Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමතක නැ ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝසම් වැසි මැද කොටි බල බිද

දැමු පරන්තන් සටන

වන්නි මෙහෙයුමේ නිරත

සේනාංක පුනරීන්, නෙවිල්, සින්න

පරන්තන් , කොකාවිල්, මාන්කුලම්

යන ප්‍රදේශ ජය ගනිමින් ඉදිරියට

ගමන් කරමින් සිටියදී කොටි

සංවිධානයට හිතවත් පාර්ශ්වයන්

විශ්වාස කළේ, කොටි සංවිධානය

යම් උපායක් අනුගමනය කරමින්

සිටින බවයි. කොටි

සංවිධානයේ දේශපාලන

අංශයේ නායකයා ද සේනාංක

කිළිsනොච්චිය වෙත සමීප වෙමින්

පවතිද්දී ප්‍රකාශ කළේ වානා තම්බි

වානා යනුවෙනි. ඔහු ඉන් අදහස්

කළේ හමුදාවට ඉදිරියට එන්න ඉඩදී

ප්‍රහාර එල්ල කර හමුදාව විනාශ

කර දමන බවයි.

කොටි නායකයන් එලෙස ප්‍රකාශ

කළත් වන්නි මෙහෙයුමේ නිරත

සේනාංක කිලිනොච්චිය වෙත

සමීපවෙමින් සිටියදී කොටි

සංවිධානය ක්‍රියාවෙන් එම

මෙහෙයුම ආපසු හැරවීම සඳහා සිය

උපරිම බලය යොදවා ප්‍රහාර එල්ල

කර ඇති බව යුද බිමෙන් ලැබුණු

තොරතුරුවලින් තහවුරු වී ඇත.

එම තත්ත්වය හොඳින් ම ප්‍රදර්ශනය

වූ අවස්ථාවක් වූයේ බ්‍රිගේඩියර්

ශවේන්ද්‍ර

සිල්වාගේ නායකත්වයෙන් යුතු 58

වැනි සේනාංකය පුනරීන් ජයගෙන

නෙවිල්, සින්න පරන්තන් යන

ප්‍රදේශ පසු කරමින් පරන්තන්

මංසන්ධිය වෙත සමීපවෙමින් පැවති

අවස්ථාවයි.

පරන්තන් මංසන්ධිය

පිහිටා තිබෙන්නේ ඒ -9

මාර්ගයේ කිළිsනොච්චිය නගරයට

කි. මී. 9 ක් උතුරින් සහ අලිමංකඩට කි.

මී. 9 ක් දකුණු ප්‍රදේශ යේය.

එමෙන්ම කිළිනොච්චිය, පුනරීන්,

අලිමංකඩ සහ මුලතිව් වෙත ගමන්

කරන මාර්ග එකිනෙක

මුණගැසෙන්නේද පරන්තන්

මංසන්ධියේදීය. එමෙන්ම පරන්තන්

මංසන්ධිය කුඹුරු යායක් මැදිකර

ගෙන පිහිටා තිබීම ද ආරක්ෂක

හමුදාවන්ට මෙහෙයුම් කිරීම

සඳහා විශාල බාධාවක් වී ඇත.

පරන්තන් මංසන්ධියේ බලය

අල්ලා ගැනීම සඳහා 58 වැනි

සේනාංකය එම ස්ථානය වෙත

සමීපවෙමින් පවතිද්දී 57 වැනි

සේනාංකය කිළිනොච්චිය නගරය

වෙතත්, 59 වැනි සේනාංකය

මුලතිව් නගරය වෙතත් මෙහෙයුම්

දියත් කර තිබිණි.

58 වැනි සේනාංකය පරන්තන්

වෙත සමීපවෙමින් පවතිද්දී කුඹුරු

යායකට මැදිව පිහිටා තිබූ එම

මංසන්ධිය අයත් ප්‍රදේශය එකම ජල

තටාකය බවට පත්වී තිබිණි. ඒ

මෝසම් වැසි ඇද

හැලීමේ හේතුවෙනි. එම හේතුව

නිසාම සමහර පාලම්

පවා ගසාගෙන ගොස් තිබිණි.

ස්වාභාවිකව සහ කාලගුණය

වෙනස් වීමෙන් කෙතරම් බාධක

නිර්මාණය කර තිබුණත් දෙසැම්බර්

28 වැනිදා වන විට 58 වැනි

සේනාංකය සින්නපරන්තන්

ප්‍රදේශයේ බලය තහවුරු කර

ගැනීමට සමත් විය. ඉන් අනතුරුව එම

සේනාංකය පරන්තන් සිට

කිලිනොච්චිය දෙසට විහිදුණු දිග යුද

පෙරමුණක් ඔස්සේ මෙහෙයුම් සිදු

කළහ. මෙම මෙහෙයුම් සිදුවන

අවස්ථාව වන විට

කමාන්ඩෝ බලසේනාව මෙහෙයුම්

සිදු කර ඇත්තේද 58 වැනි

සේනාංකය සමඟය. 58 වැනි

සේනාංකය සමග මෙහෙයුම්

සඳහා කමාන්ඩෝ බලසේනාව

එක්වූ ආකාරය එම

සේනාංකාධිපතිවරයා වූ

බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා (දැන්

මේජර් ජෙනරාල්) එක් අවස්ථාවකදී

උදාහරණයකින් පැහැදිලි කළේ 58

වැනි සේනාංකය සහ

කමාන්ඩෝ බලසේනාව අතර

පැවැති සම්බන්ධය

බොක්සිං ක්‍රීඩාවේදී යොදන අත්

ආවරණය සහ අත අතර ඇති

ආකාරයේ සම්බන්ධයක් පැවැති

බවයි.

දිග යුද පෙරමුණක්

යොදා කමාන්ඩෝ බල

සේනාවේද සහාය ඇතිව 58 වැනි

සේනාංකය පරන්තන් මුදා ගැනීම

සඳහා කළ මෙහෙයුම කොටි

සංවිධානය සම්පූර්ණයෙන්ම

නොමඟ යෑවීමට සමත් වූ

මෙහෙයුමක් විය. එකම අවස්ථාවකදී

පරන්තන් දෙසටත් කිළිනොච්චිය

දෙසටත් මෙහෙයුම සිදු කිරීම තුළ

එම සේනාංකය වඩාත් ප්‍රමුඛතාව

දෙන්නේ කුමන ස්ථානයටද යන්න

පිළිබඳව කොටි නායකයන්ට

ගැටලුවක් මතුවන්නට ඇත. නමුත් 58

වැනි සේනාංකය එම මෙහෙයුම

සිදු කළ අවස්ථාවේදී පරන්තන්

මංසන්ධිය මුදා ගැනීම ප්‍රධාන

අරමුණ කොට ගෙන සිටියත්, තම

අරමුණ කිළිනොච්චිය මුදා ගැනීම

බව කොටි නායකයන්ට හැඟෙන

ලෙස කටයුතු කර ඇත. මෙම යුද

උපාය කොටි සංවිධානයට

පරන්තන් මංසන්ධිය අහිමිවීම

කෙරෙහි ප්‍රධාන වශයෙන් ම

බලපා ඇත. 2008 දෙසැම්බර් මස 29

වැනි දා වන විට පරන්තන්

මංසන්ධියේ උතුරු ප්‍රදේශයට

සමීපවූ එම සේනාංකය දෙසැම්බර්

30 වැනිදා වනවිට එම මංසන්ධියට

කි. මී. 3 ක් පමණ වූ සමීප

ප්‍රදේශයේ බලය තහවුරු කර

ගැනීමට සමත් වී ඇත. දෙසැම්බර් 29

සහ 30 යන දිනයන්හිදී දරුණු සටන්

පැවැති අතර කොටි සංවිධානය ද

සන්නද්ධ රථ, පැඩ්ල් ගන් වැනි අවි

යොදා ගනිමින් දැවැන්ත ප්‍රහාර

එල්ල කර ඇත. එම අවස්ථාවේදී

නියමුවන් රහිත ගුවන් යානාවලින්

ලබාදුන් තොරතුරු ද, ගුවන් හමුදාව

එල්ල කළ ප්‍රහාර ද 58 වැනි

සේනාංකය පරන්තන් මංසන්ධිය

මුදා ගැනීම සඳහා කළ සටන

සාර්ථකව ඉදිරියට ගෙන යැම

සඳහා විශාල ශක්තියක් වී ඇත.

58 වැනි සේනාංකය පරන්තන්

මංසන්ධියට කි. මී. 1.5 කින් පමණ සමීප

වී තිබියදී, එම සේනාංකය සින්න

පරන්තන් ප්‍රදේශයේ බලය තහවුරු

කර ගැනීමට සමත් විය. එම

අවස්ථාවේදී

කෙසේ හෝ පරන්තන්හි බලය රැක

ගැනීමේ ෙච්තනාව ඇතිව කොටි

ත්රස්තවාදීන් කිළාලි කලපුවේ උතුරු

පැත්තට ප්‍රහාර එල්ල කර ඇත. එම

අවස්ථාවේදී හමුදාවේ ඉහළ

නිලධාරීන් සැක පහළ කර

ඇත්තේ කිළාලි කලපුවේ උතුරු

පැත්තට ප්‍රහාර එල්ල කරන අතර

කොටි සංවිධානය, තම

සාමාජිකයන් පුනරින් දෙසට ගොඩ

බැස්සවීම ක්‍රියා කරාවිද යන්න

පිළිබඳවය.

කෙසේ වුවත් දෙසැම්බර්

30දා සවස් කාලය වනවිට

සේනාංකයට පරන්තන් මංසන්ධියට

ළඟාවීම සඳහා තවදුරටත් ඉතිරි වී

තිබුණේ කි. මී. 1 ක් පමණ වූ දුරක්

පමණි. එම අවස්ථාව වන විට විවෘත

භුමි හරහා මෙහෙයුම් සිදු කිරීමට

සිදුවී තිබීම

නිසා බොහෝ මෙහෙයුම් සිදු

කළේ රාත්‍රි කාලයේදීය. නමුත් දුම්

බෝම්බ වැනි කෘතිම ආවරණ

යොදා ගනිමින් දහවල් කාලය තුළදී ද

සමහර මෙහෙයුම් සිදු කළහ. මෙම

අවස්ථාව වනවිට මුලතිව් යන

ප්‍රදේශවලින් පවා අමතර භට පිරිස්

පරන්තන් දෙසට ගෙන එමින්

කෙසේ හෝ පරන්තන් මංසන්ධිය

රැක ගැනීමට කොටි සංවිධානය

කටයුතු කළත්, 58 වැනි

සේනාංකයේ ඉලක්කය වී

ඇත්තේ නව වසර වූ 2009 උදාවීමට

පෙර එම මංසන්ධිය මුදා ගැනීමයි.

එම අවස්ථාව වනවිට කොටි

සංවිධානයේ උතුරු පෙරමුණ වූ

මුහමලේ අණදෙන

නිලධාරියා ලෙසත්, කොටි

සංවිධානයේ ප්‍රධානතම යුද

නායකයකු වූ තීපන් පරන්තන් රැක

ගැනීමේ සටනට නායකත්වය දීම

සඳහා ප්රභාකරන් විසින්

කැඳවා ඇත.

තීපන්ට අමතරව විදුෂා, ලක්ෂ්මන් යන

නායකයන් ද පරන්තන් රැක

ගැනීමේ සටනට නායකත්වය දීම

සඳහා ප්රභාකරන් විසින්

කැඳවා ඇත. පරන්තන් සටන සිදුවූ

අවස්ථාවේදී තීපන් ඇමතූ

ප්රභාකරන් ප්‍රකාශ කොට

ඇත්තේ කෙසේ හෝ පරන්තන්

මංසන්ධිය රැක ගත යුතු බවයි.

එහෙත් එම සියලු උත්සාහයන් සහ

බලාපොරොත්තු බිඳදමමින්

දෙසැම්බර් 30 වැනිදා රාත්‍රි 11.30

පමණ වනවිට පරන්තන් මංසන්ධියට

උතුරින් සහ දකුණින් එම මංසන්ධියට

ඇතුළු වීමට 58 වැනි සේනාංකය

සමත් විය. එම ඓතිහාසික

ජයග්‍රහණය ලැබීම සඳහා 9 වැනි

ගැමුණු, 11 වැනි ගැමුණු, 6 වැනි

ගැමුණු, 17 වැනි ගැමුණු, 10 වැනි

ගජබා, 12 වැනි ගජබා, 11 වැනි

පාබල යන බලඇණි සටනට එක්වී

ඇත. 2009 වසර උදාවෙද්දී මෙම

බලඇණි විසින් ලබාදුන් ජයග්‍රහණය

2009 වසර කොටි සංවිධානය යුදමය

වශයෙන් පරාජය කළ වසර බවට

පත් කිරීමට හේතු වූ බව මෙහිදී

සඳහන් කළ යුතුය.

එම අවස්ථාවේදී ගුවන් විදුලි මාධ්‍ය

ඔස්සේ සිය අදහස් දැක්වූ 58 වැනි

සේනාංකයේ සේනාධිපතිවරයා වූ

බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා එම

ජයග්‍රහණය හැඳින්වූයේ 2009 වසර

සඳහා ලංකාවාසීන්ට ලබාදුන්

ත්‍යාගයක් ලෙසය.

මෙම ජයග්රහණයෙන් පසුව අත්පත්

කර ගන්නා ලද මුහමාලේ,

අලිමංකඩ, කිළිනොච්චි යන ප්‍රධාන

ජයග්රහණයන් සඳහා ද මෙම

ජයග්‍රහණය හේතු වූ බවත් සඳහන්

කළ යුතුය. කොටි

සංවිධානයේ හදවත බඳු වූ

කිළිනොච්චිය මුදා ගැනීම

සඳහා උතුරු දෙසින් සේනාංකයන්

පැමිණේවි කියා කොටි සංවිධානය

කිසිසේත්ම විශ්වාස නොකරන්න

ඇත.

[QUOTE="isuru_feat, post: 17343947, member: 503435"] [CENTER][IMG]http://photos-a.ak.fbcdn.net/hphotos-ak-xfa1/v/t1.0-0/10689789_578237752277726_5138550467544254258_n.jpg?oh=de14da7ff10a33448034cbd2a013b6c7&oe=54E22EF5&__gda__=1423252931_4545c961925fb75de1b3b03edc889629[/IMG][/CENTER] මෝසම් වැසි මැද කොටි බල බිද දැමු පරන්තන් සටන වන්නි මෙහෙයුමේ නිරත සේනාංක පුනරීන්, නෙවිල්, සින්න පරන්තන් , කොකාවිල්, මාන්කුලම් යන ප්‍රදේශ ජය ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටියදී කොටි සංවිධානයට හිතවත් පාර්ශ්වයන් විශ්වාස කළේ, කොටි සංවිධානය යම් උපායක් අනුගමනය කරමින් සිටින බවයි. කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායකයා ද සේනාංක කිළිsනොච්චිය වෙත සමීප වෙමින් පවතිද්දී ප්‍රකාශ කළේ වානා තම්බි වානා යනුවෙනි. ඔහු ඉන් අදහස් කළේ හමුදාවට ඉදිරියට එන්න ඉඩදී ප්‍රහාර එල්ල කර හමුදාව විනාශ කර දමන බවයි. කොටි නායකයන් එලෙස ප්‍රකාශ කළත් වන්නි මෙහෙයුමේ නිරත සේනාංක කිලිනොච්චිය වෙත සමීපවෙමින් සිටියදී කොටි සංවිධානය ක්‍රියාවෙන් එම මෙහෙයුම ආපසු හැරවීම සඳහා සිය උපරිම බලය යොදවා ප්‍රහාර එල්ල කර ඇති බව යුද බිමෙන් ලැබුණු තොරතුරුවලින් තහවුරු වී ඇත. එම තත්ත්වය හොඳින් ම ප්‍රදර්ශනය වූ අවස්ථාවක් වූයේ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුතු 58 වැනි සේනාංකය පුනරීන් ජයගෙන නෙවිල්, සින්න පරන්තන් යන ප්‍රදේශ පසු කරමින් පරන්තන් මංසන්ධිය වෙත සමීපවෙමින් පැවති අවස්ථාවයි. පරන්තන් මංසන්ධිය පිහිටා තිබෙන්නේ ඒ -9 මාර්ගයේ කිළිsනොච්චිය නගරයට කි. මී. 9 ක් උතුරින් සහ අලිමංකඩට කි. මී. 9 ක් දකුණු ප්‍රදේශ යේය. එමෙන්ම කිළිනොච්චිය, පුනරීන්, අලිමංකඩ සහ මුලතිව් වෙත ගමන් කරන මාර්ග එකිනෙක මුණගැසෙන්නේද පරන්තන් මංසන්ධියේදීය. එමෙන්ම පරන්තන් මංසන්ධිය කුඹුරු යායක් මැදිකර ගෙන පිහිටා තිබීම ද ආරක්ෂක හමුදාවන්ට මෙහෙයුම් කිරීම සඳහා විශාල බාධාවක් වී ඇත. පරන්තන් මංසන්ධියේ බලය අල්ලා ගැනීම සඳහා 58 වැනි සේනාංකය එම ස්ථානය වෙත සමීපවෙමින් පවතිද්දී 57 වැනි සේනාංකය කිළිනොච්චිය නගරය වෙතත්, 59 වැනි සේනාංකය මුලතිව් නගරය වෙතත් මෙහෙයුම් දියත් කර තිබිණි. 58 වැනි සේනාංකය පරන්තන් වෙත සමීපවෙමින් පවතිද්දී කුඹුරු යායකට මැදිව පිහිටා තිබූ එම මංසන්ධිය අයත් ප්‍රදේශය එකම ජල තටාකය බවට පත්වී තිබිණි. ඒ මෝසම් වැසි ඇද හැලීමේ හේතුවෙනි. එම හේතුව නිසාම සමහර පාලම් පවා ගසාගෙන ගොස් තිබිණි. ස්වාභාවිකව සහ කාලගුණය වෙනස් වීමෙන් කෙතරම් බාධක නිර්මාණය කර තිබුණත් දෙසැම්බර් 28 වැනිදා වන විට 58 වැනි සේනාංකය සින්නපරන්තන් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට සමත් විය. ඉන් අනතුරුව එම සේනාංකය පරන්තන් සිට කිලිනොච්චිය දෙසට විහිදුණු දිග යුද පෙරමුණක් ඔස්සේ මෙහෙයුම් සිදු කළහ. මෙම මෙහෙයුම් සිදුවන අවස්ථාව වන විට කමාන්ඩෝ බලසේනාව මෙහෙයුම් සිදු කර ඇත්තේද 58 වැනි සේනාංකය සමඟය. 58 වැනි සේනාංකය සමග මෙහෙයුම් සඳහා කමාන්ඩෝ බලසේනාව එක්වූ ආකාරය එම සේනාංකාධිපතිවරයා වූ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා (දැන් මේජර් ජෙනරාල්) එක් අවස්ථාවකදී උදාහරණයකින් පැහැදිලි කළේ 58 වැනි සේනාංකය සහ කමාන්ඩෝ බලසේනාව අතර පැවැති සම්බන්ධය බොක්සිං ක්‍රීඩාවේදී යොදන අත් ආවරණය සහ අත අතර ඇති ආකාරයේ සම්බන්ධයක් පැවැති බවයි. දිග යුද පෙරමුණක් යොදා කමාන්ඩෝ බල සේනාවේද සහාය ඇතිව 58 වැනි සේනාංකය පරන්තන් මුදා ගැනීම සඳහා කළ මෙහෙයුම කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම නොමඟ යෑවීමට සමත් වූ මෙහෙයුමක් විය. එකම අවස්ථාවකදී පරන්තන් දෙසටත් කිළිනොච්චිය දෙසටත් මෙහෙයුම සිදු කිරීම තුළ එම සේනාංකය වඩාත් ප්‍රමුඛතාව දෙන්නේ කුමන ස්ථානයටද යන්න පිළිබඳව කොටි නායකයන්ට ගැටලුවක් මතුවන්නට ඇත. නමුත් 58 වැනි සේනාංකය එම මෙහෙයුම සිදු කළ අවස්ථාවේදී පරන්තන් මංසන්ධිය මුදා ගැනීම ප්‍රධාන අරමුණ කොට ගෙන සිටියත්, තම අරමුණ කිළිනොච්චිය මුදා ගැනීම බව කොටි නායකයන්ට හැඟෙන ලෙස කටයුතු කර ඇත. මෙම යුද උපාය කොටි සංවිධානයට පරන්තන් මංසන්ධිය අහිමිවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් ම බලපා ඇත. 2008 දෙසැම්බර් මස 29 වැනි දා වන විට පරන්තන් මංසන්ධියේ උතුරු ප්‍රදේශයට සමීපවූ එම සේනාංකය දෙසැම්බර් 30 වැනිදා වනවිට එම මංසන්ධියට කි. මී. 3 ක් පමණ වූ සමීප ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට සමත් වී ඇත. දෙසැම්බර් 29 සහ 30 යන දිනයන්හිදී දරුණු සටන් පැවැති අතර කොටි සංවිධානය ද සන්නද්ධ රථ, පැඩ්ල් ගන් වැනි අවි යොදා ගනිමින් දැවැන්ත ප්‍රහාර එල්ල කර ඇත. එම අවස්ථාවේදී නියමුවන් රහිත ගුවන් යානාවලින් ලබාදුන් තොරතුරු ද, ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාර ද 58 වැනි සේනාංකය පරන්තන් මංසන්ධිය මුදා ගැනීම සඳහා කළ සටන සාර්ථකව ඉදිරියට ගෙන යැම සඳහා විශාල ශක්තියක් වී ඇත. 58 වැනි සේනාංකය පරන්තන් මංසන්ධියට කි. මී. 1.5 කින් පමණ සමීප වී තිබියදී, එම සේනාංකය සින්න පරන්තන් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට සමත් විය. එම අවස්ථාවේදී කෙසේ හෝ පරන්තන්හි බලය රැක ගැනීමේ ෙච්තනාව ඇතිව කොටි ත්රස්තවාදීන් කිළාලි කලපුවේ උතුරු පැත්තට ප්‍රහාර එල්ල කර ඇත. එම අවස්ථාවේදී හමුදාවේ ඉහළ නිලධාරීන් සැක පහළ කර ඇත්තේ කිළාලි කලපුවේ උතුරු පැත්තට ප්‍රහාර එල්ල කරන අතර කොටි සංවිධානය, තම සාමාජිකයන් පුනරින් දෙසට ගොඩ බැස්සවීම ක්‍රියා කරාවිද යන්න පිළිබඳවය. කෙසේ වුවත් දෙසැම්බර් 30දා සවස් කාලය වනවිට සේනාංකයට පරන්තන් මංසන්ධියට ළඟාවීම සඳහා තවදුරටත් ඉතිරි වී තිබුණේ කි. මී. 1 ක් පමණ වූ දුරක් පමණි. එම අවස්ථාව වන විට විවෘත භුමි හරහා මෙහෙයුම් සිදු කිරීමට සිදුවී තිබීම නිසා බොහෝ මෙහෙයුම් සිදු කළේ රාත්‍රි කාලයේදීය. නමුත් දුම් බෝම්බ වැනි කෘතිම ආවරණ යොදා ගනිමින් දහවල් කාලය තුළදී ද සමහර මෙහෙයුම් සිදු කළහ. මෙම අවස්ථාව වනවිට මුලතිව් යන ප්‍රදේශවලින් පවා අමතර භට පිරිස් පරන්තන් දෙසට ගෙන එමින් කෙසේ හෝ පරන්තන් මංසන්ධිය රැක ගැනීමට කොටි සංවිධානය කටයුතු කළත්, 58 වැනි සේනාංකයේ ඉලක්කය වී ඇත්තේ නව වසර වූ 2009 උදාවීමට පෙර එම මංසන්ධිය මුදා ගැනීමයි. එම අවස්ථාව වනවිට කොටි සංවිධානයේ උතුරු පෙරමුණ වූ මුහමලේ අණදෙන නිලධාරියා ලෙසත්, කොටි සංවිධානයේ ප්‍රධානතම යුද නායකයකු වූ තීපන් පරන්තන් රැක ගැනීමේ සටනට නායකත්වය දීම සඳහා ප්රභාකරන් විසින් කැඳවා ඇත. තීපන්ට අමතරව විදුෂා, ලක්ෂ්මන් යන නායකයන් ද පරන්තන් රැක ගැනීමේ සටනට නායකත්වය දීම සඳහා ප්රභාකරන් විසින් කැඳවා ඇත. පරන්තන් සටන සිදුවූ අවස්ථාවේදී තීපන් ඇමතූ ප්රභාකරන් ප්‍රකාශ කොට ඇත්තේ කෙසේ හෝ පරන්තන් මංසන්ධිය රැක ගත යුතු බවයි. එහෙත් එම සියලු උත්සාහයන් සහ බලාපොරොත්තු බිඳදමමින් දෙසැම්බර් 30 වැනිදා රාත්‍රි 11.30 පමණ වනවිට පරන්තන් මංසන්ධියට උතුරින් සහ දකුණින් එම මංසන්ධියට ඇතුළු වීමට 58 වැනි සේනාංකය සමත් විය. එම ඓතිහාසික ජයග්‍රහණය ලැබීම සඳහා 9 වැනි ගැමුණු, 11 වැනි ගැමුණු, 6 වැනි ගැමුණු, 17 වැනි ගැමුණු, 10 වැනි ගජබා, 12 වැනි ගජබා, 11 වැනි පාබල යන බලඇණි සටනට එක්වී ඇත. 2009 වසර උදාවෙද්දී මෙම බලඇණි විසින් ලබාදුන් ජයග්‍රහණය 2009 වසර කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ වසර බවට පත් කිරීමට හේතු වූ බව මෙහිදී සඳහන් කළ යුතුය. එම අවස්ථාවේදී ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ සිය අදහස් දැක්වූ 58 වැනි සේනාංකයේ සේනාධිපතිවරයා වූ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා එම ජයග්‍රහණය හැඳින්වූයේ 2009 වසර සඳහා ලංකාවාසීන්ට ලබාදුන් ත්‍යාගයක් ලෙසය. මෙම ජයග්රහණයෙන් පසුව අත්පත් කර ගන්නා ලද මුහමාලේ, අලිමංකඩ, කිළිනොච්චි යන ප්‍රධාන ජයග්රහණයන් සඳහා ද මෙම ජයග්‍රහණය හේතු වූ බවත් සඳහන් කළ යුතුය. කොටි සංවිධානයේ හදවත බඳු වූ කිළිනොච්චිය මුදා ගැනීම සඳහා උතුරු දෙසින් සේනාංකයන් පැමිණේවි කියා කොටි සංවිධානය කිසිසේත්ම විශ්වාස නොකරන්න ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom