අම්බලන්ගොඩ වෙඩි වැදුනු පුද්ගලයා මරුට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    අම්බලන්ගොඩ වෙඩි වැදුනු පුද්ගලයා මරුට...

    1755578780-SHOOT-6.jpg

    අද (04) පෙරවරුවේ අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා සිටි ව්‍යාපාරිකයෙකු මියගොස් ඇත.
    ඔහු මෝදර දේවාලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.
    මෙම ප්‍රහාරය අද පෙරවරු 10.30ට පමණ සිදුව තිබේ.
    පොලිසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ වෙඩි තැබීමට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන 'කරන්දෙණිය සුද්දා' නමැත්තාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා බවයි.

    අම්බලන්ගොඩ පොලිසිය මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.