Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභියෝගයට_ඔබත්_සූදානම්_ද_???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභියෝගයට_ඔබත්_සූදානම්_ද_???

අභියෝගයට ඔබත් සූදානම් ද ???

මේ ලිපිය මා සිත් ගත් බැවින් එය ඔබ සියළු දෙනා සමඟ බෙදා ගැනීමට අදහස් කලෙමි . . .

ජීවිතය ගෙවද්දි අපි හැමෝට ම නොයෙකුත් බාධාවන් එනව. ඒ බාධාවන් නිසා සමහර වෙලාවට හිත් කඩාගෙන වැටෙනව. ජීවිතේ එපා වෙනව. මැරෙන්න හිතෙනව. අඬනව. වැලපෙනව. ආයේ අඬනව. හිත හරියනකම් ම අඬනවා කියලා හිතල, පණ කඩාගෙන අඬනව. කඳුළු පිහදගෙන නැඟිටිනව. ආයේ ජීවිතේ කවදාවත් අඬන්නේ නම් නෑ කියලා හිතනව. ඒත් නො හඬා ඉන්න හැකි වුණා ද? නො තැවී ඉන්න හැකි වුණා ද ?

පුංචි කාලේ අපිට හොඳ පාසලකට යන්න, ඔන්න එනව අභියෝගයක්. පව්…. අම්මලා තාත්තලා බොහෝ වෙහෙස මහන්සි වෙලා අපිව හොඳ පාසලකට දානව. ඒක පුංචි කාලෙදි අපි නො දැනුනාට, අපේ අම්මලාට තාත්තලාට අපි වෙනුවෙන් භාර ගන්න වුණු ලොකු අභියෝගයක්. ඔන්න අපි ඉස්කෝලේ යනවා. ‘‘හොඳට ඉගෙන ගන්න ඕන. පන්තියේ පළවෙනියා වෙන්න ඕන” කියල ඔන්න අපිට අම්මලා තාත්තලා අභියෝගයක් දෙනවා. හරි…. ඒ වසර එහෙම ගියා. දෙක වසර පහු කරලා තුන වසරටත් ගියා. දැන් තමයි අම්මලාගේ ලොකු ම අභියෝගෙ. ශිෂ්‍යත්වේ…. පුංචි කාලේ පුංචි මනස නැති වුණා. යාළුවෝ එක්ක සෙල්ලම් කරන එක නැති වුණා. ඉස්කෝලෙ යනවා. පන්ති යනවා. එක එක පන්ති…. පහ වසරටත් ගියා. ශිෂ්‍යත්වෙත් කළා. ෆේල් වුණොත් ටිකක් බැණුම්. හදිස්සියේ හරි අල්ලපු ගෙදර යාළුවා හොඳට ලකුණු ගත්තොත්, හොඳට බැණුම්. අම්මලාට ඒකත් අභියෝගයක්. ශිෂ්‍යත්වය ඉවර වුණු ගමන් අම්මලා තාත්තලා බාර ගන්නවා තවත් අභියෝගයක්. ඒ සාමාන්‍ය පෙළ අභියෝගෙ. සතියට දවස් හතයි. කරන විෂයන් දහයයි. සතිය ම පන්ති . . .

අම්මලා තාත්තලා ඒ වෙනුවෙන් පුදුම මහන්සියක් ගන්නවා. උදේ පාන්දර ම එලාම් තියලා නැගිටින්නේ අම්මලා. බලෙන් පාඩම් කරවනවා. කෑම ටික ළඟට ම ගෙනත් දෙනවා. ඒ අම්මල අභියෝගයට මුහුණ දෙන්නේ ඒ විදියට. කකුල් ළඟට වතුර පුරවපු බේසම් ගෙනත් තියනවා. ගෝනි තෙමලා මේස යටට දානවා. අපේ අනාගතේ ගැන හිත හිත අම්මලා දුක් විඳිනවා. ලෙඩ වුණාමත් ඒ ගැන දුක් වෙනවා. පන්ති ගාස්තුවලට ම පඩියෙන් භාගෙටත් වැඩියෙන් වියදම් වෙනවා. නුවණ වැඩෙනවා කියල එක එක ඒවා කන්න ගෙනත් දෙනවා. පව්…. ඒ අම්මලාගේ ආදරේ. ඕලෙවල් යන්තම් ගොඩ ගියා. ඒකත් ඉවරයි. පස්සේ තමයි අම්මලාගේ තාත්තලාගේ මහා අභියෝගය… කොහොම හරි කැම්පස් යන්න හිතලයි මේ උසස් පෙළ අභියෝගෙ භාර ගන්නෙ . . .

ඒකෙදි නම් ඔන්න අපේ හිතටත් ඒක ටිකක් දැනෙනවා. අපිත්් ඒක ඇඟට අරන් කරනවා. තුන් හතර වතාවක් ට්‍රයි කරල අන්තිමේ ඒකත් ගොඩ ගියා. ඊළඟට එනවා රස්සා අභියෝගෙ. ඒ ගමන් ම එනවා පරස්සා අභියෝගෙත්. එහෙම එහෙම අපේ ජීවිතේ අභියෝග එක්ක ම ගෙවිලා යනවා. අපි තරුණ වෙද්දි අම්මලා තාත්තලා මහලූ වෙනවා. අම්මලා තාත්තලා අපි වෙනුවෙන් අභියෝග භාර ගත්තා, ඒත් ඔවුන්ට එන මහා අභියෝග ගැන හිතුවේ නෑ. මොනව ද ඒ මහා අභියෝග ?

‘‘අපි වයසට යනවනේ, ඒකෙන් මිදුණේ නෑනෙ” කියන අභියෝගෙ අම්මලා තාත්තලා හිතුවේ නෑ. ‘‘අපේ දත් හැලිලා යනවනෙ, කෙස් පැහිලා යනවනෙ, කොන්ද වකුටු වෙලා යනවනෙ, හම රැලි වැටිලා යනවනෙ, ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නෙ නැති වෙලා යනවනෙ, වැඩක් පලක් කර ගන්න බැරුව දුක සේ ඉන්න වෙන කාලයක් එනවනෙ, අපි වයසට යන එකෙන් මිදුණේ නෑ නෙ, ඒකෙන් මිදෙන්න ඕන නෙ” කියන අභියෝගෙ අපේ අම්මලාට තාත්තලාට අමතක වෙලා ගියා . . .

‘‘අපි ලෙඩ වෙනවනෙ, අපේ දතේ කටේ රෝග හැදෙනවනෙ, කනේ රෝග හැදෙනවනෙ, නාසයේ, දිවේ, කයේ මේ විදියට නොයෙක් නොයෙක් රෝග මේ ශරීරයට උරුමයිනෙ, ඒ ලෙඩවීම නම් දුකෙන් මිදෙන්න ඕනනෙ” කියන අභියෝගෙ අම්මලාට තාත්තලාට අමතක වෙලා ගියා . . .

‘‘කොච්චර ආදරෙන් හදා වඩා ගත්තත් කවදා හරි මේ ළමයින්ගෙන් වෙන් වෙන්න වෙනවනෙ, සමහර විට මේ දරුවන්ගෙන් පවා සැනසීමක් නො ලැබෙන්න පුළුවන්නෙ, අප්‍රිය අමනාප දේවල් ජීවිතේට එන්න පුළුවන්නෙ. එහෙම එද්දි අඬන්නෙ වැලපෙන්නෙ ශෝක කරන්නේ නැතුව, පපුවේ අත් ගහන් විලාප දෙන්නෙ නැතුව ඉන්න පුළුවන් හිතක් හදාගෙන ඉන්න එක තමයි අභියෝගෙ” කියලා අපේ අම්මලාට තාත්තලාට අමතක වෙලා ගියා . . .

‘‘මගේ ය, මගේ ය කියලා ආශාවෙන් අල්ලගෙන ඉන්න හැම දෙයක් ම දාලා මැරිලා යනවනෙ, මරණය කියන මහා අභියෝගෙ ජීවිතේට උරුම කරන්නේ ඉන්නෙ” කියලා අපේ අම්මලාට තාත්තලාට අමතක වුණා . . .

‘‘මැරිලා යද්දි අරන් යන්න තියෙන්නේ තමන් විසින් තමා වෙනුවෙන්, තම හිත, කය, වචන මෙහෙයවලා, තමා ම කරගත්ත දේවල් විතරනෙ” කියලා අපේ අම්මලට තාත්තලාට අමතක වෙලා ගියා. ”කර්මය තමයි තමාගේ දෙය කරගෙන ඉන්නෙ, දායාද කරගෙන ඉන්නෙ, උප්පත්ති ස්ථානය කරගෙන ඉන්නෙ, ඤතියා කරගෙන ඉන්නෙ, පිළිසරණ කරගෙන ඉන්නෙ, ඉතින් යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරන්නේ නම් එය තමාට ම යි හිමි වන්නෙ” කියලා අපේ අම්මලාට තාත්තලාට අමතක වෙලා ගියා . . .

අම්මලා ළමයින් වෙනුවෙන් අභියෝග භාර ගත්තා. ළමයින්ගේ තවමත් නො පෙනුණ අනාගතේ වෙනුවෙන්, ඒ අනාගතේ සැප සේ ඉන්න මඟ සලසන්න ඕන කියන බලාපොරොත්තුවෙන්, අම්මලා අම්මලාගේ ජීවිත කැප කළා . . .

එහෙම කරපු අම්මලා කී දෙනෙක් අද මහපාරෙ දුක් විඳිනව ද ? වැඩිහිටි නිවාසවල තනිවෙලා හූල්ලනව ද ? දරුවන්ගෙ කරදරවලට ලක් වුණු අම්මලා තාත්තලා ගැන කතන්දර පත්තරයක් බලද්දි කොච්චර අපි දකිනව ද ? අනේ පව් කිව්වත් ඒක නවත්තන්න පුළුවන් ද ? කාගෙද වරද ? කවුද වගකියන්න ඕන ?

වයසට ගිහින්, මුකුත් ම කරගන්නත් බැරුව, ලෙඩ රෝග වැලඳුණු දෙමාපියන්ව ලොකු වාහනවලින් ඇවිත් පාර අයිනට දාල, ඇඳුම් කඩමාලූ ටික විසි කරලා යන, ‘ලොකු ලොකු නෝනා මහත්තුරු’ අපිත් දැකලා තියෙනව. ‘‘දරුවොන්ට අපි මෙහෙමයි කළේ, උන් අපට මෙහෙමයි කළේ” කියලා නො කියා ම බැරි තැන, ඒ අම්මල තාත්තල අඬ අඬා ම කියනවා. ‘‘කොල්ල නම් මට පණ වගේ. ඒත් අර මූසල ලේලි තමයි ඔක්කොටම මුල” කියලා පුතාගේ නෝනට බණිනවා. කොහේවත් උන්නු ගෑනියෙක් නිසා, ලේ කිරි කරලා දීලා අනන්ත සෙනෙහෙ දක්වපු අම්මටවත් කළගුණ දක්වන්න බැරි, කොන්ද පණ නැති පුතාලගෙ හොඳක්ම කියන අහිංසක අම්මලා තාත්තලා අපිට කතා කරලා තියෙනවා . . .

ළපටි වයසේ, යොවුන් වයසේ, මැදි වයසේ, දරුවෝ මුනුපුරු මිනිබිරියෝ, හදිසියේ ම මැරිලා යද්දි දුක දරාගන්න බැරුව සිහි විකල් වෙලා යන අම්මලා තාත්තලා ඉන්නව. මළ ගෙදරට එන හැමෝටම තමන්ගේ දරුවෝ ජීවත් වෙද්දි පාවිච්චි කරපු බඩු භාණ්ඩ පෙන්න පෙන්න අඬනව. අනේ නැගිටලා එන්න කිය කියා අඬනව. මළ මිනිය බදාගෙන අඬනව. සති ගණන්, මාස ගණන් මතක් කර කර අඬනව. යාළුවන්ට, නෑයන්ට කෝල් කර කර අඬනව. ඇහේ කඳුළු නැති වෙනකම්, උගුර බැරැණ්ඩි වෙලා කට හඬ නැති වෙනකම්ම අඬනව . . .

පුංචි කාලේ ඉඳන් ම දරුවන්ට අභියෝග ජය ගන්න උගන්නන අම්මලා තාත්තලා, තමන්ට එන සැබෑ ම අභියෝග ඉදිරියේදි කිරිසප්පයන්ටත් වඩා අසරණ වෙනවා. ඇඬීම, වැලපීම, ශෝක කිරීම හැර වෙන දෙයක් දෙමව්පියන් දැනන් හිටියේ නෑ . . .

අද මුළු ලෝකෙම උරුම කරන් ඉන්නේ ඕකයි. පුංචි කාලෙ ඉඳන් ම දුවනවා අර අභියෝගෙන් මේ අභියෝගෙට. මේ අභියෝගෙන් අර අභියෝගෙට. අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ හතියයි, දණිස් රිදිල්ලයි විතරයි. පහ වසරෙදි මහා ලොකුයි කියලා අම්මලා තාත්තලා කරවපු ශිෂ්‍යත්වේ හය වසරට යද්දිම පුංචි ම පුංචි දෙයක් වෙනවා. මහා ලොකුයි කියලා හිතන සා. පෙළ අභියෝගෙ තව ටිකක් යද්දි වැඩක් නැති වෙනවා. මහා ලොකුයි කියලා හිතපු උසස් පෙළ අභියෝගෙ උපාධියක් ගත්තම වැඩක් නැති වෙනවා. මහා ලොකුයි කියලා හොයපු රස්සාවත් ටිකෙන් ටික එපා වෙලා යනව. කසාදයක් බඳින දවස් දෙක ගෙවාගන්න එකත් පුදුම අභියෝගයක්. ලෝකෙට පේන්න මඟුල ගන්න එපැයි. ලොකු හෝටල්, ලොකු බෝතල්, ලොකු පවුල්… ලොකු ඒවාට ලොකු වියදම්. අන්තිමට ඉස්මුරුත්තාවට කාලා, කාපුවා බහින්න නටලා, නාලා, නිදා ගත්ත එක විතරයි. උදේ නැගිටලා වතුර ගහද්දි හිතෙනවා ‘අයියෝ සල්ලි’ කියලා. හිස් ලෝකේ හිස් දේවල් පස්සේ කොච්චර තව දුවන්න ද ?

සැබෑ අභියෝග ඉස්සරහට එද්දි භය වෙනවා, තැති ගන්නවා, විලාප දෙනවා, ලොකු උපාධි, තානාන්තර තිබුණ කියල, ලොකු රස්සා කළා කියලා වයසට නො යා හිටියේ නෑ. ලොකු සල්ලියක් තිබුණා කියලා ලෙඩ නො වී හිටියේ නෑ. ලෝකෙට කොයි තරම් ලොක්කෙක් වුණත් හැමදාම ජීවත් වෙන්න බෑ. වයසට යාමෙන් බැට කන අභියෝගෙ එහෙම්මයි. ලෙඩ වීමෙන් බැට කන අභියෝගෙ තවමත් එහෙම්මයි. මරණයට ලක්වීම නම් වූ අභියෝගෙ තවමත් එහෙම්මයි. අපේ අම්මලා තාත්තලත් අපිට පුංචි කාලෙදි දුන්නේ අර කියපු අභියෝග තමයි. ඉගෙන ගනින් කිව්වා. බැඳලා කියලා ළමයි හදලා සංතෝසෙන් ඉඳපල්ලා කිව්වා. එයිට වැඩිය දෙයක් කියන්න ඒ අහිංසක දෙමව්පියන් දැනන් හිටියේ නෑ. ඒ අයට තේරෙන විදියට මේක කියලා දෙන්න කවුරුවත් හිටියෙත් නෑ. ඒත් ඔන්න දැන් අපිට ඉන්නවා කෙනෙක්. අම්මට වැඩිය ආදරේ කෙනෙක්. තාත්තට වැඩිය ආදරේ කෙනෙක්. සසරේ වැටි වැටී දුක ම විඳ විඳ යන අපි ගැන අනුකම්පාවෙන් දුකෙන් මිදෙන හැටි කියලා දුන්න කෙනෙක්. භය නැතුවම හදවතින් ම අදහාගන්න පුළුවන් කෙනෙක්. ජීවිතේ පුරාවට ම විශ්වාස කරන් ඉන්න පුළුවන් කෙනෙක්. ලොවට උතුම් පින් කෙතක්. මතක් කළත් පින් වැඩෙන හිතක්. අනේ! ඔන්න අපිට මුණ ගැහුණා අපේ භාග්‍යවතුන් වහන්සේව. අපිට උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නිසාවෙන් ම ඔන්න මුණ ගැහුණා ලාභයක් . . .

අම්මලා තාත්තල කිව්වා වගේ නෙවෙයි ඔන්න…. ලෝකෙට දුලබ ව පහළ වෙන කල්‍යාණ මිත්රයින් වහන්සේලා සම්බුද්ධ ධර්මය ලෝකෙට කියලා දීලා තියෙන්නෙ. වයසට යන අභියෝගෙන් මිදෙන්න පුළුවන්, ලෙඩ වීමෙන්, මිය යාමෙන් සදහට ම මිදෙන්න පුළුවන් මාර්ගය දැන් කියලා දීලයි තියෙන්නෙ. ලේසි නෑ… අමාරුවෙන් හරි කරගන්න කෙනා ඇඬීමෙන් දිනනව. වැලපීමෙන් දිනනව. ශෝක කිරීමෙන් දිනනව. සියලූ දුකෙන් මිදිලා සදහට ම දිනනව. අභියෝග ජය ගන්න විදිහ කියල දීලයි තියෙන්නෙ. ළමයි ඉන්න අම්මලා තාත්තලාට, අම්මලා තාත්තලා වෙන්න බලන් ඉන්න අයට දිනනවා නම් ඔන්න තියෙනවා අභියෝගෙ. දිනන කෙනා ගොඩ. පුළුවන් නම් භාර ගන්න. බැරිනම් ඒත් භාර ගන්න. උත්සාහයක් හරි ගන්න. මොකද ඒ අභියෝගෙ හැමෝට ම භාර ගන්නත් බෑ. ශාස්තෘන් වහන්සේ කියන දේ ඒ විදියට ම කරන්න දක්ෂ වුණොත් අපිට වරදින්නෙත් නෑ; අපි පරදින්නෙත් නෑ. ඒ උතුම් අභියෝගය ජය ගෙන සදා සැනසීම ලැබීමට සියලූ දෙව් මිනිසුන්ට වාසනාව උදා වේවා !

[QUOTE="chathupatiya, post: 13553529, member: 48903"] [b]අභියෝගයට_ඔබත්_සූදානම්_ද_???[/b] [SIZE="4"][COLOR="Purple"][B][SIZE="5"]අභියෝගයට ඔබත් සූදානම් ද ???[/SIZE][/B] [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/Main-Image6.jpg[/IMG][/CENTER] මේ ලිපිය මා සිත් ගත් බැවින් එය ඔබ සියළු දෙනා සමඟ බෙදා ගැනීමට අදහස් කලෙමි . . . ජීවිතය ගෙවද්දි අපි හැමෝට ම නොයෙකුත් බාධාවන් එනව. ඒ බාධාවන් නිසා සමහර වෙලාවට හිත් කඩාගෙන වැටෙනව. ජීවිතේ එපා වෙනව. මැරෙන්න හිතෙනව. අඬනව. වැලපෙනව. ආයේ අඬනව. හිත හරියනකම් ම අඬනවා කියලා හිතල, පණ කඩාගෙන අඬනව. කඳුළු පිහදගෙන නැඟිටිනව. ආයේ ජීවිතේ කවදාවත් අඬන්නේ නම් නෑ කියලා හිතනව. ඒත් නො හඬා ඉන්න හැකි වුණා ද? නො තැවී ඉන්න හැකි වුණා ද ? පුංචි කාලේ අපිට හොඳ පාසලකට යන්න, ඔන්න එනව අභියෝගයක්. පව්…. අම්මලා තාත්තලා බොහෝ වෙහෙස මහන්සි වෙලා අපිව හොඳ පාසලකට දානව. ඒක පුංචි කාලෙදි අපි නො දැනුනාට, අපේ අම්මලාට තාත්තලාට අපි වෙනුවෙන් භාර ගන්න වුණු ලොකු අභියෝගයක්. ඔන්න අපි ඉස්කෝලේ යනවා. ‘‘හොඳට ඉගෙන ගන්න ඕන. පන්තියේ පළවෙනියා වෙන්න ඕන” කියල ඔන්න අපිට අම්මලා තාත්තලා අභියෝගයක් දෙනවා. හරි…. ඒ වසර එහෙම ගියා. දෙක වසර පහු කරලා තුන වසරටත් ගියා. දැන් තමයි අම්මලාගේ ලොකු ම අභියෝගෙ. ශිෂ්‍යත්වේ…. පුංචි කාලේ පුංචි මනස නැති වුණා. යාළුවෝ එක්ක සෙල්ලම් කරන එක නැති වුණා. ඉස්කෝලෙ යනවා. පන්ති යනවා. එක එක පන්ති…. පහ වසරටත් ගියා. ශිෂ්‍යත්වෙත් කළා. ෆේල් වුණොත් ටිකක් බැණුම්. හදිස්සියේ හරි අල්ලපු ගෙදර යාළුවා හොඳට ලකුණු ගත්තොත්, හොඳට බැණුම්. අම්මලාට ඒකත් අභියෝගයක්. ශිෂ්‍යත්වය ඉවර වුණු ගමන් අම්මලා තාත්තලා බාර ගන්නවා තවත් අභියෝගයක්. ඒ සාමාන්‍ය පෙළ අභියෝගෙ. සතියට දවස් හතයි. කරන විෂයන් දහයයි. සතිය ම පන්ති . . . අම්මලා තාත්තලා ඒ වෙනුවෙන් පුදුම මහන්සියක් ගන්නවා. උදේ පාන්දර ම එලාම් තියලා නැගිටින්නේ අම්මලා. බලෙන් පාඩම් කරවනවා. කෑම ටික ළඟට ම ගෙනත් දෙනවා. ඒ අම්මල අභියෝගයට මුහුණ දෙන්නේ ඒ විදියට. කකුල් ළඟට වතුර පුරවපු බේසම් ගෙනත් තියනවා. ගෝනි තෙමලා මේස යටට දානවා. අපේ අනාගතේ ගැන හිත හිත අම්මලා දුක් විඳිනවා. ලෙඩ වුණාමත් ඒ ගැන දුක් වෙනවා. පන්ති ගාස්තුවලට ම පඩියෙන් භාගෙටත් වැඩියෙන් වියදම් වෙනවා. නුවණ වැඩෙනවා කියල එක එක ඒවා කන්න ගෙනත් දෙනවා. පව්…. ඒ අම්මලාගේ ආදරේ. ඕලෙවල් යන්තම් ගොඩ ගියා. ඒකත් ඉවරයි. පස්සේ තමයි අම්මලාගේ තාත්තලාගේ මහා අභියෝගය… කොහොම හරි කැම්පස් යන්න හිතලයි මේ උසස් පෙළ අභියෝගෙ භාර ගන්නෙ . . . ඒකෙදි නම් ඔන්න අපේ හිතටත් ඒක ටිකක් දැනෙනවා. අපිත්් ඒක ඇඟට අරන් කරනවා. තුන් හතර වතාවක් ට්‍රයි කරල අන්තිමේ ඒකත් ගොඩ ගියා. ඊළඟට එනවා රස්සා අභියෝගෙ. ඒ ගමන් ම එනවා පරස්සා අභියෝගෙත්. එහෙම එහෙම අපේ ජීවිතේ අභියෝග එක්ක ම ගෙවිලා යනවා. අපි තරුණ වෙද්දි අම්මලා තාත්තලා මහලූ වෙනවා. අම්මලා තාත්තලා අපි වෙනුවෙන් අභියෝග භාර ගත්තා, ඒත් ඔවුන්ට එන මහා අභියෝග ගැන හිතුවේ නෑ. මොනව ද ඒ මහා අභියෝග ? ‘‘අපි වයසට යනවනේ, ඒකෙන් මිදුණේ නෑනෙ” කියන අභියෝගෙ අම්මලා තාත්තලා හිතුවේ නෑ. ‘‘අපේ දත් හැලිලා යනවනෙ, කෙස් පැහිලා යනවනෙ, කොන්ද වකුටු වෙලා යනවනෙ, හම රැලි වැටිලා යනවනෙ, ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නෙ නැති වෙලා යනවනෙ, වැඩක් පලක් කර ගන්න බැරුව දුක සේ ඉන්න වෙන කාලයක් එනවනෙ, අපි වයසට යන එකෙන් මිදුණේ නෑ නෙ, ඒකෙන් මිදෙන්න ඕන නෙ” කියන අභියෝගෙ අපේ අම්මලාට තාත්තලාට අමතක වෙලා ගියා . . . ‘‘අපි ලෙඩ වෙනවනෙ, අපේ දතේ කටේ රෝග හැදෙනවනෙ, කනේ රෝග හැදෙනවනෙ, නාසයේ, දිවේ, කයේ මේ විදියට නොයෙක් නොයෙක් රෝග මේ ශරීරයට උරුමයිනෙ, ඒ ලෙඩවීම නම් දුකෙන් මිදෙන්න ඕනනෙ” කියන අභියෝගෙ අම්මලාට තාත්තලාට අමතක වෙලා ගියා . . . ‘‘කොච්චර ආදරෙන් හදා වඩා ගත්තත් කවදා හරි මේ ළමයින්ගෙන් වෙන් වෙන්න වෙනවනෙ, සමහර විට මේ දරුවන්ගෙන් පවා සැනසීමක් නො ලැබෙන්න පුළුවන්නෙ, අප්‍රිය අමනාප දේවල් ජීවිතේට එන්න පුළුවන්නෙ. එහෙම එද්දි අඬන්නෙ වැලපෙන්නෙ ශෝක කරන්නේ නැතුව, පපුවේ අත් ගහන් විලාප දෙන්නෙ නැතුව ඉන්න පුළුවන් හිතක් හදාගෙන ඉන්න එක තමයි අභියෝගෙ” කියලා අපේ අම්මලාට තාත්තලාට අමතක වෙලා ගියා . . . ‘‘මගේ ය, මගේ ය කියලා ආශාවෙන් අල්ලගෙන ඉන්න හැම දෙයක් ම දාලා මැරිලා යනවනෙ, මරණය කියන මහා අභියෝගෙ ජීවිතේට උරුම කරන්නේ ඉන්නෙ” කියලා අපේ අම්මලාට තාත්තලාට අමතක වුණා . . . ‘‘මැරිලා යද්දි අරන් යන්න තියෙන්නේ තමන් විසින් තමා වෙනුවෙන්, තම හිත, කය, වචන මෙහෙයවලා, තමා ම කරගත්ත දේවල් විතරනෙ” කියලා අපේ අම්මලට තාත්තලාට අමතක වෙලා ගියා. ”කර්මය තමයි තමාගේ දෙය කරගෙන ඉන්නෙ, දායාද කරගෙන ඉන්නෙ, උප්පත්ති ස්ථානය කරගෙන ඉන්නෙ, ඤතියා කරගෙන ඉන්නෙ, පිළිසරණ කරගෙන ඉන්නෙ, ඉතින් යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරන්නේ නම් එය තමාට ම යි හිමි වන්නෙ” කියලා අපේ අම්මලාට තාත්තලාට අමතක වෙලා ගියා . . . අම්මලා ළමයින් වෙනුවෙන් අභියෝග භාර ගත්තා. ළමයින්ගේ තවමත් නො පෙනුණ අනාගතේ වෙනුවෙන්, ඒ අනාගතේ සැප සේ ඉන්න මඟ සලසන්න ඕන කියන බලාපොරොත්තුවෙන්, අම්මලා අම්මලාගේ ජීවිත කැප කළා . . . එහෙම කරපු අම්මලා කී දෙනෙක් අද මහපාරෙ දුක් විඳිනව ද ? වැඩිහිටි නිවාසවල තනිවෙලා හූල්ලනව ද ? දරුවන්ගෙ කරදරවලට ලක් වුණු අම්මලා තාත්තලා ගැන කතන්දර පත්තරයක් බලද්දි කොච්චර අපි දකිනව ද ? අනේ පව් කිව්වත් ඒක නවත්තන්න පුළුවන් ද ? කාගෙද වරද ? කවුද වගකියන්න ඕන ? වයසට ගිහින්, මුකුත් ම කරගන්නත් බැරුව, ලෙඩ රෝග වැලඳුණු දෙමාපියන්ව ලොකු වාහනවලින් ඇවිත් පාර අයිනට දාල, ඇඳුම් කඩමාලූ ටික විසි කරලා යන, ‘ලොකු ලොකු නෝනා මහත්තුරු’ අපිත් දැකලා තියෙනව. ‘‘දරුවොන්ට අපි මෙහෙමයි කළේ, උන් අපට මෙහෙමයි කළේ” කියලා නො කියා ම බැරි තැන, ඒ අම්මල තාත්තල අඬ අඬා ම කියනවා. ‘‘කොල්ල නම් මට පණ වගේ. ඒත් අර මූසල ලේලි තමයි ඔක්කොටම මුල” කියලා පුතාගේ නෝනට බණිනවා. කොහේවත් උන්නු ගෑනියෙක් නිසා, ලේ කිරි කරලා දීලා අනන්ත සෙනෙහෙ දක්වපු අම්මටවත් කළගුණ දක්වන්න බැරි, කොන්ද පණ නැති පුතාලගෙ හොඳක්ම කියන අහිංසක අම්මලා තාත්තලා අපිට කතා කරලා තියෙනවා . . . ළපටි වයසේ, යොවුන් වයසේ, මැදි වයසේ, දරුවෝ මුනුපුරු මිනිබිරියෝ, හදිසියේ ම මැරිලා යද්දි දුක දරාගන්න බැරුව සිහි විකල් වෙලා යන අම්මලා තාත්තලා ඉන්නව. මළ ගෙදරට එන හැමෝටම තමන්ගේ දරුවෝ ජීවත් වෙද්දි පාවිච්චි කරපු බඩු භාණ්ඩ පෙන්න පෙන්න අඬනව. අනේ නැගිටලා එන්න කිය කියා අඬනව. මළ මිනිය බදාගෙන අඬනව. සති ගණන්, මාස ගණන් මතක් කර කර අඬනව. යාළුවන්ට, නෑයන්ට කෝල් කර කර අඬනව. ඇහේ කඳුළු නැති වෙනකම්, උගුර බැරැණ්ඩි වෙලා කට හඬ නැති වෙනකම්ම අඬනව . . . පුංචි කාලේ ඉඳන් ම දරුවන්ට අභියෝග ජය ගන්න උගන්නන අම්මලා තාත්තලා, තමන්ට එන සැබෑ ම අභියෝග ඉදිරියේදි කිරිසප්පයන්ටත් වඩා අසරණ වෙනවා. ඇඬීම, වැලපීම, ශෝක කිරීම හැර වෙන දෙයක් දෙමව්පියන් දැනන් හිටියේ නෑ . . . අද මුළු ලෝකෙම උරුම කරන් ඉන්නේ ඕකයි. පුංචි කාලෙ ඉඳන් ම දුවනවා අර අභියෝගෙන් මේ අභියෝගෙට. මේ අභියෝගෙන් අර අභියෝගෙට. අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ හතියයි, දණිස් රිදිල්ලයි විතරයි. පහ වසරෙදි මහා ලොකුයි කියලා අම්මලා තාත්තලා කරවපු ශිෂ්‍යත්වේ හය වසරට යද්දිම පුංචි ම පුංචි දෙයක් වෙනවා. මහා ලොකුයි කියලා හිතන සා. පෙළ අභියෝගෙ තව ටිකක් යද්දි වැඩක් නැති වෙනවා. මහා ලොකුයි කියලා හිතපු උසස් පෙළ අභියෝගෙ උපාධියක් ගත්තම වැඩක් නැති වෙනවා. මහා ලොකුයි කියලා හොයපු රස්සාවත් ටිකෙන් ටික එපා වෙලා යනව. කසාදයක් බඳින දවස් දෙක ගෙවාගන්න එකත් පුදුම අභියෝගයක්. ලෝකෙට පේන්න මඟුල ගන්න එපැයි. ලොකු හෝටල්, ලොකු බෝතල්, ලොකු පවුල්… ලොකු ඒවාට ලොකු වියදම්. අන්තිමට ඉස්මුරුත්තාවට කාලා, කාපුවා බහින්න නටලා, නාලා, නිදා ගත්ත එක විතරයි. උදේ නැගිටලා වතුර ගහද්දි හිතෙනවා ‘අයියෝ සල්ලි’ කියලා. හිස් ලෝකේ හිස් දේවල් පස්සේ කොච්චර තව දුවන්න ද ? සැබෑ අභියෝග ඉස්සරහට එද්දි භය වෙනවා, තැති ගන්නවා, විලාප දෙනවා, ලොකු උපාධි, තානාන්තර තිබුණ කියල, ලොකු රස්සා කළා කියලා වයසට නො යා හිටියේ නෑ. ලොකු සල්ලියක් තිබුණා කියලා ලෙඩ නො වී හිටියේ නෑ. ලෝකෙට කොයි තරම් ලොක්කෙක් වුණත් හැමදාම ජීවත් වෙන්න බෑ. වයසට යාමෙන් බැට කන අභියෝගෙ එහෙම්මයි. ලෙඩ වීමෙන් බැට කන අභියෝගෙ තවමත් එහෙම්මයි. මරණයට ලක්වීම නම් වූ අභියෝගෙ තවමත් එහෙම්මයි. අපේ අම්මලා තාත්තලත් අපිට පුංචි කාලෙදි දුන්නේ අර කියපු අභියෝග තමයි. ඉගෙන ගනින් කිව්වා. බැඳලා කියලා ළමයි හදලා සංතෝසෙන් ඉඳපල්ලා කිව්වා. එයිට වැඩිය දෙයක් කියන්න ඒ අහිංසක දෙමව්පියන් දැනන් හිටියේ නෑ. ඒ අයට තේරෙන විදියට මේක කියලා දෙන්න කවුරුවත් හිටියෙත් නෑ. ඒත් ඔන්න දැන් අපිට ඉන්නවා කෙනෙක්. අම්මට වැඩිය ආදරේ කෙනෙක්. තාත්තට වැඩිය ආදරේ කෙනෙක්. සසරේ වැටි වැටී දුක ම විඳ විඳ යන අපි ගැන අනුකම්පාවෙන් දුකෙන් මිදෙන හැටි කියලා දුන්න කෙනෙක්. භය නැතුවම හදවතින් ම අදහාගන්න පුළුවන් කෙනෙක්. ජීවිතේ පුරාවට ම විශ්වාස කරන් ඉන්න පුළුවන් කෙනෙක්. ලොවට උතුම් පින් කෙතක්. මතක් කළත් පින් වැඩෙන හිතක්. අනේ! ඔන්න අපිට මුණ ගැහුණා අපේ භාග්‍යවතුන් වහන්සේව. අපිට උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නිසාවෙන් ම ඔන්න මුණ ගැහුණා ලාභයක් . . . අම්මලා තාත්තල කිව්වා වගේ නෙවෙයි ඔන්න…. ලෝකෙට දුලබ ව පහළ වෙන කල්‍යාණ මිත්රයින් වහන්සේලා සම්බුද්ධ ධර්මය ලෝකෙට කියලා දීලා තියෙන්නෙ. වයසට යන අභියෝගෙන් මිදෙන්න පුළුවන්, ලෙඩ වීමෙන්, මිය යාමෙන් සදහට ම මිදෙන්න පුළුවන් මාර්ගය දැන් කියලා දීලයි තියෙන්නෙ. ලේසි නෑ… අමාරුවෙන් හරි කරගන්න කෙනා ඇඬීමෙන් දිනනව. වැලපීමෙන් දිනනව. ශෝක කිරීමෙන් දිනනව. සියලූ දුකෙන් මිදිලා සදහට ම දිනනව. අභියෝග ජය ගන්න විදිහ කියල දීලයි තියෙන්නෙ. ළමයි ඉන්න අම්මලා තාත්තලාට, අම්මලා තාත්තලා වෙන්න බලන් ඉන්න අයට දිනනවා නම් ඔන්න තියෙනවා අභියෝගෙ. දිනන කෙනා ගොඩ. පුළුවන් නම් භාර ගන්න. බැරිනම් ඒත් භාර ගන්න. උත්සාහයක් හරි ගන්න. මොකද ඒ අභියෝගෙ හැමෝට ම භාර ගන්නත් බෑ. ශාස්තෘන් වහන්සේ කියන දේ ඒ විදියට ම කරන්න දක්ෂ වුණොත් අපිට වරදින්නෙත් නෑ; අපි පරදින්නෙත් නෑ. ඒ උතුම් අභියෝගය ජය ගෙන සදා සැනසීම ලැබීමට සියලූ දෙව් මිනිසුන්ට වාසනාව උදා වේවා ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom