Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අමල් බිසෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුණදාස අමරසේකර හා මහගමසේකර 1960 දශකයේ ප්‍රබල ලෙස ඉස්මතු වූ කවීන් දෙදෙනෙකි. කාව්‍යකරණය සම්බන්ධයෙන් ඔවුන්a කළ නොයෙක් අත්හදාබැලීම් පසුකාලීන ව සිංහල කවිය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කළේය. අමරසේකර හා සේකර යන දෙදෙනාම නොයෙක් කාව්‍ය සම්ප්‍රදායවලින් ආභාසය ලැබූ බව පැහැදිලි කරුණකි. ඒ අතර ජන කවි සම්ප්රදාය බෙහෙවින් වැදගත් වේ. අමරසේකර ජන කවි සම්ප්‍රදායෙන් ලැබූ ආභාසය ඉතා ප්රබලව දිස්වන කෘතිය 'අමල් බිසෝ' (1960) වන අතර සේකර කෙරෙහි ජන කවියේ බලපෑම වැඩි වශයෙන් පෙන්නුම් කරන්නේ 'සක්වාලිහිණි' (1962) කාව්‍ය ග්‍රන්ථයයි. අමල් බිසෝ කෘතියෙහි පැනෙන එනමින් යුතු කාව්‍ය නිර්මාණය හා සක්වාලිහිණි ග්රන්ථයෙහි හමුවන 'කිඳුරු කුමාරිගේ කතාව' කවි පෙළ ඇසුරින් තත් කවීන් දෙදෙනා ජන කවියෙන් ලබන ආභාසයේ විවිධත්වය විමර්ශනය කළ හැකිය.

අමල් බිසෝ කාව්‍යයෙහි පෙරවදනෙහිලා අමරසේකර මෙසේ පවසයි.

''නූතන සිංහල කවිය ජන කවියෙන් ආභාසය ලැබීමට තැත්කළ ප්‍රථම ප්රයත්නය අමල් බිසෝ කාව්‍යයයි මම සිතමි. අමල් බිසෝ පළමු වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ පනස් ගණන්වල අග භාගයේදීයි. අමල් බිසෝ පළවීමෙන් පසු ජන කවිය ගුරු කොට ගත් නිර්මාණ කීපයක් හැට ගණන්වල මුල් භාගයේ දී පළවිය. මහගම සේකරගේ සක්වා ලිහිණි අමල් බිසෝ වැනිම කවිකතාවකි.'' (අමරසේකර( 1993, 09 පිට).

අමරසේකරට පෙරාතුව ද කොළඹ තරුණ කවි පරපුරේ කවීන් ජන කවියෙන් යම් ආලෝකයක් ලැබූ අවස්ථා හමුවන අයුරු අවධානයට ගත හැකිය. කේයස් ලියූ 'ධීවරී ගීතය' එබඳු කාව්‍ය නිර්මාණයකි. එහෙත් අමල් බිසෝ කාව්‍යය තරම් පැහැදිලි ව හා ප්‍රබල ව ජන කවි ආභාසය සංලක්ෂණය කරන නූතන කාව්‍ය නිර්මාණයක් ඊට පෙර හඳුනාගත නොහේ. මහගම සේකරගේ 'සක්වා ලිහිණි' 'අමල් බිසෝ' වැනිම කවි කතාවකියි අමරසේකර පවසතත් අමල් බිසෝ කවි කතාවට වඩාත් සමීප වන්නේ සක්වා ලිහිණි කෘතියෙහි පැනෙන එනමින් යුතු නිර්මාණය නොව කඳුරු කුමාරිගෙ කතාව කවිපෙළ බව අපගේ අදහසයි. අමල් බිසෝ හා කිඳුරු කුමාරිගෙ කතාව යන නිර්මාණ ද්වයටම පාදක වන්නේ එක හා සමාන කතා වස්තුවකි. එහෙත් ඒ ඒ කවියාගේ රීතියට අනුව කාව්‍ය නිර්මාණ ද්වයෙහි භාෂාව, කාෙව්‍යාaක්ති, ආකෘතිය හා ජීවන දෘෂ්ටිය විවිධත්වයක් ප්‍රදර්ශනය කරයි.

අමල් බිසෝ කාව්‍ය නිර්මාණය සඳහා වස්තු විෂය වී ඇත්තේ ජනශ්රැතියෙහි හමුවන සුප්‍රකට ජනකතාවකි. අමරසේකර අමල් බිසෝ ජන කතාවෙහි සඳහන් පුවතට නවමු අර්ථකථනයක් ලබා දීමට උත්සාහ කරයි. එහිලා අමල්බිසෝ කතා පුවත උපයෝගී කරගනු ලබන්නේ පාරිශුද්ධත්වය අහිමිව වැලපෙන විමලා නමැති තරුණියගේ වරද සාමාන්‍ය මිනිස් ස්වභාවයක් බව කියාපෑමටය. මෙහි දී අමරසේකර මතුකරන ප්රස්තුතය ලාංකීය සමාජ සංස්කෘතික පදනම සමඟ ඓන්ද්‍රීsය ලෙස ප්‍රතිබද්ධව පවතීs. සිංහල ග්‍රාමීය සමාජ පසුබිම අතුරෙහි නිතියෙන් ථෙරවාදී බෞද්ධ ඉගැන්වීම් සිහිකැඳවෙන නමුත් යුවතියකගේ පාරිශුද්ධත්වය අහිමි වීම සමාව භජනය කළ නොහැකි තරමට දරුණු වූවක් ලෙස සලකන බව පෙනේ. කවියා එම ප්රස්තුතය ලෞකික දිවිපෙවෙතේ සෞන්දර්ය හා ප්‍රකෘති ආවේගයන්හි මැඬලිය නොහැකි බව කුළුගැන්වෙන අයුරින් නිරූපණය කරයි. ''අමරසේකර තම චින්තනය තුළ වෛෂයික ලෝකය කෙරෙහි ආශාව ප්‍රහීන කරමින් ඉන් එතෙර වීමට තැනත් දෙතොත් ඒ මඳ වශයෙනි. ඒ වෙනුවට ග්‍රාමීය සිංහල බෞද්ධ සුළු ධනේශ්වරයෙහි සාමාජිකයකු හැටියට තමන්ට ඇති ආර්ථික, සාමාජික හා සංස්කෘතික ප්‍රශ්න තම චින්තනය හරි මැදට ගෙන එයි'' (විඡේගුණසිංහ( 2005, 172 පිට). අමරසේකර ප්‍රබල සමාජ සංස්කෘතික ප්‍රස්තුතයක් පිළිබ`ද සාකච්ඡා කරන නමුත් ස්වකීය කාව්‍ය නිර්මාණයෙහි පදනම කාල්පනික පසුතලයක් මත පිහිටුවීමට වෑයම් කරන බව පසක් වේ. විශේෂයෙන් ම 'හිමව් පියස්, 'රකුස් පුරය', 'හස`ගනන්', 'සුව`ද සඳුන් රන් විමන' යනාදි සංකල්ප ඇසුරින් කවි සමයානුගත මුහුණුවර තීව්ර කරන අතර තථ්‍ය ලොව කෙරෙන් දුරස්ථ කරවයි. අමරසේකර මෙය නිරායාසයෙන් සිදු කරන්නක් නොවන බව ලියනගේ අමරකීර්ති 'නවකතාවාදීත්වය සහ සිංහල කවියේ අර්බුදය' යන මැයෙන් යුතු පුවත්පත් ලිපියෙහි දක්වන අදහස් ඇසුරින් හඳුනාගත හැකිය.

''සිංහල කාව්‍යයෙහි එක් දුර්වලතාවයක් ලෙස ඔහු දකින කාව්‍ය අනවශ්‍ය ලෙස තථ්‍ය, ඓතිහාසික යථාර්ථය සමග සමගාමී ඒ හා බද්ධ වූ නිර්මාණ වීම ලෙස අමරසේකර මහතා මතු කරන තර්කයේ ඇත්තක් තියෙනවා. අමරසේකර මහතා මේ සඳහා යෝජනා කාව්‍ය කාල්පනික නිර්මාණ කළ යුතු බවයි. කාල්පනික නිර්මාණ සඳහා අප යොදාගන්නේ සංස්කෘතික සාහිත්යික ස්මෘතිය හා බැඳී වෙළී පවත්නා පැරණි වෘත්තාන්ත, ජාතක කතා හා ජන කතා ආදියයි යනුවෙන් ඒ මහතා ඊළඟට කියනවා''

(අමරකීර්ති( 2006/04/02, පිට).

අමරසේකර අමල් බිසෝ කාව්‍ය නිර්මාණය ම`ගින් මෙම ලක්ෂණය ප්‍රබල ව විශද කරන අතර ඒ හා සාපේක්ෂව බැලූ කල සේකර ලියූ කිඳුරු කුමාරිගේ කතාව වෙනස් මුහුණුවරක් සංලක්ෂණය කරයි. කිඳුරු කුමාරිගෙ කතාවෙහි වස්තු විෂය ජනශ්රැතිය යම් පමණකින් මූලාශ්‍රය කරගනිමින් නිර්මාණය කරන ලද්දකි. කිඳුරු විමන, කිඳුරු කුමරිය හා යකිනිය යනාදි වශයෙන් කාල්පනික මුහුණුවර ගොඩනඟන සංකල්ප එහිලා හමුවුව ද සේකර කාල්පනිකත්වය තථ්‍ය ලෝකය සම`ග සම්බන්ධ කරයි. කිඳුරු කු=මරිය සම`ග ප්‍රේමයෙන් බැඳෙන්නේ මිනිස් කුමරුවෙකි. එහෙත් අමල්බිසෝ ග්‍රහණය කරගන්නේ රකුසෙකි. අමරසේකර සමස්ත අමල් බිසෝ කතාවම කාල්පනිකත්වයෙන් අනූනව නිර්මාණය කරන අතර අවසානයේ දී එය විමලාගේ වරද නිරවද්‍ය බව සනාථ කිරීමට යොදාගනී. අමල් බිසෝ මෙන්ම කිඳුරු කුමරිය ද යොවුන් වියට පත්වත්ම ගින්නෙන් දැවෙයි. කවීන් දෙදෙනාම ගින්නෙන් සංකේතාර්ථයෙන් රාග අග්නිය අර්ථවත් කරන බව පෙනේ. අමරසේකරගේ කාව්‍ය නිර්මාණය මුළුල්ලේම ගින්නේ ප්‍රබලත්වය තියුණු ලෙස අවධාරණය කෙරේ. ගිනි නැෙ`ගන කේන්ද්‍රස්ථානය වන්නේ රකුස් පුරයයි. ගිනි නැෙ`ගන්නේ රකුසන්ගේ ගතිනි. සියුමැලි අමල් බිසෝ එම ගින්නෙහි ගොදුරක් වේ.

අහස පළා ගෙන න`ගිනා

දෙරණ පළා ගෙන න`ගිනා

දසත දිගත විහිදු වනා

එගිනි ක`දින් පුර දිලෙනා

(අමරසේකර( 1993, 50 පිට).

හිමව් පියස සුවඳ සඳුන් රන් විමනක තබා නොයෙක් උපදෙස් ලබා දුන් නමුත් අමල් බිසෝ ප්‍රකෘති ආවේගයන්ගෙන් මිදීමට නොහැකි තත්ත්වයට පත්වෙයි. කවියා එගින්නේ ආකර්ෂණය හා තියුණු ක්‍රියාකාරීත්වය යළි යළි ඉස්මතු කරයි. ඒ හා සාපේක්ෂ ව බැලූ කල සේකර රාගාග්නියේ දීප්තිය හා දැවීම නිර්මාණය කරන්නේ එතරම් තියුණු අයුරින් නොවේ. අමරසේකර ලෞකික ආරම්මණයන්හි බලපරාක්‍රමය අවධාරණය කරන විට සේකර ඒ සියල්ල පසුබිමෙහි අවිච්හන්නව අනිත්‍යතාව රඳා පවත්නා බව ගම්‍ය කරන සෙයකි.

ලොවේ හැම සතට උරුමයි මේ ගින්න

නොවේ කිසිවකුත් ඒ ගැන නොම දන්න

බවේ සරන සත ඒ ගිනි මැද ඉන්න

දැවේ නිතින් නොහැකිව ඉන් වළකින්න

(සේකර( 2005, 37 පිට)

ගින්නෙන් මුදනු වස් අමල් බිසෝ රඳවා ඇත්තේ හිමව් පියස රන් විමනකය. කිඳුරු කුමරිය සිටින්නේ සයුර යට රිදී කුළක් මුදුනේ ඇති රන් විමනකය. ඔවුහු ක්‍රමයෙන් යොවුන් වියට පත්ව රූපශෝභාවෙන් ආඪ්‍ය වෙති.

ගෝමර මල්පෙති බ`ද වට ඉසුණා

රූබර සිහිනිඟ සිහිනිව සැදුණා

ඈ පුළුලුකුල ද වට කොට සැදුණා

නාඹර තුනුවිල මල්පෙති වැටුණා

(අමරසේකර( 1993, 52 පිට).

දෑල ළමැද අ`ඵ ගෝමර ඉසින ළදා

බාල ළපටි අත් මාලා සලන ළදා

ආල වඩන රූපෙන් මන බ`දින ළදා

කෝල සිතින් ඇස ලා වට බලන ළදා

(සේකර( 2005, 38 පිට)

අමරසේකර ඈ මන දැල්වෙන ගින්න හා සමගාමීව ඈ ගත ඇතිවන විපර්යාසයන් ද චමත්කාරජනකව ප්‍රතිනිර්මාණය කිරීමට සමත්ය. මෙහිලා ජනකවි සම්ප්රදායේ ආභාසය ද මනාව දිවනිත කෙරෙන පරිද්දෙන් කාෙව්‍යාaක්ති ගොඩනඟා තිබේ. අමල් බිසෝහි කේන්ද්‍රීය ධාරණාව වන්නේ ගින්නෙන් දැවීම මිනිසත් බවට හිමි වරදක් වන බවයි. කවියා අමල් බිසෝ කුමරියගේ රූපශ්‍රීය වර්ණනා කරන්නේ ද එම අර්ථය කු`ඵගැන්වෙන අයුරිනි. ඇගේ ගතේ ප්රබෝධය වනාහි යොවුන් වියේ උතුරායන සුලු ජීව ශක්තිය ද අඟවන්නකි. මේ හා සාපේක්ෂව බැලූ කල සේකර එබඳු කේන්ද්‍රීය අර්ථයක් ප්‍රබල ලෙස ගොඩනැඟීමට වෑයම් නොකරයි. ඔහු කිඳුරු කුමාරියගේ රූපශ්‍රීය වර්ණනා කරන්නේ ඇගේ යොවුන් රූපශ්‍රීය මතු නොව බොළඳ ළමා ස්වරූපය ද ඇඟවෙන පරිද්දෙනි. මෙහිලා සේකරගේ කාව්‍ය සංකල්පනා තරමක් දුබල වීමට ඔහු භාවිත කරන කාව්‍ය ආකෘතිය ද බලපා ඇත. අමල් බිසෝ කාව්‍ය නිර්මාණයෙහිලා අමරසේකර අවස්ථාවෝචිතව විරිත් වෙනස් කරයි. අමල් බිසෝගේ චෛතසික ස්වභාවය, රකුසන්ගේ ක්‍රියාකාරීත්වය, ගින්නේ දැවෙනසුලු බව ආදිය තීව්ර ලෙස සූචනය කිරීමට උචිත ලෙස දිගු විරිත් හා කෙටි විරිත් පරිභාවිතය ඇසුරින් වඩාත් විචිත්රව කාෙව්‍යාaක්ති නිර්මාණය කර තිබෙනු දැකිය හැකිය. එහෙත් සේකර කිඳුරු කුමාරිගෙ කතාවෙහිලා යොදාගන්නේ මාත්‍රා දහඅටකින් සමන්විත එකම විරිතකි. ඒ අතරම බොහෝ විට කවිවල මුල හා අග එළිසමය පිහිටුවීමට දැරූ වෑයමද පෙරළා අර්ථය ලිහිල් කිරීමට බලපෑ අවස්ථා බහුලව දක්නට ලැබේ. ''ආකෘතිය වූ කලී වස්තු විෂයෙහි තර්කානුකූල ප්‍රතිඵලයක් බව වටහා ගැනීම සේකර කවියකු වශයෙන් සාර්ථක වීමට තුඩුදුන් වැදගත් කරුණකි'' (කුමාරසිංහ( 2002, 140 පිට). එහෙත් මෙම කවි පෙළෙහිලා වස්තු විෂය ඔප්නැංවීමට ආකෘතිය ඖචිත්‍යය ලෙස භාවිත කිරීමට සේකර අසමත්ය. අමරසේකර එම අභියෝගය සාර්ථකව ජයගනී.

අමල් බිසෝ ගින්නෙන් දැවෙන්නේ හුදු ප්‍රේමාන්විත බන්ධනයක ප්‍රතිඵලයක් ලෙස නොවේ. ඈ ගින්නෙන් වෙළී රකුසු හ`ඩට දොර අරින්නීය. දූෂිතවූ පවිටු ලොව අතුරෙහි යුවතියකගේ පිවිතුරු බව රැකගැනීම ඉතා අසීරු කර්තව්‍යයක් බව අමරසේකරගේ නිර්මාණවල නිතින් හමුවන අදහසකි. අමල් බිසෝ කාව්යයෙහිම හමුවන කන්‍යාව කාව්‍ය නිර්මාණයෙහිද මෙසේ පැවසේ.

වසා ගත් පෙති තුළ මුවා කොට

ඒ අමා මකරන්ද බින්දුව

පළා බොන්නට මුව අයාගත්

නැද්ද රකුසෙක් තවම මේ විල

(අමරසේකර( 1993, 38 පිට).

සියුමැලි යුවතිය රකුසු ග්‍රහණයට හසුවීම හුදු රැවටීමක, අත්වැරදීමක හෝ ක්ෂණික ආවේගයක ප්‍රතිඵලයක් වන බව අමරසේකර පෙන්වා දෙයි. එහෙත් කිඳුරු කුමාරිය ගින්නෙන් දැවෙමින් මැදුරෙන් පිටවී ප්‍රේමාන්විත ග්‍රහණයකට හසුවන්නේය. කිඳුරු කුමරිය මිනිස් කුමරකු සමඟ සැලමුතු පෙමින් බැඳේ. කුමරු කෙරෙන් රකුසු මුහුණුවරක් දිස්නොවන අතර ඔවුන් හමුවේ පවත්නා බාධකය වන්නේ කින්නර යෝනියේ කුමරියකට මිනිස් කුමරකු සම`ග එක්ව විසීම නොකළ හැකි වීමයි. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ මරණයෙන් පසුව පමණි. අවසානයේ කුමරු මෙන්ම කුමරියද මරු සුවය පතයි. බාධා විපත් දුරු කරනුවට මරණය හැර අන්මඟක් නැති බව කවියා අවධාරණය කරයි. මෙය සුභවාදී ජීවන දෘෂ්ටියක් නොවේ. එහෙත් අමරසේකර ඊට වෙනස් දෘෂ්ටියකින් මිනිසත් බවට හිමි වැරදි නොතකා හැරීම පිළිබඳ අදහසක් ඉස්මතු කරයි.

සමස්තයක් වශයෙන් ගත් කල අමල් බිසෝ හා කි`දුරු කුමාරිගෙ කතාව යන කාව්‍ය නිර්මාණ ද්වය ඇසුරින් සුප්‍රකට කවීන් දෙදෙනකුගේ කාව්‍යමය භාවිතාවෙහි අනන්‍යතා හඳුනාගත හැකිය. විශේෂයෙන් ඒ පසුබිමෙහි පවත්නේ අමරසේකරගේ හා සේකරගේ පෝෂණ අවකාශයේ විවිධත්වය, ජීවන දර්ශනයේ විෂමතාව හා කාව්‍යමය ශිල්ප ධර්ම භාවිතයෙහි පළ කළ කුසලතාව යනාදියයි.

[QUOTE="ROCCO-X, post: 23749296, member: 562642"] [COLOR="Black"][SIZE="3"][B][SIZE="4"]ගුණදාස අමරසේකර හා මහගමසේකර 1960 දශකයේ ප්‍රබල ලෙස ඉස්මතු වූ කවීන් දෙදෙනෙකි. කාව්‍යකරණය සම්බන්ධයෙන් ඔවුන්a කළ නොයෙක් අත්හදාබැලීම් පසුකාලීන ව සිංහල කවිය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කළේය. අමරසේකර හා සේකර යන දෙදෙනාම නොයෙක් කාව්‍ය සම්ප්‍රදායවලින් ආභාසය ලැබූ බව පැහැදිලි කරුණකි. ඒ අතර ජන කවි සම්ප්රදාය බෙහෙවින් වැදගත් වේ. අමරසේකර ජන කවි සම්ප්‍රදායෙන් ලැබූ ආභාසය ඉතා ප්රබලව දිස්වන කෘතිය 'අමල් බිසෝ' (1960) වන අතර සේකර කෙරෙහි ජන කවියේ බලපෑම වැඩි වශයෙන් පෙන්නුම් කරන්නේ 'සක්වාලිහිණි' (1962) කාව්‍ය ග්‍රන්ථයයි. අමල් බිසෝ කෘතියෙහි පැනෙන එනමින් යුතු කාව්‍ය නිර්මාණය හා සක්වාලිහිණි ග්රන්ථයෙහි හමුවන 'කිඳුරු කුමාරිගේ කතාව' කවි පෙළ ඇසුරින් තත් කවීන් දෙදෙනා ජන කවියෙන් ලබන ආභාසයේ විවිධත්වය විමර්ශනය කළ හැකිය. අමල් බිසෝ කාව්‍යයෙහි පෙරවදනෙහිලා අමරසේකර මෙසේ පවසයි. ''නූතන සිංහල කවිය ජන කවියෙන් ආභාසය ලැබීමට තැත්කළ ප්‍රථම ප්රයත්නය අමල් බිසෝ කාව්‍යයයි මම සිතමි. අමල් බිසෝ පළමු වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ පනස් ගණන්වල අග භාගයේදීයි. අමල් බිසෝ පළවීමෙන් පසු ජන කවිය ගුරු කොට ගත් නිර්මාණ කීපයක් හැට ගණන්වල මුල් භාගයේ දී පළවිය. මහගම සේකරගේ සක්වා ලිහිණි අමල් බිසෝ වැනිම කවිකතාවකි.'' (අමරසේකර( 1993, 09 පිට). අමරසේකරට පෙරාතුව ද කොළඹ තරුණ කවි පරපුරේ කවීන් ජන කවියෙන් යම් ආලෝකයක් ලැබූ අවස්ථා හමුවන අයුරු අවධානයට ගත හැකිය. කේයස් ලියූ 'ධීවරී ගීතය' එබඳු කාව්‍ය නිර්මාණයකි. එහෙත් අමල් බිසෝ කාව්‍යය තරම් පැහැදිලි ව හා ප්‍රබල ව ජන කවි ආභාසය සංලක්ෂණය කරන නූතන කාව්‍ය නිර්මාණයක් ඊට පෙර හඳුනාගත නොහේ. මහගම සේකරගේ 'සක්වා ලිහිණි' 'අමල් බිසෝ' වැනිම කවි කතාවකියි අමරසේකර පවසතත් අමල් බිසෝ කවි කතාවට වඩාත් සමීප වන්නේ සක්වා ලිහිණි කෘතියෙහි පැනෙන එනමින් යුතු නිර්මාණය නොව කඳුරු කුමාරිගෙ කතාව කවිපෙළ බව අපගේ අදහසයි. අමල් බිසෝ හා කිඳුරු කුමාරිගෙ කතාව යන නිර්මාණ ද්වයටම පාදක වන්නේ එක හා සමාන කතා වස්තුවකි. එහෙත් ඒ ඒ කවියාගේ රීතියට අනුව කාව්‍ය නිර්මාණ ද්වයෙහි භාෂාව, කාෙව්‍යාaක්ති, ආකෘතිය හා ජීවන දෘෂ්ටිය විවිධත්වයක් ප්‍රදර්ශනය කරයි. අමල් බිසෝ කාව්‍ය නිර්මාණය සඳහා වස්තු විෂය වී ඇත්තේ ජනශ්රැතියෙහි හමුවන සුප්‍රකට ජනකතාවකි. අමරසේකර අමල් බිසෝ ජන කතාවෙහි සඳහන් පුවතට නවමු අර්ථකථනයක් ලබා දීමට උත්සාහ කරයි. එහිලා අමල්බිසෝ කතා පුවත උපයෝගී කරගනු ලබන්නේ පාරිශුද්ධත්වය අහිමිව වැලපෙන විමලා නමැති තරුණියගේ වරද සාමාන්‍ය මිනිස් ස්වභාවයක් බව කියාපෑමටය. මෙහි දී අමරසේකර මතුකරන ප්රස්තුතය ලාංකීය සමාජ සංස්කෘතික පදනම සමඟ ඓන්ද්‍රීsය ලෙස ප්‍රතිබද්ධව පවතීs. සිංහල ග්‍රාමීය සමාජ පසුබිම අතුරෙහි නිතියෙන් ථෙරවාදී බෞද්ධ ඉගැන්වීම් සිහිකැඳවෙන නමුත් යුවතියකගේ පාරිශුද්ධත්වය අහිමි වීම සමාව භජනය කළ නොහැකි තරමට දරුණු වූවක් ලෙස සලකන බව පෙනේ. කවියා එම ප්රස්තුතය ලෞකික දිවිපෙවෙතේ සෞන්දර්ය හා ප්‍රකෘති ආවේගයන්හි මැඬලිය නොහැකි බව කුළුගැන්වෙන අයුරින් නිරූපණය කරයි. ''අමරසේකර තම චින්තනය තුළ වෛෂයික ලෝකය කෙරෙහි ආශාව ප්‍රහීන කරමින් ඉන් එතෙර වීමට තැනත් දෙතොත් ඒ මඳ වශයෙනි. ඒ වෙනුවට ග්‍රාමීය සිංහල බෞද්ධ සුළු ධනේශ්වරයෙහි සාමාජිකයකු හැටියට තමන්ට ඇති ආර්ථික, සාමාජික හා සංස්කෘතික ප්‍රශ්න තම චින්තනය හරි මැදට ගෙන එයි'' (විඡේගුණසිංහ( 2005, 172 පිට). අමරසේකර ප්‍රබල සමාජ සංස්කෘතික ප්‍රස්තුතයක් පිළිබ`ද සාකච්ඡා කරන නමුත් ස්වකීය කාව්‍ය නිර්මාණයෙහි පදනම කාල්පනික පසුතලයක් මත පිහිටුවීමට වෑයම් කරන බව පසක් වේ. විශේෂයෙන් ම 'හිමව් පියස්, 'රකුස් පුරය', 'හස`ගනන්', 'සුව`ද සඳුන් රන් විමන' යනාදි සංකල්ප ඇසුරින් කවි සමයානුගත මුහුණුවර තීව්ර කරන අතර තථ්‍ය ලොව කෙරෙන් දුරස්ථ කරවයි. අමරසේකර මෙය නිරායාසයෙන් සිදු කරන්නක් නොවන බව ලියනගේ අමරකීර්ති 'නවකතාවාදීත්වය සහ සිංහල කවියේ අර්බුදය' යන මැයෙන් යුතු පුවත්පත් ලිපියෙහි දක්වන අදහස් ඇසුරින් හඳුනාගත හැකිය. ''සිංහල කාව්‍යයෙහි එක් දුර්වලතාවයක් ලෙස ඔහු දකින කාව්‍ය අනවශ්‍ය ලෙස තථ්‍ය, ඓතිහාසික යථාර්ථය සමග සමගාමී ඒ හා බද්ධ වූ නිර්මාණ වීම ලෙස අමරසේකර මහතා මතු කරන තර්කයේ ඇත්තක් තියෙනවා. අමරසේකර මහතා මේ සඳහා යෝජනා කාව්‍ය කාල්පනික නිර්මාණ කළ යුතු බවයි. කාල්පනික නිර්මාණ සඳහා අප යොදාගන්නේ සංස්කෘතික සාහිත්යික ස්මෘතිය හා බැඳී වෙළී පවත්නා පැරණි වෘත්තාන්ත, ජාතක කතා හා ජන කතා ආදියයි යනුවෙන් ඒ මහතා ඊළඟට කියනවා'' (අමරකීර්ති( 2006/04/02, පිට). අමරසේකර අමල් බිසෝ කාව්‍ය නිර්මාණය ම`ගින් මෙම ලක්ෂණය ප්‍රබල ව විශද කරන අතර ඒ හා සාපේක්ෂව බැලූ කල සේකර ලියූ කිඳුරු කුමාරිගේ කතාව වෙනස් මුහුණුවරක් සංලක්ෂණය කරයි. කිඳුරු කුමාරිගෙ කතාවෙහි වස්තු විෂය ජනශ්රැතිය යම් පමණකින් මූලාශ්‍රය කරගනිමින් නිර්මාණය කරන ලද්දකි. කිඳුරු විමන, කිඳුරු කුමරිය හා යකිනිය යනාදි වශයෙන් කාල්පනික මුහුණුවර ගොඩනඟන සංකල්ප එහිලා හමුවුව ද සේකර කාල්පනිකත්වය තථ්‍ය ලෝකය සම`ග සම්බන්ධ කරයි. කිඳුරු කු=මරිය සම`ග ප්‍රේමයෙන් බැඳෙන්නේ මිනිස් කුමරුවෙකි. එහෙත් අමල්බිසෝ ග්‍රහණය කරගන්නේ රකුසෙකි. අමරසේකර සමස්ත අමල් බිසෝ කතාවම කාල්පනිකත්වයෙන් අනූනව නිර්මාණය කරන අතර අවසානයේ දී එය විමලාගේ වරද නිරවද්‍ය බව සනාථ කිරීමට යොදාගනී. අමල් බිසෝ මෙන්ම කිඳුරු කුමරිය ද යොවුන් වියට පත්වත්ම ගින්නෙන් දැවෙයි. කවීන් දෙදෙනාම ගින්නෙන් සංකේතාර්ථයෙන් රාග අග්නිය අර්ථවත් කරන බව පෙනේ. අමරසේකරගේ කාව්‍ය නිර්මාණය මුළුල්ලේම ගින්නේ ප්‍රබලත්වය තියුණු ලෙස අවධාරණය කෙරේ. ගිනි නැෙ`ගන කේන්ද්‍රස්ථානය වන්නේ රකුස් පුරයයි. ගිනි නැෙ`ගන්නේ රකුසන්ගේ ගතිනි. සියුමැලි අමල් බිසෝ එම ගින්නෙහි ගොදුරක් වේ. අහස පළා ගෙන න`ගිනා දෙරණ පළා ගෙන න`ගිනා දසත දිගත විහිදු වනා එගිනි ක`දින් පුර දිලෙනා (අමරසේකර( 1993, 50 පිට). හිමව් පියස සුවඳ සඳුන් රන් විමනක තබා නොයෙක් උපදෙස් ලබා දුන් නමුත් අමල් බිසෝ ප්‍රකෘති ආවේගයන්ගෙන් මිදීමට නොහැකි තත්ත්වයට පත්වෙයි. කවියා එගින්නේ ආකර්ෂණය හා තියුණු ක්‍රියාකාරීත්වය යළි යළි ඉස්මතු කරයි. ඒ හා සාපේක්ෂ ව බැලූ කල සේකර රාගාග්නියේ දීප්තිය හා දැවීම නිර්මාණය කරන්නේ එතරම් තියුණු අයුරින් නොවේ. අමරසේකර ලෞකික ආරම්මණයන්හි බලපරාක්‍රමය අවධාරණය කරන විට සේකර ඒ සියල්ල පසුබිමෙහි අවිච්හන්නව අනිත්‍යතාව රඳා පවත්නා බව ගම්‍ය කරන සෙයකි. ලොවේ හැම සතට උරුමයි මේ ගින්න නොවේ කිසිවකුත් ඒ ගැන නොම දන්න බවේ සරන සත ඒ ගිනි මැද ඉන්න දැවේ නිතින් නොහැකිව ඉන් වළකින්න (සේකර( 2005, 37 පිට) ගින්නෙන් මුදනු වස් අමල් බිසෝ රඳවා ඇත්තේ හිමව් පියස රන් විමනකය. කිඳුරු කුමරිය සිටින්නේ සයුර යට රිදී කුළක් මුදුනේ ඇති රන් විමනකය. ඔවුහු ක්‍රමයෙන් යොවුන් වියට පත්ව රූපශෝභාවෙන් ආඪ්‍ය වෙති. ගෝමර මල්පෙති බ`ද වට ඉසුණා රූබර සිහිනිඟ සිහිනිව සැදුණා ඈ පුළුලුකුල ද වට කොට සැදුණා නාඹර තුනුවිල මල්පෙති වැටුණා (අමරසේකර( 1993, 52 පිට). දෑල ළමැද අ`ඵ ගෝමර ඉසින ළදා බාල ළපටි අත් මාලා සලන ළදා ආල වඩන රූපෙන් මන බ`දින ළදා කෝල සිතින් ඇස ලා වට බලන ළදා (සේකර( 2005, 38 පිට) අමරසේකර ඈ මන දැල්වෙන ගින්න හා සමගාමීව ඈ ගත ඇතිවන විපර්යාසයන් ද චමත්කාරජනකව ප්‍රතිනිර්මාණය කිරීමට සමත්ය. මෙහිලා ජනකවි සම්ප්රදායේ ආභාසය ද මනාව දිවනිත කෙරෙන පරිද්දෙන් කාෙව්‍යාaක්ති ගොඩනඟා තිබේ. අමල් බිසෝහි කේන්ද්‍රීය ධාරණාව වන්නේ ගින්නෙන් දැවීම මිනිසත් බවට හිමි වරදක් වන බවයි. කවියා අමල් බිසෝ කුමරියගේ රූපශ්‍රීය වර්ණනා කරන්නේ ද එම අර්ථය කු`ඵගැන්වෙන අයුරිනි. ඇගේ ගතේ ප්රබෝධය වනාහි යොවුන් වියේ උතුරායන සුලු ජීව ශක්තිය ද අඟවන්නකි. මේ හා සාපේක්ෂව බැලූ කල සේකර එබඳු කේන්ද්‍රීය අර්ථයක් ප්‍රබල ලෙස ගොඩනැඟීමට වෑයම් නොකරයි. ඔහු කිඳුරු කුමාරියගේ රූපශ්‍රීය වර්ණනා කරන්නේ ඇගේ යොවුන් රූපශ්‍රීය මතු නොව බොළඳ ළමා ස්වරූපය ද ඇඟවෙන පරිද්දෙනි. මෙහිලා සේකරගේ කාව්‍ය සංකල්පනා තරමක් දුබල වීමට ඔහු භාවිත කරන කාව්‍ය ආකෘතිය ද බලපා ඇත. අමල් බිසෝ කාව්‍ය නිර්මාණයෙහිලා අමරසේකර අවස්ථාවෝචිතව විරිත් වෙනස් කරයි. අමල් බිසෝගේ චෛතසික ස්වභාවය, රකුසන්ගේ ක්‍රියාකාරීත්වය, ගින්නේ දැවෙනසුලු බව ආදිය තීව්ර ලෙස සූචනය කිරීමට උචිත ලෙස දිගු විරිත් හා කෙටි විරිත් පරිභාවිතය ඇසුරින් වඩාත් විචිත්රව කාෙව්‍යාaක්ති නිර්මාණය කර තිබෙනු දැකිය හැකිය. එහෙත් සේකර කිඳුරු කුමාරිගෙ කතාවෙහිලා යොදාගන්නේ මාත්‍රා දහඅටකින් සමන්විත එකම විරිතකි. ඒ අතරම බොහෝ විට කවිවල මුල හා අග එළිසමය පිහිටුවීමට දැරූ වෑයමද පෙරළා අර්ථය ලිහිල් කිරීමට බලපෑ අවස්ථා බහුලව දක්නට ලැබේ. ''ආකෘතිය වූ කලී වස්තු විෂයෙහි තර්කානුකූල ප්‍රතිඵලයක් බව වටහා ගැනීම සේකර කවියකු වශයෙන් සාර්ථක වීමට තුඩුදුන් වැදගත් කරුණකි'' (කුමාරසිංහ( 2002, 140 පිට). එහෙත් මෙම කවි පෙළෙහිලා වස්තු විෂය ඔප්නැංවීමට ආකෘතිය ඖචිත්‍යය ලෙස භාවිත කිරීමට සේකර අසමත්ය. අමරසේකර එම අභියෝගය සාර්ථකව ජයගනී. අමල් බිසෝ ගින්නෙන් දැවෙන්නේ හුදු ප්‍රේමාන්විත බන්ධනයක ප්‍රතිඵලයක් ලෙස නොවේ. ඈ ගින්නෙන් වෙළී රකුසු හ`ඩට දොර අරින්නීය. දූෂිතවූ පවිටු ලොව අතුරෙහි යුවතියකගේ පිවිතුරු බව රැකගැනීම ඉතා අසීරු කර්තව්‍යයක් බව අමරසේකරගේ නිර්මාණවල නිතින් හමුවන අදහසකි. අමල් බිසෝ කාව්යයෙහිම හමුවන කන්‍යාව කාව්‍ය නිර්මාණයෙහිද මෙසේ පැවසේ. වසා ගත් පෙති තුළ මුවා කොට ඒ අමා මකරන්ද බින්දුව පළා බොන්නට මුව අයාගත් නැද්ද රකුසෙක් තවම මේ විල (අමරසේකර( 1993, 38 පිට). සියුමැලි යුවතිය රකුසු ග්‍රහණයට හසුවීම හුදු රැවටීමක, අත්වැරදීමක හෝ ක්ෂණික ආවේගයක ප්‍රතිඵලයක් වන බව අමරසේකර පෙන්වා දෙයි. එහෙත් කිඳුරු කුමාරිය ගින්නෙන් දැවෙමින් මැදුරෙන් පිටවී ප්‍රේමාන්විත ග්‍රහණයකට හසුවන්නේය. කිඳුරු කුමරිය මිනිස් කුමරකු සමඟ සැලමුතු පෙමින් බැඳේ. කුමරු කෙරෙන් රකුසු මුහුණුවරක් දිස්නොවන අතර ඔවුන් හමුවේ පවත්නා බාධකය වන්නේ කින්නර යෝනියේ කුමරියකට මිනිස් කුමරකු සම`ග එක්ව විසීම නොකළ හැකි වීමයි. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ මරණයෙන් පසුව පමණි. අවසානයේ කුමරු මෙන්ම කුමරියද මරු සුවය පතයි. බාධා විපත් දුරු කරනුවට මරණය හැර අන්මඟක් නැති බව කවියා අවධාරණය කරයි. මෙය සුභවාදී ජීවන දෘෂ්ටියක් නොවේ. එහෙත් අමරසේකර ඊට වෙනස් දෘෂ්ටියකින් මිනිසත් බවට හිමි වැරදි නොතකා හැරීම පිළිබඳ අදහසක් ඉස්මතු කරයි. සමස්තයක් වශයෙන් ගත් කල අමල් බිසෝ හා කි`දුරු කුමාරිගෙ කතාව යන කාව්‍ය නිර්මාණ ද්වය ඇසුරින් සුප්‍රකට කවීන් දෙදෙනකුගේ කාව්‍යමය භාවිතාවෙහි අනන්‍යතා හඳුනාගත හැකිය. විශේෂයෙන් ඒ පසුබිමෙහි පවත්නේ අමරසේකරගේ හා සේකරගේ පෝෂණ අවකාශයේ විවිධත්වය, ජීවන දර්ශනයේ විෂමතාව හා කාව්‍යමය ශිල්ප ධර්ම භාවිතයෙහි පළ කළ කුසලතාව යනාදියයි.[/SIZE][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom