Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අම්මා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරසෙන් පරදා බුදුහිමි පිට දුන් මහබෝවයි මට මයෙ අම්මා

අම්මා තරම් සම්මානයට පාත්‍ර වූ මිනිස් චරිතයක් සමස්ත ලෝක ප්‍රජාව අතර තවත් නැත. ආදරයේ, සෙනෙහසේ උල්පත ලෙස හඳුන්වන අම්මාගේ කයෙන් බිහිවූ දරුවෝ මානව වර්ගයාගේ සම්භවයේ සිට වරින් වර ලෝක ඉතිහාසය ම වෙනස් කළහ. මේ මහා භද්‍ර කල්පය තුළ මිනිස් මවක කුසින් ලොවට බිහිවූ උතුම් ම මනුෂ්‍ය රත්නය වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. වහලියක් ලෙස මිනිස් සමාජයෙන් කොන් කර මුළු ගන්වා සිටි සමස්ත කාන්තා ප්‍රජාවට නිදහස උදාකොට දුන් උන්වහන්සේ, තමන් වහන්සේගේ මෑණියන්ට දැක්විය යුතු උසස් ම උපහාරය පුද කොට වදාළහ. බුදු සමයේ ආස්වාදය ලද පෙරදිග ආසියානු කලාපයේ රටවල ආදිතම ශිෂ්ටාචාර යුගයේ අම්මා පුද සත්කාර ලැබුවේ මවු දෙවඟන වශයෙනි.

අන් කිසිදු රටකට නොදෙවෙනි වන පරිදි දෙදහස් වසරක් මුළුල්ලේ සිරි ලක්දිව දී ද අම්මා පිදුම් ලැබුවා ය. ‘ගෙදර බුදුන් අම්මා’ වශයෙන් හඳුන්වා දෙන තරමට ඇයට ගරු බුහුමන් දැක්වීමට අප රට ජනතාව පෙළඹුණේ බුදු සමයෙන් ලද සමාජ හික්මීම නිසා ය. ශී‍්‍ර ලාංකික ගැමි සමාජ පරිසරය තුළ අම්මා, පවුලේ වගකිව යුතු ම චරිතය බවට පත්වූවා ය. දරුවන් හදා වඩා පෝෂණය කිරීම, ගෙදර ෙදාර රැුකබලා ගැනීම, සැමියා උපයන දේ සකසුරුවමින් පරිහරණය කිරීම, නෑදෑ හිත මිතුරන් අතර සහජීවනය පවත්වා ගැනීම යනාදී සත්ගුණදමින් ගෘහ ජීවිතයේ එ්කමිතිය සුරැකුණේ අම්මා අතිනි. මේ නිසා අම්මාට උපහාර දක්වනු පිණිස ලියැවුණු, කියැවුණ විශිෂ්ටතම ගැමි කවි සාහිත්‍යයක් මධ්‍යතන යුගයේ දී මෙරට පැතිර පැවතිණ. එම පද්‍ය සාහිත්‍යය නිර්ව්‍යාජ ගැමි අත්දැකීම්වලින් මෙන් ම ගැමි බසින් ද පෝෂණය විය.

මවක තුළ පවත්නා දරු සෙනෙහස මෙතෙකැයි කියා ප්‍රමාණ කොට දැක්විය නො හැකි බව ජන කවීන් විසින් නොයෙක් ආකාරයෙන් වර්ණනා කරන ලද්දේ ය. මවක විසින් මේ සංසාරයේ දී දරුවෙකුට පෙවූ කිරි සප්ත මහා සාගරය පිරී යන තරම් බව එක් ජන කවියක සඳහන් වූයේ මෙපරිද්දෙනි.

ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා

ඇතිනි රැලේ හැමට ම කිරි එරේයා

දෙතනේ මවක දුන් කිරි මෙසසරේයා

පුතුනේ බලන් සත් සමුදුර පිරේයා

ඇතින්නියක පැටවකු ප්‍රසූත කළ කල්හි රැලේ සිටින සියලූ ම ඇතින්නියන්ට කිරි එරෙන බව ඇත් කුල හසර හඳුනන වැඩිහිටියෝ දනිති. එසේ ම මුළු ඇත් රැුල ම එක්වී එම පැටවා ආරක්ෂා කිරීමට පියවර ගන්නා අයුරු අපි දකිමු. සියලූ ම සත්ව පියවර වර්ගයාගේ දරු සෙනෙහසට වඩා ඇත් දරු සෙනෙහස ඉතා ප්‍රබල බව එයින් වටහාගත හැකි ය.

වෙස්සන්තර ජාතක කාව්‍යය රචනා කළ ජනකවියා මවකගේ දරු සෙනෙහස විවරණය කළේ ඉහත දැක්වූ රූපකයට වඩා වෙනස් ආකාරයකිනි.

ගසක දොඩම් මදෙයි කියා කෑ දැයි අපේ අම්මා

අහසෙ තරුත් මදෙයි සිතා විළිලෑදැයි අම්මා

මුහුදෙ දියත් මදෙයි සිතා රස කිරි දුන් අම්මා

සතර අපායේ නො වැටී නිවන් දකින් අම්මා

ජීවිතයේ අප්‍රමාණ කම්කටුලූ හා දුක් වේදනාවන් හිතින් හිසින් දරාගෙන වුව ද අම්මා කෙනෙකු දරු සෙනෙහස මඳකදු අඩු නො කොට ඔවුන් පෝෂණය කරන අයුරු පිළිබඳ මෙබඳු අනගි නිදසුන් ජනකවි සාහිත්‍යය තුළින් අපට හමුවෙයි.

දරු කැලකට සෙනෙහස ලබාදුන් අම්මා කෙනෙකු නැති අඩුව මිහිපිට ජීවත්වන තවත් කිසිම අයකුගෙන් පිරිමසා ගත නො හැකි ය. මවු සෙනෙහස අහිමි වීම නිසා වදනින් කියාගත නොහෙන තරම් දුක් සුසුම් හෙළන දරුවන් නඟන අඳෝනා ජන කවියෙන් තරම් සංවේදී ලෙස වෙනත් කිසිදු මාධ්‍යයකින් පළවී නැති තරම් ය.

ඉර පායා ඉර මුදුනට එන්ට එපා

සඳ පායා සඳ මුදුනට එන්ට එපා

ඇඬූ කඳුළු මූදට එක් වෙන්ට එපා

අම්මා නැති අපට බඩගිනි වෙන්ට එපා

ලොවක් බිහිවී ඇත්තේ මවගේ කිරිවලින් හා හිරුගේ කිරණිනැයි යන ලොව පතල රුවන් වැකිය සිහි ගන්වන මේ ජන කවිය මවක අහිමි දරුවන්ගේ විලාපය ලොවට හඬ නඟා පළ කිරීමක් වැන්න. මවු රැුකවරණය නැති දරුවන්ගේ ලෝකය සදාකාලික අඳුරේ ය. ඉර හඳ එළිය කරන පරිසරයේ දැක්ම ඔවුනට කටුක වේදනා දෙන්නකි. ඔවුන්ගේ නෙතින් ගලන කඳුළු ධාරා මහ මුහුද පවා නො උසුලන සුලූ ය. ඉහත කවියේ අවසාන පදය මවු සෙනෙහස අහිමි දරුවන් විඳින අනන්ත දුක්ඛිත ජීවිතය හෙළි කරන්නකි. පහත දැක්වෙන්නේ ද එබඳු ම අනුවේදනාත්මක කවියකි.

කිරි මදුවැල් කිරිමදුවැල් කිරි අම්මේ

අපිත් කිරට අඬනා දරුවන් අම්මේ

අනුන් දුන්න බත් බඩ නො පිරෙයි අම්මේ

ඈත ඉඳන් මට අඬගහපන් අම්මේ

මේ කවියේ මුල් පද දෙක සුරතල් වසු පැටවෙකු හා කිරි එළදෙනක පිළිබඳ හැඟුමක් සිතට නගන්නකි. කිරි මදුවැල් වසු පැටවුනට පෝෂ්‍යදායී, රසවත් ආහාරයකි. ගම් වැසියන් කිරි එළදෙන හඳුන්වන්නේ කිරි අම්මා යනුවෙනි. වසු පැටවුන් කිරට හඬන හඬ ගම්මානය පුරා දෝංකාර නංවයි. ‘ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට’ යන පද්‍ය පාදය හංස සන්දේශ කතු හිමියන්ගේ සිතට නැගුණේ එම සොඳුරු පරිසර මිහිරියාවේ ආස්වාදය උන්වහන්සේ විඳි හෙයිනි. අම්මා නොමැති කල අන් කවුරුන් විසින් දරුවා පෝෂණය කරනු ලැබුව ද මවු සෙනෙහස හා මුසුවුණ ආහාරය තරම් දරුවන්ගේ සිත් ගන්නේ නැත. ‘අනුන් දුන්න බත් බඩ නො පිරෙයි අම්මේ’ යන්න මවු සෙනෙහසක මහිමය ලොවට හඬ නගා කියන්නකි. තමන් කෙරේ ඇති සෙනෙහසින් අම්මා කොහේ හෝ සිට බලා සිටින්නේ යයි දරුවා විශ්වාස කරයි. ‘ඈත ඉඳන් මට අඬගහපන් අම්මේ’ යන්න වදනින් පළ නො කළ හැකි හැඟුම් රාශියක් එකවර සිතට නගන්නකි. එක්කෝ පවුලේ ඇතිවූ විරසකයක් මත අම්මා ඈතකට ගොස් සිටින්නී ය. නො එසේ නම් මිය පරලොව ගොස් ය. සුසුම් ලන දරුවාගේ හද ගැස්ම රසිකයාගේ හදට මෙන් ම සිතට ද දැනෙන්නා සේ ය.

‘ඈත ඉඳන් මට අඬගහපන් අම්මේ…!’

ගෘහිණියක වශයෙන් මවක විසින් ඉටු කරනු ලබන කාර්යභාරය වෙනත් අයකු ලවා එ් ආකාරයෙන් ම සිදු කරවා ගැනීම ඉතාමත් වෙහෙසකර කාරියකි. බඩුමුට්ටු පිළිවෙළට තබා ගැනීම, අරපිරිමැස්ම, නිවැසියන්ගේ අවශ්‍යතා දැන හඳුනාගෙන කෑම බීම පිළියෙළ කිරීම ආදි මවකගේ මෙහෙවර ඇය නොමැති කල්හි දියණියකට පැවරුණ අවස්ථාවක එහි දුෂ්කරතාව මෙන් ම අම්මා නැති අඩුව හා පාළුව ඇය පළ කළ අයුරු ය මේ:

කුකුළා නැති ගෙදර එළිවෙනවා නො දැනේ

ගවයා නැති ගෙදර ? වෙනවා නො දැනේ

බල්ලා නැති ගෙදර හොරු එනවා නො දැනේ

අම්මා නැති ගෙදර පණ යනවා නො දැනේ

ආදි කාලයේ ජනතාව සතුව වේලාව දැන ගැනීමේ උපකරණ යන්ත්‍ර සූත්‍ර ඔරලෝසු නො තිබුණි. ඉරපායා ඇති දිනයක නම් දිවා කාලයේ ඔවුන් වේලාව සටහන් කර ගත්තේ පියවර ලකුණු මැන බැලීමෙනි. එහෙත් උදෑසන හෝ හවස් කාලය හෝ එළඹී ඇති බව ඔවුන් වටහාගත්තේ සතුන්ගේ හැසිරීමේ රටාව නිරීක්ෂණය කිරීමෙනි. පාන්දර යාමය හෙවත් අරුණෝදය උදාවන විට කුකුළන්ගේ ඇඬලීම් හඬ ඇසේ. අහර සොයා බැහැර ගිය ගවයින් ඉරබැසගෙන යන විට නිවස කරා ළඟා වේ. මහ ? සොර සතුරෙකු එන බව දැනුණ විට බල්ලා බුරාගෙන පනී. මේ සතුන් නොමැති වූ නිවසක දින චර්යාව අර්බුදයකට ලක්වීමත් සොර සතුරු උවදුරුවලට හසුවීමත් සිදුවිය හැකි ය. අම්මා නැති නිවසක සියලූ කටයුතු අවුල්වීමත්, ඉන් දරුවන් මහත් පීඩාවකට හසුවන අයුරුත් මේ ජනකවියෙන් ප්‍රකාශ වෙයි.

මානව සමාජයේ අනේක විධ ගැටුම්, තැවුල් වියවුල් මෙන් ම ස්වභාව ධර්මයේ විපර්යාසයන් මැද මහ පොළොව සේ නො සැලී තන්වැසි නුවණින් යුතුව කටයුතු කරන්නී අම්මා ය. අවටැති සමාජය සසල වන හැම අවස්ථාවක ම දයාව, කරුණාව, පෝෂණය රැකවරණය සලසා දෙන්නී ද අම්මා ය. එබඳු වූ උතුම් මවු පදවිය උවම් කළ හැක්කේ මහා බෝධියකට ම ය. නිදහස් බෞද්ධ සම්ප්‍රදායෙන් හික්මුණ පාරම්පරික ජන සංකල්ප උරුම කොටගත් ජන කවියා අම්මාට සිය ඉහළ ම උපහාරය පුද කළේ ඇය මහා බෝධියකට උවම් කරමිනි.

ඉරු දෙවි ගිනිගත් මහ මද්දහනට කුඹුක් ගහක් වුණු මයෙ අම්මා

කර කොළයක්වත් නැති බඩ සායට දිවුල් ගහක් වුණු මයෙ අම්මා

ගෙරවිලි බියකරු විදුලි අකුණු මැද මහ දඹ රුක වුණු මයෙ අම්මා

මර සෙන් පරදා බුදුහිමි පිටදුන් මහ බෝවයි මට මයෙ අම්මා

මහාමේඝ 2015 උඳුවප් කලාපය

WWW.MAHAMEGHA.LK

සටහන

මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්

දයාපාල ජයනෙත්ති

[QUOTE="vinuga, post: 24660712, member: 520332"] [SIZE="4"][COLOR="Black"]මරසෙන් පරදා බුදුහිමි පිට දුන් මහබෝවයි මට මයෙ අම්මා අම්මා තරම් සම්මානයට පාත්‍ර වූ මිනිස් චරිතයක් සමස්ත ලෝක ප්‍රජාව අතර තවත් නැත. ආදරයේ, සෙනෙහසේ උල්පත ලෙස හඳුන්වන අම්මාගේ කයෙන් බිහිවූ දරුවෝ මානව වර්ගයාගේ සම්භවයේ සිට වරින් වර ලෝක ඉතිහාසය ම වෙනස් කළහ. මේ මහා භද්‍ර කල්පය තුළ මිනිස් මවක කුසින් ලොවට බිහිවූ උතුම් ම මනුෂ්‍ය රත්නය වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. වහලියක් ලෙස මිනිස් සමාජයෙන් කොන් කර මුළු ගන්වා සිටි සමස්ත කාන්තා ප්‍රජාවට නිදහස උදාකොට දුන් උන්වහන්සේ, තමන් වහන්සේගේ මෑණියන්ට දැක්විය යුතු උසස් ම උපහාරය පුද කොට වදාළහ. බුදු සමයේ ආස්වාදය ලද පෙරදිග ආසියානු කලාපයේ රටවල ආදිතම ශිෂ්ටාචාර යුගයේ අම්මා පුද සත්කාර ලැබුවේ මවු දෙවඟන වශයෙනි. අන් කිසිදු රටකට නොදෙවෙනි වන පරිදි දෙදහස් වසරක් මුළුල්ලේ සිරි ලක්දිව දී ද අම්මා පිදුම් ලැබුවා ය. ‘ගෙදර බුදුන් අම්මා’ වශයෙන් හඳුන්වා දෙන තරමට ඇයට ගරු බුහුමන් දැක්වීමට අප රට ජනතාව පෙළඹුණේ බුදු සමයෙන් ලද සමාජ හික්මීම නිසා ය. ශී‍්‍ර ලාංකික ගැමි සමාජ පරිසරය තුළ අම්මා, පවුලේ වගකිව යුතු ම චරිතය බවට පත්වූවා ය. දරුවන් හදා වඩා පෝෂණය කිරීම, ගෙදර ෙදාර රැුකබලා ගැනීම, සැමියා උපයන දේ සකසුරුවමින් පරිහරණය කිරීම, නෑදෑ හිත මිතුරන් අතර සහජීවනය පවත්වා ගැනීම යනාදී සත්ගුණදමින් ගෘහ ජීවිතයේ එ්කමිතිය සුරැකුණේ අම්මා අතිනි. මේ නිසා අම්මාට උපහාර දක්වනු පිණිස ලියැවුණු, කියැවුණ විශිෂ්ටතම ගැමි කවි සාහිත්‍යයක් මධ්‍යතන යුගයේ දී මෙරට පැතිර පැවතිණ. එම පද්‍ය සාහිත්‍යය නිර්ව්‍යාජ ගැමි අත්දැකීම්වලින් මෙන් ම ගැමි බසින් ද පෝෂණය විය. මවක තුළ පවත්නා දරු සෙනෙහස මෙතෙකැයි කියා ප්‍රමාණ කොට දැක්විය නො හැකි බව ජන කවීන් විසින් නොයෙක් ආකාරයෙන් වර්ණනා කරන ලද්දේ ය. මවක විසින් මේ සංසාරයේ දී දරුවෙකුට පෙවූ කිරි සප්ත මහා සාගරය පිරී යන තරම් බව එක් ජන කවියක සඳහන් වූයේ මෙපරිද්දෙනි. ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා ඇතිනි රැලේ හැමට ම කිරි එරේයා දෙතනේ මවක දුන් කිරි මෙසසරේයා පුතුනේ බලන් සත් සමුදුර පිරේයා ඇතින්නියක පැටවකු ප්‍රසූත කළ කල්හි රැලේ සිටින සියලූ ම ඇතින්නියන්ට කිරි එරෙන බව ඇත් කුල හසර හඳුනන වැඩිහිටියෝ දනිති. එසේ ම මුළු ඇත් රැුල ම එක්වී එම පැටවා ආරක්ෂා කිරීමට පියවර ගන්නා අයුරු අපි දකිමු. සියලූ ම සත්ව පියවර වර්ගයාගේ දරු සෙනෙහසට වඩා ඇත් දරු සෙනෙහස ඉතා ප්‍රබල බව එයින් වටහාගත හැකි ය. වෙස්සන්තර ජාතක කාව්‍යය රචනා කළ ජනකවියා මවකගේ දරු සෙනෙහස විවරණය කළේ ඉහත දැක්වූ රූපකයට වඩා වෙනස් ආකාරයකිනි. ගසක දොඩම් මදෙයි කියා කෑ දැයි අපේ අම්මා අහසෙ තරුත් මදෙයි සිතා විළිලෑදැයි අම්මා මුහුදෙ දියත් මදෙයි සිතා රස කිරි දුන් අම්මා සතර අපායේ නො වැටී නිවන් දකින් අම්මා ජීවිතයේ අප්‍රමාණ කම්කටුලූ හා දුක් වේදනාවන් හිතින් හිසින් දරාගෙන වුව ද අම්මා කෙනෙකු දරු සෙනෙහස මඳකදු අඩු නො කොට ඔවුන් පෝෂණය කරන අයුරු පිළිබඳ මෙබඳු අනගි නිදසුන් ජනකවි සාහිත්‍යය තුළින් අපට හමුවෙයි. දරු කැලකට සෙනෙහස ලබාදුන් අම්මා කෙනෙකු නැති අඩුව මිහිපිට ජීවත්වන තවත් කිසිම අයකුගෙන් පිරිමසා ගත නො හැකි ය. මවු සෙනෙහස අහිමි වීම නිසා වදනින් කියාගත නොහෙන තරම් දුක් සුසුම් හෙළන දරුවන් නඟන අඳෝනා ජන කවියෙන් තරම් සංවේදී ලෙස වෙනත් කිසිදු මාධ්‍යයකින් පළවී නැති තරම් ය. ඉර පායා ඉර මුදුනට එන්ට එපා සඳ පායා සඳ මුදුනට එන්ට එපා ඇඬූ කඳුළු මූදට එක් වෙන්ට එපා අම්මා නැති අපට බඩගිනි වෙන්ට එපා ලොවක් බිහිවී ඇත්තේ මවගේ කිරිවලින් හා හිරුගේ කිරණිනැයි යන ලොව පතල රුවන් වැකිය සිහි ගන්වන මේ ජන කවිය මවක අහිමි දරුවන්ගේ විලාපය ලොවට හඬ නඟා පළ කිරීමක් වැන්න. මවු රැුකවරණය නැති දරුවන්ගේ ලෝකය සදාකාලික අඳුරේ ය. ඉර හඳ එළිය කරන පරිසරයේ දැක්ම ඔවුනට කටුක වේදනා දෙන්නකි. ඔවුන්ගේ නෙතින් ගලන කඳුළු ධාරා මහ මුහුද පවා නො උසුලන සුලූ ය. ඉහත කවියේ අවසාන පදය මවු සෙනෙහස අහිමි දරුවන් විඳින අනන්ත දුක්ඛිත ජීවිතය හෙළි කරන්නකි. පහත දැක්වෙන්නේ ද එබඳු ම අනුවේදනාත්මක කවියකි. කිරි මදුවැල් කිරිමදුවැල් කිරි අම්මේ අපිත් කිරට අඬනා දරුවන් අම්මේ අනුන් දුන්න බත් බඩ නො පිරෙයි අම්මේ ඈත ඉඳන් මට අඬගහපන් අම්මේ මේ කවියේ මුල් පද දෙක සුරතල් වසු පැටවෙකු හා කිරි එළදෙනක පිළිබඳ හැඟුමක් සිතට නගන්නකි. කිරි මදුවැල් වසු පැටවුනට පෝෂ්‍යදායී, රසවත් ආහාරයකි. ගම් වැසියන් කිරි එළදෙන හඳුන්වන්නේ කිරි අම්මා යනුවෙනි. වසු පැටවුන් කිරට හඬන හඬ ගම්මානය පුරා දෝංකාර නංවයි. ‘ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට’ යන පද්‍ය පාදය හංස සන්දේශ කතු හිමියන්ගේ සිතට නැගුණේ එම සොඳුරු පරිසර මිහිරියාවේ ආස්වාදය උන්වහන්සේ විඳි හෙයිනි. අම්මා නොමැති කල අන් කවුරුන් විසින් දරුවා පෝෂණය කරනු ලැබුව ද මවු සෙනෙහස හා මුසුවුණ ආහාරය තරම් දරුවන්ගේ සිත් ගන්නේ නැත. ‘අනුන් දුන්න බත් බඩ නො පිරෙයි අම්මේ’ යන්න මවු සෙනෙහසක මහිමය ලොවට හඬ නගා කියන්නකි. තමන් කෙරේ ඇති සෙනෙහසින් අම්මා කොහේ හෝ සිට බලා සිටින්නේ යයි දරුවා විශ්වාස කරයි. ‘ඈත ඉඳන් මට අඬගහපන් අම්මේ’ යන්න වදනින් පළ නො කළ හැකි හැඟුම් රාශියක් එකවර සිතට නගන්නකි. එක්කෝ පවුලේ ඇතිවූ විරසකයක් මත අම්මා ඈතකට ගොස් සිටින්නී ය. නො එසේ නම් මිය පරලොව ගොස් ය. සුසුම් ලන දරුවාගේ හද ගැස්ම රසිකයාගේ හදට මෙන් ම සිතට ද දැනෙන්නා සේ ය. ‘ඈත ඉඳන් මට අඬගහපන් අම්මේ…!’ ගෘහිණියක වශයෙන් මවක විසින් ඉටු කරනු ලබන කාර්යභාරය වෙනත් අයකු ලවා එ් ආකාරයෙන් ම සිදු කරවා ගැනීම ඉතාමත් වෙහෙසකර කාරියකි. බඩුමුට්ටු පිළිවෙළට තබා ගැනීම, අරපිරිමැස්ම, නිවැසියන්ගේ අවශ්‍යතා දැන හඳුනාගෙන කෑම බීම පිළියෙළ කිරීම ආදි මවකගේ මෙහෙවර ඇය නොමැති කල්හි දියණියකට පැවරුණ අවස්ථාවක එහි දුෂ්කරතාව මෙන් ම අම්මා නැති අඩුව හා පාළුව ඇය පළ කළ අයුරු ය මේ: කුකුළා නැති ගෙදර එළිවෙනවා නො දැනේ ගවයා නැති ගෙදර ? වෙනවා නො දැනේ බල්ලා නැති ගෙදර හොරු එනවා නො දැනේ අම්මා නැති ගෙදර පණ යනවා නො දැනේ ආදි කාලයේ ජනතාව සතුව වේලාව දැන ගැනීමේ උපකරණ යන්ත්‍ර සූත්‍ර ඔරලෝසු නො තිබුණි. ඉරපායා ඇති දිනයක නම් දිවා කාලයේ ඔවුන් වේලාව සටහන් කර ගත්තේ පියවර ලකුණු මැන බැලීමෙනි. එහෙත් උදෑසන හෝ හවස් කාලය හෝ එළඹී ඇති බව ඔවුන් වටහාගත්තේ සතුන්ගේ හැසිරීමේ රටාව නිරීක්ෂණය කිරීමෙනි. පාන්දර යාමය හෙවත් අරුණෝදය උදාවන විට කුකුළන්ගේ ඇඬලීම් හඬ ඇසේ. අහර සොයා බැහැර ගිය ගවයින් ඉරබැසගෙන යන විට නිවස කරා ළඟා වේ. මහ ? සොර සතුරෙකු එන බව දැනුණ විට බල්ලා බුරාගෙන පනී. මේ සතුන් නොමැති වූ නිවසක දින චර්යාව අර්බුදයකට ලක්වීමත් සොර සතුරු උවදුරුවලට හසුවීමත් සිදුවිය හැකි ය. අම්මා නැති නිවසක සියලූ කටයුතු අවුල්වීමත්, ඉන් දරුවන් මහත් පීඩාවකට හසුවන අයුරුත් මේ ජනකවියෙන් ප්‍රකාශ වෙයි. මානව සමාජයේ අනේක විධ ගැටුම්, තැවුල් වියවුල් මෙන් ම ස්වභාව ධර්මයේ විපර්යාසයන් මැද මහ පොළොව සේ නො සැලී තන්වැසි නුවණින් යුතුව කටයුතු කරන්නී අම්මා ය. අවටැති සමාජය සසල වන හැම අවස්ථාවක ම දයාව, කරුණාව, පෝෂණය රැකවරණය සලසා දෙන්නී ද අම්මා ය. එබඳු වූ උතුම් මවු පදවිය උවම් කළ හැක්කේ මහා බෝධියකට ම ය. නිදහස් බෞද්ධ සම්ප්‍රදායෙන් හික්මුණ පාරම්පරික ජන සංකල්ප උරුම කොටගත් ජන කවියා අම්මාට සිය ඉහළ ම උපහාරය පුද කළේ ඇය මහා බෝධියකට උවම් කරමිනි. ඉරු දෙවි ගිනිගත් මහ මද්දහනට කුඹුක් ගහක් වුණු මයෙ අම්මා කර කොළයක්වත් නැති බඩ සායට දිවුල් ගහක් වුණු මයෙ අම්මා ගෙරවිලි බියකරු විදුලි අකුණු මැද මහ දඹ රුක වුණු මයෙ අම්මා මර සෙන් පරදා බුදුහිමි පිටදුන් මහ බෝවයි මට මයෙ අම්මා මහාමේඝ 2015 උඳුවප් කලාපය [url]WWW.MAHAMEGHA.LK[/url] සටහන මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom