඡේදං ධම්මන්තරං ආලොළෙත්වා කථෙන්ති. ආභිධම්මිකා පන ධම්මන්තරං අනාලොළෙන්ති. තස්මා ආභිධම්මිකො භික්ඛු ධම්මං කථෙතු වා මා වා පුච්ඡිත කාලෙ පන පඤ්හං කථෙස්සතීති. අයමෙව කිර එකන්තධම්මකථිකො නාම හොති.”[/SIZE] [SIZE=5] කරුණු මෙසේ හෙයින් බුදුදහම ගැන නිවැරැදි නිරවුල් දැනුමක් ඇති කර ගනු රිසි සැමදෙනාම අභිධර්ම පිටකය උගත යුතුය. අභිධර්ම පිටකය බුදුදහමෙහි ඉතා සාරවත් වූ ඉතා වටිනා කොටසය. එහෙත් අටුවාලියන කාලයේ දී අභිධර්මය අබුද්ධ දේශිතයකැයි කියන විතණ්ඩවාදීන් විසූ බව අත්ථසාලිනී අටුවාවෙහි නිදාන කථාවෙන් පෙනේ. එක්තරා ආභිධම්මික භික්ෂුවක් එසේ කියන විතණ්ඩවාදියකුගෙන් ප්‍රශ්න අසා නිරුත්තර කොට ඔහුගේ වාදය බිඳහෙලා නිග්‍රහ කළ අයුරු අත්ථසාලිනියේ 23 වැනි පිටුවේ දක්වා තිබේ.[/SIZE] [SIZE=5] දැනුදු බුදුදහම පහත් කොට දක්වනු කැමැති, අවුල් කරනු කැමැති, බෞද්ධයන්ගේ ආගම භක්තිය උපායෙන් නසනු කැමැති ඇතැම් යුරෝපීය පඬිවරු “අභිධර්ම පිටකය බුද්ධකාලයේ තිබුණේ නැත, පළමුවන දෙවන සංගායනාවලදීත් තිබුණේ නැත, එය බුද්ධ භාෂිතයක් නොවේය, එය ද්විතීය සංගායනාවට හා තෘතීය සංගායනාවට අතර කාලයේ දී සම්පාදනය කරන ලද්දකැයි සිතිය හැකි යැ”යි කියති. බුදුනටත් ඉහළින් යුරෝපීය පඬිවරයන් අභිවාදනය කරන අප රට ඇතැම් බෞද්ධයෝ ද ඒ මත පිළිගෙන මහලොකු දේවල් ලෙස තැන තැන පවසති. ඒ මත පිළිගත් එක්තරා ස්ථවිර නමක් දැන් අභිධර්මයේ අඩුතැන් පුරවන්නටත්, වැරැදි තැන් සකස් කරන්නටත් පටන්ගෙන තිබේ. එය මන්ත්‍රය නොදැන නයින් නටවන්නට යෑම වැනි භයානක ඵල ඇතිවිය හැකි වැඩක් බව ඒ ස්ථවිරතුමන්ට මතක් කරනු කැමැත්තෙමු.[/SIZE] [SIZE=5] තථාගතයන් වහන්සේ විසින් බුද්ධත්වයට පැමිණ සත්වන වසරේ දී අභිධර්ම පිටකය දේශනා කරනු ලැබූ බව අපේ පොත පතෙහි නොයෙක් තැන්වල සඳහන් වන ප්‍රසිද්ධ කරුණකි. විනය පිටකය ඇති වූයේ අභිධර්ම පිටකය ඇති වී වර්ෂ බොහෝ ගණනක් ගත වූ පසුවය. අභිධර්ම පිටකය දේශනය කළ කාලය වන විට සූත්‍ර පිටකයෙන් ද තිබෙන්නට ඇත්තේ සුළු කොටසකි. එබැවින් එකල විසූ බොහෝ භික්ෂූන් අභිධර්ම පිටකය භාවිත කරන්නට ඇතිවාට සැකයක් නැත. “අභිධර්ම පිටකයක් බුද්ධ කාලයේ නොතිබුණේ ය” යි කියන්නවුන් විසින්, එකල තිබුණේ යයි පිළිගනු ලබන සූත්‍ර, විනය පිටක දෙක්හි නොයෙක් තැන්වල අභිධර්මය ගැන සඳහන් වන්නේ, ඒ ධර්මය භික්ෂූන් අතර කෙලින්ම තිබුණු නිසා ය.[/SIZE] [SIZE=5] විනය පිටකයේ පාචිත්තිය පාළියෙහි 72 වැනි පචීතියෙහි අනාපත්ති වාරයේ සඳහන් වන පාඨයක් මෙසේ ය.[/SIZE] [SIZE=5] “අනාපත්ති න විවණ්ණේතු කාමො, ඉංඝ තාව සුත්තන්තේ වා ගාථායොවා අභිධම්මංවා පරියාපුණස්සු. පච්ඡා පි විනයං පරියාපුණිස්සතීති භණති.”[/SIZE] [SIZE=5] බුද්ධකාලයේ අභිධර්ම පිටකයක් නොතිබුණා නම් මේ සික පදය විස්තර කිරීමේ දී අභිධර්මයක් සඳහන් කරන්නට කරුණක් නැත.[/SIZE] [SIZE=5] තවද පාචිත්තිය පාළියේ භික්ඛුණී විභංගයේ ඡත්තුපාහන වග්ගයේ 12 වැනි සිකපද විස්තරයේ මෙසේ සඳහන් වේ.[/SIZE] [SIZE=5] “[B]සුත්තන්තෙ ඔකාසං කාරාපෙත්වා විනයං වා අභිධම්මං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස. විනයෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා අභිධම්මං වා පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස. අභිධම්මෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා විනයං වා පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස.”[/B][/SIZE] [SIZE=5] මේ පාඨයෙහි සුත්තන්ත – විනය – අභිධම්ම යන පිටක තුන ඉතා පැහැදිලි ලෙස දක්වා තිබේ. මේ පාඨවල අභිධම්ම යන වචනයෙන් කියන ධර්මය අභිධර්ම පිටකය හැර අනිකක් නම්, ඒ කුමක්ද කියා බුද්ධකාලයේ අභිධර්මය නොතිබුණේ යයි කියන්නවුන් දැක්විය යුතුය.[/SIZE] [SIZE=5] එසේ දක්වන්නට දෙයක් ඔවුනට නැත. සූත්‍ර, විනය පිටක දෙක්හි අභිධර්මය සඳහන් කර ඇති තවත් බොහෝ තැන් ඇතත් බුද්ධ කාලයේ අභිධර්මය නොතිබුණේය යන මිථ්‍යා මතය බිඳලීමට දැක් වූ විනය පාඨ දෙකම ප්‍රමාණවත් වන බැවින් ඒවා නොදක්වනු ලැබේ.[/SIZE] [SIZE=5] ප්‍රථම ද්විතීය සංගීතිවලදී පිටකත්‍රය ම සංගායනා කළ යුතු බව අටුවාවල හා තවත් පොත්පත්වලත් පැහැදිලි ලෙස ම දක්වා තිබේ. ඒ සංගායනාවලදී අභිධර්ම පිටකය සංගායනා නොකළ බවක් කොතැනකවත් සඳහන් කර නැත. අභිධර්මය ඒ සංගායනාවලදී සංගායනා නොකළ බව කියන්නවුන්ට ඒ බව ඔප්පු කිරීමට කිසිම ප්‍රබල සාධකයක් නැත. ඔවුන් ඒ ගැන දක්වන එකම සාධකය චූලවග්ග පාලියේ සංගීති කතාවල අභිධම්ම යන වචනය සඳහන් නොවීම පමණකි. චුලවග්ග පාලියේ සංගායනාව දක්වා තිබෙන්නේ ඉතා කෙටියෙනි. එහි[/SIZE] [SIZE=5] “එතෙනෙව උපායෙන පඤ්චපි නිකායෙ පුච්ඡි පුට්ඨො පුට්ඨො ආයස්මා ආනන්දො විස්සජ්ජෙසි”[/SIZE] [SIZE=5] යන පාඨයෙන් දක්වන්නේ අභිධර්ම පිටකයත් සංගායනා කළ බවය. අභිධර්ම පිටකය නිකාය පසින් ඛුද්ධක නිකායට අයත් ය. චූලවග්ග සංගීති කතාවෙහි අභිධර්මය යන වචනය සඳහන් වී නැත ද ඛන්ධකාවසානයෙහි දක්වා ඇති.[/SIZE] [SIZE=5][B]උපාලි විනයං පුච්ඡි - සූත්තන්තානන්ද පණ්ඩිතං පිටකං තීණි සංගීතිං - අකංසු ජින සාවකා[/B][/SIZE] [SIZE=5] යන උද්දාන ගාථාවෙන් පිටක තුනක් සංගායනා කළ බව දැක්වේ. අභිධර්ම පිටකය සංගායනා නොකළා නම් මේ ගාථාවෙන් කියන පිටක තුන මොනවාද? වැරැදුන තැනදී බොහෝ දෙනා කරන පරිදි ඕවා පසු කාලයේ දී ලියන ලද ඒවාය කියා ගැලවෙන්නට තැත් කරනවා මිස, මේ ප්රශ්නයේ දී පරවාදීන්ට කළ හැකි අනිකක් නම් නැත. තථාගතයන් වහන්සේ අභිධර්ම පිටකයෙහි වදාරා ඇත්තේ ඉතා ගැඹුරු ධර්මයන්ය. එකින් එක වෙන් කළ නොහෙන පරිදි බැඳි සමූහ වශයෙන් වහ වහා ඉපද ඉපද බිඳි බිඳී යන චිත්ත චෛතසික ධර්මයන් මේ මේය කියා විභාග කර දැක්වීම ලොව්තුරා බුදුවරුන්ට මිස සෙස්සන්ට කළ හැකියක් නොවේ. එබැවින් අභිධර්ම පිටකය ලොව්තුරා බුදු කෙනකුන් විසින්ම දේශනා කරනු ලබනවා මිස අනිකකුට සම්පාදනය නොකළ හැකිය.[/SIZE] [SIZE=5] සාමාන්‍ය ලෝකයාට විෂය නොවන ගැඹුරු ධර්මයන් විභාග කොට දක්වන අභිධර්ම පිටකය යමෙකුට සම්පාදනය කළ හැකි වූයේ නම් එය සුළු කරුණක් නොව මහා ප්රාතිහාර්යයකි. එබඳු මහත් දෙයක් කළ තැනැත්තකුට ඒ ග්රන්ථ බුද්ධ දේශනාවක් ලෙස ඉදිරිපත් කොට සැඟවෙන්නට කිසිම කරුණක් නැත.[/SIZE] [SIZE=5] අභිධර්ම පිටකය සම්පාදනය කළහයි කියන කාලයේ පොත් තිබුණේ නැත. ඒ කාලයේ ධර්ම ශාස්ත්‍රයන් පවත්වාගෙන ආයේ පාඩම් ඇතියකුගෙන් අසා පාඩම් කර ගැනීමේ ක්‍රමයෙනි. දීර්ඝ දෙයක් වන අභිධර්ම පිටකය සිය මුවින් ම කියා පිරිසකට පාඩම් කරවීමට දිගු කලක් වුවමනාය. බොරුවට ආයු මඳය. එබැවින් කෙනකුට අභිධර්ම පිටකය සම්පාදනය කර එය බුද්ධදේශනයක් ලෙස, රහස එළි නොවන ලෙස දිගු කලක් උගැන්වීම නොකළ හැකිය. යම්කිසි දවසකදී කාරණය ඒකාන්තයෙන් ප්‍රසිද්ධ වන්නේ ය. ඉන්පසු ඒ ධර්මය උගෙනීමට භික්ෂූන් නො වෙහෙසෙනවා ඇත. තමා විසින් යමක් සම්පාදනය කොට එය බුද්ධදේශනයක් ලෙස රටට දීම බරපතළ වරදකි. අභිධර්ම පිටකය වැනි විශාල දෙයක් පිළියෙළ කොට යමෙකු විසින් එය බුද්ධදේශනාවක් ලෙස ප්‍රකාශ කරන්නට පටන්ගතහොත් එය ඉතිහාස ගතවන අපරාධයකි. මෙතරම් මහත් වංචාවක් යමකු විසින් කරන ලද නම්, ඒකාන්තයෙන් එය හෙළි වන්නේ ය.එහෙත් අභිධර්මය බුද්ධදේශනයක් නොවෙතියි කියන කිසිවකු අභිධර්ම පිටකය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කිරීමට සමත් වී නැත. එයින් පෙනෙන්නේ අභිධර්මය බුද්ධ දේශනයක් නොවේ යයි කීම ම බොරුවක් බවය. අභිධර්මය අබුද්ධ දේශනයක් බව ඔප්පු කරන්නට නම් එය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කළ යුතුය. බුද්ධදේශනාවකැයි කියා ඒ ධර්මය සම්පාදනය කිරීමේ හේතුව දැක්විය යුතුය.[/SIZE] [SIZE=5] මුලින් සම්පාදනය කළ තැනැත්තා ගෙන් අභිධර්මය උගත් භික්ෂූන් සම්පාදකයාගේ නම යටපත් කොට එය බුද්ධ දේශනාවක් ලෙස ප්‍රකාශ කරන්නට පටන් ගත්තා නම් එය වංචාවක් පමණක් නොව ගුරුද්රෝහීකමක් ද වන අපරාධයකි. කිසිම ප්‍රයෝජනයක් නැතිව එබඳු අපරාධයක් භික්ෂූන් විසින් කරන ලදැයි පිළිගැනීමට කරුණක් නැත.[/SIZE] [SIZE=5] අභිධර්ම පිටකය ප්‍රථම ද්විතීය සංගායනාවලදී සංගීත නොවූ බව කියන අය තෘතීය සංගායනාවේ දී එය සංගීත වූ බව පිළිගනිති. විනය අටුවා කියන හැටියට ඒ සංගීතිය ත්‍රිපිටකධාරී රහතන් වහන්සේ දහසක් විසින් කරන ලද්දකි. ඒ රහත්හු බුද්ධ දේශනයකැයි රැවටී අභිධර්මය උගත්තෝද? නැතහොත් උන්වහන්සේ බුද්ධභාෂිතයක් නොවන බව දැන ගෙනම එය බුද්ධභාෂිතයක් වශයෙන් සංගායනා කළෝද? නැතහොත් විනය අටුවාවෙහි සඳහන් වන ඒ පුවත බොරුවක් ද? බොරුවක් නම් එය විනය අටුවාවට ඇතුළත් කළේ කුමටද? යන මේ ප්‍රශ්න විසැඳීම අභිධර්මය අබුද්ධදේශිතයක් බව කියන භවතුන්ට භාර කරමු.[/SIZE] [B]අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නා හිමි[/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom