Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්බපාලී කථා වස්තුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙරඑක් දවස දබදිව් තලයේ ගෞතම බුදුන් වහන්සේ වැඩසිටි සමයේ ජීවක අඹ වනයේ සුවිසල් අඹ රුකක් මුල රූමත් දැරියක් ඕපපාතිකව උපත ලැබුවාය. ජීවක අඹ උයනෙහි සිටි ප්‍රධාන උයන්පල්ලා ගේ බිරිඳ එම සුරූපි දැරිය කෙරෙහි දරු සෙනෙහස උපදවා තම නිවහනට රැගෙන ගොස් අදරින් පෝෂණය කළේය. අඹ ගසක් මුල පහළ වු බැවින් ඇයට “අම්බපාලි” නම්විය.

පෙරආත්ම භවයෙහි භික්ෂුණියක් වී සිල් රැකි පිනෙන් දැරිය .මේ ආත්මභාවයෙහිදි ඉතා ශෝභාසම්පන්න රුවැති දැරියක් වුවාය. අම්බපාලි දැරියගේ රූ සොභාවත් මිහිරි කටහඬත් පිළිබඳ පුවත ගම් දනව් සිසාරා රැව් පිළිරැව් දෙන්නට විය. අම්බපාලි පිළිබඳ පුවත බිම්බිසාර රජුටද දැනගන්නට ලැබුණි.

රජු ඇය සඳහා උයනෙහි සැපවත් මන්දිරයක් තනා අම්බපාලියද එහි වාසය පිණිස යැව්වේය. පසුව රාජ නියමය අනුව ඇය ගායනය, වාදනය, නර්තනය වැනි කලාවන්ද ප්‍රගුණ කළාය. රාජ නියෝගය අනුව ඇය නගර ශෝභිනියක් බවට පත් වූවාය. බිම්බිසාර රජතුමා ඇය සමඟ සතියක් පමණ කාලයක් එකට වාසය කළේය. එම සම්බන්ධයෙන් ප්‍රතිඵලයක් ලෙස නොබෝ කලකින් අම්බපාලි පුතෙකු ලැබුවාය. ඉපදුණ දිනම දරුවා ඇගෙන් වෙන් කෙරිණ. අම්බපාලිය සුපුරුදු ලෙස තම වෘත්තියෙහි නියැළිණි.

අම්බපාලි ඵුස්ස බුදුන් වහන්සේගේ කාලයෙහි උන් වහන්සේගේ සහෝදරියකව ඉපිද සිටියාය. ඇය එම බුදුන් වහන්සේගෙන් බණ අසා පැහැදී මහ දන් පවත්වා මතු භවයන්හි රූපත්ව උපදිම්වායි ප්‍රාර්ථනා කළාය. පසුව මීට කල්ප තිහකට පෙර පහළ වූ සිඛී බුදු හිමියන්ගේ සමයෙහි අරුණ නම් නගරයෙහි බමුණූ කුල කාන්තාවක ව උපන්නාය. පසුව එම සසුනේ පැවිදිව දිනක් භික්ෂූණීන් සමග චෛත්‍ය වැඳ පැදකුණු කරමින් සිටියාය. මෙසේ පැදකුණු කරමින් ඉදිරියේ වඩින රහත් මෙහෙණින් වහන්සේ නමක් කිවිසුමක් පිට කළ විට කෙළ පිඬක් සෑ මළුවේ වැටිණි. රහත් තෙරණින් වහන්සේ එය නො දැක්ම නික්මී ගියහ. පසුපසින් ගිය මැය එම කෙළ පිඬ දැක කිපී “ බුදුන් වහන්සේගේ ශාසනය දූෂණය කරන අනාචාරයේ හැසිරෙන කවර වෛශ්‍යාවක විසින් මෙම කෙළ පිඬ දමන ලදදැ’යි බැණ වැදී ඕපපාතිකව ඉපදීමට පැතුවාය. ඈ රහත් මෙහෙණකට බැණ වැදීම නිසා නිරයෙහි දුක් විඳි අතර මිනිස් ලොවේ භව දස දහසක්ම ගණිකාවක වූවාය. අනතුරුව කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයෙහි බඹසර වැස එම පිනෙන් දෙව් ලොව ඉපදුණාය. පෙර භවයකදී ඕපපාතික ව ඉපදීමට ප්‍රාර්ථනා කළ හෙයින් අවසාන ආත්ම භාවයෙහි එනම් ගෞතම බුදුහිමියන්ගේ සමයෙහි විසාලා මහනුවර රාජ උද්‍යානයෙහි අඹ ගසක් මුල ඕපපාතිකව උපන්නාය.

දිනක් බුදුන් වහන්සේ පිරිවර සමග අම්බපාලිය සිටි අඹ වනයේ වැඩසිටියා. මේබව දැනගත් අම්බපාලිය බුදුන් වහන්සේ බැහැදැක තම නිවසේ දනට ආරාධනා කළා. බුදුන් වහන්සේ ආරාධනාව බාරගත්තා. මේ පුවත කනවැකුණු ලිජ්ජවී රජදරුවන්ද බුදුන්වහන්සේට එදිනම දනට ආරාධනා කරා. බුදුන් වහන්සේ එම ඉලීම ප්‍රතිෂේප කර අම්ම්බපාලියගේ නිවසට පිරිවර සමග දනට වැඩියා.

කාලය මෙසේ ගත වෙද්දි අම්ම්බපාලියගේ පුත්‍රයා වෙනත් නිවසක ස්ත්‍රියක සෙවණේ ඇති දැඩි වන්නට වුනා. එකුමරු කෙමෙන් වැඩී වර්ධනය වී වැටහෙන නුවණ ඇති බවට පත්විය. පසු කලෙක බුදුරජු විශාලා මහනුවරට වැඩි විටෙක බුදු අසිරිය දැක බුදු බණ අසා පැහැදී මහණ විය. මහණ වූවාට පසු විමල නම අගට කොණ්ඩඤ්ඤ යන නම් කොටස ද එකතු වී විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ යැයි ප්‍රකට විය. හොඳින් මහණදම්පිරූ විමල කොණ්ඩඤ්ඤ සාමණේරයෝ නොබෝ කලකින් රහත් ඵලයටද පත්වූහ.

පසු කලෙක තම මෑණියන් වූ අම්බපාලිය පිළිබඳ දිවැසින් බලන්නේ ඇය එම ආත්මභාවයෙහිදීම භික්ෂුණියක වී රහත්ඵල අවබෝධ කොට ගැනීමට තරම් හේතු වාසනා ඇති පිනැත්තියක් බවට දුටු සේක. මවුපියන් වැරැදි මඟ යද්දි ප්‍රඥාවන්ත දරුවන් ඔවුන් නිවැරැදි මාවතකට යොමු කරවන්නේය. අතිජාත දරුවන්ගේ යුතුකමද එයමය. විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේද අම්බපාලිය හමුවනු පිණිස ජීවක අඹ උයනට වැඩම කළහ. විවේක සුවය පතා අඹ උයනට පැමිණි අම්බපාලිය විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ හමු විය. දෙදෙනා අතර ඇති වු සංවාදයෙන් අනතුරුව තෙරුන් වහන්සේ අන් කවුරුත් නොව උපන් විගසම මැදුරෙන් ඉවත් කළ තම පුතණුවන් බව හඳුනා ගත්තාය.

විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ජීවිතයේ ඇති අනියත බව පිළිබඳ ධර්මය දේශනා කළහ.ජාති,ජරා, මරණ ආදියෙන් මිදීමට ධර්මයේ පිහිට ලබන්න යැයි අවවාද කළහ. පෙර සසර කරන ලද කුසල් ඇති බැවින් වහා ධර්ම ඥානය ලබාගත් අම්බපාලිය, තමා සතු ධනය දැසි දස්සන් අතර බෙදාදී මන්දිරයද සඟ සතුකොට පූජා කොට භික්ෂුණි අරමකට ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබා ගත්තාය. භික්ෂුණි ජීවිතය ප්‍රතිපත්තිගරුකව වාසය කළ ඇය කාය ගතාසති භාවනාව වඩා රූප මදය තුනී කොට අප්‍රමාදව විදසුන් වඩා සියලු සංස්කාර ධර්මයන් ත්‍රි ලක්ෂණ වශයෙන් මෙනෙහිකර උතුම් වු අරහත්ඵලයට පත් වූවාය.

අම්බපාලී ථේරීගාථා

කාළකා භමරවණ්ණසාදිසා

වෙල්ලිතග්ගා මම මුද්ධජා අහුං,

තේ ජරාය සාණවාකසාදිසා

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ කොණ්ඩෙ කළු පාටයි. බඹරුන් ගෙ පාට වගේ. කැරලි ගැහිල උඩට හැරිල තිබුණා. ඒ වුණාට දැන් ජරාවට පත්වෙලා ගිහින්, හණ වැහැරි වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

වාසිතෝව සුරභීකරණ්ඩකෝ

පුප්ඵපූර මම උත්තමංගජෝ,

තං ජරාය සසලෝමගන්ධිකං

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනවා. එතකොට කොණ්ඩෙ සුවඳ කරඬුවක් වගෙයි. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින්. හා ලොම් වගේ ගඳ ගහනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

කානනංව සහිතං සුරෝපිතං

කොච්ඡසූචිවිචිතග්ගසෝභිතං,

තං ජරාය විරලං තහිං තහිං

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ලස්සනට පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩෙ පීරනවා. අවුල් දිග හැරල රත්තරන් කොණ්ඩ කටු ගහල ලස්සනට සකස් කරනවා. නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

කණ්හඛන්ධකසුවණ්ණමණ්ඩිතං

සෝභතේ සුවේණීහි ලංකතං,

තං ජරාය ඛලිතං සිරං කතං,

සච්චවාදිවචනං අනඤ්ඤථා.

කළු කෙස් වැටි ලස්සනට ගොතල, රත්තරන් ආභරණවලින් සරසපුවාම හරිම ලස්සනයි. නමුත් දැන් ජරාව විසින් ඒ කෙස් ගලවල දාල තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

චිත්තකාරසුකතාව ලේඛිකා

සෝභරේ සුභමුකා පුරේ මම,

තා ජරාය වලීහි පලම්බිතා

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ ඇහි බැම හරි ම ලස්සනයි. දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලස්සනට ඇඳපු රේඛාවක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. රැලි දෙකක් වගේ නලලේ එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

භස්සරා සුරුචිරා යථා මණි

නෙත්තාහේසුං අභිනීලමයතා,

තේ ජරායභිහතා න සෝභරේ

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ ඇස් දෙක ලොකුයි, දිගයි. නිල් මැණික් දෙකක් වගේ බැබලුණා. නමුත් දැන් ජරාව විසින් ඒ ඇස් දෙක විරූපී කරල තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

සණ්හතුංගසදිසී ච නාසිකා

සෝභතේ සු අභියොබ්බනං පති,

සා ජරාය උප්පකූලිතා විය

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ නහය සිනිඳුවට ඉස්සිලා තිබුණා. ඒ නහයට මගේ මූණ ගොඩක් ලස්සන වුණා. නමුත් දැන් ජරාව විසින් ඒක හකුළුවල දාලා තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

කංකණංව සුකතං සුනිට්ඨිතං

සෝභරේ සු මම කණ්ණපාළියෝ,

තා ජරාය වලීහි පලම්බිතා

සච්චවාදිවචනං අනඤ්ඤථා.

මගේ මේ කන්පෙති ඉස්සර හරිම ලස්සනයි. ලස්සනට හදාපු රත්තරන් වළලු වගේ. නමුත් දැන් ජරාවට පත්වෙලා රැලි ගැහිල එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

පත්තලීමකුලවණ්ණසාදිසා

සෝභරේ සුදන්තා පුරේ මම,

තේ ජරාය ඛණ්ඩිතා ච පීතකා

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ දත් සුදට සුදේ කොඳ කැකුළු වගේ ලස්සනට තිබුණා. නමුත් දැන් ජරාවට පත්වෙලා කැඩිල ගිහිල්ල කහ පාට වෙලා තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

කානනම්හි වනසණ්ඩචාරිනී

කෝකිලාව මධුරං නිකූජිහං,

තං ජරාය ඛලිතං තහිං තහිං

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ කටහඬ හරි ම මිහිරි යි. වනාන්තරේ රුක් ගොමු අතරින් මිහිරට නාද කරන කෝකිලාවක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා දැන් මගේ කටහඬ තැනින් තැන පැකිලෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

සණ්හකම්බුරිව සුප්පමජ්ජිතා

සෝභතේව සුගීවා පුරේ මම,

සා ජරාය භග්ගා විනාමිතා

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ බෙල්ල, ලස්සනට ඔප දමාපු රත්තරන් බෙල්ලක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. ඒ ලස්සන නැතිවෙලා ගිහින්, බෙල්ල නැමිල තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

වට්ටපලිඝසදිසෝපමා උභෝ

සුසෝභරේ සුබාහා පුරේ මම,

තා ජරාය යථා පාටලිප්පලිතා

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ අත් දෙක රත්තරන් වලින් කරපු දෙයක් වගේ. නමුත් දැන් ජරාවට පත්වෙලා, පළොල් ගහක අතු දෙකක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

සණ්හමුද්දිකසුවණ්ණමණ්ඩිතා

සෝභරේ සුහත්ථා පුරේ මම,

තේ ජරාය යථ මූලමූලිකා

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ අත්වල ඇඟිලි, රත්තරන්වලින් කරපු රූපයක් වගෙයි. රන් වළලු, මුදු දාල ලස්සන වැඩිවෙලා තිබුණා. නමුත් දැන් ඒ ඇඟිලි ජරාවට පත්වෙලා, පේන්නෙ මුල් ගොඩක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

පීනවට්ටසහිතුග්ගතා උභෝ

සෝභරේ සුථනකා පුරේ මම,

ථේවිකීව ලම්බන්ති නෝදකා

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ පියයුරු දෙක එකට එකතු වෙලා උඩට හැරිල ලස්සනට තිබුණා. නමුත් දැන් ජරාවට පත්වෙලා, වතුර හිඳිච්ච පෙරහන්කඩේ වගේ එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

කඤ්චනස්ස ඵලකංව සුමට්ටං

සෝභතේ සුකායෝ පුරේ මම,

සෝ වලීහි සුඛුමාහි ඕතතෝ

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ ශරීරය හොඳට මැදල ඔපදාපු රත්තරන් රූපයක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා, ඇඟ පුරාම රැළි එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

නාගභෝගසදිසෝපමා උභෝ

සෝභරේ සුඌරූ පුරේ මම,

තේ ජරාය යථ වේළුනාළියෝ

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ කළවා දෙක ලස්සන ඇතෙකුගේ හොඬවැල වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා, උණ බට දෙකක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

සණ්හනූපුරසුවණ්ණමණ්ඩිතා

සෝභරේ සුජංඝා පුරේ මම,

තා ජරාය තිලදණ්ඩකාරිව

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ කෙණ්ඩා දෙක රන් නූපුරවලින් සරසල හරිම ලස්සනයි. නමුත් දැන් ජරාවට පත්වෙලා, තලපිති දෙකක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

තූලපුණ්ණසදිසෝපමා උභෝ

සෝභරේ සුපාදා පුරේ මම,

තේ ජරාය ඵුටිතා වලීමතා

සච්චවාදිවචනං අනඤ්ඤථා.

ඉස්සර මගේ දෙපා තිබුනෙ සිනිඳු පුළුන් පුරවල තියෙනවා වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. යටිපතුල් පැලිල රැළි ගැහිල තියෙන්නෙ. සත්‍යවාදී බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඒදිසෝ අහු අයං සමුස්සයෝ

ජජ්ජරෝ බහු දුක්ඛානමාලයෝ,

සෝපලේපපතිතෝ ජරාඝරෝ

සච්චවාදිවචනං අනඤ්ඤථාති.

ඔන්න ඕක තමයි මේ ශරීරයේ ඇත්ත තත්වය. ජරාවෙන් දෙදරලා යනවා. බොහෝ දුකට වාසස්ථානයයි. දැන් මේ ශරීරය පිළිසකර කරගන්ට බැරි තරමට කඩා වැටෙන්ට ළං වුන දිරාපු ගෙයක් වගෙයි.

සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

[QUOTE="KuKu KoKa, post: 26479992, member: 573979"] [SIZE=6]පෙරඑක් දවස දබදිව් තලයේ ගෞතම බුදුන් වහන්සේ වැඩසිටි සමයේ ජීවක අඹ වනයේ සුවිසල් අඹ රුකක් මුල රූමත් දැරියක් ඕපපාතිකව උපත ලැබුවාය. ජීවක අඹ උයනෙහි සිටි ප්‍රධාන උයන්පල්ලා ගේ බිරිඳ එම සුරූපි දැරිය කෙරෙහි දරු සෙනෙහස උපදවා තම නිවහනට රැගෙන ගොස් අදරින් පෝෂණය කළේය. අඹ ගසක් මුල පහළ වු බැවින් ඇයට “අම්බපාලි” නම්විය. පෙරආත්ම භවයෙහි භික්ෂුණියක් වී සිල් රැකි පිනෙන් දැරිය .මේ ආත්මභාවයෙහිදි ඉතා ශෝභාසම්පන්න රුවැති දැරියක් වුවාය. අම්බපාලි දැරියගේ රූ සොභාවත් මිහිරි කටහඬත් පිළිබඳ පුවත ගම් දනව් සිසාරා රැව් පිළිරැව් දෙන්නට විය. අම්බපාලි පිළිබඳ පුවත බිම්බිසාර රජුටද දැනගන්නට ලැබුණි. රජු ඇය සඳහා උයනෙහි සැපවත් මන්දිරයක් තනා අම්බපාලියද එහි වාසය පිණිස යැව්වේය. පසුව රාජ නියමය අනුව ඇය ගායනය, වාදනය, නර්තනය වැනි කලාවන්ද ප්‍රගුණ කළාය. රාජ නියෝගය අනුව ඇය නගර ශෝභිනියක් බවට පත් වූවාය. බිම්බිසාර රජතුමා ඇය සමඟ සතියක් පමණ කාලයක් එකට වාසය කළේය. එම සම්බන්ධයෙන් ප්‍රතිඵලයක් ලෙස නොබෝ කලකින් අම්බපාලි පුතෙකු ලැබුවාය. ඉපදුණ දිනම දරුවා ඇගෙන් වෙන් කෙරිණ. අම්බපාලිය සුපුරුදු ලෙස තම වෘත්තියෙහි නියැළිණි. අම්බපාලි ඵුස්ස බුදුන් වහන්සේගේ කාලයෙහි උන් වහන්සේගේ සහෝදරියකව ඉපිද සිටියාය. ඇය එම බුදුන් වහන්සේගෙන් බණ අසා පැහැදී මහ දන් පවත්වා මතු භවයන්හි රූපත්ව උපදිම්වායි ප්‍රාර්ථනා කළාය. පසුව මීට කල්ප තිහකට පෙර පහළ වූ සිඛී බුදු හිමියන්ගේ සමයෙහි අරුණ නම් නගරයෙහි බමුණූ කුල කාන්තාවක ව උපන්නාය. පසුව එම සසුනේ පැවිදිව දිනක් භික්ෂූණීන් සමග චෛත්‍ය වැඳ පැදකුණු කරමින් සිටියාය. මෙසේ පැදකුණු කරමින් ඉදිරියේ වඩින රහත් මෙහෙණින් වහන්සේ නමක් කිවිසුමක් පිට කළ විට කෙළ පිඬක් සෑ මළුවේ වැටිණි. රහත් තෙරණින් වහන්සේ එය නො දැක්ම නික්මී ගියහ. පසුපසින් ගිය මැය එම කෙළ පිඬ දැක කිපී “ බුදුන් වහන්සේගේ ශාසනය දූෂණය කරන අනාචාරයේ හැසිරෙන කවර වෛශ්‍යාවක විසින් මෙම කෙළ පිඬ දමන ලදදැ’යි බැණ වැදී ඕපපාතිකව ඉපදීමට පැතුවාය. ඈ රහත් මෙහෙණකට බැණ වැදීම නිසා නිරයෙහි දුක් විඳි අතර මිනිස් ලොවේ භව දස දහසක්ම ගණිකාවක වූවාය. අනතුරුව කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයෙහි බඹසර වැස එම පිනෙන් දෙව් ලොව ඉපදුණාය. පෙර භවයකදී ඕපපාතික ව ඉපදීමට ප්‍රාර්ථනා කළ හෙයින් අවසාන ආත්ම භාවයෙහි එනම් ගෞතම බුදුහිමියන්ගේ සමයෙහි විසාලා මහනුවර රාජ උද්‍යානයෙහි අඹ ගසක් මුල ඕපපාතිකව උපන්නාය. දිනක් බුදුන් වහන්සේ පිරිවර සමග අම්බපාලිය සිටි අඹ වනයේ වැඩසිටියා. මේබව දැනගත් අම්බපාලිය බුදුන් වහන්සේ බැහැදැක තම නිවසේ දනට ආරාධනා කළා. බුදුන් වහන්සේ ආරාධනාව බාරගත්තා. මේ පුවත කනවැකුණු ලිජ්ජවී රජදරුවන්ද බුදුන්වහන්සේට එදිනම දනට ආරාධනා කරා. බුදුන් වහන්සේ එම ඉලීම ප්‍රතිෂේප කර අම්ම්බපාලියගේ නිවසට පිරිවර සමග දනට වැඩියා. කාලය මෙසේ ගත වෙද්දි අම්ම්බපාලියගේ පුත්‍රයා වෙනත් නිවසක ස්ත්‍රියක සෙවණේ ඇති දැඩි වන්නට වුනා. එකුමරු කෙමෙන් වැඩී වර්ධනය වී වැටහෙන නුවණ ඇති බවට පත්විය. පසු කලෙක බුදුරජු විශාලා මහනුවරට වැඩි විටෙක බුදු අසිරිය දැක බුදු බණ අසා පැහැදී මහණ විය. මහණ වූවාට පසු විමල නම අගට කොණ්ඩඤ්ඤ යන නම් කොටස ද එකතු වී විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ යැයි ප්‍රකට විය. හොඳින් මහණදම්පිරූ විමල කොණ්ඩඤ්ඤ සාමණේරයෝ නොබෝ කලකින් රහත් ඵලයටද පත්වූහ. පසු කලෙක තම මෑණියන් වූ අම්බපාලිය පිළිබඳ දිවැසින් බලන්නේ ඇය එම ආත්මභාවයෙහිදීම භික්ෂුණියක වී රහත්ඵල අවබෝධ කොට ගැනීමට තරම් හේතු වාසනා ඇති පිනැත්තියක් බවට දුටු සේක. මවුපියන් වැරැදි මඟ යද්දි ප්‍රඥාවන්ත දරුවන් ඔවුන් නිවැරැදි මාවතකට යොමු කරවන්නේය. අතිජාත දරුවන්ගේ යුතුකමද එයමය. විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේද අම්බපාලිය හමුවනු පිණිස ජීවක අඹ උයනට වැඩම කළහ. විවේක සුවය පතා අඹ උයනට පැමිණි අම්බපාලිය විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ හමු විය. දෙදෙනා අතර ඇති වු සංවාදයෙන් අනතුරුව තෙරුන් වහන්සේ අන් කවුරුත් නොව උපන් විගසම මැදුරෙන් ඉවත් කළ තම පුතණුවන් බව හඳුනා ගත්තාය. විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ජීවිතයේ ඇති අනියත බව පිළිබඳ ධර්මය දේශනා කළහ.ජාති,ජරා, මරණ ආදියෙන් මිදීමට ධර්මයේ පිහිට ලබන්න යැයි අවවාද කළහ. පෙර සසර කරන ලද කුසල් ඇති බැවින් වහා ධර්ම ඥානය ලබාගත් අම්බපාලිය, තමා සතු ධනය දැසි දස්සන් අතර බෙදාදී මන්දිරයද සඟ සතුකොට පූජා කොට භික්ෂුණි අරමකට ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබා ගත්තාය. භික්ෂුණි ජීවිතය ප්‍රතිපත්තිගරුකව වාසය කළ ඇය කාය ගතාසති භාවනාව වඩා රූප මදය තුනී කොට අප්‍රමාදව විදසුන් වඩා සියලු සංස්කාර ධර්මයන් ත්‍රි ලක්ෂණ වශයෙන් මෙනෙහිකර උතුම් වු අරහත්ඵලයට පත් වූවාය.[/SIZE] [HEADING=2][SIZE=6]අම්බපාලී ථේරීගාථා[/SIZE][/HEADING] [SIZE=6]කාළකා භමරවණ්ණසාදිසා වෙල්ලිතග්ගා මම මුද්ධජා අහුං, තේ ජරාය සාණවාකසාදිසා සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ කොණ්ඩෙ කළු පාටයි. බඹරුන් ගෙ පාට වගේ. කැරලි ගැහිල උඩට හැරිල තිබුණා. ඒ වුණාට දැන් ජරාවට පත්වෙලා ගිහින්, හණ වැහැරි වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. වාසිතෝව සුරභීකරණ්ඩකෝ පුප්ඵපූර මම උත්තමංගජෝ, තං ජරාය සසලෝමගන්ධිකං සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනවා. එතකොට කොණ්ඩෙ සුවඳ කරඬුවක් වගෙයි. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින්. හා ලොම් වගේ ගඳ ගහනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. කානනංව සහිතං සුරෝපිතං කොච්ඡසූචිවිචිතග්ගසෝභිතං, තං ජරාය විරලං තහිං තහිං සච්චවාදිවචනං අනඤ්ඤථා. ලස්සනට පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩෙ පීරනවා. අවුල් දිග හැරල රත්තරන් කොණ්ඩ කටු ගහල ලස්සනට සකස් කරනවා. නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. කණ්හඛන්ධකසුවණ්ණමණ්ඩිතං සෝභතේ සුවේණීහි ලංකතං, තං ජරාය ඛලිතං සිරං කතං, සච්චවාදිවචනං අනඤ්ඤථා. කළු කෙස් වැටි ලස්සනට ගොතල, රත්තරන් ආභරණවලින් සරසපුවාම හරිම ලස්සනයි. නමුත් දැන් ජරාව විසින් ඒ කෙස් ගලවල දාල තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. චිත්තකාරසුකතාව ලේඛිකා සෝභරේ සුභමුකා පුරේ මම, තා ජරාය වලීහි පලම්බිතා සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ ඇහි බැම හරි ම ලස්සනයි. දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලස්සනට ඇඳපු රේඛාවක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. රැලි දෙකක් වගේ නලලේ එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. භස්සරා සුරුචිරා යථා මණි නෙත්තාහේසුං අභිනීලමයතා, තේ ජරායභිහතා න සෝභරේ සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ ඇස් දෙක ලොකුයි, දිගයි. නිල් මැණික් දෙකක් වගේ බැබලුණා. නමුත් දැන් ජරාව විසින් ඒ ඇස් දෙක විරූපී කරල තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. සණ්හතුංගසදිසී ච නාසිකා සෝභතේ සු අභියොබ්බනං පති, සා ජරාය උප්පකූලිතා විය සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ නහය සිනිඳුවට ඉස්සිලා තිබුණා. ඒ නහයට මගේ මූණ ගොඩක් ලස්සන වුණා. නමුත් දැන් ජරාව විසින් ඒක හකුළුවල දාලා තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. කංකණංව සුකතං සුනිට්ඨිතං සෝභරේ සු මම කණ්ණපාළියෝ, තා ජරාය වලීහි පලම්බිතා සච්චවාදිවචනං අනඤ්ඤථා. මගේ මේ කන්පෙති ඉස්සර හරිම ලස්සනයි. ලස්සනට හදාපු රත්තරන් වළලු වගේ. නමුත් දැන් ජරාවට පත්වෙලා රැලි ගැහිල එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. පත්තලීමකුලවණ්ණසාදිසා සෝභරේ සුදන්තා පුරේ මම, තේ ජරාය ඛණ්ඩිතා ච පීතකා සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ දත් සුදට සුදේ කොඳ කැකුළු වගේ ලස්සනට තිබුණා. නමුත් දැන් ජරාවට පත්වෙලා කැඩිල ගිහිල්ල කහ පාට වෙලා තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. කානනම්හි වනසණ්ඩචාරිනී කෝකිලාව මධුරං නිකූජිහං, තං ජරාය ඛලිතං තහිං තහිං සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ කටහඬ හරි ම මිහිරි යි. වනාන්තරේ රුක් ගොමු අතරින් මිහිරට නාද කරන කෝකිලාවක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා දැන් මගේ කටහඬ තැනින් තැන පැකිලෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. සණ්හකම්බුරිව සුප්පමජ්ජිතා සෝභතේව සුගීවා පුරේ මම, සා ජරාය භග්ගා විනාමිතා සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ බෙල්ල, ලස්සනට ඔප දමාපු රත්තරන් බෙල්ලක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. ඒ ලස්සන නැතිවෙලා ගිහින්, බෙල්ල නැමිල තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. වට්ටපලිඝසදිසෝපමා උභෝ සුසෝභරේ සුබාහා පුරේ මම, තා ජරාය යථා පාටලිප්පලිතා සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ අත් දෙක රත්තරන් වලින් කරපු දෙයක් වගේ. නමුත් දැන් ජරාවට පත්වෙලා, පළොල් ගහක අතු දෙකක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. සණ්හමුද්දිකසුවණ්ණමණ්ඩිතා සෝභරේ සුහත්ථා පුරේ මම, තේ ජරාය යථ මූලමූලිකා සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ අත්වල ඇඟිලි, රත්තරන්වලින් කරපු රූපයක් වගෙයි. රන් වළලු, මුදු දාල ලස්සන වැඩිවෙලා තිබුණා. නමුත් දැන් ඒ ඇඟිලි ජරාවට පත්වෙලා, පේන්නෙ මුල් ගොඩක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. පීනවට්ටසහිතුග්ගතා උභෝ සෝභරේ සුථනකා පුරේ මම, ථේවිකීව ලම්බන්ති නෝදකා සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ පියයුරු දෙක එකට එකතු වෙලා උඩට හැරිල ලස්සනට තිබුණා. නමුත් දැන් ජරාවට පත්වෙලා, වතුර හිඳිච්ච පෙරහන්කඩේ වගේ එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. කඤ්චනස්ස ඵලකංව සුමට්ටං සෝභතේ සුකායෝ පුරේ මම, සෝ වලීහි සුඛුමාහි ඕතතෝ සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ ශරීරය හොඳට මැදල ඔපදාපු රත්තරන් රූපයක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා, ඇඟ පුරාම රැළි එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. නාගභෝගසදිසෝපමා උභෝ සෝභරේ සුඌරූ පුරේ මම, තේ ජරාය යථ වේළුනාළියෝ සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ කළවා දෙක ලස්සන ඇතෙකුගේ හොඬවැල වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා, උණ බට දෙකක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. සණ්හනූපුරසුවණ්ණමණ්ඩිතා සෝභරේ සුජංඝා පුරේ මම, තා ජරාය තිලදණ්ඩකාරිව සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ කෙණ්ඩා දෙක රන් නූපුරවලින් සරසල හරිම ලස්සනයි. නමුත් දැන් ජරාවට පත්වෙලා, තලපිති දෙකක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. තූලපුණ්ණසදිසෝපමා උභෝ සෝභරේ සුපාදා පුරේ මම, තේ ජරාය ඵුටිතා වලීමතා සච්චවාදිවචනං අනඤ්ඤථා. ඉස්සර මගේ දෙපා තිබුනෙ සිනිඳු පුළුන් පුරවල තියෙනවා වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. යටිපතුල් පැලිල රැළි ගැහිල තියෙන්නෙ. සත්‍යවාදී බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. ඒදිසෝ අහු අයං සමුස්සයෝ ජජ්ජරෝ බහු දුක්ඛානමාලයෝ, සෝපලේපපතිතෝ ජරාඝරෝ සච්චවාදිවචනං අනඤ්ඤථාති. ඔන්න ඕක තමයි මේ ශරීරයේ ඇත්ත තත්වය. ජරාවෙන් දෙදරලා යනවා. බොහෝ දුකට වාසස්ථානයයි. දැන් මේ ශරීරය පිළිසකර කරගන්ට බැරි තරමට කඩා වැටෙන්ට ළං වුන දිරාපු ගෙයක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom