Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
අම්මා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

”අම්ම ගැන දැනෙන්නෙ කොහොමද?” මං ඔබෙන් ඇහුවොත් ඔබ කොහොම උත්තර දෙයිද? ”අම්ම ගැන නේද?” ඔබ ළඟ තියෙන පුටුවක මාව වාඩි කරගනී. කොන්ද පොඞ්ඩක් ඉස්සරහට නමල අත් ඇඟිලි පටලවා ගනී. මොහොතක් බර කල්පනාවකට වැටේ. බර හුස්මක් ගනී. ඊළඟට කතාව පටන් ගනී. කතාව කියවන අතරතුර දේදුන්නක පාට වගේ ඔබේ මුහුණට පාට වැටේ. ඒ පාට සැරින් සැරේ වෙනස් වෙයි. ඔබ අම්ම ගැන කතා කරන අතරේ දන්නෙම නැතිව පැය ගණන් ගෙවිලා, දවල් හැන්දෑවෙලා, ?බෝ වෙයි. තොරතෝංචියක් නැතිව ඔබ කියවයි. දවස් ගණන් ගෙවේ. ඒත් මට නම් අම්මා ගැන මේ තීරු ලිපිය පිරෙන්නවත් ලියන්න දෙයක් නෑ. ඒ ඩිංග මං ලියන්නම්.

නිදාගෙන හිටිය මට රස්නයක් දැනුණා. උදේ වෙරළු ගහේ කොළ අස්සෙන් එන ඉර එළිය කිරි ගොට්ටකින් පෙරිල එන කිරි වගේ මගේ ඇඟත් තෙමලා. ඉර එළිය නාන ගමන් බට්ටිච්චොත් ලේන්නුත් මහ හයියෙන් කතාව. කෑගහන්නෙ නැතිව ඉන්න කියල කියන්න හිතුණත් කට අරින්න කම්මැලි හිතෙන නිසා ඔන්න ඔහේ කටත් ඇසුත් පියාගෙන තව චුට්ටක් ඉන්නව කියල හිතුව. එතකොටම ගෙදර වැඩට ඉන්න රොසලින් ඇවිත් ඇඳෙන් මාව උස්සල අරන් එක පිම්මට ගිහින් ළිඳගාව වතුර බේසම ළඟින් තිබ්බ. එයා පිටිපස්සෙන් නැමිල දත් බුරුසුව බලෙන් කට ඇතුළට දාල තුන් හතරපාරක් අතුල්ලල, මගේ මූණ විතර ඇති එයාගෙ ලොකු අල්ලට වතුර අරන් මූණෙත් ඇතිල්ලූව. ඉතුරු වතුර ටික කකුල් දෙකට හැලූව. එතකොටයි මට ඇත්තටම ඇහැරුණේ.

”අපිට ගමනක් යන්න තියෙනව ඉක්මන් කරන්න බේබි”

ඊළඟට එයා ඔලූවෙ තෙල් ගාල පීරල මූණට පවුඩර් දාල අම්මත් එක්ක පන්සල් යන්න අඳින සුදු කලිසමත් කමිසෙත් අන්දල, සුදු මේස් දාල, සපත්තු දාල ලේන්සුත් ගැට ගැහැව්වා. එතකොටමමං ආස කරන රතුයි සුදුයි කුලී කාරෙක පෝටිකෝවේ නවත්තල තිබුණ. මං සෙල්ලං තුවක්කුවෙන් සුදු පූසට වෙඩි තියල කාරෙකේ ඉස්සරහ සීට් එකට නැග්ග. සුදු පූසා වෙඩි වැදිලත් ”ඤාව්” කියල හිනාවෙනව. කාරෙක එළවන පේරකේ මදාස මගෙ ඔළුව අතගෑව. ගෙයි දොර ජනෙල් වහල නංගිත් මල්ලිත් කරපින්නාගත් රොසලින් පස්ස සීට් එකට නැග්ගා. අපි පිටත් උනා. මිදුලේ කැනෑස් මල් ගස් ඔක්කොම මැරිල. වේලිච්ච අරලිය කොළවලින් මිදුල වැහිල. අම්මා දවස් ගාණකින් ගෙදර ආවේ නෑ. එයා මාව මොන්ටිසෝරි එක්ක යනව කියලත් තිබුණ.

ටික වේලාවකින් අපි සුදු කොඩි දාපු හරියකට ආවා. එතන ඉඳල දිගටම උඩින් වියනක් වගේ විහිදිලා දෙපැත්තට වැක්කෙරෙන සුදු කොඩි දාල පාර දෙපැත්ත ගොක් කොළවලින් සරසලා තිබුණ. බැලූ බැලූ පැත්ත සුදු පාටින් බැබළෙනවා. බලන්න ලස්සනයි. ”ආව්! ආව්! මඟුල් ගෙයක්...!”මං සීට් එකේ හිටගෙන උඩ පැන පැන කෑගැහැව්වා. පිටිපස්සෙ සීට් එකේ හිටපු රොසලින් එක පාරට ඉස්සරහට නැමිල එයාගෙ ලොකු අත්ලෙන් මගේ කට මිරිකල වැහැව්වා. මට කතා කරගන්න බැරුව ගියා. එතකොට ම ගොක් කොල ආරුක්කුවලින් සරසපු මිදුලකට කාර් එක හැරෙව්වා. සීයාත් ආච්චි අම්මාත් හිටියේ එහෙ. සුදු ඇඳපු මිනිස්සු පිරිල හිටිය.

රොසලින් මාව වඩාගෙන සාලෙට එක්කං ගියා. සාලෙ මැද සුදු දිලිසෙන සීට් දාපු ඇඳක් වගේ පෙට්ටියක් මැද අම්මා සුදු ඇඳගෙන උඩුබැලි අතට නිදාගෙන වගේ හිටියා. එයා රැුළි රැුළි කොණ්ඩෙ ලස්සනට පීරගෙන හිටියා. කට ඩිංගක් විතර ඇරිල තිබුණා. අත්වලටත් කකුල්වලටත් මේස් දාගෙනයි හිටියේ. ඇඳ වටේ පහන් පත්තුකරල තිබුණා. හරි අමුතුයි.

”අම්ම නිදි. තව ටිකකින් ඇහැරියි” රොසලින් කිව්වා. මං අතෙන් බැස්සා. සාලෙ වමට හැරෙන පටු කොරිඩෝව දිගේ එහාට මෙහාට යන මිනිස්සුන්ගේ කකුල් අස්සෙන් ගිහින් කෙළවර වම් පැත්තෙ තිබුණ කාමරේට එබිල බැලූවා. මල්ලි රබර් රෙද්දක් උඩ ඇඳුමක්වත් නැතුව සූප්පුවක් උර උර නිදි. නංගි කෙළ පෙර පෙර කොළපාට රබර් ගිරවෙක් හපනවා. මං ආපහු අම්ම ඉන්න පෙට්ටි ඇඳ ළඟට ගියා. ඒ පෙට්ටි ඇඳ උස්සගෙන හිටිය රිදීපාට කණු හතර මටත් වඩා උසයි. මං අම්මගේ ඔළුව පැත්තට වෙන්න තිබුණ එක කණුවක් බදාගෙන වම් කකුළ ඉස්සරහටත් පස්සටත් පද්ද පද්ද උඩ බල බල ඔහේ හිටියා. එක එක මිනිස්සු ඇවිත් අම්මගෙ මූණ දිහාත් මගේ මූණ දිහාත් ඇස් ලොකු කරල මූණ බෙරි කරල බලල යන්න යනවා. දවල් වෙද්දි එන්න එන්න සෙනඟ වැඩි වුණා. උඩ බැලූවම මිනිස්සුන්ගෙ ඇඟවල් මිසක් වෙන කිසිම දෙයක් පෙනුනෙ නෑ. සෙනඟ වැඩිකමට මට හුස්ම ගන්නත් බැරුව ගියා. ඒ ඇඳ යට ඉඳන් ”මට හුස්ම ගන්න බෑ අම්මෙ” කියල කිව්වත් සෙනඟ වැඩිකමට එයාට ඒක ඇහෙන්න නැතුව ඇති මගෙ හිතේ.

හැන්දෑ වෙද්දි බෙර, නලා, පිරිත් සද්දෙත් එක්ක මිනිස්සු කෑගහල හයියෙන් අඬනවා ඇහුණා. ටික වෙලාවකින් ඒ හිටපු මහා සෙනඟ හරියට වතුරක් බැහැල යනව වගේ එක පාරට නැතුව ගියා. අම්මාත් පේන්න හිටියෙ නෑ. අම්මා හිටිය ඇඳ යටට එළල තිබුණ කළුපාට මල් මල් කාපට් එක එහෙමම තිබුණා. මං ඒක උඩ වාඩිවෙලා තැනින් තැන ඉලිප්පුනු නූල් ගලවන ගමන් කල්පනා කළේ ”සුදු පූසට මං නැතුව පාලූ ඇති. ඉක්මනට ගෙදර යන්ඩෝනෑ” කියලයි.

දවසක් මං නංගිව ඇඳෙන් වැට්ටුවා කියල අම්මා ඉරට්ටක් අරන් ගහන්න ආවා. බය උන මං ? වෙනකම්ම අඹ ගහක් උඩ හැංගිලා හිටියා. තව දවසක් මට බත් කව කවා ඉන්දැද්දි මල්ලි අඬනවා කියා මාව දාල අම්මා ගිය නිසා වාඩිවෙලා හිටපු උස සැටියෙන් පෙරළිලා වැටිලා මගේ උඩු ඇන්දේ ඉස්සරහ දත කැඩුනා. ඊට පස්සෙ ආපු දත පොල් ලෙල්ලක් වගේ ලොකු එකක් නිසා මං හාවෙක් වගේ උනා.

තාත්තගේ චිතර. ගපටියක රූපගත කරපු දර්ශන වගයක් බලද්දි චිතරා හ ගාරයක ශාලාවේ හිටියෙ මාත් අම්මත් විතරයි. එයා මට ඇතුල්වෙද්දි ටොපියක් දුන්නා. මං හිටියෙ ඒක සූප්පු කර කර. සිනමා තිරයේ නිළිය ඇඳුම දණහිසෙන් ඉහළට උස්සාගෙන දොළකින් වතුර බොනවා. මට ටොපිය හිරවුණා. මට හුස්ම ගන්න බැරි බව දැක්ක අම්ම දෑත බදල පිටට ගැහැව්වා. ටොපිය කටින් එළියට විසිවෙලා ගිහින් සීට් පේළි තුනක් විතර ඈතින් වැටුණා. ඒක හොයාගෙන ඇවිත් ආපහු කටේ දාගන්න හිතුණත් අම්මගෙ මූණ දිහා බලල කරබා ගත්තා.

එදා ඉර බැහැගෙන යන වෙලාවෙ අපි හිටියෙ මහ ගෙදර. මං සාලෙ ඉඳන් වම් පැත්තට තියෙන පටු කොරිඩෝව දිගේ ඇවිදන් යන ගමන දෙවැනි කාමරේ දොර රෙද්ද පැත්තකින් උස්සල බැලූව. මලානික පාණ්ඩු පාට බල්බ් එකේ එළිය කාමරේ තවත් අඳුරු කරල තිබුණා. කාමරේ බිම අම්ම යට සාය පිටින් උඩුබැලි අතට වැටිල අඬ අඬා හිටිය. උඩට මොකුත් ඇඳල හිටියෙ නෑ. අම්මවැටිල හිටිය තැන අල්මාරියක් තිබුණා. අම්ම ඒ අල්මාරිය යට ඉඳන් ආවාද? නැත්නම් ඒ යටට තල්ලූ කරන්න හැදුවාද? මට හිතාගන්න බැරිව ගියා. තාත්තා කරීය ම් පාට කලිසමකුත් කමිසයකුත් ඇඳන් ඒ ළඟ ඇඳක වාඩිවෙලා සන්සුන් මුහුණින් හිටියා. මං වම් අතේ ඇඟිල්ලක් කට ඇතුළට දාල කරකව කරකව දොර රෙද්දෙ එල්ලිලා අම්මාත් තාත්තාත් අල්මාරියත් දිහා මාරුවෙන් මාරුවට බල බලා හිටියා. ”කුසුම මේ ළමයව අරන් පලයන්” තාත්තා වැඩකාරියට කතා කරල කිව්ව. කුසුම ඇවිත් මාව මිදුලට එක්ක ගියා. අපි අඳුරු වේගෙන යන ආකාසෙ පියාඹන වවුලන් ගැන්නා. ”එකායි.... දෙකායි...... තුනායි.......”

ඉර මද්දහනේ අම්මාත් මාත් ඇඳ උඩ සෙල්ලම් කර කර හිටියා. එයා එකපාරටම ”ඔන්න මං මැරුණා” කියල අත්දෙක පපුව මැදට බැඳගෙන උඩුබැලි අතට දිගාවෙලා ඇස් පියා ගත්තා. මං ”අම්මා!” කියල කෑගහල අත් දෙක ගැලෙව්වා. එයාට වයස අවුරුදු 23 දි තවත් දරුවකු ලැබෙන්න ගිහින් ඇත්තටම අම්මා මියගියා.

අම්ම මියයෑමෙන් පස්සෙ අපි හිටියෙ මහ ගෙදර. නිදාගත්තෙ අර බියකරු අල්මාරිය තිබුණ කාමරේ. මහ ? රෝහලක සැර බෙහෙත් ගඳත් ශල්යාරගාරයක කටු එහා මෙහා කරන සද්දෙත් මට දැනෙන්න ඇහෙන්න අරන් ඇහැරෙනවා. අම්මා මිය ගියේ ශල්‍යාගාරයක. ආච්චි අම්මා ඇවිත් පිරිත් කිව්වට පස්සෙයි නින්ද යන්නෙ. තරුණ කාලෙ වෙනකම් ?ට හීනෙන් කවුරු හරි කෙනෙක් ඇවිත් මාව අහසට උස්සගෙන ගිහින් ආපහු පොළොවට අතාරිනව.

ජපන් රටේ ඉන්දැද්දි ? වැඩ මුරය ඉවර කරල ආපහු ටැක්සියෙන් ගෙදර එද්දි පාන්දර තුනට විතර ඇති. ඒ වෙලාවෙත් මං දැක්ක කළුවර ආකාසෙ ඉඳන් අම්ම මං දිහා බලාගෙන ඉන්නව. නිදිමත හැදුන ටැක්සි රියදුරා කතා කරන්න ගන්නව. ”මහත්තය, මං අම්මව ඊයේ ? හීනෙන් දැක්ක. අද හෙටම නිවාඩු දාල ගමේ යන්න ඕන. එයාගෙ සොහොන කැලෑවෙලා ඇති මෙලහට. ඒකයි එහෙම පේන්නෙ” මළවුන් අදහන ඔහු කියනව. අම්මාගේ උපන්දිනය වත් මැරුණ දිනයවත් මං දන්නෙ නෑ. අහම්බෙන් හම්බවුණ අම්මාගේ යාළුවෙකුගෙන් ලැබුණ එයාගෙ පුංචි පින්තූරයක් හැර වෙන කිසිම දෙයක් මා ළඟ නෑ. අම්මා ගැන මීට වඩා දෙයක් කියන්නවත් ලියන්නවත් මා ළඟ නෑ.

බැලූම් බෝලයක් අතින් ගත්තු මිකී මවුස් බෑග් එකකුත් වතුර බෝතලයකුත් පිටේ එල්ල ගත්තු පැටියෙක් වඩාගෙන අම්මෙක් පාර පනිනව. මං නැවතිල බලනව ඒ මගෙ අම්මද කියල. අම්මා දෙන තල්ලූවෙන් උඩ යන ඔන්චිල්ලාවක ඉන්න පැටියෙක් කැකිරි පැලෙන්න හිනාවෙනව. මම නැවතිල බලනව ඒ මගෙ අම්මද කියල.

සරසවියට අලූතින් ආපු මානවක මානවිකාවන්ගෙන් පරි්න යතම ගීතය මොකක්ද කියල අහපු පරගෙ ශ්නයට ඒ අය වැඩි දෙනෙක් නන්දා මාලිනීගේ ‘අම්මාවරුනේ’, ගුණදාස කපුගේගේ ‘දවසක් පැල නැති හේනේ’ කියල උත්තර දුන්නා. පරික යතම කෙනා කවුද කියල ඇහුවම වැඩිදෙනෙක් කිව්වෙ ‘අම්ම’ කියල. දවසක් දා පත්තරේ මුල් පිටුවෙ පින්තූරයක් තිබුණ. මොරටුව පැත්තෙ මිනීමැරුමක්. තරුණයො කීප දෙනෙක් මහපාරෙ මරා දාල. මහේස්තරා්ෙනත් එනකම් මිනී එතනම තිබුණ. මහ වරුසාවක් වැටෙනව. වටවෙලා හිටි සෙනඟ එතන කඩපිල්වලට රිංගල..... ඒත් එක මියගිය තරුණයකුගේ අම්ම කෙනෙක් තමන් තෙමි තෙමි, උඩුබැලි අතට තියෙන පුතාගෙ මිනියෙ හිස පැත්තෙන් හිටගෙන තමන් ඇඳගෙන ඉන්න දිග ගවුම අත් දෙකෙන්ම උස්සල මිනියෙ මූණ නොතෙමෙන්න වහගෙන ඉන්නව. ඒක දැකල මගෙ හිත කඩාගෙන වැටුණ.

අම්මාගේ ආදරය කියන්නෙ මහ පුදුම දෙයක් වෙන්නැති. ඒක තමන්ගෙ දරුවාට විතරක් තියෙන අසමසම ආදරයක් වෙන්නැති. මං එහෙම ආදරයක් හෙව්වා. නාඳුනන ගැහැනුන්ට ආත්මාර්ථය විසිකර දමා ආදරය කළා. නාඳුනන ගැහැනුන්ට ‘අම්මේ’ කියල දණගහල වැන්ද. ඒත් ඒ හැම කෙනෙකුගෙම ආදරය යට අළු යට ගිනිපුපුරු වගේ ආත්මාර්ථය තිබුණ. ඒවා මෙළවිලා ඇවිලිලා ගිනි ජාලාවක් වෙලා මාව පිච්චෙනකොට ‘අනේ, අම්මේ!’ කියල හිසකෙස් පහුරුගාගෙන මම ඇඬුවා.

මේක කියවන ඔබ නොලැබුණ හුඟක් දේවල් ගැන දුක් මහන්සි වෙනව ඇති. තියෙන දේවල් ගැන අගයක් නැතිව ඇති. මට නම් ජීවිතයේ හුඟක් දේවල් ලැබුණ. රාජසිංහ රජ්ජුරුවන්ගෙ මාලිගාවටත් වඩා ලොකු ලස්සන මාලිගාවක් වගේ ගේක ජීවත්වෙන්න ලැබුණ. ඒත් මට එකක් ලැබුණෙ නෑ. ඒක ආයෙ ලබන්නත් බෑ. ඒ අම්මාගේ ආදරය. ඒක ඔබ ලබල ඇති. ඔබ දිනුම්. මං පරාදයි. ඔබ මගෙන් ඇහැව්වොත් ඔබද ලක්ෂපති? මමද ලක්ෂපති? කියල, ඔබ ලක්ෂපති. මං හිඟන්නෙක්.

-මහාචාර්ය ගංගානාත් දිසානායකගේ පැණිවළලු කොලමෙන් උපුටා ගන්නා ලදී.-

ඔබගේ අදහස් මෙහිද සටහන් කරන්න.

[QUOTE="පැණිවළලු, post: 12919278, member: 406269"] [CENTER][SIZE=3][IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/484262_323599831049972_1100463429_n.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3]”අම්ම ගැන දැනෙන්නෙ කොහොමද?” මං ඔබෙන් ඇහුවොත් ඔබ කොහොම උත්තර දෙයිද? ”අම්ම ගැන නේද?” ඔබ ළඟ තියෙන පුටුවක මාව වාඩි කරගනී. කොන්ද පොඞ්ඩක් ඉස්සරහට නමල අත් ඇඟිලි පටලවා ගනී. මොහොතක් බර කල්පනාවකට වැටේ. බර හුස්මක් ගනී. ඊළඟට කතාව පටන් ගනී. කතාව කියවන අතරතුර දේදුන්නක පාට වගේ ඔබේ මුහුණට පාට වැටේ. ඒ පාට සැරින් සැරේ වෙනස් වෙයි. ඔබ අම්ම ගැන කතා කරන අතරේ දන්නෙම නැතිව පැය ගණන් ගෙවිලා, දවල් හැන්දෑවෙලා, ?බෝ වෙයි. තොරතෝංචියක් නැතිව ඔබ කියවයි. දවස් ගණන් ගෙවේ. ඒත් මට නම් අම්මා ගැන මේ තීරු ලිපිය පිරෙන්නවත් ලියන්න දෙයක් නෑ. ඒ ඩිංග මං ලියන්නම්. නිදාගෙන හිටිය මට රස්නයක් දැනුණා. උදේ වෙරළු ගහේ කොළ අස්සෙන් එන ඉර එළිය කිරි ගොට්ටකින් පෙරිල එන කිරි වගේ මගේ ඇඟත් තෙමලා. ඉර එළිය නාන ගමන් බට්ටිච්චොත් ලේන්නුත් මහ හයියෙන් කතාව. කෑගහන්නෙ නැතිව ඉන්න කියල කියන්න හිතුණත් කට අරින්න කම්මැලි හිතෙන නිසා ඔන්න ඔහේ කටත් ඇසුත් පියාගෙන තව චුට්ටක් ඉන්නව කියල හිතුව. එතකොටම ගෙදර වැඩට ඉන්න රොසලින් ඇවිත් ඇඳෙන් මාව උස්සල අරන් එක පිම්මට ගිහින් ළිඳගාව වතුර බේසම ළඟින් තිබ්බ. එයා පිටිපස්සෙන් නැමිල දත් බුරුසුව බලෙන් කට ඇතුළට දාල තුන් හතරපාරක් අතුල්ලල, මගේ මූණ විතර ඇති එයාගෙ ලොකු අල්ලට වතුර අරන් මූණෙත් ඇතිල්ලූව. ඉතුරු වතුර ටික කකුල් දෙකට හැලූව. එතකොටයි මට ඇත්තටම ඇහැරුණේ. ”අපිට ගමනක් යන්න තියෙනව ඉක්මන් කරන්න බේබි” ඊළඟට එයා ඔලූවෙ තෙල් ගාල පීරල මූණට පවුඩර් දාල අම්මත් එක්ක පන්සල් යන්න අඳින සුදු කලිසමත් කමිසෙත් අන්දල, සුදු මේස් දාල, සපත්තු දාල ලේන්සුත් ගැට ගැහැව්වා. එතකොටමමං ආස කරන රතුයි සුදුයි කුලී කාරෙක පෝටිකෝවේ නවත්තල තිබුණ. මං සෙල්ලං තුවක්කුවෙන් සුදු පූසට වෙඩි තියල කාරෙකේ ඉස්සරහ සීට් එකට නැග්ග. සුදු පූසා වෙඩි වැදිලත් ”ඤාව්” කියල හිනාවෙනව. කාරෙක එළවන පේරකේ මදාස මගෙ ඔළුව අතගෑව. ගෙයි දොර ජනෙල් වහල නංගිත් මල්ලිත් කරපින්නාගත් රොසලින් පස්ස සීට් එකට නැග්ගා. අපි පිටත් උනා. මිදුලේ කැනෑස් මල් ගස් ඔක්කොම මැරිල. වේලිච්ච අරලිය කොළවලින් මිදුල වැහිල. අම්මා දවස් ගාණකින් ගෙදර ආවේ නෑ. එයා මාව මොන්ටිසෝරි එක්ක යනව කියලත් තිබුණ. ටික වේලාවකින් අපි සුදු කොඩි දාපු හරියකට ආවා. එතන ඉඳල දිගටම උඩින් වියනක් වගේ විහිදිලා දෙපැත්තට වැක්කෙරෙන සුදු කොඩි දාල පාර දෙපැත්ත ගොක් කොළවලින් සරසලා තිබුණ. බැලූ බැලූ පැත්ත සුදු පාටින් බැබළෙනවා. බලන්න ලස්සනයි. ”ආව්! ආව්! මඟුල් ගෙයක්...!”මං සීට් එකේ හිටගෙන උඩ පැන පැන කෑගැහැව්වා. පිටිපස්සෙ සීට් එකේ හිටපු රොසලින් එක පාරට ඉස්සරහට නැමිල එයාගෙ ලොකු අත්ලෙන් මගේ කට මිරිකල වැහැව්වා. මට කතා කරගන්න බැරුව ගියා. එතකොට ම ගොක් කොල ආරුක්කුවලින් සරසපු මිදුලකට කාර් එක හැරෙව්වා. සීයාත් ආච්චි අම්මාත් හිටියේ එහෙ. සුදු ඇඳපු මිනිස්සු පිරිල හිටිය. රොසලින් මාව වඩාගෙන සාලෙට එක්කං ගියා. සාලෙ මැද සුදු දිලිසෙන සීට් දාපු ඇඳක් වගේ පෙට්ටියක් මැද අම්මා සුදු ඇඳගෙන උඩුබැලි අතට නිදාගෙන වගේ හිටියා. එයා රැුළි රැුළි කොණ්ඩෙ ලස්සනට පීරගෙන හිටියා. කට ඩිංගක් විතර ඇරිල තිබුණා. අත්වලටත් කකුල්වලටත් මේස් දාගෙනයි හිටියේ. ඇඳ වටේ පහන් පත්තුකරල තිබුණා. හරි අමුතුයි. ”අම්ම නිදි. තව ටිකකින් ඇහැරියි” රොසලින් කිව්වා. මං අතෙන් බැස්සා. සාලෙ වමට හැරෙන පටු කොරිඩෝව දිගේ එහාට මෙහාට යන මිනිස්සුන්ගේ කකුල් අස්සෙන් ගිහින් කෙළවර වම් පැත්තෙ තිබුණ කාමරේට එබිල බැලූවා. මල්ලි රබර් රෙද්දක් උඩ ඇඳුමක්වත් නැතුව සූප්පුවක් උර උර නිදි. නංගි කෙළ පෙර පෙර කොළපාට රබර් ගිරවෙක් හපනවා. මං ආපහු අම්ම ඉන්න පෙට්ටි ඇඳ ළඟට ගියා. ඒ පෙට්ටි ඇඳ උස්සගෙන හිටිය රිදීපාට කණු හතර මටත් වඩා උසයි. මං අම්මගේ ඔළුව පැත්තට වෙන්න තිබුණ එක කණුවක් බදාගෙන වම් කකුළ ඉස්සරහටත් පස්සටත් පද්ද පද්ද උඩ බල බල ඔහේ හිටියා. එක එක මිනිස්සු ඇවිත් අම්මගෙ මූණ දිහාත් මගේ මූණ දිහාත් ඇස් ලොකු කරල මූණ බෙරි කරල බලල යන්න යනවා. දවල් වෙද්දි එන්න එන්න සෙනඟ වැඩි වුණා. උඩ බැලූවම මිනිස්සුන්ගෙ ඇඟවල් මිසක් වෙන කිසිම දෙයක් පෙනුනෙ නෑ. සෙනඟ වැඩිකමට මට හුස්ම ගන්නත් බැරුව ගියා. ඒ ඇඳ යට ඉඳන් ”මට හුස්ම ගන්න බෑ අම්මෙ” කියල කිව්වත් සෙනඟ වැඩිකමට එයාට ඒක ඇහෙන්න නැතුව ඇති මගෙ හිතේ. හැන්දෑ වෙද්දි බෙර, නලා, පිරිත් සද්දෙත් එක්ක මිනිස්සු කෑගහල හයියෙන් අඬනවා ඇහුණා. ටික වෙලාවකින් ඒ හිටපු මහා සෙනඟ හරියට වතුරක් බැහැල යනව වගේ එක පාරට නැතුව ගියා. අම්මාත් පේන්න හිටියෙ නෑ. අම්මා හිටිය ඇඳ යටට එළල තිබුණ කළුපාට මල් මල් කාපට් එක එහෙමම තිබුණා. මං ඒක උඩ වාඩිවෙලා තැනින් තැන ඉලිප්පුනු නූල් ගලවන ගමන් කල්පනා කළේ ”සුදු පූසට මං නැතුව පාලූ ඇති. ඉක්මනට ගෙදර යන්ඩෝනෑ” කියලයි. දවසක් මං නංගිව ඇඳෙන් වැට්ටුවා කියල අම්මා ඉරට්ටක් අරන් ගහන්න ආවා. බය උන මං ? වෙනකම්ම අඹ ගහක් උඩ හැංගිලා හිටියා. තව දවසක් මට බත් කව කවා ඉන්දැද්දි මල්ලි අඬනවා කියා මාව දාල අම්මා ගිය නිසා වාඩිවෙලා හිටපු උස සැටියෙන් පෙරළිලා වැටිලා මගේ උඩු ඇන්දේ ඉස්සරහ දත කැඩුනා. ඊට පස්සෙ ආපු දත පොල් ලෙල්ලක් වගේ ලොකු එකක් නිසා මං හාවෙක් වගේ උනා. තාත්තගේ චිතර. ගපටියක රූපගත කරපු දර්ශන වගයක් බලද්දි චිතරා හ ගාරයක ශාලාවේ හිටියෙ මාත් අම්මත් විතරයි. එයා මට ඇතුල්වෙද්දි ටොපියක් දුන්නා. මං හිටියෙ ඒක සූප්පු කර කර. සිනමා තිරයේ නිළිය ඇඳුම දණහිසෙන් ඉහළට උස්සාගෙන දොළකින් වතුර බොනවා. මට ටොපිය හිරවුණා. මට හුස්ම ගන්න බැරි බව දැක්ක අම්ම දෑත බදල පිටට ගැහැව්වා. ටොපිය කටින් එළියට විසිවෙලා ගිහින් සීට් පේළි තුනක් විතර ඈතින් වැටුණා. ඒක හොයාගෙන ඇවිත් ආපහු කටේ දාගන්න හිතුණත් අම්මගෙ මූණ දිහා බලල කරබා ගත්තා. එදා ඉර බැහැගෙන යන වෙලාවෙ අපි හිටියෙ මහ ගෙදර. මං සාලෙ ඉඳන් වම් පැත්තට තියෙන පටු කොරිඩෝව දිගේ ඇවිදන් යන ගමන දෙවැනි කාමරේ දොර රෙද්ද පැත්තකින් උස්සල බැලූව. මලානික පාණ්ඩු පාට බල්බ් එකේ එළිය කාමරේ තවත් අඳුරු කරල තිබුණා. කාමරේ බිම අම්ම යට සාය පිටින් උඩුබැලි අතට වැටිල අඬ අඬා හිටිය. උඩට මොකුත් ඇඳල හිටියෙ නෑ. අම්මවැටිල හිටිය තැන අල්මාරියක් තිබුණා. අම්ම ඒ අල්මාරිය යට ඉඳන් ආවාද? නැත්නම් ඒ යටට තල්ලූ කරන්න හැදුවාද? මට හිතාගන්න බැරිව ගියා. තාත්තා කරීය ම් පාට කලිසමකුත් කමිසයකුත් ඇඳන් ඒ ළඟ ඇඳක වාඩිවෙලා සන්සුන් මුහුණින් හිටියා. මං වම් අතේ ඇඟිල්ලක් කට ඇතුළට දාල කරකව කරකව දොර රෙද්දෙ එල්ලිලා අම්මාත් තාත්තාත් අල්මාරියත් දිහා මාරුවෙන් මාරුවට බල බලා හිටියා. ”කුසුම මේ ළමයව අරන් පලයන්” තාත්තා වැඩකාරියට කතා කරල කිව්ව. කුසුම ඇවිත් මාව මිදුලට එක්ක ගියා. අපි අඳුරු වේගෙන යන ආකාසෙ පියාඹන වවුලන් ගැන්නා. ”එකායි.... දෙකායි...... තුනායි.......” ඉර මද්දහනේ අම්මාත් මාත් ඇඳ උඩ සෙල්ලම් කර කර හිටියා. එයා එකපාරටම ”ඔන්න මං මැරුණා” කියල අත්දෙක පපුව මැදට බැඳගෙන උඩුබැලි අතට දිගාවෙලා ඇස් පියා ගත්තා. මං ”අම්මා!” කියල කෑගහල අත් දෙක ගැලෙව්වා. එයාට වයස අවුරුදු 23 දි තවත් දරුවකු ලැබෙන්න ගිහින් ඇත්තටම අම්මා මියගියා. අම්ම මියයෑමෙන් පස්සෙ අපි හිටියෙ මහ ගෙදර. නිදාගත්තෙ අර බියකරු අල්මාරිය තිබුණ කාමරේ. මහ ? රෝහලක සැර බෙහෙත් ගඳත් ශල්යාරගාරයක කටු එහා මෙහා කරන සද්දෙත් මට දැනෙන්න ඇහෙන්න අරන් ඇහැරෙනවා. අම්මා මිය ගියේ ශල්‍යාගාරයක. ආච්චි අම්මා ඇවිත් පිරිත් කිව්වට පස්සෙයි නින්ද යන්නෙ. තරුණ කාලෙ වෙනකම් ?ට හීනෙන් කවුරු හරි කෙනෙක් ඇවිත් මාව අහසට උස්සගෙන ගිහින් ආපහු පොළොවට අතාරිනව. ජපන් රටේ ඉන්දැද්දි ? වැඩ මුරය ඉවර කරල ආපහු ටැක්සියෙන් ගෙදර එද්දි පාන්දර තුනට විතර ඇති. ඒ වෙලාවෙත් මං දැක්ක කළුවර ආකාසෙ ඉඳන් අම්ම මං දිහා බලාගෙන ඉන්නව. නිදිමත හැදුන ටැක්සි රියදුරා කතා කරන්න ගන්නව. ”මහත්තය, මං අම්මව ඊයේ ? හීනෙන් දැක්ක. අද හෙටම නිවාඩු දාල ගමේ යන්න ඕන. එයාගෙ සොහොන කැලෑවෙලා ඇති මෙලහට. ඒකයි එහෙම පේන්නෙ” මළවුන් අදහන ඔහු කියනව. අම්මාගේ උපන්දිනය වත් මැරුණ දිනයවත් මං දන්නෙ නෑ. අහම්බෙන් හම්බවුණ අම්මාගේ යාළුවෙකුගෙන් ලැබුණ එයාගෙ පුංචි පින්තූරයක් හැර වෙන කිසිම දෙයක් මා ළඟ නෑ. අම්මා ගැන මීට වඩා දෙයක් කියන්නවත් ලියන්නවත් මා ළඟ නෑ. බැලූම් බෝලයක් අතින් ගත්තු මිකී මවුස් බෑග් එකකුත් වතුර බෝතලයකුත් පිටේ එල්ල ගත්තු පැටියෙක් වඩාගෙන අම්මෙක් පාර පනිනව. මං නැවතිල බලනව ඒ මගෙ අම්මද කියල. අම්මා දෙන තල්ලූවෙන් උඩ යන ඔන්චිල්ලාවක ඉන්න පැටියෙක් කැකිරි පැලෙන්න හිනාවෙනව. මම නැවතිල බලනව ඒ මගෙ අම්මද කියල. සරසවියට අලූතින් ආපු මානවක මානවිකාවන්ගෙන් පරි්න යතම ගීතය මොකක්ද කියල අහපු පරගෙ ශ්නයට ඒ අය වැඩි දෙනෙක් නන්දා මාලිනීගේ ‘අම්මාවරුනේ’, ගුණදාස කපුගේගේ ‘දවසක් පැල නැති හේනේ’ කියල උත්තර දුන්නා. පරික යතම කෙනා කවුද කියල ඇහුවම වැඩිදෙනෙක් කිව්වෙ ‘අම්ම’ කියල. දවසක් දා පත්තරේ මුල් පිටුවෙ පින්තූරයක් තිබුණ. මොරටුව පැත්තෙ මිනීමැරුමක්. තරුණයො කීප දෙනෙක් මහපාරෙ මරා දාල. මහේස්තරා්ෙනත් එනකම් මිනී එතනම තිබුණ. මහ වරුසාවක් වැටෙනව. වටවෙලා හිටි සෙනඟ එතන කඩපිල්වලට රිංගල..... ඒත් එක මියගිය තරුණයකුගේ අම්ම කෙනෙක් තමන් තෙමි තෙමි, උඩුබැලි අතට තියෙන පුතාගෙ මිනියෙ හිස පැත්තෙන් හිටගෙන තමන් ඇඳගෙන ඉන්න දිග ගවුම අත් දෙකෙන්ම උස්සල මිනියෙ මූණ නොතෙමෙන්න වහගෙන ඉන්නව. ඒක දැකල මගෙ හිත කඩාගෙන වැටුණ. අම්මාගේ ආදරය කියන්නෙ මහ පුදුම දෙයක් වෙන්නැති. ඒක තමන්ගෙ දරුවාට විතරක් තියෙන අසමසම ආදරයක් වෙන්නැති. මං එහෙම ආදරයක් හෙව්වා. නාඳුනන ගැහැනුන්ට ආත්මාර්ථය විසිකර දමා ආදරය කළා. නාඳුනන ගැහැනුන්ට ‘අම්මේ’ කියල දණගහල වැන්ද. ඒත් ඒ හැම කෙනෙකුගෙම ආදරය යට අළු යට ගිනිපුපුරු වගේ ආත්මාර්ථය තිබුණ. ඒවා මෙළවිලා ඇවිලිලා ගිනි ජාලාවක් වෙලා මාව පිච්චෙනකොට ‘අනේ, අම්මේ!’ කියල හිසකෙස් පහුරුගාගෙන මම ඇඬුවා. මේක කියවන ඔබ නොලැබුණ හුඟක් දේවල් ගැන දුක් මහන්සි වෙනව ඇති. තියෙන දේවල් ගැන අගයක් නැතිව ඇති. මට නම් ජීවිතයේ හුඟක් දේවල් ලැබුණ. රාජසිංහ රජ්ජුරුවන්ගෙ මාලිගාවටත් වඩා ලොකු ලස්සන මාලිගාවක් වගේ ගේක ජීවත්වෙන්න ලැබුණ. ඒත් මට එකක් ලැබුණෙ නෑ. ඒක ආයෙ ලබන්නත් බෑ. ඒ අම්මාගේ ආදරය. ඒක ඔබ ලබල ඇති. ඔබ දිනුම්. මං පරාදයි. ඔබ මගෙන් ඇහැව්වොත් ඔබද ලක්ෂපති? මමද ලක්ෂපති? කියල, ඔබ ලක්ෂපති. මං හිඟන්නෙක්.[/SIZE] [SIZE=3]-මහාචාර්ය ගංගානාත් දිසානායකගේ පැණිවළලු කොලමෙන් උපුටා ගන්නා ලදී.- ඔබගේ අදහස් මෙහිද සටහන් කරන්න. [/SIZE][SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom