අම්මේ ඔබ........

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana





Mothers-Love-by-kolongi.jpg


අම්මේ ඔබ........

සැන්දැ අහසේ හිරු කිරණක් වි,
නොනිදන නගරයෙ නින්ද ඔබයි..
පිබිදුනු මලකට පිණබිදුවක් වි,
රළු වු පොළවෙ සුවය ඔබයි..
මල් මල් හිනෙක මල් කැකුළිය වි,
දුක්බර හඩකට සතුට ඔබයි.
සීතල රැ‍යකට උණුසුම් නළ වි,
මල් ගොමු අතරේ සුවද ඔබයි..
අදුරුම රැයකට ආලෝකය වි.
උදෙන්ම දැල්වෙන පහන පහන ඔබයි..
සෙනෙහස ඉල්ලන සිතට සෙනෙහෙ වි,
මිහිරිම ගීයක තනුව ඔබයි..
ලස්සන මලකට සමනළයකු වි,
විශ්වය සනහන පහස ඔබයි..
ගැඹුරු සයුර මැද මුතු පරයක් වි,
සයුරු පතුලෙ අසිරියම ඔබයි..
නිසරු පොළවකට සරු පස් පිඩ වි,
ගෙදර සිටින බුදු අම්මෙ ඔබයි..
 

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
CooLharrindrA

ස්තුති..ඔයාලගෙ ප්‍රතිචාර එක්ක දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනව....:yes::yes::yes:
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
හරිම ලස්සනයි..මේ ලෝකේ උතුම්ව වස්තුව අම්ම..