Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මාගේ නම ෆාතිමා නිසා කරගොඩ පින්වතුන් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මාගේ නම ෆාතිමා නිසා කරගොඩ පින්වතුන් එ&#3482

අම්මාගේ නම ෆාතිමා නිසා කරගොඩ පින්වතුන් එකතුවෙලා පාසලෙන් පන්නාගත් සිංහල තාත්තගේ බෞද්ධ දරුවෝ.

දැනට සති කීපයකට එපිටින් ඇසුණු හද කකියන පුවතකි. ඉන් කියවුණේ මවුපියන් අහිමි දරුවන් දෙදෙනෙකුට එම දරුවන්ගේ මව යෝනක වීම නිසා පාසලක් අහිමි වූ බවය. වාර්තා වුණ ආකාරයට මුස්ලිම් දරු දෙදෙනෙකු පාසලට ඇතුළත් කිරීම ගැන ඇසූ දහසක් පමණ පිරිසක් පාසල වටකොට විදුහල්පතිට තර්ජනය කර දරු දෙදෙනා පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවය.

මේ පුවතේ සත්‍ය අසත්‍ය සොයා යෑමට තීරණ කළෙමු. ලද තොරතුරු අනුව මං සලකුණු සොයාගෙන මේ අශිෂ්ට සිදුවීම වූ ස්ථානය වෙත යන්නට හැකි විය. මාතර නගරය පසු කරමින් වෙහෙරහේන පාර දිගේ ගොස් නව දුම්රිය මාර්ගයද පසු කර මද දුරක් ගමන් කළ විට අප සොයාගෙන ගිය නිවස හමු විය.

රාත්‍රිය එළඹෙමිනි. හතරවටින් අඳුර මෝදු වෙමින් ඇත. පරිසරය නිහඬය. අපි මේ අසරණයන් ඇමතීමු. මේ අයුක්තිය ගැන කතා කෙළෙමු. සිදු වී ඇති අසාධාරණයට එරෙහිව නැඟී සිටිය යුතු බව කියා සිටියෙමු. මෙවන් අකටයුතු තවත් අයෙකුට සිදු නොවිය යුතු බව දන්වා සිටියෙමු. අවසනායේ සිය කතාව ප්‍රසිද්ධ මාධ්‍යයක් හමුවේ තැබීමට ඔවුහු එකඟ වූහ.

අප අබියස ඉන්නේ වියපත් මාතාවකි. ඇය රත්නායක මුදියන්සේලාගේ ජුලි නෝනාය. ඇය සිය කතාව කියන්නට පටන් ගන්නේ සිහින් කෙඳිරියක විලාශයෙනි.

“මම ඉපදුණේ උඩරට. මගෙ මහත්තයා වැඩ කළේ පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථාවේ. යුද්ධ කාලේ අපි උන්නෙ පුල්මුඩේ. පස්සෙ පිළියන්දලට ආවා. කරගොඩ උයන්ගොඩට ආවේ ඊට පස්සෙ. මට දරුවො තුන්දෙනෙක් හිටියා. මේ ප්රශ්නය එන්නෙ මගේ බාල පුතාගේ ළමයි දෙන්නා ඉස්කෝලෙට දාන්න ගියාට පස්සෙ. අපිව ගෙදරිනුත් පැන්නුවා මහත්තයො. කවුද?. අපේම සිංහල මිනිස්සු. දෙමළ අය එක්ක හිටියා අවුරුදු ගානක්. ඒත් මෙහෙම දෙයක් කවදාවත් සිද්ධ වුණේ නෑ.” ඇය සිය කතාව අතරමඟ දී නැවැත්තුවාය. ඉන් අනතුරුව කතාවේ ඉතිරි කොටස කියන්නේ ජුලිනෝනා අම්මාගේ දියණිය අසෝකා නිල්මිණී මුනවීරය.

“පුල්මුඩේ පස්සේ පිළියන්දලට ආවා. පිළියන්දලට ආවේ තාත්තගේ නෑදෑයො පිළියන්දල හිටපු නිසා. ඒත් එහේ ජීවත් වුණේ පුදුම අපහසුවකින්. එදා වේල හොයාගන්න බැරි වුණා. ඊට පස්සෙ මාතර වෙහෙරහේනෙ තිබුණ ලොකුමල්ලිගේ කැඩුණු ගෙයි පදිංචියට ආවා. ලොකු මල්ලි බැඳලා මාතරට ඇවිත් හිටියෙ. උන් හිටි තැන් අහිමි වෙච්චි මේ ප්රශ්නය ආවේ මගේ දෙවෙනි මල්ලිගේ දරුවො දෙන්නට. එයා නාවික හමුදාවේ සේවය කළ කෙනෙක්. එයා දැන් ජීවතුන් අතර නෑ.”

“අපි බෞද්ධ. කසාද බඳින්න කලින් නාවික හමුදාවේ හිටපු දෙවෙනි මල්ලි අපිත් එක්ක පිළියන්දල හිටියෙ. එයා ගෙවල් ළඟ ක්‍රිස්තියානි පල්ලියකට යන්න පුරුදු වෙලා හිටියා. අන්තිමට එයා කතෝලික ආගමට ගියා. ඒ යන එන අතරෙ එයාට හමුවුණා පාතිමා ජෙස්මින් කියන මුස්ලිම් ජාතික කාන්තාව. ඇය මුස්ලිම් වුණාට කතෝලික කාන්තාවක්. ඇයගේ අම්මා සිංහල. තාත්තා තමයි මුස්ලිම්. මල්ලි පාතිමා එක්ක විවාහ වුණා. ”

“මල්ලිට දරුවො හතරදෙනෙක් ලැබුණා. ඒ අතරෙ මල්ලි නාවික හමුදාවෙන් ඉවත් වුණා. හමුදාවෙන් ඉවත් වුණාට පස්සේ මේ දෙන්නා අතර විරසක ඇතිවෙලා මල්ලි 2013 දි සියදිවි හානි කරගත්තා. එයා මැරෙනකොට දරුවො පොඩියි. ආර්ථික අපහසුතා නිසා පාතිමා සෞදි ගියා ගෘහසේවිකාවක් විදිහට. එතැනදි පහරදීමක් වෙලා පාතිමා ලෙඩෙක් විදිහට තමයි ලංකාවට ආවේ. දැන් මේ දරුවො හදාගන්න විදිහක් නෑ. දරුවො හතරදෙනාගෙන් ලොකු දුවයි පුතයි පාතිමා භාරගත්තා. පොඩි දරුවො දෙන්නා අම්මයි මමයි භාරගත්තා. මගේ මහත්තයාත් මැරිලා. මටත් දූලා දෙන්නෙක් ඉන්නවා. දූලා දෙන්නත් හදාගෙන මාතර වෙහෙරහේන ගෙදර අපි අමාරුවෙන් ජීවත් වුණා.”

“මේ අතරෙ ගෙවල් ළඟ මාළු මුදලාලි කෙනෙකුගෙන් මට ආරංචියක් ලැබුණා කරගොඩ උයන්ගොඩ ගාමන්ට් එකේ රස්සා තියෙන කියලා. ඒ වගේම මාළු මුදලාලිගේ වහලා දමපු ගෙයක් තියෙන බවත් කිව්වා. කරගොඩ උයන්ගොඩ මහ විදුහලට සහ කනිටු විදුහලට මේ දරුවන් ඇතුළත් කළ හැකි බවට තොරතුරුත් සොයා ගත්තා. එතැනට එන එක හොඳයි කියලා හිතුණා. ඒ හින්දා ඒ ගෙදරට දරුවොත් එක්ක පදිංචියට යන්න තීන්දු කළා.”

ඇවිත් මගෙ දරුවො දෙන්නා කරගොඩ උයන්ගොඩ මහා විද්‍යාලයට ඇතුළත් කළා. මල්ලිගේ දරුවො දෙන්නා කරගොඩ උයන්ගොඩ ආදර්ශ ප්‍රාථමිකයට ඇතුළු කළා. ප්රශ්නය ආවේ මල්ලිගේ දරුවො ඇතුළත් කරන්න ගියාට පස්සෙ. පහුගිය කාලේ වෙච්චි සිදුවීම් එක්ක විමසීම් කිරීම හොඳයි. විදුහලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයෙ සේවිකාවක් මගේ හැඳුනුම්පත අරගෙන බැලුවා. දරුවන්ගේ අම්මා මුස්ලිම් නේද කියලත් ප්‍රශ්න කළා. මම පුල්මුඩේ ඉපදිලා මාතර ආවේ කොහොමද කියලා විමසුවා. මං හොඳින්ම පැහැදිලි කළා සිද්ධ වෙච්චි දේවල්.”

“ඒත් දෙවෙනි දවසෙ පාසලට යනකොට ගේට්ටුව ළඟ සෙනඟ පිරිලා. මේ මිනිස්සු මට කියපු දේවල්. ඒ අය කිව්වා මම හොර හැඳුනුම්පත් හදාගෙන සිංහල විදියට ඇවිත්ලු. පතුරු යන්න බැන්නා දෙයියනේ මට. මම සල්ලි අරගෙන මුස්ලිම් ළමයි ඉස්කෝලෙට දැම්ම නේද කියලා කියලා අහනවා. ප්‍රින්සිපල් සර් එක්ක එකතුවෙලා සල්ලි බෙදා ගත්තා නේද කියලා අහනවා. පස්සෙ ඒ අය මට ජීවිත තර්ජනය කළා. කරගොඩ උයන්ගොඩ ගෙදරින් අදම නොගියොත් රෑට ගෙදරට ගල් ගහනවා කිව්වා. මෙහෙ එන්න කලින් මම දරුවො දහම් පාසලකට ඇතුළත් කරන්න පන්සලක් ගැන තොරතුරු සෙව්වා. මේ මිනිස්සු මට කියනවා මං පන්සල් ගැන හොයලා තියෙන්නෙ පන්සල්වලට බෝම්බ ගහන්නත් සැලසුම් කරන්නලු. මට කලන්තෙ වගේ හැදුණා.”

“අවසානයේ අපි තීන්දු කළා දරුවො හතර දෙනාම අස් කරගෙන ආපහු මල්ලිගේ මාතර ගෙදර එන්න. වාහනයක් හොයාගෙන තියන බඩුත් පටවගෙන මල්ලිගේ ගෙදර එන්න එනකොට අතරමඟදි ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් අපි නැවැත්තුවා. මගෙ ජාතික හැඳුනුම්පත ගත්තා. අරන් ඒක බලලා මගෙන් අහනවා මුස්ලිම් නම් ගම් මාරු කළේ කවද්ද කොහෙදිද කියලා. මම කියන කිසිම දෙයක් මේ මිනිස්සු තේරුම් ගත්තෙ නෑ මහත්තයො. මම කෑ ගහලා ඇඬුවා. අන්තිමට දරුවො හතර දෙනයි අම්මයි මමයි මෙහෙ ආවා. ළමයින්ට හරිහමන් ඉස්කෝලයක් නැති වුණා. වැටිලා ඉන්න ලැබුණු ගේ නැති වුණා. රස්සාව නැති වුණා. මොනවා කරන්න ද? ලැබෙන්නෙ මෙච්චර නම් ඒකත් එක්කම මැරිලා යනවා.”

ඇය දෙස බලාගෙන සිටියෙමු. පුංචි පැටැව් විටෙක පැමිණ ඇය ළඟ ගැවසී ඉවත්ව යති. උන් රටේ නීතිය අතට ගෙන ඇත. ගමේ මැරයන් බුද්ධි රාජකාරියත් පොලිසියේ හා උසාවියේ රාජකාරිත් හසුරුවා තීන්දුවත් ප්‍රකාශ කරන අයුරු අප තිගස්වයි. අද සමාජයෙන් එළි දකින මේ කාලකණ්ණි හැසිරීම ප්‍රකාශ කරන්නේ මේ සමාජයේ සැබෑ අශික්ෂිත ගෝත්‍රික ස්වරූපය ය.

මාර/ කරගොඩ උයන්ගොඩ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ලයනල් බමුණුසිංහ ය. මේ අවනඩුව කුමක් ද?. අපි ඔහුව විමසුවෙමු. ඔහු නොපැකිළව සිය අදහස් ප්‍රකාශ කළේය.

“ඉතාම අහිංසක අම්මා කෙනෙක් පහුගිය මැයි 15 උදේ ඉස්කෝලෙට ආවා. ඇය පැමිණියේ පහේ පන්තියට සහ හතරේ පන්තියට පිරිමි ළමයි දෙන්නෙක් ඇතුළු කරගන්න. ඒ පැමිණ සිටියෙ ඒ ළමයින්ගේ අම්මා නෙවෙයි, නැන්දා. දරුවෝ ඇයට කීවේ අසෝක අම්මා කියලා. දරුවන්ගේ තාත්තා නාවික හමුදාවේ හිටපු කෙනෙක්. තාත්ත මිය ගියාට පසු අම්මා ලොකු දරුවත් දෙවෙනි දරුවත් අරන් ඇය උපන්ගම වන දෙහිවලට ගියා කියලා කිව්වා. මේ දරුවො දෙදෙනා ආචිචියි, නැන්දයි එක්ක ජීවත් වෙලා තියනවා. පන්තිවල ඉඩ තිබුණා. අසරණකමත් පෙනුණා. අපි රාජ්‍ය නිලධාරීන් විදිහට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ කළ යුතුයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට අනුකූලව ළමයි දෙන්නා ඉස්කෝලෙට නොගන්න හේතුවක් නෑ. මේ දරුවන්ගේ තාත්තා සිංහල. කතෝලික අම්මා ලංකා යෝනක කතෝලික. ඒක පාසලට ඇතුළත් නොකිරීමට හේතුවක් නොවේ. භාරකාරිය කිව්වා දරුවන්ගේ මවුපියන් ආගම් දෙකක වුණත් ළමයි බුද්ධාගම අදහන බව. ළමයි දෙන්නගෙන්ම බුද්ධාගම සම්බන්ධ මා කළ විමසීම්වලට හරියටම උත්තර දුන්නා.

පසු දා උදේ ළමයි දෙන්නා ඇතුළත් කරන්නට ආවා. ඔවුන්ගේ අසරණ කම කොච්චරද කියනවා නම් පාසල් ටයි දෙකවත් ගන්න මුදල් තිබුණෙ නෑ. ඒවා දුන්නෙත් ණයට.

පන්ති භාර ගුරු භවතුන්ටත් ඒ කරුණු පිළිබඳ පැහැදිලි කරලා දරුවො පන්තිවලට යොමු කළා. ඒත් 17 වැනිදා උදේ පාසල අසල දාහකට ආසන්න පිරිසක් ආවා. සමහරු මවුපියොත් නොවෙයි. මම ගේට්ටුව ළඟින් එද්දි මට කියනවා ඇහුණා පගාවට බෝම්බ කාරයන්ගේ දරුවො අරගෙන වගෙ කතා. ඒත් මම ඒවා නොතකා පාසල පටන්ගත්තා. උදේ රැස්වීම තිබ්බා. නමුත් ගේට්ටුව අසල ගාලගෝටිටිය එන්න එන්නම වැඩි වුණා. හොඳින් බලනකොට ප්‍රාදේශීය සභා හිටපු හා ඉන්න මන්ත්‍රීවරුත් මේ පිරිස අතර හිටියා. තත්වය වෙනස් එකක්. මම කඹුරුපිටිය පොලිසියට ඒ බව වාර්තා කළා. ආරක්ෂාව දෙන්න කියලා ඉල්ලුවා. පස්සෙ පොලිසියෙන් ඇවිත් පිරිසට කරුණු පැහැදිලි කළා.

මොන තරම් කරුණු කිව්වත් මේ මිනිස්සු පිළිගත්තෙ නෑ. කිව්වෙම මේ ළමයි දෙන්නා තව දුරටත් පාසැලේ ඉන්නවා නම් ඔවුන්ගේ දරුවො පාසලෙන් අයින් කරගන්නවා කියලා. ඒ අනුව මට සිද්ධ වුණා ඒ දරු දෙදෙනා පසලෙන් අස් කරන්න. ඒක මම මගේ රාජකාරි ජීවිතේදී ගත්තු අතිශයින්ම කනගාටුදායක තීන්දුව.” ඔහුගේ කලකිරීම පිරුණු දෑස් දෙස බලාගෙන සිටියෙමි.

අනතුරුව ප්‍රදේශයේ පන්සලේ විහාරාධිපති, විටියල අරඹේගොඩ පබ්බතාරාමාධිපති අතුරලියේ ඉන්ද්‍රජෝති හිමියන් මුණගැසුණෙමු.

“අම්මා මුස්ලිම් ළමයි දෙන්නෙක් මගේ ගමේ ඉස්කෝලෙට ගත්ත කීවම පන්සලේ නායක හාමුදුරුවෝ හැටියට මට දානෙ වළඳලා නිකං සැතපිලා ඉන්න පුළුවන්ද?. මම කෙළින්ම ගියා ඉස්කෝලෙට. විදුහල්පති හමුවෙලා ළමයින්ගේ උප්පැන්න සහතික පරීක්ෂා කළා. ළමයින්ගේ අම්මා පාතිමා මොහොමඩ්. ඉපදිලා තියෙන්නෙ අර එක බෝම්බයක් පිපිරුණ දෙහිවල. ප්රශ්නය බැරෑරුම්. මම මවුපියන්ට කිව්වා තීරණයක් ගන්න කියලා.”

බුදුදහමේ ඉගැන්වීම මීට වඩා බෙහෙවින් වෙනස් බව උන්වහන්සේත් දනිති. දැන් මේ සිද්ධිය වී මාසයක් ගත වී ඇත. විවේක බුද්ධියෙන් යුතුව සිද්ධිය පිළිබඳ යළිත් විමසීමට හැකි වාතාවරණයක් නිර්මාණය වී තිබේ. අපේ හාමුදුරුවනේ… බුදුන්ගේ නාමයෙන් මේ වැරැද්ද නිවැරදි විය යුතුව තිබේ. නීතියට උඩින් හිඳිමින් අදූරදර්ශී මුග්ධයන් සේ හැසිරෙන සමාජයක වගකීම් සහිත යථාර්ථය කියාදීමට තරම් පරිණතියක් පන්සලෙන්වත් ප්‍රකට විය යුතුව ඇත. සමාජයක් ලෙස අප යළිත් මෙවැනි අශික්ෂිතකම් ප්‍රාර්ථනා කළ යුතුව නැත.

වජිර පූජිත ගුණවර්ධන තෙලිජ්ජවිල සමූහ

[QUOTE="waligamaya, post: 24581156, member: 435142"] [b]අම්මාගේ නම ෆාතිමා නිසා කරගොඩ පින්වතුන් එක[/b] [SIZE="3"]අම්මාගේ නම ෆාතිමා නිසා කරගොඩ පින්වතුන් එකතුවෙලා පාසලෙන් පන්නාගත් සිංහල තාත්තගේ බෞද්ධ දරුවෝ. දැනට සති කීපයකට එපිටින් ඇසුණු හද කකියන පුවතකි. ඉන් කියවුණේ මවුපියන් අහිමි දරුවන් දෙදෙනෙකුට එම දරුවන්ගේ මව යෝනක වීම නිසා පාසලක් අහිමි වූ බවය. වාර්තා වුණ ආකාරයට මුස්ලිම් දරු දෙදෙනෙකු පාසලට ඇතුළත් කිරීම ගැන ඇසූ දහසක් පමණ පිරිසක් පාසල වටකොට විදුහල්පතිට තර්ජනය කර දරු දෙදෙනා පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවය. මේ පුවතේ සත්‍ය අසත්‍ය සොයා යෑමට තීරණ කළෙමු. ලද තොරතුරු අනුව මං සලකුණු සොයාගෙන මේ අශිෂ්ට සිදුවීම වූ ස්ථානය වෙත යන්නට හැකි විය. මාතර නගරය පසු කරමින් වෙහෙරහේන පාර දිගේ ගොස් නව දුම්රිය මාර්ගයද පසු කර මද දුරක් ගමන් කළ විට අප සොයාගෙන ගිය නිවස හමු විය. රාත්‍රිය එළඹෙමිනි. හතරවටින් අඳුර මෝදු වෙමින් ඇත. පරිසරය නිහඬය. අපි මේ අසරණයන් ඇමතීමු. මේ අයුක්තිය ගැන කතා කෙළෙමු. සිදු වී ඇති අසාධාරණයට එරෙහිව නැඟී සිටිය යුතු බව කියා සිටියෙමු. මෙවන් අකටයුතු තවත් අයෙකුට සිදු නොවිය යුතු බව දන්වා සිටියෙමු. අවසනායේ සිය කතාව ප්‍රසිද්ධ මාධ්‍යයක් හමුවේ තැබීමට ඔවුහු එකඟ වූහ. අප අබියස ඉන්නේ වියපත් මාතාවකි. ඇය රත්නායක මුදියන්සේලාගේ ජුලි නෝනාය. ඇය සිය කතාව කියන්නට පටන් ගන්නේ සිහින් කෙඳිරියක විලාශයෙනි. “මම ඉපදුණේ උඩරට. මගෙ මහත්තයා වැඩ කළේ පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථාවේ. යුද්ධ කාලේ අපි උන්නෙ පුල්මුඩේ. පස්සෙ පිළියන්දලට ආවා. කරගොඩ උයන්ගොඩට ආවේ ඊට පස්සෙ. මට දරුවො තුන්දෙනෙක් හිටියා. මේ ප්රශ්නය එන්නෙ මගේ බාල පුතාගේ ළමයි දෙන්නා ඉස්කෝලෙට දාන්න ගියාට පස්සෙ. අපිව ගෙදරිනුත් පැන්නුවා මහත්තයො. කවුද?. අපේම සිංහල මිනිස්සු. දෙමළ අය එක්ක හිටියා අවුරුදු ගානක්. ඒත් මෙහෙම දෙයක් කවදාවත් සිද්ධ වුණේ නෑ.” ඇය සිය කතාව අතරමඟ දී නැවැත්තුවාය. ඉන් අනතුරුව කතාවේ ඉතිරි කොටස කියන්නේ ජුලිනෝනා අම්මාගේ දියණිය අසෝකා නිල්මිණී මුනවීරය. “පුල්මුඩේ පස්සේ පිළියන්දලට ආවා. පිළියන්දලට ආවේ තාත්තගේ නෑදෑයො පිළියන්දල හිටපු නිසා. ඒත් එහේ ජීවත් වුණේ පුදුම අපහසුවකින්. එදා වේල හොයාගන්න බැරි වුණා. ඊට පස්සෙ මාතර වෙහෙරහේනෙ තිබුණ ලොකුමල්ලිගේ කැඩුණු ගෙයි පදිංචියට ආවා. ලොකු මල්ලි බැඳලා මාතරට ඇවිත් හිටියෙ. උන් හිටි තැන් අහිමි වෙච්චි මේ ප්රශ්නය ආවේ මගේ දෙවෙනි මල්ලිගේ දරුවො දෙන්නට. එයා නාවික හමුදාවේ සේවය කළ කෙනෙක්. එයා දැන් ජීවතුන් අතර නෑ.” “අපි බෞද්ධ. කසාද බඳින්න කලින් නාවික හමුදාවේ හිටපු දෙවෙනි මල්ලි අපිත් එක්ක පිළියන්දල හිටියෙ. එයා ගෙවල් ළඟ ක්‍රිස්තියානි පල්ලියකට යන්න පුරුදු වෙලා හිටියා. අන්තිමට එයා කතෝලික ආගමට ගියා. ඒ යන එන අතරෙ එයාට හමුවුණා පාතිමා ජෙස්මින් කියන මුස්ලිම් ජාතික කාන්තාව. ඇය මුස්ලිම් වුණාට කතෝලික කාන්තාවක්. ඇයගේ අම්මා සිංහල. තාත්තා තමයි මුස්ලිම්. මල්ලි පාතිමා එක්ක විවාහ වුණා. ” “මල්ලිට දරුවො හතරදෙනෙක් ලැබුණා. ඒ අතරෙ මල්ලි නාවික හමුදාවෙන් ඉවත් වුණා. හමුදාවෙන් ඉවත් වුණාට පස්සේ මේ දෙන්නා අතර විරසක ඇතිවෙලා මල්ලි 2013 දි සියදිවි හානි කරගත්තා. එයා මැරෙනකොට දරුවො පොඩියි. ආර්ථික අපහසුතා නිසා පාතිමා සෞදි ගියා ගෘහසේවිකාවක් විදිහට. එතැනදි පහරදීමක් වෙලා පාතිමා ලෙඩෙක් විදිහට තමයි ලංකාවට ආවේ. දැන් මේ දරුවො හදාගන්න විදිහක් නෑ. දරුවො හතරදෙනාගෙන් ලොකු දුවයි පුතයි පාතිමා භාරගත්තා. පොඩි දරුවො දෙන්නා අම්මයි මමයි භාරගත්තා. මගේ මහත්තයාත් මැරිලා. මටත් දූලා දෙන්නෙක් ඉන්නවා. දූලා දෙන්නත් හදාගෙන මාතර වෙහෙරහේන ගෙදර අපි අමාරුවෙන් ජීවත් වුණා.” “මේ අතරෙ ගෙවල් ළඟ මාළු මුදලාලි කෙනෙකුගෙන් මට ආරංචියක් ලැබුණා කරගොඩ උයන්ගොඩ ගාමන්ට් එකේ රස්සා තියෙන කියලා. ඒ වගේම මාළු මුදලාලිගේ වහලා දමපු ගෙයක් තියෙන බවත් කිව්වා. කරගොඩ උයන්ගොඩ මහ විදුහලට සහ කනිටු විදුහලට මේ දරුවන් ඇතුළත් කළ හැකි බවට තොරතුරුත් සොයා ගත්තා. එතැනට එන එක හොඳයි කියලා හිතුණා. ඒ හින්දා ඒ ගෙදරට දරුවොත් එක්ක පදිංචියට යන්න තීන්දු කළා.” ඇවිත් මගෙ දරුවො දෙන්නා කරගොඩ උයන්ගොඩ මහා විද්‍යාලයට ඇතුළත් කළා. මල්ලිගේ දරුවො දෙන්නා කරගොඩ උයන්ගොඩ ආදර්ශ ප්‍රාථමිකයට ඇතුළු කළා. ප්රශ්නය ආවේ මල්ලිගේ දරුවො ඇතුළත් කරන්න ගියාට පස්සෙ. පහුගිය කාලේ වෙච්චි සිදුවීම් එක්ක විමසීම් කිරීම හොඳයි. විදුහලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයෙ සේවිකාවක් මගේ හැඳුනුම්පත අරගෙන බැලුවා. දරුවන්ගේ අම්මා මුස්ලිම් නේද කියලත් ප්‍රශ්න කළා. මම පුල්මුඩේ ඉපදිලා මාතර ආවේ කොහොමද කියලා විමසුවා. මං හොඳින්ම පැහැදිලි කළා සිද්ධ වෙච්චි දේවල්.” “ඒත් දෙවෙනි දවසෙ පාසලට යනකොට ගේට්ටුව ළඟ සෙනඟ පිරිලා. මේ මිනිස්සු මට කියපු දේවල්. ඒ අය කිව්වා මම හොර හැඳුනුම්පත් හදාගෙන සිංහල විදියට ඇවිත්ලු. පතුරු යන්න බැන්නා දෙයියනේ මට. මම සල්ලි අරගෙන මුස්ලිම් ළමයි ඉස්කෝලෙට දැම්ම නේද කියලා කියලා අහනවා. ප්‍රින්සිපල් සර් එක්ක එකතුවෙලා සල්ලි බෙදා ගත්තා නේද කියලා අහනවා. පස්සෙ ඒ අය මට ජීවිත තර්ජනය කළා. කරගොඩ උයන්ගොඩ ගෙදරින් අදම නොගියොත් රෑට ගෙදරට ගල් ගහනවා කිව්වා. මෙහෙ එන්න කලින් මම දරුවො දහම් පාසලකට ඇතුළත් කරන්න පන්සලක් ගැන තොරතුරු සෙව්වා. මේ මිනිස්සු මට කියනවා මං පන්සල් ගැන හොයලා තියෙන්නෙ පන්සල්වලට බෝම්බ ගහන්නත් සැලසුම් කරන්නලු. මට කලන්තෙ වගේ හැදුණා.” “අවසානයේ අපි තීන්දු කළා දරුවො හතර දෙනාම අස් කරගෙන ආපහු මල්ලිගේ මාතර ගෙදර එන්න. වාහනයක් හොයාගෙන තියන බඩුත් පටවගෙන මල්ලිගේ ගෙදර එන්න එනකොට අතරමඟදි ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් අපි නැවැත්තුවා. මගෙ ජාතික හැඳුනුම්පත ගත්තා. අරන් ඒක බලලා මගෙන් අහනවා මුස්ලිම් නම් ගම් මාරු කළේ කවද්ද කොහෙදිද කියලා. මම කියන කිසිම දෙයක් මේ මිනිස්සු තේරුම් ගත්තෙ නෑ මහත්තයො. මම කෑ ගහලා ඇඬුවා. අන්තිමට දරුවො හතර දෙනයි අම්මයි මමයි මෙහෙ ආවා. ළමයින්ට හරිහමන් ඉස්කෝලයක් නැති වුණා. වැටිලා ඉන්න ලැබුණු ගේ නැති වුණා. රස්සාව නැති වුණා. මොනවා කරන්න ද? ලැබෙන්නෙ මෙච්චර නම් ඒකත් එක්කම මැරිලා යනවා.” ඇය දෙස බලාගෙන සිටියෙමු. පුංචි පැටැව් විටෙක පැමිණ ඇය ළඟ ගැවසී ඉවත්ව යති. උන් රටේ නීතිය අතට ගෙන ඇත. ගමේ මැරයන් බුද්ධි රාජකාරියත් පොලිසියේ හා උසාවියේ රාජකාරිත් හසුරුවා තීන්දුවත් ප්‍රකාශ කරන අයුරු අප තිගස්වයි. අද සමාජයෙන් එළි දකින මේ කාලකණ්ණි හැසිරීම ප්‍රකාශ කරන්නේ මේ සමාජයේ සැබෑ අශික්ෂිත ගෝත්‍රික ස්වරූපය ය. මාර/ කරගොඩ උයන්ගොඩ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ලයනල් බමුණුසිංහ ය. මේ අවනඩුව කුමක් ද?. අපි ඔහුව විමසුවෙමු. ඔහු නොපැකිළව සිය අදහස් ප්‍රකාශ කළේය. “ඉතාම අහිංසක අම්මා කෙනෙක් පහුගිය මැයි 15 උදේ ඉස්කෝලෙට ආවා. ඇය පැමිණියේ පහේ පන්තියට සහ හතරේ පන්තියට පිරිමි ළමයි දෙන්නෙක් ඇතුළු කරගන්න. ඒ පැමිණ සිටියෙ ඒ ළමයින්ගේ අම්මා නෙවෙයි, නැන්දා. දරුවෝ ඇයට කීවේ අසෝක අම්මා කියලා. දරුවන්ගේ තාත්තා නාවික හමුදාවේ හිටපු කෙනෙක්. තාත්ත මිය ගියාට පසු අම්මා ලොකු දරුවත් දෙවෙනි දරුවත් අරන් ඇය උපන්ගම වන දෙහිවලට ගියා කියලා කිව්වා. මේ දරුවො දෙදෙනා ආචිචියි, නැන්දයි එක්ක ජීවත් වෙලා තියනවා. පන්තිවල ඉඩ තිබුණා. අසරණකමත් පෙනුණා. අපි රාජ්‍ය නිලධාරීන් විදිහට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ කළ යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට අනුකූලව ළමයි දෙන්නා ඉස්කෝලෙට නොගන්න හේතුවක් නෑ. මේ දරුවන්ගේ තාත්තා සිංහල. කතෝලික අම්මා ලංකා යෝනක කතෝලික. ඒක පාසලට ඇතුළත් නොකිරීමට හේතුවක් නොවේ. භාරකාරිය කිව්වා දරුවන්ගේ මවුපියන් ආගම් දෙකක වුණත් ළමයි බුද්ධාගම අදහන බව. ළමයි දෙන්නගෙන්ම බුද්ධාගම සම්බන්ධ මා කළ විමසීම්වලට හරියටම උත්තර දුන්නා. පසු දා උදේ ළමයි දෙන්නා ඇතුළත් කරන්නට ආවා. ඔවුන්ගේ අසරණ කම කොච්චරද කියනවා නම් පාසල් ටයි දෙකවත් ගන්න මුදල් තිබුණෙ නෑ. ඒවා දුන්නෙත් ණයට. පන්ති භාර ගුරු භවතුන්ටත් ඒ කරුණු පිළිබඳ පැහැදිලි කරලා දරුවො පන්තිවලට යොමු කළා. ඒත් 17 වැනිදා උදේ පාසල අසල දාහකට ආසන්න පිරිසක් ආවා. සමහරු මවුපියොත් නොවෙයි. මම ගේට්ටුව ළඟින් එද්දි මට කියනවා ඇහුණා පගාවට බෝම්බ කාරයන්ගේ දරුවො අරගෙන වගෙ කතා. ඒත් මම ඒවා නොතකා පාසල පටන්ගත්තා. උදේ රැස්වීම තිබ්බා. නමුත් ගේට්ටුව අසල ගාලගෝටිටිය එන්න එන්නම වැඩි වුණා. හොඳින් බලනකොට ප්‍රාදේශීය සභා හිටපු හා ඉන්න මන්ත්‍රීවරුත් මේ පිරිස අතර හිටියා. තත්වය වෙනස් එකක්. මම කඹුරුපිටිය පොලිසියට ඒ බව වාර්තා කළා. ආරක්ෂාව දෙන්න කියලා ඉල්ලුවා. පස්සෙ පොලිසියෙන් ඇවිත් පිරිසට කරුණු පැහැදිලි කළා. මොන තරම් කරුණු කිව්වත් මේ මිනිස්සු පිළිගත්තෙ නෑ. කිව්වෙම මේ ළමයි දෙන්නා තව දුරටත් පාසැලේ ඉන්නවා නම් ඔවුන්ගේ දරුවො පාසලෙන් අයින් කරගන්නවා කියලා. ඒ අනුව මට සිද්ධ වුණා ඒ දරු දෙදෙනා පසලෙන් අස් කරන්න. ඒක මම මගේ රාජකාරි ජීවිතේදී ගත්තු අතිශයින්ම කනගාටුදායක තීන්දුව.” ඔහුගේ කලකිරීම පිරුණු දෑස් දෙස බලාගෙන සිටියෙමි. අනතුරුව ප්‍රදේශයේ පන්සලේ විහාරාධිපති, විටියල අරඹේගොඩ පබ්බතාරාමාධිපති අතුරලියේ ඉන්ද්‍රජෝති හිමියන් මුණගැසුණෙමු. “අම්මා මුස්ලිම් ළමයි දෙන්නෙක් මගේ ගමේ ඉස්කෝලෙට ගත්ත කීවම පන්සලේ නායක හාමුදුරුවෝ හැටියට මට දානෙ වළඳලා නිකං සැතපිලා ඉන්න පුළුවන්ද?. මම කෙළින්ම ගියා ඉස්කෝලෙට. විදුහල්පති හමුවෙලා ළමයින්ගේ උප්පැන්න සහතික පරීක්ෂා කළා. ළමයින්ගේ අම්මා පාතිමා මොහොමඩ්. ඉපදිලා තියෙන්නෙ අර එක බෝම්බයක් පිපිරුණ දෙහිවල. ප්රශ්නය බැරෑරුම්. මම මවුපියන්ට කිව්වා තීරණයක් ගන්න කියලා.” බුදුදහමේ ඉගැන්වීම මීට වඩා බෙහෙවින් වෙනස් බව උන්වහන්සේත් දනිති. දැන් මේ සිද්ධිය වී මාසයක් ගත වී ඇත. විවේක බුද්ධියෙන් යුතුව සිද්ධිය පිළිබඳ යළිත් විමසීමට හැකි වාතාවරණයක් නිර්මාණය වී තිබේ. අපේ හාමුදුරුවනේ… බුදුන්ගේ නාමයෙන් මේ වැරැද්ද නිවැරදි විය යුතුව තිබේ. නීතියට උඩින් හිඳිමින් අදූරදර්ශී මුග්ධයන් සේ හැසිරෙන සමාජයක වගකීම් සහිත යථාර්ථය කියාදීමට තරම් පරිණතියක් පන්සලෙන්වත් ප්‍රකට විය යුතුව ඇත. සමාජයක් ලෙස අප යළිත් මෙවැනි අශික්ෂිතකම් ප්‍රාර්ථනා කළ යුතුව නැත. වජිර පූජිත ගුණවර්ධන තෙලිජ්ජවිල සමූහ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom