අමරණීය මකරා....❤️ චීන ජනකතාවක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අමරණීය මකරා....❤️

    ඔන්න චීන ජනකතාවක්

    එක්තරා ගමක් තිබ්බ.. මේ ගමට එහා තිබ්බ කැලේ හිටිය මකරෙක්.. මාසයකට සැරයක් විතර මකර ගම් වැදිල ගොවිපොලවල් වල සත්තු, පොඩි දරුවන් ගිලල යනවා... මකරව මෙල්ල කරන්න කාටවත් බැරි වුනා.. ඉතින් මේ ගමේ කට්ටියක් ෂේ ෂින් කියන තාපසයව හොයාගෙන ගියා මේකට විසඳුමක් හොයා ගන්න.. තාපසයා කියුවා මකරව මරන්න ඕනෙ නම් මකරගෙ මාළිගාවට ගිහින් ඌ නිදා ගෙන ඉන්න වෙලාවක් බලල උගේ බෙල්ලෙ මැදට කඩුවෙන් කොටන්න කියල... හැබැයි මකර නිදා ගන්නෙ හොඳටම බඩ පිරුනු වෙලාවක විතරයි.. අනෙක යනවනම් තනියම යන්න ඕනෙ නැතිනම් මකරට ඇහෙරෙන්න පුලුවන් කියල...

    මේ කතාව අහල ආපහු ගමට ආපු මිනිස්සු ඊළඟ පාර මකර එනකන් හිටිය.. ඌ ඇවිල්ල වෙනදා වගේම ගම විනාශ කරල ගියා.. ඒත් එක්කම ගමේ හිටිය දක්ෂතම සටන් කරුවාව යැව්වා මකර පිටිපස්සෙන් කැලේට... මිනිස්සු බලාපොරොත්තුවෙන් හිටියා හබැයි මිනිහ ආපහු ආවෙ නැහැ... සති කිහිපයකට පසු මකර ආයෙ සැරයක් ආවා... ඒ පාරත් කෙනෙක්ව යැව්වට සාර්ථක වුනේ නැහැ.. ඔහොම ඉතින් ගමේ ඉන්න දක්ෂතම සටන්කරුවන් හය හත් දෙනෙක් ආගිය අතක් නැති වුනා... මිනිස්සුට අර තාපසයා ගැන හරි කේන්ති... ආයෙ සැරයක් තාපසයව හොයාගෙන ගියා... තාපසයා ආයෙම සැරයක් අර කතාව කියුවා... මිනිස්සු කිව්වා ඒක විශ්වාස කරන්න බැහැ කියල... එතකොට තාපසය කියුවා එහෙනම් ඊළඟ පාර දෙන්නෙක්ව යවන්න.. දෙවෙනියාව අඩි පන්සීයක් පිටිපස්සෙන් ඉන්න කියන්න මකරට තේරෙන්නෙ නැතිවෙයි. එතකොට මොකක්ද වෙන්නෙ කියල බලා ගන්න පුලුවන් වෙයි කියලා...තව එක සැරයක් තාපසයාව විශ්වාස කරනවා කියල හිතල ඊළඟ සැරේ මකර ආවම ගමේ හිටිය් සටන් කරුව සමග තවත් කෙනෙක් පිටිපස්සෙන් යැව්වා.. ඔහුගෙ නම ජී ෂෙන්..

    ඔන්න ඉතින් ජී ෂෙන් හිමීට හිමීට තම සටන්කරු යාලුවාට අඩි පන්සීයක් පිටිපස්සෙන් ගියා.. ඔවුන් මකරගෙ මාලිගාවට ළඟා වුනා. ඉස්තරම් මාළිගාවක්.. රන්. රිදී මුතු මැනික් වලින් පිරිල... ඉතාම ලස්සන මැනික් වලින් සැරසුනු සින්හාසනයක් තිබ්බා... මකර ඒ සින්හාසනය උඩ වාඩිවෙලා හොඳටම නිදි... ජී ෂෙන් මාළිගාවෙ කෙලවර බිත්තියකට මුවා වෙලා බලාගෙන හිටියා.. සටන් කරු මකර ළඟට ගොස් කඩුවෙන් බෙල්ලට ඇන්නා.. පුදුමයකි! මකරා කිසිම කලබලයක් නැතිව බිම ඇදන් වැටුනා.. ටික ටික ඔහුගේ ශරීරයේ කොටස් දුහුවිලි වෙලා පාවෙලා යන්න ගියා... මාළිගාවෙ තව කවුරුත් ඉන්නවාද දන්නෙ නැති නිසා ජී ෂෙන් තව දුරටත් හැංගිලා බලන් හිටිය.. ඔහුට මේක ප්‍රහේලිකාවක්... මකරව මරන්න මෙච්චර ලේසිනම් කලින් යැව්ව සටන් කරුවන් අසාර්ථක වුනේ කෙසේද? අනෙක මුලින්ම යැව්ව හොඳම සටන් කරුවන් නෙ.. මේකෙ තව මොකක් හරි රහසක් ඇති කියල ජී ෂෙන් බලාගෙන හිටිය..

    මකරව ලෙහෙසියෙන්ම මරන්න පුලුවන් බව සටන්කරුවාටත් ප්‍රහේලිකාවක්... ඔහු විමතියෙන් වට පිට බැලුවා... ඔහුගෙ ඇස් නතර වුනේ හිස්ව තිබෙන සින්හාසනය දෙසට ඔහු හෙමිහිට ගොස් සින්හාසනය උඩ ඉඳගන්නවා... ඔහු ඇස් වසා හයියෙන් හිනාවෙනවා... ඔහු ලබපු ජයග්‍රහණය සමරනවා... සුලු මොහොතක් යනවිට සිංහාසනය වටා ඝන දුමාරයක් පිරෙනවා... ජී ෂෙන්ට තම මිත්‍රයාව පේන්නෙත් නැහැ.. ඔහු බයට හැංගිලා බලන් ඉන්නවා... ටික වෙලාවකට පස්සෙ දුමාරය ඉවත් වෙනවා... සිංහාසනය උඩ මකරෙක්!!!
    ජී ෂෙන් ට සත්‍ය අවබෝධ වෙනවා.. ගමට ගිහින් මේක තේරුම් කරල දෙන්න බැරි බව ඔහු වටහා ගන්නවා.. තමන්ගෙ ඉරණම මෙතනම විසඳගන්න ඔහු තීරනය කර ගන්නවා...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තමන්ගෙ ඉරණම මෙතනම විසඳගන්න ඔහු තීරනය කර ගන්නවා...

    @kandahar Meken adahas wenne mokakda?
    සිද්ධවෙන දේ දැනගෙනත්, ඒක වෙනස් කරන්න ට්‍රයි කරන්නෙ නැතුව මකරගෙ ගොදුරක් වෙනකල් කරබාගෙන ඉන්නව...

    දැන දැනත් හොරුන්ටම කතිරෙ ගහන ඡන්ද දායකයො වගේ....
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සිද්ධවෙන දේ දැනගෙනත්, ඒක වෙනස් කරන්න ට්‍රයි කරන්නෙ නැතුව මකරගෙ ගොදුරක් වෙනකල් කරබාගෙන ඉන්නව...

    දැන දැනත් හොරුන්ටම කතිරෙ ගහන ඡන්ද දායකයො වගේ....
    Aniwa.
     
    • Sad
    Reactions: PHBhagya

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    තමන්ගෙ ඉරණම මෙතනම විසඳගන්න ඔහු තීරනය කර ගන්නවා...

    @kandahar Meken adahas wenne mokakda?
    මකරගෙ ආවතේව කරගෙන ලින්ගික ශ්රමිකයෙක් වගේ මාලිගාවෙ සැපෙන් ඉන්නවා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අමරණීය මකරා....❤️

    ඔන්න චීන ජනකතාවක්

    එක්තරා ගමක් තිබ්බ.. මේ ගමට එහා තිබ්බ කැලේ හිටිය මකරෙක්.. මාසයකට සැරයක් විතර මකර ගම් වැදිල ගොවිපොලවල් වල සත්තු, පොඩි දරුවන් ගිලල යනවා... මකරව මෙල්ල කරන්න කාටවත් බැරි වුනා.. ඉතින් මේ ගමේ කට්ටියක් ෂේ ෂින් කියන තාපසයව හොයාගෙන ගියා මේකට විසඳුමක් හොයා ගන්න.. තාපසයා කියුවා මකරව මරන්න ඕනෙ නම් මකරගෙ මාළිගාවට ගිහින් ඌ නිදා ගෙන ඉන්න වෙලාවක් බලල උගේ බෙල්ලෙ මැදට කඩුවෙන් කොටන්න කියල... හැබැයි මකර නිදා ගන්නෙ හොඳටම බඩ පිරුනු වෙලාවක විතරයි.. අනෙක යනවනම් තනියම යන්න ඕනෙ නැතිනම් මකරට ඇහෙරෙන්න පුලුවන් කියල...

    මේ කතාව අහල ආපහු ගමට ආපු මිනිස්සු ඊළඟ පාර මකර එනකන් හිටිය.. ඌ ඇවිල්ල වෙනදා වගේම ගම විනාශ කරල ගියා.. ඒත් එක්කම ගමේ හිටිය දක්ෂතම සටන් කරුවාව යැව්වා මකර පිටිපස්සෙන් කැලේට... මිනිස්සු බලාපොරොත්තුවෙන් හිටියා හබැයි මිනිහ ආපහු ආවෙ නැහැ... සති කිහිපයකට පසු මකර ආයෙ සැරයක් ආවා... ඒ පාරත් කෙනෙක්ව යැව්වට සාර්ථක වුනේ නැහැ.. ඔහොම ඉතින් ගමේ ඉන්න දක්ෂතම සටන්කරුවන් හය හත් දෙනෙක් ආගිය අතක් නැති වුනා... මිනිස්සුට අර තාපසයා ගැන හරි කේන්ති... ආයෙ සැරයක් තාපසයව හොයාගෙන ගියා... තාපසයා ආයෙම සැරයක් අර කතාව කියුවා... මිනිස්සු කිව්වා ඒක විශ්වාස කරන්න බැහැ කියල... එතකොට තාපසය කියුවා එහෙනම් ඊළඟ පාර දෙන්නෙක්ව යවන්න.. දෙවෙනියාව අඩි පන්සීයක් පිටිපස්සෙන් ඉන්න කියන්න මකරට තේරෙන්නෙ නැතිවෙයි. එතකොට මොකක්ද වෙන්නෙ කියල බලා ගන්න පුලුවන් වෙයි කියලා...තව එක සැරයක් තාපසයාව විශ්වාස කරනවා කියල හිතල ඊළඟ සැරේ මකර ආවම ගමේ හිටිය් සටන් කරුව සමග තවත් කෙනෙක් පිටිපස්සෙන් යැව්වා.. ඔහුගෙ නම ජී ෂෙන්..

    ඔන්න ඉතින් ජී ෂෙන් හිමීට හිමීට තම සටන්කරු යාලුවාට අඩි පන්සීයක් පිටිපස්සෙන් ගියා.. ඔවුන් මකරගෙ මාලිගාවට ළඟා වුනා. ඉස්තරම් මාළිගාවක්.. රන්. රිදී මුතු මැනික් වලින් පිරිල... ඉතාම ලස්සන මැනික් වලින් සැරසුනු සින්හාසනයක් තිබ්බා... මකර ඒ සින්හාසනය උඩ වාඩිවෙලා හොඳටම නිදි... ජී ෂෙන් මාළිගාවෙ කෙලවර බිත්තියකට මුවා වෙලා බලාගෙන හිටියා.. සටන් කරු මකර ළඟට ගොස් කඩුවෙන් බෙල්ලට ඇන්නා.. පුදුමයකි! මකරා කිසිම කලබලයක් නැතිව බිම ඇදන් වැටුනා.. ටික ටික ඔහුගේ ශරීරයේ කොටස් දුහුවිලි වෙලා පාවෙලා යන්න ගියා... මාළිගාවෙ තව කවුරුත් ඉන්නවාද දන්නෙ නැති නිසා ජී ෂෙන් තව දුරටත් හැංගිලා බලන් හිටිය.. ඔහුට මේක ප්‍රහේලිකාවක්... මකරව මරන්න මෙච්චර ලේසිනම් කලින් යැව්ව සටන් කරුවන් අසාර්ථක වුනේ කෙසේද? අනෙක මුලින්ම යැව්ව හොඳම සටන් කරුවන් නෙ.. මේකෙ තව මොකක් හරි රහසක් ඇති කියල ජී ෂෙන් බලාගෙන හිටිය..

    මකරව ලෙහෙසියෙන්ම මරන්න පුලුවන් බව සටන්කරුවාටත් ප්‍රහේලිකාවක්... ඔහු විමතියෙන් වට පිට බැලුවා... ඔහුගෙ ඇස් නතර වුනේ හිස්ව තිබෙන සින්හාසනය දෙසට ඔහු හෙමිහිට ගොස් සින්හාසනය උඩ ඉඳගන්නවා... ඔහු ඇස් වසා හයියෙන් හිනාවෙනවා... ඔහු ලබපු ජයග්‍රහණය සමරනවා... සුලු මොහොතක් යනවිට සිංහාසනය වටා ඝන දුමාරයක් පිරෙනවා... ජී ෂෙන්ට තම මිත්‍රයාව පේන්නෙත් නැහැ.. ඔහු බයට හැංගිලා බලන් ඉන්නවා... ටික වෙලාවකට පස්සෙ දුමාරය ඉවත් වෙනවා... සිංහාසනය උඩ මකරෙක්!!!
    ජී ෂෙන් ට සත්‍ය අවබෝධ වෙනවා.. ගමට ගිහින් මේක තේරුම් කරල දෙන්න බැරි බව ඔහු වටහා ගන්නවා.. තමන්ගෙ ඉරණම මෙතනම විසඳගන්න ඔහු තීරනය කර ගන්නවා...
    හරියට රාජපක්ෂ ලා වගේ

    හැබැයි කථාව ටිකක් ගොන් අන්තිම ටික
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    සිද්ධවෙන දේ දැනගෙනත්, ඒක වෙනස් කරන්න ට්‍රයි කරන්නෙ නැතුව මකරගෙ ගොදුරක් වෙනකල් කරබාගෙන ඉන්නව...

    දැන දැනත් හොරුන්ටම කතිරෙ ගහන ඡන්ද දායකයො වගේ....
    Ithin uta karanna tibbe mehemai.
    gedara gihilla masayk indala, makara aye gamata awilla kaala beela giyata passe thawa ekek ekka maligawata yanawa. anik ekata kiyanawa nidagena inna makarawa maranna kiyala.
    Ita passe u sinhasane indagena pissu kelinna haduwoth uta kana palenna dekak deela uwath adan aapahu gamata yanawa.
    gihilla game weerayek wela game inna suntha kaali okkoma set karan dishti didin paarak dagena sape innawa

    Api e kale hitiyanan onna ohomai prasna wisadanne
     
    • Haha
    Reactions: PHBhagya